සෝයුස් අභ්‍යාවකාශ යානය
සැකිල්ල:Infobox spacecraft class
සෝයුස් අභ්‍යාවකාශ යානය යනු රුසියනු අභ්‍යාවකාශ වැඩසටහන සදහා කොරලියෙව් සැලසුම් ආයතනය මගින් 1960 දී නිර්මාණය කරන ලද මේදක්වා සේවාවේ පවතින අභ්‍යාවකාශ යාන පෙළකි.රුසියනු වොස්ක්හොඩ් අභ්‍යාවකාශ යානයට පසුව පැමිණි සෝයුස් යානය මුලින් නිර්මණය කරන ලද්දේ සෝවියට්-රුසියනු සඳ මත ගොඩබසීමේ වැඩසටහනේ කොටසක් ලෙසය.
සෝයුස් යානා අභ්‍යවකශ ගතකරනු ලබන්නේ සෝයුස් රොකට්ටු මගිනි. මෙම සෝයුස් රොකට්ටු වර්ගය රුසියාව තුල බහුලවම භාවිතා වන සහ වඩාත්ම විශ්වාසදායක රුසියනු රොකට්ටුව වේ.
සෝයුස් අභ්‍යාවකාශ යානය, වොස්කොඩ් අභ්‍යවකාශ යානයෙන් පසුව භාවිතයට පැමිණි අතර එය මුලින් ගොඩනගනු ලැබුවේ සෝවියට් චන්ද්‍ර වැඩසටහන් වල කොටසක් ලෙසය. එය කසකස්තානයේ බයිකොනූර් කොස්මොඩ්‍රෝමය වෙතින් Soyuz රොකට්ටුවක් මත දියත් කෙරේ. 2011 දී අභ්‍යවකාශ ෂටල විශ්‍රාම ගැන්වීම සහ SpaceX Crew Dragon හි 2020 demo පියාසැරිය දක්වා, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට හෝ ඉන් පිටතට කාර්ය මණ්ඩලය ගෙනයාමට ඇති එකම මාධ්‍යය ලෙස සෝයුස් සේවය කළ අතර, ඒ සඳහා එය විශාල වශයෙන් දැනුදු භාවිතා වේ. එම කාලය තුළ චීනය, කාර්ය මණ්ඩල සහිත Shenzhou ගුවන් ගමන් දියත් කළද, ඒ කිසිවක් ISS වෙත ගමන් කළේ නැත.