ඉතාලි රාජධානිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ඉතාලි රාජධානිය

Regno d'Italia
1861–1946
Flag of ඉතාලිය හී ධජය
Flag
{{{coat_alt}}}
Royal Coat of arms
උද්යෝග පාඨය: "FERT"
ජාතික ගීය: "Marcia Reale d'Ordinanza"
"Royal March of Ordinance"¹
All territories controlled by Italy at one point or another during the war. *      Kingdom of Italy *      Italian colonies and possessions *      Italian occupied territory and protectorates
All territories controlled by Italy at one point or another during the war.
අගනුවරTurin
(1861–1864)
Florence
(1864–1871)
Rome
(1871–1943, 1945–1946)
Brindisi
(1943–1945)
Common languagesItalian
Religion
Roman Catholic
රජයConstitutional monarchy,
Unitary representative democracy
(1861–1926, 1943–1946)
Fascist single-party state
(1926–1943)
රජ 
• 1861–1878
දෙවන වික්ටර් එම්මැනුවෙල් රජ
• 1878–1900
Umberto I
• 1900–1946
Victor Emmanuel III
• 1946
Umberto II
අග්‍රාමාත්‍යවරයා 
• 1861
Camillo Benso (first)
• 1922–1943
බෙනීටෝ මුසොලීනි
(ඉල් ඩූ‍චේ 1925 සිට)
• 1945–1946
Alcide De Gasperi (last)
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
Senate of the Kingdom
Chamber of Deputies,
Chamber of Fasci and Corporations (1939–1943)
ඉතිහාසය 
November 10, 1859
March 17 1861
September 20, 1870
November 4, 1918
October 28, 1922
April 25, 1945
June 2 1946
වර්ග ප්‍රමාණය
1936 (metro)310,196 km2 (119,767 sq mi)
ජනගහණය
• 1861
22182000
• 1911
35845000
• 1936 (metro)
42994000
ව්‍යවහාර මුදලLira
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
Kingdom of Sardinia
Kingdom of Lombardy–Venetia
United Provinces of Central Italy
Papal States
Kingdom of the Two Sicilies
Ottoman Empire
Sultanate of Hobyo
Majeerteen Sultanate
Italian Republic
Italian Social Republic
Vatican City
Free Territory of Trieste
Ethiopian Empire
Yugoslavia
French Fourth Republic
Kingdom of Greece
Trust Territory of Somalia
French protectorate of Tunisia
Kingdom of Libya
Kingdom of Egypt
People's Socialist Republic of Albania
Today part of ඉතාලිය
 ක්‍රොඒෂියා
 ස්ලොවෙනියාව
 ඇල්බේනියාව
 කොසෝවෝ
 ග්‍රීසිය
 ප්‍රංශය
 ලිබියාව
 ටියුනීසියාව
 ඊජිප්තුව
 එරිට්‍රියා
 ඉතියෝපියාව
 සෝමාලියාව
1: Unofficial anthem "Giovinezza" ("The Youth") 1922–1943[1]

ඉතාලි රාජධානිය (ඉතාලි: Regno d'Italia) යනු, 1861දී, සාර්ඩිනියාවේ දෙවන වික්ටර් එම්මැනුවෙල් රජු, ඉතාලියේ රජ වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හා සමගම ප්‍රතිස්ථාපිත රාජ්‍යයකි. එහි නෛතික පූර්වගාමී රාජ්‍යය වන් සාර්ඩීනියා රාජධානියේ බලපෑම මත, ඉතාලියේ එක්සත් කිරීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම රාජ්‍යය ප්‍රතිස්ථාපනය කෙරිණි. 1946දී ඉතාලියානුවන් විසින් ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මනාපය පළ කරන තෙක් මෙය පැවතිණි.

