නිර්වාණය

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

බුද්ධ ධර්මය
පිළිබඳ  ලිපි මාලාවක කොටසකි 

Dharma Wheel.svg
බුද්ධාගම පිළිබඳ ද්වාරය

බුද්ධාගමෙහි ඉතිහාසය

කාලානුරූප සිදුවීම් - බෞද්ධ සංගායනා

ප්‍රමුඛ චරිත

ගෞතම බුදුරජාණන් වහන්සේ
ශ්‍රාවකයෝ · පසුකාලීන බෞද්ධයෝ

ධර්මය හෝසංකල්පයන්

චතුරාර්ය සත්‍යය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
තුන් ලෝ දහම
හේතුඵල වාදය
සංසාරය · නිර්වාණය
පංච ස්කන්ධ · Cosmology
කර්මය · පුනුරුප්පත්තිය

පිළිවෙත් සහ ඵල ප්‍රාප්තිය

බුද්ධත්වය · බෝධිසත්ව
නිර්වාණයට පත් වීමේ මාර්ගඵල සතර
ප්‍රඥාව · භාවනාව · සිල්පද
පාරමිතාවන් · තෙ රුවන්
ශ්‍රමනයන් · ගිහියා

රටවල් සහප්‍රදේශයන්

ගුරුකුල

ථේරවාද · මහායාන
වජ්‍රායාන
අතීත හා නිකාය-භේදයට පෙර

ග්‍රන්ථයන්

පාලි ත්‍රිපිටකය · ටිබෙට් ත්‍රිපිටකය
චීන ත්‍රිපිටකය

ආශ්‍රිත ලැයිස්තුව

සංසන්දනාත්මක අධ්‍යයනයන්
සංස්කෘතික මූලිකාංග

නිර්වාණය (Nirvāṇa) යනු නිවන යන්නට සංස්කෘත බසින් යෙදෙන පදයයි. පාලි බසින් නිබ්බාන යනුවෙන් හඳුන්වයි. සත්වයා භවයෙන් භවයට වියන තණ්හාව නැමැති ගෙතුමෙන් ඉක්මීම නිබ්බාන වේ.

නි + වාන = නිබන = නිබ්බාන
නි = නික්මීම
වාන = තෘෂ්ණාව

පටුන

[සංස්කරණය] හඳින්වීම

නිර්වාණය පිළිබඳ විෂය බෞද්ධ දර්ශනයේ ඉතා වැදගත් තැනක් ගනී. නිර්වාණය පිළිබඳ හීනයානිකයින් සහ මහායානිකයින් අතර වෙනස්කම් පවති. නිර්වාණය පිළිබඳ සහ නිර්වාණය යනු භාව රූපයක් ද නැතහොත් අභාව රූපයක් ද යන්න පිළිබඳ බුදු දහමේ සෑම සම්ප්‍රදායක්ම සෑහෙන තරම් විමසීමක් කර තිබේ.

[සංස්කරණය] ථේරවාද බුද්ධ ධර්මය අනුව නිර්වාණය

හීනයාන සම්ප්‍රදායට අනුව සත්ත්වයා තුන් ආකාර දුක්වලින් පීඩාවිඳියි.

  • දුඃඛ දුඃඛතා - භෞතික සහ මානසික හේතු නිසා උපන් ක්ලේශයන්
  • සංසාර දුඃඛතා - උපත සහ විනාශ ස්වභාවය ඇති ලෝකයේ වස්තූන් නිසා උපන් ක්ලේශයන්
  • විපරිණාම දුඃඛතා - සැපය දුකට පෙරලීම නිසා උපන් ක්ලේශයන්

චතුරායර්‍ය සත්‍යය පිළිබඳ ඥානයෙන් ද,ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරිමෙන් ද හීනයාන සම්ප්‍රදායට අනුව මෙම ක්ලේශයන්ගෙන් සදාකාලිකවම විමුක්තිය ලබාගත හැක. මෙය නිර්වාණය වන අතර නිර්වාණය ක්ලේශාභාව රූපයක් සහ සුඛ රූපයක් ලෙස හීනයානය දක්වා තිබේ.

බොහෝ හීනයාන නිකායන් නිර්වාණය අභාවාත්මක බව පිළිගනියි. මිළින්ද ප්‍රශ්නයේ දී නාගසේන හිමියන් පැහැදිලිවම ප්‍රකාෂ කර ඇත්තේ නිරෝධයට පත්වීම නිර්වාණය බවයි. සත්ත්වයා ඉන්ද්‍රියන් පිනවීමේ සහ විෂයන් උපභෝග කිරිමෙහි ඇලී සිටිම නිසා නිරන්තරයෙන් දුකට පත්වෙයි. එහෙත් ඥානවන්ත ආර්‍ය ශ්‍රාවකයා මේවා සමඟ කිසිවිටෙකත් නොඇලෙයි. එසේම එය සතුටක් ලෙසද නොගනී. එහි ප්‍රතිඵලය නම් ඔහුගේ තණ්හාව නැතිවීමයි. තෘෂ්ණා නිරෝධය (තණ්හාව නැතිවීම) සමග උපාදාන සහ භව නිරෝධය වෙයි. එවිට පුනර්භවයෙන් බැඳුනු සියලු දුක් නවති. මෙසේ තණ්හාධික ක්ලේශයන්ගෙන් නිරෝධයට පත්වීම නිර්වාණයි. නිර්වාණයෙන් පසුව පුද්ගලත්වය සම්පුර්ණයෙන්ම නැතිවී යයි. එයට හේතුව පුද්ගලත්වය තනා රැකීමට කිසිවක් ඉතිරි නොවීමයි.

සංසාරයේ හටගන්නා සියලුම වස්තුන් කර්මය නිසා හෝ හේතුවක් නිසා හෝ සෘතු අනුව හෝ හටගනී. එහෙත් නිර්වාණය මේ කිසිවක් නිසා උපදින්නක් නොවේ. එය හේතු රහිත ත්‍රිකාලාතීත, ඉන්ද්‍රයාතීත, වචනයෙන් විස්තර කළ නොහැකි පදාර්ථයකි. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගැනීමට ක්‍රමයක් ඇතත් එය ඉපදවීමට ක්‍රමයක් නොමැත. එහි උත්පාදක හේතුව දැක්විය නොහැකි අතර උත්පාද රහිත වේ. එයට හේතුව නිර්වාණය නිර්ගුණ වීමයි. එය අතීත, වර්තමාන, අනාගත කාලයන්ට අයත් නොවන අතර ඉන්ද්‍රිය ගෝචර ද නොවේ.

[සංස්කරණය] නිර්වාණය - ථේරවාදයට අනුව

තේරවාදී දෘශ්ටිය අනුව, බුදුන් විසින් යමක් පිළිබඳව ධර්මය දෙශනා කරණ ලද නම් එහි පරම ඉලක්කය නිර්වාණයයි. යම් විටක අවිද්‍යාව සම්පුර්ණයෙන් නැතිකර දමන ලදද එවිට රහතුන් ලබන තත්ත්වය නිර්වාණයයි. නිර්වාණය මේ ලෝකයේදීම ලබාගත යුත්තකි. නිර්වාණය වනාහි මානසික සහ භෞතික ජීවිතයේ පරම නිරෝධය වන අතර එය ලැබීමෙන් පසු පුද්ගලත්වය සියලු අයුරින්ම නැතිවී යයි. නිර්වාණය නම් නිවීයාමයි. පහනක ආලෝකය පවතින්නේ පහන් වැටියත් තෙලුත් පවත්නා තෙක්ය. මේවා විනාශ වී යාමෙන් පහනේ ආලෝකය නැතිවී යයි. මෙලෙස තෘෂ්ණා ආදී ක්ලේශයන් විනාශ වීමෙන් යම් විටක මේ භෞතික ජීවිතයේ පරම ඉලක්කයට පත්වෙයිද එවිට එය නිර්වාණය යයි කියනු ලැබේ. ථේරවාදයට අනුවද නිර්වාණය අභාවාත්මකයි.

[සංස්කරණය] මහායානයට අනුව නිර්වාණය

හීනයානිකයින් විසින් දක්වන නිර්වාණය වාස්තවික වශයෙන් නිර්වාණය ලෙස මහායානිකයන් පිළිනොගන්නා අතර එය හුදෙක් ක්‍ලේශාවරණයේන් පමණක් ක්ෂයවීම ලෙස සලකයි.ඥෙයාවරණයේ පැවැත්ම ඉතිරිව තිබෙන්නේය. මහායානිකයන්ට සර්වඥතාවය (නිර්වාණය) යනු මෙම ‍දෙයාවරණයම දුරු කිරිම වේ.

[සංස්කරණය] නිර්වාණය පිළිබඳ ථේරවාද සහ මහායාන සමානතා

  • මෙය වචනවලින් ප්‍රකාෂ කල නොහැක. මෙය අසංකෘත ධර්මයකි. එනිසා උත්පත්තියක්, විනාශ වීමක්, පරිවර්තනය වීමක් නොමැත.
  • මෙහි අනුභූතිය තමා විසින්ම ලබා ගත යුතුය.
  • මෙය අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයටම අයත් බුදුවරුන් සඳහා එකක් වේ. එසේම සම වේ.
  • මාර්ගය තුලින් නිර්වාණය ලැබිය හැක.
  • නිර්වාණයෙන් පසුව පුද්ගලත්වය සම්පුර්ණයෙන්ම නැතිවී යයි.
  • බුදුන්ගේ ඥානය සහ ලෝකෝත්තර තත්ත්වය රහතුන්ගේ ඥානයට සහ තත්ත්වයට වඩා ඉතාමත් උසස් වේ. නිර්වාණය සඳහා ද එසේම වේ.

[සංස්කරණය] නිර්වාණය පිළිබඳ ථේරවාද සහ මහායාන අසමානතා

ථේරවාදය මහායානය
නිර්වාණය සත්‍ය නිත්‍ය දුක්ඛාභාව සහ පිවිතුරුයි නිර්වාණය දුක්ඛාභාවයක් නොවන අතර සුඛස්වරූපයෙන් යුක්තයි. මාධ්‍යමිකයින් සහ යෝගාචාරින් නිත්‍ය, අනිත්‍ය, සුබ සහ දුක්ඛ පිළිනොගන්නා අතර නිර්වාණය අනිර්වචනීය වෙයි.
නිර්වාණය ලබා ගැනීමේ වස්තුවකි (ප්‍රාප්තම්) නිර්වාණය අප්‍රාප්තයි
නිර්වාණය භික්ෂුන්ගේ ධ්‍යාන සහ ඥානය සඳහා අරමුණු වන්නකි ඥාතා-ඥෙය, විෂයි-විෂය නිර්වාණය සහ භික්ෂුවකගේ කිසම අයුරකින් අන්තරයක් නොවේ.
නිර්වාණය ලෝකෝත්තර තත්ත්වයකි. සත්වයන්ට සියල්ලට වඩා උසස් තත්ත්වය මෙයයි ලෝකෝත්තර තත්ත්වයට වඩා උසස් තත්ත්වයකි. යෝගාචර සහ හීනමාන මත දරන්නන් විමුක්තිකාය (මෝක්ෂය) ලබයි. මහායානිකයෝ ධර්මකාය සහ සර්වඥත්වය (නිර්වාණය) ලබති.
නිර්වාණයේ කොටස් දෙකකි. සොපධි ශේෂ (ප්‍රතිසංඛ්‍යා නිරෝධ) සහ නිරුපධි ශේෂ (අප්‍රතිසංඛ්‍යා නිරෝධ) යෝගාචරයන්ගේ මතයට අනුව නිර්වාණය කොටස් දෙකකින් යුක්තයි. ප්‍රකෘති ශුද්ධ සහ අප්‍රතිෂ්ඨීත
නිර්වාණය සහ සංසාරයේ ධර්ම සමතාව පිළි නොගනී මාධ්‍යමිකයින්ට අනුව නිර්වාණය නිරාකාර පරමාර්ථ භූතයයි. අනෙක් පදාර්ථ හුදෙක් සිතේ විකල්ප මාත්‍රයි. එහෙයින් නිර්වාණයේ සහ සංසාරයේ ධර්ම සමතාවක් වේ.
ලෝකයේ පදාර්ථයන්ගේ සත්තාව පිළිගනී. නිර්වාණය සේම ලෝකය ද සත්‍යයි මාධ්‍යමිකයින්ට සහ යෝගාචාරින්ට අනුව නිර්වාණය අද්වෛතයි. ලෝකයේ ප්‍රපංචයන් මායාවෙන් සහ මිත්‍යාවෙන් යුක්තයි.
දෙවැදැරුම් ආවරණයන් පිළිනොගනී. දෙවැදැරුම් ආවරණයන් පිළිගනී. ඒවා නම් ක්ලේශාවරණය සහ ඥෙයාවරණයයි. මහායානික මතය අනුව ඔවුන්ට මේ ‍ආවරණ දෙකෙන්ම මිදිය හැකි අතර හීනයානිකයින්ට මිදිය හැක්කේ ක්ලේශාවරණයෙන් පමණි.

[සංස්කරණය] ආශ්‍රීත ග්‍රන්ථ

  • මහාචාර්ය බලදේව උපාධ්‍යායගේ බෞද්ධ දර්ශණය - ආචාර්ය හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි
  • ධර්ම සංග්‍රහය - නාරද හිමි

[සංස්කරණය] අඩවි‌යෙන් බැහැර පිටු

used in the Buddha's time

"http://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA" වෙතින් නැවත ලබාගන්නා ලදි