අභිධම්ම පිටකය

විකිපීඩියා වෙතින්

මාතෘ දිව්‍ය රාජයා උදෙසා බුදුන් වහන්සේ කල දේශනය.

එකම සිද්ධාන්තයක් හෝ විෂයයක් පිළිබඳව දිග්-දර්ශණ (Intelligence) ආදී බොහෝ ප්‍රභේද කර දැක්වීම සහ නිර්වාණය දෙසට යොමුවූ ධර්මය ප්‍රතිපාදනය කිරිම නිසා මෙම පිටකය අභිධම්ම ලෙස නම් කරයි.

සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කිරීම සහ සහ ඒවා පිළිබඳ ශාස්ත්‍රීය දෘෂ්ටියකින් යුතුව විවේචනයන් ඉදිරිපත් කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ. අභිධම්ම පිටකයට පරමත්ථ දේසනා‍ යැයි ද කියනු ලැබේ. මෙහි ග්‍රන්ථ 7ක් ඇතුලත් වේ.

1. ධම්මසංගණිප්පකරණය
2. විභංගප්පකරණය
3. කථාවත්ථුප්පකරණය
4. පුද්ගලපඤ්ඤත්තිප්පකරණය
5. ධාතුකථාප්පකරණය
6. යමකප්පකරම්ණය
7. පට්ඨානප්පකරණය

"https://si.wikipedia.org/w/index.php?title=අභිධම්ම_පිටකය&oldid=443783" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි