Jump to content

සිරිධම්ම විද්‍යාලය

සිරිධම්ම විද්‍යාලය
Siridhamma College
ස්ථානය
Map

ඛණ්ඩාංක06°04′19.48″S 80°13′54.58″E / 6.0720778°S 80.2318278°E / -6.0720778; 80.2318278
තොරතුරු
වර්ගයආණ්ඩුවේ පාසලකි
ආදර්ශ පාඨයපඤ්ඤා නරානං රතනං
ආරම්භ කලේ1995 පෙබරවාරි 06
ආදිකර්තෘආචාර්ය රිචඩ් පතිරණ
විදුහල්පතිචින්තානි අතුකෝරල
ශ්‍රේණි1 - 13
බාලක/බාලිකාමිශ්‍ර
සිසුන් ගණන3500
වර්ණ(ය)" නිල් " සහ " රන් "         
වෙබ් අඩවියwww.siridhammacollege.lk

“පඤ්ඤා නරානං රතනං” – ප්‍රඥාව මිනිසාට මාණික්‍යයක් බඳුය යන්න ආදර්ශ පාඨය කරගත් සිරිධම්ම විද්‍යාලය ශ්‍රී ලංකාවේ, ගාල්ල, ලබුදූව හි පිහිටුවා ඇත, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික හා ද්විතීයික අංශ දෙකෙන්ම සමන්විත මිශ්‍ර පාසල් අතුරෙන් ඉහලින්ම සිටින පාසලක් වන අතර කෙටි කාලයකින් ඉමහත් කීර්තියක් අත්කරගත් ජාතික පාසලකි.

ඉතිහාසය

[සංස්කරණය]
ගොනුව:Ven Dr Labuduwe Siridhamma Thera.jpg
ගරුතර ලබුදුවේ සිරිධම්ම ස්වාමීන්වහන්සේ

ආරම්භය

[සංස්කරණය]
දිවංගත ගරු අධ්‍යාපන අමාත්‍ය, රිචඩ් පතිරණ මහතාගේ ප්‍රථිමාව

අක්මීමණ ආසනයේ අවශ්‍යතාවයක් සපුරාලමින් 1995 පෙබරවාරි 06 වන දින එවක අධ්‍යාපන අමාත්‍ය, දිවංගත ගරු රිචඩ් පතිරණ මැතිතුමාගේ[1] සමාරාධනාවෙන් එවක අග්‍රාමාත්‍ය, දිවංගත ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සුරතින් පළමු ළමයා ඇතුලත් කරගනිමින් පාසල ආරම්භ කරන ලදී. ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උපාධිය ලබාගත් පළමු හිමිනම වන ගරුතර ලබුදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට ගරු කිරීමක් ලෙස ලබුදූව සිරිධම්ම විද්‍යාලය ලෙස පාසල නම් කරන ලදී. ළමුන් 90 කින් සහ එක් ගොඩනැගිල්ලකින් ඇරඹි පාසල වසරින් වසර 1 වසරට හා 5 වසර ශිෂ්‍යත්වයෙන් 6 වසර සඳහා ළමුන් ඇතුලත් කරගනිමින් තම සිසු සංඛ්‍යාව ඉහල නංවාගන්නා ලදී. මුල් විදුහල්පති P.S.K.රාජපක්ෂ මූලිකව මාලා ජයසේකර, සන්ධ්‍යා කොඩිකාර, මාලා අලස්, අනූජා වීරසිංහ, චන්දන පන්ඩිත්සේකර, M.K.සෝමපාල, A.M.විජේරත්න, නයනා කුලතිලක ගුරුමණ්ඩලය පාසලේ ආරම්භක ගුරුවරුන් වෙත්.

දැක්ම

[සංස්කරණය]

පිරිපුන් දැයක් උදෙසා පිරිපුන් දරුවෙක්.

මෙහෙවර

[සංස්කරණය]

පිරිපුන් දරුවෙක් බිහි කළ හැකි ඵලදායි ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම.

මඟ සළකුණු

[සංස්කරණය]
  • 1995 පෙබරවාරි 06 දින පාසල ආරම්භය
  • 1996 ජනවාරි 06 ප්‍රාථමික අංශයේ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම හා විද්‍යාගාරය සහිත තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම
  • 1996 පළමු නිවාසාන්තර ක්‍රීඩා උත්සවය
  • 1996 නොවැම්බර් 17 විද්‍යාගාරය සහිත තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම
  • 1998 ජනවාරි 17 සිව්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම
  • 1999 පාසලේ ශ්‍රවණාගාරය, පරිගනක ඒකකය සහිත තෙමහල් ගොඩනැගිල්ල හා නේවාසිකාගාර ගොඩනැගිලි විවෘත කිරීම
  • 1999 5 වසර ශිෂ්‍යත්වය සඳහා ප්‍රථම සිසු පිරිස පෙනී සිටීම
  • 2004 උසස්පෙළ සඳහා ප්‍රථම සිසු පිරිස පෙනී සිටීම
  • 2012 ඔක්තෝබර් 07 ආදි ශිෂ්‍ය සංගමය පිහිටුවීම

ආදි විදුහල්පතිවරුන්

[සංස්කරණය]
විදුහල්පතිවරයා/විදුහල්පතිවරියසිටදක්වා
P.S.K.රාජපක්ෂ19952004
සුමේධ වක්වැල්ල20042007
මුනිපාල20072008
ප්‍රේමසිරි ඈපා20082012
නිහාල් ගුරුසිංහ 2012 2014
කපිතාන්. S. P. ආරියරත්න 2014 2015
W. T. රවීන්ද්‍ර පුෂ්පකුමාර 2015 2023
නයනප්‍රිය පෙරේරා 2023 2024
චින්තානි අතුකෝරල 2024

වර්ථමානය

[සංස්කරණය]

අද වන විට සිසුන් 3500 ක් පමන දක්වා වර්ධනය වී ඇත.

