පැලෑටි

විකිපීඩියා වෙතින්
(Flora වෙතින් යළි-යොමු කරන ලදි)

දිවයිනෙහි ඇති සියළුම පැලෑටි සහ ශාක විශේෂ පිළිබඳව ඇති සරල නිරූපණයක්

උද්භිද විද්‍යාවට‍ අනුව පැලෑටි යන්නට අර්ථ දෙකක් පවතී. පළවෙනි අර්ථ දැක්වීම නම් යම්කිසි ප්‍රදේශයක ඇති පැලෑටි වර්ග හෝ යම්කිසි කාලපරිච්ඡේදයක පවත්නා පැලෑටි වර්ගයි. එමඟින් යම්කිසි ප්‍රදේශයක යම්කිසි කාලසීම‍ාවක් තුළදී පවත්නා සියළුම ශාක ජීවයන් පිළිබඳව විග්‍රහ කෙ‍රේ. විශේෂයෙන්ම ස්වාභාවිකව පවතින හෝ සාම්ප්‍රදායික ශාක පිළිබඳවයි. දෙවන අර්ථ දැක්වීම නම් යම්කිසි ප්‍රදේශයක හෝ කාලසීමාවක පවත්නා ශාක විශේෂ පිළිබඳව ග්‍රන්ථකරණයෙන් හෝ වෙනත් ක්‍රියාකාරකම් මඟින් විග්‍රහ කරනු ලබන ශාක විශේෂයි. එමගින් ඒවා පිළිබඳව හඳුනාගැනීම අදහස් කෙරේ. ඇතැම් සම්ප්‍රදායික සහ නූතන පැලෑටි වර්ග පිලිබදව ලැයිස්තුවක් පහතින් දැක්වේ.

පැලෑටි හෙවත් ඉංග්‍රීසියෙන් ෆ්ලෝරා යන වදන ගොඩ නැගි ඇත්තේ ලතින් භාෂාවෙන් රෝම මිත්‍යා මතයන්ට අනුව මල්වලට අධිපති දේවියගේ නමිනි. මේහා සමානව සත්ත්ව ජීවිතය පිළිබඳව යොදනු ලැබු යෙදුම නම් ‍ෆෝනා (Fauna) යන්නයි. ශාක සහ සත්ත්ව ජීවිතය සහ අනෙකුත් ජීවයෙහි ආකාරයක් වන දිලීර වර්ග එක්ව ගත් කල ඒවාට බයෝටා (Biota) යැයි හැදින්වේ.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Flora

"https://si.wikipedia.org/w/index.php?title=පැලෑටි&oldid=468978" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි