Jump to content

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය
இலங்கை வயம்ப பல்கலைக்கழகம்
පිහිටුවන ලද්දේ1991- විශ්වවිද්‍යාල කොලිජීය ලෙස
1996 දී රජරට විශ්වවිද්‍යාලයට අනුබද්ධ වයඹ මන්ඩපය
1999 දී ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ලෙස
වර්ගයරජයේ විශ්වවිද්‍යාලයකි
කුලපතිමහාචාර්ය ටූලි ද සිල්වා
උපකුලපතිජේෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ
ශිෂ්‍යයන්5000
පිහිටීමකුලියාපිටිය සහ මාකඳුර, ශ්‍රී ලංකාව
වර්ණ⁣මැරූන්      රන්     
වෙබ් පිටුවwww.wyb.ac.lk

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ දහතුන්වැනි ජාතික විශ්වවිද්‍යාලය වේ.

ඉතිහාසය

[සංස්කරණය]

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය, 1991 වර්ෂයේදී වයඹ පළාතේ අනුබද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස ගෘහ විද්‍යාව සහ පෝෂණය හා කෘෂිකර්ම විද්‍යාව ලෙස අධ්‍යයන ධාරා දෙකකින් සමන්විතව ආරම්භ කෙරිණ. මෙම අංශයන් කැලණිය විශ්වවිද්‍යාලයට සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව පවත්වාගෙන යන ලදී. පසුව 1996 වසරේදී මෙය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වයඹ මණ්ඩපය ලෙස කෘෂිකර්ම විද්‍යා සහ ව්‍යවහාරික විද්‍යා පීඨ දෙකකින් ස්ථාපිත විය. 1999 ඔක්තෝබර් 01 දා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය ලෙස නම් කරන ලද සම්පූර්ණ ධජ සහිත විශ්ව විද්‍යාලයක් විය. මෙහි පළමු කුලපතිවරයා ලෙස ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව මහතා පත්විය. 1999 අගෝස්තු 07 දින නිකුත් කල අංක 1093/8 දරණ ගැසට් පත්‍රයට අනුව විශ්වවිද්‍යාලයට පීඨ 4ක් සහ අධ්‍යනාංශ 16ක් ඇතුලත් කරන ලදි. ඒ අනුව ව්‍යවහාරික විද්‍යා, ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය, කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ, සහ පශු සම්පත් ධීවර හා පෝෂණ යන පීඨ ආරම්භ විය. 2016 වර්ෂයේදී කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය යටතේ නව අධ්‍යනාංශයක් ජීව පද්ධති තාක්ෂණවේදය (Bio System Technology) ලෙස ස්ථාපනය කරන ලදී. එසේම 2016 දී ව්‍යවහාරික විද්‍යා පීඨය යටතේ ඉංජිනේරු තාක්ෂණය (Engineering Technology) සහ නැනෝ විද්‍යා තාක්ෂණය (Nano Science Technology) නමින් නව අධ්‍යනාංශ දෙකක් එක් කරන ලදී. පසුව 2016 පෙබරවාරි 16 දිනැති රජයේ අතිවිශේෂ ගැසට් නිවේදන අංක 1954/43 සහ අංක 2037/17 (2017 සැප්තැම්බර් 21 දින) ප්‍රකාරව අධ්‍යනාංශ 15කින් සමන්විත වෛද්‍ය පීඨය සහ අධ්‍යනාංශ 4කින් සමන්විත තාක්ෂණ පීඨය ස්ථාපනය කෙරිණ. මේ වන විට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය පීඨ 6කින් සහ අධ්‍යනාංශ 37කින් සමන්විත වේ.[1]

පීඨ සහ අධ්‍යනාංශ

[සංස්කරණය]
  • පරිගණක හා තොරතුරු පද්ධති අධ්‍යනාංශය
  • ඉලෙක්ට්‍රෝනික විද්‍යා අධ්‍යනාංශය
  • කර්මාන්ත කලමනාකරණ අධ්‍යනාංශය
  • ගණිතමය විද්‍යා අධ්‍යනාංශය

කෘෂි හා වැවිලි කලමනාකරණ පීඨය

[සංස්කරණය]
  • කෘෂිව්‍යාපාර කළමනාකරණ අධ්‍යනාංශය
  • ජීව තාක්ෂණ අධ්‍යනාංශය
  • උද්‍යාන විද්‍යා සහ දර්ශනීය භූමි අලංකරණ අධ්‍යනාංශය
  • වැවිලි කළමනාකරණ අධ්‍යනාංශය
  • ජෛව පද්ධති ඉංජිනේරු අධ්‍යනාංශය

පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය

[සංස්කරණය]
  • ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යනාංශය
  • ව්‍යවහාරික පෝෂණ අධ්‍යනාංශය
  • පශු සම්පත් සහ පක්ෂි විද්‍යා අධ්‍යනාංශය
  • ජලජීවී වගා සහ මත්ස්‍ය අධ්‍යනාංශය

ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨය

[සංස්කරණය]
  • ගණකාධිකරණ අධ්‍යනාංශය
  • ව්‍යාපාර කළමනාකරණ අධ්‍යනාංශය
  • බැංකු හා මුල්‍ය අධ්‍යනාංශය
  • රක්ෂණ හා තක්සේරුකරණ අධ්‍යනාංශය
  • ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යනාංශය

තාක්ෂණ පීඨය

[සංස්කරණය]
  • ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යනාංශය
  • විද්‍යුත් තාක්ෂණ අධ්‍යනාංශය
  • යාන්ත්‍රික හා නිෂ්පාදන තාක්ෂණ අධ්‍යනාංශය
  • නැනෝ තාක්ෂණ අධ්‍යනාංශය

වෛද්‍ය පීඨය

[සංස්කරණය]
  • කාය ව්‍යවච්ඡේද අධ්‍යනාංශය
  • භෞතවේද අධ්‍යනාංශය
  • ජෛව රසායනවිද්‍යා අධ්‍යනාංශය
  • ශල්‍යවෛද්‍යවේදී අධ්‍යනාංශය
  • නාරි හා ප්‍රසව අධ්‍යනාංශය
  • ළමා රෝග අධ්‍යනාංශය
  • මනෝ වෛද්‍යවිද්‍යා අධ්‍යනාංශය
  • ප්‍රජා හා පවුල් වෛද්‍යවිද්‍යා අධ්‍යනාංශය
  • වෛද්‍යවිද්‍යා අධ්‍යනාංශය
  • ව්‍යාධවේදී අධ්‍යනාංශය
  • භිෂග්වේදවිද්‍යා අධ්‍යනාංශය
  • ක්ෂුද්‍රජීවවිද්‍යා අධ්‍යනාංශය
  • අධිකරණ වෛද්‍යවිද්‍යා අධ්‍යනාංශය
  • පරපෝෂිතවේදී අධ්‍යනාංශය
  • වෛද්‍ය අධ්‍යාපන අධ්‍යනාංශය

උපාධි පාඨමාලා

[සංස්කරණය]

කෘෂි හා වැවිලි කලමනාකරණ පීඨය

[සංස්කරණය]
  • විද්‍යාවේදී (කෘෂිකර්ම)
  • විද්‍යාවේදී ජෛවපද්ධති තාක්ෂණ
  • විද්‍යාවේදී (සාමාන්‍ය)
  • විද්‍යාවේදී (බද්ධ ප්‍රධාන)
  • විද්‍යාවේදී (විශේෂ) කර්මාන්ත කළමනාකරණ
  • විද්‍යාවේදී (විශේෂ) ව්‍යවහාරික ඉලෙක්ට්‍රොනික
  • විද්‍යාවේදී (විශේෂ) ගණිතය සහ සංඛ්‍යානය
  • විද්‍යාවේදී (විශේෂ) පරිගණක විද්‍යා

ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨය

[සංස්කරණය]
  • විද්‍යාවේදී (විශේෂ) බැංකු හා මූල්‍ය
  • විද්‍යාවේදී (විශේෂ) ව්‍යාපාර කළමනාකරණ
  • විද්‍යාවේදී (විශේෂ) ගණකාධිකරණ හා මූල්‍ය
  • විද්‍යාවේදී (ගෞරව) රක්ෂණ හා තක්සේරුකරණ

පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය

[සංස්කරණය]
  • විද්‍යාවේදී ආහාරවිද්‍යා හා පෝෂණ
  • විද්‍යාවේදී ආහාර නිෂ්පාදන හා තාක්ෂණ කළමනාකරණ

තාක්ෂණ පීඨය

[සංස්කරණය]
  • ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ඉංජිනේරු තාක්ෂණය
  • විද්‍යුත් තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ඉංජිනේරු තාක්ෂණය
  • යාන්ත්‍රික හා නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ඉංජිනේරු තාක්ෂණය
  • නැනෝ තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ඉංජිනේරු තාක්ෂණය

වෛද්‍ය පීඨය

[සංස්කරණය]
  • විද්‍යාවේදී වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය (MBBS)

පශ්චාද් උපාධි පාඨමාලා

[සංස්කරණය]

කෘෂි හා වැවිලි කලමනාකරණ පීඨය

[සංස්කරණය]
  • කෘෂි ව්‍යාපාර හා තාක්ෂණ කළමනාකරණ පශ්චාද් උපාධිය

ව්‍යාපාර අධ්‍යයන හා මුල්‍ය පීඨය

[සංස්කරණය]
  • ව්‍යාපාර කළමනාකරණ පශ්චාද් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව
  • ව්‍යාපාර පරිපාලන පශ්චාද් උපාධිය

බාහිර පාඨමාලා

[සංස්කරණය]

ව්‍යවහාරික විද්‍යා පීඨය

[සංස්කරණය]
  • මෘදුකාංග ඉංජිනේරු ඩිප්ලෝමාව
  • මෘදුකාංග ඉංජිනේරු උසස් ඩිප්ලෝමා පාඨමාලාව

ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨය

[සංස්කරණය]
  • ගිණුම්කරණ තොරතුරු පද්ධති පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව
  • රක්ෂණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව
  • ගිණුම්කරණ තොරතුරු පද්ධති පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
  • බැංකු හා මූල්‍ය අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාව
  • රක්ෂණය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව
  • ව්‍යාපාර කලමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
  • පුද්ගල මුල්‍ය කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
  • ඉංග්‍රිසී ඩිප්ලෝමා පාඨමාලාව

කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය

[සංස්කරණය]
  • විද්‍යාවේදි වැවිලි කළමනාකරණ බාහිර උපාධි පාඨමාලාව
  • ආහාර ව්‍යාපාර හා අලෙවිය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව

පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨය

[සංස්කරණය]
  • විද්‍යාවේදී ආහාර තත්ව කළමනාකරණය පිළිබඳ බාහිර උපාධි පාඨමාලාව
  • සත්ත්ව පාලනය පිළිබඳ සහතිකපත්‍ර/ඩිප්ලෝමා/ උසස් ඩිප්ලෝමා පාඨමාලාව

ශිෂ්‍ය ජීවිතය

[සංස්කරණය]

උපකුලපතිවරයාගේ විෂය පථය යටතේ ඇති පරිගණක ඒකකය සහ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ ඒකකය අධ්‍යක්ෂකවරයෙකු හෝ සම්බන්ධීකාරකවරයෙකු හරහා ක්‍රියාත්මක වන අතර, කුලියාපිටියේ පිහිටි පීඨ දෙකෙහිම උපාධි අපේක්ෂකයින්ට ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ, වාචික සහ ලිඛිත සන්නිවේදන කුසලතා වැඩි දියුණු කිරීම සඳහා සේවා පාඨමාලා පිරිනමයි. .

අධ්‍යයන වර්ෂයක් සති 15 බැගින් වූ අධ්‍යයන වාර දෙකකින් සමන්විත වේ. අධ්‍යයන වැඩසටහන් පදනම් වී ඇත්තේ පාඨමාලා ණය පද්ධතියක් මත වන අතර, එය මොඩියුලරිටි, නම්‍යශීලී බව සහ ණය සමුච්චය කිරීම වැනි ලක්ෂණ අන්තර්ගත වේ. අධ්‍යයන වාරයකට පසු, සති තුනක කාල සීමාවක් තුළ පවත්වනු ලබන අධ්‍යයන වාර අවසාන විභාගවලට පෙර සති දෙකක අධ්‍යයන නිවාඩුවක් ලබා දෙනු ලැබේ. කෙසේ වෙතත්, ප්‍රායෝගික සංරචක විභාග, ව්‍යාපෘති වැඩ, ශාක අභ්‍යන්තර පුහුණු වැඩසටහන් යනාදිය දෙපාර්තමේන්තුව විසින් තීරණය කරනු ලබන අධ්‍යයන වාරයේ අවසාන විභාග කාලයට පෙර පැවැත්විය හැකිය.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "ANNUAL REPORT & ACCOUNTS 2021" (PDF). Sri Lanka Parliment. 2021. p. 7. සම්ප්‍රවේශය 2025-05-09.

මේවාත් බලන්න

[සංස්කරණය]