රජරට රාජධානිය
රජරට රාජධානිය | |
---|---|
ක්‍රි.පූ. 544–ක්‍රි.ව. 1236 | |
දුටුගැමුණු රජතුමා සහ ඉන් පසුව සිටි (සමහර) රජවරු භාවිතාකල කොඩිය[N 1] | |
තුන් සිංහලේ | |
අගනුවර | උපතිස්සනුවර අනුරාධපුර සීගිරිය පොළාන්නරුව |
පොදු භාෂාවන් | සිංහල |
ආගම | සිංහල පැරණි ඇදහිලි > බුද්ධාගම |
රජය | රාජධානිය |
• ක්‍රි.පූ. 543-505 | විජය රජ |
• 1215-1236 | කාලිංග මාඝ රජ |
ඉතිහාසය | |
• ස්ථාපිත කළේ | ක්‍රි.පූ. 544 |
• අහෝසි කළේ | ක්‍රි.ව. 1236 |
වර්ග ප්‍රමාණය | |
65,610 km2 (25,330 sq mi) |
ලක්දිව ප්‍රථම සංවිධානාත්මක රාජධානිය වුයේ රජරට රාජධානියයි. මෙහි අගනගර සෑම විටම රජරට හෙවත් පිහිටි රට පිහිටා තිබිනි. බල ප්‍රදේශය බොහෝ විට රජරට කලාපයට සීමා වූ අතර වරින්වර සීමාව අඩු වැඩිවීම් සිදුවිය.
- කුඹුරු ගොවිතැන සදහා අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ සුවිශේෂී කලාපයකි (රජරට වකුගඩු රෝගය) බහුලව ව්‍යාප්ත වන්නේ මෙම කලාපය ආශ්‍රිතව ය.
ආරම්භය
[සංස්කරණය]මුල් යුගයේ උපතිස්සනුවර අගනුවර වූ අතර පණ්ඩුකාභය රජ විසින් අනුරාධගම අගනුවර කරගෙන එය පුරවරයක් දකිවා සංවර්ධනය කරන ලදී. රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්‍යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය.
රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්‍යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය. එකල ඉදි කරන ලද මහා ස්ථුපයන් වූ රුවන්වැලිසෑය, ජේතවණාරාමය මෙන්ම ලෝවාමහාපාය වැනි විශාල ගොඩනැගිලි මඟින් අනුරාධපුර යුගයේ තිබූ ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුව මනාව පෙන්නුම් කරයි.
යුග සහ අග නගර
[සංස්කරණය]පූර්ව අනුරාධපුර යුගය
[සංස්කරණය]උපතිස්සනුවර
[සංස්කරණය]අනුරාධපුර යුගය
[සංස්කරණය]රජරට රාජධානියේ අගනුවර ලෙස අනුරාධපුර හෝ සීගිරිය පැවති යුගයයි. මෙම යුගය අනුරාධපුර රාජධානි යුගය ලෙස බ්‍රිතාන්‍ය පුරාවිද්‍යඥ්ඥයෝ විසින් නම්කර තිබුනි.
අනුරාධපුර නගරය
[සංස්කරණය]ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වන පරිදි අනුරාධපුර නගරය ආරම්භ වී ඇත්තේ ක්‍රි.පූ.5 සියවෙසහි වුවත් පුරාවිද්‍යාත්මක තොරතුරු අනුව එහි ඉතිහාසය ක්‍රි.පූ 10 වැනි සියවස තරම් ඈතට දිව යයි. කරන ලද පුරා විද්‍යා කැණීම් වලදී වඩා පූර්ව කාලයන්හි විසූ ජනයා සම්බන්ධ සාක්ෂි ලැබී ඇතත් ක්‍රි.පූ 5 සියවසට එපිට කාලය පිළිබද තොරතුරු අත්ෙත් මද වශෙයනි.
අනුරාධපුරෙය් වැඩිදුර සිදු කරන ලද කැණීම් වලදී මෙම පුරවරෙය් පැවති ප්‍රාග් ඓතිහාසික ජනාවාසයන් පිළිබද තොරතුරු ලැබී ඇත. ක්‍රි.පූ 900 - 600 දක්වා විහිදුණ ප්‍රාග් ඓතිහාසික ලෝහ යුගෙය්දී ලෝහ තාක්ෂණය, කුඹල් කර්මාන්තය, අහ්වයන් භාවිතය, ගවයන් ඇති කිරීම සහ වී වගාවද පැවතුණ බව පෙනී යයි. ක්‍රි.පූ 700-600 අතර කාලයේදී අනුරාධපුරයේ ජනාවාසය හෙක්ටයාර් 50 ඉක්මවා වර්ධනය විය. නගරය ඊසාන දිගින් සහ වයඹ දිගින් පිහිටි ප්‍රධාන වරායයන් අතර උපායමාර්ගිකව වැදගත් වන පරිදි පිහිටියේය. වගා කළ හැකි සරු බිම් එය වටෙකාට පිහිටා තිබුණි. ආක්‍රමණිකයන්ගෙන් නගරය ආරක්ෂා කළ ස්වභාවික පවුරක් වූ ඝන වනාන්තරය නගරය හාත්පස අවුරා විය.
ක්‍රි.පූ 4 සියවසෙහිදී පණ්ඩුකාභය රජතුමන් විසින් අනුරාධපුරය අගනගරය බවට පත් කරන ලද බවත්, මනා සංවිධිත සැලසුමක් අනුව නගරය සහ එහි උප නගරයන්ද පිහිටුවන ලද බවත් කියැවේ. "අභය වාපි" හෙවත් අභය වැවද එතුමන් විසින් කරවන ලදී. කාලවේල සහ චිත්තරාජ නමැති යක්ෂයන් උදෙසා දෙවොල්ද කරවනු ලැබීය. චේතියා නමැති යක්ෂණිය උදෙසා වෙළඹකගේ ස්වරූපයෙන් වූ පිළිරුවක් රාජ මාළිග පරිශ්‍රයේම ඉදි කරවන ලද අතර මේ සියළු යක්ෂ-දේවතාවන් උදෙසා වාර්ෂිකව පුද පූජා පැවැත්වීමද සිදු විය. නගරයේ සුසාන භූමිය, වදක භූමිය, පශ්චිම රාජිණියගේ දෙවොල, වෙස්සවණ උදෙසා වූ නුග රුක, ව්‍යාධදේව උදෙසා වූ තල් රුක, යෝනයන් සඳහා වාස භූමිය, ආත්ම පූජා මන්දිරය ආදිය පිහිටැවිය යුතු තැන්ද මෙතුමන් විසින් නියම කරන ලදී. වහලුන් නොහොත් චණ්ඩාලයන් විසින් කළ යුතු කාර්යයන් නියම කෙරුණු අතර ඔවුන් උදෙසා ග්‍රාමයක් වෙන් කරන ලදී. නිඝණ්ටයන්, තැන තැන සරන තවුසන්, ආජීවකයන් සහ බ්‍රාහ්මණයන් උදෙසා වාසස්ථාන ගොඩ නඟන ලදී. ග්‍රාම සීමාද නීර්ණය කරනු ලැබීය. අනුරාධපුරය අග නගරය බවට පත් කරමින් ක්‍රි.පූ 4 සියවස තරම් ඈත යුගයකදී පණ්ඩුකාභය රජතුමන් විසින් බිහි කරනු ලැබූ සම්ප්‍රදාය ඉතා වැදගත් වේ.
නගරයට සහ පූජනීය ස්ථානයන්ට කරනු ලැබූ සනීපාරක්ෂක සහ පරිපාලනමය සම්පාදනයන් විසින් පෙන්නුම් කෙරෙනුයේ කාලාන්තරයක් තිසිසේ නගරය කිසියම් මධ්‍යගත සැලැස්මකට අනුව සංවර්ධනය කෙරුණු බවය. පණ්ඩුකාභය රජතුමන්ගේ ඇවෑමෙන් එතුමන්ගේ පුත් මුටසීව රාජපදප්‍රාප්ත විය. හැට වසරක් වූ එතුමන්ගේ රාජ්‍ය පාලන කාලය තුළ අනුරාධපුර නගරය තවදුරටත් අගනුවර වශයෙන් පවත්වා ගත් අතර, බුදු සමය දිවයිනට හඳුන්වා දෙනු ලැබූ මුල් අවදියේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබූ "මහාමේඝවන උද්‍යානය" (හෙවත් මහමෙවුනා උයන) පිහිටුවාලීමද එසමයෙහි සිදුවිය. බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වසර 236 කට පසු ශ්‍රී ලංකාවට බුදු සමය හඳුන්වාදෙන ලද්දේ මුටසීව රජතුමන්ගේ ඇවැමෙන් රාජ්‍යත්වයට පත් එතුමන් පුත් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙහිදීය. ඉන්දියාවෙහි වුසූ අශෝක අධිරාජයා දේවානම්පියතිස්ස රජතුමන්ගේ සමකාලීනයෙක් විය. මෙම කාලය ක්‍රි.පූ 250 - 210 අතර කාලයයි. ලංකාවෙහි රාජ්‍යත්වයෙහි ආරම්භය සහ ආසියාවෙහි විශිෂ්ඨතම ආගමක් වූ බුද්ධ ධර්මය මත පදනම් වූ ශිෂ්ඨාචාරයක ආරම්භයද සනිටුහන් කෙරෙන්නේ මෙසමයෙහිය.
සීගිරිය
[සංස්කරණය]ප්‍රෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී නගරයක් වූ සිගිරිය අයත් වන්නේද රජරට රාජධානියටයි.සීගිරිය වඩාත් ජනප්ප්‍රිය වන්‍සෙීගිරි චිත්‍ර නිසාවෙනි අජක්තා සිතුවම් වලට සමාන කම් දැක්වුවද ඒවා ශ්‍රිලාංකිය අනන්‍යතාව තහවුරු කරන්නකි
-
2 යටි ලියමන]]
පොළොන්නරු යුගය
[සංස්කරණය]බුද්ධාගමේ ආගමනය
[සංස්කරණය]මහින්දාගමනය
[සංස්කරණය]දේවානම්පියතිස්ස රාජ්‍ය කාලයේදී බුදු දහම හඳුවාදිමත් සමඟ ලංකාවේ සමාජීය හා සංස්කෘතික වශයෙන් වෙනස්වීම් සිදුවිය. එම වෙනස්වීම් තවදුරටත් වර්ධනය වූයේ බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ලංකාවට වැඩම කරවීමත් සමඟය. මූලික වශයෙන් අනුරාධපුර යුගයේ සංස්කෘතිය පදනම් වූයේ බුදුදහම මතය. එසේම එම රාජධානියේ නීතිය සහ පාලනය සඳහාද බුදුදහම මඟින් ඉමහත් බලපෑමක් එල්ල විය. ක්‍රි.පූ 3 වැනි සියවසෙහි ශ්‍රි මහ බෝධිය ශ්‍රි ලංකාවට ගෙන එන ලද්දේ අශෝක අධිරාජයාගේ දියණිය වන සංඝමිත්තා මෙහෙණිය විසිනි. ඇය ශ්‍රි ලංකා භික්ෂූණී ශාසනය පිහිටුවීමේ ලා පුරෝගාමී වූවාය. ක්‍රි.පූ 249 දේවානම්පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහ මෙව්නා උයනෙහි මෙම ජය සිරි මහ බෝධිය සිටුවන ලදී. බුදු දහමේ හඳුන්වා දීමත් සමඟම මෙම නුවර විසල් කැපීපෙනීමක් ලැබුවාක් මෙන්ම මහා ඉඳිකිරීම් යුගයක් ද ඇරඹුනි. මහා වංශය පවසන්නේ කුටකන්‍න තිස්ස රජු විසින් රියන් හතක් උස තාප්පයක් ජල අගලක් ඉදිරියෙන් පවතින පරිදි පලමු තාප්පය ඉදිකළ බවයි. පසුව වසභ රජු විසින් මෙය රියන් 11 සිට රියන් 18 දක්වා උස්කොට තවදුරටත් බලවත් කරන ලදි. එසේම රජු විසින් ශක්තිමත් දොරටු නිවස්න, වාසල් කඩ ඉදි කර ඇති අතර ඒවායෙහි නටබුන් අදද දැකිය හැක. මහා වංශය තව දුරටත් පවසන්නේ ඉදිකිරීම් හිදී නිමිති කියන්නන් සහ වාස්තු විදුවන් ගේ උපදෙස් ලැබූ බවය.
පූජනීය දන්ත ධාතුවේ සම්ප්‍රාප්තිය
[සංස්කරණය]කිත්සිරිමෙවන් රජ සමයේදී හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ලංකාවට වැඩම කරවන ලදී. එම රජු විසින් දන්ත ධාතුව පෙරහැරකින් වඩම්මවා මන්දිරයක තැන්පත් කරන ලදී. මෙම පෙරහැර වාර්ශිකව පවත්වන ලෙස රජු අණ කල අතර අදටත් එය චාරිත්‍රයක් ලෙස රටෙහි පවතී. බුදුන් වහන්සේගේ දන්ත ධාතුව ඉතා ඉක්මනින්ම රටෙහි පූජනීය වස්තුවක් මෙන්ම රජ්‍ය භාවය තහවුරු කරන සංකේතයක් බවට පත් විය. දන්ත ධාතුව ළඟ තබා ගන්නා පුද්ගලයා රටෙහි නියම පාලකයා විය. එමනිසා බොහෝ විට එය රජ මාළිගාවෙහිම නිදන් කොට තබන ලදී.
වැසි ජල කලමණාකරන තාක්‍ෂණය
[සංස්කරණය]රජරට රාජධානියේ ප්‍රධානතම ජයග්‍රහණය වූයේ වැසි ජලය මනාව කලමණාකරන කලහැකි වාරිමාර්ග බිහිවීමයි. ඒ හේතුවෙන් වියළි කලාපයේ කෘෂිකාර්මික අවශ්‍යතාවන් සඳහා ජලය සැපයීම සිදු විය. මෙම වාරිමාර්ග ඉදිකිරීම් මඟින් එම යුගයේ මිනිසුන් තුළ තිබූ උසස් තාක්ෂණික හා ඉංජිනේරු හැකියාවන් මනාව පිළිඹිබු කරයි
සමකාලීන රාජධානි
[සංස්කරණය]තිස්ස රජ මෞර්ය අධිරාජ්‍යයට අවනතව දේවානම් පියතිස්ස නමින් මෞර්ය සම්ප්‍රදායනුකූලව නැවත ඔටුනු පැළඳීමත් සමගම රජ සොහොයුරු මහානාග කුමරු රුහුණට පලාගොස් මෞර්ය අධිරාජ්‍යයට අවනත නොවූ රුහුණු රාජධානිය පිහිටුවාගන්නා ලදී. රජරට රාජධානිය ආක්‍රමණියන් අතට පත් බෝහෝ අවස්ථාවලදී රුහුණු රාජධානිය බලය රැකගැනීමට ස්වදේශික සිංහලයන් සමත්විය.
