හරිතාගාර වායු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Simple diagram of greenhouse effect.
Top: ඉහළ: වායුගෝලයේ සහ අයිස් මධ්‍යයේදී මනින ලද CO2 මට්ටමෙහි වැඩිවීම. පහළ: දළ කාබන් ප්‍රමාණයේ වැඩිවීම (වායුගෝලයේ) ෆොසිල ඉන්ධන දහනයේදී පිටවන කාබන් ප්‍රමාණය සමග සැසඳීම.


හරිතාගාර වායු යනු වායුගෝලයේ ඇති වායූන් වන අතර ඒවා මගින් අභ්‍යාවකාශයට තාපය ගලායාම අඩු කරති. එමගින් ගෝලීය උෂ්ණත්වය වැඩිවීමට දායක වන අතර එය හරිතාගාර ආචරණය නම් වේ. හරිතාගාර වායු පෘථිවියේ උෂ්ණත්වය පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍ය වේ. එම වායූන්ගේ බලපෑම නැති වුවහොත් පෘථිවිය නියමිත කාල සීමාවට පෙර ඉතා ශීත වීමට හැක. එසේම හරිතාගාර වායූන්ගේ වැඩිවීමද පෘථිවියේ මාරක තත්ත්වයට උෂ්ණත්වය ඉහළ නැංවීමට හැකි වන අතර, වායුගෝලීය කාබන්ඩයෙක්සයිඩ් ප්‍රතිශතය 9651% වන සිකුරු ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය 4670C (8720f) වේ. විවිධ ස්වභාවික හා කාර්මික ක්‍රියාවලීන් මගින් හරිතාගාර වායු නිපදවෙයි මෑත කාලීන වායුගෝලීය CO2 මට්ටම 380 ppmv වේ.

අයිස් මධ්‍යස්ථ පාදක වුණු සාම්පල සහ වර්තාවල කාලීන CO2 මට්ටම පූර්ව කාර්මික අවධියට ආසන්නම කාලය තුළ මට්ටමට වඩා 100 ppmv විය. ඒ කාලය තුළ මිනිස් බලපෑම නොසලකා හැරිය හැකි තරම් වේ.

හරිතාගාර වායු සහ හරිතාගාර ආචරණය[සංස්කරණය]

වායු ගෝලයෙහි හරිතාගාර වායු මගින් ඇති කරනු ලබන අවශෝෂක තිරූවල රටාවන් සහ සුර්යය විකිරණය හා ඉහළයන තාප විකිරණය මගින් ඒව‍ායේ බලපෑම

සුර්යයා ලෝකය පෘතුවි පෘෂ්ඨයට ළගා වන විට එයින් කොටසක් අවශෝෂණය වී පෘථිවි පෘෂ්ඨය උණුසුම් කරනු ලබයි. පෘතුවි පෘෂ්ඨය සුර්යයාගේ පෘෂ්ඨයට වඩා බොහෝ සිසිල් නිසා එමඟින් සුර්යයාට වඩා දිගු තරංග ආයාමයක් සහිතව ශක්තිය විකිරණය කරනු ලබයි. එනම් උපරිමය මයික්‍රෝමිටර් 10 ක් පමණ වු අධෝරක්ත විකිරණ වේ. වා‍යුගෝලය මගින් සුර්යයා මගින් නිකුත් කරන කෙටි කරංග ආයාමයක් සහිත තරංගවලට වඩා පෘථිවිය මඟින් නිකුත් කරන දිගු තරංග ආයාමයක් සහිත තාපය අවශෝෂණය කරනු ලබයි. මෙලෙස අවශෝෂණය කර ගන්නා ශක්තිය මගින් වායු ගෝලය උණුසුම් කරනු ලබන අතර එය පෘථිවි පෘෂ්ඨයෙන් නිකුත් කරන සංවේදී වෙනත් තාපයන් මගින්ද උණුසුම් වේ. හරිතාගාර වායු මගින් දිගු තරංග ආයාම සහිත විකිරණ වර්ග අභ්‍යවකාශයේ ඉහළට සහ පෘථිවි පෘෂ්ඨය වෙතටද නිකුත් කරනු ලබයි. මෙලෙස පහලට නිකුත් කරන දිගු තරංග ආයාම සහිත විකිරණ මගින් හරිතා‍ගර ආචරණය ඇති කරනු ලබයි. මෙම යෙදුම ඇතැම් අවස්ථාවලදී මත භේදාත්මක වනුයේ මෙම ක්‍රියාවලිය නියම හරිතාගාරවල උෂ්ණත්වය ඉහළ නැංවීමට යොදා ගනු ලබන ක්‍රියාවලිය නොවන බැවිනි.

පෘතුවිය මත ඒවායෙහි බහුලතාවය අනුව වඩාත් සුලභ හරිතාගාර වායුන් නම්

  • ජල වාෂ්ප
  • කාබන්ඩයොක්සයිඩ්
  • මීතේන්
  • නයිට්‍රස් ඔක්සයිඩ්
  • ඕසෝන්
  • CFC

වඩාත්ම ශක්තිමත් හරිතාගාර වායූන් නම්

  • ජල වාෂ්ප - මෙමගින් 36% – 70% අතර ප්‍රමාණයක හරිතාගාර ආචරණයක් පොළොව මත ඇති කරනු ලබයි.
  • කාබන්ඩයොක්සයිඩ් - 9% - 26%
  • මීතෙන් - 4% - 9%
  • ඕසෝන් - 3% - 7%