ප්‍රශියාව හා සමග සන්ධානගතවූ ඉතාලිය, 1866දී ඔස්ට්‍රියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය: මෙහෙයුම අසාර්ථක වුවද, බිස්මාර්ක්ගේ ජයග්‍රහණය හා සමගම, එය වෙත වෙනිතෝ ප්‍රදේශය හිමි විය. ඉතාලි හමුදා 1870දී රෝමයට ඇතුළුවූ අතර, වසර එක්දහසකට වඩා වැඩි කාලයක් පැවති පාප් වහන්සේගේ ලොකායත්ත බලය කෙළවර විය. ඔවුනොවුන්ගේ යටත්විජිතමය ව්‍යාප්තියන් පිළිබඳ ප්‍රංශය හා සමග ඇතිව තිබූ දැඩි අසම්මතීන් නිසාවෙන්, ජර්මනිය සහ ඔස්ට්‍රියාව-හංගේරියාව හා සමගින් ත්‍රිත්ව සන්ධානයකට එළඹෙන ලෙසින් 1882දී බිස්මාර්ක් සිදු කල යෝජනාව ඉතාලිය විසින් පිළිගන්නා ලදි. කෙසේවෙතත්, බර්ලිනය හා සමග සම්බන්ධතාවය ඉතා සුහදව පැවතියද, වියනා හා සමගින් සන්ධානය හුදු නාමමාත්‍රික ස්වභාවයක් ගත්තේ, ට්‍රෙන්ටීනෝ සහ ට්‍රියේස්ටා යන ඉතාලියානු භූමිප්‍රදේශ ඒ අවස්ථාව වන විටද ඔස්ට්‍රියා-හන්ගේරියානු පාලනය යටතේ පැවති නිසාය. එබැවින්, පළමු ලෝක යුද්ධයෙහි මිත්‍ර හමුදා පාර්ශවය හා එක් වන ලෙස බ්‍රිතාන්‍යය 1915දී ආරාධනා කළ විට, ඉතාලිය විසින් එය පිළිගනු ලැබුනේ, ඉතාලි මධ්‍යස්ථභාවයට හුවමාරුවක් වශයෙන් වියනාහී පොරොන්දු යෝජනාවට වඩා, ඉතාලි සහභාගිත්වය වෙනුවෙන් ලෙසින් බටහිර මිත්‍ර පාක්ෂිකයන් විසින් පොරොන්දු වූ භූමිප්‍රදේශමය හානිපූරණය (ඔස්ට්‍රියා-හන්ගේරියාව වෙතින් බැර කරමින්) වඩාත් ත්‍යාගශීලී වූ බැවිනි. යුද්ධයේදී ජයග්‍රහණය හා සමගින් ඉතාලිය සඳහා ජාතීන්ගේ සංගමයෙහි මන්ත්‍රණ සභාවේ ස්ථීර සාමාජිකත්වය හිමි විය.

"ෆැසිස්ට්වාදී ඉතාලිය" යනු, ඒකාධිපති නායකයා ලෙසින් බෙනීටෝ මුසොලීනි ක්‍රියා කළ සහ ජාතික ෆැසිස්ට්වාදී පක්ෂයෙහි පාලනය පැවැති 1922 සිට 1943 දක්වා කාලසීමාව වෙයි. ෆැසිස්ට්වාදීන් විසින් එකාධිපති පාලනය යොදවමින්, දේශපාලනමය සහ බුද්ධිමය විපක්ෂය මැඬ පවත්වන ලද අතර, ආර්ථික නවීකරණය, සාම්ප්‍රදායික සමාජ සාරධර්ම, සහ කතෝලික සභාව හා සමගින් යළි මිතුරුවීමක් යන දේ වෙත අනුබල දැක්වූහ. "ෆැසිස්ට්වාදී රාජ්‍යය සාපේක්ෂ වශයෙන් විභින්න අවිධීන් කිහිපයක් පසු කළේය," යැයි පෙයින් පවසයි (1996). පළමු අවධිය 1923–25 වූයේ නාමික වශයෙන් පාර්ලිමේන්තු ක්‍රමය දිගටම පවත්වා ගෙන යෑම වුවත්, "නෛතිකව සංවිධානාත්මක විධායක ඒකාධිපතිත්වයක්" හා සමගය. ඉන්පසු පැමිණියේ දෙවන අවධියයි, "1925 සිට දක්වා1929ෆැසිස්ට්වාදී ඒකාධිපතිත්වය නිසි ලෙසින් ගොඩනැගීම වෙයි." තුන්වන අවධිය, එතරම් ක්‍රියාකාරිත්වයක් නොමැතිව, 1929–34 විය. 1935–40, පැවැති සතරවන අවධියෙහි ලාක්ෂණික ගුණාංග වූයේ කලහකාරී විදේශ ප්‍රතිපත්තියක්, ඉතාලි සෝමාලිලන්තය සහ එරිට්‍රයාව වෙත සිට දියත් කෙරුණු, ඉතියෝපියාවේ යුද්ධ කටයුතු,[2] ජාතීන්ගේ සංගමයේ සම්බාධක සමග ඝට්ටන, වර්ධනය වන ආර්ථික ස්වයං-පෝෂණය, සහ අඩ-නාසිකරණය වූහ. එහි ව්‍යසන සහ පරාජයන් හා සමග යුද්ධය (1940–43) පස්වන අවධිය වූ අතර, ජර්මානු හික්මවීම යටතේ පැවති අධෝ සලෝ පාලනතන්ත්‍රය අවසන් අවධිය (1943–45) විය.[3]

දෙවන ලෝක යුද්ධයෙහිදී, 1943 වසර දක්වා, ඉතාලිය, නාසි ජර්මනිය සමගින් මිත්‍රව සිටියේය. මුසොලීනි බලයෙන් පහ කොට, මිත්‍ර පාර්ශව ආක්‍රමණිකයන් යටතේ පැවති ප්‍රදේශ (රෝමයෙන් දකුණෙහි) වල ෆැසිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිත්වය මැඩලීමෙන් පසුව එය පැති මාරුකොට මිත්‍ර පාර්ශවය හා එක් විය. ඒ වන විටද මුසොලීනි සහ ඔහුගේ පක්ෂපාතී ෆැසිස්ට්වාදීන් විසින් නායකත්වය සැපයුනු, "ඉතාලි සමාජවාදී ජනරජය" යන නම දැරූ නාසි ජර්මනියේ රූකඩ රාජ්‍යයක් වූ උතුරුදිග ඉතාලියේ අවශිෂ්ට ෆැසිස්ට්වාදී රාජ්‍යය, මිත්‍ර හමුදාවන්ට එරෙහි සටන්කිරීම දිගටම කරගෙන ගියේය. යුද්ධය නිමාවූ විගසින් පාහේ, සිවිල් සමාජයේ අතෘප්තිය නිසාම ඉතාලි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ජනමතවිචාරණය, 1946 පැවැත්වුනේ, ඉතාලිය රාජාණ්ඩුවක් වශයෙන් දිගටම පවත්වාගෙන යා යුතුද නැතිනම් ජනරජයක් විය යුතුද යන්න තීරණය කිරීමටය. ඉතාලි ජාතිකයෝ තීරණය කළේ රාජාණ්ඩුව අතහැර ඉතාලි ජනරජයක් පිහිටුවීමට වන අතර, වර්තමානයේ වුව ඉතාලියේ ආණ්ඩුක්‍රමය එය වෙයි.

බල ප්‍රදේශය[සංස්කරණය]

වර්තමාන ඉතාලිය සතුව පවතින සමස්ත බල ප්‍රදේශය සඳහාම ඉතාලි රාජධානියද හිමිකම් පෑය.

සටහන්[සංස්කරණය]

  1. Italy 1922–1943 nationalanthems.info
  2. ඇන්ඩ්‍රියා එල්. ෂැන්ටන්, එඩ්වඩ් රැම්සමි, පීටර් ජේ. සේබෝල්ට් (2012). "කල්චරල් සෝෂියලජි ඔෆ් ද මිඩ්ල් ඊස්ට්, ඒෂියා, ඇන්ඩ් ඇෆ්රිකා: ඇන් එන්සයික්ලොෆීඩියා". p. 308. Retrieved 2014-04-06.CS1 maint: multiple names: authors list (link)
  3. ස්ටැන්ලි ජී. පෙයින්, අ හිස්ට්‍රි ඔෆ් ෆැසිසිසම්, 1914–1945 (1996) පි 212
"https://si.wikipedia.org/w/index.php?title=ඉතාලි_රාජධානිය&oldid=364698" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි