කර්මය
From Wikipedia
|
මනොපුබ්බංගමා ධම්මා-මනොසෙට්ඨා මනොමයා |
කර්මය යන්න පාලි කම්ම යන්නෙන් සිංහලට ලැබුන වචනයකි. මෙහි සරල අර්ථය නම් කිරීම යන්නයි. කර්මය යන්නෙහි වැදගත්ම අංගය වන්නේ යමෙක් කරන දේවල් නැවත ඔහුට ප්‍රතිවිපාක ගෙන දෙන බවට ඇති විශ්වාසයයි. කර්මය යන්න නොයෙක් පෙරදිග දර්ශන වල ඇතුලත් වන සංකල්පයකි. නමුත් මේ එක් එක් දර්ශන වල කර්මය සුලු වෙනස්කම් සහිතව විස්තර වේ. වර්තමානයේ බටහිර නව දර්ශන වලටද මෙම සංකල්පය ඇතුල් වෙමින් පවතී.
[edit] බුදු දහම
බුදු දහමට අනුව කර්මය යනු සචේතනිකව කරනු ලබන ක්‍රියාවකි. චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි [2] තවද බුදු දහමට අනුව කර්මය යනු පංච නියාම ධර්ම[3] වලින් එකකි. [4] බුදුරජානන් වහන්සේ සීවක පරිබ්‍රාජකයාට දේශනා කල පරිදි සියල්ල සිදුවන්නේ කර්මය නිසාම නොවේ.[3]