සිරිධම්ම විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල හා බුදුමැදුර

නිවාස

[සංස්කරණය]

පෙරදී (1995 -2008), පාසලේ ළමුන් මැණික් වර්ගවල නම් සහිත නිවාස 4කට බෙදා තිබුනි, එනම්.

  • සෆායා - නිල් වර්ණය
  • ඔපල් - දම් වර්ණය
  • ක්‍රිස්ටල් - රතු වර්ණය
  • ඩයමන්ඩ් - කහ වර්ණය

2008-2012 දක්වා සිසුන් නිවාස 5කට බෙදා තිබුනි එනම්,

  • සිංහරාජ - කොළ වර්ණය
  • දුන්හිඳ - රතු වර්ණය
  • මහවැලි - නිල් වර්ණය
  • සමනළ - කහ වර්ණය
  • සීගිරි - රෝස වර්ණය

2013 වසර සිට නැවතත් පෙර පරිදි නිවාස වල නම් සකස්කර ඇත.

  • සෆායා - නිල් වර්ණය
  • ඔපල් - දම් වර්ණය
  • ක්‍රිස්ටල් - රතු වර්ණය
  • ඩයමන්ඩ් - කහ වර්ණය

ක්‍රීඩා

[සංස්කරණය]

ශිෂ්‍යභට ඛණ්ඩය

[සංස්කරණය]

පිරිමි ශිෂ්‍යභට කණ්ඩය

[සංස්කරණය]

ආරම්භක වර්ෂය 2003
NCC පුහුණු කඳවුරු තුලදී ලබාගත් ස්ථාන

වසරස්ථානයවසරස්ථානය
2003212013-
2004162014-
2005112015-
2006092016-
2007092017-
2008042018-
2009042019-
2010112020-
2011112021-
2012092022-

කාන්තා ශිෂ්‍යභට කණ්ඩය

[සංස්කරණය]

ආරම්භක වර්ෂය 2008
NCC පුහුණු කඳවුරු තුලදී ලබාගත් ස්ථාන

වසරස්ථානයවසරස්ථානය
2008232018-
2009032019-
2010-2020-
2011-2021-
2012-2022-
2013-2023-
2014-2024-
2015-2025-
2016-2026-
2017-2027-

නිළ ඇඳුම

[සංස්කරණය]
  • පිරිමි ළමුන් 1 වසර සිට 9 වසර දක්වා
    සුදු අත්කොට කමිසය හා නිල් කොට කලිසම
  • පිරිමි ළමුන් 10 වසර සිට 13 වසර දක්වා
    සුදු අත්කොට කමිසය හා සුදු දිග කලිසම
  • ගැහැණු ළමුන් 1 වසර සිට 13 වසර දක්වා
    නිල් කරපටිය සමඟ සුදු අත්කොට හැට්ටය හා නිල් රැලි සාය

සියළුම සිසුන්ගේ කමිස සාක්කුවෙහි ඉහල වම් කෙළවරෙහි පාසල් නිල ලාංඡනය අනිවාර්යය වේ.

පාසල් ගීතය

[සංස්කරණය]
සිරිධම්ම විද්‍යාලයීය පාසල් ගීතය
ඉංග්‍රීසි: Siridhamma College
පද රචනයරත්න ශ්‍රී විජේසිංහ
සංගීත නියැදිය

සිරි සරසවි නිතියෙන් රඳනා
සිරිත විරිත නැණ ගුණ වඩනා
සිරිදම් විදුහල් මවුනි දයාබර
පහන් ටැඹකි ඔබ මඟ කියනා

නව විදු නැණ සිප් ලලිත කළා
නිපුණ වෙමින් කෙළි මඩුලු දිනා
පිරිපුන් දරුවන් වෙමු අපි මතුදා
මව්නි නමට ඔබෙ සිරස නමා

විපුල දිරිය ඉඳු බව සපුරා
සාධු ගුනෙන් හදවත සරසා
පිරිපුන් මිනිසුන් වෙමු අපි මතුදා
මව්නි නමට ඔබෙ සිරස නමා

පබැඳුම, රත්න ශ්‍රී විජේසිංහ

ආදි ශිෂ්‍ය සංගමය

[සංස්කරණය]

2012 ඔක්තෝබර් 07 වැනි දින පාසලේ ආදි ශිෂ්‍ය සංගමය නිළ වශයෙන් පිහිටුවන ලදී.ආදී ශිෂ්‍ය මව් සංගම් කාර්යාලය නිළ වශයෙන් පාසල තුල විවෘත කිරීම 2016 ඔක්තෝබර් මස 07 වැනි දින සිදු කරන ලදී.

මේ අඩවිත් බලන්න

[සංස්කරණය]

යොමුව

[සංස්කරණය]
  1. දිවයින සංරක්ෂණය කළ පිටපත 2021-03-01 at the Wayback Machine හා සිළුමිණ සංරක්ෂණය කළ පිටපත 2012-02-22 at the Wayback Machine පුවත්පත්වල පලවු දිවංගත ආචාර්ය රිචඩ් පතිරණ මැතිතුමා පිළිබඳ ලිපි
"https://si.wikipedia.org/w/index.php?title=සිරිධම්ම_විද්‍යාලය&oldid=753503" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි