පෘථිවිය උණුසුම්වීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ෙගා්ලීය උණුසුම් වීම
ගෝලිය මධ්‍යන්‍ය මතුපිට උෂ්ණත්වය 1961 සිට 1990 දක්වා කාලපරාසයට සාපේක්ෂව අක්‍රමවත් වී ඇත.
1940 සිට 1990 කාලපරාසය තුළ මධ්‍යන්‍ය උෂ්ණත්වයන්ට සාපේක්ෂව 1995 සිට 2004 වර්ෂය දක්වා මධ්‍යන්‍ය මතුපිට උෂ්ණත්වය අක්‍රමවත් වී ඇත.

පෘථිවිය උණුසුම් වීම යනු පෘථිවිය මතු පිටට ආසන්න වාතයේ හා සාගරවල මධ්‍යන්‍ය උෂ්ණත්වයේ වැඩි වීමයි. එය 20 වන ශත වර්ෂයේ මැද භාගයේ සිට අපේක්ෂිත ඉදිරිය දක්වා සිදුවනු ඇත.

පෘථිවිය මතුපිට මධ්‍යන්‍ය ගෝලීය වායුමය උෂ්ණත්වය 2005 වර්ෂයෙන් අවසන්වන වසර 100 ක කාලය තුළ 0.740 ධන හෝ සෘණ 0.18 (1.33 ධන හෝ සෘණ 0.32) ප්‍රමාණයකින් වෙනස්වී ඇත. අන්තර් රාජ්‍යයීය දේශ ගුණික වෙනස් වීම් පිළිබඳ සමුළුව හෙවත් IPCC නිර්ණය කරන පරිදි 20 වන ශත වර්ෂයේ මැද භාගයේදී නිරීක්ෂිත ගෝලිය මධ්‍යන්‍ය උෂ්ණත්වය‍න්ගේ වැඩිවීම්වලට හේතුව වශයෙන් නිරීක්ෂණය කොට ඇත්තේ මිනිසා විසින් නිර්මාණය කරන ලද හරිතාගාර වායු සාන්ද්‍රණයන්ගේ ඉහළ යෑම් හරහා හරිතාගාර ආචරණය ඇති වීමයි. පූර්ව කාර්මික කාලපරාසයන් 1950 දක්වා වකවානුවේදී ස්වාභාවික ප්‍රපන්චයන් වන ගිනිකඳු සහ සූර්යය ප්‍රභේදනය කුඩා උණුසුම් වීමේ ආචරණයක් ඇති කරන ලදී. 1950 සිට ඉන් ඔබ්බට කුඩා සිසිල් වීමේ ආචරණයක් ඇති කරන ලදී.

මෙම මූලික නිර්ණයන් හුවා දක්වනු ලැබුයේ ප්‍රධාන කාර්මික රටවල්වල සියලු ජාතික විද්‍යාත්මක ඇකඩමි අන්තර්ගත වූ අවම වශයෙන් විද්‍යාත්මක ඇකඩමි හා විද්‍යාත්මක සමාජ 30 කවත් දායකත්වයෙනි. තනිවිද්‍යාඥයින් IPCC හි සොයා ගැනීම් සම්බන්ධයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කළද එය යටපත් කරමින් දේශගුණික වෙනස් වීම් පිළිබඳව එහි මූලික වෙනස්වීම් සම්බන්ධයෙන් එකඟතාවය පල කොට ඇත.

දේශ ගුණික ආකෘති අනාවැකි IPCC මගින් සංක්ෂිප්ත කරන ලදුව දක්වා තිබෙන්නේ ගෝලීය මධ්‍යන්‍ය උෂ්ණත්වය තවත් 1.10 සිට 6.40 දක්වා 21 වන ශතවර්ෂය තුළදී වැඩි වනු ඇති බවයි. එම අගය පරාසයන් විවිධ ගෝලීය හරිතාගාර වායු විමෝචනය පිළිබඳ ගුරුපොත් හා විවිධ දේශ ගුණික සංවේදීතාවයන් ඇති ආකෘතික භාවිතයෙන් ලද ප්‍රතිඵලයක් වශයෙන් අධ්‍යයනයන් අතරින් බහුතරයක් 2100 දක්වා කාල පරාසවලට නාභිගත වී ඇත. නමුත් උණුසුම් වීම සහ මුහුදු මට්ටමේ වැඩිවීම‍ තවත් වසර දහසකට වැඩි කාලයක් හරිතාගාර වායු මට්ටම් ස්ථායීකරණය වුවද වැඩිවනු ඇති බවට අපේක්ෂා කෙරේ. සමතුලිතතාවයට එළඹීමට ප්‍රමාද වන්නේ සාගරයන් තුළ ඇති විශාල තාපධාරිතාවය හේතුවෙනි.

ගෝලීය උෂ්ණත්ව වැඩිවීම මුහුදු මට්ටම් වැඩිකිරීමට හේතු වනු ඇත. එමෙන්ම ආන්තික කාලගුණික තත්ත්වයන්ගේ සහ වර්ෂාපතන රටාවන්ගේ හා ප්‍රමාණයන්ගේ ත්‍රීව්‍රතාවයන් වෙනස් කරනු ඇතැයිද අපේක්ෂා කෙරේ. ගෝලීය උණුසුම්වීමේ වෙනත් ආචරණයන්නම් කෘෂිකාර්මික අස්වැන්නේ වෙනස්වීම් වෙළඳ රටාවල වෙනස්වීම් ගැලැසියර දියවීම් විශේෂ වදවීම් එමෙන්ම රෝග වාහකයන්ගේ පරාසයන් වැඩිවීම් අන්තර්ගත වේ.

පවතින විද්‍යාත්මක අවිනිශ්චිතතාවයන් තුළ අන්තර්ගත වන්නේ අනාගතයේදී අපේක්ෂිත උණුසුම් වීමේ ප්‍රමාණය හා උණුසුම් වීම හා ඒ හා අදාල වෙනස් වීම් ලෝකය පුරා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන්නේ කෙලෙසද යන කරුණුයි. බොහෝ ජාතික රජයන් කියතෝ සන්දානය අත්සන් කොට හා අනුමත කොට ඇත. එය හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම හා සම්බන්ධය. නමුත් මේවන විට දේශපාලනික හා ප්‍රජා විවාදයක් ලෝකය පුරා ඇතිව තිබේ. ඒ අනාගත උණුසුම් වීම සම්බන්ධයෙන් එය අඩු කිරීමට හෝ ආපසු හැරවීමට ක්‍රියා කළ යුතුද එසේ නොමැති නම් අපේක්ෂිත ප්‍රතිඵලවලට අනුවර්තනය විය යුතුද යන්න පිළිබඳවයි.


ප්‍රතිඵල[සංස්කරණය]

2003 වර්ෂයේ ගීෂ්ම සෘතු‍වේදි යුරෝපයේ ඇති වූ අධික උෂ්ණත්වය හේතුවෙන් ප‍්‍රංශය, ඉතාලිය හා ජර්මනියේ 35000ක් පමණ මිය ගිය අතර, විශාල පිරිසක් සමේ රෝග වලට ගොදුරු වූහ. වසර 60කට පසු බ්‍රිතාන්‍යයේ දහස් ගණන් ජනයා අසීරුවට පත් කරමින් 2007 ජූලි මස මහා ජල ගැලීම් සිදු වූ අතර එය ගෝලීය උණුසුම හේතු කොට ගෙන සිදු වූ බව බ්‍රිතාන්‍ය අගමැති ගෝල්ඩන් බ්‍රවුන් ප්‍රකාශ කර ඇත. (ලංකාදීප 2007 ජූලි 25). හංගේරියාවේ 2007 ජූලි මස අධික උෂ්ණත්‍වයෙන් මිය ගිය ප්‍රමාණය 600ද ඉක්මවන ලදී(ලංකාදීප 2007 ජූලි 25). ඉන්දියාවෙන්ද වරින් වර අධික උෂ්ණත්‍වය නිසා සිදුවන මරණ ගැන වාර්ථා වී ඇති අතර 2003දී ප්‍රංශයේ 1080 ක් මිය ගියේය. 2007 මැයි මස උණුසුම නිසා බංගලාදේශයේ 12 දෙනෙක් ද ඉන්දියාවේ 30 දෙනෙකුද මිය ගිය බව වාර්ථා විය. 2003 වසරේ ඇති වූ උණුසුමට සමාන ගිම්හාන උණුසුමක් මීට පෙර ඇති වූයේ වසර දාහකට දෙවරකි. නමුත් ඉදිරියේදි මෙම සම්භාවිතාව වසර විස්සකට දෙවරක් ලෙස වෙනස් වී ඇති අතර 2050-60 වන විට මෙම උණුසුම සාමාන්‍ය තත්‍වයක් දක්වා වර්ධනය වීමට ඉඩ කඩ ඇත.

දැඩි තාපය නිසා 1995 දී ඇමරිකාවේ චිකාගෝහිදී මිය ගිය ගණන සියයකි. මීට අමතරව හරිකේන්, කැත්රිනා වැනි කුණාටු සහ වැසි නිසා ඇමරිකාවේ විශාල ප්‍රමාණයකට ජීවිත අහිමි විය. ඊට අමතරව පෘථිවි උණුසුම වැඩි වීම නිසා මදුරුවන් උසින් වැඩි බිම් ප්‍රදේශ වලට පවා සංක්‍රමණය වන අතර එමගින් මැලේරියාව සහ ‍ඩෙංගු රෝගය වැළදීම සීඝ්‍රයෙන් වර්ධනය වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන පරිදි 2000 වර්ෂයේදී මැලේරියාව සහ ‍ඩෙංගු වඩාත් ව්‍යාප්ත වීම නිසා මිය ගිය සංඛ්‍යාව එක් ලක්‍ෂ පණස් දහසකි. ගෝලීය උෂ්ණත්‍වය හේතුවෙන් උස් බිම් පවා මදුරු ආක්‍රමණයට ගොදුරු වී ලෝකයේ 2/5 ක භූමි ප්‍රමාණයක වෙසෙන මිලියන 50ක් ‍ඩෙංගු උණ රෝගයට ගොදුරු වීමට ඉඩ තිබේ. මෙලෙස කලාපයෙන් කලාපයට පැතිර යන ඩෙංගු වෛරසය නිසා 2005දී උතුරු ඇමරිකාවේ 580 දෙනකු පමණ මිය ගොස් ඇත.(2006 වසරේදි ලංකාවේ ඩෙංගු රෝගීන් ගණන 11668 කි) ඊට අමතරව වෛද්‍ය විශේෂඥයින් අනුමාන කරන පරිදි මේ සියවස තුළ කාළගුණික වෙනස් වීම් නිසා සමේ සහ ස්‍වසන රෝග වැළදීමත් මෙතෙක් වැළදී නැති රෝග තත්‍වයන් ඇති වීමටත් නියිමිතය. හරිතාගාර වායුව සහ වෙනත් වායු දූෂණ නිසා දරුණු රෝගී තත්‍වයන් හෝ මරණීය වූ හෘද රෝග මෙන්ම මොළයේ රෝගද, පෙනහළු පිළිකා සහ ළදරු මරණ බහුල වන අතර දැනටමත් ඇමරිකාව තුළ මේ තත්‍වයන් දක්නට ලැබේ. පැතිර යමින් පවතින අධික උෂ්ණත්‍වය නිසා, වෙනත් පෙනහළු රෝගද වැළදීමේ සහ උග්‍ර වීමේ ලක්‍ෂණ ‍බොහෝ රටවල් වල දක්නට ලැබේ. ඊට අමතරව වාතයේ කාබන්ඩයොක්සයිඩ් වැඩි වීම මරණීය රෝග සහිත නිෂ්පාදන වලට හිතකර වන අතර එමගින් විවිධ අසාත්මිකතාවන්ද ඇති වේ. ඕසෝන් ස්ථරය ක්‍ෂය වීම නිසා වායු ගෝලයේ ඉහළ ස්ථරයේ උෂ්ණත්‍වයේ වැඩි වීම් ප්‍රථිඵලයක් ලෙස වායු ගෝලයේ පහළ ස්ථරයද උණුසුම් වේ. මේ නිසා හිරු විසින් මුදා හරින අයහපත් අධෝරක්ත විකිරණ වැළැක්වීමේ හැකියාව අඩුවීම මිනිස් සිරුර වෙත අයහපත් ලෙස බලපායි. මෙමගින් ඇස් වලට හානි වීම, සම කළු වීම, සමේ පිළිකා ඇති වීම සිදු වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති පරිදි ගෝලීය උණුසුම වැඩි වීම නිසා ඇතිවන අතුරු ආබාධ හේතුවෙන් වසරකට 160000ක් මිය යන අතර 2020දී මෙම ප්‍රමාණය දෙගුණ වීමට නියමිතයි.

වායුව උණුසුම් වීම නිසා ලොව පුරා සුළි සුළං හේතුවෙන් 1985 දී 4361ක් මිය ගිය අතර 1991 දී 138568ක් මිය ගියහ. වසරකට මිලි මීටර 9කින් බංගලාදේශයේ භූමිය මුහුදට යට වන අතර ඉතා පහත් මුහුදු මට්ටමක පිහිටි බංගලාදේශය බෙංගාන බොක්කේ නිතර ඇති වන කැළඹිලි ස්‍වාභාවය නිසා ගංවතුර මෙන්ම සුළි සුළං විපත් වලට ද මුහුණ පාමින් සිටී.

සත්‍ව සංහතියේ අනාගතය [සංස්කරණය]

හිම වලසා
ෙපන්ගුයින්

2004 වර්ෂයේදී ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ ආ‍ච‍ාර්ය ක්‍රිස් තෝමස් විසින් ගෝලීය උණුසුම සහ වන ජීවීන් පිළිබඳව කරන ලද පර්යේෂණයකින් පසු 'Nature' නැමති සඟරාවට ලිපියක් ලියමින් මෙසේ පවසා ඇත.

"වර්තමානයේ සිට 2050 දක්වා පවතින තත්‍වයන් වෙනස් නොවුනහොත් පවත්නා සත්‍ව ශාක සංයුතියෙන් 37%ක් මෙලොවින් වඳ වී යනු ඇත"

ගෝලීය උණුසුම මිනිසාට පමණක් නොව සත්‍ව සංහතියටද බලපාමින් තිබේ.

  • ලෝක ඉතිහාසය පරිණාමයේදී වරින් වර ඇති වූ උල්කාපාත වැටීම
  • ආහාර ප්‍රමාණයන් මඳ වීම
  • වෙනත් පාරිසරික විපර්යාස

නිසා ලොව සිටි විශාල උරගයින් සහ සිවුපාවන්ද වඳ වී ගිටහ. වර්තමානයේදී එවැනිම තත්‍වයක් ඇති වෙමින් තිබේ.

1980දී මහා බ්‍රිතාන්‍යයේ කුරුළු වර්ග 12ක් දකුණු දෙස සිට උතුරට සංක්‍රමණය වූ අතර 1990 වන විට ඔවුන් පදිංඤි වී සිටි පෙදෙස මුලින් සිටි කලාපයට වඩා සැතපුම් 12 ක උසකින් වැඩි බව හෙළි විය. 1999 දී කැනඩාවේ ආක්ටික් ප්‍රදේශයට ඊට පෙර එම කලාපයේ නොසිටි කුරුළුවර්ග සංක්‍රමණය වී පැල පදියම් වූහ. මේ පිළිබඳව පර්යේෂණයක් කල විද්වතුන්ට අනාවරණය වූයේ මෞ නිජබිම වෙනස් වීම ගෝලීය උණුසුම් වීමේ ප්‍රථිඵලයක් බවය. කුරුල්ලන්ට අමතරව ලෙඩ රෝග ඇති කරන මදුරුවන් ඇතුළු වෙනත් කෘමීන්ද මෙලෙස වබා උස් බිම් වලට ව්‍යාප්ත වන බව පෙනෙන්නට ඇත.

මීට අමතරව ආක්ටික් පෙදෙසේ වෙසෙන ද්‍රැව වලසා හෙවත් හිම වලසාද ඍතු වල බරපතල වෙනස් කම් නිසා සහ උෂ්ණ ඍතුව දීර්ඝ වීම නිසා ප්‍රජනන ක්‍රියාවලියේදී යම් පසු බෑමකට ලක් වී ඇත.එමෙන්ම සීල් මතස්‍යයා සහ පෙන්ගුයින් වැනි සතුන්ගේ ජීවන චක්‍රයද විශම වී ඇති බව සොයා ගෙන ඇත. සමස්තයක් ලෙස අවම උෂ්ණත්‍වයන් මත යැපෙන හිම වලසා සහ පෙන්ගුයින් වැනි සත්‍ව විශේෂ 100 සිට 200 ක් අතර ප්‍රමාණයක් තර්ජනයට මුහුණ දී තිබේ. මීට අමතරව කුරුළු වර්ගයන්ගේ ප්‍රජනන ක්‍රියාවලියද වෙනස් වී ඇත. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍යයේ පක්‍ෂ විශේෂ 67 ක පළමු බිත්තරය දැමීම දින 9 කට කලින් සිදුවීම දැක්විය හැක. කාලගුණ විපර්යාසය නිසා සත්‍වයින්ට වන හානිය ගැන දකුණු කලාපීය රටවල්හි පර්යේෂණ පැවතෙන්නේ නැති තරම් බැවින් එම කලාපයේ සත්‍ව විෂේශයන්ට ගෝලීය උණුසුමේ ප්‍රථිඵල කෙසේ බලපානු ඇත්දැයි සොයා ගැනීමට නොහැක.

ලෝක ගෝලයේ මිනිස් ජනාවාස වලින් තොර ප්‍රදේශ ලෙස හඳුන්වන උත්තර ධ්‍රැවයට ආසන්න ඇලස්කාව වැනි ප්‍රදේශ වල සුළු වශයෙන් ඇස්කිමෝවරු වාසය කරති. පෘථිවියේ මෙම ධ්‍රැව ප්‍රදේශ ද, තුන්ද්‍රා, සැවනා සහ ඇමසන් වැනි වනාන්තර සහ කාන්තාර වලටද බලපාන උණුසුම පෘථිවියේ කාලගුණික සමතුලිත බවට හානි ගෙන දෙමින් දේශගුණික විපර්යාසයන්ට බඳුන් වෙමින් තිබේ. අයිස් තට්ටු දියවීම සහ හිමාංකයට අඩුව පැවති උෂ්ණත්‍වය වැඩි වීම මධ්‍යම ඇසියාවටද බලපාමින් ඇත. මෙම කලාපයේ හිමාලය කඳු සහ ටිබට් ප්ලාතා කඳු වැටි ආශ්‍රිතව ද්‍රැව ප්‍රදේශ වලින් බැහැර වූ විශාලතම ග්ලැසියර් ලක්‍ෂයක් පමණ ඇතැයි ලණනය කර ඇත. නමුත් 70 දශකයේදී මෙම කඳු වැටි වල නේපාල කොටසේ උෂ්ණත්‍වය සෙල්සියස් අංශක 1කින් ඉහළ යාම නිසා සමස්තයක් ලෙස හිමාලය කඳු වැටියේ හිම සහ අයිස් තට්ටු 30%කින් අඩු විය.

සමස්තයක් ලෙස ගත් විට කාලගුණික දේශගුණික විපර්යාස ඇතිවීමට ‍මුළු ජෛව සහ අජෛව පද්ධතියටම බලපායි.

ගෝලීය උණුසුම් වීම - ස්වභාවය හා බලාපොරොත්තු වන ප්‍රතිඵල[සංස්කරණය]

Globwarm ttl.jpg

1800 මුල් භාගයේ දී සිට හිම ගංගා ආපස්සට ගිය බව විරල සටහන්වල ‍පෙන්නුම් කරයි. WGMS හා NSIDC වලට වාර්තා කිරීම සඳහා 1950 දී මහා ප්‍රමාණයෙන් හිම ගංගා මැනීම‍ සොයා බැලීම පටන් ගන්නා ලදි. හිම ගංගා ආපසු හැරීම, ආක්ටික් හැකිලීම හා මුහුදු ජල මට්ටම ඉහළයාම ගෝලීය උණුසුම නිසා ඇතිවූ ප්‍රතිවිපාකය. අනෙක් ප්‍රතිඑල වනුයේ කෘෂි අස්වැන්න අඩුවීම, ග්‍රිෂ්ම සෘතුවේ ඇලමාර්‍ග අඩුවීම, ජිවීන් අභාවයට යෑම, රෝග කාර්කයන්ගේ ප්‍රමාණ වැඩිවීම, ස්වාභාවික පරිසරයට සහ මිනිස් ජිවිතවලට බලපෑම් ඇතිවීම ආදියට ගෝලීය උණුසුම බලපා තිබේ.


2001 ‍IPCC වාර්තාවෙන් යෝජනා කර ඇත්තේ ලෝසන් අයිස් පර වැනි අයිස් පර කැඩී යෑම, මුහුදු මට්ටම ඉහළ යෑම, වර්ෂාපතන විලාසය වෙනස්වීම, උග්‍ර කාලගුණ තත්ත්වයන් වේගයෙන් වැඩිවීමට ගෝලීය උණුසුමට හේතු වී ඇති බවය. සම්පූර්ර්‍ණ විලාසයන් වේගවත්වීම හා නිතර සිදුවීම් නිසා වෙනස්වීම් බලාපොරොත්තු වන අතර ගෝලීය උණුසුම ගැන නියත හේතුන් දැක්විය නොහැක. අනෙක් සිදුවීම් ඇතුලත් වනුයේ සමහර ප්‍රදේශවල ජල හිඟය හා අනෙක් ස්ථානවල ජලය උරාගැනීම වැඩිවීම, පාවෙන හිම කඳු වෙනස්වීම හා සෞඛ්‍ය කෙරෙහි පීඩාකාරී අයුරින් බලපාන උණුසුම හා උෂ්ණත්වය වේ.


ගෝලීය උණුසුම් වැඩිවීම නිසා මරණ වැඩිවීම්, අවතැන්වීම්, ආර්ථික පාඩු, ආදිය සිදුවේ. සමශිකෝෂින ප්‍රදේශවල ජනගහනය වැඩිකිරීමෙන් සීතල‍ට මුහුන දීමට හැකි නිසා මරණ අඩුවීම වැනි යම් වාසි පෙන්නුම් කරන බව පවසන්නේ II වැනි ක්‍රියාකාරි කණ්ඩායම් මඟින් නිකුත් කරන ලද IPCC 3 වැනි තක්සේරු වාර්තාවෙන් විය හැක. අළුත් IPCC 4 වැනි තක්සේරු වාර්තාවේ සාරංශ වාර්තාව අනුව මුහුද මත්තේ උෂ්ණත්වය වැඩිවීමේ පරස්පරය පිළිබඳ 1970 සිට උතුරු අත්ලාන්තික් සාගරයේ උෂ්ණ කලාපීය සුළි සුලං ක්‍රියාකාරකම්වලි වැඩි වීමක් පිළිබඳ නිරීක්ෂණ සාක්ෂි ඇති බව වාර්තා වේ. නමුත් සාමාන්‍ය සැටලයිට් නිරීක්ෂණ වලට කලින් තිබූ වාර්තාවල තත්ත්වය නිසා දීර්ඝ කාලීන මං සොයා ගැනීම පටලැවිලි සහගතව ඇත. වාර්ෂිකව ලොව පුරා ඇති වාර්ෂික උෂ්ණ කලාපීය සුළි සුලං ගැන පැහැදිලි ගණනක් නැත. බලාපොරොත්තු වන අතිරේක ප්‍රතිඵල ඇතුලත් වනුයේ මුහුදු මට්ටම ඉහළ යෑම මි.මි. 110 සිට 770 (0.3011 – 2.51) 1990 හා 2100 කාලය අතරය. මෙයින් කෘෂිකර්මාන්තයට විපාක ඇතිවන අතරම තර්බෝහෙලයින් ධාවනය ප්‍රමාද කිරීමේ හැකියාව, ඕසෝන් තට්ටුවේ අඩුවීම, හරීකේන්ස්වල වේගය වැඩිවීම හා උග්‍ර දේශගුණික සිදුවීම්, සාගර PH පහත බැසීම, මැලේරියා හා ඩෙංගු උණ වැනි ලෙඩ පැතිරීමද සිදුවේ. එක් අධ්‍යයනයක් කරන්නෙක් කලින් පවසා ඇත්තේ 2050 වර්ෂය වනවිට සත්තු හා පැළෑටි වර්ග 1103 ක සාම්පල් වලින් 18% සිට 35% දක්වා නැති වී යන බවය. මෙය කර ඇත්තේ අනාගත කාලගුණය සකස් කිරීමෙනි. කෙසේ වුවද කාර්මික අධ්‍යයනයන් කීපයක් ලියා ඇත්තේ අභාවයට යෑම් සිදුව ඇත්තේ මෑත දී වූ දේශගුණක වෙනස් වීම් නිසා බවයි. තවද එක් අධ්‍යයනයකු යෝජනා කරන්නේ අභාවයට යනවායයි අනුමාන කරන ගණන අනිස්ථිර බවය.


ගෝලීය උණුසුම ඉහළ යාම සදහා සූර්යයාගේ බලපෑම[සංස්කරණය]

පසුගිය අවුරුදු 30 ඇතුලත සූර්ය චලනය

ගෝලීය උණුසුම ඉහළ යාම සදහා සූර්යයාගේ බලපෑම පිළිබඳව ඇත්තේ අඩු තක්සේරුවක් බව ඇතැම් විද්‍යාඥයෝ පවසති. ඔවුන් විශ්වවිද්‍යාල‍ පරීෂකයන් දෙදෙනෙක් වන බෲස් වෙස්ට් හා නිකොලේ ස්කාෆෙල්ෆා තක්සේරු කර ඇති අන්දමට 19000-2000 කාලය තුළ ගෝලීය පෘෂ්ඨයේ උණුසම ඉහළයාම සඳහා සූර්යාගේ දායකත්වය 45-50% පමණ වේ. 1980-2000 දක්වා කාලයේදී එම ප්‍රමාණය 25-35% පමණ වේ. Peter scotte ඇතුළු පර්යේෂකයන් පිරිසක් පෙන්වා දුන් පරිදි දේශගුණික ආකෘති මගින් සූර්ය බලයට සාපේකෂව හරිතාගාර වායුන්ගේ බලපෑම අධි තක්සේරුවකට ලක් කර තිබේ. එසේම ගිනිකඳු,දූවිලි හා ගෙන්දගම් ‍වායුන්ගෙන් ඇතිවන සිසිලනය එමඟින් අඩු තක්සේරුවකට ලක් කර ඇත. එම පර්යේෂකයන්ගේ නිගමනයන්ට අනුව මෙම ආකෘතිය වැඩි දියුණු කළ පසු 20 වන ශතවර්ෂය මැද සිට උෂ්ණත්වය ඉහළ යාම කෙරෙහි වැඩි බලපෑමක් ඇති කර ඇත්තේ හරිතාගාර වායු බව පෙනිණි.


වලා බීජායන හරහා ගැලටික් කොස්මික් කිරණ මගින් සූර්ය තාපය ඉහළ නැංවීම මෑත භාගයේදී උෂ්ණත්වය වැඩි වීමට හේතු වී බවටද අදහසකි. ඒ අනුව සූර්යායගේ චුම්භක ශක්තිය කොස්ටයික කිරණ නැමීමට බලවත් ලෙස බලපාන අතර එමගින් වලාකුළු වල ඝනීකරන න්‍යෂ්ටි වලට බලපෑම් ඇතිවිමටත්,දේශගුණික බලෑපම සූර්යයාගේ බලපෑම වැඩිවිමෙන් සිදුවෙතැයි අපේක්ෂා කරන්නක් වන්නේ අපවර්තී ගෝල‍යේ බොහෝ ප්‍රමාණයක උෂ්ණත්වය වැඩිවීමය. නමුත් හරිතාගාරයේ වායු වාදයෙන් අපේක්ෂා කරන්නේ එහි සිසිල් වීමකි අපවර්තීගෝලයේ ඕසෝන් ප්‍රමාණය අඩුවීමද සිසිල් වීම සඳහා බලපාන නමුත් සැලකිය යුතු ලෙස ඕසොන් ප්‍රමාණය අඩුවීම ආරම්භ වුයේ 1970 දශකයේ අග භාගයේ සිටය. සූර්ය විචලනය සහ ගිනිකදු ක්‍රියාකාරිත්වයේ වෙනස සම්බන්ධ වීමෙන් කාර්මික යුගයට පෙර සිට 1950 දක්වා කාලය තුළ උෂ්ණත්වය ඉහළ යාමට බලපෑ අතර,ඉන්පසු සිසිල් වීමක් සිදුවී ඇත. Peter foukd ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය හා ස්විට්සර්ලන්තය වන රටවල පරීක්ෂකයන් විසින් හෙලි කරනු ලැබුවේ පසුගිය වර්ෂ දහය තුළ සූර්යයාගේ දීප්තියේ වර්ධනයක් දක්නට නොලැබෙන බවයි. සූර්යා චක්‍ර මගින් සූර්ය දීප්තිය පසුගිය වර්ෂ 30 කාලයේදී 0.07% ක් වැනි සුළු ප්‍රමාණයකින් වර්ධනය වී ඇති නමුත් මෙය ගෝලීය උණුසුම ඉහළ නැංවීමට තරම් සැලකිය යුතු බලපෑමක් ඇති නොකරයි. Mike Lockwood හා Clous froinlch ‍ගේ පරික්ෂණ මගින් 1985 සිට කාලය තුළ ගෝලීය උණුසුම හා සූර්ය විචලනය හෝ කොස්මික් කිරණ විචලනය අතර සම්බන්ධතාවයක් නැති බව හෙළිකෙරිනි. නමුත් henrick Svensumark හා Eigil Frils - Chmnsteensen මෙම තර්කය බැහැර කරන ලදී. 2007 දී සිදු කල පරික්ෂණයකින් පෘථිවියට පැමිණෙන කොස්ටික් කිරණ හා උෂ්ණත්වය අතර සැලකිය යුතු සම්බන්ධයක් නැති බවට අනාවරණය විය.


පෘථිවිය උණුසුම් වීම අඩු කර ගැනීම[සංස්කරණය]

ගෝලීය උෂ්ණත්වය දිගටම වැඩිවිය හැකි බව දේශගුණික විද්‍යාඥයෝ පවසති. සමහර ජාතීන්, රජයන්, සංස්ථා හා පුද්ගලයින් උනන්දුවක් දක්වන්නේ ගෝලීය උණුසුම් වීම අඩු කිරීමට හෝ ඊට සුදුසු පරිදි හැඩ ගැසීම සඳහා ක්‍රියාත්මක වීම‍ටය. ගෝලීය උණුසුම් වීමට එරෙහිව තනි තනි පුද්ගලයින් වශයෙන් ක්‍රියාත්මක වීමට බොහෝ පරිසරවාදී කණ්ඩායම් අනුබල දෙනු ලබන්නේ බො‍හෝ විට පාරිභෝගිකයා විසින් මෙන්ම මහජන සංවිධාන හා ප්‍රාදේශිය සංවිධාන විසින් ගල්වු ඇටකටු වලින් නිෂ්පාදිත ඉන්ධන හා කාබන්ඩයොක්සයිඩ් පිට කිරීම අතර ඇති සම්බන්ධය සඳහන් කරමිනි. අනෙක් අය යෝජනා කර ඇත්තේ මුළු ලොව පැතිරී ඇති ඇට කටුවලින් නිෂ්පාදිත ඉන්ධන වලින් පංගුවකි.

වැඩි කරන ලද බලශක්ති නිපුනත්වය හා විකල්ප ඉන්ධන පරිභෝජන කිරීම ඇතුළුව දේශගුණික වෙනස්වීම් පිළිබඳව ව්‍යාපාරික ක්‍රියාකාරකම්ද ඇත. එක් වැදගත් නිමැවුමක් වන්නේ ග්‍රින්හවුස් වායු පිටකිරීමේ කර්මාන්ත වැඩිදියුණු කිරීමත්, එමගින් එවැනි සමාගම් රජය හා සම්බන්ධ ඔවුන්ගේ පිටකිරීමට එකඟ වීම හෝ ඔවුන්ගේ දීමනාවලට අඩුවෙන් ණය ගැනීමත් ය. ගෝලීය උණුසුම් වීමට එරෙහිව සටන් කිරීම පිළිබඳව ලෝකයේ මුල්ම ජාත්‍යන්තර ගිවිසුම වනුයේ කියොටෝ ප්‍රොටොකොල්ය. එය 1997 සාකච්ඡා කරන ලද එය UNFCCC එකට වැඩියමක් ඇති සංශෝධනයකි. ගිවිසුමේ මුල් පිටපත දැනට ගෝලීයව රටවල් 160 කට වැඩි සංඛ්‍යාවක් ආවරණය කරයි. ගෝලීය ග්‍රින්හවුස් වායු පිටකිරීම සියයට 55 වැඩිය. එක්සත් රාජධානිය හා කසකස්ථානය එම ගිවිසුම ස්ථිර කර නැත. ඵෙතිහාසිකව ලෝකයේ වැඩිම ග්‍රින්හවුස් වායු පිටකරනු ලබන්නේ එක්සත් රාජධානියයි. මේ ගිවිසුම 2012 දී අවසන් වන අතර දැනට ඇති ගිවිසුම වෙනුවට ඉදිරියේ දී ගිවිසුමක් ඇති කර ගැනීමට 2007 මැයි මාසයේ දී ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡා ආරම්භ කෙරිණි.

චීනයට හා ඉන්දියාව වැනි ප්‍රධාන ජනගහන මධ්‍යස්ථාන ඇතුළුව ලෝකයෙන් 80% ක් ගිවිසුමෙන් නිදහස් කිරීම එක්සත් රාජධානීයේ ආර්ථිකයට තද හානියක් බව සඳහන් කරමින් ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් කියා සිටින්නේ කිටුටෝ ගිවිසුම අසාධාරණ බවත් ‍ගෝලීය දේශගුණය වෙනස් වීම් සම්බන්ධව කතා කිරීම නිෂ්ඵල බවත්ය. දේශගුණය වෙනස් වීමට එරෙහිව සටන් කිරීම හා දියුණු කරන ලද බලශක්ති ශිල්පක්‍රමයක් බුෂ් ඉදිරිපත් කර ඇත . එක්සත් රාජධානිය ඇතුලත රජයන් හා නගර දේශිය පදනමක් මත කියුටෝ ගිවිසුමට ආධාර කිරීමටත්, ගිවිසුමට අනුව ක්‍රියා කිරීමටත්, ඔවුන් මුල් පියවරගෙන ඇති බව සඳහන් වේ. ප්‍රාදේශිය ග්‍රීන් හවුස් ගෑස් පටන් ගැන්ම මෙයට උදාහරණයකි.

චීනය හා ඉන්දියාව සංවර්ධනය වන රටවල් ලෙස ඉන් නිදහස් කල ද, කියුටෝ ගිවිසුම අනුමත කර ඇත. මෑත දී කරන ලද අධ්‍යයනයන් අනුව චීනය ග්‍රින් හවුස් වායුව, වාර්ෂිකව මුළු ග්‍රින් හවුස් වායුවම පිට කිරීමේ දී එක්සත් රාජධානිය පසු කර ඇත. චීන අගමැති ජනයාට කියා ඇත්තේ ගෝලීය උණුසුම හා වායු දූෂණය පිළිබඳව ක්‍රියාත්මක විමේ උත්සාහය දෙගුණ කරන බවය.


මේ අඩවියත් බලන්න[සංස්කරණය]

Further reading[සංස්කරණය]

External links[සංස්කරණය]

Find more information on පෘථිවිය උණුසුම්වීම by searching Wikipedia's sister projects:

Wiktionary-logo-en.png Dictionary definitions from Wiktionary
Wikibooks-logo.svg Textbooks from Wikibooks
Wikiquote-logo.svg Quotations from Wikiquote
Wikisource-logo.png Source texts from Wikisource
Commons-logo.svg Images and media from Commons
Wikinews-logo.png News stories from Wikinews

සැකිල්ල:EnergyPortal

Scientific
Educational
Other

"http://si.wikipedia.org/w/index.php?title=පෘථිවිය_උණුසුම්වීම&oldid=267177" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි