ජර්මනියෙහි චාන්සලර්වරයා
ජර්මානු ෆෙඩරල් සමූහාණ්ඩුව ෆෙඩරල් චාන්සලර්වරයා
Bundeskanzler der Bundesrepublik Deutschland | |
---|---|
![]() | |
![]() චාන්සලර්වරයාගේ මුද්‍රාව | |
රජයෙහි විධායක අංශය | |
ශෛලීය | චාන්සලර් මහත්මයා (අවිධිමත්) අතිගරු (රාජ්‍ය තාන්ත්‍රික)[1] |
මෙහි සාමාජිකයෙකි | ෆෙඩරල් කැබිනට් මණ්ඩලය යුරෝපියානු කවුන්සිලය |
ආසනය | ෆෙඩරල් චාන්සලර් කාර්යාලය, බර්ලිනය (ප්‍රධාන කාර්යාලය) පලේ ෂවුම්බර්ග්, බොන් (ද්වීතියක කාර්යාලය) |
නාම යෝජකයා | බුන්ඩස්ටාග් |
පත් කරන්නා | ජර්මනියෙහි ජනාධිපතිවරයා |
ධූර කාල ප්‍රමාණය | වසර 4, නැවත පත්විය හැකි |
සංස්ථාපන ලිඛිතය | ජර්මානු මූලික නීතිය (ජර්මානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව) |
සමාරම්භක දරන්නා | කොන්ආඩ් ආඩනෝවර් |
සංස්ථාපනය | 24 මැයි 1949 |
නියෝජ්‍ය | ජර්මනියෙහි නියෝජ්‍ය චාන්සලර්වරයා |
වැටුප | €351,552 වාර්ෂික[2] |
වෙබ් අඩවිය | bundeskanzler.de |
ජර්මනියෙහි චාන්සලර්වරයා, නිල වශයෙන් ජර්මානු ෆෙඩරල් සමූහාණ්ඩුවෙහි ෆෙඩරල් චාන්සලර්වරයා (ජර්මන්: Bundeskanzler(in) der Bundesrepublik Deutschland), යනු ජර්මානු ෆෙඩරල් රජයෙහි නායකයා සහ යුද්ධ කාලයෙහිදී ජර්මානු සන්නද්ධ හමුදාවන්හී හමුදා ආඥාපතිවරයා වෙයි. චාන්සලර්වරයා ෆෙඩරල් කැබිනෙට්ටුවෙහි ප්‍රධාන විධායක නිලධාරියා වන අතර විධායක අංශයෙහි නායකයා වෙයි. ෆෙඩරල් ජනාධිපතිවරයාගේ යෝජනාව පරිදී සහ විවාදයකින් තොරව ( ජර්මානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 63 වන ඡේදය) බුන්ඩස්ටාග් විසින් චාන්සලර්වරයා තෝරා පත් කර ගනු ලැබෙයි.[3]
වර්තමාන චාන්සලර්වරයා වන්නේ එස්පීඩී පක්ෂයෙහි ඕලෆ් ශොල්ෂ් වන අතර, ඇන්ගෙලා මෑකල් ප්‍රතිස්ථාපනය කරමින් 2021 දෙසැම්බර් මාසයෙහිදී තේරී පත්විය. ඔහු තේරී පත්වූයේ එස්පීඩී පක්ෂය විසින් අලාන්ස් 90/ද ග්‍රීන්ස් සහ එෆ්ඩීපී හා සමගින් සභාග සම්මුතියකට එළඹීමත් සමගිනි.
නිලයෙහි ඉතිහාසය[සංස්කරණය]

චාන්සලර් නිලයට දිගු ඉතිහාසයක් ඇති අතර, 1933 ජනවාරි 30 දිනදී නාසිවරුන් බලයට පත්වූ විට වයිමාර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තත්ත්වාකාරයෙන් පසෙක ලන ලදි. 1934 වසරෙහිදී ජනාධිපති හින්ඩන්බෝර්ග් මිය ගිය විට, ඒකාධිපතිමය පක්ෂ නායක සහ චාන්සලර් ඇඩොල්ෆ් හිට්ලර් විසින් ජනාධිපතිධූරයෙහි බලතල පවරාගන්නා ලදි.
ආශ්රිත[සංස්කරණය]
- ↑ "Ratgeber für Anschriften und Anreden" (PDF). Bundesministerium des Innern – Protokoll Inland. p. 40. Retrieved 23 මැයි 2019.
- ↑ "Wie hoch ist das Gehalt von Angela Merkel?". handelsblatt.com.
- ↑ පාර්ලිමෙන්ටරි කවුන්සිල් ඔෆ් ද ෆෙඩරල් රිපබ්ලික් ඔෆ් ජර්මනි. "බේසික් ලෝ ෆො ද ෆෙඩරල් රිපබ්ලික් ඔෆ් ජර්මනි". Wikisource. Wikimedia. Retrieved 24 නොවැම්බර් 2020.
{{cite web}}
: CS1 maint: url-status (link)