අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය
මෙම ලිපිය හෝ ලිපි කොටස ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) |
![]() | ||
The International Space Station on 30 May 2011 as seen from the departing අභ්‍යාවකාශ ෂටලය එන්ඩෙව' during STS-134. | ||
![]() | ||
ISS Insignia | ||
Station statistics | ||
---|---|---|
COSPAR ID | 1998-067A | |
සංඥා නාමය | Alpha | |
කාර්ය මණ්ඩලය | 6 Expedition 28 | |
ගුවන්ගත කිරීම | 1998–2012 | |
ගගන වේදිකාව | Baikonur LC-81/23, LC-1/5 KSC LC-39, | |
ස්කන්ධය | 417,289 kg (919,965 lb) (as of 03/09/2011)[1] | |
Length | 51 m (167.3 ft)[තහවුරු කරන්න] from PMA-2 to Zvezda | |
Width | 109 m (357.5 ft)[තහවුරු කරන්න] along truss, arrays extended | |
Height | c. 20 m (c. 66 ft) nadir–zenith, arrays forward–aft (27 November 2009)[needs update] | |
Pressurised volume | 837 m3 (29,600 cu ft) (21 March 2011) | |
වායුගෝලීය පීඩනය | 101.3 kPa (29.91 inHg, 1 atm) | |
කක්ෂීය අවම දුර | 352 km (190 nmi) AMSL (21 March 2011) | |
කක්ෂීය උපරිම දුර | 355 km (192 nmi) AMSL (21 March 2011) | |
කක්ෂීය ආනතිය | 51.6 degrees | |
Average speed | 7,706.6 m/s (27,743.8 km/h, 17,239.2 mph) | |
කක්ෂීය ආවර්තය | 91 minutes | |
කක්ෂයේ තිබූ දින ගණන | 8186 (19 අප්‍රේල්) | |
විසුම් දින ගණන | 7473 (19 අප්‍රේල්) | |
සම්පූර්ණ කළ ආවර්ත ගණන | 128492 (19 අප්‍රේල්) | |
Orbital decay | 2 km/month | |
Statistics as of 9 March 2011 (unless noted otherwise) | ||
References: [2][3][4][5][6][7] | ||
Configuration | ||
![]() | ||
Station elements ජුනි 2017 වන විට[update] (exploded view) |
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station /ISS) යනු අභ්‍යාවකාශයෙහි ගොඩනැගෙමින් පවතින පර්යේෂණ මධ්‍යස්ථානයකි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පහත් පෘථිවි කක්ෂයේ පවතින අතර පෘථිවියේ සිට පියවි ඇසින් දැකගැනීමට හැකිය. එය පෘථිවි පෘෂ්ඨයෙන් දළ වශයෙන් කිලෝමීටර් 350 ක් (හැතැප්ම 217) උසින් පවතින අතර එය පැයට කිලෝමීටර් 27,700 ක දළ වේගයකින් ගමන් කරමින් දිනකට කක්ෂ 15.77 ක් සම්පූර්ණ කරයි.
ISS යනු ඇමරිකා එක්සත් ජනපදයේ (NASA), රුසියාවේ (RKA), ජපානයේ (JAXA), කැනඩාවේ (CSA), සහ යුරෝපීය රටවල් එකොළහක (ESA) අභ්‍යාවකාශ ඒජන්සි විසින් හවුලේ කරගෙන යනු ලබන ව්‍යාපෘතියකි. බ්‍රසීලියානු අභ්‍යාවකාශ ඒජන්සිය (AEB, බ්‍රසීලය) නාසා ආයතනය සමඟ වෙනම ගිවිසුමක් හරහා මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වේ. එසේම ESA නැතිනම් යුරෝපීය හවුලට අයත් ඉතාලිය ද ESA හි කාර්යභාරයට අයත් නොවන විවිධ ක්‍රියාකාරකම් සඳහා වෙනම ගිවිසුම් ඇති කරගෙන තිබේ.
චීනය මේ සඳහා තවමත් හවුල් වී නොමැති නමුත් රුසියානු ඒජන්සිය සමඟ එක්ව කටයුතු කිරීමට ඉඩ ලැබෙන්නේ නම් ඔවුන් ද මේ ව්‍යාපෘතියට උනන්දු වන බව වාර්තා වී ඇත.
ISS යනු කලින් සැලසුම් කෙරුනු වෙනත් අභ්‍යවකාශ මධ්‍යස්ථාන නොකඩවා පවත්වාගෙන යාමක් බව දැක්විය හැකිය. රුසියාවේ මීර් 2, දරුණු ලෙස අරමුදල් හිඟයකට ලක්වුනු ඇමෙරිකානු ෆ්‍රීඩම් අභ්‍යවකාශ මධ්‍යස්ථානය, යුරෝපීය කොළම්බස් සහ කිබෝ මධ්‍යස්ථාන, ජපානයේ එක්ස්පරිමන්ට් මොඩියුල් මධ්‍යස්ථානය එවැනි මධ්‍යස්ථාන කීපයකි.
ISS වෙත පළමුව නේවාසික කණ්ඩායමක් ඇතුළු වූ දිනයේ (2000 නොවැම්බර් 2) සිට නොකඩවා එය ජනයාගෙන් යුක්ත වූ බැවින් මිනිසුන් අභ්‍යවකාශයෙහි ස්ථිර පදිංචි කරුවන් බවට පත්ව ඇත. එක්ස්පඩිෂන්ට 17 යානාවේ කණ්ඩායම දැනට මෙම මධ්‍යස්ථානයෙහි වාසය කරති. වර්තමානයේ දී මෙහි ඉඩපහසුකම් ඇත්තේ තිදෙනෙකුගේ කණ්ඩායමකටය. ක්‍රියාකාරී පර්යේෂණ වැඩසටහනක් දියත් කිරීමට නම් ඉදිරි කාලයේ දී ගගනගාමීන් 6 දෙනෙකුගේ කණ්ඩායමකට ප්‍රමාණවත් ඉඩ පහසුකම් සලසා ගත යුතුය. මුල් කණ්ඩායමේ සාමාජිකයන් සියලු දෙනා පැමිණීයේ රුසියාවෙන් සහ ඇමෙරිකාවෙනි.
2006 ජුලි මාසයේ දී ESA ගගනගාමී ජර්මානු ජාතික තෝමර් රයිටර් විසින් එක්ස්පඩිෂන් 13 කණ්ඩායමට එක්වූයේ වෙනත් අභ්‍යවකාශ ඒජන්සියකින් පැමිණි ප්‍රථම සාමාජිකයා ලෙස වාර්තා ගත වෙමිනි. මේ වන විට මධ්‍යස්ථානය ගවේෂණ කිරීමට රටවල් 16 ක ගගනගාමීන්ට හැකිවී තිබේ. ප්‍රථම අභ්‍යවකාශ සංචාරයකින් පස් දෙනාගේ ද චාරිකා අන්තය වුයේ ISS ය.
මධ්‍යස්ථානයේ අලුත්වැඩියා කටයුතු මුලිකව සිදුකරන්නේ රුසියානු සොයුස් සහ ප්‍රොග්‍රස් අභ්‍යාවකාශ යානා සහ ඇමෙරිකානු අභ්‍යවකාශ ෂටල මඟිනි. 2008 වසරේ මාර්තු 9 වනදා ESA මඟින් ඇරියෙන් 5 සමඟ පළමු ස්වයංක්‍රීය හුවමාරු වාහනය (Automatic transfer Vehicle) වන ජුල්ස් වර්න් ATV වාහනය කිලෝග්‍රෑම් 8000 කට අධික භාණ්ඩ ප්‍රමාණයක් ද සමඟ ISS කරා ගුවන් ගත කෙරුනි. 2008 අප්‍රේල් 3 වනදා එම භාණ්ඩ සාර්ථකව ලබා ගන්නා ලද බව වාර්තා වේ.
ආරම්භයේ සිට ISS ව්‍යාපෘතිය අවසන් වීමට නියමිත 2017 වර්ෂය දක්වා මේ සඳහා වැය වන මුදල ඩොලර් මිලියන 157 ක් වන අතර මානව වර්ගයා විසින් මෙතෙක් ගොඩ නගා ගෙන ඇති මිල අධිකම වස්තුව ISS වේ.
සටහන්[සංස්කරණය]
International_Space_Station- ↑ "NASA - The ISS to Date (03/09/2011)". Nasa.gov. Retrieved 2011-07-12.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;ISStD
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;OnOrbit
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ Chris Peat (18 June 2010). "ISS—Orbit Data". Heavens-Above.com. Retrieved 18 June 2010.
- ↑ "STS-132 Press Kit" (PDF). NASA. 7 May 2010. Retrieved 19 June 2010.
- ↑ "STS-133 FD 04 Execute Package" (PDF). NASA. 27 February 2011. Retrieved 27 February 2011.
- ↑ "NASA — Facts and Figures — International Space Station". NASA. 21 March 2011. Retrieved 9 April 2011.