ඇතැම් වායූන් මගින් යම්කිසි ප්‍රමාණයක හරිතාගාර ආචරණයක් ඇති කරන බවට ප්‍රකාශ කිරීම අපහසු වේ. එසේ වන්නේ හරිතාගාර ආචරණය ඇති වීම වායු වර්ග කිහිපයක එකතුවෙන් සිදු වන බැවිනි. අනෙකුත් හරිතාගාර වායූන් නම් නයිට්‍රික්ඔක්සයිඩ්, සල්ෆර්හෙක්සාෆ්ලුවොරයිඩ්, හයිඩ්‍රෝෆුලුවොරෝකාබන් සහ ක්ලෝරෝෆ්ලෝරෝකාබන් (වැඩිදුර විස්තර සඳහා හරිතාගාර වායු IPCC ලැයිස්තුව බලන්න)

වායුගෝලයෙහි ප්‍රධාන සංඝටකයන් වන නයිට්‍රජන් සහ ඔක්සිජන් වායු හරිතාගාර වායූන් නොවේ. මෙසේ වන්නේ එකම පරමාණු වර්ගයකින් අන්තර්ගත ද්වි අණුක නයිට්‍රජන් සහ ඔක්සිජන් වැනි වායු වර්ග අධෝරක්ත විකිරණ අවශෝෂණය හෝ මුදාහැරීමක් සිදු නොකරන බැවිනි. එසේ වන්නේ මෙකී අණු කම්පනය වීමේදී එහි ද්විධ්‍රැවීය චලිතයෙහි ශුද්ධ වෙනස් වීමක් ඇති නොවන බැවිනි. අණුක කම්පනයන් සිදු වන්නේ අධෝරක්ත කිරණවල ෆෝටෝනවල සංඛ්‍යාතවලට සමාන වූ ශක්තීන්ගේ වෙයි. විෂම න්‍යෂ්ටික ද්වී පරමාණුක අණු වන කාබන්මොනොක්සයිඩ් හි හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් වැනි අණු අධෝරක්ත කිරණ අවශෝෂණය කරගන්නා අතර ඒවා වායු ගෝලයෙහි ඉතා කෙටි කාලයක් පවතියි. මේ හේතුවෙන් ඒවා කැපී පෙනෙන ලෙස හරිතාගාර ආචරණය වෙත බලපෑමක් ඇති නොකරයි.

19 වන ශත වර්ෂය අගභාගයේදී සිදු කරන ලද පරීක්ෂණවලින් සොයා ගන්නා ලද්දේ නයිට්‍රජන් සහ ඔක්සිජන් අධෝරක්ත කිරණ අවශෝෂණය කර නොගන්නා බවත් කාබන් ඩයෝක්සයිටඩ් වැනි වෙනත් වායූන් අධෝරක්ත කිරණ අවශෝෂණය කර ගන්නා බවත්ය. 20 වන ශත වර්ෂයේ මුල භාගයේදී සොයා ගන්නා ලද පරිදි ප්‍රධානතම හරිතාගාර වායු පෘථිවියේ උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට දායක වී ඇත.


හරිතාගාර වායු පිටවීම[සංස්කරණය]

ඇන්ටාටිකාවේ අයිස් හරයන්ගෙන් ලබාගත් මිණුම් පෙන්ණුම් කරන පරිදි කාර්මික වායු විමෝචනය ආරම්භයට ඉතා ආසන්න කාලයකදී වායුගෝලීය CO2 ප්‍රමාණය පරිමාව කොටස් දශලක්ෂයකට 280 පමණ විය. (ppm – ඒකක uL/L ලෙසට ඇතැම් විට භාවිතා වන අතර, පරිමා කොටස් දශලක්ෂ්‍යයකට කොටස් ලෙස භාවිතා වේ) එම සාම්පල වලින්ම ලබාගත් දත්ත පෙන්නුම් කරන්නේ ඊට ‍ෙපර වර්ෂ 10000ක පමණ කාලයක් තුල CO2 සාන්ද්‍රනය 260 සිට 280 ppm අතර ප්‍රමාණයේ පැවති බවයි.

ෆොසිල වූ ශාක පත්‍රවල සාක්ෂි අධ්‍යයනයකදී යෝජනා වූයේ වර්ෂ 7000 – 10 000 පමණ පෙර CO2 මට්ටම විශාල වෙනස් වීමක් පෙන්ණුම් කර අතර එය 300 ppm ට වඩා ඉහළ වූ බවය. කෙසේ වෙතත් අනිත් තර්කය වූයේ මෙම සොයා ගැනීම් වල ක්‍රමාංකනය සහ අපවිත්‍රනය යන ප්‍රශ්න, සත්‍යය CO2 විචලතාවය පිළිබඳව ප්‍රශ්නයට වඩා වැඩියෙන් ඉපිල්ලී පෙනෙන බවයි.

කාර්මික විප්ලවය ඇරඹීමෙන් පසු හරිතාගාර වායු වර්ග කිහිපයක්ම වැඩි වීමක් පෙන්නුම් කළ අතර CO2 සාන්ද්‍රණය 100 ppm පමණ වැඩි විය. (280 ppm සිට 380 ppm) ප්‍රථම 50 ppm නැග්ම සිදුවී ඇත්තේ කාර්මික විප්ලවය ආරම්භයේ සිට1973 දක්වා වූ වසර 200 ක කාළය තුළය. ඊළග 50 ppm නැග්ම අවු 33 ක් තුළදී සිදු විය . ඒ 1973 සිට 2006 කාලය තුළය. බොහෝ නිරීක්ෂණයන් අන්තර්ජාල වායුගෝලීය රසායනික නිරීක්ෂණ දත්ත ගබඩා දැකිය හැක.

"http://si.wikipedia.org/w/index.php?title=හරිතාගාර_වායු&oldid=273066" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි