ඛුද්දක නිකාය

විකිපීඩියා වෙතින්

ඛුද්දක නිකාය බොහෝ කොටම ශ්‍රාවක භාෂිත අඩංගු කොට සම්පාදනය කර ඇති පශ්චාත් සූත්‍ර ඇතුළත් බෞද්ධ කෘතියකි. සමහර සම්ප්‍රදායන්ගේ පමණක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අතුළත්කොට ඇත. ඒ අතර උදාන, සුත්ත නිපාත, ධම්මපද වැනි මුල්කාලීන සූත්‍ර ද අඩංගු ය.

ශෛලිය[සංස්කරණය]

සියල්ලම පාහේ පද්‍ය ශෛලියෙන් රචිතය.

අයත් ග්‍රන්ථ[සංස්කරණය]

මෙම නිකායට ‍ග්‍රන්ථ 15 ක් අයත් වේ.

1. ඛුද්දක පාඨය - මෙහි කොටස් 9කි.
2. ධම්මපද - මෙය බෞද්ධ සාහිත්‍යයේ ප්‍රසිද්ධම හා ජනප්‍රියම ග්‍රන්ථයයි. ගාථා 423 මෙහි ඇතුලත් වන අතර ඒවා වර්ග 26කට බෙදා ඇත.
3. උදාන පාළි - මෙහි වර්ග 8ක් ඇත.
4. ඉතිවුක්තක
5. සුත්ත නිපාතය - මෙයද බෞද්ධ සාහිත්‍යයේ ප්‍රසිද්ධ ග්‍රන්ථයකි. මෙයට වර්ග 5ක් හා සූත්‍ර 72ක් ඇතුලත්ය. මුලු ග්‍රන්තයම ගාථා ස්වරූපයෙන් දක්වා ඇත.
6. විමානවත්ථු - බෞද්ධ සාහිත්‍යයේ ඇති දිව්‍ය ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙහිය.
7. පේතවත්ථු (පේථ වත්ථු) - අපාය සහ ප්රේත ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙම ග්‍රන්ථයේය.
8. ථේර ගාථා - භික්ෂූන් සිය ජීවිත තොරතුරු ගැන ප්‍රකාශ කරන ලද විස්තර ඉදිරිපත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය. මෙගි ගාථා 1279ක් ඇතුලත් වේ.
9. ථේරී ගාථා- භික්ෂූණීන් සිය ජීවිත තොරතුරු ගැන ප්‍රකාශ කරන ලද විස්තර ඉදිරිපත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය. මෙහි ගාථා 522ක් ඇතුලත් වේ.
10. ජාතක පාළි- මෙහි ඇතුලත්ව ඇත්තේ බුදු රජාණන් වහන්සේගේ පෙර ජන්මයන් වල කථාවන් ය. එහි ජාතක කථා 550 ක් ඇතුලත්ය.
11. නිද්දේසය - මෙහි ප්‍රධාන කොටස් දෙකකි.
        1. මහනිද්දේසය
        2. චූළනිද්දේසය
12. පටිසම්භිදාය (පටිසම්භිදා මග්ග) - මෙහි ප්‍රධාන කොටස් 3කි.
13. අපදානය - මහායානයේ අවදාන නම් ග්‍රන්ථ මේ ගණයේලා ගැනේ. අපදානය කොටස් දෙකකට වෙන් කර ඇත.
        1. ථේරපදානය
        2. ථේරීපදානය
14. බුද්ධවංසය - ගෞතම බුදු රජාණන් වහන්සේ සහ උන්වහන්සේට පෙර උපන් බුදුවරු 24 දෙනා වහන්සේ පිළිබඳ කථා ඇතුලත් ගාථා සඳහන්ව ඇත්තේ මෙහිය.
15. චරියා පිටකය - පාරමිතා පිළිබඳ පැහැදිලි කිරිමට මෙය රචනා කර ඇත. මෙහි ජාතක 35ක් ගාථා වලින් දක්වා ඇත.
"https://si.wikipedia.org/w/index.php?title=ඛුද්දක_නිකාය&oldid=433197" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි