මොරටුව විශ්වවිද්‍යාලය
මොරටුව විශ්වවිද්‍යාලය | |
---|---|
University of Moratuwa மொறட்டுவைப் பல்கலைக்கழகம் | |
![]() | |
ආදර්ශ පාඨය | विद्यायेव शर्वधनम (විද්‍යායිව සර්වධනම් සංස්කෘත, "ඥානය ධනය වෙයි"). |
ආදර්ශ පාඨය ඉංග්‍රීසියෙන් | Vidyaiwa Sarwadhanam සංස්කෘත, "Wisdom is all Wealth" |
පිහිටවූයේ | 1972 |
කුලපති | මහාචාර්ය කේ. කේ. වයි. ඩබ්. පෙරේරා |
උප-කුලපති | මහාචාර්ය ඒ. කේ. ඩබ්. ජයවර්ධන [1] |
පරිපාලන කාර්ය මණ්ඩලය | 500 |
උපාධි අපේක්ෂකයන් | 4,000 |
පශ්චාත් උපාධි අපේක්ෂකයන් | 500 |
පිහිටීම | කටුබැද්ද, මොරටුව, ශ්‍රී ලංකාව |
පූර්ව නාමයන් | ලංකා විශ්වවිද්‍යාලයෙහි කටුබැද්ද මණ්ඩපය |
අනුබැඳියන් | විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම |
වෙබ් අඩවිය | www.mrt.ac.lk |
ශ්‍රී ලංකාවේ, මොරටුව, කටුබැද්දේ රමණීය බොල්ගොඩ වැවෙහි ඉවුරෙහි පිහිටි මොරටුව විශ්වවිද්‍යාලය (ඉංග්‍රීසි: University of Moratuwa[2] [3]), ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය විශ්වවිද්‍යාල අතුරින් එකකි. උපාධි අපේක්ෂක සහ පශ්චාත් උපාධි අපේක්ෂක අධ්‍යයන කටයුතු වලින් සමන්විත ශාස්ත්‍රීය කටයුතු වලින් පරිබාහිරව විවිධ වූ සාමාජීය හා සංස්කෘතික ක්‍රියාකාරකම්, ශිෂ්‍ය සේවා, සංගම් [4], සහ ක්‍රීඩා සහ විනෝද ක්‍රියාකාරකම්[5] සඳහාද මොරටුව විශ්වවිද්‍යාලය විසින් පහසුකම් සපයනු ලබයි. විශ්වවිද්‍යාල තත්ත්වය ලැබුමට පෙර මෙම ආයතනය ලංකා කාර්මික විද්‍යාලය, කටුබැද්ද ( කටුබැද්ද ටෙක්) ලෙසින් හැඳින්විණි. කෙසේවුවද එහි මුල් අතීතය විමසු කළෙක අප හමුවන්නේ 1960 දී කාර්මිකඥ අධ්‍යාපනය සපයනු වස් පිහිටුවෙනු ප්‍රායෝගික කාර්මික ආයතනය වෙයි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 3 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 2608 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි. [6]
සංවිධානය සහ පරිපාලනය[සංස්කරණය]
ශාස්ත්‍රීය ස්ථිතීන්[සංස්කරණය]
ඉංජිනේරු පීඨය[සංස්කරණය]
මෙහි ඉංජිනේරු පීඨය ශ්‍රී ලංකාව තුල මහත්වූ ඉල්ලුමක් සහිතවූත් සහ උච්චතම අනුස්ථානය ලද්දාවූත් ඉංජිනේරු පීඨය වෙයි. එය මොරටුව විශ්වවිද්‍යාලයෙහි විශාලතම පීඨය වන අතර ශාස්ත්‍රීය අධ්‍යයනාංශ 12 කින්ද 200 කට අධික ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලයකින්ද 3500 කට අධික උපාධි අපේක්ෂක හා පශ්චාත් උපාධි අපේක්ෂක ශිෂ්‍ය සමුදායකින්ද සමන්විත වෙයි. වර්තමානයේදී පීඨය විසින් විෂය ක්ෂේත්‍ර 9 ක් ඔස්සේ ඉංජිනේරු විද්‍යාවේදී උපාධියද, විලාසිතා නිර්මාණ සහ නිපැයුම් සංවර්ධනය පිළිබඳ නිර්මාණවේදී උපාධියද සහ ප්‍රවාහන හා කාර්ය සම්පාදන කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධියද පිරිනමයි. මෙයට අමතරව, පීඨය විසින් විද්‍යානිධි, ඉංජිනේරු විද්‍යානිධි, දර්ශනනිධි, ව්‍යාපාර පරිපාලනනිධි සහ දර්ශනාචාර්යය යන්නන් කරා එළඹෙන පශ්චාත්-උපාධි උපාධීන් බොහෝමයක් පිරිනමයි. [7]
අධ්‍යාපන අංශය[සංස්කරණය]
ඉංජිනේරු පීඨය
ඉංජිනේරු පීඨයෙහි අංශයන්
රසායනික සහ ක්‍රියාවලි අංශය
සිවිල් ඉංජිනේරු අංශය
පරිගණක විද්‍යා හා ඉංජිනේරු අංශය
භූගර්භ ඉංජිනේරුඅංශය
විදුලි ඉංජිනේරු අංශය
විද්‍යුත් හා දුරවිනැවුම් ඉංජිනේරු අංශය
අඃශූගත විඳෝ අඃශය
යාන්ත්‍රික ඉංජිනේරු අංශය
රෙදිපිලි හා එහිි සැකසුම් පිලිබද අඃශය
පුවාහන හා සැලසුම් අඃශය
මිට අමතරව ශිෂයන්ගේ අධන කටයුතු වලට සමිභන්ධව පහත සඳහන් අංශ දෙක කීයාත්මක වේ.
තාක්ශණ කලමණාකරන අඃශය
ගණිත අඃශය
ප්‍රවාහන හා සැලසුමි අංශයේ සිසුන් හදාරන්කේ B.Sc.(Engineering) උපාධි පාධමාලාවක් නොවන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා සැලසුමි වලට ඇති ඉල්ලුම නිසා ඇති සාමානං උපාධි පාඨමාලවකි.
තොරතුරු තාක්ෂණ පීඨය
ශ්‍රී ලංකාවතුල ඉහලම ඉල්ලුමක් ඇති අධයාපනික පාඪමාලාවක් වන අතර ශ්‍රී ලංකාව් අෙපාස(උ/ෙප) විඳඃ විෂය ධාරාවෙව්න් සමතුන් ෙමම පාඪමාලාවට ඇතඃලු කර ගනි. ෙමම පාඪමාලාව තුන් අවුරැඳු වන අතර අවසානෙය් B.Sc.(IT) උපාධියෙන් පිදුම් ලබයි. මෙම පාඨමාලාව හදාරන සිසුන් ශ්‍රී ලංකාවතුල ඉහලම වැටුප් තල සඳහා තෝරාගනු ලබති.
තොරතුරු තාක්ෂණ අශය
පරිගණකගත ගණිත අඃශය
Interdisciplinary Studies
වාස්තු විද්‍යා පීඨය
වාස්තු විද්‍යා අඃශය
ගොඩනැගිලි ආර්එක විඳො අඃශය
නගර නිර්මාන හා සැලසුමි අඃශය
වෛද්‍ය පීඨය
මොරටුව විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨය ශ්‍රී ලංකාවේ පිහිටවූ එකොලස් වන වෛද්‍ය පීඨය වන අතර වෛද්‍ය තාක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු දහ තුනකින් සමන්විත වේ.
තාක්ෂණික ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලය
මොරටුව තාක්ෂණික ආයතනය ශ්‍රී ලංකාවට අවශ්‍ය සහකාර ඉංජිනේරුවරුන් ඛිහිකිරිෙම් අරමුණින් පිහිටවන ලද ආයතනයකි. මෙහි පාඨමාලා සිවිල් ඉඡිෙන්රැ,විඳුලි කටයුතු, විද්‍යුත් හා විදුලි සංදේශ, රෙදිපිලි හා එහිි සැකසුම, රසායනික සහ කියාවලි සහ නාවික අංශ වලින් සමන්විත ය.
ප්‍රධාන කාර්ය මඩුල්ල[සංස්කරණය]
කුලපති:
දේශමාන්‍ය ආචාර්ය රෝලන්ඩ් සිල්වා
උපකුලපති:
මහාචාර්ය. ආනන්ද ජයවර්ධන
BSc Eng (Moratuwa), MSc (Loughborough), PhD (Loughborough)
පීඨාධිපති, වාස්තු විද්‍යාපීඨය:
මහාචාර්ය පී.කේ.එස්.මහානාම
B. A. (Hons) Geog., M. Sc. (TCP ) SL, FITP (SL)
පීඨාධිපති, ඉංජිනේරු විද්‍යා පීඨය:
මහාචාර්ය යූ. ජී. ඒ. පුස්වෑවල.
BSc Eng (Moratuwa), MEng. (AIT), PhD (Manitoba), CEng, MIE(SL)
පීඨාධිපති, තොරතුරු තාක්ෂණ පිඨය:
D. K. ව්තාණගේ මහතා
B.Sc. Eng. (Moratuwa)
පීඨාධිපති, වෛද්‍ය පීඨය:
මහාචාර්ය F.R. ප්‍රනාන්දු මහතා
MBBS, M.S. (Col), FRCS (Edin), FRCS (Eng), FCPS (Pakistan), FASI (India), FCSSL (Sri Lanka), Ph D (Col)
විශ්ව විද්‍යාලයෙන් බිහිවූ කීර්තිමත් පුද්ගලයන්[සංස්කරණය]
ඉන්දිරා සමරසේකර -12 වැනි උපකුළපති,ඇල්බර්ටා විශ්වවිද්‍යාලය,කැනඩාව
මහාචාර්ය ලලිත් ගමගේ,සභාපති,ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය
අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ Prof. A.K.W.Jayawardane
- ↑ [1]
- ↑ [2]
- ↑ සොසයිටීස් ඉන් යුනිවර්සිටි ඔෆ් මොරටුව
- ↑ ස්පෝර්ට්ස් ඇන්ඩ් රික්රියේෂනල් ඇක්ටිවිටීස් ඉන් යුනිවර්සිටි ඔෆ් මොරටුව
- ↑ http://www.lankauniversity-news.com/2015/04/sri-lanka-university-ranking-2015-2016.html ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්ගීකරණය 2015
- ↑ Home page of Faculty of Engineering, University of Moratuwa