ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ගඟ

මධ්‍යම ප්‍රදේශයේ උස් බිම් වලින් සමන්විත වීම සහ ඒ ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීම යන දෙකරුණ නිසා ලංකාවේ ගංඟා මධ්‍යම කදුකරයේ සිට රෝදයක නාඩියේ සිට ගරාදි විහිදෙන්නා සේ හැම දිශාවකටම විහිදි යයි. මධ්‍යම කදුකරය පර්වත සහිත වීම සහ එහි ශිඝ්‍ර බෑවුම් තිබීම නිසා මෙම ගංගා ඉහළ කොටස් වලදි තරමක් වේගයෙන් ගලා බසියි. තද වැසි සහිත කාලවල බෙහෙවින් ජලය ලබන මේවා ගල් පස් සෝදාගෙන විත් තම ගමන් මගද ගැඹුරද පුළුල් කර ගනී.

ශ්‍රි ලංකාවේ ගංගා වර්ග[සංස්කරණය]

සාමාන්‍ය ගංගා සහ ඔයවල් ලෙස වර්ග 2කි.

ගංගා වල වසර පුරා අඩු වැඩි වශයෙන් ජලය ගලායන අතර ඔයවල් වසරේ වැඩි කාල සීමාවක් වැලි පෑදෙන තරමට වීයලී පවතී.

ශ්‍රි ලංකාවේ ගංගා පිහිටිම

ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගා අශ්‍රිත සිතියම[සංස්කරණය]

ප්‍රධාන ගංඟා සහිත සිතියම

ලංකාවේ ප්‍රධාන ගංගා හා ඒවායේ ආසන්න දිග[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ නදී ලැයිස්තුව

ප්‍රධාන ගංගා පිළිබඳ කෙටි හැඳින්විමක්[සංස්කරණය]

මහවැලි ගඟ[සංස්කරණය]

ශ්‍රි ලංකාවේ දිගම ගඟයි.රත්නපුර දිස්ත්‍රිකයේ සමනොළ කදු වැටියෙන්ආරම්භ වන මහවැලි ගඟ කිලෝමීටර340දිගින් යුක්තයි.වාර්ෂිකව මහවැලි ගගෙන් මුහුදට ඇදී යන ජලස්කන්ධය අක්කර අඩි 640000ක් පමණ වෙතැයි මතයක් පවතී.මහවැලි ගඟ ගිරිතලේ පරාක්‍රම සමුද්‍රය හා සොරබොර වැව ආදි පැරණි වැව් කිහිපයක් පෝෂණය කරනු ලබයි.පැරණි පොත්වල මහවැලි ගඟ හදුන්වන ලද්දේ මහා වාලුකා නදිය සහ මහා ගංඟා යන නමිනි.

කැලණි ගඟ[සංස්කරණය]

ශ්‍රි ලංකාවේ පුජනීයත්වයක් ආරෝපණය වි ඇති ප්‍රධාන ගංගාවකි.සමනෙළ කදුවැටියෙන් ආරම්භ වී කොළඹ නගරයට උතුරින් පිහිටි කාක දිවයින අසලින් මුහුදට වැටෙයි.එහි ජල වහන ප්‍රාදේශය වර්ග කිලෝමීටර් 2690ක් වේ.වාර්ෂික ගඟට ලැබෙන ජලස්කන්ධය අක්කර අඩි 70190000ක් පමණ වන අතර එයින් මුහුදට යන්නේ 64% පමණි. මෙරට ජල විදුලිය නිපදවීම සදහා කළක සිටම බෙහෙවින් දායක වී ඇති ගංඟාව මෙයයි.නිතර නිතර ජල ගැලීම් වල‍ට ප්‍රසිද්ධ ගංඟාවකි.

කළු ගඟ[සංස්කරණය]

කළු ගඟ රත්තපුර දිස්ත්‍රිකයට අයත් සමනළ අඩවියේ ඉදිකටුපාන අසලින් ආරම්භ වී කළුතර දිස්ත්‍රික්ය හරහා මුහුදට ටැටෙයි.ජල වහන ප්‍රදේශයේ විශාලත්වය හා වාර්ශික ලබන ජලස්කන්ධය අතින් දෙවැනි වන්නේ මහවැලි ගඟට පමණි.කළු ගඟේ ජලවහන ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 2690 ක් වේ.ගංගා ධාරයට වාර්ශිකව ලැබෙන වැසි ජල ප්‍රමාණය අක්කර අඩි 962500 කි.එය වාර්ශිකව මුහුට ගලා යන ජලස්කන්ධය අක්කර අඩි 616000 කි.කළු ගඟ දරැණු ජල ගැලීම් සම්බන්ධව නරක ප්‍රසිද්ධියක් උසුලයි.

වලවේ ගඟ[සංස්කරණය]

සමනළ අඩවියෙන් ආරම්භ වී ගලා විත් අම්බලන්තොටින් මුහුදට වැටෙයි.වලවේ ගඟ හරහා උඩවලව ජලාශය ඉදිකර ඇත. ලංකාවේ ප්‍රධාන ගංඟා වලින් එකකි.දිග කිලෝමිටර් 137ක් පමණ වේ.වලවේ ගඟ හරහා උඩවලව ජලාශය ඉදි කර ඇත

බෙන්තරගඟ[සංස්කරණය]

දකුණු පළාත සහ බස්නාහිර පළාත වෙන් කෙරෙන සිමාව සේ සැළකෙන්නේ බෙන්කර ගඟයි.දිග කිලෝමිටර් 72 කි.මෙහි අවට ප්‍රදේශය සංචාරක ව්‍යාපාරය සදහා ඉතා දියුණු තත්ත්වයක පවතී.

අඔන් ගඟ[සංස්කරණය]

අඔන් ගග මහවැලි ගංගාවේ පහළ කොටසේදී එයට එක් වන ප්‍රධාන අතු ගංගාවයි.ආරම්භ වන්නේ නාලන්ද සහ මාතලේ කදු වලිනි.වේගයෙන් ගලන ගඟක් නොවේ.එහි ගමන් මග වංගු සහිතයි.මෙහි පහළ කොටසේ කුඩා වැලි දුපත් ඇත.


නිල්වලා ගඟ[සංස්කරණය]

සිංහරාජ කදු වැටියේ දකුණු පසින් පිහිටි ගොන්ගල කන්දෙන් ගලන ජල ධාරාවන්ගෙන් නිල්වලා ගඟ ආරම්භ වෙයි.දිග කිලෝමිටර් 81ක් වේ.නිල්වලා ගගේ ජලවහන ප්‍රදේශය වර්ග කිලෝමීටර් 960 ට අයත්ය.මෙහි ප්‍රදානම අතු ගංගාව දිගිළි නදී ගගයි මෙය මාතර නගරයෙන් මුහුද ට එකතු වේ.


ගිං ගඟ[සංස්කරණය]

රත්නපුර දිස්ත්‍රිකයේ මාතර දිස්ත්‍රිකයත් අතර මායිමේ පිහිටි මිටර් 1400 පමණ උසයි .ගොන්ගල නැමති කන්දෙන් ගිං ගඟ ආරම්භ වේ.ගමන් මගේ මුලු දුර ක්ලෝමිටර් 113 ක් පමණ වේ.

මැණික් ගග[සංස්කරණය]

ඌව පළාතේ කදු වැටිවල දකුණු බෑවුමෙන් ආරම්භ වි රැහුණු වනෝද්‍යානය හරහා ගොස් යාල නම් ස්ථානය හරහා මුහුදට වැටේ.දිග කිලෝම්ටර් 114 කි.මැණික් ගග අසබඩ පිහිටි කතරගම පුදබිම නිසාu එය පුජනීයත්වයට පත් වී ඇත.අවුරැද්දේ වැඩි කාලයක් මැණික් ගඟ වතුර අඩුවෙන් ගලා බසියි.

පින්තුර ගැලරිය[සංස්කරණය]




මුලාශ්‍ර[සංස්කරණය]

ශ්‍රි ලංකාවේ දිය ඇළි ගංඟා හා වනාන්තර