සත්ව අයිතිවාසිකම්

විකිපීඩියා වෙතින්
ක්‍රි.පූ. 9 වන සියවසේදී 23 වන තිර්තන්කර, පාර්ශ්වනාත ජෛන ආගම සහ අහිංසා පුනර්ජීවනය කල අතර එය ආසියාවේ රැඩිකල් සත්ව ව්‍යාපාරයට මග පෑදිය.
පුරාණ දමිල දාර්ශනිකයකු වූ වල්ලුවර් සිය තිරුකුරල්හි අහිංසා සහ සදාචාරාත්මක ශාකාහාරවාදය ස්වකීය ගුණාංගයක් ලෙස පවසා ඇත.

සතුන්ගේ පැවැත්ම, සතුන්ට පමණක්ම තීරණ ගත හැකි, සතුන්ම සන්තක දෙයක් බවට ප්‍රකාශ කරන, ඔවුන්ගේ, දුක් වේදනා වළක්වා ගැනීමේ අවශ්‍යතාව වැනි මූලික අවශ්‍යතාවන්ට, මිනිසුන්ගේ එවැනි අවශ්‍යතාවන්ට සමානවම සැළකීම පිළිබඳව ප්‍රකාශ කරනු ලබන මතය "සත්ව අයිතිවාසිකම්" යන්නෙන් පැහැදිලි කරයි.[1] එනම් ඇතැම් සත්ව විශේෂයන්ට, ඔවුන්ගේ අවශ්‍යතාවන් හා වුවමනාවන්ට ගරුකරමින් සැළකීමත්, හැගීම් දැනීම් නොමැති වස්තූන් ලෙස සැළකීමෙන් වැළකී සිටීමත් ය.

සත්ව විශේෂයාගේ සාමාජිකත්වය පමණක් පදනම් කොටගෙන සතුන්ට මූලික ආරක්ෂාවන් හා සදාචාරාත්මක වටිනාකම් පැවරීමට මෙම මතය දරන්නන් විරුද්ධ වෙති. රිචඩ් ඩී. රයිඩර් (Richard D. Ryder) විසින් හඳුන්වාදුන්, විශේෂවාදය (speciesman) නමින් හැඳින්වෙන මෙම මතය අගතියෙන් යුත් අතාර්කික මතයක් යන්න මොවුන්ගේ විශ්වාසයයි.[2] සතුන් තවදුරටත් දේපළ ලෙස හෝ ආහාර, ඇඳුම් පැළඳුම්, පර්යේෂණ විෂයයන්, විනෝදාස්වාදය හෝ භයානක මෘගයන් ලෙස හෝ භාවිතා නොකළ යුතු බව ඔවුන්ගේ මතයයි.[3] ජෛන ආගම, තාඕවාදය, හින්දු ආගම, බුද්ධාගම, ෂින්ටොවාදය සහ animism වැනි ලොව පුරා ආගම් සහ දරශනයන් විවිධාකාරයෙන් සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටියි.

සදාචාරාත්මක අයිතිවාසිකම් පිළිබඳ විවාදයට සමගාමීව, උතුරු ඇමෙරිකාවේ නීති විද්‍යාලවල, සත්ව නීතිය පුළුල්ව උගන්වනු ලබන අතර, ස්ටීවන් එම්. වයිස් සහ ගැරී එල්. ෆ්‍රැන්චෝනී වැනි ප්‍රමුඛ නීති විශාරදයින්, මානව නොවන සතුන් සදහා වන මූලික නෛතික අයිතිවාසිකම් සහ එයට හිතකර ලෙස පෞරුෂත්වය පුළුල් කිරීම වෙනුවෙන් පෙනී සිටියි. පෞරුෂත්වය පිළිබඳව වන තර්කවලදී බොහෝවිට සළකා බලන්නෙ හොමිනයිඩ් ප්‍රභේදයට අයත් සතුන්ය. විශේෂවාදයේ බාධකයෙන් මෙය බීඳි යනු ඇති බැවින් ඇතැම් සත්ව අයිතිවාසිකම් පිළිබඳ විද්වතුන් මෙයට සහය පළ කළත්, අනෙක් අය මෙයට විරුද්ධ වන්නේ සදාචාරාත්මක වටිනාකම, හැඟීම් මත පමණක් නොව, මානසික සංකිර්ණතාව මතද පුරෝකථනය කරන බැවිනි.[4] 2019 නොවැම්බර් වන විට රටවල් 29ක් විසින් හොමිනොයිඩ් අත්හදා බැලීම් තහනම් කර ඇති අතර, 2014 පටන් ක්‍රියාත්මකවන පරිදි ආජන්ටිනාව විසින් මිනිසුන් භාරයේ සිටින ඔරන්උටන් සතුන්ට මූලික මානව හිමිකම් ලබාදී ඇත.

සත්ව අයිතිවාසිකම් පිළිබඳ විවේචකයන් තර්ක කරන්නේ මානුෂික නොවන සතුන්ට සමාජ ගිවිසුමක් ඇතිකරගත නොහැකි බවත්, එම නිසා අයිතිවාසිකම්වල හිමිකරුවන් විය නොහැකි බවත් ය. මිනිසුන්ට පමණක් රාජකාරි ඇති බවත්, එම නිසා මිනිසුන්ට පමණක් අයිතිවාසිකම් ඇතිබවත්, ඉහත කරුණ සාරාංශගත කරන රොජර් ස්කෲටන් තර්ක කරයි. උපයෝගිතාවාදය හා බැඳී ඇති තවත් තර්කයක් වන්නේ, අනවශ්‍ය දුක් වේදනා නොමැති තාක්කල් සතුන් සම්පත් ලෙස භාවිතා කළ හැකි බවයි; ඔවුන්ට යම් සදාචාරාත්මක ස්ථාවරයක් තිබිය හැකි නමුත්, ඔවුන් මිනිසුන්ට වඩා පහත් මට්ටමක සිටින බවයි; "අවශ්‍ය" දුක් වේදනා හෝ නිත්‍යානුකූල පරිත්‍යාගයන් සැළකිය යුතු ලෙස වෙනස් වුවද, සතුන්ගේ ඕනෑම අභිලාෂයක් අභිබවා යා හැකි බවයි.[5] සත්ව විමුක්ති පෙරමුණ විසින් ලොම් ගොවිපළවල් සහ සත්ව රසායනාගාර විනාශ කිරීම වැනි ඇතැම් ක්‍රියාවන්නම් සත්ව අයිතිවාසිකම් පෙරමුණ තුළම විවේචනයට ලක්වී ඇති අතර Animal Enterprise Terrorism Act (AETA) ඇතුළුව, මෙම ක්‍රියාකාරකම් ත්‍රස්තවාදය ලෙස නඩු පැවරීමට ඉඩ සළසන නීති පැනවීමට අදාළව එක්සත් ජනපද කොන්ග්‍රසයේ ප්‍රතිචාරය ද විමසා ඇත.[6]

බටහිර ලෝකයේ ඓතිහාසික පිබිදීම[සංස්කරණය]

පුරාණ ලෝකයේ සදාචාරාත්මක පසුබිම සහ සතුන්[සංස්කරණය]

ඇරිස්ටෝටල් සතුන්ට විචාර බුද්ධියක් නොමැති අතර මිනිසුන් ස්වභාවික ලෝකයේ ඉහලින්ම ඇති බවට තර්කයක් ඉදිරිපත් කර ඇත.

සතුන්ට හේතුවක් නොමැති බවට ප්‍රකාශ කළ ඇරිස්ටෝටල් (Aristotle), මිනිසුන් ස්වභාවික ලෝකයේ ඉහළින්ම තැබුවේය. එනමුත් පුරාණ ග්‍රීසියේ සතුන් කෙරෙහි තිබූ ගෞරවය ඉතා ඉහළ විය. සමහර සතුන් දිව්‍යමය ලෙස පවා සලකනු ලැබීය (උදා. ඩොල්ෆින්). "Book of Genesis"හි 1:26 (ක්‍රි.පූ. 5 හෝ 6 වන සියවස) උපුටාගැනීමේ සඳහන් ලෙසට, ආදම් හට "සයුරේ මත්ස්‍යයන්ටත්, ආකාශයේ පක්ෂීන්ටත්, ගව මහීෂාදීන්ටත්, මහ පොළව පුරාවටත්,පොළොව මත බඩගා යන්නන් සියල්ලටමත් ආධිපත්‍යය" ලබා දීය. ආධිපත්‍යය සඳහා දේපළ අයිතිවාසිකම් ලබා ගත යුතු නැති මුත් සමහරු එය "හිමිකාරිත්වය" යන්නෙන් සියවස් ගණනාවක් පුරා අර්ථකථනය කර ඇත.[7]

සමකාලීන දාර්ශනික බර්නාඩ් රෝලින් (Bernard Rollin) එය සටහන් කරන්නේ, "ආධිපත්‍යය විසින් හිංසනයට දෙන ඉඩකඩ,දෙමාපියෙකුට තම දරුවා පිළිබඳ ඇති ආධිපත්‍යය මගින් දෙන ඉඩට නොඅඩු වේ." රෝලින් තවදුරටත් පවසන්නේ දස පනතේ ප්‍රකාශ කර ඇති බයිබලානුකුල සබත් අවශ්‍යතාවය අනුව "සතුන්ටද මිනිසුන්ට මෙන් දිනයක විවේකයක් ලබා දිය යුතුයි. එමෙන්ම 'ගවයෙකු හා බූරුවෙකු එකවර සීසෑම' බයිබලය තහනම් කරයි."(ද්වි. 22: 10–11). රබ්බිවරුන්ගේ සම්ප්‍රදායට අනුව, මෙම තහනම පැන නගින්නේ බූරුවෙකුට ගොනෙකු සමඟ සමව වැඩකිරීමට බල කිරීම නිසා බූරුවෙකුට විඳීමට සිදුවන දුෂ්කරතාවයන් සැළකිල්ලට ගෙන වන අතර, ඇත්ත වශයෙන්ම ගවයෙකු, බූරුවෙකුට වඩා ශක්තිමත් බැවිනි. ඒ හා සමානව, ගවයෙකු ධාන්‍ය මඩින විට ගවයාට මුඛවාඩම් දැමීම තහනම් ය (ද්වි. 25: 4-5). එමෙන්ම නගරයක් වටලන විට ගස් විනාශ කිරීමට එරෙහිව පාරිසරික තහනමක් පවා ඇත (ද්වි. 20: 19-20). නෝර්ම් ෆෙල්ප්ස් (Norm Phelps) විසින් ද තහවුරු කරන ලද කරුණක් නම් "මෙම පුරාණ රෙගුලාසි, දැන් මුලුමනින්ම පාහේ අමතක වී ඇති අතර, සතුන්ගේ තත්වය තමන් තුළම අවසන්වන ආකාරය පිළිබඳ ප්‍රබල අවබෝධයක් ලබා දෙයි" යන්නයි.

දාර්ශනික හා ගණිතඥ පයිතගරස් (Pythagoras) (ක්‍රි.පූ. 580 - ක්‍රි.පූ. 500) සතුන්ට ගරු කරන ලෙස ඉල්ලා සිටි අතර මිනිස් හා මිනිස් නොවන ආත්මයන් මිනිසාගෙන් සත්වයාටත්,නැවත අනෙක් අතටත්, නැවත ඉපදීම සිදු වන බවට විශ්වාස කළේය.[8] මෙයට එරෙහිව, දාර්ශනික ප්ලේටෝගේ සිසුවෙකු වන ඇරිස්ටෝටල් (ක්‍රි.පූ. 384–322) කියා සිටියේ, මානුෂික නොවන සතුන්ට තමන්ගේම අභිලාෂයන් නොමැති බවත්, ඔවුන් මහා දාමයේ මිනිසුන්ට වඩා පහළින් සිටින බවත්ය. සතුන්ගේ වර්ගීකරණයක් නිර්මාණය කළ ප්‍රථමයා ඔහු ය; මිනිසුන් සහ අනෙකුත් විශේෂ අතර යම් සමානකම් ඇති බව ඔහු වටහා ගත් නමුත් බොහෝ දුරට ප්‍රකාශ කළේ සතුන්ට හේතුව (Logos), තර්කනය (Logismos), චින්තනය (Dianoia, Nous) සහ විශ්වාසය (Doxa) නොමැති බවයි.[9]

ඇරිස්ටෝටල්ගේ ශිෂ්‍යයෙකු වන තියෝෆ්‍රාස්ටස් (Theophrastus) (ක්‍රි.පූ. 371 - ක්‍රි.පූ 287), සතුන්ටද තර්කනය ඇති බවට තර්ක කළ අතර මස් අනුභවයට විරුද්ධ වූයේ එය ඔවුන්ගේ ජීවිතය සොරකම් කළ නිසා හා අයුක්ති සහගත බැවිනි. [10] [11] තියෝෆ්‍රාස්ටස් ජය ගත්තේ නැත; ඇරිස්ටෝටල් ආරක්ෂා කිරීමට උත්සාහ කළ ධූරාවලිය තෝරා ගනිමින් බටහිර ක්‍රිස්තියානි සම්ප්‍රදායේ උරුමක්කාරයන් වෙත සතුන් පිළිබඳ වර්තමාන ආකල්ප සොයාගත හැකි බව රිචඩ් සෝරාබ්ජි ලියයි. [12]

ප්ලූටාර්ක් (Plutarch) (ක්‍රි.ව. 1 සී.) සිය "කැටෝ ද එල්ඩර් ගේ ජීවිතය" (life of Cato the Elder) හි සඳහන් කරන්නේ නීතිය සහ යුක්තිය පුරුෂයින්ට පමණක් අදාළ වන බවත් තිරිසනුන් කෙරෙහි ප්‍රතිලාභ සහ පුණ්‍ය කටයුතු මෘදු හදවතක ලක්ෂණය බවත්ය. කැටෝ විසින්ම සතුන්ට සහ වහලුන්ට හුදු ප්‍රයෝජනයක් ලබාගත හැකි දේවල් ලෙස සැළකීම, නිවැරදි කිරීමක් හා දියුණුවක් ලෙස මෙයින් ඔහු අදහස් කරයි.

ටොම් බීචම්ප් (Tom Beauchamp) (2011) ලියන්නේ සතුන්ට සැළකිය යුතු ආකාරය පිළිබඳ පෞරාණික මතයන් පිළිබව වඩාත් පුළුල් විස්තරයක් ලියා ඇත්තේ නියෝප්ලාටෝනවාදී දාර්ශනික පෝර්ෆිගේ (Porphyry) (ක්‍රි.ව. 234 - ක්‍රි.ව. 305) "On Abstinence from Animal Food" සහ "On Abstinence from Killing Animals" හි බවයි.[13]

17 වන සියවස: සතුන් ස්වයංක්‍රීයයන් සේ සැළකීම[සංස්කරණය]

යුරෝපයේ මුල් සත්ව ආරක්ෂණ නීති[සංස්කරණය]

රිචඩ් ඩී. රයිඩර්ට අනුව, යුරෝපයේ ප්‍රථම සත්ව ආරක්ෂණ නීති 1635 දී අයර්ලන්තයේ සම්මත විය. එයට අනුව බැටළුවන්ගේ ලොම් ඇදීම සහ අශ්වයන්ගේ වලිගවලට නගුල් ඇල්ලීම තහනම් කර ඇති අතර එය “තිරිසනුන්ට කරන කුරිරුකම” ලෙස සඳහන් කරයි.[14] 1641 දී උතුරු ඇමරිකාවේ ගෘහස්ථ සතුන් ආරක්ෂා කිරීම සඳහා වූ පළමු නීති සංග්‍රහය මැසචුසෙට්ස් බේ ජනපදය විසින් සම්මත කරන ලදී.[15] යටත් විජිතයේ ව්‍යවස්ථාව පදනම් වූයේ පූජකවරයෙකු, ඉංග්‍රීසි නීතිඤ්යෙකු, පියුරිටන් පූජකවරයකු සහ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වූ නතානියෙල් වෝඩ් (1578–1652) විසින් රචිත "The Body of Liberties" ග්‍රන්ථය මතය. වෝඩ්ගේ “චාරිත්‍ර” ලැයිස්තුවේ 92වන "චාරිත්‍රය": “සාමාන්‍යයෙන් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා ඇති කරන තිරිසන් මැවිල්ලක් සඳහා කිසිම මිනිසෙක් යටහත් පහත්කම් (Tirrany) හෝ කුරිරු ක්‍රියා (Crueltie) නොකළ යුතුය” යන්නයි. ඉතිහාසඥ රොඩ්රික් නැෂ් (1989) ලියන්නේ යුරෝපයේ රෙනේ ඩෙකාට්ගේ බලපෑමේ උච්චතම අවස්ථාවේ දී -සතුන් හුදෙක් ස්වයංක්‍රීයයන් බව ඔහුගේ මතය තිබියදී- නව එංගලන්ත ජාතිකයන් විසින් සතුන් හැඟීම් නොදැනෙන යන්ත්‍ර නොවන බවයට නීතියක් නිර්මාණය කිරීම විශේෂයක් වන බවයි.[16]

පියුරිටන්වරු එංගලන්තයේ ද සත්ව ආරක්ෂණ නීති සම්මත කළහ.කැත්ලීන් කේට් ලියන්නේ 1654 දී සත්ව සුභසාධන නීති සම්මත කරන ලද්දේ ආරක්ෂකයින්ගේ ආඥාපනතේ කොටසක් ලෙස බවත්- ඔලිවර් ක්‍රොම්වෙල්ගේ රජය යටතේ(1599-1658), එය ඉංග්‍රීසි සිවිල් යුද්ධයෙන් පසුව 1653 සිට 1659 දක්වා පැවති බවත්ය. ක්‍රොම්වෙල්, සත්ව මාංශ මෘදු කිරීමේ අරමුණෙන් යැයි පවසමින් සිදු කෙරුණු රුධිර ක්‍රීඩා වලට අකමැති වූ අතර එයට කුකුල් පොර, කුකුළන් විසි කිරීම, සුනඛ සටන්, ගොන් පොර සහ ගොන් ධාවන තරඟද අයත් විය. මේවා ගම්වල සහ පොළවල්වල උදාසීනත්වය, බේබදුකම සහ සූදුව සමඟ ඵක්ව බැඳී තිබූ අයුරු දැකිය හැකි විය. කේට්ට අනුව පියුරිටන්වරු බයිබලයේ ඇති සතුන්ට වඩා මිනිසා කෙරෙහි ඇති ආධිපත්‍යය අර්ථකථනය කළේ අයිතිවාසිකම්කට වඩා වගකිවයුතු භාරකාරත්වයක් ලෙසයි. රුධිර ක්‍රීඩා වලට ඇති විරුද්ධත්වය මිනිසුන්ගේ ජීවිතවලට පියුරිටනවරුන්ගේ අත පෙවීමේ කොටසක් ලෙස පෙනී ගිය අතර, 1660 දී II වන චාල්ස් නැවත සිංහාසනාරූඪ වූ පසු ඇතිකළ ප්‍රතිසංස්කරණයේදී සත්ව ආරක්ෂණ නීති අවලංගු කරන ලදී.[17]

රෙනේ ඩෙකාට් (René Descartes)[සංස්කරණය]

සතුන් සතුටකින් තොරව ආහාර අනුභව කරයි, වේදනාවක් නොමැතිව හඬයි, වැඩෙන බව නොදැන වැඩෙයි: ඔවුන් කිසිවක් බලාපොරොත්තු නොවෙයි, කිසිවකට බිය නොවෙයි, කිසිවක් පිළිබඳව නොදනීයි.— නිකලස් මෙල්බ්‍රාන්ච් (Nicolas Malebranche) (1638-1715)

17 වන ශතවර්ෂය රනින් ලියවූ ශ්‍රේෂ්ඨ ප්‍රංශ දාර්ශනික රෙනේ ඩෙකාට් (1596-1650), විසින් රචිත "Meditations on First Philosophy" (1641) ග්‍රන්ථයෙන් 20 වන සියවස තුළද සතුන් පිළිබඳ ආකල්ප වැඩිදියුණු විය.[18] විද්‍යාත්මක පුනරුදය අතරතුර ලියමින් ඩෙකාට්, විශ්වය සඳහා යාන්ත්‍රික න්‍යායක් යෝජනා කළේය; ආත්මීය අත්දැකීමක හිතලුවකින් තොරව ලෝකය සිතියම්ගත කළහැකි බවට පෙන්වාදීම මෙහිදී ඔහුගේ අභිලාශය විය.[19]

තම ස්වාමියා අහිමි වූ සුනඛයෙකුගේ හැඟීම් සළකන්න, ඔහු සියලු මං තීරු තුළ මනා විපරමින් දුක්මුසු ස්වරයන් නගමින් තම ස්වාමියා සොයා, කරදරකාරී සිතින් නිවසට පැමිණ නොසන්සුන්ව උඩු මහළට යයි; කාමරයෙන් කාමරයට ගමන් කරයි, අවසානයේදී අධ්‍යයන කාමරයේදී ඔහුට තම ආදරණීය ස්වාමියා හමුවෙයි; එවිට මෙම සුනඛයා තම ස්වාමියා අසල දැවටෙමින්, සතුටින් කෙඳිරිගාමින්, විවිධාකාරයෙන් තම සොම්නස්පූර්වක ආදරය පෙන්වයි. මෙම සුනඛයා යටත් කරගන්නා ම්ලෙච්ඡයන් සිටියි. ඔවුන්, මිනිස් ගතිගුණ අභිබවා ගිය විශ්වාසයක් හා මිත්‍රත්වයක් පෙන්වන මෙම සුනඛයා, පණපිටින් මේසයකට තබා ඇණ ගසා ඡේදනය කරයි, ඇයි? අතුනුබහන් ශිරා ඔබට පෙන්වීමට! ඔබ ඔබේ සිරුරේ ඇති හැඟීම් දනවන අවයවම ඔහු තුළත් දකියි. යාන්ත්‍රිකයිනි, මට පිළිතුරු දෙන්න, ස්වභාවධර්මය විසින් මෙම සත්වයාගේ හැඟීම් ඇතිවීමේ යාන්ත්‍රණය නිර්මාණය කොට ඇත්තේ අවසානය එළඹි විට පමණක් ඔහුට කිසිවක් නොදැනෙන ලෙසින්ද ?— වෝල්ටෙයාර් (Voltaire) (1694-1778)

ඔහුගේ යාන්ත්‍රික ප්‍රවේශය සත්ව "විඥානය" දක්වා ව්‍යාප්ත විය. ඩෙකාට්ට, මනස යනු මනුෂ්‍යයන් දෙවියන් සමඟ සම්බන්ධ කරවන භෞතික විශ්වයෙන් පිටස්තර දෙයක් (මනෝ-ශරීර ද්විත්වවාදයේ එන මනස යනු ශරීරයෙන් පිට වෙනත්ම දෙයක් යන සංකල්පය) විය. අනෙක් පසට ඩෙකාට් මිනිසුන් නොවන්නන් හැඳින්වූයේ හැඟීම් දැනීම් නොමැති, සිත් හෝ ආත්මයක් නොමැති සංකීර්ණ හා ස්වයංක්‍රීය යන්ත්‍ර ලෙසටයි.[20]

මිනිසා තමා කෙරෙහි තමාගේ යුතුකම ලෙස සතුන්ට සැළකීම[සංස්කරණය]

ජෝන් ලොක් (John Locke), ඉමෑනුවෙල් කාන්ට් (Immanuel Kant)[සංස්කරණය]

බ්‍රිතාන්‍යය දාර්ශනික ජෝන් ලොක් (1632-1704), ඩෙකාට්ගේ අදහස්වලට විරුද්ධව මෙලෙස ඔහුගේ "Some Thoughts Concerning Education (1693)" කෘතියේ සඳහන් කළේ සතුන්ට හැඟීම් ඇති බව හා ඔවුන් කෙරෙහි කුරිරුකම් කිරීම සදාචාරාත්මක නැතිබව සත්‍ය වුවත්, හිංසාවකට ලක් නොවී ආරක්ෂිතව සිටීමේ අයිතිය එම සත්වයාගේ අයිතිකරුට හෝ දුෂ්ට ලෙස හැසිරීමෙන් තමාටම හානි පමුණුවාගන්නා වූ මිනිසාට ඇති බවයි. ළමයින් සතුන්ට හිංසා කිරීමෙන් වළක්වාගැනීමේ වැදගත්කම සාකච්ඡා කරමින් ඔහු මෙසේද ලිව්වේය: "තිරිසන් සතුන්ට වදහිංසා පමුණුවා ඝාතනය කිරීමේ චාරිත්‍ර කිරීමෙන්, ඔවුන් තම මනස මිනිසුන් කෙරෙහි දැඩි කරගනු ලබයි."[21]

ලොක්ගේ ආකල්ප තෝමස් ඇක්විනාස්ගේ (Thomas Aquinas) ආකල්පවල පිළිඹිබුවක් විය. "දෙවියන් ගවයන් පිළිබඳවද සැළකිළිමත් වන්නේ? අප වෙනුවෙන්ම නොවෙද උන්වහන්සේ දේශනා කරේ? අපි වෙනුවෙනුයි එය ලියවුනේ." මෙම තර්කය 1 Corinthians (9:9-10) හි සොයාගත හැකි යැයි පෝල් වෝල්ඩෝ විසින් ලියා ඇත. ක්‍රිස්තියානි දාර්ශනිකයන් විසින් මෙය අර්ථකථනය කර ඇත්තේ මිනිසුන්ට සත්වයන් කෙරෙහි සෘජු යුතුකමක් නොමැති බවත්, ඔවුන්ගේ යුතුකම වන්නේ ඒ සතුන් කෙරෙහි දක්වන් කෲරත්වය මඟින් ඇතිවන බලපෑම්වලින් සතුන් ආරක්ෂා කිරීම පමණක් බවයි.[22]

ජර්මානු දාර්ශනිකයෙකු වන ඉමෑනුවෙල් කාන්ට් (1724-1804), ඇක්විනාස් සමඟ එකඟ වෙමින්, සතුන් කෙරෙහි මිනිසුන්ට සෘජු යුතුකමක් ඇති බව ප්‍රතික්ෂේප කළේය. කාන්ට්ට අනුව සතුන් කෙරෙහි දක්වන කෲරත්වය නුසුදුසු වන්නේ මිනිස් වර්ගයාට එය අයහපත් වන නිසයි. 1785 දී ඔහූ තර්ක කළේ සතුන් කෙරෙහි කෲරත්වය නුසුදුසු වන්නේ මෙවිට මිනිසාගේ, දුක් වේදනා කෙරෙහි අනුකම්පාව දැක්වීමේ ගුණය හීනවන නිසාත්, මෙයින් අනෙක් මිනිසුන් සම්බන්දයෙන්ද සදාචාරයට බෙහෙවින් ප්‍රයෝජනවත්වන ස්වාභාවික නැඹුරුවක් දුර්වල වන නිසාත්ය.[23]

18වන සියවස: හැඟීම් කේන්ද්‍රීයභාවය[සංස්කරණය]

ජෝ ජැක් රූසෝ ස්වභාවික නීතිය හා සතුන් කිරීම පිළිබඳව තර්ක කර ඇත.

ජෝ ජැක් රූසෝ (Jean-Jacques Rousseau)[සංස්කරණය]

ජෝ ජැක් රූසෝ (1712-1778), "Discourse on Inequality (1754)" හි හැඟීම් නම් පරිපථය තුළ සිටිමින් ස්වාභාවික නීතියට සතුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මෙසේ තර්ක කළේය. "මෙම ක්‍රමවේදය මඟින්, සත්වයන් ස්වාභාවික නීතියට සහභාගීවීම සම්බන්ධව දීර්ඝ කාලයක් කළ වාදවිවාදවලට අපි නිමාවක් සනිටුහන් කරමු. බුද්ධියෙන් හා ස්වාධීනත්වයෙන් තොර සතුන්ට මෙම නීතිය නොවැටහෙන හෙයිනි. කෙසේනමුත් ඔවුන් අපගේ ස්වභාවධර්මය තුළ යම්තාක් දුරට වාසය කරන නිසාද, ඔවුන්ගේ සංවේදීබවේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට ලැබුණු දායාදයක් වශයෙන්ද ඔවුන්ටද ස්වාභාවික අයිතියක් පවතියි. එමෙන්ම, මිනිසුන් සතුන් කෙරෙහි යම් බැඳීමකට යටත් වේ. මම මගේ සෙසු ජීවීන්හට හානියක් කිරීමට බැඳී නොසිටින්නේ තාර්කිකත්වය අභිබවා සංවේදීබව එම අභිප්‍රාය වළක්වන හෙයිනි. මෙම ගුණාංගය මිනිසුන්ට හා තිරිසන් සතුන්ට පොදු බැවින් අවම වශයෙන් පසු කාලීනව හෝ සතුන්ට, මිනිසුන් අතින් අනවශ්‍ය ලෙස හිරිහැරයට ලක්නොවීමේ වරප්‍රසාදය හිමි විය යුතුයි.[24]

"Emile, or On Education (1762)" නම් ඔහුගේ අධ්‍යාපනය පිළිබඳ නිබන්ධනයෙන්, ඔහු නිර්මාංශ ආහාර වේලක් මත තම දරුවන් ඇතිදැඩි කරවීමට දෙමව්පියන් දිරිමත් කළේය. දරුවෙකු හැදී වැඩුණු සංස්කෘතියේ ආහාර මඟින් ඔවුන් වැඩිහිටියන් ලෙස ජීවත්වන වන ස්වභාවය සහ ඔවුන්ගේ චරිතය ස්ථාපිත කිරීම සම්බන්ධ වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව ඔහු විශ්වාස කළේය. "ඇතැම් අය මෙය පැහැදිලි කිරීමට උත්සාහ කළත්, මස් අනුභව කරන්නන් සාමාන්‍යයෙන් අනෙක් අයට වඩා කුරිරු හා රුදුරු බවින් වැඩි බව සහතිකයි. මෙය සෑමවිටම සෑමතැනදීම තහවුරු වී ඇත. ඉංග්‍රීසීන් ඔවුන්ගේ කුරිරුබවට ප්‍රසිද්ධ වන අතර ගවර්වරුන් මහත්මා ගතියෙන් පිරිපුන් අය වේ. සියලු වනචාරී ගෝත්‍රිකයන් කෲරයි, මෙය ඔවුන්ගේ සිරිත් නිසා සිදුවන්නාක් නොවේ, ආහාරවල ප්‍රතිඵලයකි."

ජෙරමි බෙන්තම්[සංස්කරණය]

ජෙරමි බෙන්තම්: "හුස්ම ගන්නා සෑම දෙයකටම වඩා මනුෂ්‍යත්වය තම ආවරණය ඔබ්බට යවන කාලයක් පැමිණේ"

ස්වාභාවික අයිතිවාසිකම් පිළිබඳ සංකල්පයට විරුද්ධ වුවද, අවුරුදු හතරකට පසු, නූතන උපයෝගිතාවාදයේ ආරම්භකයෙකු වන ඉංග්‍රීසි දාර්ශනිකයෙකු වූ ජෙරමි බෙන්තම් (1748-1832) අනෙක් ජීව්න්ට අප සළකන ආකාරය පිළිබඳව මිනුම් දණ්ඩ විය යුත්තේ ඔවුන්ට දුක් විඳීමට ඇති හැකියාව බවට තර්ක කළේය. බෙන්තම් පවසන්නේ දුක්විඳීමට ඇති හැකියාව, සමාන අයිතිවාසිකම්වලට මඟ පාදන බවයි. යම් ක්‍රියාවකින් බලපෑමට ලක්වන ඕනෑම අයෙකුගේ අවශ්‍යතා සළකා බැලීමත්, වෙනත් ඕනෑම අයෙකු දෙස එසේ අවධානය යොමුකිරීමේදී සමානව අවධානය යොමුකිරීමත් සමානව සළකා බැලීම නම් වේ. තාර්කිකත්වය නිර්ණායකය නම්, ළදරුවන් හා ආබාධිතයන් ඇතුළු බොහෝ මිනිසුන්ටද වස්තු ලෙස සැළකිය යුතු බවට ඔහු තර්ක කළේය.[25] මිනිසුන්ට හා මිනිසුන් නොවන අනෙක් ජීවීන්ට සමාන සදාචාරාත්මක වැදගත්කමක් ඇති බවට ඔහු නිගමනය නොකළත් දෙවැන්නාගේ අවශ්‍යතාවලට සැළකිය යුතු අවධානයක් යොමු කළ යුතු බවට ඔහු තර්ක කළේය. 1789දී, ප්‍රංශ ජාතිකයින් අප්‍රිකානු වහලුන් නිදහස් කරනවාත් සමඟම ඔහු මෙසේ ලියයි:

ප්‍රංශ ජාතිකයින් විසින් අඳුනගෙන තියෙනවා අඳුරු සම, වධහිංසාවකදී ඇතිවන පීඩාකාරී මානසික බලපෑමට සහනයක් ලබා නොදී හුදෙකලා කිරීමට හේතුවක් නොවන බවට. එකම දරුණු ඉරණමකට සංවේදී ජීවියෙකු තල්ලුකර දැමීමට කකුල් ගණනවත්, සමේ ස්වභාවයවත්, ත්‍රිකාෂ්ටිය ගෙවී යන කාලයවත් ප්‍රමාණවත් නොවන බවට යම් දිනෙක ලොවට පසක් වේවි. මෙම වෙන්කළ රේඛාව මකා දැකිය හැක්කේ වෙන කවරකින්ද ? මනා වැඩුණු අශ්වයෙක්, සුනඛයෙක්, අවිවාදයෙන්ම මනසින් කුඩා මිනිස් බිළිඳෙකු අභිබවනවා. නමුත් මෙය අනෙක් අතට සිදුවූවා යැයි සිතන්න. කුමක්ද ප්‍රයෝජනය? ගැටලුව, ඔවුන්ට තර්ක කළ හැකිද යන්න නොවේ, කතාකළ හැකිද යන්නද නොවේ, ඔවුන්ට වේදනා විඳිය හැකිද යන්නයි.

19 වන සියවස: ජුස් ඇනිමලියම් මතුවීම[සංස්කරණය]

ගොනුව:Badger-baiting2.jpg
ග්‍රාමීය ක්‍රීඩා සංවිධායකයකු විසින් "Badger Baiting" 1800 සිට තහනම් කිරීමට හඩ නැගුවේය.

දහනව වන ශතවර්ෂයේ සත්ව ආරක්ෂාව පිළිබඳ උනන්දුව පුපුරා ගියේය, විශේෂයෙන්ම එංගලන්තයේ. ඩෙබී ලෙග් සහ සයිමන් බෘමන් ලියන්නේ උගත් පංති, මහලු අය, අගහිඟකම් ඇති අය, දරුවන් සහ උමතු අය කෙරෙහි දක්වන ආකල්ප ගැන සැලකිලිමත් වූ බවත්, මෙම සැලකිල්ල මානුෂික නොවන අය කෙරෙහි යොමු වූ බවත්ය. දහනව වන ශතවර්ෂයට පෙර සතුන්ට අයුතු ලෙස සැලකීම සම්බන්ධයෙන් නඩු පවරා තිබුණද ඒ සත්වයාට දේපළ ලෙස හානි සිදුවීම නිසා පමණි. නිදසුනක් වශයෙන්, 1793 දී, ජෝන් කෝර්නිෂ් සත්වයාගේ දිව එලියට ගත් පසු අශ්වයෙකුට හිරිහැර කිරීම සම්බන්ධයෙන් වැරදිකරු නොවීය. විනිසුරුවරයා තීන්දු කළේ කෝර්නිෂ් වැරදිකරු විය හැක්කේ අයිතිකරුට ද්වේෂ සහගත බවට සාක්ෂි ඇත්නම් පමණක් බවයි. [26]

1800 සිට එංගලන්තයේ සත්ව ආරක්ෂණ නීති හඳුන්වා දීමට උත්සාහයන් කිහිපයක්ම සිදුවිය. පළමුවැන්න ගොන් ඇල්ලීමට එරෙහි පනතක් වන අතර එය 1800 අප්‍රේල් මාසයේදී ස්කොට්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීමත් විලියම් පුල්ටෙනී (1729-1805) විසින් හඳුන්වා දෙන ලදී. එය කම්කරු පන්තියට එරෙහිය යන පදනම මත අන්තර් අන්‍යයන්ට විරුද්ධ යැයි ඡන්ද දෙකකින් පරාජයට පත් විය. 1802 දී තවත් උත්සාහයක් ගත් අතර, මෙවර යුධ ලේකම් විලියම් වින්ඩ්හැම් (1750–1810) විරුද්ධ විය. ඔහු කියා සිටියේ මෙතෝදිස්තවරුන් සහ ජේකොබ්ස් විසින් සියලු ග්‍රාමීය ක්‍රීඩා අහෝසි කිරීමෙන් පැරණි ඉංග්‍රීසි චරිතය විනාශ වන බවයි. [27]

1809 දී අර්ස්කින් සාමිවරයා (1750-1823) ගවයන් සහ අශ්වයන්, ද්වේෂ සහගත තුවාල, අනවශ්‍ය කුරිරුකම් සහ පහරදීම් වලින් ආරක්ෂා කිරීමේ පනතක් හඳුන්වා දුන්නේය. සතුන්ට ආරක්ෂාව ඇත්තේ දේපළක් ලෙස පමණක් බව ඔහු ලෝඩ්ස් හවුස් වෙත පැවසීය: " සතුන්ට ආරක්ෂාව නොමැත - නීතිය ඒවා සැලකිය යුතු ලෙස සලකන්නේ නැත - ඔවුන්ට කිසිදු අයිතිවාසිකමක් නැත!" [28] අර්ස්කින් සිය පාර්ලිමේන්තු කතාවේදී සත්ව අයිතිවාසිකම් සහ භාරකාරත්වය පිළිබඳ වාග් මාලාව ඒකාබද්ධ කොට දේවධර්මවාදී අභියාචනයක් සමඟ කුරිරුකම්වලට එරෙහි පනත් කෙටුම්පතේ පෙරවදනෙහි ඇතුළත් විය. [29] මෙම පනත් කෙටුම්පත ලෝඩ්ස් විසින් සම්මත කරන ලද නමුත් වින්ඩ්හැම් විසින් කොමන්ස් හි දී විරුද්ධ විය, ඔහු කියා සිටියේ සැබෑ වැරදිකරුවන් ඔවුන්ගේ සේවා යෝජකයන් වන විට එය "පහළ නියෝග" වලට එරෙහිව භාවිතා කරන බවයි.

මාටින්ගේ පනත[සංස්කරණය]

බිල් බර්න්ස්ගේ නඩු විභාගය

1821 දී අශ්වයන්ට ප්‍රතිකාර කිරීමේ පනත අයර්ලන්තයේ ගැල්වේ පාර්ලිමේන්තු මන්ත්‍රී කර්නල් රිචඩ් මාටින් (1754–1834) විසින් හඳුන්වා දෙන ලද නමුත් මෙය හාස්‍යයට ලක් වූයේ ඊළඟ කාරණය බූරුවන්, බල්ලන් සහ බළලුන් යැයි පැවසීමෙනි. [30] IV වන ජෝර්ජ් විසින් "හියුමනිටි ඩික්" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මාටින් අවසානයේ 1822 දී ඔහුගේ "අශ්වයන්ට හා ගවයින්ට ප්‍රතිකාර කිරීම" හෝ "මාටින්ගේ පනත" සමඟ සාර්ථක විය. එය ප්‍රසිද්ධියට පත් වූ විට එය ලොව ප්‍රථම සත්ව ආරක්ෂණ නීති සම්පාදනය විය. ගවයන්ට කුරිරු හා නුසුදුසු ලෙස සැලකීම වැළැක්වීමේ පනතක් ලෙස එම වසරේ ජුනි 22 වන දින රාජකීය අවසරය ලබා දුන් අතර, එය “පහර දීම, අපයෝජනය කිරීම හෝ රෝගාතුර කිරීම” සඳහා පවුම් පහක් හෝ මාස දෙකක සිර දඬුවමක් නියම කළ හැකි වරදක් විය.

මෙම පනත් කෙටුම්පතේ සාර්ථකත්වය "හියුමනිටි ඩික්" ගේ පෞරුෂය තුළ පවතින බව ලෙග් සහ බෲමන් තර්ක කරති. ඔහු පාර්ලිමේන්තුවේ සමච්චලයට ලක්වීමට සමත් වූ අතර හාස්‍යය පිළිබඳ හැඟීම සභාවේ අවධානය දිනා ගැනීමට සමත් විය. [26] එම පනත යටතේ පළමු නඩු ගෙනා පුද්ගලයා මාර්ටින් විය. බිල් බර්න්ස්, කොටළුවෙකුට දීම නිසා අත්අඩංගුවට ගන්නා ලදි. බර්න්ස්ට දඩ නියම වූ අතර මාටින් බූරුවෙකුගේ සාක්ෂිය මත විශ්වාසය තැබූ ආකාරය පිළිබඳ පුවත්පත් සහ සංගීත ශාලා විහිළු වලින් පිරී තිබුණි. [31]

වෙනත් රටවල් නීති සම්මත කිරීමේදී හෝ සතුන්ට හිතකර තීරණ ගැනීමේදී අධිකරණ ක්‍රියාමාර්ග අනුගමනය කළහ. 1822 දී නිව්යෝර්ක්හි අධිකරණය තීන්දු කළේ සතුන්ට කුරිරු ලෙස සැලකීම පොදු නීතියේ වැරදි ක්‍රියාවක් බවයි. [32] 1850 දී ප්‍රංශයේදී, ජැක් පිලිප් ඩෙල්මාස් ඩි ග්‍රැමොන්ට්, ලොයි ග්‍රැමොන්ට් සමත් වීමටත්, ගෘහස්ථ සතුන්ට එරෙහි කුරිරුකම් තහනම් කිරීමටත්, ගොනුන් මැරීම තහනම් කිරීම සඳහා ගොනුන් ගෘහස්ථ ලෙස වර්ග කළ හැකිද යන්න පිළිබඳ වසර ගණනාවක තර්ක විතර්ක කිරීමටත් සමත් විය. [33]

සතුන්ට හිංසා කිරීම වැළැක්වීමේ සංගමය[සංස්කරණය]

මහේස්ත්‍රාත්වරුන් මාටින් පනත බැරෑරුම් ලෙස නොසලකන බවත් එය විශ්වාසදායක ලෙස බලාත්මක නොකරන බවත් රිචඩ් මාටින්ට ඉක්මනින් අවබෝධ විය. මාටින්ගේ පනතට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන විවිධ සමාජ ප්‍රතිසංස්කරණවාදීන් සහාය දුන් අතර අවිධිමත් ජාලයක් පූජක ආතර් බෘම් (1779-1837) විසින් සතුන් කෙරෙහි කරුණාව ප්‍රවර්ධනය කරන ස්වේච්ඡා සංවිධානයක් ඇති කිරීමට දැරූ උත්සාහය වටා එක්රැස් විය. 1821 දී විවිධ වාර සඟරා වල ප්‍රකාශයට පත් කරන ලද හෝ සාරාංශ කරන ලද ලිපිවල බෘම් අදහස් කැන්වස් කළේය. [34] 1822 දී රිචඩ් මාටින්ගේ ගවයින්ට එරෙහි කුරිරු විරෝධී පනත සම්මත වීමෙන් පසුව, බෘම් විසින් සතුන්ට හිංසා කිරීම වැළැක්වීමේ සමිතියක් පිහිටුවීමට උත්සාහ කළ අතර එමඟින් සමාජ තරාතිරමක සහ සමාජ ප්‍රතිසංස්කරණ සඳහා කැපවූ පුද්ගලයන්ගේ අනුග්‍රහය එක්වනු ඇත. 1822 නොවැම්බරයේ දී බෘම් අනුකම්පකයින්ගේ රැස්වීමක් සංවිධානය කොට එහි මුලසුන දැරූ අතර එහිදී සමිතියක් ඇති කළ යුතු බවට එකඟ වූ අතර එහි ලේකම් ලෙස බෘම් නම් කරන ලදී. [35] 1824 දී බෘම් විසින් ලන්ඩනයේ ආපන ශාලාවක් වන ශාන්ත මාටින් පටුමගෙහි පිහිටි ඕල්ඩ් ස්ලෝටර්ස් කොෆී හවුස් හි නව රැස්වීමක් සංවිධානය කරන ලදී. මෙම කණ්ඩායම 1824 ජුනි 16 වන දින රැස්වූ අතර මන්ත්‍රීවරුන් ගණනාවක් ඇතුළත් විය: රිචඩ් මාටින්, ශ්‍රීමත් ජේම්ස් මැකින්ටොෂ් (1765-1832), ශ්‍රීමත් තෝමස් බක්ස්ටන් (1786-1845), විලියම් විල්බර්ෆෝර්ස් (1759–1833) සහ ශ්‍රීමත් ජේම්ස් ග්‍රැහැම් ( 1792–1861). ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අතර 1826 දී යළිත් වරක් බවට පත් විය. [36]

"සතුන්ට හිංසා කිරීම වැළැක්වීම සඳහා පිහිටුවන ලද සමිතියක්" පිහිටුවීමට ඔවුහු තීරණය කළහ. පසුකාලීනව එය සතුන්ට හිංසා කිරීම වැළැක්වීමේ සංගමය විය. 1840 දී වික්ටෝරියා රැජින විසින් රාජකීය ප්‍රඥාප්තියක් ලබා දුන් විට එම සංගමය රාජකීය සංගමය බවට පත්විය. [37]

ආතර් ෂොපෙන්හෝවර්[සංස්කරණය]

1839දී ෂෝපෙන්හෝවර්, කුරිරුකම් වැරදි ලෙස සැළකීම මිනිසුන්ව අනුකම්පා විරහිත කරන අතර එය අතිශයින් පිළිකුල් සහගත බවට තර්ක කර ඇත.[38]

සත්ව අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය එංගලන්තයේ වර්ධනයට ජර්මානු දාර්ශනිකයෙකු වන ආතර් ෂොපෙන්හෝවර් (1788–1860) විසින් දැඩි ලෙස සහාය විය. " යුරෝපීයයන් තිරිසනුන්ට අයිතිවාසිකම් ඇති බවට හැඟීමකට වැඩි වැඩියෙන් පිබිදෙමින් සිටින අතර, සමානුපාතිකව, අමුතු මතය ක්‍රමයෙන් ජයගෙන වර්ධනය වෙමින් පවතින බැවින් සත්ව රාජධානිය බිහි වූයේ මිනිසාගේ යහපත හා සතුට සඳහා පමණි" කියා සිටියේය. [39]

ඔහු නිර්මාංශත්වය වෙනුවෙන් පෙනී සිටීම නැවැත්වූ අතර, සතෙකුගේ මරණය ඉක්මන් වන තාක් කල්, සතුන් ආහාරයට ගැනීමෙන් සතුන් දුක් විඳිනවාට වඩා මස් අනුභව නොකිරීමෙන් මිනිසුන් වැඩි වශයෙන් දුක් විඳිනු ඇතැයි තර්ක කළේය. [40] මිනිසුන් මස් අනුභව කිරීමේ “අස්වාභාවික ආහාරයට ” හුරු වීමට හේතුව ඔවුන් සංක්‍රමණය වූ අස්වාභාවික, සීතල දේශගුණය සහ එවැනි දේශගුණයක් තුළ පැවැත්ම සඳහා මස් අවශ්‍යතාවය නිසා පලතුරු හා එළවළු විශ්වාසදායක ලෙස වගා කළ නොහැකි බව ෂොපෙන්හෝවර් කියා සිටියේය.[41] එංගලන්තයේ සත්ව ආරක්ෂණ ව්‍යාපාරය ගැන ඔහු ප්‍රශංසා කළේය. “එසේ නම්, ඉංග්‍රීසීන්ට ගෞරවයක් වශයෙන්, නීතියේ ආරක්‍ෂක හස්තය සතුන් වෙත දිගු කළ පළමු පුද්ගලයින් ඔවුන් බව කිව යුතුය.” [39] සත්ව හිංසාව වැරදියි යන ප්‍රබල කාන්ටියානු අදහසට එරෙහිව ඔහු තර්ක කළේය.

පර්සි බයිෂ් ෂෙලි[සංස්කරණය]

ඉංග්‍රීසි කවියෙකු හා නාට්‍ය රචකයෙකු වන පර්සි බයිෂ් ෂෙලි (1792–1822) නිර්මාංශ හා සෞඛ්‍යමය හේතූන් මත නිර්මාංශ ආහාර වේලක් ඉල්ලා රචනා දෙකක් ලිවීය: A Vindication of Natural Diet (1813) සහ On the Vegetable System of Diet (1829, පශ්චාත්.)

ඉසබෙලා බීටන්[සංස්කරණය]

ඉසබෙලා බීටන් (1836-1865) ඉංග්‍රීසි වාර්තාකාරිය, සහ “බීටන් මහත්මියගේ ගෘහ කළමනාකරණ පොත”හි කතුවරිය බලහත්කාරයෙන් පෝෂණය කරන ලද කුකුළු මස් හා කූඩු කිකිළියන්ට එරෙහිව මුල් කාලීනව පෙනී සිටියේය.[42]

ජෝන් ස්ටුවර්ට් මිල්[සංස්කරණය]

ඉංග්‍රීසි දාර්ශනික ජෝන් ස්ටුවර්ට් මිල් (1806–1873) ද තර්ක කළේ උපයෝගීතාවාදය සතුන්ව සැලකිල්ලට ගත යුතු බවයි.  

චාල්ස් ඩාවින්[සංස්කරණය]

portrait
1837 දී චාල්ස් ඩාවින් මෙසේ ලිවීය : "වහල් හිමියන් කළු ජාතිකයා වෙනත් වර්ගයක් කිරීමට අපේක්ෂා කරන්නේ නැද්ද?"

චාල්ස් ඩාවින් විසින් ඉදිරිපත් කරන ලද , පරිණාම වාදය ඉස්මතු වන  ස්වභාවික වරණය මගින්, මානවයන්, සතුන් සමග ඇතිකරගන්නා වූ සම්බන්ධතා, විප්ලවීකරණය වන බව, James Rachel විසින් පෙන්වා දෙයි. මිනිසුන්ට පමණක් නොව, අනෙක් පාර්ශවයන් හට ද, නෑ සබදතා මෙන්ම  සමාජ, මානසික හා සදාචාරාත්මක ජීවිතද තිබුණ බවට  ඩාවින් තර්ක කළේය.  ඔහු සිය සටහන් පොත්වල (1837) මෙසේ ලිවීය: "සතුන් - අප අපගේ වහලුන් බවට පත් කර ඇත්තේ අපගේ සමානකම් සලකා බැලීමට අපි කැමති නැති නිසාය. - වහලුන් කළු ජාතිකයා වෙනත් වර්ගයක් කිරීමට කැමති නැද්ද?"  පසුව, The Descendant Man හි ඔහු තර්ක කළේ, "මිනිසා සහ ඉහළ ක්ෂීරපායීන් අතර ඔවුන්ගේ මානසික හැකියාවන් , මතකය ,තීරණ ගැනීමේ හැකියාව යනාදිය පිළිබඳව  කිසිදු මූලික වෙනසක් නොමැති" බවයි.[43]

සංජානන සමානකම්වල සදාචාරාත්මක ඇඟවුම් ඩාවින් විසින් සටහන් කළ බව Rachelsලියයි. “පහත් සතුන්ට මනුෂ්‍යත්වය” යනු “මිනිසා සතු උතුම් ගුණාංගවලින් එකක්” යැයි තර්ක කරයි.  උගුල් අටවා ගැනීම ඇතුළු සතුන්ට කරන ඕනෑම ආකාරයක කුරිරු ක්‍රියාවකට ඔහු තදින්ම විරුද්ධ විය.  ඔහු ලිපියක් ලියා ඇත්තේ “තමා , භෞතික විද්‍යාව පිළිබඳ සැබෑ විමර්ශන සඳහා මිස හුදෙක් නින්දිත හා පිළිකුල් සහගත කුතුහලය උදෙසා කෙරෙන ක්‍රියාවලට සහය නොදෙන බවයි. එය මා භීතියට පත් කරන විෂයකි ...” 1875 දී  රාජකීය කොමිසමක් ඉදිරියේ ඔහු විසින්  සාක්ෂි දෙනු ලැබුවේ, දෘශ්‍යකරණය සඳහා භාවිතා කරන සතුන් දෙදෙනාම ආරක්ෂා කිරීම සඳහා පනතක්,  සභාකක්ෂ මන්ත්‍රණය කිරීම සහ කායික විද්‍යාව අධ්‍යයනය යන කරුණු වලට අදාලව ය. Rachels ලියන්නේ Frances Power Cobbe වැනි එවකට සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අය ඩාවින්ව සගයෙකු ලෙස නොදුටු බවයි.

ඇමෙරිකානු එස්.පී.සී.ඒ., ෆ්‍රැන්සිස් පවර් කෝබ්, ඇනා කිංස්ෆර්ඩ්[සංස්කරණය]

ගොනුව:FrancesPowerCobbe2.jpg
ෆ්‍රැන්සිස් පවර් කෝබි පළමු ප්‍රති-විච්ඡේදන කණ්ඩායම් දෙක ආරම්භ කරන ලදි.
වෛද්‍ය විද්‍යාව පිළිබඳව උපාධිය ලබාගත් කාන්තාවන් මුල්ම දෙනාගෙන් එක් අයෙකු වන ඇනා කිංස්ෆර්ඩ් නිර්මංශකත්වයට අනුබල දෙමින් "The perfect way to Diet" නම් පොත 1881 දී ප්‍රකාශයට පත් කළේය.

සතුන් වෙනුවෙන් නීතිමය අයිතිවාසිකම් සඳහා මුල් යෝජනාවක් ඔහියෝහි අෂ්ටබුලා ප්‍රාන්තයේ පුරවැසියන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලදී. 1844 දී පමණ මෙම පිරිස එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා කරමින් කියා සිටියේ වහල් රාජ්‍යයන්ගෙන් වහලුන් සත්ව දේපළක් ලෙස 3/5 ක නියෝජනයක් ලැබෙන්නේ නම් නිදහස් රාජ්‍යයන්හි සියලුම සත්ව දේපළවලට ද නියෝජනයක් ලැබිය යුතු බවයි.

එක්සත් ජනපදයේ පළමු සත්ව ආරක්ෂණ කණ්ඩායම වන සත්ව හිංසාව වැළැක්වීමේ ඇමරිකානු සංගමය (ASPCA) 1866 අප්‍රේල් මාසයේදී හෙන්රි බර්ග් විසින් ආරම්භ කරන ලදී.ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් විසින් ඔහුව රුසියාවේ රාජ්‍ය තාන්ත්‍රික තනතුරකට පත් කරන ලදී. එහිදී ඔහු සතුන්ට වන හිංසාව දැක කලබලයට පත් විය. ඔහු ලන්ඩනයේ RSPCA හි සභාපතිවරයා සමඟ සාකච්ඡා කර නැවත එක්සත් ජනපදයට ගියේ ගොන් සටන්, කුකුල් සටන් සහ අශ්වයන්ට පහර දීම් වැනී දෑට එරෙහිව කතා කිරීමට ය. ඔහු "සතුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශයක්" නිර්මාණය කළ අතර, 1866 දී නිව් යෝර්ක් ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයට හිංසාවට එරෙහි නීති සම්මත කිරීමට සහ එය බලාත්මක කිරීමේ බලය ASPCA වෙත ලබා දීමට ඒත්තු ගැන්වීය.

1880 දී ඉංග්‍රීසි ස්ත්‍රීවාදියෙකු වන ඇනා කිංස්ෆර්ඩ් (1846–1888) වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය ලබාගත් පළමු ඉංග්‍රීසි කාන්තාවන් අතරට එක් වූ අතර, පැරීසියේ උපාධිය හැදෑරීමෙන් පසු, සතුන් පිළිබඳ අත්හදා බැලීම් නොකර එය සිදුකළ එකම ශිෂ්‍යාවද විය. ඇය නිර්මාංශත්වය දිරිමත් කෙරූ The Perfect Way in Diet (1881) ප්‍රකාශයට පත් කළ අතර එම වර්ෂයේදීම ආහාර ප්‍රතිසංස්කරණ සංගමය ආරම්භ කළාය. සතුන් පිළිබඳ අත්හදා බැලීම්වලට ඇය විරුද්ධ වූවාය.[44] 1898 දී කොබ් විසින් ආරම්භ කළ බ්‍රිතාන්‍ය සත්ව පර්යේෂණයට විරුද්ධ සංගමයට සහය දැක්වු ඇය සුනඛයන් යොදා කරන පර්යේෂණයවලටද විරුද්ධ වූවාය. එහි ප්‍රතිඵලයක් ලෙස 1919 සුනඛ (ආරක්ෂණ) පනත් කෙටුම්පත සාර්ථකත්වයට ආසන්න වූ අතර එය නීතියක් බවට පත්විය.

1890 අගභාගයේදී සත්ව ආරක්ෂාව පිළිබඳ උනන්දුව වර්ධනය වූ බවද විද්‍යාඥයින් අතර සතුන් කෙරෙහි ආකල්ප දැඩි වීමට පටන් ගත් බවද රයිඩර් ලියයි. සතුන් වෙත මානව ගුණාංග ආරෝපණය කිරීම විද්‍යාත්මක නොවන බව ඔවුහු පිළිගත්හ. සතුන් භෞතික විද්‍යාත්මක ජීවීන් ලෙස සැළකිය යුතුය, 1927 දී අයිවන් පැව්ලොව් ලියූ පරිදි, “ජීවය පිළිබඳ ආත්මීය විවරණයකින් තොරව ” ය. එය 17 වන ශතවර්ෂයේ දී ඩෙකාට් සමයේ තිබූ ස්ථාවරයකි, එයට අනුව මානුෂික නොවන අය යාන්ත්‍රික වූ අතර කිසිදු තාර්කිකත්වයක් සහ සමහර විට සවිඥයානය පවා නොතිබුණි.[45]

ෆෙඩ්රික් නීට්ෂේ[සංස්කරණය]

උපයෝගීතාවයෙන් වැළකී ෆ්‍රෙඩ්රික් නීට්ෂේ (1844-1900) සතුන් ආරක්ෂා කිරීමට වෙනත් හේතු ඉදිරිපත් කළේය. ඔහු මෙසේ ලිවීය: "අන්ධ දුක් වේදනා දැකීම ගැඹුරුතම චිත්තවේගයේ උපතයි." [46] ඔහු වරක් මෙසේ ලිවීය: "මක්නිසාද යත් මිනිසා ‍යනු කුරිරු සත්වයාය. ඛේදවාචකයන්, ගොන් සටන් සහ කුරුසපත් කිරීම් වලදී ඔහු මෙතෙක් පොළොවේ සතුටින් සිටියේය. ඔහු නිරය සොයාගත් විට, එය ඔහුගේ පොළොවෙහි ස්වර්ගය විය.”[47] ඔහුගේ ලේඛන පුරාම ඔහු මනුෂ්‍යයා සතෙකු ලෙස ඉදිරිපත් කරයි.

හෙන්රි සෝල්ට්[සංස්කරණය]

1894 දී ඊටන්හි හිටපු ස්වාමියෙකු වූ හෙන්රි සෝල්ට්(1851-1939), ඊට වසරකට පෙර දඩයම් කිරීම තහනම් කිරීම සඳහා මානව හිතවාදී ලීගය පිහිටුවා ගත් අතර, සතුන්ගේ අයිතිවාසිකම්: සමාජ ප්‍රගතියට සාපේක්ෂව සලකා බලන ලදී.[48] රචනයේ පරමාර්ථය “සතුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ මූලධර්මය, ස්ථාවර හා බුද්ධිමත් පදනමක් මත තැබීම” බව ඔහු ලිවීය. ජුස් ඇනිමියම් සඳහා වන ඉල්ලීම් සඳහා සහන මේ වන විට අශෝභන ලෙස කර ඇති බව ඔහු ලිවීය. ඒ,සතුන් අයිතිවාසිකම් දරන්නන් ලෙස නොව දේපළ ලෙස සැළකීමෙන්ය.

සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ පෙළේ අය පවා, ඇත්ත වශයෙන්ම ප්‍රමාණවත් යැයි සිතිය හැකි එකම තර්කය මත තම ප්‍රකාශය පදනම් කර ගැනීමෙන් හැකිලී ගොස් ඇති බව පෙනේ. සතුන් මෙන්ම පිරිමින් ද ඇත්ත වශයෙන්ම ඊට වඩා බෙහෙවින් අඩුය; පිරිමින්ට වඩා සුවිශේෂී පුද්ගලත්වයක් ඇති අතර, එබැවින් හර්බට් ස්පෙන්සර් සඳහන් කරන “සීමිත නිදහසේ” නිසි මිනුමකින් ඔවුන්ගේ ජීවිත ගත කිරීමට යුක්තිය හිමි වේ.

“සදාචාරාත්මක අරමුණක් නැති” සතෙකුගේ ජීවිතය පිළිබඳ සංකල්පය අද දවසේ දියුණු මානුෂීය චින්තනයෙන් පිළිගත නොහැකි අදහස් පන්තියකට අයත් වේ. එය තනිකරම අත්තනෝමතික උපකල්පනයකි. හොඳම සහජ බුද්ධිය, අපගේ හොඳම විද්‍යාව සමඟ වෙනස් වන අතර සතුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගැනීම සඳහා (විෂය පැහැදිලිව සිතා බැලුවහොත්) මාරාන්තික වේ.අපි කවදා හෝ පහත් ජාතීන්ට සාධාරණය ඉටු කිරීමට යන්නේ නම්, අප එයින් ඉවත් විය යුතුය. ඔවුන් සහ මනුෂ්‍ය වර්ගයා අතර ස්ථාවර 'මහා පරතරයක්' පිළිබඳ පෞරාණික සංකල්පයක් වන අතර, සියලු ජීවීන් එකම විශ්ව සහෝදරත්වයක් තුළ එක්සත් කරන මානව වර්ගයාගේ පොදු බැඳීම හඳුනාගත යුතුය.

20වන සියවස: සත්ව අයිතිවාසිකම් ව්‍යාපාරය[සංස්කරණය]

Brown Dog Affair සහ ලිසී ලින්ඩ් ඒ. එෆ්. හැගේබී[සංස්කරණය]

1913 දී ලිසී ලින්ඩා ඒ.ෆ්. හැග්බී (මැද අසුන්ගෙන සිටී)

1902 දී ස්වීඩන් ස්ත්‍රීවාදිනියක වන ලිසී ලින්ඩ් ඒ. එෆ්. හැගේබි (1878-1963) සහ ඇගේ මිතුරියක් වන ලීසා ෂාටාවෝ එංගලන්තයට ගියේ කාන්තාවන් සඳහා ලන්ඩන් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහාය. ඔවුන්ගේ අධ්‍යයන කාලය තුළ ඔවුන් සත්ව අත්හදා බැලීම් කිහිපයක් දුටු අතර, එහි විස්තර The Shambles of Science: Extracts from Diary from Physiology (1903) ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඔවුන්ගේ චෝදනාවලට ඇතුළත් වූයේ දුඹුරු පැහැති ටෙරියර් සුනඛයෙකු සිහිය ඇතිව සිටියදී ශරීරය කපාකොටා හරින ලද අතර එය පර්යේෂක විලියම් බේලිස් සහ ඔහුගේ සගයන්ගෙන් කෝපයට පත් වීමට හේතු විය. 1876 දී ජාතික විවිසෙක්ෂන් සමිතියේ ස්ටීවන් කොලරිජ්‍, සත්ව හිංසාව පිළිබඳ පනත උල්ලංඝනය කළ බවට බේලිස්ට චෝදනා කළේය. බේලිස් නඩු පවරා ජය ගත්තේ, පනතට අනුව සත්වයා නිර්වින්දනය කර ඇති බවට අධිකරණයකට ඒත්තු ගැන්වීමෙනි.[49]

ඊට ප්‍රතිචාර වශයෙන් 1906 දී බැටර්සියා උද්‍යානයේ සුනඛයාගේ ප්‍රතිමාවක් ඉදිකර එහි “එංගලන්තයේ පිරිමි සහ ගැහැණු, මේ දේවල් කොපමණ කාලයක් පවතිනු ඇත්ද?” යැයි සඳහන් කළේය. මෙම ප්‍රතිමාව වෛද්‍ය සිසුන් අතර මහත් කලබලයක් ඇති කළ අතර ප්‍රතිමාව නිරන්තරයෙන් විනාශයට පත්වීම නිසා පැය 24 පුරා පොලිස් ආරක්ෂක භටයෙකුගේ අවශ්‍යතාවය ඇති විය.1907 දී ට්‍රැෆල්ගර් චතුරශ්‍රයේ දී වෛද්‍ය සිසුන් 1,000 ක්, පොලීසිය, ඡන්දදායකයින් සහ වෘත්තීය සමිතිවාදීන් සමඟ ගැටුම් ඇති කර ගත් අතර කෝලාහල වලින් මෙම ගැටළුව අවසන් විය. වසර දෙකකට පසු අන්ධකාරයේ ආවරණය යටතේ බැටර්සියා කවුන්සිලය පිළිමය උද්‍යානයෙන් ඉවත් කළේය.[50]

කොරල් ලැන්ස්බරී (1985) සහ හිල්ඩා කීන් (1998) මෙම දුඹුරු සුනඛයාගේ සිද්ධිය පසුකාලයේ දේශපාලන බලවේග සහ වෛද්‍ය සභාව පුරුෂාධිපත්‍යයට යටවීම නිසා පීඩනයට පත් ස්ත්‍රී ජනගහනයේ සංකේතය වූ බවයි. කීන් තර්ක කරන්නේ දෙපාර්ශවයම අනාගතය තමාගේ යැයි දුටු බවයි. සිසුන්, මෙම කාන්තාවන් සහ වෙළඳ සමිතීන් විද්‍යාවට එරෙහි හැඟීම්බර පිරිස් ලෙස දුටු අතර, කාන්තාවන් තමන්ව දුටුවේ, ඉදිරියට යන පිරිසක් ලෙසත්, සිසුන් සහ ගුරුවරුන්ව දුටුවේ කාලීන නොවන පිරිසක් ලෙසත්ය.

සත්ව නිෂ්පාදනවලින් තොරභාවයේ උපත[සංස්කරණය]

19 වන හා 20 වන සියවසේ මුල් භාගයේදී බිත්තර හා සත්ව කිරි භාවිතය වළක්වා ගත් ඉංග්‍රීසි නිර්මාංශ සංගමයේ සාමාජිකයින් දැඩි නිර්මාංශිකයින් ලෙස ප්‍රසිද්ධ වුහ.1851 දී නිර්මාංශ සංගමයේ සඟරාවේ සපත්තු සම් සඳහා විකල්ප ගැන පාඨකයන්ට දැනුම් දෙන ලිපියක් ජාත්‍යන්තර නිර්මාංශ සංගමය උපුටා දක්වයි. 20 වන ශතවර්ෂයේ ආරම්භයේ සිට බිත්තර හා කිරි පරිභෝජනය සම්බන්ධයෙන් සමිතිය තුළ වැඩි වන නොසන්සුන්තාවයක් ඇති වූ අතර 1923 දී එහි සඟරාව "නිර්මාංශිකයින් සඳහා වඩාත් සුදුසු වන්නේ සත්ව නිෂ්පාදන වලින් වැළකී සිටීම" යනුවෙන් නිර්දේශ කර ඇත.[51]

මහත්මා ගාන්ධිතුමන් (1869-1948) 1931 දී ලන්ඩනයේ පැවති සමිතියේ රැස්වීමකට පෙර තර්ක කළේ නිර්මාංශත්වය අනුගමනය කළ යුත්තේ සතුන්ගේ අවශ්‍යතා සඳහා මිස මිනිස් සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස නොවන බවයි. ඔහුට හෙන්රි සෝල්ට් සහ ඇනා කිංස්ෆර්ඩ් යන දෙදෙනාම මුණගැසුණු අතර, සෝල්ට් හට නිර්මාංශවාදය සඳහා වූ ආයාචනය(1880) කියවීය. “සාමාන්‍ය සමාජයේ නිර්මාංශිකයෙකු තවමත් පිස්සෙකුට වඩා හොඳ යැයි සළකනු ලැබේ” යනුවෙන් සෝල්ට් පත්‍රිකාවක ලියා ඇත.1944 දී ඩොනල්ඩ් වොට්සන් (1910-2005 )ගේ නායකත්වයෙන් යුත් සාමාජිකයින් කිහිප දෙනෙක් බිත්තර හා කිරි භාවිතය පිළිබඳ ගැටලුව මත නිර්මාංශ සංගමයෙන් ඉවත් වීමට තීරණය කළහ. වොට්සන් විසින් සත්ව ආහාර වලින් තොර ආහාර සඳහා "වීගන්" යන යෙදුම භාවිතා කරන ලද අතර ඔවුන් එම වසරේ නොවැම්බර් 1 වන දින බ්‍රිතාන්‍ය වීගන් සමිතිය පිහිටුවන ලදී.

ටියර්ස්චුට්ගෙසෙට්ස් (Tierschutzgesetz)[සංස්කරණය]

ගොනුව:Hermann Goering 2.jpg
මෙම කාටූනය 1933 සැප්තැම්බර් 3 වන දින ජර්මානු උපාහාසාත්මක සගරාවක් වන ක්ලැඩේරාඩැට්ෂ්හි පළවිය.සත්ව පර්යේෂණ සදහා සීමාවන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු විද්‍යාගාරවල සිටින සතුන් හර්මන් ගෝරිංට නාසි ආචාරය දක්වන ආකාරය පෙන්වයි.

1933 ජනවාරියේ බලයට පත්වීමෙන් පසු නාසි පක්ෂය පුළුල් සත්ව ආරක්ෂණ නීති මාලාවක් සම්මත කළේය. ආර්නෝල්ඩ් ආර්ලූක් සහ බෝරියා සැක්ස් ලියන්නේ නාසීන් මිනිසුන් සහ සතුන් අතර වෙනස අහෝසි කිරීමට උත්සාහ කළ බවයි. බොහෝ මිනිසුන් සතුන්ට වඩා අඩු වටිනාකමක් සහිතව සළකනු ලැබීය.[52]

1933 අප්‍රෙල් මාසයේ දී ඔවුන් සතුන් ඝාතනය නියාමනය කිරීමේ නීති සම්මත කළහ. ඔවුන්ගේ එක් ඉලක්කයක් වූයේ කොෂර් ඝාතනයයි. ඇඩොල්ෆ් හිට්ලර් සත්ව හිංසාව අවසන් කරන බව නිවේදනය කිරීමත් සමඟ නොවැම්බර් මාසයේදී ටියර්ස්චුට්ගෙසෙට්ස් නොහොත් සත්ව ආරක්ෂණ නීතිය හඳුන්වා දෙන ලදි:"Im neuen Reich darf es keine Tierquälerei mehr geben." ("නව රීචයෙහි තවදුරටත් සත්ව හිංසාවන්ට ඉඩ නැත.") 1935 ජූලි මාසයේදී Naturschutzgesetz විසින් පාරිසරික නීති සම්පාදනය කිරීම, 1937 නොවැම්බර් මාසයේදී මෝටර් රථවල සත්ව ප්‍රවාහනය නියාමනය කරන නීතියක් සම්පාදනය කිරීම,1938 සැප්තැම්බර් මාසයේදී දුම්රියේ සතුන් සම්බන්ධයෙන් කටයුතු කරන සමාන නීතියක් සම්පාදනය කිරීම වැනි දැයින් එය ස්ථිර විය. හිට්ලර් ඔහුගේ ජීවිතයේ පසු කාලීනව නිර්මාංශිකයෙකි; රුඩොල්ෆ් හෙස්, ජෝශප් ගොබෙල්ස් සහ හෙන්රිච් හිම්ලර් ඇතුළු ඔහුගේ අභ්‍යන්තර කවයේ සාමාජිකයන් කිහිප දෙනෙක් යම් ආකාරයක නිර්මාංශත්වයක් අනුගමනය කළහ. බොහෝ වාර්තාවලට අනුව ඔවුන්ගේ නිර්මාංශත්වය හිට්ලර්ගේ තරම් දැඩි නොවීය.[53]

සත්ව පරිභෝජනය ඉහළ යාම[සංස්කරණය]

සත්ව ආරක්ෂණ නීති පුළුල් වුව ද සතුන්ට නීතිමය අයිතිවාසිකම් නොතිබිණි. ඩෙබී ලෙග් පවසන්නේ පවත්නා නීති සම්පාදනය මානව අවශ්‍යතා පිළිබඳ අදහස සමඟ බොහෝ සෙයින් බැඳී ඇති බවයි. නිදසුනක් වශයෙන් ධීවර (මත්ස්‍ය) තොග අධික ලෙස සූරාකෑම මිනිසුන්ට හා පරිසරයට කරන හානියක් ලෙස සලකනු ලබයි; සතුන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පාන තෙක් ඔවුන් දඩයම් කිරීමෙන් අදහස් වන්නේ අනාගතයේදී මිනිසුන් සතුන් නිසා විනෝදයක් නොලබන බවයි; සත්ව හිමිකරුට මුල්‍යමය පාඩුවක් සිදු වන බවයි.[54]

පෙර ශතවර්ෂයේ සත්ව සුභසාධනය කෙරෙහි උනන්දුවක් තිබුණ ද විසිවන සියවසේ දී විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසු සතුන් සඳහා වූ තත්ත්වය පිරිහී ගියේය. මෙයට හේතු වූයේ පර්යේෂණ සඳහා යොදා ගන්නා සතුන් ප්‍රමාණය ඉහළ යාමයි. 1875 දී එක්සත් රාජධානියේ 300 ක්‌, 1903දී 19,084 ක්‌ හා 2005දී මිලියන 2.8 ක් (ලොව පුරා මිලියන 50-100ක් අතර) සහ එක්සත් ජනපදයේ නවීන වාර්ෂික ඇස්තමේන්තු ගත පරාසය මිලියන 10 සිට මිලියන 100 දක්වා පර්යේෂණ සඳහා සතුන් යොදා ගැනීම ඉහළ ගොස් ඇත.[55] නමුත් ගොවිතැන කාර්මීකරණය වීම නිසා යුද්ධයට පෙර කළ නොහැකි යැයි සිතූ මහා පරිමාණයේ සතුන් බිලියන ගණනක් ඇති කිරීම හා ආහාර සඳහා මරා දැමීම සිදු කරන ලදී.[56]

සෘජු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම.[සංස්කරණය]

1960 දශකයේ මුල් භාගයේ දී සත්ත්ව අයිතිවාසිකම් සඳහා සහයෝගය හිමිවුණත්, සතුන් සහභාගිවන රුධිරය වැගිරීමේ ක්‍රීඩා, විශේෂයෙන් බල්ලන් යොදාගෙන මුවන්,නරියන් හා දිය බල්ලන් දඩයම් කිරීම, වංශාධිපති හා මධ්‍යම පාන්තිකයන් අතර පැවති ග්‍රාමීය සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම සඳහා යැයි පවසමින් දිගටම පැවතුණි. 1960 දශකයේ අග භාගයේ දී සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ මනෝ වෛද්‍ය රිචඩ් ඩී.රයිඩර් මහතා පවසන්නේ 1963 දී හිංසාකාරී ක්‍රීඩා වලට එරෙහි සංගමයේ (League Against Cruel Sports) නව සභාපති වරයා දඩයම් සංගම්හි සාමාජිකයන් සමග ගැටුණු අතර එම වසරේදීම දඩයම් විරෝධී හන්ට් සැබෝටියර් සංගමය පිහිටුවීමට එය හේතු වූ බවයි. මේ පිහිටුවන ලද්දේ ජෝන් ප්‍රෙස්ටීජ්‍ නම් මාධ්‍යවේදියා විසිනි. Devon and Summerset staghound වර්ගයේ බල්ලන් විසින් ගැබිනි මුවෙකු ගමකට ලුහුබැඳ ගොස් මරාදමන අයුරු ඔහු දුටුවේය. දඩයම් කඩාකප්පල් කිරීම (නිදසුනක් ලෙස සුවඳින් හෝ අං වලින් බල්ලන් නොමඟ යැවීම) ගිනිකොණදිග එංගලන්තය පුරා විශේෂයෙන් විශ්වවිද්‍යාල නගරවල පැතිරුණි. දඩයම්කරුවන් “sabs” වලට පහර දුන් විට දරුණු ගැටුම්ද ඇති විය.[57]

රැඩිකල්වාදයෙන් ඔබ්බට ගොස් රාජකීය අනුග්‍රහය සහිත පුණ්‍යායතනයක් බවට පත්වී සිටී RSPCA සංවිධානය දක්වා මෙම මතභේදය පැතිරිණි. එම කණ්ඩායම දඩයමට එරෙහිව කතා කිරීමට අපොහොසත් වූ අතර සත්‍ය වශයෙන්ම දඩයම්කරුවන් එම සංගමයේ සාමාජිකත්වය දැරීය. හිංසාකාරී ක්‍රීඩා සඳහා විරුද්ධ ලීගය විසින් මෙම සංවිධානය රැඩිකලීකරනය කිරීමට උත්සාහ කළ අතර එය පාලක මණ්ඩලයේ අවුල් සහගත රැස්වීම් වලට තුඩු දුන්නේය. මෙයින් කෙටිකාලීන එහෙත් සාර්ථක වෙනස්කම් සංවිධානය තුළ ඇතිවිය. ඔවුනට අවශ්‍ය වූයේ සත්ව අයිතිවාසිකම් පිළිබඳ දෘෂ්ටිකෝණයකින් පාලක මණ්ඩලය සමඟ තර්කකරන සාමාජිකයින් තෝරා පත්කරගෙන දඩයම, කර්මාන්ත සත්ත්ව පාලනය හා සතුන් යොදා ගන්නා අත්හදා බැලීම වැනි ගැටලු විසඳීමට RSPCA වෙත බල කිරීමයි. වෛද්‍ය රයිඩර් මහතා 1971 දී මෙම කවුන්සිලයට තේරී පත්වුණු අතර ඔහු 1977 සිට 1979 දක්වා එහි සභාපති ලෙස කටයුතු කළේය.[58]

ඔක්ස්ෆර්ඩ් කණ්ඩායම (Oxford Group) පිහිටුවීම[සංස්කරණය]

මෙම කාලය තුළ ලේඛකයන් හා විද්වතුන් සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් නැවත කතා කිරීමට පටන් ගත්හ. කර්මාන්ත සත්ව පාලනය පිළිබඳ ප්‍රබල විවේචනයක් වන Animal Machines(1964) නම් ග්‍රන්ථය “රූත් හැරිසන්” විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර නවකතාකාරිණී “බ්‍රිජිඩ් බ්‍රොෆ්‍රී” විසින් ලියන ලද “සතුන්ගේ අයිතිවාසිකම්” නම් ලිපිය 1965 ඔක්තෝබර් 10 වන දින “සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ පළවිය.[59]ඇය මෙසේ ලිවීය:

හෝමෝ සේපියන් වරු හා අනෙක් සතුන් අතර ඇති සබඳතාවය නොවරදින සූරාකෑමකි. අපි ඔවුන්ව භාවිතා කරන්නෙමු; ඔවුන්ව අනුභව කර අඳින්නෙමු. අපගේ මිථ්‍යා විශ්වාසයන්ට සේවය කිරීමට ඔවුන්ව සූරා කන්නෙමු: අනාගතය ගැන පුරෝකථනය කිරීමට අපි ඔවුන්ව අපගේ දෙවිවරුන්ට පූජා කර ඔවුන්ගේ බඩවැල් ඉරා දැමුවෙමු. මදක් පැහැදිලිව වර්තමානය දැකගත හැකිය යන බලාපොරොත්තුව තුළ දැන් අපි ඔවුන්ව විද්‍යාවට පූජා කර අත්හදා බැලීම් කරන්නෙමු. ග්‍රීක දාර්ශනිකයන් හරි වැරැද්ද පිළිබඳව ගැඹුරින් පරිලෝකනය කළ යුතුව ඔවුන් තිබුණත් වහල්භාවයේ දුරාචාරය පිළිබඳ ව කිසි විටෙකත් නොදැන සිටි බවට අපට විශ්වාස කළ හැකිය. සමහරවිට අවුරුදු 3000ක් අනාගතයට ගියත් අප සතුන්ට කරන හිංසා පීඩා, එම දුරාචාරය අප විසින්ම නොදකින බව පෙනේ.

රොබට් ගාර්නර් පවසන්නේ රූත් හැරිසන්ගේ පොත හා බ්‍රිජිඩ් බ්‍රොෆ්‍රී ගේ ලිපිය මනුෂ්‍ය හා මනුෂ්‍ය නොවනවුන් අතර ඇති සබඳතාවය පිළිබඳ මිනිසුන් අතර ඇති උනන්දුව පුබුදුවාලීමට සමත් වූ බවයි.[60] බ්‍රොෆ්‍රී ඇගේ ලිපිය 1969 දී හෝ ඊට ආසන්න කාලයකදී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දර්ශනවාදී පශ්චාත් උපාධිය හදාරන සිසුන් වූ රොස්ලින්ඩ් හා ස්ටැන්ලි ගොඩ්ලොවිච් (කැනේඩියානු යුවලක්), ජෝන් හැරිස් හා ඩේවිඩ් වුඩ් යන අයගේ අවධානයට යොමු විය. ඔවුන් දැන් ඔක්ස්ෆර්ඩ් කණ්ඩායම (Oxford Group) ලෙස හැඳින්වේ. සත්ව අයිතිවාසිකම් පිළිබඳ න්‍යායන් සාකච්ඡා කිරීමට සම්මන්ත්‍රණයක් පැවැත්වීමට ඔවුහු තීරණය කළහ.[61]

මෙම කාල වකවානුවේදීම රිචඩ් රයිඩර් විසින් ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට සත්ව අත්හදා බැලීම් විවේචනය කරමින් ලිපි ඉදිරිපත් කළේ රසායනාගාරවල ඔහු දුටු සිදුවීම් පදනම් කරගනිමිනි. 1969 අප්‍රේල් හා මැයි මාසයේ පළවුණු මෙම ලිපි බ්‍රිජිඩ් බ්‍රොෆ්‍රී ගේ අවධානයට යොමු වූ අතර ඇය රිචඩ් රයිඩර් ව ගොඩ්ලොවිච් යුවලට හා ජෝන් හැරිස්ට හඳුන්වා දුන්නාය. ඉන්පසු රිචඩ් රයිඩර් විසින් ඔක්ස්ෆර්ඩ් කණ්ඩායම (Oxford Group) විසින් මුද්‍රණය කරන සතුන් පිළිබඳව කරන අත්හදා බැලීම්වලට විරෝධය පළ කරන පත්‍රිකා ද බෙදා හැරීමට පටන් ගත්තේය; 1970 දී ඔහු මෙම පත්‍රිකා වලින් එකක සත්ව විශේෂවවාදය (Speciesism) යන යෙදුම භාවිතා කළේ මිනිසුන්ට ලබා දෙන ආරක්ෂාවන්ගෙන් මනුෂ්‍ය නොවන කොට්ඨාශය බැහැර කිරීම විස්තර කිරීමටයි.[62] පසුව ඔහු, බ්‍රොෆ්‍රී හා හැරිසන් යන අය ගොඩ්ලොවිච් යුවලගේ සම්මන්ත්‍රණ වලට දායක වූ අතර 1971 දී එය ප්‍රකාශයට පත්වූයේ "සතුන්,මිනිසුන් හා සදාචාරය: මිනිසුන් නොවන අයගේ හිංසනය පිළිබඳව වන විමසුමක්" (Animals, Men and Morals: An Inquiry into the Maltreatment of Non-humans) ලෙසටයි.[63]

සත්ව විමුක්තිය ප්‍රකාශයට පත් කිරීම[සංස්කරණය]

1970 දී ඔස්ට්‍රේලියානු දාර්ශනිකයෙක් වූ “පීටර් සිංගර්” නිර්මාංශික සරසවි සිසුවකු වූ “රිචඩ් කෙෂෙන්” සමග ඔක්ස්ෆර්ඩ් හි දිවා ආහාරය ගනිමින් සිටියදී සතුන් ආහාරයට ගැනීමෙන් තමන් සතුන්ට හිංසා පීඩා කරන බව විශ්වාස කරන බව පැවසීය. කෙෂෙන් විසින් සිංගර්ව ගොඩ්ලොවිච් යුවලට හඳුන්වා දුන් අතර 1973 දී සිංගර් විසින් ඔහුගේ “සත්ව විමුක්තිය” පොත “The New York Review of Books” වෙත ඉදිරිපත් කළේය. එහිදී ඔහු කළ සමාලෝචනයේදී "සත්ව විමුක්තිය" යන වදන භාවිත කරමින් ඔහු මෙසේ ලිවීය.

කළු ජාතිකයන්ගේ විමුක්තිය, සමලිංගිකයින්ගේ විමුක්තිය හා වෙනත් විමුක්තීන් පිළිබඳව අපට හුරුපුරුදුය. කාන්තා විමුක්තිය ගැන කතාකරන විට අප සිතුවේ එය අවසාන විමුක්තිය කියායි. ලිංගිකත්වය පදනම් කරගෙන වෙනස් කොට සැළකීම අප සිතුවේ විශ්වීය වශයෙන් පිළිගත් මවාපෑමකින් තොරව සිදුවන අන්තිම වෙනස්කිරීම කියායි. නමුත් “වෙනස්කිරීමේ අවසාන ස්වරූපය” යන යෙදුම භාවිතයේදී ප්‍රවේශම් විය යුතුය. සතුන්, මිනිසුන් හා සදාචාරය යනු සත්ව විමුක්තියේ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි.

සිංගර් පෙන්වා දෙන්නේ සතුන්ට අයිතිවාසිකම් ඉල්ලීමේ හා සතුන් කෙරෙහි සෙනෙහසේ කිසිදු සබඳතාවක් නොමැති බවයි. ජාතිය හෝ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ගැන කතා කිරීමෙන්ම ඔවුන් “කළු ජාතිකයන්ට පක්ෂයි” හෝ “ස්ත්‍රීන්ට පක්ෂයි” යනුවෙන් අදහස් නොකෙරේ. ඔවුන් පවසන්නේ “සතුන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම පිණිස කතා කරන්නා සතුන්ට ආදරය කළ යුතු යැයි උපකල්පනය කිරීමට හේතුවක් නැත” යනුවෙනි. මන්ද යත් එය ඔබගේ රුචිකත්වය අනුව කළ හැක්කක් බැවිනි. කෙසේ වුවත් අයිතිවාසිකම් පිළිබඳව ඇති ගැටලුව රුචිකත්වය මත පදනම් නොවේ. මෙම තර්කය ඇමරිකාව පුරා පැතිරී ගියේ මෙසේ සත්ත්ව අයිතිවාසිකම් පිළිබඳව පෙරදී කතා කළේ සතුන්ට ආදරය දක්වන්නන් පමණක් බැවිනි.

ඔහුගේ සමාලෝචනය තිබූ ප්‍රබලත්වය මත “The New York Review of Books” විසින් වෙනස් පියවරක් ඉදිරියට තැබුවේ ය. ඒ 1975 දී “සත්ව විමුක්තිය” (Animal Liberation) ලෙස “පීටර් සිංගර්” ගේ පොත ප්‍රකාශයට පත් කරමිනි. එය අදටත් සත්ව අයිතිවාසිකම් පිළිබඳව ඇති හොඳම ග්‍රන්ථ වලින් එකකි. සිංගර් තම තර්ක සඳහා පදනම් කරගත්තේ උපයෝගීතා මූලධර්මයයි (Utilitarianism). එය සරලව ගත් කල “සංඛ්‍යාව විශාල වන විට සතුට ද ඉහළ යයි” යන අදහසයි. මෙය “ජෙරම් බෙන්තම්” විසින් 1776 දී පළමුවරට භාවිතාකළ වැකියකි. මිනිසාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම; නිදසුනක් ලෙස දුක් විඳීමට අකමැති වීම ආදිය සතුන්ට ද පොදු බව ඔහු තර්ක කළේය. රයිඩර් ව උපුටා දක්වමින් සත්ව විශේෂවාදය (Speciesism) යන වදන ඔහු ද භාවිතා කළ අතර එම වදන 1989දී ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් විය.[64]

මෙම කෘතිය ප්‍රකාශයට පත්වීම නිසා සත්ව අයිතිවාසිකම් විද්වතුන්ගේ අවධානයට ලක්විය. රිචඩ් රයිඩර් ගේ Victims of Science: The Use of Animals in Research(1975) යන කෘතිය ප්‍රකාශයට පත් වූ අතර ඉන් පසුව Andrew Linzey ගේ Animal Rights : A Christian Perspective (1976) නම් කෘතිය පළ විය. සත්ව අයිතිවාසිකම් පිළිබඳව වූ සම්මන්ත්‍රණයක් 1977 අගෝස්තු මාසයේදී රයිඩර් හා ලින්සි විසින් සංවිධානය කළ අතර එය කේම්බ්‍රිජ්හි ත්‍රිත්ව විද්‍යාලයේ දී පැවැත්වුණි. මෙයින් අනතුරුව මේරි මිඩ්ග්ලි ගේ Beast And Man : The Roots of Human Nature (1978) හා කේම්බ්‍රිඡ් සම්මන්ත්‍රණයේදී කියවුණු කරුණු ඇතුළත් වූ Animal Rights : A Symposium (1979) යන කෘති ප්‍රකාශයට පත් විය.[65]

1984 දී ටොම් රේගන් The Case of Animal Rights නම් කෘතිය පළ කරේ 1982 දී ඔහු විසින්ම ලියු ලිපි මාලාවක් පදනම් කරගනිමිනි. ඔහු පවසන්නේ මනුෂ්‍ය නොවන ජීවීන් ස්වභාවධර්මයේ කොටසක් වන බවත් ඔවුන්ටද සදාචාරාත්මක අයිතිවාසිකම් ඇති බවත්ය.[66] මෙය සත්ව අයිතිවාසිකම් පිළිබඳව ඇති ප්‍රධාන න්‍යායක් ලෙස සළකයි. 2001 දී රේගන් පවසන්නේ දාර්ශනිකයන් පෙර අවුරුදු 2000 ක කාලයකදී ලියුවා ට වඩා පසුගිය අවුරුදු 20 ක කාලය තුළ සත්ව අයිතිවාසිකම් පිළිබඳව වැඩිපුර ලියා ඇති බවයි. ගානර් පවසන්නේ චාල්ස් මැගෙල් ගේ නාමාවලිය වන Keyguide to Information Sources in Animal Rights(1989) කෘතියේ 1970 දක්වා සතුන් පිළිබඳව දාර්ශනික මත ඇතුලත් පිටු 10ක් අඩංගු බවත් 1970 සිට 1989 දක්වා කාලය තුළ පමණක් පිටු 13 ක්‌ එයට අලුතින් ඇතුළත් වූ බවත්ය.[67]

සත්ව විමුක්ති පෙරමුණ ආරම්භ කිරීම[සංස්කරණය]

1971 දී නීති ශිෂ්‍යයකු වූ රොනී ලී විසින් හන්ට් සැබෝටියර් සංගමයේ ශාඛාවක් ලුටන් හි පිහිටවීය. එය පසුව 19 වන සියවසේ RSPCA තරුණ සංගමය අනුව යමින් Band of Mercy නම් විය. මෙම සංගමය දඩයම්කරුවන්ගේ වාහනවල ටයර් කපා වීදුරු කඩා දැම්මේ එය ක්‍රියාකාරී අනුකම්පාව ලෙස පවසමිනි. ඔවුහු ඔවුන්ගේ පළමු ගිනිතැබීම ලෙස 1973 නොවැම්බරයේදී හොචෙස්ට් ඖෂධ සමාගමේ පර්යේෂණාගාරයකට ගිනි තැබීය. එහි වගකීම භාර ගනිමින් ඔවුන් පැවසුවේ ඔවුන් “අවිහිංසාවාදී ගරිල්ලා සංවිධානයක් ලෙස සියලු වර්ගවල කුරිරුකම් වලින් හා හිංසා කිරීම් වලින් සතුන් මුදවා ගැනීමට කැපවූ සංවිධානයක්” බවයි.[68]

1974 දී රොනී ලී හා තවත් ක්‍රියාකාරිකයෙකු ට වසර තුනක සිර දඬුවමක් නියම වූ අතර ඔවුන් පොදු සමාව යටතේ මාස 12 කින් නිදහස් විය. 1976දී ලී විසින් Band of Mercy සංවිධානයේ ඉතිරි වූ සාමාජිකයන් කිහිපදෙනෙකු හා තවත් අලුත් පිරිසක් සමග නායකයෙක් නොමැති සත්ව විමුක්ති පෙරමුණ Animal Liberation Front (ALF) පිහිටුවීය. ALF සංවිධානය තමන්ව නවීන භූගත දුම්රිය මාර්ගයක් ලෙස දකින අතර ගොවිපළවල් හා පර්යේෂණාගාර වලින් ඉවත් කරන සතුන් ඔවුන් විසින් දයාබර පශුවෛද්‍යවරුන්, අභය භූමි හා ආරක්ෂිත නිවාස වෙත යවනු ලැබේ. මෙහිදී සමහර ක්‍රියාකාරීන් අනුකම්පාවක් නොමැතිවම තර්ජන කිරීම්, බිය වැද්දීම් හා ගිනි තැබීම් වලද නිරත විය.

මෙම සංවිධානයේ විමධ්‍යගත ආකෘතිය නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට හිසරදයක් වූ අතර ඔවුන් පැවසුවේ මෙම සංවිධානය ඔවුන්නොවුන්ගේ මිතුරන් අතර ව්‍යාප්ත වන බවයි. 2005 දී එක්සත් ජනපදයේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ දේශීය ත්‍රස්තවාදී තර්ජන ඇතුළත් ලැයිස්තුවට ALF සංවිධානය ඇතුළත් කළහොත් එය කොතරම් බැරෑරුම් ද යන වග වැටහෙන බවයි.[69] නමුත් වඩාත් අධිෂ්ඨානශීලී ALF ක්‍රියාකාරීන්ගේ සමහර ක්‍රියා සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සිංගර් වැන්නවුන්ද හෙළාදකී. ඒ, මෙය සදාචාරාත්මකව ඉහළ මට්ටමක තිබිය යුතු දෙයක් ලෙස පවසමිනි. මෙයට ප්‍රතිචාර ලෙස “ඉන්ග්‍රිඩ් නිව්කර්ක්” පවසන පරිදි ALF සංවිධානය පවසන්නේ “චින්තකයන්ට විප්ලවයන් සූදානම් කළ හැකි නමුත් කොල්ලකරුවන් ඒව ක්‍රියාත්මක කළ යුතුය” යනුවෙනි.[70]

1980 දශකයේ සිට 2000 දශකයේ මුල් භාගය දක්වා සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් විසින් සත්ත්ව පර්යේෂණ හා සම්බන්ධ පුද්ගලයින් හා ආයතන වෙත කරන ලද හිරිහැර ඉහළ ගොස් තිබේ. මේවාට සම්බන්ධ වූ කණ්ඩායම් අතර අධිකරණ දෙපාර්තමේන්තුව, Animal Rights Militia හා SHAC යන ආයතන විය.

උප සංස්කෘතීන් හා සත්ව අයිතිවාසිකම්[සංස්කරණය]

1980 දශකයේ දී සත්ව අයිතිවාසිකම්, පන්ක් උපසංස්කෘතිය (punk subculture) හා මතවාද, විශේෂයෙන් එක්සත් ජනපදයේ straight edge hardcore punk හා එක්සත් රාජධානියේ anarcho-punk සමග සම්බන්ධ විය. Vegan punk විසිම් සංවිධානය කරනු ලබන් සැණකෙළි අවස්ථා වන යුරෝපයේ Fluff Fest වැනි උත්සව ඔස්සේ මෙම සංවිධාන 21 වන ශත වර්ෂය දක්වාම ක්‍රියාත්මක වන බව පෙනේ.

ජාත්‍යන්තර සත්ව අයිතිවාසිකම්[සංස්කරණය]

හිටපු නාවික හා සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු වූ හෙන්රි ස්පිරා (1927-1998) එක්සත් ජනපදයේ නව සත්ව අයිතිවාසිකම් විෂයෙහි ක්‍රියාකාරීන් අතර වඩාත් කැපී පෙනුණි. ක්‍රමයෙන් ඉදිරියට යමින් 1974 දී ඔහු Animal Rights International සංවිධානය පිහිටු වූ අතර ඔහු "Reintegrative Shaming" යන අදහස ලොවට හඳුන්වා දුන්නේ ය. එමඟින් සත්ව අයිතිවාසිකම් සුරකින්නන් හා සතුන් අනිසි ලෙස යොදවන්නන් අතර සබඳතාවයක් ඇති කරයි. මෙම ක්‍රියාමාර්ගය People for the Ethical Treatment of Animals සංවිධානය ඇතුළු ලොව පුරා පුළුල්ව ක්‍රියාත්මක කරයි.[71]

ස්පිරා තම ව්‍යාපාරය පළමුව ආරම්භ කළේ ඇමරිකානු ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරය (American Museum of Natural History) ට එරෙහිවයි. ඒ එක්දහස් නවසිය හැත්තෑ හයේ දී බළලුන් යොදාගනිමින් එහිදී සිදුවූ අත්හදාබැලීමක් නවත්වන ලෙසට ඉල්ලමිනී. 1980 දී ඔහු රෙව්ලෝන් නම් ආලේපන සමාගමට Draize test නම් පරීක්ෂණය නවත්වන ලෙසට ඉල්ලා සිටියේ එය සතුන්ගේ ඇස් වලට හා සමට විෂ සහිත වූ බැවිනි. ඔහු පුවත්පත්වල සම්පූර්ණ පිටුවක දැන්වීම් පළ කළ අතර එවන් එක් දැන්වීමක හාවෙකුගේ දෑස් මත ප්ලාස්ටර් අලවා තිබුණි. එහි ශීර්ෂ පාඨය වූයේ “සුන්දරත්වය වෙනුවෙන් රෙව්ලෝන් සමාගම තවත් කොපමණ හාවන්ගේ දෑස් අන්ධ කරනවාද?” යන්නයි. මෙයින් පසුව රෙව්ලෝන් සමාගම පර්යේෂණ සදහා සතුන් යොදා ගැනීම නැවැත්වූ අතර සත්ව පර්යේෂණ සඳහා විකල්ප මධ්‍යස්ථානයක් පිහිටුවීමට මුදල් පරිත්‍යාග කළ අතර අනෙකුත් ප්‍රමුඛ පෙළේ රූපලාවන්‍ය ආලේපන සමාගම්ද මෙය අනුගමනය කරන ලදී.[72] චීනයේ විකුණුම් වලින් ලැබෙන ආදායම අත්හැරීමට අකමැති බැවින් රූපලාවණ්‍ය හා වෙනත් භාණ්ඩ සඳහා සත්ව පරීක්ෂණ අවශ්‍ය වන නිසා රෙව්ලොන් සමාගම සතුන් පිළිබඳ පරීක්ෂණ අද අලුත් කර ඇත.

21 වන සියවස: වර්ධනයන්[සංස්කරණය]

මිනිස් නොවන හොමිනයිඩ් සතුන් යොදා කරන පර්යේෂණ හා අත්හදා බැලීම් තහනම් කළ හැකි තරමට බලපෑමක් ඇති කළ හැකි නව සත්ව සුභසාධන පනතක්, 1999දී නවසීලන්තය සම්මත කළේය.[73]

තවද,1999 දී එක්සත් ජනපදයේ පොදු නීතිය 106-152 (මාතෘකාව 18, 48 වගන්තිය) ක්‍රියාත්මක කරන ලදී. මෙම නීතිය මඟින් මූල්‍යමය වාසි ලබාගැනීමේ අරමුණින් සත්ව හිංසාව පෙන්වන වීඩියෝ නිර්මාණය කිරීම, ළඟ තබාගැනීම හෝ විකිණීම නෛතික අපරාධයක් බවට පත් කළේය.

2005 දී, ඔස්ට්‍රියානු පාර්ලිමේන්තුව වානරයන් වෙනුවෙන් නොවන ඔවුන් යොදා කරන සියලු අත්හදා බැලීම් තහනම් කළේය.[74] 2008 ජනවාරි මාසයේදී, ඔස්ට්‍රියාවේ චිම්පන්සියෙකු (මැතිව් හයසල් පෑන්)ට මිනිස් තත්වයක් නීතියෙන් අත්කරදීමට (ඔහුගේ අයිතිකරුවන් බංකොලොත් වූ නිසා) Association Against Animal Factories සටන් කළ අවස්ථාවේදී ඔස්ට්‍රියානු ශ්‍රේෂ්ඨාධිකරණය පවසා සිටියේ චිම්පන්සියෙකු මිනිසෙකු නොවන බවයි. 1982 දී පැටවෙකු වූ මෙම චිම්පන්සියා සියෙරා ලියෝනයෙන් ඔස්ට්‍රියාවට හොරෙන් ගෙන ආ ඇත්තේ ඖෂධ පිළිබඳ අත්හදා බැලීම්වලට යොදාගැනීමටයි. නමුත්, ඔස්ට්‍රියාවට ගෙන ආ විට එරට රේගු නිලධාරීන්ට හසුවීම නිසා මෙම චිම්පන්සියා මිනිස් ආරක්ෂාවකට යොමු කරන ලදි. 2007 දී එම ස්ථානය බංකොලොත් වන තෙක් ඔහුව වසර 25 ක් එහි රඳවා තබන ලදී. පරිත්‍යාගශීලීන් ඔහුට උදව් කිරීමට ඉදිරිපත් වූ නමුත් ඔස්ට්‍රියානු නීතිය යටතේ පුද්ගලයෙකුට පමණි පුද්ගලික තෑගි ලබා ගත හැක්කේ. එබැවින් ඔහුට සහාය දැක්වීම සඳහා යවන ඕනෑම මුදලක් ඔහුට අහිමි වනු ඇත. Association Against Animal Factories විසින් මෙම සිද්ධිය සම්බන්දයෙන් යුරෝපීය මානව හිමිකම් අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන ලදි. එහි චිම්පන්සියා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා, ඔහු වෙනුවෙන් නීතිමය භාරකරුවෙකු පත් කරන ලෙසත්, ඔහුට අයිතිවාසිකම් හතරක් ලබා දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය: ජීවත්වීමේ අයිතිය, සීමිත නිදහසේ ගමන් කිරීමට අයිතිය, පුද්ගලික ආරක්ෂාව සහ දේපළ ලබාගැනීමේ අයිතිය.[75]

2008 ජුනි මාසයේදී, ස්පාඤ්ඤයේ ජාතික ව්‍යවස්ථාදායකයේ එක්තරා කමිටුවක්, ලොව ප්‍රථම වතාවට, මානව නොවන ප්‍රයිමේටාවන් වෙනුවෙන් සීමාකර ඇති අයිතීන් දිගු කිරීමට මනාපව තම ඡන්දය භාවිතා කළේය. එරට පාර්ලිමේන්තු පරිසර කමිටුව විසින් චිම්පන්සියන්, බොනොබෝස්, ගෝරිල්ලන් සහ ඔරංඋටන් සතුන්ට වෛද්‍ය අත්හදා බැලීම්වල හෝ සර්කස් වල භාවිතා නොකිරීමට අයිතිය ලබා දෙන ලෙසට නිර්දේශ කළේ "the Great Ape Project" මගින් නිර්දේශ කළ අයිතීන් අනුව යමිනි.[76] කමිටුවේ මෙම යෝජනාව තවමත් එරට නීතිගත කර නොමැත.[77]

2009 සිට රටවල් කිහිපයක් (බොලීවියාවෙන් ආරම්භ වී) සර්කස්වල සමහර හෝ සියලු සතුන් භාවිතා කිරීම තහනම් කළ අතර යුරෝපයේ, ස්කැන්ඩිනේවියාවේ හා මැද පෙරදිග ප්‍රදේශවල රටවල් කිහිපයක් හා සිංගප්පූරුව මෙය අනුගමනය කළේය.[78]

2010 දී කැටලෝනියාවේ ප්‍රාදේශීය රජය, ස්පාඤ්ඤයේ පළමු වතාවට ගොන්පොර තහනම් කිරීමේ යෝජනාවක් සම්මත කළේය.[79] තල්මසුන්ට වහලුන් ලෙස සලකන බවට චෝදනා කරමින් PETA විසින් 2011දී සැන් ඩියේගෝ සහ ඕර්ලන්ඩෝ හි ඕර්කා සතුන් පහක් තබාගැනීමට එරෙහිව SeaWorld හට නඩු පවරන ලදී. වහල්භාවය සහ ස්වේච්ඡාවෙන් සේවය කිරීම තහනම් කරන එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය, මානුෂික නොවන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා උසාවියේදී කරුණු උපුටා දක්වන ලද පළමු අවස්ථාව මෙය විය. ෆෙඩරල් විනිසුරුවරයෙක් 2012 පෙබරවාරි මාසයේදී මෙම නඩුව නිෂ්ප්‍රභ කළේය.[80]

හේබියස් කෝපස් පෙත්සම්[සංස්කරණය]

2015 දී, Nonhuman Rights Project (NhPR) විසින් වහල්භාවයේ සිටි චිම්පන්සියන් සිව්දෙනෙකු වෙනුවෙන් නිව්යෝර්ක් ප්‍රාන්තයේ නඩු තුනක් ගොනු කරන ලද අතර, හේබියස් කෝපස් අනුව යමින් ශාරීරික නිදහස ලබා ගැනීමේ අයිතිය අධිකරණය විසින් ලබා දෙන ලෙසත්, වහාම ඔවුන් North American Primate Sanctuary Allianceට අනුබද්ධ අභය භූමියකට යවන ලෙසත් ඉල්ලා සිටියේය. මෙලෙස යැවූ සියලුම පෙත්සම් ප්‍රතික්ෂේප විය. හර්කියුලිස් සහ ලියෝ චිම්පන්සීන් සම්බන්ධ නඩුවේදී, විනිසුරු බාබරා ජැෆ් වහාම ගොනු කිරීම් නිෂ්ප්‍රභ නොකළ අතර, ඒ වෙනුවට චිම්පන්සියන් නිදහස් කර අභය භූමියට මාරු නොකළ යුත්තේ මන්දැයි පෙන්වීමට චිම්පන්සි හිමිකරුගෙන් ප්‍රකාශයක් ඉල්ලා සිටියේය. නඩු විභාගයෙන් පසුව විනිසුරු ජැෆ් හර්කියුලිස් සහ ලියෝගේ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් නියෝගයක් නිකුත් කළේය.

පෙත්සම ප්‍රතික්ෂේප කරනු ලැබුවද, NhRP විනිසුරු ජැෆ්ගේ තීරණය ජයග්‍රහණයක් ලෙස අර්ථකථනය කළේය. විනිසුරු ජැෆ් NhRP සමඟ එකඟ වූ බව එහි පුවත්පත් නිවේදනයේ අවධාරණය කරමින්, ඔවුන් කියා සිටියේ “පුද්ගලයන්” මිනිසුන්ට පමණක් සීමා නොවන බවත්, “පුද්ගලයෙක්” යනු ජීව විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් නොව, රාජ්‍ය ප්‍රතිපත්ති හා මූලධර්ම පිළිබඳ ප්‍රශ්නයක් බවත්ය. "එහෙයින් චිම්පන්සීන්ට නෛතික අයිතිවාසිකම් ලබා දීමට දරන උත්සාහයන් තේරුම් ගත හැකියි; යම් දිනෙක එය සාර්ථක වනු පවා ඇතියි." ඔවුන් ලිවීය.

දකුණු ආසියාව[සංස්කරණය]

ආගම්[සංස්කරණය]

මහවීර,අහිංසාවේ ආලෝකය දරන්නා:සියළු ජීවීන්ට කරුණාව සහ අවිහිංසාව, මෙම දර්ශනයට ඇතුළත් වේ

රොබට් ගාර්නර් ලියන්නේ හින්දු හා බෞද්ධ සමාජ දෙකම ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට සත්ව පූජා අත්හැර නිර්මාංශත්වය වැලඳ ගත් බවයි. ඉන්දියාවේ රජවරු කිහිප දෙනෙක් සතුන් සඳහා රෝහල් ඉදි කළ අතර, අශෝක අධිරාජ්‍යයා (ක්‍රි.පූ. 304–232) අවිහිංසාවාදී මූලධර්මය වන අහිම්සාට අනුකූලව දඩයම් කිරීම හා සත්ව ඝාතනයට එරෙහිව නියෝග නිකුත් කළේය. ජෛන ආගම මෙම අදහස තවදුරටත් ගෙන ගිය බව ගාර්නර් ලියයි. ජෛන ජාතිකයින් විශ්වාස කරන්නේ කිසිදු ජීවියෙකුට හානියක් සිදු නොවිය යුතු බවයි. [81]

පලිතානාහි විහාර නගරය ලොව ප්‍රථම නිර්මංශ නගරයයි.

2014 දී ඉන්දියාවේ ගුජරාටයේ පලිතානා නගරයේ ජෛන වන්දනා ගමනාන්තය නීත්‍යානුකූලව නිර්මාංශ වූ ලොව පළමු නගරය බවට පත්විය. එහි මස්, මාළු සහ බිත්තර මිලදී ගැනීම සහ විකිණීම නීති විරෝධී හෝ නීති විරෝධී කර ඇති අතර, 'ආහාර සතුන්' මසුන් ඇල්ලීමනීති විරෝධී කර ඇත.

නැගෙනහිර ආසියාව[සංස්කරණය]

ටෙන්මූ අධිරාජ්‍යයා 675දී ජපානයේ සතුන් මැරීම සහ මස් ආහාරයට ගැනීම තහනම් කළේය

675 දී, ජපානයේ ටෙන්මූ අධිරාජ්‍යයා විසින්, අප්‍රේල් සහ සැප්තැම්බර් අතර කාර්යබහුල ගොවිතැන් කාලය තුළ ගෘහාශ්‍රිත සතුන් ඝාතනය කිරීම සහ ආහාරයට ගැනීම තහනම් කරන ලදි. නමුත් වන සතුන් (පක්ෂීන් ද ඇතුළු) මෙයින් බැහැර කරන ලදි. නමුත් මෙම තහනමද ඇතුළුව සියවස් ගණනාවක් පුරා පැවැති වෙනත් නීති කිහිපයක්ම, දහනවවන සියවසේ මෙයිජි ප්‍රතිසංස්කරණයේදී අවලංගු කරන ලදි.

ආගමික පැතිකඩ[සංස්කරණය]

ආගම හෝ සත්ව නමස්කාරය (හෝ පොදුවේ සොබාදහමේ නමස්කාරය) සමහරුන්ට සත්ව අයිතිවාසිකම්වල පදනම වේ. සමහර ආගම් විසින් ඕනෑම සතෙකු ඝාතනය කිරීම තහනම් කරයි; ජෛන, හින්දු සහ බෞද්ධ විශ්වාසයන්හි වැදගත්ම සම්බාධකවලින් එකක් වන්නේ අහිංසා සංකල්පය, නැතහොත් ජීවිත විනාශයෙන් වැළකී සිටීමයි. බෞද්ධ විශ්වාසයන්ට අනුව

වෙනත් ජීවීන්ට වඩා මිනිසුන්ට තෝරා බේරා විශේෂ සැළකිල්ලක් දීම සුදුසු නොවේ.

ඊට හාත්පසින්ම වෙනස්ව, වෙනත් ආගම්වල සතුන් අපවිත්‍ර විය හැකි අතර පොදුවේ මේවා හැර අන් සියල්ලම ආහාරයට ගැනීමට ඉඩ සලසයි. “ ටෝරා විසින්“ පියාපත් සහිත රංචු පිටින් ”(එනම් කෘමීන්) ආහාරයට ගැනීමට ඉඩ දෙන අතර අනෙක් ඒවා තහනම් කරයි.

ජෛන ආගම, බුද්ධාගම සහ හින්දු ආගම[සංස්කරණය]

ජෛන ආගම, හින්දු ආගම සහ බුද්ධාගමේ සත්ව අයිතිවාසිකම් සඳහා ඇති ගෞරවය ලැබෙන්නේ අහිංසා මූලධර්මයෙන් ය. මෙම මූලධර්මයේ ධාර්මික අර්ථ නිරූපණය මගින් ඕනෑම ජීවියෙකු ඝාතනය කිරීම තහනම් කරයි.

ඉස්ලාම් ආගම[සංස්කරණය]

අමීනා තර්වාත් අබාසා - සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරිනිය ඊජිප්තුවේ සත්ව අයිතිවාසිකම් සුරැකීමේ සංගමයේ නිර්මාතෘ වීදි බල්ලෙකු අල්ලාගෙන සිටින අවස්ථාවක්.

ෂරියා නීතිය (ඉස්ලාමීය නීතිය) විසින් මුලදී ම සත්ව අයිතිවාසිකම් හඳුනාගෙන තිබුණි. මෙම පිළිගැනීම අල්-කුරානය සහ හදීත් යන දෙකම මත පදනම් වේ. අල්-කුරානයෙහි සතුන් ගැන බොහෝ සඳහන් ඇත; ඔවුන්ට ආත්ම ඇති බවත්, ප්‍රජාවන් ගොඩනගා ඇති බවත්, දෙවියන් වහන්සේ සමඟ සන්නිවේදනය කරන බවත්, ඔවුන්ගේම ආකාරයෙන් ඔහුට නමස්කාර කරන බවත් එහි විස්තර කරයි. මුහම්මද්තුමන් තම අනුගාමිකයින්ට ඕනෑම සතෙකුට හානියක් කිරීම තහනම් කළ අතර සතුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. සියලු සතුන්ට නීතිමය අයිතිවාසිකම් ඇති බව ප්‍රකාශ කිරීම ෂරියාහි සුවිශේෂී ලක්ෂණයකි. මිනිසුන් නොවන සතුන් වෙනුවෙන්, උසාවියක පෙනී සිටීම, තුවාලයක තරම තක්සේරු කිරීම සහ ඔවුන්ට සුවසහන ප්‍රදානය කිරීම ඇතුළු තුවාල සම්පූර්ණයෙන්ම සුවකිරීම සඳහා ෂරියාට යාන්ත්‍රණයක් ඇති බව ඔත්මන් ලෙවෙලින් තර්ක කරයි. දහතුන්වන සියවසේදී සමෘද්ධිමත් නීතිවේදීයෙකු වූ 'Izz ad-Din ibn 'Abd as-Salam පහත දැක්වෙන සත්ව අයිතිවාසිකම් පිළිබඳව ප්‍රකාශය සකස් කළේය.

මිනිසා විසින් පශු සම්පත් හා සතුන්ගේ අයිතිවාසිකම් සැළකිය යුතු අයුරු: මේවා නම්, වයස්ගත වූවත්, අසනීප වූවත් (ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන පරිදි) ඔවුන්ගේ වර්ගයට අවශ්‍ය ප්‍රතිපාදන ඔහු ඔවුන් වෙනුවෙන් වියදම් කරයි; ඔහු ඔවුන්ට දරාගත නොහැකි තරමට බරක් ලබානොදීමට; ඔවුන්ගේ වර්ගයට හෝ වෙනත් විශේෂයකට, අස්ථි කැඩීමෙන් හෝ ඔවුන්ට තුවාල විය හැකි කිසිවක් කිරීමෙන් ඔහු වැළකෙයි. ඔහු ඔවුන්ව ඝාතනය කරන විට ඔවුන් කරුණාවෙන් මරා දමන අතර, ඔවුන්ගේ ශරීර සීතල වී ඔවුන්ගේ ජීවිත පහව යන තුරුම ඔවුන්ගේ හම් කපා නොගනියි; අස්ථි නොබිඳියි. ඔහු ඔවුන්ගේ පැටවුන් ඔවුන් ඉදිරියෙහි මරා නොදමන්නේය, ඔවුන් වෙන්කොට එසේ කරන්නේය. ඔහු ඔවුන්ගේ විවේක ස්ථාන සහ ජලය සපයන ස්ථාන සුවපහසු කරයි; ඔහු ඔවුන්ගේ සංසර්ග කාලවලදී පිරිමි සහ ගැහැණු සතුන් එකට තබයි; සතුන් ක්‍රීඩාවක් ලෙස සළකන දේ ඉවත නොදමයි; ඔවුන්ගේ ඇටකටු කැඩීමට හෝ විනාශය ගෙන ඒමට කිසිම දෙයකින් ඔවුන්ට පහර නොදෙයි, ඔවුන්ගේ මස් අනුභව කිරීමට, නීති විරෝධී වන කිසිම ආකාරයකින් සතුන් විනාශ නොකරයි.

ක්‍රිස්තියානි ධර්මය[සංස්කරණය]

දාර්ශනික හා නීතිමය ප්‍රවේශයන්[සංස්කරණය]

දළ විශ්ලේෂණය[සංස්කරණය]

චිකාගෝ විශ්වවිද්‍යාලයේ නීතිය හා ආචාර ධර්ම පිළිබඳ මහාචාර්ය මාර්තා නුස්බෝම් සත්ව අයිතිවාසිකම් සදහා වන හැකියාවන්ගේ ප්‍රවේශය පිළිබඳ යෝජකයකි.

සත්ව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රධාන දාර්ශනික ප්‍රවේශයන් දෙකකි: පීටර් සිංගර් විසින් හඳුන්වාදෙන උපයෝගීතාවාදය සහ ටොම් රේගන් සහ ගැරී ෆ්‍රැන්චෝන් විසින් හඳුන්වාදෙන අයිතිවාසිකම් පදනමයි. ඔවුන්ගේ වෙනස්කම් මඟින් පිළිබිඹු වන්නේ යම් ක්‍රියාවක පළවිපාක මගින් විනිශ්චය කරන සදාචාරාත්මක න්‍යායන් (පළවිපාකවාදය(consequentialism)/ teleological ethics, හෝ උපයෝගිතාවාදය), සහ පළවිපාක කෙරෙහි අවධානයක් යොමු නොකොට, ක්‍රියාව පිටුපස ඇති මූලධර්මය කෙරෙහි අවධානය යොමුකිරීම (deontological ethics) අතර ඇති වෙනසයි. මෙහි දෙවනුවට සදහන් කළ පිරිසෙහි මතය නම්, යම් දෙයක් නොකර සිටීම වඩා හානිදායක වුවද, නොකළ යුතු දේ නොකළ යුතු බවයි.[82]

මාර්තා නුස්බම් (Martha Nussbaum) විසින් හඳුන්වාදෙන කුසලතා ප්‍රවේශය (capabilities approach) සහ ඉන්මාර් පර්සන් (Ingmar Persson) සහ පීටර් වැලෙන්ටීන් (Peter Vallentyne) විසින් හඳුන්වාදෙන සමතුලිතතා ප්‍රවේශය (egalitarian approach) වැනි ඇතැම් ප්‍රවේශයන් ඉහත කී මත දෙකෙන්ම ආරක්ෂාවේ. හැකියා ප්‍රවේශය, පුද්ගලයන්ට තම හැකියාවන් සපුරාලීමට අවශ්‍යවන දේ කෙරෙහි අවධානය යොමු කරයි: නුස්බම් (2006) තර්ක කරන්නේ සතුන්ට, ජීවිතයට අයිතිවාසිකම් ඇති බවත්, තම පරිසරයට, තම වර්ගයා සමග එකට සිටීමට, සෙල්ලමට සහ ශරීර සෞඛ්‍ය පිළිබඳ අවධානයටද යම් තාක් දුරට අයිතිවාසිකම් ඇති බවත් ය.[83]


ස්ටීවන් ආර්. එල්. ක්ලාක් (Stephen R. L. Clark), මේරි මිඩ්ග්ලේ (Mary Midgley), සහ බර්නාර්ඩ් රෝලින් (Bernard Rollin) ද සත්ව අයිතිවාසිකම් පිළිබඳව සාකච්ඡා කරයි. ඔවුන්ගේ මතය, සතුන්ට ඔවුන්ගේ වර්ගයාට සරිලන ජීවිතයක් ගතකිරීමට අවසර දිය යුතුයි යන්නයි.[84] සමතුලිතතා ප්‍රවේශය, සියලු දෙනා අතර සමානව සතුට බෙදාදීම පිළිබඳව අවධානය යොමු කරන අතර, මෙයින් දුබලයාගේ අවශ්‍යතාවන්ට වැඩි වාසියක් අත්වේ.[85] රොසලින් හර්ස්ට්හවුස්ගේ (Rosalind Hursthouse) ගුණධර්ම ආචාරධර්ම ඔස්සේ මෙයට ප්‍රවේශ වීමේදී, තමා මෙහිදී පණපෙවිය යුතු චරිතය කෙසේ විය යුතුද යන්නත්, කෙබඳු සදාචාරාත්මක නියෝජිතයන් විය යුතුද යන්නත් සළකා බැලිය යුතු වේ.[86] මාක් රෝලන්ඩ්ස් (Mark Rowlands) මෙයට contractarian ප්‍රවේශයක් හඳුන්වාදේ.[87]

ජිවිතයේ විෂයයන්[සංස්කරණය]

ටොම් රේගන්: සතුන් යනු ජීවිතයේ යටත් වැසියන්‍ ය

උතුරු කැරොලිනාවේ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ දාර්ශනවාදයේ මහාචාර්ය ටොම් රේගන්, සත්ත්ව අයිතිවාසිකම් සඳහා වූ නඩුවේ(1983) තර්ක කරන්නේ,මානුෂික නොවන සතුන් “ජිවිතයේ විෂයයන්” ලෙස ඔහු හඳුන්වන බවත්, ඔවුන් අයතිවාසිකම් දරන්නන් බවත්ය.[88] ඔහු ලියන්නේ, මිනිසුන්ගේ සදාචාරාත්මක අයිතිවාසිකම් පදනම් වී ඇත්තේ ඔවුන්ට යම් යම් සංජානන හැකියාවන් ඇති නිසාත්, මෙම හැකියාවන් අවම වශයෙන් සමහර මානුෂික නොවන සතුන් සතුව ඇති නිසාත්, එවැනි සතුන්ට මිනිසුන්ට සමාන සදාචාරාත්මක අයිතිවාසිකම් තිබිය යුතු බවයි. මිනිසුන් පමණක් සදාචාරාත්මක නියෝජිතයන් ලෙස ක්‍රියා කළද, ළදරුවන් වැනි අන්තයක සිටින මිනිසුන් සහ අවම වශයෙන් සමහර මිනිස් නොවන සතුන්ට “සදාචාරාත්මක රෝගීන්” යන තත්වය තිබිය යුතුය.[89]

සදාචාරාත්මක රෝගීන්ට සදාචාරාත්මක මූලධර්ම සැකසීමට නොහැකි වන අතර, ඔවුන් කරන දේ ප්‍රයෝජනවත් හෝ හානිකර විය හැකි වුවත්, හරි හෝ වැරදි කිරීමට නොහැකි ය. සදාචාරාත්මක ක්‍රියාකාරකම්වල යෙදිය හැක්කේ සදාචාරාත්මක නියෝජිතයින්ට පමණි. රේගන් පවසන ලෙසට, සතුන්ට ජීවිතයේ විෂයයන් ලෙස “සහජ වටිනාකමක්” ඇති අතර එය අවසානයක් සඳහා වූ මාධ්‍යයක් ලෙස සැලකිය නොහැකිය. මෙම මතය, ඔහුව වහල්භාවය අවසන් කිරීමට සටන් කරන්නන්ගේ කඳවුරේ (abolitionist camp) හි ස්ථිරව තබයි. ඔහුගේ න්‍යාය සියලු සතුන්ට අදාළ නොවන අතර, ජීවිතයේ විෂයයන් ලෙස සැළකිය හැකි අයට පමණක් අදාල වේ . අවම වශයෙන් අවුරුද්දක්වත් වයසැති සියලුම සාමාන්‍ය ක්ෂීරපායින් සඳහා එය වලංගු බවට ඔහු තර්ක කරයි:

...පුද්ගලයන්ට විශ්වාසයන් හා ආශාවන් තිබේ නම් ඔවුන් ජීවිතයේ විෂයයන් වේ; සංජානනය, මතකය සහ ඔවුන්ගේ අනාගතය ඇතුළුව අනාගතය පිළිබඳ හැඟීමක්; සතුට හා වේදනාව යන හැඟීම් සමඟ චිත්තවේගීය ජීවිතයක්; මනාප සහ සුභසාධන අවශ්‍යතා; ඔවුන්ගේ ආශාවන් හා අරමුණු ඉටු කර ගැනීම සඳහා ක්‍රියාවක් ආරම්භ කිරීමේ හැකියාව; කාලයත් සමඟ මනෝ භෞතික අනන්‍යතාවයක් (පුද්ගල සුභසාධනයක් එනම් ඔවුන්ගේ අත්දැකීම් සහිත ජීවිතයක්, අනුන් කෙරෙහි ඔවුන්ගේ දායකත්වයෙන් සහ අනුන්ගේ දෙයක වස්තු විෂය විමෙන් යන දෙකෙන්ම තර්කානුකූලව ස්වාධීනව, ඔවුන්ට ඇත.)

සිංගර් මූලික වශයෙන් සතුන්ට සැළකීම වැඩිදියුණු කිරීම කෙරෙහි සැලකිලිමත් වන අතර සමහර උපකල්පිත අවස්ථාවන්හිදී, එක් එක් සත්වයෙකු තව දුරටත් මානව හෝ මානව නොවන අරමුණු සඳහා නීත්‍යානුකූලව භාවිතා කළ හැකි බවට පිළිගන්නා අතර, රේගන් විශ්වාස කරන්නේ අප මිනිසුන්ට මෙන් , මානුෂිය නොවන සතුන්ට ද සැළකිය යුතු බවයි. ඔහු විසින්, දැඩි කාන්ටියානු පරමාදර්ශයක් (ඉමැනුවෙල් කාන්ට් විසින් මිනිසුන්ට පමණක් අදාළ කර ගන්නා වූ) වන, කිසි විටෙකත් අවසානයක් සඳහා කැපකිරීමක් කර නැවතීම නොකළ යුතු බවත්, තමන්ම අවසානයක් වන බවත් සැළකිය යුතුය යන සිතිවිල්ල තරයේ විශ්වාස කරනු ලබයි.[90]

වහල්භාවය අවසන් කිරීමේ ව්‍යාපාරය (Abolitionism)[සංස්කරණය]

ගැරි ෆ්‍රැන්චෝනී: සතුන්ට අවශ්‍ය වන්නේ දේපළ ලෙස නොසැලකීමේ අයිතිය පමණි

නෙවාක්හි, රට්ගර්ස් නීති විද්‍යාලයේ නීතිය හා දර්ශනය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ගැරී ෆ්‍රැන්චෝනී, මෙම විෂයෙහි නම් දැරූ විද්වතෙකි. ලේඛකයෙකි. ඔහුගේ මතය නම්, සතුන්ට අවශ්‍ය වන්නේ එක් අයිතිවාසිකම් පමණක් බවත්, එය නම් කිසිවෙකුට අයිති නොවී සිටීමේ අයිතිවාසිකම පමණක් බවත්ය. අනෙක් සියල්ල එම පරමාදර්ශී වෙනස්වීමත් සමඟ වෙනස්වන බව ඔහුගේ මතයයි. ඔහුගේ අදහස නම්, බොහෝ මිනිසුන් සතුන්ට අයතා ලෙස සැළකීම හෙළාදකින මුත්, බොහෝ රටවල එම කරුණු පිළිඹිබු වන නීති පවතින මුත්, "ප්‍රායෝගික ක්‍රියාවේදී", නීති පද්ධතිය මිනිසාට සතුන් හට ඕනෑම පිළිකුල් සහගත දෙයක් කිරීමට ඉඩ සලසන බවයි. නීතියට අනුව නම්, කරන ඕනෑම හිංසාවක් "අනවශ්‍ය" නොවිය යුතුයි. "අනවශ්‍ය" කුමක්ද යන්න තීරණය කිරීමේදී, සතෙකුගේ අවශ්‍යතා මිනිසුන්ගේ අවශ්‍යතාවන්ට සාපේක්ෂව කිරා මැන බලන අතර, දෙවැන්නට සෑමවිටම වැඩි බරක් ලබාදේ.[91]

ෆ්‍රැන්චෝනීගේ "Animals, Property and the Law (1995)" යනු සත්ව අයිතිවාසිකම් පිළිබඳ පළමු පුළුල් අධිකරණ විනිශ්චය ප්‍රතිකාරයයි. එහිදී ෆ්‍රැන්චෝනී සතුන්ගේ තත්වය, එක්සත් ජනපදයේ වහලුන්ට සැළකීම හා සසඳයි. එහිදී ඔවුන්ව ආරක්ෂා කිරීමට නීති සම්පාදනය වූ නමුත්, වහල් සේවයේ ආයතන විසින්ම මෙම ආරක්ෂාව ක්‍රියාත්මක කළ නොහැකි ප්‍රකාශ කළ නිසා, අධිකරණය විසින් එය නොසළකා හරින ලදි. ඔහු නිදසුනක් ලෙස, එක්සත් ජනපදයේ සත්ව සුභසාධන පනත ඉදිරිපත් කරයි. ඔහු විස්තර කරන අන්දමට එය, සතුන්ට සැළකීම පිළිබඳව මහජන සැළකිල්ල උපකල්පනය කිරීමට අදහස් කරනමුත්, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අපහසුයි.

සත්ව අයිතිවාසිකම්වලට වඩා සත්ව සුභසාධනය කෙරෙහි අවධානය යොමුකිරීමෙන් සතුන්ට හිමිවී ඇති තත්වය වඩාත් නරක අතකට හැරිය හැකි බවට ඔහු තර්ක කරයි. එමගින් මහජනයා ඔවුන් දේපළක් ලෙස සැළකීමට හා භාවිතා කිරීමට යොමුවන බව ඔහුගේ මතයයි. සත්ව සුභසාධන ගැටලු හඹායන සත්ව අයිතිවාසිකම් සමූහ ලෙස හඳුන්වන, සත්වයන්ගේ සදාචාරාත්මක ප්‍රතිකාර සඳහා වන මිනිසුන්, "නව සුභසාධකවරුන්", සත්ව අයිතිවාසිකම් ව්‍යාපාරයට වඩා දහනවවන සියවසේ සත්ව ආරක්ෂකවාදීන් සමග පොදු බවට ඔහු තර්ක කරයි. ඇත්ත වශයෙන්ම, "සත්ව ආරක්ෂාව" සහ "ආරක්ෂකවාදය" යන වදන් වැඩි වශයෙන් ප්‍රිය වේ. 1996 දී ඔහුගේ ස්ථාවරය වූයේ එක්සත් ජනපදයේ සත්ව අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපාරයක් නොමැති බවයි.[92]

කොන්ත්‍රාත්වාදය (Contractarianism)[සංස්කරණය]

ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ දර්ශනවාදය පිළිබඳ මහාචාර්ය මාක් රෝලන්ඩ්ස්, ජෝන් රාවල්ස්ගේ "A Theory of Justice" හි මුල් ස්ථාවරය සහ "Veil of Ignorance" මත පදනම්ව සමාජ කොන්ත්‍රාත්වාදී ප්‍රවේශයක් යෝජනා කොට ඇත. මුල් ස්ථාවරයේදී පුද්ගලයින් යුක්තියේ මූලධර්ම තෝරාගනී (කුමන ආකාරයේ සමාජයක් බිහිවිය යුතුද සහ ප්‍රාථමික සමාජ සැපයුම් බෙදාහරින්නේ කෙසේද), මෙහිදී ඔවුන්ගේ තනි ලක්ෂණ- ජාතිය, ස්ත්‍රී පුරුෂභාවය, පන්තිය හෝ බුද්ධිය, ඔවුන් ශරීර ශක්තියෙන් යුතුද නැතහොත් ආබාධිතද යන්න, ධනවත්බව හෝ දුප්පත්බව- පිළිබඳව නොදැන, එබැවින් සමාජයේ කුමන කාර්යභාරයක් ඔවුන් බාර ගනු ඇද්දැයි, ඔවුන් නොදනියි.[93]

නොදැනුවත්කමේ තිරය පිටුපස ක්‍රියාත්මකවන ඔවුන්, කුමන තනතුරක් දැරුවත්, මූලික සාධාරණත්වය හා යුක්තිය ඇති සමාජ කොන්ත්‍රාත්තුවක් තෝරාගනු ඇත. මුල් ස්ථානයේ, තීරණ ගන්නන්ගෙන් සැඟවී ඇති එක් ලක්ෂයක් ලෙස රාවල්ස් විසින් විශේෂ සාමාජිකත්වය ඇතුළත් කොට නැත. තාර්කිකත්වය ඇතුළු කිරීම සදහා නොදැනුවත්කමේ වැස්ම දිගු කිරීමට රෝලන්ඩ්ස් යෝජනා කරයි. එය ජාතිය, ස්ත්‍රී පුරුෂභාවය, සහ බුද්ධිය ඇතුළු ලක්ෂණවලට සමාන නුසුදුසු දේපළක් යැයි ඔහූ තර්ක කරයි.[94]

ප්‍රයිමා ෆේශී අයිතිවාසිකම් න්‍යාය[සංස්කරණය]

ඇමරිකානු දාර්ශනික තිමෝති ගැරී මානුෂික නොවන සතුන් ප්‍රයිමා ෆේශී අයිතිවාසිකම් ලැබීමට සුදුසු වීමට ප්‍රවේශයක් යෝජනා කොට ඇත. දාර්ශනික සන්දර්භයක් තුළ, ප්‍රයිමා ෆේශී (ලතින් සඳහා “මුහුණතේ” හෝ “බැලූ බැල්මට”) අයිතියක් යනු බැලූ බැල්මට යෙදිය හැකි බවට පෙනෙන අයිතීන්ය. ඇතැම්විට සමීපව විමසා බැලීමේදී මෙයට වෙනස් අර්ථකථනයන්ද ලැබේ. "ආචාර ධර්ම: සදාචාර සිද්ධාන්තයට බහුත්වවාදී ප්‍රවේශයක්" (Ethics: A pluralistic Approach to Moral Theory) නම් තම පොතේ ලෝරන්ස් හින්මන් එවැනි අයිතිවාසිකම් විස්තර කරන්නේ ඒවා “අයිතිය සැබෑ නමුත් එය අදාළ වන්නේද යන්න සහ යම් තත්වයක් තුළ එය පමණ ඉක්මවා යනවාද යන ප්‍රශ්නය විවෘතව තබනවා ” යනුවෙනි.[95] මානුෂික නොවන සතුන් ප්‍රයිමා ෆේශී අයිතිවාසිකම් සඳහා සුදුසු යැයි යන අදහස නම්, එක් අතකින් සතුන්ට වෙනත් බොහෝ කරුණු මගින් අභිබවා යා හැකි අයිතිවාසිකම් ඇති බව පැවසීමයි. විශේෂයෙන් මිනිසෙකුගේ ජීවත්වීමේ අයිතිය, නිදහස, දේපළ හා සතුට ලුහුබැඳීම වැනි දේට ගැටලු ආදී දේවල් ය.ගැරී ඔහුගේ මතය වෙනුවෙන් තර්ක කරයි:

... එක්සත් ජනපදයේ මිනිස් නොවන සත්වයෙකු මනුෂ්‍යයෙකු ඝාතනය කරන්නේ නම්, එය රටේ නීති කඩ කරන අතර, මිනිසෙකුට වඩා දැඩි සම්බාධක ලැබීමට ඉඩ තිබෙයි.මගේ අදහස නම්, සමාජයක් තුළ අන්තර්ක්‍රියා කරන සියලු දෙනාටම නීති පාලනය වනවා සේම, එම සමාජය තුළ අන්තර්ක්‍රියා කරන සියලු ජීවීන්ට අයිතිවාසිකම් අදාළ විය යුතු බවයි.මිනිසුන් විසින් ලබා දී ඇති මෙම අයිතිවාසිකම් මානුෂික නොවන සතුන්ගේ අයිතිවාසිකම්වලට සමාන යැයි මින් අදහස් නොකෙරේ. ඒ වෙනුවට මිනිසුන්ට අයිතිවාසිකම් තිබේ නම් මිනිසුන් සමඟ අන්තර් ක්‍රියා කරන සියල්ලන්ම එසේ විය යුතුය යන්න අදහස් කෙරේ.

සමස්තයක් වශයෙන් ගත් කළ, ගැරී යෝජනා කරන්නේ මිනිසුන්ට මානුෂික නොවන සතුන් සඳහා බැඳීම් ඇති බව හා සතුන්ට මිනිසුන්ට එරෙහිව අයිතිවාසිකම් නැති බවත්ය.

ස්ත්‍රීවාදය සහ සත්ව අයිතිවාසිකම්[සංස්කරණය]

ඇමරිකානු පරිසර ස්ත්‍රිවාදී කැරොල් ඇඩම්ස් ස්ත්‍රීවාදය සහ සත්ව අයිතිවාසිකම් අතර ඇති සම්බන්ධය පිළිබඳව පුළුල් ලෙස ලියා ඇත.The Sexual Politics of Meat (1990)

19 වන ශතවර්ෂයේ සිටම සතුන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා කාන්තාවන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත. [96] 19 වන හා 20 වන සියවසේ මුල් භාගයේ එංගලන්තයේ සහ එක්සත් ජනපදයේ සිදු වූ සතුන්ගේ ප්‍රති-විච්ඡේදන ව්‍යාපාරය බොහෝ දුරට මෙහෙයවනු ලැබුවේ ෆ්‍රැන්සිස් පවර් කෝබ්, ඇනා කිංස්ෆර්ඩ්, ලිසී ලින්ඩ් ඒ.එෆ් හැගේබි සහ කැරොලයින් අර්ල් වයිට් (1833-1916) යන කාන්තාවන් විසිනි.[97] ගාර්නර් ලියන්නේ වික්ටෝරියා වීදියේ සමිතියේ සාමාජිකයන්ගෙන් සියයට 70ක් (කෝබ් විසින් ආරම්භ කරන ලද ප්‍රති-විච්චේදන කණ්ඩායම් වලින් එකක්) කාන්තාවන් වන අතර 1900 දී බ්‍රිතාන්‍ය RSPCA සාමාජිකත්වයෙන් සියයට 70ක්ම කාන්තාවන් වූ බවයි.[98]

නූතන සත්ව උපදේශන ව්‍යාපාරයට කාන්තාවන්ගේ ඊට සමාන නියෝජනයක් ඇත. නමුත් ඔවුන් නිරන්තරයෙන් නායකත්ව තනතුරුවල නොමැත:1990 වොෂිංටන් හි සතුන් සඳහා පැවැත්වූ පා ගමන (එය එක්සත් ජනපදයේ ඒ-වෙනතුරු පැවැත්වූ විශාලතම සත්ව අයිතිවාසිකම් උද්ඝෝෂණය) පැවැත්විණි. සහභාගී වූවන්ගෙන් වැඩි දෙනෙක් වූයේ කාන්තාවන් ය. නමුත් වේදිකා කථිකයන් බොහෝමයක් පිරිමින් විය.[99] එසේ වුවද, බලගතු සත්ව උපදේශන කණ්ඩායම් කිහිපයක් කාන්තාවන් විසින් ආරම්භ කර ඇත: 1898 දී ලන්ඩනයේදී ෆ්‍රැන්සෙස් පවර් කෝබ් විසින් "the British Union for the Abolition of Vivisection by Cobbe";1962 දී රුක්මිණි දේවි අරුන්ඩේල් විසින් ඉන්දියානු සත්ව සුභසාධන මණ්ඩලය;1980 දී ඉන්ග්‍රිඩ් නිව්කික් විසින් සම-පිහිටුවන ලද "People for the Ethical Treatment of Animals" ද මීට ඇතුළත් වේ.සතුන් සඳහා වන පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරමින් නෙදර්ලන්තයේ 2006 දී මේරියන් තීම් සහ එස්තර් ඕවහෑන්ඩ් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ව්‍යාපාරයේ කාන්තාවන්ගේ දැඩි උද්‍යෝගය නිසා ස්ත්‍රීවාදය සහ සත්ව අයිතිවාසිකම් ගවේෂණය කරන ශාස්ත්‍රීය සාහිත්‍යක් ඇති වී තිබේ;ස්ත්‍රීවාදය සහ නිර්මාංශත්වය හෝ සත්ත්ව නිෂ්පාදනවලින් තොරවීම, කාන්තාවන්ට හා සතුන්ට හිංසා පීඩා කිරීම සහ ස්ත්‍රීන් හා සතුන් සමඟ පුරුෂයින්ගේ ස්වාභාවික හා චිත්තවේගීය, බොහෝවිට හැඟීම්වලින් තොරව තර්කානුකූලව ඇසුරු කිරීම ස්ත්‍රීවාදී ලේඛකයින් කිහිප දෙනෙකුගේම විෂය වී ඇත.[100] පුරුෂාධිපත්‍ය සමාජයක කාන්තාවන් සහ සතුන් එකම සංකේතාත්මක කාර්යයක් ඉටු කරන බව ලෝරි ග්රුවෙන් ලියයි: මෙම දෙපාර්ශවයම “භාවිතා කළ”; ආධිපත්‍යයට යටත් වූ, යටහත් පහත් "අනෙකා" වශයෙන් වෙන්කරයි.[101] බ්‍රිතාන්‍ය ස්ත්‍රීවාදියෙකු වන මේරි වොල්ස්ටන්ක්‍රැෆ්ට් (1759–1797) විසින් "ස්ත්‍රියකගේ අයිතිවාසිකම් තහවුරු කිරීම (A Vindication of the Rights of Woman)" (1792) ප්‍රකාශයට පත් කළ විට කේම්බ්‍රිජ් දාර්ශනිකයෙකු වූ තෝමස් ටේලර් (1758–1835) නිර්නාමික උපහාසයකින් ප්‍රතිචාර දැක්වීය, කාන්තා අයිතිවාසිකම් සඳහා වොල්ස්ටන්ක්‍රැෆ්ට්ගේ තර්ක සතුන්ට සමානව අදාළ කළ හැකි බව පවසමින් ඔහු අදහස් කළේ මෙම ප්‍රකාශය විකාරයක් බවයි.[102]

පාරභෞතිකවාදය (transhumanism)[සංස්කරණය]

සමහර පාරභෞතිකවාදීන් සත්ව අයිතිවාසිකම්, විමුක්තිය සහ සත්ව විඥානය යන්ත්‍ර බවට "උසස්" කිරීම සම්බන්දයෙන් තර්ක කරති. මානව අයිතිවාසිකම් සහ සවිඥානික කෘතිම බුද්ධියේ අයිතිවාසිකම් (පශ්චාත්-මානව අයිතිවාසිකම්) ඇතුළු වෙනත් ආකාරයේ හැඟීම් සහිත අයිතිවාසිකම් සහිත ශ්‍රේණියක් හෝ වර්ණාවලියක් මත සත්ව අයිතිවාසිකම් ද පාරභෞතිකවාදය අවබෝධ කරගනී.

විවේචකයන්[සංස්කරණය]

ආර්. ජී. ෆ්‍රේ (R. G. Frey)[සංස්කරණය]

බෝලින් ග්‍රීන් ස්ටේට් විශ්ව විද්‍යාලයේ දර්ශනවාදය පිළිබඳ මහාචාර්ය ආර්. ජී. ෆ්‍රේ, සිංගර් මෙන්ම උපයෝගිතාවාදයට මනාපය පළකරන්නෙකි. එහෙත් ඔහුගේ මුල් කෘතිය වන "Interests and Rights (1980)" හි ඔහු සිංගර් සමග එකඟ නොවීය. ඔහු තම "Animal Liberation (1975)" හි ලියා ඇත්තේ, ක්‍රියාවක ප්‍රතිවිපාක විනිශ්චය කිරීමේදී මිනිස් නොවන සතුන්ගේ අවශ්‍යතා ඇතුළත් කළ යුතු බවයි - සතුන්ට අවශ්‍යතා නොමැත යන පදනමේ සිට. ෆ්‍රේ තර්ක කරන්නේ අභිලාෂයන් ආශාව මත රඳා පවතින බවත්, අනුරූප විශ්වාසයකින් තොරව කිසිදු ආශාවක් පැවතිය නොහැකි බවත්ය. සතුන්ට විශ්වාසයක් පිළිබඳව විශ්වාසයක් නොමැති බැවින්, විශ්වාසයක් නොමැති බවට ඔහු තර්ක කරයි. "කවුරුන්හෝ පවසනවා නම් උදාහරණයක් වශයෙන් "දොර අගුළු දමා ඇති බවට බළලා විශ්වාස කරනවා" ලෙස, මා දකින විදිහට, දොර අගුළු දමා ඇත යන්න සත්‍යක් ලෙස බළලාද පිළිගන්නා බවට ඔහු විශ්වාස කරනවා. නමුත්, කුඩා බිළිඳුන් ද ඇතුළුව, මෙම බළලා මෙන්ම භාශාවක් නොමැති ජීවියෙකුගේ මතයක් පිළිබඳව විනෝදාත්මක මෙවැනි වැකි සාදන්නට හේතුවක් මට නොවැටහේ."[103]

කාල් කොහේන්[සංස්කරණය]

මිචිගන් විශ්ව විද්‍යාලයේ දර්ශනවාදය පිළිබඳ මහාචාර්ය කාල් කොහේන් තර්ක කරන්නේ අයිතිවාසිකම් හිමි අයට ඔවුන්ගේ රුචිකත්වයන් සහ හරි දේ අතර වෙනස හඳුනාගැනීමට හැකි විය යුතු බවයි. "අයිතිවාසිකම් හිමියන්ට, තමන් ඇතුළුව සියල්ලන්ම පාලනය කරන රාජකාරී නීතිරීති තේරුම් ගැනීමේ හැකියාව තිබිය යුතුයි. එවැනි නීතිරීති ක්‍රියාත්මක කිරීමේදී, [ඔවුන්]… තමන්ගේ අභිමතය සහ සාධාරණ දේ අතර ඇතිවිය හැකි ගැටුම් හඳුනාගත යුතුයි. සදාචාරාත්මක විනිශ්චයන් වෙනුවෙන් ස්වයං සීමා පැනවිය හැකි ප්‍රජාවක පමණි අයිතියක් පිළිබඳ සංකල්පය නිවැරැදිව ක්‍රියාත්මක කළ හැක්කේ." නිසි බුද්ධියක් නොමැති මිනිසෙකුට මෙලෙස සදාචාරාත්මක විනිශ්චයන් කළ නොහැකි බැවින්, අයිතිවාසිකම් ප්‍රදානය කරන්නේ කාටද යන්න තීරණය කිරීමේ සුවිශේෂී ලක්ෂණය ලෙස සදාචාරාත්මක විනිශ්චයන් භාවිතා කළ නොහැකි බවට තර්ක කරන් කොහේන්, සිංගර්ගේ තර්කය ප්‍රතික්ෂේප කරයි. සදාචාරාත්මක විනිශ්චය සදහා වන පරීක්ෂණය, මිනිසුන්ට එකින් එක පෙන්වා දිය යුතු පරීක්ෂණයක් නොවන බවත් පොදුවේ සත්ව විශේෂවල සාමාජිකයන්ගේ මුළු ධාරිතාවට පෙන්වා දිය යුතු බවත් කොහෙන් පෙන්වා දෙයි.[104]

රිචඩ් පොස්නර්[සංස්කරණය]

විනිසුරු රිචඩ් පොස්නර්:"කරුණු සමානාත්මතාවයට හේතු වේ."

United States Court of Appeals for the Seventh Circuit හි විනිසුරු රිචඩ් පොස්නර් 2001දී පීටර් සිංගර් සමග සත්ව අයිතිවාසිකම් පිළිබඳ වාදය සිදුකළේය.[105] පොස්නර් පවසා සිටියේ, ඔහුගේ මතය මිනිසුන් තමන්ට වඩා කැමති බවයි. බල්ලෙක් මිනිස් ළදරුවෙකුට තර්ජනය කරන්නේ නම්, එය නැවතීමට බල්ලා එම ළදරුවාට ගෙන දුන් වේදනාවට වඩා වේදනාවක් බල්ලාට ගෙනදිය යුතු වුවත්, දරුවාට අනුග්‍රහය දැක්විය යුතු බවයි. එසේ නොකරන්නේ නම් එය කෲර දෙයක් බවයි.[106]

මෙවිට සිංගර් තර්ක කරේ, මීට පෙර සමලිංගිකයන්, කාන්තාවන් සහ වෙනත් ජන කොටස් කෙරෙහි වූ අසමාන අයිතිවාසිකම් යුක්ති සහගත බවට තර්ක කරේද ඔවැනිම ප්‍රවේශයකින් බවයි. පොස්නර් එයට පිළිතුරු ලෙස ප්‍රකාශ කර සිටියේ සිවිල් අයිතිවාසිකම්වල සමානාත්මතාවය ඇති වූයේ සදාචාරාත්මක තර්කවලින් නොව, අසමානතාවයට අනුබල දෙන ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගික දිශානතිය මත පදනම්ව මිනිසුන් අතර සදාචාරාත්මක වශයෙන් සැළකිය යුතු වෙනසක් නොමැති නිසා බවයි. මිනිසුන් හා සතුන් සම්බන්දයෙන් සමාන කරුණු මතුවුවහොත්, අයිතිවාසිකම්වල වෙනස්කම්ද ඛාදනය වී යනු ඇත. සහජ බුද්ධියට පටහැනි ආචාරධාර්මික තර්ක නොව, කරුණු, සමානාත්මතාවයට පාර කපනු ඇත, ඔහු තර්ක කරයි. සිංගර්ගේ "දැඩි උපයෝගිතාවාදයට" එරෙහිව "මෘදු උපයෝගිතාවාදය"ක් පොස්නර් හඳුන්වාදෙයි. ඔහු තර්ක කරයි:


සත්ව අයිතිවාසිකම් පිළිබඳව "මෘදු උපයෝගිතා" ස්ථාවරය බොහෝවිට බොහෝ ඇමෙරිකානුවන්ගේ සදාචාරාත්මක බුද්ධියකි. සතුන්ට වේදනාවක් දැනෙන බව අපට වැටහී ඇති අතර, හේතුවක් නොමැතිව වේදනා ඇතිකිරීම නරක යැයි අපි සිතන්නෙමු. මෙම මතය දර්ශනවාදී භාශාවෙන් අලංකාර කරේ යැයි කිසිදු ප්‍රායෝගික වටිනාකමක් මෙයට ඇති නොවේ. මෙය තර්කයේ වේදිකාවේ ගොඩනැගීමට යාමෙන් සිදුවන්නේ බොහෝ දේ අහිමි වීමයි. සතුන් කෙරෙහි වූ කරුණාව, ඔවුන්ගේ වේදනාව සහ මිනිසුන්ගේ වේදනාවට සමාන කිරීමේ කාර්යභාරයක් කිරීමට යාමෙන් සිදුවන්නේ, සමාජ පරිපථයේ අසාමාන්‍ය ද්වාර විවෘත වීම පමණි.

රෝජර් ස්කෲටන්: අයිතිවාසිකම් බැදීමක් අගවයි.

රොජර් ස්කෲටන්[සංස්කරණය]

බ්‍රිතාන්‍ය දාර්ශනිකයෙකු වන රොජර් ස්කෲටන්, අයිතිවාසිකම් යනුවෙන් අඟවන්නේ වගකීම් බවට තර්ක කරයි. සෑම නෛතික වරප්‍රසාදයක්ම, ඔහු ලියයි, එම වරප්‍රසාදය නොමැති තැනැත්තාට බරක් පටවයි: එනම්, “ඔබේ අයිතිය මගේ වගකීම විය හැකියි.” ඔහු ලියයි. එබැවින් ස්කෲටන්, සත්ව අයිතිවාසිකම් ව්‍යාපාරය මතුවීම "ලිබරල් ලෝක දෘෂ්ටිය තුළ සිදු වූ අමුතුම සංස්කෘතික මාරුව" ලෙස සළකයි, මන්ද අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ අදහස මානවයාට අනන්‍ය වන අතර ඒවා අපේ වර්ගයාගෙන් ඔබ්බට පැතිරීම අර්ථවත් නොවන නිසාය.

සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන්ට "පූර්ව විද්‍යාත්මක" මානව මනෝවිද්‍යාව පිළිබඳව චෝදනා කරයි. "මෙලෙස මිනිසා දුෂ්ටයෙකුම බවට පත්කරමින්", ඔහු පවසයි, "සතුන්ට ගති ලක්ෂණ ආරෝපණය කිරීම, හරියට බියට්‍රිස් පොටර්ගේ කතන්දරවල වගේයි." සත්ව අයිතිවාසිකම් පිළිබඳ ආයාචනය පවතින්නේ මිනිසා සාදාගත් ප්‍රබන්ධයක් තුළ බවට ඔහු තර්ක කරයි. සතුන්ගේ ලෝකය විනිශ්චය කළ නොහැකි වන අතර, අප ඔවුන්ට කුමක් කළත් අපගේ සෙනෙහස නැවත ලබා දෙන බල්ලන්ගෙන් මෙන්ම, සැබෑවටම මිනිසා ගැන වගේ වගක් නොමැති වුවත් සෙනෙහසක් මවා පෙන්වන බළලුන්ගෙන් ලෝකය සමන්විත වේ. ඔහු තර්ක කරන්නේ එය සත්‍යයෙන් පලායෑමට මිනිසා සාදාගත් මනඃකල්පිත ලෝකයක් බවයි.

ස්කෲටන් විසින් , ඔස්ට්‍රේලියානු දාර්ශනිකයෙකු හා සත්ව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයෙකු වන පීටර් සිංගර් විවේචනයට ලක්කර ඇත. සත්ව විමුක්තිය (Animal Liberation) ඇතුළු සිංගර්ගේ කෘතිවල ඇත්තේ සුළුම සුළු දාර්ශනික තර්ක බවත්, ඇතැම්විට එවැනි තර්කයක් ඇත්තේම නැති බවත් ඔහු ලිවීය. "ඔවුන් ඔවුන්ගේ රැඩිකල් සදාචාරාත්මක නිගමන ලබා ගන්නේ සියලු ජීවීන්ගේ වේදනාව හා සතුට සමානව වැදගත් යැයි සළකන සහ පුද්ගලයින් හා සතුන් අතර පවතින සියලුම දාර්ශනික සම්ප්‍රදායන් නොසලකා හරින රික්ත උපයෝගීතවාදයකින්ය."

සදාචාරාත්මක නියෝජිතයන් සහ සදාචාරාත්මක රෝගීන් වෙන්කර හඳුනා ගැනීම පිළිබඳව කියමින්, ටොම් රේගන් අයිතිවාසිකම් පිළිබඳව සිය මත ඉදිරිපත් කළේය.[107]

මිනිසුන් සහ මිනිස් නොවන සතුන් අතර අඛණ්ඩතාවය.[සංස්කරණය]

බොනොබෝ,මිනිසාට සමාන වානරයන්

දිගුකල් අධ්‍යයනයන් මගින් , මිනිසුන් සහ මිනිස් නොවන සතුන් තුළ පරාර්ථකාමී හැසිරීම් පිළිබඳව පැහැදිලි කර ඇති අතර මිනිසුන් සහ සමහර මිනිස් නොවන සතුන් අතර දක්නට ලැබෙන සමානකම්ද යෝජනා කර ඇත.[108] ජේන් ගූඩල් (Jane Goodall) සහ රිචඩ් ඩෝකින්ස් (Richard Dawkins) වැනි විද්‍යාඥයින් විශ්වාස කරන්නේ, මිනිසුන්ගේ සමීපතම ඥාතින් වන මිනිස් නොවන මහා වානරයින්ට තාර්කිකත්වය සහ ස්වයං දැනුවත්භාවය ඇති බවයි.[109]

2010දී සැන් ඩියෙගෝහි පැවති සම්මන්ත්‍රණයකට පර්යේෂණයක් ඉදිරිපත් කරන ලද අතර, ඩොල්ෆින් සතුන් මනුෂ්‍යයන්ට පමණක් බුද්ධියෙන් දෙවන ස්ථානයේ සිටින බවට එහිදී යෝජනා කළ අතර, ඔවුන් මනුෂ්‍ය නොවන "පුද්ගලයන්" ලෙස සැළකිය යුතු යැයි නිගමනය කළේය. ඩොල්ෆින් සතුන්ගේ සහ ප්‍රයිමේටාවන්ගේ මොළය සංසන්දනය කිරීම සඳහා MRI ස්කෑනයක් මෙහිදී භාවිතා කරන ලදී; ස්කෑන් පරීක්ෂණවලින් පෙන්නුම් කළේ ඩොල්ෆින් සහ මිනිසුන් අතර “මානසික අඛණ්ඩතාවයක්” ඇති බවයි. පර්යේෂණයෙන් හෙළිවූයේ ඩොල්ෆින් සතුන්ට සංකීර්ණ ගැටලු විසඳීමට, මෙවලම් භාවිතා කිරීමට සහ දර්පණ පරීක්ෂණයෙන් සමත් වීමට (කැඩපතක් භාවිතා කර ඔවුන්ගේ ශරීරයේ කොටස් පරීක්ෂා කිරීමට) හැකි බවයි.[110]

අධ්‍යයන මගින් අන්තර් පුද්ගල හිංසනය සහ සත්ව හිංසාව අතර සම්බන්ධතා ඇති බවට තහවුරු කර ඇත.[111][112]

ක්‍රිස්තියානි දේවධර්මයේ දී, මෙතෝදිස්ත ව්‍යාපාරයේ නිර්මාතෘ වන ජෝන් වෙස්ලි (John Wesley), ක්‍රිස්තියානි නිර්මාංශිකයෙකු වූ අතර “සතුන්ට අමරණීය ආත්ම ඇති බවත් මිනිස් හා මිනිසුන් නොවන සතුන් අතර සැළකිය යුතු සමානකම් ඇති බවත්” කියා සිටියේය.

මහජන ආකල්ප[සංස්කරණය]

හැරල්ඩ් හර්සොග් සහ ලෝර්නා ඩෝර් විසින් 2000 දී ප්‍රකාශයට පත් කරන ලද පුවත්පතකට අනුව, සත්ව අයිතිවාසිකම් පිළිබඳ ආකල්ප පිළිබඳ පෙර අධ්‍යයන සමීක්ෂණ මගින් කුඩා නියැදි ප්‍රමාණවලින් සහ නියෝජිත නොවන කණ්ඩායම් වලින් පීඩා විඳිති. [113] කෙසේ වෙතත්, සතුන්ට සැලකීම සහ සත්ව අයිතිවාසිකම් සම්බන්ධයෙන් පුද්ගලයන්ගේ ආකල්පය හා සම්බන්ධ වන සාධක ගණනාවක් පෙනේ. ස්ත්‍රී පුරුෂ භාවය, වයස, රැකියාව, ආගම සහ අධ්‍යාපන මට්ටම මෙයට ඇතුළත් ය. සහකාර සතුන් සමඟ පූර්ව අත්දැකීම් මිනිසුන්ගේ ආකල්පවලට සාධකයක් විය හැකි බවට සාධක ද තිබේ. [114]

පිරිමින්ට වඩා කාන්තාවන්ගේ සත්ව අයිතිවාසිකම් පිළිබඳ සංවේදනය වැඩි ය.1996 දී කරන ලද අධ්‍යයනයකින් කියැවුණේ මෙම විෂමතාවය අර්ධ වශයෙන් පැහැදිලි කළ හැකි සාධක අතර ස්ත්‍රීවාදය හා විද්‍යාව පිළිබඳ ආකල්ප, විද්‍යාත්මක සාක්ෂරතාවය සහ කාන්තාවන් අතර “පෝෂණය හෝ අනුකම්පාව” කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ඇතුළත් වේ.[115]

සත්ව අයිතිවාසිකම් පිළිබඳ සංකල්පය පිළිබඳ පොදු වැරදි වැටහීමක් නම්, එහි යෝජකයින්ට මිනිස් නොවන සතුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය වැනි මිනිසුන්ට ඇති නෛතික අයිතිවාසිකම් ලබා දීමට අවශ්‍ය බවය. මෙය එසේ නොවේ, සංකල්පය අනුව සතුන්ට ඔවුන්ගේ අවශ්‍යතාවන්ට සමාන සැලකිල්ලක් දැක්විය යුතුය. (උදා: බළලුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට උනන්දුවක් නැත, එබැවින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය නොතිබිය යුතුය.)

2016 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ සත්ව පරීක්ෂාවට සහාය දැක්වීම ප්‍රබල දාර්ශනික තාර්කික මත පදනම් නොවිය හැකි අතර වඩාත් විවෘත විවාදයක් අවශ්‍ය බවයි.[116]

නිර්මාණකරුවන්ට වඩා බුද්ධිමත් නිර්මාණ විශ්වාස කරන අයට වඩා පරිණාමය විශ්වාස කළ අය සත්ව අයිතිවාසිකම්වලට වැඩි කැමැත්තක් දක්වන්නේද නැද්ද යන්න පරීක්ෂා කිරීම සඳහා 2007 දී කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ මෙය බොහෝ දුරට සිදුවී ඇති බවයි - පර්යේෂකයන්ට අනුව, ශක්තිමත් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් සහ මැවුම්වාදය විශ්වාස කළ අය  ඔවුන්ගේ විශ්වාසයන්හි මූලධර්මවාදීන්ට වඩා සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම අඩු විය. මෙම සොයාගැනීම් 1992 දී කරන ලද අධ්‍යයනයක් වැනි සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ගෙන් 48% ක් අදේවවාදීන් බව සොයා ගත්හ. වොෂිංටන් පෝස්ට් හි 2019 අධ්‍යයනයකින් හෙළි වූයේ සත්ව අයිතිවාසිකම් පිළිබඳ ධනාත්මක ආකල්ප ඇති අය විශ්වීය සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ධනාත්මක දෘෂ්ටියක් ඇති බවත්, අප්‍රිකානු ඇමරිකානුවන්, එල්ජීබීටී ප්‍රජාව සහ ලේඛනගත නොකළ සංක්‍රමණිකයින්ට වෙනස් කොට සැලකීම අඩු කිරීමට සහ දුප්පතුන්ට ආධාර කිරීම සඳහා සුභසාධනය පුළුල් කිරීමට කැමැත්තක් දක්වන බවත්ය.[117]

සමීක්ෂණ දෙකක් මගින් සත්ව අයිතිවාසිකම් පිළිබඳ උපාය මාර්ග කෙරෙහි සෘජු ක්‍රියාමාර්ග වැනි ආකල්ප සත්ව අයිතිවාසිකම් ප්‍රජාවන් තුළ බෙහෙවින් වෙනස් බව සොයාගෙන ඇත. ක්‍රියාකාරීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් (සමීක්ෂණ දෙකකින් 50% සහ 39%) සෘජු ක්‍රියාමාර්ගයට සහාය නොදක්වයි. එක් සමීක්ෂණයකින් නිගමනය වූයේ "සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් සමජාතීය ලෙස නිරූපණය කිරීම වැරැද්දක් වනු ඇති බවයි."[114] [118]


සමුද්දේශ ලැයිස්තුව[සංස්කරණය]


  1. Taylor (2009), pp. 8, 19–20; Rowlands (1998), p. 31ff.
  2. Horta (2010).
  3. That a central goal of animal rights is to eliminate the property status of animals, see Sunstein (2004), p. 11ff.
  4. For animal law courses in North America, see "Animal law courses" සංරක්ෂණය කළ පිටපත 2010-06-13 at the Wayback Machine, Animal Legal Defense Fund. Retrieved July 12, 2012.
  5. Garner (2005), pp. 11, 16.
  6. Singer (2000), pp. 151–156.
  7. Francione (1995), p. 36.
  8. Steiner (2005), p. 47; Taylor (2009), p. 37.
  9. Sorabji (1993), p. 12ff.; Wise (2007).
  10. Taylor (2009), p. 37.
  11. Sorabji (1993) p. 45 ff.
  12. Sorabji (1993), p. 12ff.; Wise (2007).
  13. Beauchamp (2011a), pp. 4–5.
  14. The Statutes at Large. Dublin, 1786, cited in Ryder (2000), p. 49.
  15. Francione 1996, p. 7.
  16. Nash (1989), p. 19.
  17. Kete (2002), p. 19 ff.
  18. Midgley, Mary (May 24, 1999-2000). , The New Statesman.
  19. Cottingham (1995), pp. 188–192.
  20. Midgley, Mary (May 24, 1999-2000). , The New Statesman.
  21. Locke (1693).
  22. Waldau (2001), p. 9.
  23. Kant (1785), part II, paras 16 and 17.
  24. Rousseau (1754), quoted in Midgley (1984), p. 62.
  25. Benthall (2007), p. 1.
  26. 26.0 26.1 Legge and Brooman (1997), p. 40.
  27. Phelps (2007), pp. 96–98.
  28. Cruelty to Animals: The Speech of Lord Erskine in the House of Peers (London: Richard Phillips, 1809) p 2 Italics in original speech. Also see John Hostettler, Thomas Erskine and Trial By Jury (Hook, Hampshire: Waterside Press, 2010) pp 197-199. ISBN 978-1-904380-59-7
  29. Cruelty to Animals: The Speech of Lord Erskine, see the Preamble pp 6-7, other theological allusions pp 3, 8-9, 25 & 26
  30. Legge and Brooman (1997), p. 41.
  31. Phelps 2007, pp. 98–100.
  32. Francione 1996, p. 7.
  33. McCormick, John. Bullfighting: Art, Technique and Spanish Society. Transaction Publishers, 1999, p. 211.
  34. "To Correspondents" The Kaleidoscope, 6 March 1821 p 288. Also see The Monthly Magazine Vol. 51 April 1, 1821 p 3."The Brute Species". "Notice" in Morning Post, 17 February 1821, p 3. Similarly see "Cruelty to Animals" The Sporting Magazine, Vol. VIII New Series No. XLIII (April 1821), p 33.
  35. See Kathryn Shevelow, For the Love of Animals: The Rise of the Animal Protection Movement (New York: Henry Holt, 2008), 268; Arthur W. Moss, Valiant Crusade: The History of the RSPCA (London: Cassell, 1961), 22.
  36. Anonymous (1972). "The History of the RSPCA", reproduced by the Animal Legal and Historical Center, Michigan State University College of Law. Retrieved March 25, 2008.
  37. Legge and Brooman 1997, p. 47.
  38. Schopenhauer, Arthur. On the Basis of Morality. This edition Hackett Publishing, 1998, p. 96.
  39. 39.0 39.1 Phelps 2007, p. 153–154.
  40. Schopenhauer, Arthur. The World as Will and Idea Vol.I. The Project Gutenberg, 2011. p. 477.
  41. Schopenhauer, Arthur. Parerga & Paralipomena Vol. II. Cambridge University Press. pp. 144, 338.
  42. https://www.amazon.com/Considering-Chickens-LOVE-MRS-BEETON/dp/1089880065/ref=sr_1_1?keywords=considering+chickens+beeton&qid=1566240286&s=gateway&sr=8-1 Beeton, |Isabella; Andrews, Teresa. 2019. Considering Chickens.
  43. Rachels (2009), pp. 124–126; Beauchamp (2009), pp. 248–249.
  44. Rudacille (2000), pp. 31, 46.
  45. Ryder (2000), pp. 5–6.
  46. Animal Rights: A Historical Anthology. By Andrew Linzey, Paul A. B. Clarke
  47. The Selected Writings of Friedrich Nietzsche. ISBN 978-1-60459-332-7 Wilder Publications April 21, 2008.
  48. Taylor (2009), p. 62.
  49. Mason (1997).
  50. Mason (1997).
  51. Salt (1880) සංරක්ෂණය කළ පිටපත 2012-06-16 at the Wayback Machine, p. 7.
  52. Arluke and Sax (1992).
  53. Proctor (1999), pp. 135–137; Sax (2000), pp. 35, 114.
  54. Legge and Brooman (1997), p. 50.
  55. "Statistics of Scientific Procedures on Living Animals, Great Britain, 2005", Her Majesty's Stationery Office.
  56. Ten billion animals are now killed for food every year in the US alone; see Williams and DeMello (2007), p. 73.
  57. Ryder (2000), p. 167ff.
  58. Ryder (2000), p. 167ff.
  59. Ryder (2000), pp. 5–6.
  60. Garner (2004), p. 3ff.
  61. Ryder (2000), pp. 5–6.
  62. Waldau (2001), pp. 5, 23–29.
  63. Godlovitch, Godlovitch, and Harris (1971); see the Introduction for the reference to the symposium.
  64. Singer (1990), p. 269, footnote 4.
  65. Garner (2004), p. 3ff.
  66. Garner (2004), p. 3ff.
  67. Garner (2004), p. 2.
  68. Molland (2004), pp. 70–74; Monaghan (2000), pp. 160–161.
  69. Rood, Justin. "Animal Rights Groups and Ecology Militants Make DHS Terrorist List, Right-Wing Vigilantes Omitted", Congressional Quarterly, March 25, 2005.
  70. Newkirk (2004), p. 341./
  71. Francione and Garner (2010), p. 1ff.
  72. Feder, Barnaby J. (November 26, 1889). "Pressuring Perdue", The New York Times.
  73. Waldau (2011), p. 108.
  74. Waldau (2011), p. 108.
  75. It's official: In Austria, a chimp is not a person, Associated Press, January 15, 2008.
  76. Waldau (2011), p. 108.
  77. "IX Legislatura: Serie D: General 161/000099", Boletín Oficial de las Cortes Generales, Congreso de los Diputados, 23 May 2008, p. 22. Retrieved March 3, 2010.
  78. Kelch (2011), p. 216; Waldau (2011), p. 108.
  79. BBC News (July 28, 2010). "Catalonia bans bullfighting in landmark Spain vote".
  80. Perry, Tony (February 7, 2011). "PETA's bid to free SeaWorld orcas may not get far", Los Angeles Times.
  81. Garner (2005), pp. 21–22.
  82. Craig (1988).
  83. Nussbaum (2006), pp. 388ff, 393ff; also see Nussbaum (2004), p. 299ff.
  84. Weir (2009): see Clark (1977); Rollin (1981); Midgley (1984).
  85. Vallentyne (2005); Vallentyne (2007).
  86. Rowlands (2009), p. 98ff; Hursthouse (2000a); Hursthouse (2000b), p. 146ff.
  87. Rowlands (1998), p. 118ff, particularly pp. 147–152.
  88. Regan (1983), p. 243.
  89. Regan (1983), p. 243.
  90. Regan (1983).
  91. Francione (1990), pp. 4, 17ff.
  92. Francione (1996), p. 32ff
  93. Rowlands (1998), p. 118ff, particularly pp. 147–152.
  94. Rowlands (1998), p. 118ff, particularly pp. 147–152.
  95. Hinman, Lawrence M. Ethics: A Pluralistic Approach to Moral Theory. Fort Worth, TX: Harcourt Brace College, 1998. Print.
  96. Lansbury (1985); Adams (1990); Donovan (1993); Gruen (1993); Adams (1994); Adams and Donovan (1995); Adams (2004); MacKinnon (2004).
  97. Kean (1995).
  98. Garner (2005), p. 141, citing Elston (1990), p. 276.
  99. Garner (2005), pp. 142–143.
  100. Lansbury (1985); Adams (1990); Donovan (1993); Gruen (1993); Adams (1994); Adams and Donovan (1995); Adams (2004); MacKinnon (2004).
  101. Gruen (1993), p. 60ff.
  102. Singer (1990), p. 1.
  103. Frey (1989), p. 40.
  104. pg. 94-100. Cohen and Regan (2001).
  105. Singer (June 15, 2001).
  106. Posner (June 15, 2001); Posner-Singer debate in full, courtesy link on utilitarian.net.
  107. Tom Regan: The Case For Animal Rights. The VegetarianSite. Accessed November 2, 2019
  108. Lawrence (2004) Animal Acts: Configuring the Human in Western History. Journal of Popular Culture, 37(3), 555
  109. The Great Ape Project: Equality beyond humanity. 1993. Fourth Estate publishing, London, England.
  110. Leake, Jonathan (January 3, 2010). "Scientists say dolphins should be treated as 'non-human persons'", The Sunday Times.
  111. Frank R. Ascione, Phil Arkow Child abuse, domestic violence, and animal abuse: linking the circles of compassion for prevention and intervention ISBN 1-55753-142-0
  112. Randall Lockwood, Frank R. Ascione. Cruelty to Animals and Interpersonal Violence. Purdue University Press 1998
  113. Herzog, Harold; Dorr, Lorna (2000) "Electronically Available Surveys of Attitudes Toward Animals", Society & Animals 10:2.
  114. 114.0 114.1 Apostol, L., Rebega, O.L. & Miclea, M. (2013). "Psychological and Socio-Demographic Predictors of Attitudes towards Animals". Social and Behavioural Sciences, 78, pages 521–525.
  115. Pifer, Linda. (1996). "Exploring the Gender Gap in Young Adults' Attitudes about Animal Research". Society and Animals. 4:1. Pages 37–52.
  116. Joffe, Ari R.; Bara, Meredith; Anton, Natalie; Nobis, Nathan (2016-03-29). "The ethics of animal research: a survey of the public and scientists in North America". BMC Medical Ethics. 17: 17. doi:10.1186/s12910-016-0100-x. ISSN 1472-6939. PMC 4812627. PMID 27025215.
  117. Park, Yon Soo; Valentino, Benjamin (July 26, 2019). "Who supports animal rights? Here's what we found". The Washington Post. සම්ප්‍රවේශය July 26, 2019.
  118. An attitude survey of animal rights activists. Psychological Science. 2(3), 194–196
"https://si.wikipedia.org/w/index.php?title=සත්ව_අයිතිවාසිකම්&oldid=455061" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි