වීගන්වාදය (Veganism)

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search


සත්ව නිෂ්පාදනවලින් තොරවෙමින්, විශේෂයෙන්ම සත්ව ආහාර පරිභෝජනයෙන් තොරවෙමින් සතුන්ට වෙළඳ භාණ්ඩයක තත්වයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමේ දර්ශනය මෙහිදී සාකච්ඡා කෙරේ. මෙලෙස සත්ව ආහාරවලින් තොර ආහාර රටාවක් අනුගමනය කරන්නෙකු, හෝ මෙම දර්ශනය පිළිපදින්නෙකු වීගන්වාදියෙකු ලෙස හැඳින්වේ. මෙම දර්ශනයේ විවිධ පැතිකඩ වේ. ඇතැම්හු සත්ව ආහාර ප්‍රතික්ෂේප කරති. දැඩි නිර්මාංශිකයන් ලෙස හඳුන්වන මොවුන් මස්, බිත්තර, කිරි නිෂ්පාදන සහ වෙනත් සතුන්ගෙන් ව්‍යුත්පන්න වූ ආහාර ද්‍රව්‍ය පරිභෝජනයෙන් වැළකී සිටියි. තවත් පිරිසක් සත්ව ආහාරවලින් තොර ආහාර වේලක් අනුගමනය කිරීමෙන් පමණක් නොනැවතී මෙම දර්ශනය ඔවුන්ගේ ජීවිතයේ අනෙකුත් ඉසව්වලටද ව්‍යාප්ත කරමින් කිසිදු කටයුත්තක් සඳහා සතුන් භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරයි. මොවුන් සදාචාරාත්මක නිර්මාංශිකයන් ලෙස හැඳින්වේ. මෙහි තවත් පැතිකඩක් නම් සත්ව ගොවිතැන පාරිසරික වශයෙන් හානිකර බව හා තිරසාර නොවන බවට තර්ක කරමින් සත්ව නිෂ්පාදනවලින් වැළකී සිටීමයි. මෙය පාරිසරික වීගන්වාදය නමින් හඳුන්වයි.

හොඳින් සැලසුම් කළ සත්ව ආහාරවලින් තොර ආහාර රටාව, ළදරු අවධිය හා ගර්භණී අවධිය ඇතුළුව ජීවිතයේ සෑම අවධියකටම සුදුසු බවට American Academy of Nutrition and Dietetics, Dietitians of Canada, the Australian National Health and Medical Research Council, New Zealand Ministry of Health, Harvard Medical School සහ The British Dietetic Association යන ආයතන ප්‍රකාශ කොට ඇත. The German Society for Nutrition විසින් ළමුන් හෝ නව යොවුන් දරුවන් සදහා හෝ ගර්භණී සමයේදී හෝ මව්කිරි ලබා දෙන සමයේදී කාන්තාවන් සදහා මෙම ආහාර රටාව නිර්දේශ නොකරයි. සත්ව ආහාර වලින් තොර ආහාර වේල පරිවෘත්තීය සින්ඩ්‍රෝමයට එරෙහිව ආරක්ෂිත බලපෑමක් ඇතිකරන බවට පවතින සාක්ෂි අසම්පූර්ණ වුවද, බර අඩු කරගැනීමට (විශේෂයෙන් කෙටිකාලීනව) දායක විය හැකි බවට පැහැදිලි සාක්ෂි ඇත. සත්ව ආහාරවලින් තොර ආහාරවල තන්තු, මැග්නීසියම්, ෆෝලික් අම්ලය, විටමින් C, විටමින් E, යකඩ සහ ෆයිටොකෙමිකල් ප්‍රතිශතය ඉහළ වේ. එලෙසම ශක්තිය, සංතෘප්ත මේදය, කොලෙස්ටරෝල්, දිගු දාම ඔමෙගා-3 මේද අම්ල, විටමින් D, කැල්සියම්, සින්ක් සහ විටමින් B12 අඩුවේ. නොසැලකිළිමත් ලෙස නම් ගන්නේ, සියලුම සත්ව නිෂ්පාදන බැහැර කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, සත්ව ආහාර වලින් තොර ආහාර වේලක් පෝෂණ ඌනතාවයන්ට හේතුවිය හැකි අතර බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කරවිය හැකියි. මෙම ඌනතාවලින් සමහරක් වළක්වාගත හැක්කේ ශක්තිය ගෙනෙන ආහාර තෝරාගැනීමෙන් හෝ නිතිපතා ආහාර අතිරේක ගැනීමෙන් පමණි. විටමින් B12 අතිරේකය විශේෂයෙන් වැදගත් වන්නේ එහි ඌනතාවය රුධිරය සම්බන්ධ ගැටලු සහ ආපසු හැරවිය නොහැකි ස්නායු ආබාධවලට හේතුවන බැවිනි.

ඩොනල්ඩ් වොට්සන් (Donald Watson) 1944දී එක්සත් රාජධානියේදී Vegan Society in the UK ආරම්භ කරන විට පළමුවරට "vegan" යන යෙදුම භාවිතා කළේය. මුලදී ඔහු එය භාවිතා කළේ කිරි-නොවන නිර්මාංශ ආහාර ගන්නන් (non-dairy vegetarian) යන්න අදහස් කිරීමටයි. 1945 මැයි සිට මොවුන් බිත්තර, මී පැණි, සතුන්ගේ කිරි, බටර් සහ චීස් යන ආහාර ද ප්‍රතික්ෂේප කළේය. 1951 සිට සමිතිය එය අර්ථ දැක්වූයේ "සතුන් සූරාකෑමෙන් තොරව මිනිසා ජීවත් විය යුතුය යන ධර්මය" ලෙසටයි.[1] සත්ව ආහාරවලින් තොරවීම පිළිබඳ උනන්දුව 2010 ගණන්වල, විශේෂයෙන් 2010 අගභාගයේදී වැඩිවිය. තවත් වීගන් වෙළඳසැල් විවෘත වූ අතර වීගන් විකල්ප ලොවපුරා සුපිරි වෙළඳසැල්වල හා අවන්හල්වල වැඩි වැඩියෙන් ලබාගත හැකිවිය.

මූලාරම්භය[සංස්කරණය]

නිර්මාංශවාදයේ නිරුක්තිය (Vegetarian Etymology)[සංස්කරණය]

එළවළු පාලනයක් (regimen) හෝ එළවළු ආහාර වේලක් ලෙස පෙර සදහන් කළ දේ හැඳින්වීමට 1839 ආශ්‍රිත කාලයේ පටන් "vegetarian" යන පදය භාවිතා විය.[2] මෙහි පැරණිතම ලිඛිත සාධකය හමුවන්නේ නිළියක්, ලේඛිකාවක් හා වහල්භාවය අහෝසි කිරීම වෙනුවෙන් ක්‍රියාකාරිනියක් වූ ෆැනී කෙම්බල්ගේ (Fanny Kemble), "Journal of a Residence on a Georgian plantation in 1838-1839" වලිනි.

ඉතිහාසය[සංස්කරණය]

නිර්මාංශවාදය, ඉන්දියානු උපමහද්වීපය කේන්ද්‍රකොටගෙන ක්‍රි.පූ.3300-1300 දී ව්‍යාප්ත වූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා ව්‍යාප්ත වේ (විශේෂයෙන්ම උතුරු හා බටහිර ඉන්දියාවේ). මහාවීර (Mahavira) සහ ආචාර්ය කුන්දාකුන්දා (Acharya Kundakunda) වැනි ඉන්දියානු දාර්ශනිකයන්, වාල්ලුවර් (Valluvar) වැනි ද්‍රවිඩ කවීන්, චන්ද්‍රගුප්ත මෞර්ය (Chandragupta Maurya) සහ අශෝක (Ashoka) වැනි ඉන්දීය අධිරාජ්‍යයන්, එම්පෙඩොක්ල්ස් (Empedocles), තියෝෆ්‍රාස්ටස් (Theophrastus), ප්ලුටාක් (Plutarch), ප්ලොටිනස් (Plotinus) සහ පෝෆිරියි (Porphyry) වැනි ග්‍රීක දාර්ශනිකයන්, රෝමානු කවියෙකු වූ ඕවිඩ් (Ovid) සහ නාට්‍යකරුවෙකු වූ සෙනෙකා (Seneca the Younger) මුල් නිර්මාංශිකයන් අතර විය.[3] ග්‍රීක දාර්ශනික පයිතගරස් මුල්ම දැඩි නිර්මාංශවාදියෙකු විය හැකිමුත්, ඔහුගේ ජීවිත කතාව ඉතා අපැහැදිලි බැවින් ඔහු කිසිදා නිර්මාංශවාදියෙකු වූවාද යන්න පවා ගැටලුවකි. ඔහු තම අනුගාමිකයන් මුළුමනින්ම බෝංචි කෑමෙන් හා වූල් ඇඳුම් ඇඳීමෙන් වැළැක්විය. ආකිටස්ගේ (Archytus) සහ ප්ලේටෝගේ (Plato) සිසුවෙකු වූ නිඩස්හි යූඩොක්ස් (Eudox of Cnidus) පයිතගරස් ගැන මෙසේ ලිවීය : "පයිතගරස් කොතරම් ඝාතනය හා ඝාතකයින් ප්‍රතික්ෂේප කළේද යත් ඔහු සත්ව ආහාරවලින් වැළකීමෙන් නොනැවතී කෝකියන් හා දඩයක්කරුවන්ගෙන් ද ඈත්වී සිටියේය." අරාබි කවියෙකු වූ අල් මා'ආරී (Al Ma'arri) (c.973-c.1057) ද මුල්ම නිර්මාංශිකයෙකු විය. ඔවුන්ගේ තර්ක සෞඛ්‍ය, ආත්ම සම්ප්‍රේෂණය, සත්ව සුභසාධනය, සහ පෝෆිරියිගේ "De Abstinentia ab Esu Animalium" ("On Abstinence from Animal Food", c.268-c.270) හි ලියවුණු මතය-"මිනිසුන්ට යුක්තිය හිමි නම්, සතුන්ටද එය හිමියි."-යන්න මත පදනම් විය.

නිර්මාංශවාද, 19වන සියවසේ බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ වැදගත් පෙරමුණක් විය.[4] මෙම නිර්මාංශවාදීන්ගෙන් සුළුතරයක් සියලුම සත්ව ආහාර ප්‍රතික්ෂේප කළේය.[5] 1813දී, පර්සි බයිෂ් ෂෙලී (Percy Bysshe Shelley) "A Vindication of Natural Diet" පළකරේ සත්ව ආහාර සහ මත්පැන් වලින් වැළකී සිටීම වෙනුවෙන් පෙනී සිටිමිනි. 1815දී, ලන්ඩනයේ වෛද්‍යවරයකු වූ විලියම් ලෑම්බ් (William Lambe) කියා සිටියේ ඔහුගේ "ජලය සහ එළවළු ආහාර වේලට" ක්ෂය රෝගයේ සිට කුරුලෑ දක්වා ඕනෑම රෝගයක් සුව කළහැකි බවයි.[6] සත්ව ආහාරවලට "පුරුද්දක් වූ වදයක්" යැයි පැවසූ ලෑම්බ් කියා සිටියේ "කිරි කෑමත් මස් කෑමත් එකම පද්ධතියක අතු බවත් දෙකම එකම ඉරණමකට මුහුණ පෑ යුතු බවත්‍ ය." 1830දී සිල්වෙස්ටර් ග්‍රැහැම්ගේ, පලතුරු, එළවළු, ජලය, සහ ගෙදර සැදූ පාන් ඇතුළත් "meatless Graham diet" එකල ඇමෙරිකාවේ ප්‍රසිද්ධ විය.[7] ලොව පුරා විවිධ නිර්මාංශ සමාජ එකල ස්ථාපිත විය. මැසචුසෙට්ස්හි, ආමොස් බ්‍රොන්සන් ඇල්කොට් (Amos Bronson Alcott) 1834 දී "Temple School" සහ 1844දී "Fruitlands" විවෘත කළේය.[8] 1838 දී එංගලන්තයේ, ජේම්ස් පියර්පොන්ට් ග්‍රීව්ස් (James Pierrepont Greaves) විසින් "Concordium" නිර්මාංශ සමාජය සොයාගනු ලැබිණි.[9][10]

නිර්මාංශ සමිතිය[සංස්කරණය]

photograph of Fruitlands
ෆෘට්ලන්ඩ්ස්, කෙටිකාලීන සත්ත්ව ආහාර වලින් තොර ප්‍රජාවක් 1844 දී මැසචුසෙට්ස් හි හාවඩ් හි ආමොස් බ්‍රොන්සන් ඇල්කොට් විසින් පිහිටුවන ලදී.
photograph of Gandhi and Salt
මහත්මා ගාන්ධි, 1931 නොවැම්බර් 20 වන දින ලන්ඩනයේ නිර්මාංශ සංගමය, හෙන්රි සෝල්ට් දකුණු පසින්

නිර්මාංශිකයන් කොටස් 2කි. දැඩි නිර්මාංශිකයන්-මොවුන් කිසිදු සත්ව ආහාරයක් නොකයි, සහ එතරම් දැඩි නොවන නිර්මාංශිකයන්- මොවුන් කිරි, බිත්තර හෝ මාළු ප්‍රතික්ෂේප නොකර‍යි. The Vegetarian Society අයත් වූයේ මෙයින් දෙවැනි කොටසටයි.

1851 දී මෙම සමාජයේ සඟරාවේ (the Vegetarian Messenger), සපත්තුවලට යොදාගන්නා සත්ව හම් (leather) සඳහා ආදේශකයක් සාකච්ඡා කරන ලදි. මෙයින් තහවුරු කරන්නේ සත්ව නිෂ්පාදන මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ සාමාජිකත්වයක් එහි තිබූ බවයි.[11] හෙන්රි එස්. සෝල්ට් (Henry S. Salt) 1886දී පළකරන ලද "A Plea for Vegetarianism and Other Essays" හි ඔහු තහවුරු කළේ සත්ව ආහාර තම ආහාරවේලට එකතු කර නොගන්නා ආහාර ප්‍රතිසංස්කරණවාදීන්ද සිටින බවයි. රසෙල් තැචර් ට්‍රැල්ගේ "The Hygeian Home Cook-Book", ඇමෙරිකාවේ ප්‍රථම නිර්මාංශ සූපවේදී පොත 1875දී පළ කෙරුණි.[12] මෙහි, "කිරි, සීනි, ලුණු, යීස්ට්, අම්ල, භෂ්ම, ග්‍රීස්, හෝ කිසිදු රසකාරක අඩංගු නොවන... " ආහාර වට්ටෝරු ඇතුළත් වේ. 1910දී මුල් කාලීන නිර්මාංශ ආහාර වට්ටෝරු පොතක් වන රූපට් එච්. වෙල්ඩන්ගේ "No Animal Food: Two Essays and 100 Recipes පළවිණි. පසු දශකවලදී, කිරි සහ බිත්තර පරිභෝජනය තර්ක විතර්ක පිරුණු යුධපිටියක් බඳු විය.[13]

1931දී ලන්ඩනයේ චාරිකාවක් අතරතුර මහත්මා ගාන්ධිතුමා මෙම සමාජය අමතමින් තර්ක කර සිටියේ නිර්මාංශ ආහාර රටාව ප්‍රවර්ධනය කළ යුත්තේ සෞඛ්‍ය යන්න පාදක කොටගෙන නොව සදාචාරාත්මක පැතිකඩ පාදක කොටගෙන බවයි. (එතුමන් මෙම සමාජයට බැඳුණේ 1888 සිට 1891 දක්වා ලන්ඩනයේ ජීවත්වුණු කාලය තුළදීයි.) කිරි ආහාර පිළිගත් නිර්මාංශිකයින් කොටස සත්ව ආහාර වලින් තොර තත්වයේ සදාචාරාත්මක අනුකූලතාව පිළිගත් නමුත් සත්ව ආහාර වලින් තොර ආහාරයක් ප්‍රායෝගික නොවන බවට සළකන ලදි. නිර්මාංශ ආහාර ලබාගත නොහැකි සමාජ කවවල පූර්ණ නිර්මාංශිකයන්ට ජීවත්වීමට සිදුවුවහොත් එය ගැටලුවක් විය හැකි ඔවුන් ඉස්මතු කළහ. 1935දී නිර්මාංශ සමාජයේ ප්‍රධාන මතය මෙය විය: කිරි පරිභෝජනය කරන නිර්මාංශිකයින්, සමස්තයක් වශයෙන් ගත් කල, අවශ්‍යම විටකදී හැර කිරි නිෂ්පාදන පරිභෝජනය කිරීමේ පුරුද්ද ආරක්ෂා නොකරයි.

වීගන්වාදයේ නිරුක්තිය (1944)[සංස්කරණය]

1944 අගෝස්තුවේ, "Vegetarian Society"හි සාමාජිකයන් කිහිපදෙනෙක් ඉල්ලාසිටියේ සමාජයේ කතෘ මණ්ඩලයට කිරි ආහාර ද නොගන්නා නිර්මාංශිකයන් වෙනුවෙන් පෙනීසිටින ලෙසටයි. මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ විට, ලෙස්ටර් (Leicester) ශාඛාවේ ලේකම්, ඩොනල්ඩ් වොට්සන් (Donald Watson), මාස තුනකට වතාවක් පළවන පැන්ස දෙකක් මිළැති ලිපි පෙළක් 1944දී නොවැම්බර් මස හඳුන්වා දුනි. ඔහු එය "Vegan News" ලෙස නම් කළේය. "vegetarian" යන වචනයේ මුලකුරු තුන සහ අවසන් අකුරු දෙක එකතු කරමින් ඔහු "vegan" යන පදය නිර්මාණය කළේය. ඔහුගේ වචනයෙන් කියනවානම් නිර්මාංශවාදයේ, එනම් vegetarianismහි ආරම්භයත් අවසානයත් එහි නිරූපණය වීම ඔහුගේ මෙම තේරීමට හේතුව විය. නමුත්, කිරි ආහාර නොගන්නා නිර්මාංශිකයන් හැඳින්වීමට වඩා සුදුසු නමක් ඇත්නම් යෝජනා කරන්නැයි ඔහු තම පාඨකයන්ගෙන් ඉල්ලා සිටියේය. ඔවුන්, "allvega", "neo-vegetarian", "dairyban", "vitan", "benevore", "sanivores" සහ "beaumangeur" යන නම් යෝජනා කළේය.[14]

මෙහි ප්‍රථම වෙළුමට, ජෝජ් බර්නාඩ් ශෝගෙන් (George Bernard Shaw) ඇතුළුව පිළිතුරු ලිපි සියයකට අධික සංඛ්‍යාවක් ලැබුණි.[15] ශෝ මෙම ලිපිය කියවීමෙන් අනතුරුව බිත්තර සහ කිරි දෙකම අත්හැරියේය. නව වීගන් සමිතිය එහි පළමු රැස්වීම නොවැම්බර් මස මුල, ඩොනල්ඩ් වොට්සන්, එල්සි බී. ශ්‍රිග්ලි, ෆේ කේ. හෙන්ඩසන්, ඇල්ෆ්‍රඩ් හැෆෙන්ඩෙන්, පෝල් ස්පෙන්සර්, බර්නාඩ් ඩ්‍රේක් සහ බාබරා මූර්ගේ සහභාගීත්වයෙන් ලන්ඩනයේ හොල්බර්ග්හි ඇටික් ක්ලබ්හි පැවතුනි.[16] ලෝක වීගන් දිනය සෑම නොවැම්බර් 1දාකම පැවැත්වෙන අතර (වීගන් සමාජයේ ආරම්භය සනිටුහන් කරමින්), නොවැම්බර් මාසය ලෝක වීගන් මාසය ලෙස හැඳින්වේ.

photograph of Moore in 1961
බාබරා මුවර් වීගන් සමිතියේ පළමු රැස්වීමට නිරීක්ෂකයෙකු ලෙස සහභාගී විය. [17]

1945 නොවැම්බර් වන විට, "The Vegan News" නම "The Vegan" බවට වෙනස්විය.[18] ඒ වන විට ඔවුන්ට සිටි දායක පිරිස 500කි. මෙම සඟරාවේ වීගන් ආහාර වට්ටෝරු සහ සත්ව අමුද්‍රව්‍යවලින් තොර දන්තාලේප, සපත්තු පොලිෂ්, කාර්යාල ද්‍රව්‍ය සහ මැලියම් වැනි දෑ අඩංගු "වීගන් වෙළඳ ලැයිස්තුවක්" අඩංගු විය.[19] ෆේ. කේ. හෙන්ඩර්සන්ගේ "Vegan Recipes" සහ කැත්ලීන් වී. මායෝගේ "Aids to a Vegan Diet for Children" ඇතුළු ග්‍රන්ථද එළිදැක්විණි.[20]

ආහාර වේලට සත්ව නිෂ්පාදන හෝ අමුද්‍රව්‍ය එකතු කරගැනීම පමණක් නොව, කිසිදු කාර්යක් සඳහා සතුන් යොදානොගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කරන බවට "The Vegan Society" කල් නොයවාම තහවුරු කළේය. 1947දී වොට්සන් මෙසේ ලීවේය: "වීගන්වරු, මිනිසාට මෙන්ම හැඟීම් දැනීම් ඇති අය වන අනෙක් සතුන් විනාශ කිරීමෙන් තමන් යැපීම මිත්‍යාවක් යැයි ප්‍රතික්ෂේප කරති..." 1948 පටන් "The Vegan"හි මුල් පිටුවේ "සූරාකෑමෙන් තොරව ජීවත්වීම වෙනුවෙන් පෙනීසිටීම" ලෙස සඳහන් විය. 1951දී, මෙම සමාජය වීගන්වාදය "සතුන් සූරාකෑමකින් තොරව මිනිසා ජීවත්විය යුතුය යන මූලධර්මය" ලෙසට අර්ථකථනය කළේය. 1956දී එහි උපසභාපති ලෙස්ලි ක්‍රොස් "Plantmilk Society" නිර්මාණය කළේය. 1965දී, ඔවුන් "Plantmilk Ltd" (පසුව "Plamil Foods") ලෙසින් බටහිර ලෝකය පුරා පුළුල් ලෙස බෙදා හැරුණු සෝයා කිරි විශේෂයක් නිෂ්පාදනය කිරීම ආරම්භ කරන ලදි.

ඇමෙරිකාවේ ප්‍රථම වීගන් සමාජය කැතරින් නිමෝ (Catherine Nimmo) සහ රුබින් අබ්‍රාමෝවිට්ස් (Rubin Abramowitz) විසින් 1948දී කැලිෆෝනියාවේ ස්ථාපනය කරන ලදි.[21] ඔවුන් මෙහිදී වොට්සන්ගේ ලිපි බෙදාහරින ලදි. 1960 දී එච්. ජේ ඩින්ශාහ් (H. Jay Dinshah) විසින්, සංස්කෘතෙහි එන "අහිම්සාව", එනම් අහිංසාව අනුව යමින් "American Vegan Society" නිර්මාණය කළේය.[22] ජොවෑන් ස්ටෙපනියාක්ට (Joanne Stepaniak) අනුව, "vegan" යන පදය 1962දී පළමු වරට "Oxford Illustrated Dictionary" හි පළවූ අතර එහිදී "බටර්, බිත්තර, චීස්, හෝ කිරි පරිභෝජනය නොකරන නිර්මාංශිකයා" ලෙසට එම පදය අර්ථකථනය කළේය.[23]

උනන්දුව වැඩිවීම[සංස්කරණය]

විකල්ප ආහාර පෙරමුණ[සංස්කරණය]

1960 සහ 1970 ගණන්වල, ආහාර රටාව, පරිසරය සහ ආහාර නිෂ්පාදකයින් කෙරෙහි තිබූ අවිශ්වාසය පාදක කොටගෙන ඇමෙරිකාවේ නිර්මාණය වුනු ප්‍රති සංස්කෘතියේ කොටසක් ලෙසට එම කාලයේදී නිර්මාංශ ආහාර පෙරමුණක් ඇතිවිය. මෙහි ප්‍රතිඵලය වූයේ කාබනික වගාව කෙරෙහි උනන්දුව ඉහළ යාමයි.[24][25] එකල ෆ්‍රැන්සස් මූර් ලැපේගේ (Frances Moore Lappe) "Diet for a Small Planet" (1971)ට විශේෂ තැනක් හිමිවිය. මෙහි පිටපත් මිලියන තුනකට අධික ප්‍රමාණයක් විකිණුනු අතර "ආහාර දාමයේ මුදුනෙන් බැසයාම" මෙහි යෝජනා කෙරිනි.[26]

බටහිර ආහාර රටාවේ වැනි, සත්ව මේදය හා සත්ව ප්‍රෝටීන මත පදනම් වූ ආහාර සෞඛ්‍යට අහිතකර බව තර්ක ඉදිරිපත් වීමට මූලික වුනු පර්යේෂණ කිහිපයක්ම මීළඟ දශකය තුළ ඩීන් ඕනිෂ්, කැඩ්වෙල් එසෙල්ස්ටයින්, නීල් ඩී. බර්නාඩ්, ජෝන් ඒ. මැක්ඩගල්, මයිකල් ග්‍රෙගර් වැනි වෛද්‍යවරුන්, ජෛව රසායන විද්‍යාඥ ටී. කොලින් කැම්බෙල් (T. Colin Campbell) සහ තවත් විද්‍යාඥයන්ගේ සහභාගීත්වයෙන් සිදුවුනි.[27] මැක්ඩගල්ගේ "The McDougall Plan" (1983), මස් අනුභවය පරිසර හානිය සමඟ එක්කළ ජෝන් රොබින්ගේ "Diet for a New America" (1987) සහ වෛද්‍ය ඩීන් ඕනිෂ්ගේ "Program for Reversing Heart Disease" (1990) ඇතුළු නිර්මාංශ ආහාර රටා නිර්දේශ කරන පොත් පෙළක්ම ඔවුහු රචනය කළේය.[28] 2003දී උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන ආහාරවේදී සංගම් දෙකක් මනාව සැලසුම් කළ වීගන් ආහාර වේල් ජීවිතයේ ඕනෑම අවධියක අයෙකුට සුදුසු බව කියා සිටියේය. පසුව නිර්මාණය වුනු "Earthlings" (2005) සහ "Forks over Knives" (2011) යන චිත්‍රපටිවල සහ කැම්බෙල්ගේ "The China Study" (2005), රෝරි ෆ්‍රීඩ්මෑන් සහ කිම් බානුයින්ගේ "Skinny Bitch" (2005) සහ ජොනතන් සැෆ්‍රාන් ෆෝයර්ගේ "Eating Animals" වැනි ග්‍රන්ථවල මෙම කාරණය ඉස්මතු කළේය.[29]

1980 ගණන්වල වීගන් සත්ව ආහාරවලින් තොරවීම පන්ක් උප සංස්කෘතිය හා මතවාද සමඟ සම්බන්ධ විය (විශේෂයෙන් ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ). මෙය, යුරෝපයේ "Fluff Fest" වැනි අවස්ථා ඔස්සේ 21වන සියවස දක්වාම ව්‍යාප්ත විය.