ආක්‍රමණයන්
[සංස්කරණය]රජරට රාජධානියට අඛණ්ඩව පැවතුණු තර්ජනයක් වූයේ දකුණු ඉන්දීය ආක්‍රමණයන්ය. එලෙස සිදු වූ ආක්‍රමණයන්ගෙන් සතුරන් පරදවා රජධානියේ පාලනය නැවත ලබාගත් දුටුගමුණු, වළගම්භා, ධාතුසේන, Iවන විජයබාහු, ලීලාවතී වැනි පාලකයන් කාගේත් අවධානයට ලක්විය. අනෙකුත් පාලකයන් මතකයේ රැඳුනේ ඔවුන් විසින් සිදු කරන ලද හමුදා ජයග්‍රහණ නිසාය. දකුණු ඉන්දියාවට එරෙහිව ආක්‍රමණයන් දියත් කළ පළවන ගජභාහු, පන්ධ්‍යන් දේවියට පිහිට වීමට තම හමුදාවන් යැවූ දෙවන සේන, එවැනි පාලකයන්ය. රජරට රාජධානියට එරෙහිව ආක්‍රමණයන් කිහිපයක් සිදුවූ අතර ඒවා සියල්ලක්ම දියත් කරන ලද්දේ දකුණු ඉන්දියාණුවන් විසිණි. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වාර්තාගත ආක්‍රමණය සිදුවූයේ සූරතිස්ස(ක්‍රි.පූ 247-237) රජු සමයේදීය. එය සිදු කරන ලද්දේ සේන හා ගුත්තික යන දකුණු ඉන්දීය අශ්ව වෙළෙන්දන් දෙදෙනෙකු විසිනි. අවුරුදු විසිදෙකක පාලන කාලයෙන් අනතුරුව අසේල(ක්‍රි.පූ 215-205) විසින් ඔවුන් පරජය කරන ලදී. ඉන් අනතුරුව පැවති තවත් ආක්‍රමණයක් හේතුවෙන් චෝළ රජකු වූ එලාර(ක්‍රි.පූ 205-161) අසේල රජු පරදවා රටෙහි පාලකයා බවට පත් විය. එලාර අවුරුදු 44ක් රට පාලනය කළ අතර ඔහුව පරජයට පත් කරන ලද්දේ දුටුගැමුණු විසිනි. කෙසේ නමුත් මහාවංශ වාර්තා වලට අනුවඑළාර විසින් රට යුක්තිගරුක ලෙස සහ සධාරණ ලෙස පාලනය කළ බව කියැවේ.
ක්‍රි.පූ 103 දී ද්‍රවිඪ නායකයන් පස් දෙනෙකු වූ
- පිලහත්ත,
2 බාහිය, 3 පනයාමර, 4 පිලියාමර 5 දතික
විසින් රට නැවතත් ආක්‍රමණය කරන ලදී. ඔවුන් ක්‍රි.පූ 89 දක්වා රට පාලනය කළ අතර වළගම්භා හට පරාජයට පත් විය. පසුව ඇති වූ තවත් ආක්‍රමණයක් නිසා රටෙහි පාලනය දකුණු ඉන්දීය පාලකයන් සය දෙනෙකු වූ පණ්ඩු, පාරින්ද, තිරිතර, දාතිය සහ පීතිය යටතට පත් විය. ධාතුසේන විසින් ඔවුන් පරදවා නැවත බලය ලබා ගන්නා ලදී. I වන සේන(833–853) සහ III වන උදය(935–938) රජ සමය තුළ දකුණු ඉන්දියාවෙන් බොහෝ ආක්‍රමණ සහ කොල්ලකෑම් එල්ල විය.
කෙසේ නමුත් මෙම ආක්‍රමණිකයන්ගෙන් කිසිවෙකු ඔවුන්ගේ පාලනය රටෙහි දකුණු ප්‍රදේශය වූ රුහුණ දක්වා දීර්ඝ කර නොගත්හ. එබැවින් ශ්‍රී ලාංකීය පාලකයන් සහ උරුමක්කාරයන් ඔවුන්ගේ හමුදාවන් මෙම ප්‍රදේශය තුළ සංවිධානය කොට ගෙන ඔටුන්න නැවත ලබා ගැනීමට සමත් වූහ. ශ්‍රී ලාංකීය ඉතිහාසය මුළුල්ලේම සතුරු ආක්‍රමණ වලින් රට බේරා ගත් අවස්තාවලදී රුහුණ මුල් වී ඉමහත් සේවයක් කරන ලදී.
අනුරාධපුර අතහැරීම
[සංස්කරණය]දිගින් දිගටම වූ දකුණු ඉන්දීය ආක්‍රමණ වලින් තැවුණු නගරය අවසානයේදී ක්‍රි.ව. 1017 දී අතහැර දැමිණ. මෙම මහා නගරය ක්‍රි.පූ. 5 වන සියවසයෙහි සිට ක්‍රි.ව. 1017 දක්වා ලංකාවේ අඟනගරය ලෙස පැවතුනි. එහි පසුබැස්ම ඇරඹියේ දකුණි ඉන්දීය ආක්‍රමණයන්ට එරෙහිව දිගින් දිගටම වූ යුද වැදීම නිසා රාජධානිය ආර්ථිකමය අතින් දුප්පත් වීමය. ක්‍රි.ව. 1017 දී චෝල අක්‍රමණික හමුදාව අනුරාධපුරය අතහැර ඊට සාපේක්‍ෂව ආරක්‍ෂිත පොළොන්නරුවට පරිපාලන නගරය ගෙන ගියේය. නගරයට සහ එහි වූ වාරී සංකීරණයට වූ අති මහත් විනාශය හේතුවෙන් එය සම්පූර්ණයෙන්ම අතහැර අවුරුදු දහසකට ආසන්න කාලයක් ජරාවාස වන්නට හැරුණි. පසුව 19 වන සතවසරේදී බ්‍රිතාන්‍ය පරිපාලනය විසින් කැළෑ හෙළි කර නැවත ජනාවාස ඇති කෙරිණි.
පාලනය
[සංස්කරණය]රාජධානිය රජුගේ පාලනයට යටත් විය. රාජ්‍යත්වයට සම්බන්ධ වූ කැප කිරීමේ උත්සව සහ පිළිවෙත් ක්‍රමයන් ආරම්භ වූයේ දේවානම්පිය තිස්ස රජු සමයේදීය. එය එලෙස සිදු වූයේ ඉන්දියාවේ අශෝක රජුගෙන් ලැබූ ආභාශය හේතු කොට ගෙනය. දුටුගැමුණු රජු විසින් ප්‍රථම වරට මුළු රටම තමන් යටතට පත් කොටගෙන රට එක්සේසත් කරන ලදී. ඔටුන්නේ හිමිකාරිත්වයෙහි අනුපිළිවෙල සිදුවූයේ පිය පරම්පරාවට අනුකූලවය. එය සිදු කළ නොහැකි අවස්තාවකදී පෙර රජුගේ වැඩිමහල් සහෝදරයාට ඔටුන්නේ හිමිකාරිත්වය උරුමයෙන් ලැබුණි. සහෝදරයන් නොසිටියේ නම් වැඩිමහල් පුත්‍රයා හට ඔටුන්න උරුම විය.
අනුරාධපුර රාජධානියේ ආරම්භයේ සිට පාලකයෝ සතර දෙනෙකු රාජ්‍යය පලනය කරන ලදහ. විජයගෙන් ආරම්භ කොට සුභරාජ(60-67) දක්වා සිටි පාලකයන් සාමාන්‍යයෙන් හැඳින්වූයේ විජයන් රජ පෙළපතට අයත් අය ලෙසයි. මෙම රජ පෙළපතට අයත් වූ පණ්ඩුකාභය අනුරාධපුර රාජධානියේ ප්‍රථම පාලකයා විය. ළඹකන්න වංශයට අයත් වසභ විසින් බලය පැහැර ගන්නා තුරු විජයන් පෙළපත පැවතුණි. වසභ විසින් ඔටුන්න හිමි කර ගැනීමත් සමඟ ළඹකන්න රජ පෙළපත ආරම්භ වූ අතර එම පෙලපතට අයත් පාලකයන් සියවස් තුනකට වඩා වැඩි කාලයක් රට පාලනය කරන ලදහ. නව රජ පෙළපතක් ආරම්භ වූයේ 455දී ධාතුසේන කාලයේදීය. එය මූරිය රජ පෙළපත විය. ඇතැම් ඉතිහාසඥයන් විසින් මෙම රජ පෙළපතෙහි ආරම්භය ශාඛ්‍ය රජු ලෙස හැඳින්වූවත් ආරම්භක රජු තවමත් අවිනිශ්චිතය. අනුරාධපුර යුගයේ පැවති අවසාන රජ පෙළපත වූයේ දෙවන ළඹකන්න රජ පෙළපතයි. එය මානවම්මගෙන්(684-718) ආරම්භ වූ අතර අනුරාධපුර රාජධානියේ අවසාන පාලකයා වූ V වන මහින්ද දක්වා පැවතුණි.
තව බලන්න
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]උපුටා ගැනිම්
[සංස්කරණය]- ^ "Sri Lanka's National Flag". The Sunday Times. 2008-02-03. සම්ප්‍රවේශය 2009-07-04.
සම්බන්ධය
[සංස්කරණය]- Bandaranayake, Senake (2007). Sigiriya. Central Cultural Fund. ISBN 955-613-111-6.
- Basnayake, H. T. (1986). Sri Lankan Monastic Architecture. Sri Satguru Publications. ISBN 81-7030-009-6.
- Blaze, L. E (1995). The Story of Lanka. Asian Educational Services. ISBN 81-206-1074-1.
- Codrington, H. W. (1994). Ceylon Coins and Currency. Asian Educational Services. ISBN 81-206-0913-1.
- Ellawala, H. (1969). Social Hostory of Early Ceylon. Department of Cultural Affairs.
- Fernando, G. S. (2001). සිංහල සැරසිලි—Sinhala Sarasili (Sinhala Decorational Art) (Sinhala බසින්). M. D. Gunasena and Company. ISBN 955-21-0525-0.
{{cite book}}
: CS1 maint: unrecognized language (link) - Gooneratne, W. (1990). Irrigation and Water Management in Asia. Sterling Publishers.
{{cite book}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (help) - Lokubandara, W. J. M. (2007). The Mistique of Sigiriya - Whispers of the Mirror Wall. Godage International Publishers. ISBN 978-955-30-0610-3.
- Ludowyk, E. F. C. (1985). The Story of Ceylon. Navrang Booksellers & Publishers. ISBN 81-7013-020-4.
- Mendis, Ranjan Chinthaka (1999). The Story of Anuradhapura. Lakshmi Mendis. ISBN 955-96704-0-9.
- Mendis, Vernon L. B. (2000). The Rulers of Sri Lanka. S. Godage & Brothers. ISBN 955-20-4847-8.
- Moratuwagama, H. M. (1996). සිංහල ථුපවංසය—Sinhala Thupavansaya (Sinhala Thupavamsa) (Sinhala බසින්). Rathna Publishers. ISBN 955-569-068-5.
{{cite book}}
: CS1 maint: unrecognized language (link) - Nicholas, C. W. (1961). A Concise History of Ceylon. Colombo University Press.
{{cite book}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) (help) - Perera, Lakshman S. (2001). The Institutions of Ancient Ceylon from Inscriptions. Vol. 1. International Centre for Ethnic Studies. ISBN 955-580-055-3.
- Rambukwelle, P. B. (1993). Commentary on Sinhala Kingship - Vijaya to Kalinga Magha. Sridevi Printers. ISBN 955-95565-0-9.
- Seneviratna, Anuradha (1989). The Springs of Sinhala Civilization. Navrang Booksellers & Publishers. ISBN 81-7013-031-1.
{{cite book}}
: Check|isbn=
value: checksum (help) - Siriweera, W. I. (1994). A Study of the Economic History of Pre Modern Sri Lanka. Vikas Publishing House. ISBN 0-7069-7621-5.
- Siriweera, W. I. (2004). History of Sri Lanka. Dayawansa Jayakodi & Company. ISBN 955-551-257-4.
- Wijesooriya, S. (2006). A Concise Sinhala Mahavamsa. Participatory Development Forum. ISBN 955-9140-31-0.
- Yogasundaram, Nath (2008). A Comprehensive History of Sri Lanka. Vijitha Yapa Publishers. ISBN 978-955-665-002-0.