අභ්‍යාවකාශ මධ්‍යස්ථානය
අභ්‍යාවකාශ මධ්‍යස්ථානය යනු මිනිසාට අභ්‍යාවකාශයේ ජීවත් වීම සදහා තනන ලද කෘත්‍රීම ව්‍යුහයන් වේ. තවමත් ක්‍රියාවට නංවා ඇත්තේ පහළ පෘථිවි කක්ෂ (LEO) මධ්‍යස්ථාන පමණක් වන අතර ඒවා කක්ෂීය මධ්‍යස්ථාන ලෙස ද හැදින්වේ. අභ්‍යාවකාශ මධ්‍යස්ථාන ප්‍රධාන ප්‍රචාලන බලයෙන් සහ ගොඩබෑමේ පහසුකම්වලින් අනිකුත් මිනිසුන් රැගෙන යන අභ්‍යවකාශ යානාවලින් වෙනස්වන අතර එම අභ්‍යාවකාශ යානා බොහෝ විට අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ප්‍රවාහන වාහන ලෙස හැදින්විය හැක. අභ්‍යාවකාශ මධ්‍යස්ථාන සැලසුම් කර ඇත්තේ කක්ෂයේ සති, මාස සහ සමහර විට වර්ෂ ගණනක් වැනි මධ්‍ය කාලීන කාලයක් වාසය කිරීමටය. දැනට භාවිතා වන එකම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වේ. මීට පෙර තිබූ ඒවා වන්නේ අල්මැස් (Almaz) , සැලීයුට් කාණ්ඩය (Salyut Series) , ස්කයි ලැබ් (Sky lab) සහ මීර් (Mir) ය.
මේ වන විටත් (2007 තෙක්) අභ්‍යාවකාශ මධ්‍යස්ථාන භාවිතා කරනුයේ දිගු කාලීන අභ්‍යාවකාශ ගමන්වලින් මිනිස් සිරුරට සිදුවන බලපෑම අධ්‍යයනය කිරීමටත් අනෙකුත් අභ්‍යවකාශ යානාවල පහසුකම් නොමැති විශාල විද්‍යාත්මක අධ්‍යයනයන් කිරීමේ වේදිකාවක් ලෙසය. සෝයූස් 11 සහ සැල්යුට් 1 වැනි අවාසනාවන්ත යානා සහ සෑම මිනිසුන් රැගත් අභ්‍යාවකාශ යානාවල අභ්‍යාවකාශ ගමන් කාල සීමා අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පිහිටුවීම කරළියට ගෙන ආ අතර 1994 සිට 1995 දක්වා “වැලරි පොල්යකොව්” (Valeriy Polyakov) විසින් මීර් (Mir) හි සිට දින 437.7 අභ්‍යාවකාශයේ ගතකර වාර්තාවක් තැබූ අතර 2008 වන විට අභ්‍යාවකාශ ගාමීන් තුන් දෙනෙක් වර්ෂයකට වඩා තනි අභ්‍යාවකාශ චාරිකා සම්පූර්ණ කර ඇත. ඔවුන් සෑම දෙනාම මීර් යානයේ ද සිටි සාමාජිකයන් ද වීම විශේෂයකි.