සෙට් ෆයර් ටු ද රේන්

විකිපීඩියා වෙතින්
"Set Fire to the Rain"
ඒකල ගායනය Adele ගේ
ඇල්බමයෙන් 21
නිකුත් වූයේ4 July 2011
ආකෘතිය
පටිගත කරන ලද්දේ2010
ප්‍රභේදය
දිග4:02
ලේබලය
රචක(යන්)
නිෂ්පාදක(යන්)Fraser T Smith
Adele singles chronology
"Someone like You"
(2011)
"Set Fire to the Rain"
(2011)
"Rumour Has It"
(2011)


Set Fire to the Rain, බ්‍රිතාන්‍ය ගායිකා ඇඩෙල්ගේ "21" ඇල්බමයේ ගීතයකි. එය රචනා කරන ලද්දේ ඇඩෙල් සහ එම ගීතයේ නිෂ්පාදක ෆ්රේසර් T. ස්මිත් විසිනි. එය, ඇල්බමයේ දෙවන ගීතය ලෙස යුරෝපය තුළ නිකුත් කෙරුණු අතර තෙවන ගීතය ලෙස එක්සත් රාජධානිය තුළ නිකුත් කෙරුණේ 2011 ජුලි 4 වනදා යි. UK ගීත දර්ශකයේ එය 11 වන ස්ථානයට පත් විය. එම ගීතය බෙල්ජියම, පෝලන්තය, නෙදර්ලන්තය, චෙක් ජනරජය, ස්ලෝවැකියාව සහ එක්සත් ජනපදය යන රටවල ගීත දර්ශක වල පළමු ස්ථානයට පත් විය. ඔස්ට්‍රියාව, කැනඩාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, නවසීලන්තය, නෝර්වේ, දකුණු අප්‍රිකාව සහ ස්විට්සර්ලන්තය යන රටවල එය පළමු ගීත 10 අතරට එක් විය.

"https://si.wikipedia.org/w/index.php?title=සෙට්_ෆයර්_ටු_ද_රේන්&oldid=420436" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි