ශ්‍රී ලංකාවේ දියඇලි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
St.Clair's Waterfall.JPG

සානුවක ‍හෝ උස්බිමක නෙත්තියෙන් පහළට ඇදහැළෙන ජල ධාරාවක් දිය ඇල්ල යනුවෙන් හැඳින්වේ. ලොකු උසක සිට පතිතවන විට ප්‍රමාණයෙන් විශාල එකක් නම් එය දහර ඇල්ලකි. ඇල්ලක් නිර්මාණය වීමට නම් ගල් සහිත උස් භූමියක් ඔස්සේ ලොකු ජලකඳක් පහලට ගලා යායුතුය. එම ගලන මග වඩා බෑවුම් සහිත වෙත්ම එහි වේගය ද වැඩිවේ.භූමි නිර්මාණය අනුව පොළොවේ යම් යම් ස්ථාන ගල් සහිත උස් බිම් සහ සානු සේ නැගී සිටී. එවන් භුමි ඔස්සේ ගැලූ දිය දහර උස් බිමේ හෝ සානුවේ ගැටියට පැමිණි විට එක්වරම පහල භූමිය වෙත කඩා හැලේ. මෙම ජලධාරාවේ ඉස්මත්තට තද වැහි ලැබෙන විට ඇල්ල ජලයෙන් පිරීයයි. ඉස්මත්ත හරස් කොට බැම්මක් බැඳි විට හෝ එම පෙදෙසට වැස්ස අඩු වු විට ඇල්ල සිහින් වෙයි. කාලයාගේ ඇවෑමෙන් භූමියේ සිදුවන විපර්යාස නිසා ඇල්ල පිහිටි ස්ථානය වෙනස් වී යාහැකිය. ගඟ හෝ ඔයවෙනත් දිශාවකට යොමු වී ගැලීම හෝ එයට ජලය ලැබීම නතර වුවහොත් ඇල්ල වියලී යයි.

බඹරකන්ද ඇල්ල[සංස්කරණය කරන්න]

Bambarakanda Waterfalls.jpg

මෙය ශ්‍රි ලංකාවේ පිහිටි උසින් වැඩිම දි‍යඇල්ලයි. උස මී‍ටර් 265කි. බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ඡන්ද කොට්ඨාසයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇත. කොළඹ - බණ්ඩාරවෙළ පා‍රේ කළුපහන හන්දියේ සිට වීරකෝන්ගම පාරේ සැතපුම් 4 පමණ ඇතුළට වන ලෙස වනාන්තරය තුළ පිහිටා ඇත

දියලුම ඇල්ල[සංස්කරණය කරන්න]

Diyaluma waterfall.jpg

ලංකාවේ ඇති උසින් තුන්වන තැන ගන්නා දිය ඇල්ලවේ. උස මීටර් 171කි.[1] බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ඡන්ද කොට්ඨාසයේ කොස්ලන්ද නගරයට නුදුරින් වැල්ලවාය පාරේ පිහිටා ඇත. මෙම ඇල්ල හා සබැඳි ජනප්‍රවාද කිහිපයකි. ඉතා ඈත කාලයේ කුලවත් තරුණයෙක් හා කුල හීන තරුණියක් පිළිබඳව ශෝකාන්තමය පෙම් පුවත ඉන් ප්‍රධාන වේ.

ලක්ෂපාන ඇල්ල[සංස්කරණය කරන්න]

Lakshapanafall.jpg

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහි‍ටා ඇත.උස මීටර් 125කි. සමනළ කන්දෙන් ඇරඹී ‍කැළණි ගඟට වැටෙන මස්කෙළිය ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි. ලක්ෂපාන ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වන්නේ මෙම ඇල්ලේ ආධාරයෙනි. දඩයමේ ගිය වැදි නායකයෙකු විසින් මේ ඇල්ල සොයාගන්නා ලදැයි ජනප්‍රවාදයේ ඇත. එහෙයින් එය වැද්දාගේ ඇල්ල නමින් ද හැඳින්වේ.

ඩන්සිනන් ඇල්ල(පුඩළුඔය ඇල්ල)[සංස්කරණය කරන්න]

පූඩළුඔය ඇල්ල.jpg

ශ්‍රී ලංකාවේ, මධ්‍යම පලාතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පූඩළුඔය-නුවරඑළිය මාර්ගයේ කිලෝමීටර දෙකහමාරක් පමණ ගිය පසු මෙම මනරම් ඩන්සිනන් දිය ඇල්ල හමුවේ. කොටස් දෙකක් වශයෙන් ගලා හැලෙන මෙහි මුළු උස අඩි 328(මීටර 100) පමණ වේ.

ඇබර්ඩින් ඇල්ල[සංස්කරණය කරන්න]

Aberdine.jpeg

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 100 පමණ වේ. කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔය මේ ඇල්ල නිර්මාණය කරයි. මෙම ඇල්ලට ඇබර්ඩීන් නම ලැබී ඇත්තේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්හි සිට පැමිණි සුදු ජාතිකයෙකු ඇබර්ඩීන් යනුවෙන් නම තැබු ඔහුගේ තේ වත්ත ඒ අසල තිබූ නිසා යැයි කියයි.

රම්බොඩ ඇල්ල[සංස්කරණය කරන්න]

Ramboda water falls.jpg

මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පිහිටා ඇත. උස මීටර් 109 ක් පමණ වේ. කොත්මලේ ඔයේ අතු ගංගාවක් වන පන්න ඔයෙන් හට ගනියි.

ඩෙවෝන් ඇල්ල[සංස්කරණය කරන්න]

Devon Waterfalls, Sri Lanka.jpg

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 97 පමණ වේ. මෙම ඇල්ල නිර්මාණය කරන්නේ කොත්මලේ ඔය විසිනි. එඩ්වඩ්බාන්ස් නම් ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයා 1823 දී ගන්නොරුව ප්‍රදේශයෙන් මෙරට කෝපි වගාව ආරම්භකළ සමයේ එංගලන්තයේ ඩෙවෝන්ෂයර් හි සිට ලංකාවට පැමිණි ඔහුගේ හිතවතකු වැවු ඩෙවෝන් නම් කෝපි වතු යාය අසල මෙම ඇල්ල පිහිටා ඇත. මෙනිසා මෙම නම ලැබුණි.

ශාන්ත ක්ලෙයාර් ඇල්ල[සංස්කරණය කරන්න]

St. Clair Waterfall, Ellla, Sri Lanka.jpg

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 80 පමණ වේ.කොත්මලේ ඔයෙන් නිර්මාණය වේ. මෙම ප්‍රදේශයේ විසු ඉංග්‍රිසි කෝපිවතු හිමියෙකු එංගලන්තයේ විසු ‍ජෙනි‍ෆර් ක්ලෙයා නම් පෙම්වතිය සිහිවීම පිණිස නම තබා ඇත.

දුන්හිඳ ඇල්ල[සංස්කරණය කරන්න]

Dunhinda.jpeg

බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මීටර් 63 පමණ උසය. බදුලු ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි. කඳුමුදුනේ සිට පහලට වැටෙන ජල බිඳු ගල් කුලවල හැපි වාතය සමග මුසුව මීදුමක් සේ විසිරෙන බැවින් මී‍ට, දුම්හිඳ නම ලැබුණු බවත් පසුව කටවහරේ දී දුන්හිඳ ‍ලෙස නම ලැබුණු බවත් පැවසේ. කාලයාගේ ඇවෑමෙන් සිදු වු භූ ගෝලීය විපර්යාසයක් නිසා හෝ බදුලු ඔයේ ගමන් මග වෙනස්වී‍ම තුළ මෙම ඇල්ල නිර්මාණය වන්නට ඇත.

රාවණා ඇල්ල[සංස්කරණය කරන්න]

Rawana.jpg

සුන්දරත්වයෙන් පරිපූර්ණ රාවණා ඇල්ල, ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ගමන් කරනවිට හමුවන සොබාදහමේ විශිෂ්ඨ නිර්මාණයකි. මෙකී සුන්දරත්වය හා සබැදි පුරාවෘත්ත රාශියකුත් ඇත. එයින් රාවණා රජු සම්භන්ධ කතා පුවත් රැසකි. වාල්මිකී විසින් රචිත රාමායණයේ කියැවෙන රාම - රාවණා කතා පුවතත් සමග මෙම අලංකාර දිය ඇල්ලත් සම්බන්ධතාවයක් පවතී. රාවණා රජතුමා විසින් සීතා කුමරිය රැගෙන විත් රදවා තැබුවායි සැළකෙන්නේ පෙර කී රාවණා ඇල්ල සමීපයේය. ඒ පිළිබද ඕනෑ තරම් ජනප්රනවාද අප අසා ඇත. සීතා කුමරිය රැගෙන විත් ආරක්ෂා සහිතව රදවා තැබීමට සුදුසුම ප්‍රදේශය ලෙස රාවණා රජු මෙම රාවණා ඇල්ල අවට තෝරා ගත් බව පෙනෙයි. එයට සාධකයක් ලෙස රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරය ( මෙම විහාරය ක්රි .පූ. 2 සියවසේ දී වළගම්බා රජු විසින් කරවන ලද්දකි ) ආසන්නයේ පිහිටා ඇති රාවණා ගුහාව පෙන්වා දිය හැක. මෙම රාවණා ගුහාව, රාවණා රජු විසින් සීතා කුමරිය රදවා තැබූ ගුහාව යැයි ජනවහරේ කියැවේ.

දුවිලි ඇල්ල[සංස්කරණය කරන්න]

Duvili waterfall.jpg

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 39 පමණ වේ. පළල් දියඇල්ලකි.දුවිලි ඇල නම් කුඩා ඔය මේ ඇල්ල නිර්මාණය කරයි. පහළට ඇදවැටීමේදී සියුම් දුවිල්ලක් හෝ මීදුමක් මෙන් ජල බිඳිති විසිරයාමත් සිදුවන නිසා මෙම නම ලැබී ඇත. බලංගොඩ නගරයේ සිට කිලෝමීටර් 30 පමණ දුරින් පිහිටා ඇත.

බෝපත් ඇල්ල[සංස්කරණය කරන්න]

Bopath alla.jpg

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 30 පමණ වේ. දුර සිට බැලු විට බෝකොළයක දළ හැඩයෙන් පෙනෙන නිසා මෙයට මෙම නම ලැබී ඇත. කුරු ගඟ මෙම ඇල්ල නිර්මාණය කර‍යි.

බේකර්ස් ඇල්ල[සංස්කරණය කරන්න]

Bakerswaterfall.jpg

නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත්ය. උස ‍මීටර් 20 පමණ වේ. බෙලිහුල් ඔයේ ශාකාවකින් ‍නිර්මාණය වේ. නුවරඑළියේ සැමුවෙල් බේකර් නම් ඉංග්‍රිසි ජාතිකයෙකු මෙය සොයාගෙන ඇත.

කිතුල්ගල ඇල්ල[සංස්කරණය කරන්න]

Kithulgala.jpg

කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගල නගරයට නුදුරුව මෙය පිහිටා ඇත. උස මිටර් 15කි. උනාලු කන්දේන් පටන්ගෙන කැළණි ගඟට එක්වන ගරන්කිති ඔය මේ ඇල්ල නිර්මාණය කරයි. කිතුල්ගලට සමීප බැවින් මේ නමින් හැඳින්වේ.

මානාවෙල ඇල්ල[සංස්කරණය කරන්න]

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 23කි. මානාවෙල ඔය හා බුවැලිපොළ ඔය යන නම්වලින් හැඳින්වෙන ඔයවල්වලින් මේ ඇල්ල නිර්මාණය වේ.


ඒල්ජින් ඇල්ල[සංස්කරණය කරන්න]

නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් උස මීටර් 25කි. දඹගස්තලාව ඔය මේ ඇල්ල නිර්මාණය කරයි. මෙම ඇල්ලට ඒල්ජින් නම ලැබුනේ අසල තේ වත්තක නම හෙයිනි. තලවකැලේ බදුල්ල දුමිරිය මාර්ගයේ යන විට මේ ඇල්ල දර්ශනය වේ .


ගැරඬි ඇල්ල[සංස්කරණය කරන්න]

රත්තනපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 46කි. ජලය හිඟ කාලයට දුර සිට බැලුවිට මේ ඇල්ල පෙනේන්නේ බෑවුම් ගල් තලාවක් දිගේ පහළට බහින ගැරඬියෙකු ලෙසනි.


නානු ඔය ඇල්ල[සංස්කරණය කරන්න]

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 60ක් පමණි. නානු ඔයේන් මෙම දිය ඇල්ල නිර්මාණය වේ මෙහි විශේෂත්වය නම් හෙල්මළු හෙවත් ලියදි සහිත බෑවුමක් ඔස්සේ ගලාහැලෙන බැවිනි


යකා ඇඬු ඇල්ල[සංස්කරණය කරන්න]

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මීටර් 61ක් පමණ උසය. බුදුන්වහන්සේ ශ්‍රි පාද ලාංඡනය පිහිටු විම සඳහා සමනල කන්දට වැඩි අවස්ථාවේ මේ ජල දහරාව ඇරඹෙන ස්ථානයේ මිත්‍යා දෘෂ්ටික යක්ෂයෙක් අසතුටට පත්ව හඬාවැටුනු නිසා ඊට මෙම නම ලැබි ඇත.


නවරත්තන ඇල්ල[සංස්කරණය කරන්න]

බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වේ. උස මීටර් 110කි. වෙලන්ගල්ල නමින් හැඳින්වෙන කන්දෙන් ආරම්භ වී මහවැලි ගඟට එක්වෙන හසළක ඔය මෙම ඇල්ල නිර්මාණය කරයි. මේ ඇල්ලට මෙම නම ලැබි ඇත්තේ මැණික් වර්ග නවයක් සහිත රන් සෙම්බු කිහිපයක් ඇතුළත් පැරණි රාජනිධානයක් මේ ඇල්ල අසළ ඇතැයි යන විශ්වාසය නිසයි.

මාපනාන ඇල්ල[සංස්කරණය කරන්න]

රත්තනපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත එළිඔයෙන් මෙම ඇල්ල නිර්මාණය කරයි. ඇල්ල හාත්පස මාපනාන, මාවනාන යන නම් වලින් විශාල තේ වතු යායක් ඇත.

කුරුදු ඇල්ල[සංස්කරණය කරන්න]

නුවර එළිය දිස්ත්‍රික්කයේ,වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත.එය මුහුදු මට්ටමේ සිට මීටර් 1103ක උසකින් පිහිටා ඇති අතර එම දියඇල්ලේ උස අඩි 676 (206m) කි.එය ලංකාවේ උසින් දෙවන ස්ථානයට පත් වන දිය ඇල්ලද වේ.මෙය කුරුදු ඔයෙන් නිර්මාණය වන අතර එමගින් මහවැලි ගග හා රංදෙනිගල ජලාශය ද පෝෂණය කරණු ලබයි..කුරුදු ඔය බෑවුම් බිමක් ඔස්සේ වේගයෙන් පැමිණ ඇල්ල සාදමින් පහළ ගැඹුරු දෝණිකාවකට කඩා හැලේ.

මනං ඇල්ල[සංස්කරණය කරන්න]

රත්තනපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. කොළඹ රත්නපුර මාර්ගයේ ඇහැලිය ගොඩ පසු කර රත්නපුර දෙසට යනවිට කිලෝමීටර 1 1/2 පමන යනවිට රත්නපුර පනදුර මාර්ගයට පිවිසිය හැකි පිවිසුම් මාර්ගයක් හමුවේ එම මාර්ගයේ කුරුගම්මොදර දෙසට කිලෝමීටර 4 යනවිට ඉහල කන්ද ග්‍රාමය හමුවේ එම ඉහල කන්ද ග්‍රාමය කුරුදු තානායම ඉදිරියෙන් අති මාර්ගයේ ගියවිට ඉහල කන්ද වතු යායෙන් මෙමෙ සුන්දර දිය ඇල්ලට පිවිසිය හැක

මේ අඩවිත් බලන්න[සංස්කරණය කරන්න]

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය කරන්න]

01)ශ්‍රී ලංකාවේ දිය ඇලි ගංගා සහ වනාන්තර-සරත් රණවීර

ආශ්‍රිත[සංස්කරණය කරන්න]

  1. දියලුම සුරකිමු. දිවයින ඔන්ලයින් එඩිෂන්. 2010/05/11.  Check date values in: |date= (help)
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_දියඇලි&oldid=342518" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි