හිමගෝලය

විකිපීඩියා වෙතින්
හිමගෝලය හා එහි විශාල කොටස් පිළිබඳ සමාලෝචනය, එජා පරිසර වැඩසටහනෙහි අයිස් හා හිම සඳහා ගෝලීය දෘෂ්ටිය වෙතින්.

හිමගෝලය යනු, මුහුදු අයිස්, විල් අයිස්, ගංගා අයිස්, හිම ආවරණය, ග්ලැසියර, අයිස් වැස්මන් සහ අයිස් තලාවන්, සහ මිදුණු භූමිය (නිත්‍යතුහින ද අඩංගු) යන දේ අඩංගු, පාථිවි පෘෂ්ඨයෙහි ඝන ආකාරයෙන් ජලය පවතින ස්ථාන. සඳහා භාවිතා වන නමකි.

ව්‍යුහය[සංස්කරණය]

පෘථිවියෙහි පෘෂ්ඨය මත, මිදුණු ජලය ප්‍රාථමික වශයෙන් දක්නට ලැබෙන්නේ, හිම ආවරණය, විල් සහ ගංගා වල මිරිදිය අයිස්, මුහුදු අයිස්, ග්ලැසියර, අයිස් තලාවන්, සහ මිදුණු භූමිය සහ නිත්‍යතුහින (ස්ථීර ලෙස මිදුණු භූමිය) ලෙසිනි. එවැනි හිමගෝලීය උප-පද්ධතීන්හී, ජලයේ අධිවාස කාලය පුළුල් ලෙසින් විචලනය වෙයි. හිම ආවරණය සහ මිරිදිය අයිස් අනිවාර්යයෙන්ම සෘතුමය වන අතර, මධ්‍යම ආක්ටික් ප්‍රදේශයේ අයිස් හැර, අනෙකුත් බොහෝ මුහුදු අයිස්, සෘතුමය හෝ වසර කිහිපයක හෝ පැවැත්මක් සහිත වෙයි. කෙසේවෙතත්, ග්ලැසියර, අයිස් තලාවන්, හෝ භූමි අයිස් වල, කිසියම් එක් ජල අංශුවක් වසර 10-100,000 ප්‍රමාණයක් හෝ ඊට වැඩි කාල සීමාවක් මිදී පැවතිය හැකි අතර, නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ කොටස් වල ගැඹුරු අයිස් සතුව වසර මිලියන 1 කට කිට්ටු වයසක් තිබිය හැක.

ලෝකයේ අයිස් පරිමාවෙන් බොහෝ ප්‍රමාණයක් ඇන්ටාක්ටිකාවේ සහ, ප්‍රධාන වශයෙන් නැගෙනහිර ඇන්ටාක්ටිකා අයිස් තලාවෙහි පිහිටයි. කෙසේවෙතත්, සත්‍ය වපසරිය අරභයා සැලකූ කළ, උතුරු අර්ධගෝලයෙහි ශිශිර හිම සහ අයිස් වපසරිය විශාලතම භූමි ප්‍රදේශය තුල පැතිර ඇති අතර, ජනවාරි මාසය තුලදී අර්ධගෝලීය පෘෂ්ඨ වර්ග ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් 23% ක ප්‍රමාණයක් දරයි.


මුහුදු අයිස්[සංස්කරණය]

මුහුදු ජලය මීදීමෙන් ඇති වුණු මුහුදු අයිස් ධ්‍රැවීය සාගර වැඩි ප්‍රම‍ාණයක් ආවරණය කරයි. අර්ධ ගෝල දෙකෙහිම මුහුදු අයිස් ආවරණයන්හි සෘතුමය ප්‍රාදේශීය හා අන්තර් වාර්ෂික සැලකිය යුතු මට්ටමේ විචලනයක් 1970 මුල් භාගයේ සිට චන්ද්‍රිකා දත්ත මගින් ආනාව‍රණය කෙරේ. සෘතුමය වශයෙන් දක්ෂිණ අර්ධ ගෝලයේ මුහුදු අයිස් ප්‍රමාණය පෙබරවාරි මාසයේදී වර්ග කිලෝමිටර මිලියන 5 සිට 3 – 4 අවමයක් දක්වා සිට සැත්තැම්බර් මාසයේ වර්ග කිලෝමීටර් මිලියන 17 සිට 20 දක්වාත් උපරිමයක් දක්වාත් විචලනය වේ. සෘතුමය විපර්යාසය උත්තර අර්ධ ගෝලයේදී අවම වන අතර ආක්ටික් සමුද්‍රයේ ඉහළ අක්ෂාංශයන් හා ස්වභාවය මගින් එහිදී ඇතිවන සීමාවීම තරමක් විශාල විටපීය අයිස් ආවරණයක් ඇති කරයි. එමෙන්ම වටවූ භූමිය ශීත සෘතුවේ අයිස්වල සමකය දෙසට ඇති ප්‍රමාණය සීමා කරයි. එබැවින් උත්තර අර්ධ ගෝලයේ සෘතුමය විචලනය සැත්තැම්බර් මාසයේ වර්ග කිලෝමිටර් මිලියන 7 සිට 9 දක්වා අවමය දක්වා මාර්තු මාසයේ වර්ග කිලෝමීටර මිලියන 14 සිට 16 උපරිමයක් දක්වා විචලනය වේ. අර්ධ ගෝලීය විචලනයට වඩා ප්‍රදේශීය පරිමාණයේ අන්තර් වාර්ෂික විචලනය වඩාත් වැඩිපුර අයිස් වැස්ම විසින් දක්වනු ලැබේ. උදාහරණයක් වශයෙන් ජපානයේ හා Okhotsk මුහුදුවල ප්‍රදේශයන්ගේ උපරිම අයිස් ප්‍රමාණය 1983 වර්ග කිලෝමීටර් මිලියන 1.3 සිට 1984 වර්ග කිලෝමිටර් මිලියන 0.85 ක් දක්වා අඩුවිය. එය 35% ක අඩුවීමකි. යලිත් ඊළඟ වර්ෂයේදී වර්ග කිලෝමීටර් මිලියන 1.2 දක්වා එම ප්‍රමාණය වැඩිවිය. ප්‍රාදේශීය උච්චාවචනයන් අර්ධ ගෝල දෙකෙහිදීම වසර කිහිපයක චන්ද්‍රිකා වාර්තා කාලයක් සඳහා සැලකීමේදී ඇතැම් ප්‍රදේශවල අයිස් වැස්මේ අඩුවීමක් පෙන්වන අතර ඇතැම් ප්‍රදේශවල වැඩිවීමක් දක්වයි. අක්‍රීය ශුද්ධ තරංග වාර්තාවලට අනුව විස්තර කෙරෙන සමස්ත නැඹුරුව 1978 සිට 1995 දක්වා පෙන්වන පරිදි දශකයකට 2.7% ක ප්‍රමාණයෙන් ආක්ටික් මුහුදු අයිස් ප්‍රමාණය අඩුවේ. (johanness enetal 1995) චන්දිකා අක්‍රීය ශුද්ධ තරංග දත්ත සමග සිදුවුණු අපරාපරිය වැඩ කටයුතුවල miracles ට අනුව 1978 ඔක්තෝබර් අගභාගයේ සිට 1996 අගභාගය දක්වා දශමයකට 2.9% කින් ආක්ටික් මුහුදු අයිස් ප්‍රමාණය අඩුවී ඇති අතර ඇන්ටාටික් මුහුදු අයිස් ප්‍රමාණය දශකයකට 1.3% කින් වැඩි වී ඇත. (cavalieri et al 1997)

විල් අයිස් සහ ගංගා අයිස්[සංස්කරණය]

සෘතුමය ශීත වීමට ප්‍රතිචාර ලෙස ගංගා හා විල්වල අයිස් ඇති වේ. මීට අන්තර්ගත වන අයිස් දේහවල ප්‍රමාණය බලපැවැත්වීමට ඉතා කුඩා වන අතර එය ප්‍රාදේශීය දේශගුණික ආචරණයන්ට වඩා අඩුවෙන් බලපායි. කෙසේ නමුත් මිදීමේ හා දියවීමේ ක්‍රියාදාමයන් ප්‍රාදේශීය කාලගුණික සාධක හමුවේ විශාල ප්‍රමාණයෙන් ප්‍රතිචාර දක්වයි. එබැවින් අයිස් ඇති වීමේ හා නැතිවීමේ දිනවල සැලකිය යුතු අන්තර් වාර්ෂික විචලනයක් පෙන්වයි. විල් අයිස්වල දිග ශ්‍රේණියක් ප්‍රමුඛ දේශගුණික වාර්තා ලෙස නිරීක්ෂණය කළ හැක. එමෙන්ම මිදීමේ හා දියවීමේ නැඹුරුතාවයන් මතු කිරීමට උචිත ඒකාබද්ධ වීමක් හා දේශගුණික විපර්යාසයන්ගේ සෘතුමය විශේෂිත දර්ශකයක් සපයයි. ගංගා අයිස් තත්ත්වයන්ගේ තොරතුරු දේශගුණික මූලිකයන්හිදී අඩුවෙන් ප්‍රයෝජනවත් වන්නේ අයිස් සෑදීම ගංගාව ගැලීමේ ආදිපත්‍යයට නතු වී ඇති බැවිනි. එය වර්ෂාපතනයේ බලපෑමට ලක්වේ. හිම දියවීම හා දියබස්නාවේ ගලායාම අගල්ඔස්සේ ගලායාම විකිරණය කරන බැවින් මානව අතුරු මුහුණතට විෂය වී ඇත. එසේ නැත්නම් එය භූමි පරිහරණ ව්‍යවහාරයන් වෙත අතිරික්ත මගින් වක්‍රව බලපෑම් කරයි.

විල්වලදී මිදීම විලෙහි තාපධාරිතාවය මත රඳා පවතී. එබැවින් එහි ගැඹුරේ සීඝ්‍රතාවයේ ඕනෑම ඇතුල් ගැලීමක උෂ්ණත්වය හා ජල වායු ශක්ති ස්‍රාවයන්ගේ බලපෑම මත රඳා පවතී. බොහෝ විට විලේ ගැඹුර පිළිබඳ දත්ත ලබාගත නොහැක. කෙසේ නමුත් ඇතැම් ආක්ටික් සාගරයේ පිහිටි නොගැඹුරු විල්වල ශීත සෘතුව අගභාගයේදී වසර රේඩාර් ප්‍රතිරූපයන් මගින් මෙන්ම ගිම්හානයේදී අභ්‍යවකාශචර ප්‍රකාශ ප්‍රතිබිම්භයන්ගෙන් ද යම් ඉඟියක් ලබාගත හැකිය. දිය‍වීමේ කාලය අයිස්වල හිම ගැඹුර මෙන්ම අයිස් ගනකම හා ඇතුළට ගලන නැවුම් ජලය මගින් විකිරණය වේ.

"https://si.wikipedia.org/w/index.php?title=හිමගෝලය&oldid=263759" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි