ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
216px
ආදර්ශ පාඨයවිජ්ජා උප්පතතං සෙට්ඨා
(උපන්නාවූ සියලු දෙය අතරින් විද්‍යාව ශ්‍රේෂ්ඨ වේ)
පිහිටුවන ලද්දේ1959 (විද්‍යෝදය විශ්වවිද්‍යාලය ලෙස)
කුලපතිආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ
උපකුලපතිමහාචාර්ය සම්පත් අමරතුංග
පිහිටීමනුගේගොඩ, ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
අධ්‍යයන මණ්ඩපගංගොඩවිල ප්‍රධාන පරිශ්‍රය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ජාතික විශ්වවිද්‍යාල අතරින් එකකි. එය ලංකාවේ අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට නුදුරින් නුගේගොඩ ගංගොඩවිල පිහිටා ඇත. ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ කුලපති ධූරය හොබවන මෙහි වත්මන් උපකුලපති ධූරය දරන්නේ මහාචාර්ය සම්පත් අමරතුංග වේ. වත්මන් ස්ථීර ආචාර්ය මණ්ඩලය 350ක් පමණ වන මෙහි කළමනාකරණ හා වාණිජ විද්‍යා, ව්‍යවහාරික විද්‍යා, ශාස්ත්‍ර, වෛද්‍ය විද්‍යා හා පශ්චාද් උපාධි අධ්‍යයන යන පීඨ 5 තුළ අභ්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 9000ක් පමණ අධ්‍යාපනය ලබති. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 5 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 3170 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි. [1]

ඉතිහාසය[සංස්කරණය]

සුමංගල පිලිරුව

විද්‍යෝදය සමය[සංස්කරණය]

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණි ම විශ්වවිද්‍යාල අතරින් එකකි. වර්ෂ 1873 දී පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන් විසින් ආරම්භ කරන ලද, එවකට ශ්‍රී ලංකාවේ දේශීය අධ්‍යාපනයේ කේන්‍ද්‍රස්ථානයක් වූ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ වත්මන් විශ්වවිද්‍යාලයේ ආරම්භක අවස්ථාව විය. 1958 දී (1958 අංක 45 දරන විද්‍යෝදය හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පනත, දෙසැම්බර් 15) විශ්වවිද්‍යාලයක තත්ත්වයට උසස් කරන් ලද එම ආයතනය "ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලය" වශයෙන් 1959 පෙබරවාරි 18 දින සිට අධ්‍යයන කටයුතු ඇරඹිණ. 1961දී මාලිගාකන්දේ සිට ගංගොඩවිල වත්මන් පරිශ්‍රයට ගෙන එන ලද එහි පළමු විශ්වවිද්‍යාලයාධිපතිවරයා වූයේ අතිපූජ්‍ය ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය පණ්ඩිත වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමිපාණෝ ය. 1966 අංක 20 දරණ උසස් අධ්‍යාපන පනත සැප්තැම්බර් 14 දින පාර්ලිමේන්තුවේ දී සම්මත වීමත් සමග විශ්වවිද්‍යාලය ජාතික උසස් අධ්‍යාපන සභාවේ පාලනය යටතට ගනු ලැබිණ. ඒ සමගම මුලින් ශිෂ්‍යයන්ට පමණක් විවෘතව තිබූ විශ්වවිද්‍යාලයට ප්‍රථම ශිෂ්‍යාවන් කණ්ඩායම ද බඳවා ගනු ලැබිණි.

තේමා පාඨය[සංස්කරණය]

සුමංගල ගොඩනැගිල්ල

විජ්ජා උප්පත්තං සෙට්ඨා - උපන්නා වූ සියලු දෙය අතරින් විද්‍යාව ශ්‍රේෂ්ඨ වේ.

පීඨ[සංස්කරණය]

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළමනාකරණ හා වාණිජ විද්‍යා, ව්‍යවහාරික විද්‍යා, ශාස්ත්‍ර, වෛද්‍ය විද්‍යා, පශ්චාද් උපාධි අධ්‍යයන, ඉංජිනේරු හා තාක්ෂණ යනුවෙන් පීඨ 7න් සමන්විත වේ.

ව්‍යවහාරික විද්‍යා පීඨය[සංස්කරණය]

1962 දී එවකට පැවති විද්‍යා අධ්‍යයනාංශය අංගසම්පූර්ණ කර ව්‍යවහාරික විද්‍යා පීඨය වශයෙන් උසස් කරන ලදී. වර්තමානයේ මෙය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දී භෞතීය විද්‍යා ධාරාවෙන් තෙවැනි ස්ථානයේ සිටින පීඨය වේ. මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා මෙහි වත්මන් පීඨාධිපතිවරයා වේ.

භෞතික විද්‍යා අධ්‍යයනාංශ ගොඩනැගිල්ල

අධ්‍යයනාංශ 8න් සමන්විත මෙහි මතු දැක්වෙන්නේ එම අධ්‍යයනාංශ සහ ඒවායේ ප්‍රධානීන් ය.

  • උද්භිද විද්‍යා අධ්‍යයනාංශය - ආචාර්ය එන්. සලීම් මහත්මිය
  • ගණිත විද්‍යා අධ්‍යයනාංශය - ආචාර්ය මල්මිණි රණසිංහ මෙනෙවිය
  • රසායන විද්‍යා අධ්‍යයනාංශය - මහාචාර්ය එස්.අයි. සමරසිංහ මහතා
  • භෞතික විද්‍යා අධ්‍යයනාංශය - එම්.ජී.සී. පීරිස් මහතා
  • වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශය - ආචාර්ය හිරාන් අමරසේකර මහතා
  • සත්ත්ව විද්‍යා අධ්‍යයනාංශය - ආචාර්ය බී.ජී.ඩී.එන්.කේ. ද සිල්වා මහතා
  • සංඛ්‍යාන හා පරිගණක විද්‍යා අධ්‍යයනාංශය - පී. ඩයස් මහතා
  • ආහාර විද්‍යා හා තාක්‍ෂණ අධ්‍යයනාංශය - ආචාර්ය ජගත් වන්සපාල

ශාස්ත්‍ර පීඨය[සංස්කරණය]

විශ්වවිද්‍යාලයේ පැරණිම පීඨය ශාස්ත්‍ර පීඨය වේ. මහාචාර්ය ඩී පී එස් චන්ද‍්‍රකුමාර මහතා මෙහි වත්මන් පීඨාධිපතිවරයා වේ. අධ්‍යයනාංශ 14කින් සමන්විත මෙහි මතු දැක්වෙන්නේ එම අධ්‍යයනාංශ සහ ඒවායේ ප්‍රධානීන් ය.

  • අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති අධ්‍ය්‍යනාංශය - අනුරුද්ධිකා බුද්ධදාස මිය
  • ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය - මහාචාර්ය  ගාමිණී වීරසිංහ
  • ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය - මහාචාර්ය  ඇලෙක්සැන්ඩර් කපුකොටුව
  • දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයනාංශය - මහාචාර්ය ඥානදාස පෙරේරා
  • දේශපාලන විද්‍යා අධ්‍ය්‍යනාංශය - පී එල් ටී පුරසිංහ මහතා
  • පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය - මහාචාර්ය  පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි
  • භාෂා හා සංස්කෘතික අධ්‍යයනාංශය - ආචාර්ය ඩබ්ලිව් බී ඒ විතාරණ
  • භූගෝල විද්‍යා අධ්‍යයනාංශය - මහාචාර්ය ආර් එම් කේ රත්නායක
  • සමාජ විද්‍යා අධ්‍යයනාංශය - මයුර තිලකසිරි සමරකෝන් මහතා
  • මානව විද්‍යා අධ්‍යයනාංශය - මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක
  • සමාජ සංඛ්‍යාන අධ්‍යයනාංශය - ඩී පී කේ මානෙල් මිය
  • සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය - මහාචාර්ය රත්නසිරි අරංගල
  • ඉංග්‍රීසි හා වාග් විද්‍යා අධ්‍යයනාංශය - ආචාර්ය චිත්‍රා ජයතිලක මිය
  • ඉංග්‍රීසි භාෂා ඒකකය - ඩී එල් එස් ආනන්ද මහතා

කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය[සංස්කරණය]

කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය

1972 දී එවකට පැවති රාජ්‍ය පරිපාලන හා ව්‍යාපාර පරිපාලන අධ්‍යයනාංශය අංගසම්පූර්ණ කර කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය වශයෙන් උසස් කරන ලදී. ශ්‍රී ලංකාවේ කළමනාකරණ පීඨ අතුරින් ප්‍රධාන ස්ථානය ගන්නා මෙහි ඇතුළත් වීම සඳහා අ.පො.ස (උසස් පෙළ) වාණිජ අංශයෙන් ඉහළ ම ලකුණු ලබා ගන්නා සිසුන්හට අවස්ථාව ලැබේ. ආචාර්ය සම්පත් අමරතුංග මහතා මෙහි වත්මන් පීඨාධිපතිවරයා වේ. අධ්‍යයනාංශ 12න් සමන්විත මෙහි මතු දැක්වෙන්නේ එම අධ්‍යයනාංශ සහ ඒවායේ ප්‍රධානීන් ය.

  • ව්‍යාපාර පරිපාලන විද්‍යා අධ්‍යයනාංශය - පී.ඩී.එච්.ඩී. ගුණතිලක මෙනෙවිය
  • රාජ්‍ය පරිපාලන විද්‍යා අධ්‍යයනාංශය - ආචාර්ය එච්.එම්.ඒ. හේරත් මහතා
  • වාණිජ විද්‍යා අධ්‍යයනාංශය - ආචාර්ය එස්.ඩබ්. හිරන්ත මහතා
  • දේපළ කළමනාකරණ හා තක්සේරුකරණ අධ්‍යයනාංශය - ආර්.ජී. ආරියවංශ මහතා
  • ගණකාධිකරණ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයනාංශය - කේ.බී.එම්. ෆොන්සේකා මහතා
  • අලෙවි කළමනාකරණ අධ්‍යයනාංශය - ආචාර්ය බී.එන්.එ‍ෆ්. වර්ණකුලසූරිය මහතා
  • මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශය - මහාචාර්ය එච්.එච්.ඩී.එන්.පී. ඕපාත මහතා
  • ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය - ආචාර්ය සම්පත් අමරතුං ග මහතා
  • මූල්‍ය අධ්‍යයනාංශය - කේ.එල්.ඩබ්. පෙරේරා මහතා
  • තොරතුරු තාක්‍ෂණ අධ්‍යයනාංශය - ආචාර්ය කේ.එම්.එස්.ඩී. කුලතුංග මහතා
  • තීරණ විද්‍යා අධ්‍යයනාංශය - ඩී.එස්.පී. ජයසූරිය මහතා
  • ව්‍යවසායකත්ව අධ්‍යයනාංශය - එම්.වී.එස්.එස්. උදයංග මහතා

විශේෂ අංශ

  • තොරතුරු තාක්ෂණ සම්පත් මධ්‍යස්ථානය (ITRC)

වෛද්‍ය විද්‍යා පීඨය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ 6 වැනි වෛද්‍ය පීඪය ලෙසින් 1992 දී ආරම්භ විය. වෛද්‍ය පාඨමාලාවට අමතරව මානව ජීව විද්‍යාව, වෛද්‍ය රසායනාගාර, හෙද සහ ඖෂධවේදය යන උපාධි පාඨමාලා ද මෙහි පැවැත්වීම විශේෂත්වයකි. මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා මෙහි වත්මන් පීඨාධිපතිවරයා වේ. අධ්‍යයනාංශ 16න් සමන්විත මෙහි මතු දැක්වෙන්නේ එම අධ්‍යයනාංශ සහ ඒවායේ ප්‍රධානීන් ය.

  • ජෛවරසායන විද්‍යා අධ්‍යයනාංශය - මහාචාර්ය හේමන්ත පීරිස්
  • කායව්‍යච්ඡේද විද්‍යා අධ්‍යයනාංශය - වෛද්‍ය එස්.ජී. යසවර්ධන මහත්මිය
  • භෞතවේද අධ්‍යයනාංශය - වෛද්‍ය පී. හෙට්ටිආරච්චි මහත්මිය
  • ව්‍යාධිවේද අධ්‍යයනාංශය - වෛද්‍ය කමනි සමරසිංහ මහත්මිය
  • ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යයනාංශය - වෛද්‍ය එස්.එස්.එන්. ප්‍රනාන්දු මහත්මිය
  • පරපෝෂිත විද්‍යා අධ්‍යයනාංශය - ආචාර්ය රේණු වික්‍රමසිංහ මහත්මිය
  • භිෂග්වේද අධ්‍යයනාංශය - මහාචාර්ය ගීතා ප්‍රනාන්දු මහත්මිය
  • අධිකරණ වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශය - වෛද්‍ය අයි.එස්. ගුණසේකර මහත්මිය
  • ප්‍රජා වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශය - වෛද්‍ය සී.එස්.ඊ. ගුණවර්ධන මහත්මිය
  • වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශය - වෛද්‍ය එස්.ඩී. ජයරත්න මහතා
  • ශල්‍යවෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශය - මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා
  • ප්‍රසව හා නාරිවේද විද්‍යා අධ්‍යයනාංශය - වෛද්‍ය ආර්.පී. පතිරාජ මහත්මිය
  • ළමා රෝග විද්‍යා අධ්‍යයනාංශය - වෛද්‍ය ඩී.කේ. සමරගේ මහත්මිය
  • මනෝවෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශය - මහාචාර්ය එස්.ටී. කත්‍රිආරච්චි මහත්මිය
  • වෛද්‍ය අධ්‍යාපන හා සෞඛ්‍ය විද්‍යා අධ්‍යයනාංශය - මහාචාර්ය එම්.ටී.එම්. ජිෆ්රි මහතා
  • පවුල් වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශය - මහාචාර්ය එම්.එස්.ඒ. පෙරේරා මහත්මිය

පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය[සංස්කරණය]

1996 දී පිහිටුවන ලද මෙය විශ්වවිද්‍යාලයේ සියලු ද්විතීයික උපාධි (M.Sc, M.A, MBA, Ph.D, D.Phill. . . .. .) මෙම පීඨය මගින් සම්බන්ධීකරණය කරනු ලබයි. වර්තමානයේ මෙහි පීඨාධිපති ධූරය මහාචාර්ය කුමුදු විජේවර්ධන මහත්මිය විසින් හොබවනු ලබයි.

තාක්ෂණ පීඨය[සංස්කරණය]

2016 වසරේ ආරම්භ කළ මෙම පීඨය විශ්වවිද්‍යාලයේ නවතම පීඨයයි. ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමයට එක්වූ නව විෂය ධාරාවක් වන තාක්ෂණවේදය හා සම්බන්ධ උපාධි පාඨමාලා මෙමගින් පවත්වනු ලබන අතර ඉංජිනේරු තාක්ෂණවේදය (BET), ජෛවපද්ධති තාක්ෂණවේදය (BBST) සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය (BICT) යනු පවත්වන්නා වූ එම උපාධි පාඨමාලා වේ. දැනට තාවකාලික ස්ථානයක (616, නුගේගොඩ) ස්ථාපනය කොට ඇති මෙම පීඨය, 2018 වසරේ දී හෝමාගම පිටිපන ප්‍රදේශයේ ඉදිවන තාක්ෂණ නගරයේ ස්ථාපනය වීමට නියමිතයි. මෙහි මතු දැක්වෙන්නේ එම අධ්‍යයනාංශ සහ ඒවායේ ප්‍රධානීන් ය.

  • ‌616, නුගේගොඩ ඉදිකර ඇති තාක්ෂණ පීඨය
    පීඨාධිපති - මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල මහතා
  • ජෛවපද්ධති තාක්ෂණවේදය අධ්‍යනාංශය - ආචාර්ය ඒ.එච්.එල් නිල්මිනි මහත්මිය
  • ඉංජිනේරු තාක්ෂණවේදය අධ්‍යනාංශය - ආචාර්ය රන්දිකා විජේසිංහ මහත්මිය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය අධ්‍යනාංශය - ආචාර්ය නාලක ලංකාසේන මහතා

2009 ස්වර්ණ ජයන්තිය[සංස්කරණය]

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වර්ණ ජයන්තිය 2009 වසරට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් 2009 වසර පුරා සංවත්සර උත්සව මාලාවක් පැවැත්වේ.

බාහිර සබැඳුම්[සංස්කරණය]

  • http://www.lankauniversity-news.com/2015/04/sri-lanka-university-ranking-2015-2016.html ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්ගීකරණය 2015