පෘථිවියේ ගුරුත්වය

විකිපීඩියා වෙතින්

g යන්නෙන් අංකනය කෙරෙන, පෘථිවියේ ගුරුත්වය, යන්නෙන් අදහස් වන්නේ එහි පෘෂ්ඨයට සමීපයෙහි පිහිටන වස්තුවක් කෙරෙහි පෘථිවිය විසින් ඇතිකරනු ලබන ත්වරණය වෙයි. SI ඒකක ප්‍රකාර මෙම ත්වරණය මනිනුයේ තත්පරයට තත්පරයට මීටර (සංකේත වලින්, m/s2 හෝ m•s-2) හෝ සමතුල්‍ය ලෙසින් කිලෝග්‍රෑමයට නිවුටන (N/kg හෝ N•kg-1) වලිනි. එහි සන්නිකර්ෂණ අගය 9.81 m/s2 වන අතර, එයින් ගම්‍ය වන්නේ, වාතයේ ප්‍රතිරෝධයේ ආචරණය නොසලකා හැරිය කල, පෘථිවයේ පෘෂ්ඨය අබියස නිදහසේ වැටෙන වස්තුවක වේගය සෑම තත්පරයක් පාසාම තත්පරයට 9.81 මීටර (32.2 අඩි පමණ) පමණකින් වැඩි වන බවයී. මෙම රාශිය සමහරවිට අවිධිමත් ලෙසින් හැඳින්වෙන්නේ කුඩා g (මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින්, ගුරුත්වජ නියතය G හැඳින්වෙන්නේ විශාල G ලෙසිනි) ලෙසිනි.

ගුරුත්වජ ත්වරණය සහ පෘථිවිය මත ඇති වස්තූන් විසින් අත්විඳින යටිකුරු බර බලය අතර සෘජු සම්බන්ධතාවයක් ඇත්තේ, F = ma (බලය = ස්කන්ධය × ත්වරණය) සමීකරණය මගින් දක්වන පරිදීය. කෙසේවෙතත්, පෘථිවියේ භ්‍රමණය වැනි වෙනත් සාධකයන් ද ශුද්ධ ත්වරණය වෙනස් කිරීමට බලපායි.

"https://si.wikipedia.org/w/index.php?title=පෘථිවියේ_ගුරුත්වය&oldid=237335" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි