ඩයිනමික්-ලින්ක් ලයිබ්රි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ඩයිනමික් ලින්ක් ලයිබ්රි
DLL Icon
ගොනු නාම විස්තාරය .dll
අන්තර්ජාල මාධ්‍ය වර්ගය application/x-msdownload
සමරූපි වර්ග හඳුන්වනය com.microsoft.windows-dynamic-link-library
අපූර්ව ඉලක්කම MZ
දියුණුකරන ලද්දේ මයික්‍රොසොෆ්ට්
කන්ටේනරය සදහා Shared library

ඩයිනමික් ලින්ක් ලයිබ්රි යනු වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සඳහා නිපදවන මෘදුකාංග (හෝ ඒවායේ කොටස්) වල ගොනු විශේෂයකි. [Dynamic = ගතික] මේවා සාමන්‍යයෙන් .DLL හෝ .OCX දිගුව සහිතගොනු ලෙස පවතී. (Legacy Device සඳහා DRV ලෙස)

පටුන

[සංස්කරණය] අන්තර්ගතය (Format)

.DLL ගොනුවක අන්තර්ගතය සාමන්‍ය වින්ඩෝස් මෘදුකාංග වැඩසටහනක (.EXE) අන්තර්ගතයට සමාන වේ. එකම වෙනසකට ඇත්තේ .DLL ගොනුවක ආරම්භ කරීමේ ප්‍රධාන ආකාරය (entry point/main method) නොමැති වීමයි. මේ හේතුවෙන් .DLL ගොනුවකට සාමාන්‍ය මෘදුකාංග වැඩසටහනක් ලෙස තනිවම (stand alone) ආරම්භ විය නොහැක. මේ හේතුවෙන් .DLL වැඩසටහනක් නිතරම .EXE වැඩසටහනක් යටතේ ගතික වශයෙන් බද්ධ වී ක්‍රියාත්මක වේ.

[සංස්කරණය] වෙනත් මෘදුකාංගයක් තුල අන්තර්ගත කිරීම

තවද එක් පුද්ගලයෙකු හෝ සමාගමක් විසින් නිපදවන ලද මෘදුකාංගයක .DLL ක් තවත් පුද්ගලයෙකුට තමා විසින් නිපදවන වැඩසටහනකට බද්ධ කර එම මුල් මෘදුකාංගයේ ඇති ක්‍රියාකාරීත්වයන් සමහරක් තමාගේ මෘදුකාංගයකට ලබාදිය හැක. උදාහරණයක් වශයෙන් ඔබේ පරිගනකයේ Auto CAD හෝ Corel Draw පිහිටුවා ඇතිනම් ඔබ විසින් සාදන මෘදුකාංගයක් තුල එම ගොනු විවෘතකර බැලියහැකි ලෙස එම මෘදුකාංග කොටස අන්තර්ගත කල හැක. මෙහිදී දෙපාර්ශවයටම වාසියක් අත්වන අතර එම මෘදුකාංග කොටස තුල ඇති ප්‍රභව කේත දෙවන පාර්ශවයට අනාවරණය වීමද වලක්වයි. .DLL ක් තැනීමේදී මෙසේ තවත් මෘදුකාංගයක් තුල අන්තර්ගත කිරීම වැලැවීමටද ක්‍රම ඇත.

[සංස්කරණය] (මෘදුකාංග) යෙදුම් වැඩසටහන්කරු (සඳහා) අතුරුමුහුනත (API)

API යනු මෙසේ ලබාගත් .DLL වැඩසටහන් කොටසක් බද්ධ කරගැනීමේ කේත අතුරුමුහුනතයි. මෙය තමා විසින් ලියනු ලබන කේත කොටසේ අන්තර්ගත කල හැකි කුඩා කේත කොටසකි. මෙහි ඇති method signatures හරහා .DLL තුල ඇති methods ක්‍රියාත්මක කල හැක.

[සංස්කරණය] වෙනස් පරිගනක භාෂා එකට යෙදීම

එක් පරිගනක භාෂාවකින් තනා ඇති .DLL වැඩසටහනක් වෙනත් භාෂාවක වැඩසටහනක් තුල සිට පවා API හරහා භාවිතා කල හැක.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්