පරිසර පද්ධති

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
රුසියාවේ Wrangel දූපත් වල ආක්ටික් තුන්ද්‍රාවක්
මෙක්සිකෝවේ කැටවීනා ප්‍රදේශයේ බාජාකැලිෆෝනියා කාන්නාතාරයේ ශාක.
ටැන්සානියාවේ Ngorongoro සන්රක්ෂණ ප්‍ර‍දේශයේ සවානා
ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් හි ඩෙන්ට්‍රි වැසි වනාන්තරය

පර්සර පද්ධතියක් යනු යම්කිසි ප්‍රදේශයක එක්ව ක්‍රියාකාරී වන සියළුම ශාක, සතුන් සහ ක්ෂුද්‍ර ජීවින් (ජීවි සාධක) සහ ඔවුන් ජීවත් වන පරිසරයෙහි ඇති සියළුම භෞතික සාධක (අජීවි සාධක) යි.

අන්තර්ගතය

  1. සමස්ථ විග්‍රහය
    1. උදාහරණ
  2. පරිසර පද්ධති මාතෘකා
    1. වර්ගිකරණය
    2. පරිසර පද්ධති සේවාවන
    3. පරිසර පද්ධති නීනිමය අයිතිවාසිකම්
    4. කෘත්‍ය සහ ජෛව විවිධත්වය
  3. පරිසර පද්ධති අධ්‍යයනය
    1. පරිසර පද්ධති ගතිකය
    2. පරිසර පද්ධති පරිසර විද්‍යාව
    3. පරිසර පද්ධති විද්‍යාව
    4. සහස්‍රකයේ පරිසර පද්ධති ඇගයීම
  4. තවදුරටත් බලන්න.
  5. පරිශීලනය
  6. වැඩිදුර කියවුම
  7. බාහිර සම්බන්ධතා


[සංස්කරණය] සමස්ථ විග්‍රහය

පරිසර පද්ධතිය යන වදන මුල් වරට ඇති කරන ලද්දේ රෝයි ක්ලැප් හැම් විස‍ින් 1930 දීය. ඔහු මෙය සඳහන් කරන ලද්දේ පරිස‍රයෙහි වු භෞතික සහ ජීවි අංග එකිනෙකට ඒකකයක් වශයෙන් ඇති අන්තර් සම්බන්ධතාවයන් පිළිබඳ සලකමිනි. බ්‍රිතාන්‍ය ජාතික පරිසර විද්‍යාඥයකු වන ආතර් ටැන්ස්ලේ විසින් පසුකාලීනව මෙය විග්‍රහ කරන ලද්දේ වප්‍රජාව (ජිවි විශේෂ සමුහයක්) සහ ඔවුන්ගේ ජෛවස්ථානය (එම ජීවින් ජිවත් වන පරිසරය) අතර පවතින අන්තර් සම්බන්ධතාවයක් ලෙසය.

පරිසර පද්ධතිය පිළිබඳව ඇති සංකල්පයට මුලික වී ඇති කරුණ නම් ජීවින් අඛණ්ඩ වශයෙන් එකිනෙකා සමග සම්බන්ධතාවයන් ඇති කරගන්නා අතර ඔවුන් ජීවත් වන බාහිර පරිසරය සමගද එම අවස්ථා වේදීම සම්බන්ධතාව ඇතිකරගනියි යන්නයි. මානව පරිසර පද්ධති යන සංකල්පයට භූමිකාව වී ඇත්තේ මිනිසා සහ ස්වභාව ධර්මය යන ද්විධාකරණය සහ සියළුම ජීවින් පරිසර විද්‍යාත්මකව එකිනෙකා සහ ඔවුන්ගේ ජෛවස්ථාන සමග ඇති කර ගන්නා සම්බන්ධතාවයන් මත පදනම්වය.


පරිසර පද්ධති පිළිබඳව සාකච්ඡා කිරීම විවිධ ආකාර වලින් සිදු කල හැකි අතර ජීවීන් සඳහා ඔවුන්ගේ පරිසරය අතර පවත්නා ඕනෑම සම්බන්ධතාවයක් විග්‍රහ කරනු ලබයි. මෙම පද්ධතියක් නිවසක්හෝ විශ්ව විද්‍යාලයක් වැනි කුඩා ඒකකයක් විය හැකි අතර රටක් හෝ ප්‍රාන්තයක් මෙන් විශාල එකක් විය හැකිය. එවිට මෙය මානව පරිසර පද්ධතියක් ලෙස විග්‍රහ කරනු ලබයි. මෙම මානව පරිසර පද්ධති එකිනෙක හා සම්බන්ධව පුද්ගලිකවම විග්‍රහ කරන බැවින් ඒවා හට ස්වාධීනව පැවතිය නොහැකි අතර ජෛව ගෝලය සැදීම සඳහා සියළුම මානව පරිසර පද්ධති සමග සංකිර්ණ ජාලයක් ලෙසට අන්තර් ක්‍රියා දක්වනු ලබයි. අවසාන වශයෙන් පෘතුවි පෘෂ්ඨය මත ඇති එකදු ස්ථානයක් වත් මිනිසාගේ ස්පර්ශයෙන් මිදි නොමැත. එමනිසා සියළුම පරිසර පද්ධති වඩාත් නිරවද්‍ය ලෙස මානව පරිසර පද්ධති යැයි හැඳින්විය හැකිය.


[සංස්කරණය] මේවාත් බලන්න

"http://si.wikipedia.org/w/index.php?title=පරිසර_පද්ධති&oldid=211280" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්