පහළ පෘථිවි කක්ෂය

විකිපීඩියා වෙතින්

පහළ පෘථිවි කක්ෂයක් යනු පෘථිවියට ආසන්නව පිහිටා ඇති පෘථිවි කේන්ද්‍රීය කක්ෂයකි. සාමාන්‍යයෙන් මිනිත්තු 128 කට අඩු කක්ෂීය කාලාවර්තයක් සහ 0.25 ට අඩු උත්කේන්ද්‍රතාවකින් යුතු කක්ෂයක් පහළ පෘථිවි කක්ෂයක් ලෙස සැළකේ. අභ්‍යාවකාශයේ ඇති කෘතීම වස්තූන් ගෙන් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ පහළ පෘථිවි කක්ෂයේ ය.

"පහළ පෘථිවි කක්ෂ කලාපය" (LEO region) යනු පොළොවේ සිට කි.මී. 2,000 ක් දක්වා විහිදෙන අවකාශයයි. මෙම කලාපය හරහා යන වස්තූන් ගැන නිරන්තරයෙන්ම අවධානය යොමු කෙරෙනුයේ ඒවා පහළ පෘථිවි කක්ෂවල ඇති චන්ද්‍රිකා වල ගැටීමේ අවධානමක් ඇති නිසා ය.

අද වනවිට දියත් කර ඇති සියලුම මිනිසුන් සහිත අභ්‍යාවකාශ මධ්‍යස්තාන පහළ පෘථිවි කක්ෂයෙහි පිහිටුවා ඇත. 1968 සිට 1972 දක්වා සිදු කෙරුණු ඇපලෝ මෙහෙයුම් මගින් මිනිසුන් ප්‍රථම වරට පහළ පෘථිවි කක්ෂයෙන් පිටතට ගමන් කරන ලදී. ඇපලෝ වැඩසටහන අවසන් වීමෙන් පසු මේ දක්වා කිසිම මිනිසුන් සහිත අභ්‍යාවකාශ ගමනක් පහළ පෘථිවි කක්ෂයෙන් පිටතට ගොස් නැත.

"https://si.wikipedia.org/w/index.php?title=පහළ_පෘථිවි_කක්ෂය&oldid=490512" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි