හයිපේෂියා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
හයිපේෂියා
උපත ආ. 350–370
ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තු පළාත, නැගෙනහිර රෝම අධිරාජ්‍යය
මරණය 415 (44–65 වියේදී)[1]
ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තු පළාත, නැගෙනහිර රෝම අධිරාජ්‍යය
යුගය පුරාතන දර්ශන විද්‍යාව
ප්‍රදේශය බටහිර දර්ශන විද්‍යාව
ගුරුකුලය නව ප්ලේටෝවාදය
ප්‍රධාන ලැදිකම්

හයිපේෂියා (/ˌhˈpʃə,_ʔʃi.ə/;[2][3][4] hy-PAY-shə, -shee-ə; ග්‍රීක: Ὑπατία Hupatía; උපත ආ. 350–370; මරණය ක්‍රි.ව. 415),[1][5] හෙවත් ඇලෙක්සැන්ඩ්‍රියාවේ හයිපේෂියා යනු නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ කොටසක් වූ ඊජිප්තුවේ විසූ[6] ග්‍රීක‍ ගණිතඥවරියක, තාරකාවිද්‍යාඥවරියක සහ නව නිපැයුම්කරුවකු[7] සහ දාර්ශනික‍යෙකි. ඇයගේ දර්ශන විද්‍යාව සහ තාරකා විද්‍යාව පිළිබද චින්තනය නිසා ඇයඇලෙක්සැන්ඩ්‍රියාවේ, නව ප්ලේටෝනිකවාදය පිළිබද පාසලේ ප්‍රධානීවරිය වූවාය.[8][9][10][11] එකළ සම්මතයන් වෙනස්කිරීම නිසා කුපිත වූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ සයිරිල්හි මිත්‍යා ලබ්ධික, පැරාබලනි නිකායේ ක්‍රිස්තියානි ප්‍රධානීන්, ඔරෙස්ටස්, සහ බිෂොප්වරයා ප්‍රමුඛ සංහාර ජනයන් විසින් හයිපේෂියාට දෝෂාරෝපණය කොට ඇයව මිලේච්ඡ ලෙස ඝාතනය කරන ලදි.[12][13]

දිවිය[සංස්කරණය]

ගණිතඥවරියක සහ දර්ශන වේදිනියක් වූ හයිපශියා යනු ඇලෙක්සැන්ඩ්‍රියාවේ ගණිතඥයෙකු වූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ තියොන් (ක්‍රි.ව. 335– 405 පමණ ) ගේ එකම දියනියයි.[14] ඇයගේ සත්‍ය ජන්ම දිනය විවාදාත්මක වන අතර එය සමහර විට ක්‍රි.ව 350 හා 360 අතර කාළයේ විය හැක.[15] ඇය ඇතැන්ස්වලදී. අධ්‍යාපනය ලැබුවාය.ක්‍රි.ව. 400 පමණ වන විට ඇය ඇලෙක්සැන්ඩ්‍රියාවේ නව ප්ලේටෝනික වාදය පිළිබද පාසලේ ප්‍රධානී බවට පත්වූ අතර පාගන්වරු ,ක්‍රිස්තියානුවන්,විදේශික සිසුන්ට ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්ගේ දැනුම බෙදාදෙන ලදි.,[16][17][18][6][19][20]

එහෙත් සමකාළීන පස්වන සියවසේ මූලාශ්‍රවල ඇලෙක්සැන්ඩ්‍රියාවේ හයිපශියා හදුන්වනු ලබන්නේ ප්ලේටෝ සහ ප්ලොටිනස්ගේ දර්ශන විද්‍යාව පිළිබද ගුරුවරයා වශයෙනි.වසර දෙසීයකට පමණ පසු හය වන සියවසේ විසූ ඊජිප්තියානු කොප්ටික් බිශොප් වරයෙකු නිකියුහි ජෝන් හදුන්වනු ලබන්නේ ඇය Hellenistic pagan ලෙසයි. "ඇය අයත් වන්නේ සෑම කලකම මායාවන්, තාරකා විද්‍යාව සහ සංගීත භාන්ඩ වැනි ප්‍රයෝග මගින් මගින් මිනිසුන් රැසක් වශීකළ යක්ෂයා අදහන්නියක්" බව ඔහු ප්‍රකාශ කරයි.කෙසේනමුත් එවකට සිටි ක්‍රිස්තියානුවන් සියල්ලම ඇයට විරුද්ධව අදහස් ප්‍රකාශ නොකරයි.[21][22] සමහර ක්‍රිස්තියානුවන් හයිපශියාව සදාචාරයෙහි සංකේතයක් ලෙස අර්ථ දැක්වූහ.[6] අධ්‍යතන ක්‍රිස්තියානු ඉතිහාසඥයන් කොන්ස්තන්තිනෝපලයේ දාර්ශනිකයන් හයිපශියාව ඔවුන්ගේ ආගමික ඉතිහාසය මෙසේ අර්ථ දක්වයි :

ඇලෙක්සැන්ඩ්‍රයාවේ හයිපශියා නම් වූ කාන්තාවක් සිටියා, දාර්ශනික තියොන්ගේ දියනිය, ඇය සාහිත්‍යය සහ විද්‍යාව සදහා විශාල නාමයක් දිනාසිටියා, ඉතා ඉක්මනින් ඇය සියලුම දාර්ශනිකයන් මුළු කාලයේම පරදවනු ලැබුවා. ප්ලේටෝ සහ ප්ලොටිනස් පාසලේ අරමුණු ඉටුවීමත් සමග, ඇය විස්තර කරණු ලැබුවා දර්ශණ වේදයේ සිද්ධාන්ත ඇගේ ශ්‍රාවකයනට,ඇයගේ සිද්ධාන්ත දැනගැනීමට බොහෝමයක් ඈත සිට පැමිණි . ඇයගේ මානසික වගාව ස්ව ස්වාධීනත්වය සහ ඇය ආශ්‍රයෙන් ලත් සහනකාරී පුරුද්ද සැළකිල්ලට ගෙන , ඇය ට සිදුවන දුරාචාරයන් සම්බන්ධව, ඇය පිරිමින්ගේ රැස්වීම්වලදී විදි නින්දා අපහාස සම්බන්ධව පවා ඇය විසින් මහජනයාව නඩුකරු ඉදිරියට නොපමුවනු ලදි.එබැවින් සියළුම මිනිසුන්ගේ වාර්තාවල ඇයගේ සාමාන්‍ය ප්‍රතාපවත් බව හා ඇයගේ සදාචාරය සම්බන්ධව තවත් ඇගයිය යුතුය. [6]

දර්ශනවේදය පිළිබද ප්ලේටෝනික වාදය පාසලේදී ඇය විසින් උපදේශකත්වය දුන් හිටපු ශිෂ්‍යයකුව සිටි ත්‍රිත්වායන්ව වාදය පිළිබද නිපුණයෙකු වූ පසුව ක්‍රි.ව 410දී ප්ටොලෙමෙයිස්, සයිරෙනිකා (වර්තමානයේ නැගෙනහිර ලිබියාව) බිෂොප් තනතුරට පත්වූ සයිනෙසියස් සමග ඇය ලිපි හුවමාරුකරගත් බව සදහන්වේ. මෙවැනි ආශ්‍රේයන් මගින් හයිපශියාගේ ශිෂ්‍යයන් පිළිබදවත් ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්ලේටෝනික වාදය පිළිබද පාසල පිළිබදවත් විද්‍යාමාන වේ.

මරණය[සංස්කරණය]

"ඇලෙක්සැන්ඩ්‍රියාවේ දාර්ශනික හයිපේෂියාගේ මරණය"; Vies des savants illustres, depuis l'antiquité jusqu'au dix-neuvième siècle තුළිනි, 1866, ලුවිස් ෆිගයර් විසිනි.

හයිපශියාව මරා දමනු ලැබුවේ ඇය නගරයේ සිටින අතරදීය.මහත් කැකෑරෙන වෛරයෙන් පසුවූ ඔරෙස්ටස්, ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රධානීවරයා සහ සයිරිල්, හෙවත් ඇලෙක්සැන්ඩ්‍රියාවේ බිෂොප්වරයා විසිනි.

ඇගේ මරණය ඉතිහාසඥයන් සමහරකට සංකේතාත්මක වී ඇත. උදාහරණයක් ලෙස, කැත්ලීන් වයිඩර් අදහස් කරන්නේ හයිපශියාව ඝාතනය කිරීම පුරාතන සම්භාව්‍යත්වයේ නිමාව සනිටුවහන් කරන බවයි. [23] එමෙන්ම ස්ටෙෆෙන් ග්‍රීන්බ්ලාට් සදහන් කරන්නේ ඇගේ ඝාතනය "ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රඥාවේ ජීවිතයක බිදවැටීමේ සඵල ලකුණක්".[24] අනෙක් අතකින් ක්‍රිස්තියානුවෙකු වූ වයිල්ඩ්බර්ග් සදහන් කරන්නේ, හෙලනිස්ටික දර්ශන විද්‍යාවේ ආරම්භයේ සිට එහි වැජඹීම 5 සහ 6 සියවස්වල සහ සමහර විට I වන ජස්ටීනියන් යුගය දක්වා පැවති බවයි.[25][26]

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 Petta, Adriano; Colavito, Antonino (2009). Hypatia, scientist of Alexandria, 8th March 415 A.D.. Lampi di stampa. https://books.google.com/books?id=79OvkQEACAAJ. 
  2. "Hypatia". The American Heritage Dictionary of the English Language. Houghton Mifflin Harcourt Publishing Company. 2015. https://www.ahdictionary.com/word/search.html?q=Hypatia. 
  3. "Hypatia". Collins English Dictionary. HarperCollins Publishers. 2015. http://www.collinsdictionary.com/dictionary/english/hypatia. 
  4. "Hypatia". Oxford Dictionaries. Oxford University Press. 2015. http://www.oxforddictionaries.com/definition/english/hypatia?q=Hypatia. 
  5. Hypatia of Alexandria, MacTutor History of Mathematics, School of Mathematics and Statistics, Univ. of St Andrews, Scotland. Accessed 2015-11-19.
  6. 6.0 6.1 6.2 6.3 Socrates of Constantinople. Ecclesiastical History. http://cosmopolis.com/alexandria/hypatia-bio-socrates.html. 
  7. Donovan, Sandy (2008) (enයෙන්). Hypatia: Mathematician, Inventor, and Philosopher. Capstone. ISBN 9780756537609. https://books.google.co.uk/books?id=oNoSjLwqAuQC&printsec=frontcover&dq=hypatia+of+alexandria&hl=en&sa=X&ved=0ahUKEwjjxKCkwo_VAhXkA8AKHegHCVMQ6AEIRTAG#v=onepage&q=hypatia%20of%20alexandria&f=false. 
  8. Krebs, Groundbreaking Scientific Experiments, Inventions, and Discoveries; The Cambridge Dictionary of Philosophy, 2nd edition, Cambridge University Press, 1999: "Greek Neoplatonist philosopher who lived and taught in Alexandria."
  9. Mueller, I.; L.S. Grinstein & P.J. Campbell (1987). Women of Mathematics: A Biobibliographic Sourcebook. New York: Greenwood Press. 
  10. Columbia Encyclopedia, Hypatia citation: Alexandrian Neoplatonic philosopher and mathematician
  11. Hypatia, [[Encyclopædia Britannica|]]: "Egyptian Neoplatonist philosopher who was the first notable woman in mathematics."
  12. Edward Jay Watts, (2006), City and School in Late Antique Athens and Alexandria. "Hypatia and pagan philosophical culture in the later fourth century", pages 197–198. University of California Press
  13. A.B. Deakin, Michael (1994). Hypatia and Her Mathematics. Mathematical Association of America. පිටු 234–243. 
  14. Michael Deakin (August 3, 1997). "Ockham's Razor: Hypatia of Alexandria". ABC Radio. සම්ප්‍රවේශය July 10, 2014. 
  15. Benedetto, Canio; Isola, Stefano; Russo, Lucio (2017-01-31). "Dating Hypatia’s birth : a probabilistic model". [[Mathematics and Mechanics of Complex Systems|]]. 5 (1): 19–40. ISSN 2325-3444. doi:10.2140/memocs.2017.5.19. 
  16. Multicultural Resource Center: Hypatia [https://web.archive.org/web/20100906035321/http://www.inventions.org/culture/female/hypatia.html Archived 2010-09-06 at the Wayback Machine.
  17. Dzielska 1996, p. 66.
  18. Historical Dictionary of Feminism, by Janet K. Boles, Diane Long Hoeveler. p. 166.
  19. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; suda නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  20. Bregman, J. (1982). "Synesius of Cyrene: Philosopher-bishop". Berkeley: University of California Press.
  21. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; johnofnikiu නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  22. John, Bishop of Nikiû, Chronicle 84.87–103
  23. "Women Philosophers in the Ancient Greek World: Donning the Mantle", by Kathleen Wider. Hypatia © 1986 Indiana University Press p. 49–50; Mangasarian, Mangasar Mugurditch. The Martyrdom of Hypatia|, 1915
  24. Greenblatt, The Swerve: how the world became modern 2011:93.
  25. Christian Wildberg, in Hypatia of Alexandria – a philosophical martyr, The Philosopher's Zone, ABC Radio National (4 April 2009)
  26. Dzielska 1996, p. 105.

ආශ්‍රේයයන්[සංස්කරණය]

ගුණ නාමය:

වැඩිදුර කියවීමට[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Platonists සැකිල්ල:Ancient Greek mathematics

"https://si.wikipedia.org/w/index.php?title=හයිපේෂියා&oldid=406928" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි