ස්වරාගිනි - ජෝදෙයින් රිෂ්තොන් කේ සුර්

විකිපීඩියා වෙතින්
ස්වරාගිනි
මෙලෙසද හැඳින්වේස්වරාගිනි — ජෝදෙයින් රිෂ්තොන් කේ සුර්
ප්‍රභේදයනාට්‍ය
ප්‍රේම වෘත්තාන්ත
තැනුවේරශ්මි ෂර්මා ටෙලිෆිල්ම්ස් ලිමිටඩ්
රචනය කලේසංකල්පය සහ ලුහුඬු කථාව
රශ්මි ෂර්මා
කථාව
මහේෂ් පාණ්ඩේ / ආකාශ් දීප්
තිර රචනය සහ දෙබස්
ගෞතම් එච්.
ජාන්කි වී.
ෂාරද් සී. ත්‍රිපති
අධ්‍යක්ෂණය කලේරවී රාජ්
රඟපෑමහෙලී ෂා
තේජස්වි ප්‍රකාශ් වයංගන්කාර්
වරුන් කපූර්
නමිෂ් තනේජා
ඇරඹුම් තේමාව'ධෙරේ නා...'
'ස්වරා.....ගිනී'
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
මාර්වාරි
බෙංගාලි
දෙමළ
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන473[1]
නිෂ්පාදනය
සංස්කාරක(යන්)හේමන්ත් කුමාර්
ස්ථානය(න්)කොල්කතා
මුම්බායි
පැට්නා
කැමරා සැලැස්මබහු කැමරා
ධාවන කාලයආසන්න. මිනිත්තු 22
නිෂ්පාදන සමාගමරශ්මි ෂර්මා ටෙලිෆිල්ම්ස් ලිමිටඩ්
ප්‍රචාරණය
මුල් නාලිකාවකලර්ස් ටීවී / රිෂ්තේ
රූප ආකෘතිය576i SDTV
1080i HDTV
මුල් ධාවනය2 මාර්තු 2015 (2015-03-02) – 16 දෙසැම්බර් 2016 (2016-12-16)

ස්වරාගිනි — ජෝදෙයින් රිෂ්තොන් කේ සුර් (සිංහල: ස්වරාගිනි — බැඳීමෙහි මිහිර ගළපන) හෙවත් සරලව ස්වරාගිනි යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි. 2015 මාර්තු 2වන දින කලර්ස් ටීවී නාළිකාව ඔස්සේ විකාශය ඇරඹි මෙය සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල විකාශය විය. පසුව 2015 දෙසැම්බර් 14 දින රිෂ්තේ නාළිකාව ඔස්සේ සඳුදා සිට ඉරිදා දක්වා දිනවල මෙය විකාශය වීම සිදු විය. අරාබි බසට හඬකැවුණු මෙම කතාමාලාව MBC බොලිවුඩ් නාළිකාව ඔස්සේ ومن الحب ما قتل (පරිවර්තනය: එවිට සාහසික ප්‍රේමයක ඇත) යන තේමාවෙන් විකාශය විය.

දෙමළ බසින් හඬකැවුණු මෙම කතාමාලාව රාජ් ටීවී නාළිකාව ඔස්සේ ගංගා යමුනා යන නාමයෙන් 2916 ජූනි 6 දින විකාශය වූයේ එතෙක් දීර්ඝතම දෙමළ රූපවාහිනී කතාමාලාව වූ සින්දු භෛරවී කතාමාලාව විස්ථාපනය කරමින් ප.ව. 7 කාල අවකාශයට ය.

ස්වරාගිනී සඳහා පාදක වී ඇත්තේ අර්ධ සොයුරියන් දෙදෙනකු වන ස්වරා සහ රාගිනීගේ සොඳුරු සහ කටුක අත්දැකීම් අලලා ය. හෙලී ෂා, වරුන් කපූර්, තේජස්වි ප්‍රකාශ් වයංගාන්කර් සහ නාමිෂ් තනේජා යන නළු නිළියන් විසින් පිළිවෙලින් ස්වරා, සංස්කාර්, රාගිනී සහ ලක්ෂ්‍ය යන චරිත නිරූපණය කරයි.

මෙම කතාමාලාව 2016 දෙසැම්බර් 16 දින අවසන් වූයේ කථාංග 473ක් සම්පූර්ණ කරමිනි.

කථාපුවත[සංස්කරණය]

ස්වරා බෙංගාලි පවුලකින් පැවතෙන්නියක වන අතර, රාගිනී අයත් වන්නේ මාර්වාරි පවුලකටයි. මෙම පවුල් දෙකම අසල්වැසියන් වුවත්, ස්වරා සහ රාගිනීගේ මිත්තණියන් එකිනෙකා කෙරෙහි දරන්නේ යහපත් අදහස් ‍නම් නොවේ. ස්වරා සහ රාගිනී අර්ධ-‍සොයුරියෝ වෙති. ස්වරාගේ මව සහ රාගිනීගේ පියා අතර අතීතයේ රහස් සම්බන්ධයක් පැවතී තිබේ. ස්වරා මේ පිළිබඳ දැනගන්නා අතර, ඇය සහ රාගිනී එක්ව සිය දෙමව්පියන් විවාහ කරවති.

රාගිනී සමග විවාහ ගිවිසගෙන සිටින ලක්ෂ් ඒ සඳහා ඔවුනට උපකාර කරයි. රාගිනී ලක්ෂ්ට පෙම්කළ ද, ලක්ෂ්ට ඇයව විවාහ කරගන්නට අවශ්‍ය නොවේ. එයට හේතුව ලක්ෂ් රහසේම ස්වරාට සෙනෙහස දැක්වීමයි. ස්වරාට ලක්ෂ් හට පෙම් කරන්නට පටන් ගැන්මත් සමග, රාගිනී ඇයට වෛර කරයි. ස්වරා සහ ලක්ෂ් විවාහ ගිවිස ගනිති. එතැනට සංස්කාර් පැමිණෙයි. ඔහු මානසික රෝගීභාවයක් පෙන්නුම් කරන්නේ ලක්ෂ් සහ ඔහුගේ පියාගෙන් පලිගැනීම පිණිසයි. ඔහු විශ්වාස කරන්නේ සිය පෙම්වතිය වූ කවිතාගේ මරණය පසුපස සිටින්නේ ඔවුන් කියා ය. රාගිනී සංස්කාර් පිළිබඳ සත්‍ය දැනගන්නා අතර, ඇය ඔහුට උපකාර කරන්නී ය. ඇය ස්වරා සහ ලක්ෂ්ගේ සම්බන්ධය බිඳ දැමීමට ඔහුට සහාය වේ. මේ පිළිබඳ ශෝභාට දැනගන්නට ලැබෙන නමුත්, හදිසි අනතුරක් හේතුවෙන් ඇය කෝමා තත්ත්වයට පත් වේ.

ස්වරා සංස්කාර්ගේ සත්‍යය දැනගනියි. ඇය ඔහුගේ වැරදි වැටහීම දුරු කර සත්‍යය වටහා දෙයි. සංස්කාර් සැමදෙනාගෙන්ම සමාව ඉල්ලා සිටියි. කෙසේනමුත්, ස්වරා තමන්ට ද්‍රෝහී වූ බව ලක්ෂ්හට ඒත්තු ගන්වන රාගිනී ලක්ෂ් සමග විවාහ වෙයි.ශෝභා කෝමා තත්වයෙන් මිදී යළි පැමිණෙන අතර, ඇය රාගිනීගේ සත්‍යය හෙළි කළ ද, කිසිවකු එය විශ්වාස නොකරයි. ෂර්මිෂ්තා සහ ෂේඛර් දික්කසාද වන්නේ ෂර්මිෂ්තා ස්වරා විශ්වාස කිරීමත් සහ ෂේඛර් රාගිනීව විශ්වාස කිරීමත් හේතුවෙනි. සංස්කාර් සමග විවාහ වන ස්වරා ලක්ෂ්ගේ නිවසට පැමිණෙයි.

ලක්ෂ් රාගිනීගේ සත්‍යය දැන ගනියි. මඳ කලකින්ම, ස්වරා, සංස්කාර් සහ ලක්ෂ් රාගිනී පිළිබඳ හෙළි කරති. ෂර්මිෂ්තා සහ ෂේඛර් යලි සමාදාන වන අතර, ඔවුන්ගේ දියණියන් ද යළි පැමිණෙති. නමුත් අමතක වීමේ රෝගයක් ව්‍යාජ ලෙසින් මවා පාන රාගිනී නැවත ලක්ෂ් වෙත යයි. ස්වරා ද සංස්කාර් වෙත යළි පැමිණෙයි. ලක්ෂ්හට ස්වරා සමග සම්බන්ධයක් ඇරඹීමට අවශ්‍ය වුවත්, ඇය ඒ පිළිබඳ තැකීමක් නොකරන්නී ය.

රාගිනී විසින් සංස්කාර් සහ ලක්ෂ්ගේ මෑණියන් ස්වරාට එරෙහිව පොළඹවන්නේ ඇය ඔවුන්ගේ පුතුන් දෙදෙනාම සමග කාලය ගතකරන බව පවසමිනි. පසුව, රාගිනී පිළිබඳ සත්‍යය හෙළි වන අතර, ස්වරා විසින් ඇයව නිවසෙන් පලවා හරියි. රාගිනී කිසිදු ස්ථානයක ද්කනට නොලැබේ. නමුත් ලක්ෂ් රාගිනීව පැහැර ගනියි. රාගිනීව යළි හමුවන විට ඔහු එම වරදට ස්වරාව හසු කරන්නට තැත් කරයි. කෙසේනමුත්, ඔහුව සිරභාරයට යැවෙයි.

පසුව, රාගිනීගේ මිත්තණිය ලක්ෂ්ගේ පියාගෙන් පොරොන්දුවක් ලබාගන්නේ රාගිනී ඔවුන්ගේ සියලු බූදලයේ හිමිකාරිණිය බවට පත්වන්නේ නම් ලක්ෂ්ව සිරභාරයෙන් නිදහස් කරදෙන බව පවසමිනි. ඔහු එයට එකඟ වේ. ස්වරා සංස්කාර් කෙරෙහි ප්‍රේමයෙන් වෙළෙයි. ස්වරා දේපළවලට අදාළ ලේඛන පැහැරගන්නා අතර, ඒ වෙනුවට ව්‍යාජ ලේඛන තබයි. ඇය සිය සැලැස්ම ලක්ෂ්ගේ පියාට ද පවසයි. මෙම ලේඛන ව්‍යාජ ඒවා බව වටහාගන්නා රාගිනී ස්වරාගෙන් සැබෑ ලේඛන ඉල්ලා සිටියි. නමුත් ස්වරා එය ප්‍රතික්ෂේප කරයි. රාගිනී දුර්ගා ප්‍රසාද් හට තර්ජනය කරන්නේ එම ලේඛන ලබා නොදුනහොත් තමන් ඔහුගේ රහස සැමදෙනාටම හෙළි කරන බව පවසමිනි. දුර්ගා ප්‍රසාද් එයට එකඟවන අතර, ස්වරාහට ලේඛන භාර දීමට සිදු වේ. රාගිනී ලේඛනවලට අත්සන් තබයි. අනතුරුව රාගිනී පවුලේ සාමාජිකයන්ට තර්ජන එල්ල කිරීම අරඹයි. ස්වරාට සංස්කාර්ගෙන් දික්කසාද වීමට අවශ්‍ය නොවූවත්, දුර්ගා ප්‍රසාද්ට තර්ජන එල්ලකොට ඔවුන් දෙදෙනා දික්කසාද කරවීමට රාගිනී ප්‍රයත්න දරයි. ස්වරා දික්කසාද ලියවිල්ලට අත්සන් තබයි. අනුතරුව ඇය මහේෂ්වරී නිවස හැර යයි. නමුත් ඇය දුර්ගා ප්‍රසාද්ගේ රහස පිළිබඳ සැළකිලිමත් ය.

ස්වරා දුර්ගා ප්‍රසාද්ගේ රහස හෙළි කරගන්නා අතර, රාගිනී ඉදිරියේ පවුලේ සියලු දෙනාටම ඇය රහස අනාවරණය කරයි. එවිට මියගියේ යැයි සිතූ සංස්කාර්ගේ පෙම්වතිය වන කවිතා ද පැමිණෙයි. කවිතා වසර දෙකක් තිස්සේ කෝමා තත්ත්වයෙන් පෙළෙමින් සිට ඇත. කවිතා සහ සංස්කාර් විවාහ ගිවිස ගනිති. නමුත් ස්වරා සහ සංස්කාර් එකිනෙකාට පෙම් කරන බව වටහා ගන්නා ඇය එම ගිවිස ගැනීම අවලංගු කරයි. ජානකීගේ සොයුරිය වන උර්වංශිගේ සහාය ඇතිව කවිතා ස්වරාට එරෙහිව කුමන්ත්‍රණ සැලසුම් කරයි. ඌර්වංශි, ෂර්මිෂ්තා හට වෛර කරන්නේ ඇය සිය සොයුරි‍යගේ මරණයට වගකිව යුතු බව සිතමිනි. කවිතා සහ ඌර්වංශිගේ සැලසුම ව්‍යර්ථ වේ. ස්වරා සහ රාගිනී යළි සමාදාන වන්නේ ලක්ෂ් තමන්ට පෙම් කරන බව රාගිනී සිතන හෙයිනි. නමුත් සැබැවින්ම රාගිනීට ව්‍යාජ සෙනෙහසක් දක්වන ලක්ෂ් ඇගෙන් දික්කසාද ලියවිල්ලට අත්සන් ගනියි. ස්වරා සහ සංස්කාර් විවාහ වෙති. නමුත් රාගිනීට ද්‍රෝහී වන ලක්ෂ් කාව්‍යා විවාහ කරගනියි. කාව්‍යා දුෂ්ට තැනැත්තියක වන අතර, මඳ කලකින්ම ඇය පිළිබඳ අනාවරණය වන අතර, ඇයව සිරභාරයට ගැනෙයි. පසුව සිය වරද වටහා ග්නනා ලක්ෂ් රාගිනීට පෙම් කරයි. රාගිනී සහ ලක්ෂ් නැවත විවාහ වන අතර, සිය විවාහ දිවිය අරඹති. ස්වරා සහ සංස්කාර් ද සිය යුග දිවිය අරඹා තිබේ.

ලක්ෂ් සහ සංස්කාර්ගේ සොයුරා වන ආදර්ශ්ගේ භාර්යාව වන පරිනීතා රාගිනී සහ ස්වරාට ඊර්ෂ්‍යා කරන්නේ සැමදෙනාගේම අවධානය ඔවුන් වෙත යොමුවන නිසායි. පරිනීතා කුමන්ත්‍රණ සිදුකරයි. සංස්කාර්ගේ සොයුරිය වන උත්තරා රජත්හට ප්‍රේම කරයි. නමුත් රජත් හට උත්තරාව විවාහ කරගන්නට අවැසි වන්නේ ඇය සතු ධනය හිමි කරගැනීමටයි. රජත්ගේ සත්‍යය ස්වරා දැනගනියි. රජත් පිළිබඳ ඇය රාගිනී, ලක්ෂ්‍ය සහ සංස්කාර් හට හෙළි කරයි. උත්තරා සහ රජත්ගේ විවාහය අවලංගු කෙරේ. පසුව රජත් ස්වාරව පැහැර ගන්නා අතර, සංස්කාර් ඔහු පසුපස හඹා යයි. සංස්කාර් ඔවුන්ව සොයාගන්නා අතර, එවිට ස්වරා රජත්හට වෙඩිතබන මෙන් ඔහුට පවසයි. සංස්කාර් රජත් හට වෙඩි තබන අතර, ඔහු කඳු ගැටයකින් පහළට ඇදවැටෙන්නේ ස්වරාව ද රැගෙන ය.

ස්වරාව රොක් තරුවක් වන සහිල් සේන්ගුප්තා විසින් බේරාගනු ලැබෙයි. ස්වරාගේ දිවිය ආරක්ෂා වුව ද, ඇයට ඇගේ මතකය අහිමි වී යයි. සහිල් සමග ස්වරා ඇගේ දෙමාපියන්ගේ නිවස වෙත පැමිණෙයි. ඇයට සිහියට නැගෙන්නේ රාගිනී, ශෝභා සහ ෂර්මිෂ්තාගේ මුහුණු පමණි. ඇයට සංස්කාර් පිළිබඳ මතක නැත. සහිල් ස්වරාට පෙම් කරයි. නමුත් ස්වරා සහ සංස්කාර් විවාහ වී ඇති බව ඔහු දැනගනියි. ඇයව සහ සංස්කාර්ව යළි එකතු කිරීමට සහිල් පොරොන්දු වේ. නමුත් ඔහුට අවශ්‍ය වන්නේ ස්වරාගේ ප්‍රේමය පමණි. ස්වරා ඉදිරියේ ඔහු සංස්කාර් පිළිබඳ අයහපත් ප්‍රතිරූපයක් මවා පෙන්වයි. පසුව ස්වරාට ඇගේ සිහිය යළි ලැබෙයි. සහිල් ඇයව පැහැරගෙන ගොස් විවාහ කරගන්නට තැත් කරයි. නමුත් සහිල්ගේ සැලැස්ම අසාර්ථක වේ. සහිල්ගේ මෑණියන් වන මායා ස්වරා, රාගිනී, ලක්ෂ්‍ය සහ සංස්කාර්හට උපකාර කරයි. සහිල්ව සිරභාරයට ගැනෙන අතර, ඔහුගෙන් ස්වරා සහ සංස්කාර්ගේ දිවියට බාධා නොපැමිණෙයි.

ෂර්මිෂ්තා නැවත වරක් ගැබ්ගෙන අතර, පාර්වතී එයට විරුද්ධ වන්නී ය.මහේෂ්වරී පවුල ද මෙම ගැබ් ගැනීම පිළිබඳ විරුද්ධ වේ. තමන් ද ගර්භනී යැයි රාගිනී මුසාවක් පවසන්නේ එවිට එම දරුවා තමන්ට සහ ලක්ෂ් හට හදාවඩා ගත හැකි නිසායි. රාගිනී හට සිය ව්‍යාජ ගර්භනීභාවය පිළිබඳ ස්වරාට පවසන්නට අවශ්‍ය වුවත්, එය සිදුකළ නොහැකි වේ. පරිනීතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් රාගිනී‍ගේ ව්‍යාජ ගර්භනීභාවය පවුලේ සෑමදෙනාටම හෙළි‍ වෙයි. ස්වරා සහ සංස්කාර් ඇයට සහාය වුව ද, මහේෂ්වරී පවුල රාගිනී පිළිබඳ පසුවන්නේ කෝපයෙනි. සිදුවීම් වමාලාවකින් පසුව ඇයට සමාව හිමි වෙයි. ෂර්මිෂ්තා ඇගේ නිවසේ දී ඇද වැටෙන අතර, ඇයව රෝහල්ගත කෙරේ. වෛද්‍යවරයා පවසන්නේ ෂර්මිෂ්තාගේ දරු ගැබ ගබ්සා වී ඇති බවයි. නමුත් සැබැවින්ම පාර්වතී විසින් හෙදියට මුදල් දී පැවසූ මුසාවකි, එය. පාර්වතී විසින් ෂර්මිෂ්තාගේ දරුවා යාචකයකු හට ලබා දෙයි. පරිනීතා රාගිනී හට තර්ජන එල්ල කරයි. පරිනීතා අතුරුදන් වන අතර, ඇගේ මව වන සුලේඛා මහේෂ්වරී නිවසට පැමිණෙන්නේ ඇයව සොයමිනි. පරිනීතාව සොයාගැනීමට ඇය ස්වරාගේ සහාය ඉල්ලයි. නමුත් රාගිනී, අන්නපූර්ණා සහ සුජාතා ඇයව වළකති. ෂර්මිෂ්තාගේ දරුවා තවමත් ජීවත් වන බව දැනගන්නා ස්වරා, පාර්වතීගේ සැලසුම හෙළි කරගනියි. ස්වරා සහ සංස්කාර් එම දරුවාව සොයමින් අනාථ නිවෙසක් වෙත ගිය ද, ඒ වනවිටත් එම දරුවා හදාගන්නට රැගෙන ගොස් ඇති බව හෙළි වේ. ෂර්මිෂ්තාගේ දරුවා ජීවත් වන බව රාගිනී ද දැන සිටින්නී ය.

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන චරිත[සංස්කරණය]

ආවර්තී චරිත[සංස්කරණය]

  • නුපුර් අලංකාර්, ගයාත්‍රි භාණ්ඩාරි ලෙස; චිරාග්ගේ මව
  • මනෝජ් චාන්ඩිලා, චිරාග් භාණ්ඩාරි ලෙස; උත්තරාගේ හිටපු විවාහ ගිවිසගත් තැනැත්තා
  • ප්‍රතාප් හාඩා, නිඛිල් චැටර්ජි ලෙස; ස්වරාගේ ළමාවියේ මිතුරෙකි.
  • තෂීන් ෂා, මිෂ්කා අභිමන්යු ඛන්නා ලෙස අභිමන්යුගේ දියණියයි.
  • පරිනීතා බොර්ඨාකුර්, ෂර්මිෂ්තා ෂේඛර් ගඩෝදියා ලෙස; ස්වරාගේ මවයි.
  • සචින් ත්‍යාගි, ශේඛර් දීන්දයාල් ගඩෝදියා ලෙසඤ ස්වරා සහ රාගිනීගේ පියායි.
  • ශාලිනි කපූර් සාගර්, අන්න්පූර්ණා දුර්ගා ප්‍රසාද් මහේෂ්වරී ලෙස; ලක්ෂ්‍ය සහ ආදර්ශ්ගේ මවයි.
  • නාගේශ් සල්වාන්, දුර්ගා ප්‍රසාද් මහේෂ්වරී ලෙස; ලක්ෂ්‍ය සහ ආදර්ශ්ගේ පියායි.
  • සොනිකා හන්දා, සුජාතා රාම් ප්‍රසාද් මහේෂ්වරී ලෙස; සංස්කාර් සහ උත්තරාගේ මවයි.
  • අමර් ෂර්මා, රාම් ප්‍රසාද් මහේෂ්වරී ලෙස; සංස්කාර් සහ උත්තරාගේ පියායි.
  • තරුන් සිං, ආදර්ශ් දුර්ගා ප්‍රසාද් මහේෂ්වරී ලෙස; ලක්ෂ්‍යගේ සොහොයුරායි.
  • ඒක්තා මේතායි/ඛ්‍යාති මංගලා, උත්තරා රාම් ප්‍රසාද් මහේෂ්වරී ලෙස; සංස්කාර්ගේ සොයුරියයි.
  • ආකන්ෂා චමෝලා, පරිනීකා ආදර්ශ් මහේෂ්වරී ලෙස; ආදර්ශ්ගේ භාර්යාවයි.
  • අල්කා කෞෂාල්, පාර්වතී දීන්දයාල් ගඩෝදියා ලෙස; ස්වරා සහ රාගිනීගේ මිත්තණියයි.
  • අභිජිත් ලාහිරි, දීන්දයාල් ගඩෝදියා ලෙස; ස්වරා සහ රාගිනීගේ මුත්තණුවන් ය.
  • තනිමා සේන්, ශෝභා බෝස් ලෙස; ස්වරාගේ මිත්තණියයි.
  • මුඝ්ධා ෂා, සුලේඛා ලෙස; පරිනීතාගේ මෑණියන් ය.
  • මෝහිත් ඒබ්‍රල්, රජක් ලෝධා ලෙස; උත්තරා සමග පෙර විවාහ ගිවිසගෙන සිටි තැනැත්තායි.
  • රූප් දුර්ගපාල්, ටානියා මල්හෝත්‍රා/කාව්‍ය ලෙස; ලක්ෂ්‍යගේ හිටපු භර්යාවයි.
  • මයුර් වර්මා, කාර්තික් මල්හෝත්‍රා ලෙස; කාව්‍යාගේ සොහොයුරායි.
  • නිකිතා ෂර්මා, කවිතා රෝයි ලෙස; සංස්කාර් සමග පෙර විවාහ ගිවිසගෙන සිටි තැනැත්තියයි.
  • සෝනියා සිං, ඌර්වංශි කටාරියා ලෙස; රාගිනීගේ නැන්දණියයි.
  • සෝනියා ෂා, කාවේරි රෝයි ලෙස; කවිතාගේ මෑණියන් ය.
  • දල්ජීත් කොවුර් භානොට්, ජානකී ශේඛර් ගඩෝදියා ලෙස; රාගිනීගේ සැබෑ මවයි.

ආරාධිත තරු[සංස්කරණය]

හරස්මාරු (Crossover) කථාංග[සංස්කරණය]

ත්‍රිශක්ති[සංස්කරණය]

ත්‍රිශක්ති යනු මාලා නාට්‍ය තුනකින් සමන්විත ඛණ්ඩයකි. මෙය හරස්මාරු (crossover) අවස්ථාවක් නොවූව ද, සෑම කතාමාලාවක්ම කුඩා කොටස්වල වෙන් කිරීම සිදුවේ. සෑම කතාමාලාවකම කොටසක් අනෙක් කතාමාලාවෙහි ප්‍රදර්ශනය කෙරේ. ත්‍රිශක්ති 9ක් දක්නට ලැබේ. කතාමාලාවල වීරවරියන් තිදෙනා සෑම ත්‍රිශක්ති ඛණ්ඩයකම ප්‍රධාන චරිතය හොබවයි.

ත්‍රිශක්ති කථාංග[සංස්කරණය]

ත්‍රිශක්ති අං. විකාශන දිනය කතාමාලාව අං. 1 කතාමාලාව අං. 2 කතාමාලාව අං. 3
1 පෙබරවාරි 19, 2016 ඉෂ්ක් කා රන්ග් සෆේද් තප්කි ප්‍යාර් කි සසුරාල් සිමර් කා
2 මාර්තු 10, 2016 ඉෂ්ක් කා රන්ග් සෆේද් තප්කි ප්‍යාර් කි සුසරාල් සිමර් කා
3 මාර්තු 17, 2016 තප්කි ප්‍යාර් කි සසුරාල් සිමර් කා බාලිකා වධු.[2]
4 මාර්තු 29, 2016 තප්කි ප්‍යාර් කි සසුරාල් සිමර් කා උදාන්
5 අප්‍රේල් 8, 2016 තප්කි ප්‍යාර් කි සසුරාල් සිමර් කා උදාන්
6 අප්‍රේල් 21, 2016 ඉෂ්ක් කා රන්ග් සෆේද් තප්කි ප්‍යාර් කි සසුරාල් සිමර් කා
7 මැයි 12, 2016 සසුරාල් සිමර් කා උදාන් ස්වරාගිනි
8 මැයි 20, 2016 තප්කි ප්‍යාර් කි සසුරාල් සිමර් කා උදාන්
9 මැයි 26, 2016 තප්කි ප්‍යාර් කි සසුරාල් සිමර් කා බාලිකා වධු
  • පළමු ත්‍රිශක්ති කථාංගයේ දී, තප්කි (ජිග්‍යාසා සිං) ධානි (ඊෂා සිං) හට අමතන අතර, 2016 පෙබරවාරි මස හරස්මාරු කථාංගයේ දේවාලයේ දී හමුවීමෙන් ඔවුන් මිතුරියන් බවට පත්ව ඇති බව ඉන් නිරූපණය වේ. තමන් සිය ගෞරවය හෝ ප්‍රේමය යන දෙකෙන් කුමක් තෝරාගත යුතු දැයි නොදන්නා බව ධානි පවසයි. තප්කි පවසන්නේ හදවත පවසන දෙය සිදුකළ යුතු බවයි. අනතුරුව ධානි තප්කිහට ස්තුති කරයි.
  • පළමු ත්‍රිශක්ති කථාංගයේ දී, ශ්‍රද්ධා තප්කි හට දාදෝජි හල්වායි වෙතින් ලඩ්ඩු ඇනවුම් කරන ලෙස පවසයි. ඇය සිමාර් (දීපිකා කාකාර්) හට අමතන අතර, ඇගේ වෙළඳසැලට ඇනවුම භාරදෙන මෙන් පවසන්නේ ඇය සතුව එහි දුරකථාන අංකය නොමැති හෙයිනි. සිමාර් එයට එකඟ වන්නී ය. තප්කි දුරකථනයෙන් අමතන අතර, ශ්‍රද්ධා ඇයට බැණවදියි. අනතුරුව ශ්‍රද්ධා ඇයට බැණවැදීමට හේතුව සිමාර් විමසයි. එය දිගු කථාවක් බව පවසන ඇය, තප්කිව අගය කරන්නේ ඇය වැනි නීර්භීත ලේලියක සොයාගැනීමට අපහසු බව පවසමිනි. සිය ඇනවුම භාර ගැනීම පිළිබඳ තප්කි සිමාර්ට ස්තුති කරයි.

සම්මාන[සංස්කරණය]

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය ලාභියා ප්‍රතිඵලය
2015 සී ස්වර්ණ සම්මාන ඍණාත්මක චරිතයක හොඳම නිළිය අල්කා කෞශාල් නිර්දේශිත
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන ඍණාත්මක චරිතයක හොඳම නිළිය තේජස්වි ප්‍රකාශ් වයංගාන්කර්
2016 කලර්ස් රන් පත් සම්මාන හොඳම කතාමාලාව ස්වරාගිනි
වඩාත් ජේත්තුකාර පෞරුෂය තේජස්වි ප්‍රකාශ් වයංගාන්කර්
හොඳම නළුවා (ආරම්භක) නමිෂ් තනේජා
ප්‍රහසන භූමිකාවක හොඳම චරිතය සොනිකා හන්දා
සහාය චරිතයක හොඳම නිළිය පරිනීතා බෝර්ඨාකුර්
හොඳම නිළිය හෙලී ෂා දිනාගති
හොඳම නළුවා වරුන් කපූර්
හොඳම යුවළ වරුන් කපූර් සහ හෙලී ෂා

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "ස්වරාගිනී එපිසෝඩ්ස්". Swaragini. 14 නොවැම්බර් 2014. සම්ප්‍රවේශය 15 නොවැම්බර් 2014.
  2. "කලර්ස් ටීවී ෂෝ/සීරියල් - එපිසෝඩ්ස්, වීඩියෝස් ඔන්ලයින් ඔන් කලර්ස්". aapkacolors.com. සම්ප්‍රවේශය 2016-04-24.