ප්‍රධාන ධාරාව[සංස්කරණය]

වීගන් ආහාරවේල 2010,[30] විශේෂයෙන් 2010 අගභාගය වන විට ප්‍රධාන ධාරාවේ වස්තු විෂයක් විය. "The Economist" පුවත්පත 2019 වසර "the year of the vegan" ලෙස නම් කළේය. යුරෝපියානු පාර්ලිමේන්තුව 2015 පටන් බල පැවැත්වෙන පරිදි, 2010දී ආහාර ලේබල සඳහා වීගන් යන්න අර්ථකථනය කළේය.[31] ආපනශාලා ඔවුන්ගේ මෙනූපත්වල වීගන් ආහාර ඇතුළත් කළ අතර සුපිරි වෙළඳසැල්වල වෙනම වීගන් තෝරාගැනීම් ඇතුළත් විය.[32]

ලෝක වෙළඳපොළෙහි ශාකවලින් සැකසූ කෘතිම මස්වල අලෙවිය 2005 සිට 2010 කාලය ඇතුළත 18%කින් ඉහළ ගොස් ඇත. ඇමෙරිකාවේ 2012 සිට 2015 කාලය ඇතුළත එහි ඉහළයාම 8%කිනි, වාර්ෂික අළෙවිය ඩොලර් මිලියන 553ක් දක්වා. ශාකවලින් සැකසූ කෘතිම මාංශ සඳහා ලොව පළමු හඳුනාගත් නිර්මාංශ මස් වෙළඳසැල "The Vegetarian Butcher (De Vegetarische Slager)" 2010දී නෙදර්ලන්තයේ විවෘත විය. ඇමෙරිකාවේ පළමු නිර්මාංශ මස් වෙළඳසැල, "The Herbivorous Butcher" 2016දී විවෘත විය. 2017 සිට, 12500කට අධික අවන්හල් දාම "Beyond Meat" සහ "Impossible Foods" සැපයුම ආරම්භ කර ඇත. "Carl's Jr." අවන්හල් "Beyond Burgers" සහ "Burger King" අවන්හල් "Impossible Whoppers" සපයයි. පහුගිය වසර දෙකෙහි ඇමෙරිකාවේ මෙම කෘතීම මාංශ අලෙවිය 37%කින් ඉහළ ගොස් ඇත.

2017 දී, එක්සත් ජනපදය පාසල් පෝෂණ සංගමය රට පුරා පාසල් දිස්ත්රික්ක 14% සේවය කරමින් සොයා සත්ත්ව ද්රව්ය වලින් තොර පාසල් ආහාර 2016 දී සත්ත්ව ද්රව්ය වලින් තොර දිවා ආහාරය ඉදිරිපත් පාසල් 11.5% කින් ද, බ්රසීලය ද, ලොව බොහෝ පෙදෙස්වල සිදු වෙනසක් පිළිබිඹු කරමින් සහ එංගලන්තය.

2016 වන විට, ඇමෙරිකානුවන්ගෙන් 49% පමණ ශාක අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත කිරි (plant milk) පානය කළහ. 91% තවමත් සත්ව කිරි පානය කළහ. එක්සත් ජනපදයේ, පහුගිය අවුරුදු දෙක තුළ plant milk අලෙවිය 155%කින් ඉහළ ගියේය (2011, ලීටර මිලියන 36ක අලෙවිය 2013 වන විට, ලීටර් මිලියන 92ක් දක්වා ඉහළ ගියේය). එක්සත් ජනපදයේ නව වීගන් නිෂ්පාදනවල අලෙවිය 2012-2016 කාලය තුළ 185%කින් ඉහළ ගියේය. 2011දී, යුරෝපයේ ප්‍රථම යුරෝපයේ පළමු වීගන් සුපිරි වෙළඳසැල් නිර්මාණය විය: ඩෝට්මන්හි (Dortmund) "Vegilicious" සහ බර්ලින්හි (Berlin) "Veganz".

2017දී, වීගන්වාදය චීනයේ සහ හොංකොංවල ජනප්‍රිය විය (විශේෂයෙන්ම නවක පරම්පරාව අතර). චීනයේ වීගන් වෙළඳපොළ 2015 සිට 2020 දක්වා වූ කාලය තුළ 17%ට ඉහළ ප්‍රතිශතයකින් ඉහළ යාමට නියමිතය. මෙය මේ සම්බන්දයෙන් එම කාලය තුළ ලොව ඉහළම වර්ධන ප්‍රතිශතය ලෙස හැඳින්වේ. එක්සත් අරාබි රාජ්‍යයේ එම ප්‍රතිශතය 10.6%ක් වන අතර ඕස්ට්‍රේලියාවේ එය 9.6%කි. 2016 වන විට ලොව වීගන් ආහාර රටාවක් පිළිපදින වැඩිම ජනතාවක් සිටින්නේ ආසියා පැසිෆික් කලාපයේ වේ. 2013 ජර්මනියේ "The Oktoberfest in Munich"හි (සම්ප්‍රදායිකව මස් ආහාර බහුලවම පිළියෙල කරන අවස්ථාවක්) වීගන් ආහාර සැපයුවේය. මෙය එම උත්සවයේ වසර 200ක ඉතිහාසය තුළ වීගන් ආහාර ලබාදුන් ප්‍රථම අවස්ථාව විය.

2018දී, ජැසී රීස්ගේ (Jacy Reese), "The End of Animal Farming" හි දැක්වුනේ 2100වන විට වීගන් ආහාර විසින් සත්ව පාදක ආහාර සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරන බවයි. මෙම ග්‍රන්ථය "The Guardian", "The New Republic" සහ "Forbes" වැනි පුවත්පත්වල පළවිණි.[33]

photograph of Veganz storefront
යුරෝපයේ පළමු වීගන් සුපිරි වෙළඳසැල වන බර්ලින්හි වේගාන්ස්

වීගන්වාදය, රට අනුව[සංස්කරණය]

  •  Australia : 2015 මැද සිට 2016 මැද දක්වා කාලය තුළ "vegan" යන පදය "Google"හි වැඩිම වාර ගණනක් සෙවූ රට ඕස්ට්‍රේලියාව විය. "A Euromonitor International" අධ්‍යයනය පෙන්වා සිටියේ, ඇසුරුම් කරන ලද වීගන් ආහාර සඳහා ඕස්ට්‍රේලියාවේ වෙළඳපොළ 2015 සිට 2020 කාලය තුළ 9.6%කින් ඉහළයන බවයි. මෙවිට ඕස්ට්‍රේලියාව, චීනය හා එක්සත් අරාබිය පසුපසට එමින් තුන්වැනියට ඉහළම වීගන් වෙළඳපොළක් ඇති රට බවට පත්වේ. [34]
  •  Austria : 2013දී කුරියර් (Kurier) අනුමාන කළේ ඔස්ට්‍රියානුවන්ගෙන් 0.5%ක් පමණ වීගන්වාදය අනුගමනය කළ බවත්, අගනගරය වන වියෙනා "Vienna"හි එම ප්‍රතිශතය 0.7%ක් වූ බවත්ය.[35]
  •  Belgium : 2016දී "iVOX" අන්තර්ජාලය හරහා කෙරුනු සමීක්ෂණයෙන් අනාවරණය වූයේ ෆ්ලැන්ඩර්ස් (Flanders) සහ බ්‍රස්ල්ස් (Brussels) හි වයස 18 හෝ ඊට වැඩි ලන්දේසී (Dutch) භාෂාව කතාකරන තෝරගත් දහසක් වූ පිරිසෙන් 0.3% වීගන් අය බවයි.[36]
  •  Canada : 2018දී සමීක්ෂණයකින් අනාවරණය වූයේ වැඩිහිටි කැනේඩියානුවන්ගෙන් 2.1%ක්ම තමුන්ව වීගන්වාදියෙක් ලෙස හඳුන්වාදුන් බවයි.[37]
  •  Germany :2016 වන විට ජර්මනියේ වීගන් ආහාර රටාවක් අනුගමනය කරන ප්‍රතිශතය මුළු ජනගහනයෙන් 0.1% හා 1% අතර දෝලනයක් පෙන්විය. (මිනිසුන් 81000-810000) [38]
  •  India : 2005-06 ජාතික සෞඛ්‍ය සමීක්ෂණයෙන් හෙළිවූයේ, සමීක්ෂණයට සහභාගී වූ අයගෙන් 1.6%ක් පමණ මස් මාංශ ආහාරයට නොගත් බවයි. ගුජරාටයේ (Gujarat) හා මහාරාශ්ට්‍රයේ (Maharashtra) එම ප්‍රතිශතයන් පිළිවෙලින් 4.9%ක් හා 4.0%ක් විය.[39]
  •  ISR : 2014 දී ඊශ්‍රායලයේ මුළු ජනගහනයෙන් 5% (~300000 ජනතාව)ක් කියා සිටියේ ඔවුන් වීගන්වාදය අනුගමනය කරන බවයි. එම නිසා ප්‍රතිශතයක් වශයෙන් ලොව ඉහළම වීගන් ජනතාවක් සිටින රට ඊශ්‍රායලය වේ. 2015 දී "Globes" සහ ඊශ්‍රායලයේ "Channel 2 News" එක්ව කරන ලද සමීක්ෂණයකින් මෙය තහවුරු විය. ඉශ්‍රායලේ අරාබිවරුන් අතර වීගන්වාදය ඉහළ ගියේය. ඉශ්‍රායල් හමුදාව විසින් 2015 සිට වීගන් සොල්දාදුවන් සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කළ ලෙදර් නොවන බූට් සපත්තු සහ වූල් නොයෙදූ බෙරෙට්ටු ඇතුළු විශේෂ සැපයුම් ලබාදීම ආරම්භ කළේය.[40] තවද යුදෙව්වන්ගේ, ආහාර පිළියෙල කිරීමේදී කිරි සහ මාංශ එක් නොවිය යුතු යන මතයටද වීගන්වාදයෙන් සහයක් ලැබේ.
  •  Italy :2015 වන විට, සමස්ත ඉතාලි ජනගහනයෙන් 0.6% සහ 3% අතර ප්‍රතිශතයක් වීගන්වාදය අනුගමනය කළේය.[41]
  •  Netherlands : 2018දී "the Dutch Society of Veganism" (Nederlandse Vereniging voor Veganisme), ඔවුන්ගේ සාමාජිකත්ව ලැයිස්තුවේ ඉහළ යාම සැළකිල්ලට ගනිමින් අනුමාන කළේ ලන්දේසි වීගන්වරු සංඛ්‍යාව 100000කට අධික බවයි (මුළු ජනගහනයෙන් 0.59%).[42]
  •  Romania : රොමේනියාවේ ඕතඩොක්ස් පල්ලියේ අනුගාමිකයන් ඔවුන්ගේ පල්ලියේ දින දර්ශනයට අනුව විවිධ කාල වකවානුවල උපවාස කරයි (fasting). රොමේනියාවේ ඕතඩොක්ස් සම්ප්‍රදායට අනුව, එම උපවාසය අතරතුර කාලයේ ඔවුනු කිසිදු සත්ව අමුද්‍රව්‍ය යෙදූ ආහාරයක් නොකයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වීගන් ආහාර මෙරට අවන්හල්වල බහුල වේ. නමුත් ජීවන රටාවේ කොටසක් ලෙස පූර්ණ කාලීනව නිර්මාංශව සිටීම රොමේනියානුවන්ට හුරුදැයි ස්ථිරව ප්‍රකාශ කළ නොහැක. [43]
  •  Sweden : 2014 "Demoskop" මත විමසුමේදී 4%ක්ම කියාසිටියේ ඔවුන් වීගන්වරු බවයි.[44]
  •  Switzerland : 2017 දී "DemoSCOPE" අනුමාන කළේ මුළු ජනගහනයෙන් 3%ක් පමණ වීගන් බවයි.
  •  United Kingdom :ටෝෆු සහ කෘතිම මාංශවල වෙළඳපොළ යූරෝ මිලියන 786.5ක්ව පැවති 2012දී රජයේ සමීක්ෂණයකින් හෙළි වූයේ මුළු ජනගහනයෙන් 2%ක් පමණ වීගන් බවයි. 2016දී, "The Vegan Society" විසින් එංගලන්තයේ, ස්කොට්ලන්තයේ සහ වේල්සයේ වයස 15 හෝ ඊට වැඩි 10000ක් පමණ දෙනාගෙන් දත්ත එකතුකොට මෙහෙයවූ සමීක්ෂණයෙන් හෙළිවූයේ 1.05% පමණ දෙනා වීගන් බවයි. "The Vegan Society" අනුමාන කරන්නේ එක්සත් ජනපදයේ 542000ක් පමණ දෙනා වීගන් ආහාර රටාවක් අනුගමනය කරන බවයි. 2018දී "Comparethemarket.com" විසින් මෙහෙයවූ සමීක්ෂණයෙන් හෙළි වූයේ එක්සත් ජනපදයේ වීගන් ජනගහනය 3.5 මිලියනය ද ඉක්මවා ඇති බවයි (මෙය මුළු ජනගහනයෙන් 7%කි). පරිසර සාධකය මෙයට සෑහෙන දුරට බලපා ඇත. කෙසේනමුත් මෙම එකවර ඉහළ යාම මතභේදයට තුඩුදුන් නිසා "The Vegan Society" විසින් 2018 යළි සිදුකළ සමීක්ෂණයේදී හෙළිවූයේ මහා බ්‍රිතාන්‍යයේ වීගන් ජනගහනය 600000 බවයි. 2020දී එරට අධිකරණ තීන්දුවකින් කියා සිටියේ 2010 සමානතා පනතට (Equality Act 2010) අනුව සදාචාරාත්මක වීගන්වාදය නීතියේ ආරක්ෂාව සහිත විශ්වාසයක් බවයි, එනම් සේවා යෝජකයන්ට ඔවුන්ට වෙනස් ආකාරයෙන් සැළකිය නොහැකි බවයි.[45]
  •  United States : එක්සත් ජනපදයේ ඇමෙරිකාවේ වීගන් ජනගහනය 2%කත් 0.5%ත් අතර දෝලනය විය. "Faunalytics,2014"ට අනුව, වීගන් ආහාරවේලක් ඇරඹූ අයගෙන් 70%ක්ම එය අතහැර දමා ඇත. කෙසේනමුත්, "Top Trends in Prepared Foods 2017"හි අනුමානය වන්නේ ඇමෙරිකානු පාරිභෝගිකයන්ගෙන් 6%ක් පමණ වීගන් බවයි. (2014දී එය 1%ක් පමණක් විය)

සත්ව නිෂ්පාදන[සංස්කරණය]

photograph of aisle in Veganz
බර්ලින්හි වීගන් සුපිරි වෙළඳසැලක් වන වේගාන්ස් හි ව්‍යාජ මස්

පොදු[සංස්කරණය]

වීගන්වරුන්, ගව, සූකර, කුකුළු, කුරුලු, මාලු හෝ වෙනත් මස්, බිත්තර, කිරි හෝ සත්ව නිෂ්පාදන කිසිවක් පරිභෝජනය නොකරයි. ආහාරයට පමණක් වීගන්වාදය ඇතුළත් කළ අය, ලෙදර්, වූල් හෝ සිල්ක්, හෝ සබන් වැනි නිෂ්පාදන භාවිතා කරයි. සදාචාරාත්මක වීගන්වරු තම ප්‍රතිපත්ති ආහාර රටාවට පමණක් සීමා නොකොට සත්ව අමුද්‍රව්‍ය යොදාගත් ඇඳුම් පැළදුම් පවා ප්‍රතික්ෂේප කරති, එනම් ඔවුහු සතුන් වෙළඳ භාණ්ඩීකරණය කිරීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරති. "සෑමවිටකම කිසිදු සත්ව භාවිතයක් සිදු නොකර සිටීම ප්‍රායෝගිකව කිරීමට අපහසු දෙයක් යන අවබෝධය සහිත වුවත්", "The British Vegan Society"ය කිසියම් නිෂ්පාදනයක් සහතික කරනු ලබන්නේ එය පුලුවන් උපරිමයේම සත්ව භාවිතයකින් තොර වුවොත් පමණි (සතුන් භාවිතා කොට පරික්ෂා කිරීමෙන් තොර වීමෙන්ද ඇතුළුව). ඉහත දැක්වූ ලෙසට ප්‍රායෝගික නම්‍යශීලී බවක් පෙන්වීමට අවශ්‍යතාවයක් කැපී පෙනීමට මුල් වූයේ 2016දී අලුතින් හඳුන්වා දුන් £5 නෝට්ටුවේ සත්ව මේදය (tallow) අඩංගු වීමයි.[46]

විවිධ බෙහෙත් සම්බන්ධ ගැටලුවද, මෙහිදී විශේෂ අවධානයක් දිනාගෙන ඇත. මේවා බෙහෙත් ලබාදෙන වේල් වශයෙන්ම සතුන් යොදා ඒවායේ ඵලදායිබව සහ ආරක්ෂිතබව පරික්ෂා කරනු ලබන අතර, ඇතැම්විට ලැක්ටෝස්, ජෙලටීන් සහ ස්ටීරේට වැනි අමුද්‍රව්‍ය පවා නිෂ්පාදන ක්‍රියාවලියේදී යොදාගනු ලැබේ. ඇතැම්විට මෙම බෙහෙත්වලට විකල්ප සොයාගත නොහැකිවන අතර, එවැන්නක් සොයාගත්තද, එහි ආරක්ෂිතබව, ඵලදායිබව හෝ අතුරු ආබාධ වැනි ගැටලු ඇති වේ. විද්‍යාගාර සතුන් යොදා මෙලෙස පරීක්ෂණ කිරීම, විවිධ එන්නත්, ආහාර රසකාරක, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, ගෘහාශ්‍රිත රසායනික ද්‍රව්‍ය, සේවා ස්ථානවල රසායනික ද්‍රව්‍ය, සහ තවත් බොහෝ දෑ පිළිබඳව තීරණ ගැනීම වෙනුවෙන් සිදුකරයි. දාර්ශනිකයෙකු වන ගැරී ස්ටයිනර් (Gary Steiner) තර්ක කරන්නේ සම්පූර්ණයෙන්ම වීගන්වන එක කළ නොහැක්කක් බවයි, මන්ද සත්ව භාවිතය හා නිෂ්පාදන "ගැඹුරින් හා ඉතාම සියුම් ලෙසින් මිනිස් සමාජය නම් සලුවට විවී ඇති බැවිනි". පොදු භාවිතයේ ඇති සත්ව නිෂ්පාදන අතර බිත්තර සුදුමදය (albumen), allantoin, මී ඉටි (beeswax), රුධිරය, bone char, bone china, carmine (රතු සායම් විශේෂයක්), casein, castoreum, cochineal, elastin, emu oil, gelatin, මී පැණි, isinglass, කෙරටීන්, ලැක්ටික් අම්ලය, lanolin, lard, rennet, retinol, shellac, squalene, tallow (sodium tallowate අඩංගු), whey සහ yellow grease වේ. මේවායින් සමහර රසායනික සංයෝග සත්ව නිෂ්පාදන, පැලෑටි හෝ ඛනිජ රසායනවලින් ව්‍යුත්පන්න කරගත හැක. උදාහරණයක් වශයෙන්, allantoin, ලැක්ටික් අම්ලය, retinol සහ squalene වීගන් ලෙස නිෂ්පාදනය කළ හැක. මෙම නිෂ්පාදන සහ ඒවායේ නිෂ්පාදන ක්‍රියාවලිය, සෑමවිටකම අඩංගු ද්‍රව්‍යන්හි සඳහන් කරන්නේ නැත. එළවළු පවා වගාවේදී සත්ව පොහොර යොදාගත හැක. නමුත් වීගන්වාදයට අනුව නිෂ්පාදනය කරන්නේ නම් යොදාගත හැක්කේ ශාක පොහොර පමණි. ඇතැම් වීගන්වරු වූල් කබා, සිල්ක් ලේන්සු, හම් සපත්තු, පාත්ත පිහාටු ඇතුළු කළ කොට්ට සහ මෙට්ට, මුතු ආභරණ, සිප්පි කටු, සාමාන්‍ය සත්ව මේදය යෙදූ සබන් හෝ සත්ව අමුද්‍රව්‍ය සහිත රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතය ප්‍රතික්ෂේප කරති. ඔවුන් ඇතැම් එන්නත් පවා ප්‍රතික්ෂේප කරති ,උදාහරණයක් වශයෙන් කුකුළු බිත්තර තුළ වගාකරනු ලබන උණ එන්නත දැක්විය හැක. මෙයට විකල්පයක් ලෙස යොදාගන්නා "Flublok" එන්නත, මෙම හේතුව නිසාම එකසත් ජනපදයේ බහුලය. ඔවුන් වීගන් වීමට පෙර, භාවිතා කළ වීගන් නොවන භාණ්ඩ හා නිෂ්පාදන මොවුන් පුණ්‍යායතනවලට ලබාදේ. ඇතැම් වීගන් රෙදිපිළි ඛනිජතෙල් ආශ්‍රිත අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කොට ඇත. මෙය ආන්දෝලනයට ලක්වී ඇත්තේ මෙහිදී සිදුවන පරිසර හානිය හේතුවෙනි.

මස්, බිත්තර සහ කිරි[සංස්කරණය]

photograph of farm hens in battery cages
කර්මාන්තශාලා ගොවිතැනේ නවීන ක්‍රම බොහෝ සත්ත්ව ආහාර වලින් තොර අය විසින් සලකනු ලැබේ.

නිර්මාංශිකයන් මෙන් බොහෝ වීගන්වරු නවීන කර්මාන්ත ගොවිපළ ක්‍රම දැඩිව සදාචාරාත්මක නොවන බවට තර්ක කරති. වීගන් පුද්ගලයෙකු හා නිර්මාංශවාදියෙකු අතර ප්‍රධාන වෙනස වන්නේ වීගන් පුද්ගලයා කිරි නිෂ්පාදන සහ බිත්තර ප්‍රතික්ෂේප කිරීමයි. ඔවුන් එලෙස කිරි නිෂ්පාදන සහ බිත්තර ප්‍රතික්ෂේප කරන්නේ ඒවායේ නිෂ්පාදන ක්‍රියාවලියේදී සතුන්ට වේදනාවක් හිමිවන බවත් නොමේරූ මරන සිදුවන බවත් යන පදනමේ සිටයි. බිත්තර නිෂ්පාදනයේදී, අලුත ඉපදෙන කුකුල් පැටවුන් වෙනම තෝරා මරා දමනු ලබන්නේ ඔවුන් බිත්තර නොදමන නිසයි. කිරි එළදෙනුන්ගෙන් කිරි ලබා ගැනීමේදී, කිරි එරීමට පෙළඹවීමක් වශයෙන් ඔවුන් ගැබ්බර කරනු ලැබේ; මෙලෙස ඔවුන්ගෙන් වසර තුනත් හතත් අතර කාලයක් කිරි ලබාගෙන මරාදමනු ලැබේ. ගැහැණු පැටවුන් උපතින් පැය 24ක් ඇතුළත මව්වරුන්ගෙන් වෙන්කළ හැකි අතර, මිනිස් පරිභෝජනය සඳහා එළදෙනගේ කිරි රඳවා තබා ගැනීම සඳහා ඔවුන්ව කිරි ආදේශකයකින් පෝෂණය කළ හැකිය. බොහෝ පිරිමි පැටවුන් උපතේදීම මරා දමනු හෝ මස් සඳහා ඇතිකරනු ලැබේ.[47][48]

ඇඳුම්[සංස්කරණය]

වීගන්වරු, සේද, වූල් (lambswool, shearling, cashmere, angora, mohair සහ තවත් වූල් වර්ග කිහිපයක්ම), ලොම්, පිහාටු, මුතු, ඩයි වර්ග, ලෙදර්, සර්ප සම් සහ අනෙකුත් සත්ව නිෂ්පාදන අඩංගු ඇඳුම් ඇඳීම ප්‍රතික්ෂේප කරයි. බොහෝ විට ලෙදර් නිෂ්පාදනය කරනු ලබන්නේ ගව සමිනි. වීගන්වරු ලෙදර් පැළඳීම සළකනු ලබන්නේ ගව මස් වෙළඳාමට සහය පළ කිරීමක් ලෙසයි. ඔවුන් කංසා (hemp), ලිනන්, කපු, කැන්වස්, පොලි-එස්ටර්, ව්‍යාජ ලෙදර් (pleather - plastic leather), රබර් සහ වයිනයිල් වැනි දේ වලින් නිර්මාණය කළ ඇඳුම් පැළදුම් භාවිතා කරයි. කිරළ (cork), piña (අන්නාසිවල), පතොක්, සහ හතු ලෙදර් ඔවුන් ලෙදර් වෙනුවට ආදේශක ලෙස භාවිතා කරයි.[49]

පෞද්ගලික අයිතම[සංස්කරණය]

photograph of vegan soap bar
ඔලිව් තෙල් වලින් සාදන ලද වීගන් සබන් ; සබන් සාමාන්‍යයෙන් සෑදී ඇත්තේ උස (සත්ව මේදය) වලින්.

වීගන්වරු පෞද්ගලික අයිතම සහ ගෘහාශ්‍රිත පිරිසිදුකාරක ද්‍රව වැනි දේද වීගන් නිෂ්පාදනවලින් ප්‍රතිස්ථාපනය කරති (උදාහරණයක් වශයෙන් දත් පිරිසිදු කිරීමට උණ කෙඳි ලබාගැනීම වශයෙන්). සත්ව නිෂ්පාදන මේවාට සාපේක්ෂව මිළෙන් අඩු වේ. මීට හේතුව වන්නේ මසට සතුන් මැරීමෙන් අනතුරුව ඉතිරි වන ද්‍රව්‍ය විදැහුම්කරණ ක්‍රියාවලියකින් අනතුරුව මෙම නිෂ්පාදනවලට යොදාගැනීමයි.

පොදු සත්ව අමුද්‍රව්‍ය අතර, සබන්වල යොදාගන්නා සත්ව මේදය (tallow); බොහෝ කේෂාලංකරණ ද්‍රව්‍ය, ක්‍රීම් වර්ග, සබන් හා දන්තාලේප වර්ගවල ලිහිසි ද්‍රව්‍යක් ලෙස යොදාගන්නා කොලැජන්වලින් ව්‍යුත්පන්න කළ ග්ලිසරීන්; නිරන්තරයෙන්ම තොල් ආලේපන සහ ක්‍රීම් වර්ගවල භාවිතා කරනු ලබන බැටළු වූල්වලින් ලබාගන්නා ලැනොලින්; ෂැම්පු වර්ග සහ ක්‍රීම් වර්ගවල බහුලව යොදාගන්නා ස්ටියරික් අම්ලය (ග්ලිසරීන් ශාකවලින් ලබාගත හැකිවුවද ස්ටියරික් අම්ල සාමාන්‍යයෙන් බහුලව සත්ව අමුද්‍රව්‍යවලින් ලබාගනී); ක්‍රීම්වර්ගවල බහුලව යොදාගන්නා, සත්ව කිරිවලින් ලබාගන්නා ඇල්ෆා-හයිඩ්‍රොක්සි අම්ලයක් වන ලැක්ටික් අම්ලය; ෂැම්පු, ක්‍රීම් සහ දන්තාලේපවල භාවිතාවන, comfrey පැළෑටියෙන් හෝ ගව මූත්‍රාවලින් ලැබෙන ඇලන්ටොයින්; රතු හා රෝස පැහැති සායම් නිර්මාණය කිරීමට යොදාගන්නා, ගැහැනු කොචිනියල් (cochineal) කෘමීන් වැනි කෘමීන්ගෙන් නිෂ්පාදනය කරනු ලබන කා‍ර්මීන් (carmine) වේ.[50]

1959දී සොයාගනු ලැබූ "Beauty Without Cruelty" පුණ්‍යායතනය, සත්ව හිංසනයෙන් තොර නිෂ්පාදන තහවුරු කළ මුල්ම ආයතනයක් විය. වර්තමානයේ අන්තර්ජාතික සමාගම් කිහිපයක්ම මෙම වෙළඳ ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලැබේ.[51]

කෘමි නිෂ්පාදන[සංස්කරණය]

වීගන්වරු කෘමි නිෂ්පාදන සමග එකඟ නොවෙති. "The Vegan Society"වත්, "The American Vegan Society"වත් මී පැණි, සේද රෙදි (silk) හෝ අනෙකුත් කෘමි නිෂ්පාදන වීගන් අය සඳහා නිර්දේශ නොකරති. ඇතැම් වීගන්වරුන්ගේ මතය වන්නේ මී මැස්සන්ගෙන් වැඩගෙන ඔවුන්ගේ ශ්‍රමය නෙළාගැනීම සදාචාරාත්මක නොවන බවයි, මෙම ක්‍රියාවලියේදී මී මැස්සන් මියයාමට වුනත් හැකිවීම මීට හේතුවයි. කෘමි නිෂ්පාදන විශාල පරාසයකින් අර්ථකථනය කළ හැකියි. (වෙළඳ අරමුණු සඳහා ඇතිකරනු ලබන මී මැස්සන් එකිනෙකට වෙනස් ආහාර බෝග 100ක් පමණ පරාගණය කිරීමට යොදාගනී.)[52]

සුරතල් ආහාර[සංස්කරණය]

මස් පදනම් කරගත් සුරතල් සතුන්ගේ ආහාර සිදුකරන පාරිසරික බලපෑම, සහ ඒවා වීගන්වරුන්ට ඇතිකරන සදාචාරාත්මක බලපෑම නිසා ඇතැම් වීගන්වරු තම සුරතල් සතුන්ගේ ආහාරයටද මෙම දර්ශනය දිගුකරති. පූසන්, සහ බල්ලන් සම්බන්දයෙන් මෙය ගැටලුවක් නොවන්නේ පෝෂ්‍ය පදාර්ථවලින් පරිපූර්ණ "Vegepet" වැනි වීගන් සත්ව ආහාර වෙළඳපොළේ බහුල නිසයි. මෙම පිළිවෙත අවධානයටත් ආන්දෝලනයටත් ලක්වෙන්නේ පූසන් වැනි සතුන් ස්වභාවයෙන්ම මාංශභක්ෂක නිසයි. කෙසේනමුත් පෝෂ්‍යපදාර්ථයෙන් සපිරි වීගන් සත්ව ආහාර මස් පදනම් වූ සත්ව ආහාර සමඟ සැසඳිය හැකියි. 2015හි කරන ලද සමීක්ෂණයකින් හෙළිවූයේ සෑම වීගන් සුරතල් සතුන්ගේ ආහාර වෙළඳ නාම 24කින්ම 6ක් "Association of American Feed Control Officials (AAFCO) අවශ්‍ය යැයි නියම කරන සුදුසුකම් සපුරන්නේ නැති බවයි. (ඔවුන්ගේ මිනුම ඇමයිනො අම්ල ප්‍රමාණවත්ද යන්න සම්බන්දයෙනි).[53]

වෙනත් නිෂ්පාදන[සංස්කරණය]

වැදගත් කරුණක් වන්නේ effective ලදායී හා ආරක්ෂිතද යන්න තහවුරු කර ගැනීම සඳහා සතුන් මත නිරන්තරයෙන් පරීක්ෂා කරනු ලබන ෂධ, සහ ලැක්ටෝස්, ජෙලටින් හෝ ස්ටීරේට් වැනි සත්ව අමුද්‍රව්‍යද අඩංගු විය හැකිය. නියමිත ෂධ සඳහා විකල්පයක් නොතිබිය හැකිය හෝ මෙම විකල්ප නුසුදුසු, අඩු effective ලදායී හෝ වඩා අහිතකර අතුරු ආබාධ ඇති විය හැකිය. එන්නත්, ආහාර ආකලන, ආලේපන, ගෘහස්ථ නිෂ්පාදන, සේවා ස්ථානවල රසායනික ද්‍රව්‍ය සහ තවත් බොහෝ ද්‍රව්‍යවල ආරක්ෂාව තක්සේරු කිරීම සඳහා රසායනාගාර සතුන් සමඟ අත්හදා බැලීම් ද යොදා ගනී. සත්ත්ව ආහාර වලින් තොර අය සමහර එන්නත් වලින් වැළකී සිටිය හැකිය; උදාහරණයක් ලෙස උණ එන්නත සාමාන්‍යයෙන් කිකිළියන්ගේ බිත්තරවල වගා කෙරේ. විකල්ප විකල්පයක් වන ෆ්ලබ්ලොක් එක්සත් ජනපදය තුළ බහුලව තිබේ.

පලතුරු සහ එළවළු, කාබනික ගොවිපල වලින් පවා බොහෝ විට සත්ව පොහොර පොහොර ලෙස භාවිතා කරයි. මෙම පොහොර කර්මාන්තශාලා ගොවිපල වලින් මිලදී ගත හැකි අතර සදාචාරාත්මක හෝ පාරිසරික හේතූන් මත සත්ත්ව ආහාර වලින් තොර අයට අදාළ විය හැකිය. "වීගන්" එළවළු භාවිතා කරන්නේ ශාක කොම්පෝස්ට් පමණි. [54]

වීගන් ආහාර රටාව[සංස්කරණය]

වීගන් ආහාර රටාව, ධාන්‍ය සහ අනෙකුත් බීජ වර්ග, රනිල කුලයට අයත් බෝග (විශේෂයෙන් බෝංචි), පලතුරු, එළවළු, ආහාරයට ගතහැකි හතුවර්ග, සහ නට් වර්ග මත පදනම් වේ.

photograph of tofu with sauce
සුදුළූනු සෝස් සමඟ උණුසුම් ටෝෆු (සෝයා බෝංචි)

සෝයා[සංස්කරණය]

සෝයාබෝංචි මත පදනම් වූ මස් රහිත නිෂ්පාදන (ටෝෆු/tofu වැනි), හෝ තිරිඟු පිටි මත පදනම් වූ සෙයිටන් (seitan), ශාක ප්‍රෝටීනවල ප්‍රභවයන් වන අතර, නිර්මාංශ සොසේජස්, mince සහ බර්ගර්වල අඩංගුකරවයි. ඒවා බොහෝවිට පරිභෝජනය කරනු ලබන්නේ සෝයා කිරි සහ ටෝෆු (bean curd) ආකාරයට වන අතර, එනම් එය සෝයා කිරි සහ කැටි අතර මිශ්‍රණයකි. ටෝෆු විවිධ වයනයන්ගෙන් පැමිණේ. ජල අන්තර්ගතය මත පදනම්ව, ඉස්ටූවක් හෝ බැදුමක් සඳහා නම් දැඩි, මධ්‍යමව දැඩි හා ඉතා දැඩිවද, සලාද හෝ අතුරුපස හෝ පාන සඳහා නම් මෘදු හෝ සිල්ක් ලෙසද මෙය පිසිය හැක. තවද සෝයා ටෙම්පෙ ලෙසද "Textured Vegetable Protein (TVP)" ලෙසද (මෙය TSP-Textured Soya Protein ලෙසද හඳුන්වයි). පස්තා සෝස්වර්ග සෑදීමේදී දෙවනුවට සඳහන් කළ කාණ්ඩය බහුලව යොදාගැනේ.[55]

ශාක කිරි, චීස් සහ මෙයොනයිස්[සංස්කරණය]

සෝයා කිරි, ආමන්ඩ් කිරි, කජු කිරි (cashew milk), ධාන්‍ය කිරි (ඕට් කිරි, හණ කිරි සහ සහල් කිරි), කංසා කිරි (hemp milk), සහ පොල් කිරි වැනි ශාක කිරිවර්ග එළකිරි හෝ එළුකිරිවලට ආදේශක ලෙස පරිභෝජනය කළ හැක. සෝයා කිරි කෝප්පයක (250 ml හෝ 8 fl oz) අඩංගු ප්‍රෝටීන ප්‍රමාණය 7 g (1/4 oz) වේ. එළකිරි කෝප්පයක එය 8 g (2/7 oz) වේ. ආමන්ඩ් කිරිවල ශක්තිය, කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන ප්‍රමාණය අඩු ය. මව්කිරි වෙනුවට සෝයාකිරි යොදාගැනීම නුසුදුසුය. මව්කිරි ලබාදීමට නොහැකි බිළිඳන්ට සාමාන්‍යයෙන් එළිකිරි හෝ සෝයාකිරි මත පදනම් වූ කිරි සංයෝගයක් නියම කරනු ලැබේ. මෙලෙස සෝයා කිරි පදනම් කරගන්නා සංයෝගය SBIF (Soy-Based Infant Formula) ලෙස හැඳින්වේ. [56] [57]

බටර් සහ මාජරින් වෙනුවට විකල්ප වීගන් නිෂ්පාදන යොදාගත හැක. වීගන් චීස් නිෂ්පාදනය කරනු ලබන්නේ තල හෝ සූරියකාන්ත වැනි ඇටවර්ග; පයින්, ආමන්ඩ් සහ කජු වැනි නට් වර්ග; සහ සෝයා බෝංචි, පොල්තෙල්, පෝෂණ යීස්ට් (nutritional yeast), tapioca, සහ සහල් වැනි අමුද්‍රව්‍යවලිනි. සාමාන්‍ය චීස්වල දියවීම අනුකරණය කිරීමට වීගන් චීස්වලටද හැක. පෝෂණ යීස්ට්, වීගන් චීස් වට්ටෝරුවල පොදු ආදේශකයකි. චීස් ආදේශක කජුවර්ග සහ ඇටවර්ග යොදාගනිමන් නිවසේම පිළියෙළ කළ හැක.[58]

බිත්තර වෙනුවට ආදේශ කිරීම[සංස්කරණය]

ටෝෆු බිත්තර ආදේශකයක් ලෙස භාවිතා කළ හැකිය

ටෝෆු, බිත්තර වෙනුවටද ආදේශකයක් ලෙස භාවිතා කළ හැකිය. 2019 වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ, බිත්තර වෙනුවට නොයෙකුත් වීගන් ආදේශක වෙළඳපොළේ දක්නට ලැබිණි. බේකිං පව්ඩර්, මෘදු කළ ටෝෆු, පොඩිකළ අල, කෙසෙල්, හණ ඇට, සහ කඩල වලින් සැදූ aquafaba ද බිත්තර වෙනුවට ආදේශ කළ හැකිය.[59][60]

අමුවෙන් පිසින වීගන් ආහාර[සංස්කරණය]

මෙම ආහාර සංකල්පය , වීගන්වාදය සහ අමුවට පිසින ආහාර එකට එකතුකරමින් නිර්මාණය වී ඇත. සත්ව අමුද්‍රව්‍ය සහිත ආහාර හා 48°C ට ඉහළ උෂ්ණත්වයක පිසින ලද ආහාර මෙම වර්ගීකරණයට ඇතුළත් නොවේ. අමු ගතියට පිසින ලද ආහාර වේලක එළවළු, පලතුරු, නට් වර්ග, ඇට වර්ග, රනිල බෝග, ධාන්‍ය වර්ග, සහ මුහුදු එළවළු අඩංගු විය හැක. මෙම ආහාර රටාව විවිධ වෙනස්කම් ඇතුවද ගොඩනැගිය හැක (උදා:-fruitarianism).[61]

පෝෂ්‍ය පදාර්ථ[සංස්කරණය]

ප්‍රෝටීන[සංස්කරණය]

photograph rice-and-beans dish
සහල් සහ බෝංචි යනු වීගන් ප්‍රෝටීන් සංයෝගයකි .

බෝංචි සහ බත් පොදු වීගන් ප්‍රෝටීන් සංයෝජනයකි. ප්‍රෝටීන තැනී ඇත්තේ ඇමයිනො අම්ලවලිනි. වීගන්වරු තමන්ට අවශ්‍ය ප්‍රෝටීන ලබාගන්නේ ශාකාහාරවලිනි. සර්ව භක්ෂකයින් තම ප්‍රෝටීනවලින් තුනෙන් එකක් එලෙස ලබාගන්නා අතර ovo-lacto vegetarians (එනම් බිත්තර සහ කිරි ආහාරයට ගන්නා නිර්මාංශිකයන්) ප්‍රෝටීනවලින් අඩක් ලබාගනිති. සෝයා බෝංචි, ග්‍රීන්පීස්, පීනට් සහ black beans වැනි රනිල බෝග; දුඹුරු සහල්, ඉරිඟු, quinoa, බාර්ලි, bulgur සහ තිරිඟු වැනි ධාන්‍ය වර්ග; නට් වර්ග සහ අනෙක් ඇට වර්ග ශාක ප්‍රෝටීන ප්‍රභවයන් වේ. සියලුම අත්‍යවශ්‍ය ඇමයිනො අම්ල ප්‍රතිශතය ඉහළ ආහාර සංයෝජන අතර, බෝංචි සහ බත්, බෝංචි සහ ඉරිඟු, hummus සහ whole wheat pita.[62]

සෝයා බෝංචි සහ quinoa ප්‍රෝටීනවලින් පූර්ණ, එනම් මිනිසාට අවශ්‍ය වන තරමට හෝ එම ප්‍රමාණය ඉක්මවා යන තරමට ප්‍රෝටීන සමන්විත ආහාර ලෙස හැඳින්විය හැක. "Mangels et al." සඳහන් කරන ආකාරයට, නිර්දේශිත ප්‍රෝටීන ප්‍රමාණය (Recommended Dietary Allowance- RDA) එනම්, ශරීර ස්කන්ධයෙන් 0.8 g/kg හෝ 12gr/ibක් සෝයා ආකාරයෙන් පරිභෝජනය කරන්නේ නම් එය ජීව විද්‍යාත්මක ඇමයිනෝ අම්ල අවශ්‍යතාවය පිරිමහන බවයි. 2012දී, "the United States Department of Agriculture" කියා සිටියේ සෝයා ප්‍රොටීන් (ටෝෆු) "the National School Lunch Program"හි මස් ප්‍රෝටීන වෙනුවට ආදේශ කළ හැකි බවයි.[63]

"The American Dietetic Association" 2009දී කියා සිටියේ දවසක් ඇතුළත විවිධ වූ ශාකාහාර එකතුවක් පරිභෝජනය කරන්නේ නම්, නිරෝගී මිනිසෙකුට දිනකදී අවශ්‍ය සියලුම ප්‍රෝටීන අවශ්‍යතා එයින් සපිරෙන බවයි, එනම් එවැනි ආහාර රටාවකදී අමුතුවෙන්ම කියා අමතර ප්‍රෝටීන පරිභෝජනයක් අවශ්‍ය නොවන බවයි. "Mangels et al. ලියා සිටින්නේ වීගන්වරුන්ට කුඩා හේතු මත ප්‍රෝටීන පරිභෝජනය ඉහළ නැංවීමට උපදෙස් දෙන බවයි, එනම් වැඩිහිටියන්ට නම් RDAහි 25%ක (1 g/kg හෝ 15gr/Ib ශරීර ස්කන්ධයක් සඳහා) පමණ ඉහළ නැංවීමකි.[64][65]

විටමින් බී 12[සංස්කරණය]

photograph of food in caption
පිසූ දුඹුරු සහල් සමඟ "tahini miso soup", turnip අල, squash (සුකිනි, බටානා, වට්ටක්කා,...), රාබු වර්ග සහ නෝරි (ආහාරයට ගන්නා මුහුදු පැළෑටි විශේෂයක්)

විටමින් B12 යනු සෛල විභාජනයට, රතු රුධිරාණු නිෂ්පාදනයට හා ඒවායේ මේරීමට, DNA සංශ්ලේෂණයට, සහ ස්නායු ක්‍රියාකාරීත්වයට අවශ්‍ය බැක්ටීරීය නිෂ්පාදනයකි. මේවායේ ඌනතාවයක්, ප්‍රතිකාර නොකළොත් මරණයට තුඩු දිය හැකි megaloblastic anemia සහ ස්නායුවලට හානිකර තත්වයක් ගෙනදිය හැක. නිර්මාංශ ආහාර වේලක ඇති ඉහළ ෆොලැසීන් (folacin) අන්තර්ගතය විටමින් B12 ඌනතාවයේ රක්තපාත රෝග ලක්ෂණ වසං කළ හැකි, එහි ප්‍රතිඵලයක් ලෙස ස්නායු රෝගවල, රෝගී තත්වය ආපසු හැරවිය නොහැකි, ස්නායු මනෝචිකිත්සක අසාමාන්‍යතා (neuropsychiatric abnormalities), ස්නායු රෝග, ඩිමෙන්ශියාව සහ ඉඳහිට දෘෂ්ටි ස්නායු ක්ෂයවීම වැනි අවසාන අවධියේ ලක්ෂණ පෙන්වන තුරුම රෝගය හඳුනාගැනීමට නොහැකි වනු ඇත.වීගන්වරුන්ට ඇතැම්විට ප්‍රමාණවත් තරම් විටමින් B12 ලබාගැනීමට නොහැකි වේ. මීට හේතුව බාහිරින් පෝෂ්‍ය පදාර්ථ එකතු නොකළ ආහාර (non-fortified foods) අතර සත්ව සම්භවයක් ඇති ආහාරවල පමණක් ප්‍රමාණවත් තරම් විටමින් B12 අඩංගු වීමයි. මේවායේ හොඳම ප්‍රභවය වමාරා කන සතුන්ගෙන් සැදූ ආහාරයි (ruminant food). විවිධ රෝගවලින් පෙළෙන නිර්මාංශ මහලු අයටද සැළකිය යුතු අවදානමක් ඇත. 2013දී කරනු ලැබූ අධ්‍යයනයකින් සොයාගනු ලැබුවේ "ජන විකාශන ලක්ෂණ, පදිංචි ස්ථානය, වයස හෝ හුරුව ඇති නිර්මාංශ ආහාර රටාවෙන් ස්වායත්තව, නිර්මාංශවාදීන් විටමින් B12 ක්ෂයවීම හා ඌනතාවයට ලක්වීමේ ඉඩකඩ ඇති බවයි. වීගන්වරු මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බව, එනම් තම විටමින් B12 අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා අවධානය යොමු කළ යුතු බවත්"ය.

ස්වභාවධර්මයේ විටමින් B12 නිපදවෙන්නේ ඇතැම් බැක්ටීරියා සහ archaea මඟින් පමණි; ඒවා සතුන්, දිලීර හෝ ශාක මඟින් නිපදවෙන්නේ නැත. ඒවා මිනිසාගේ සහ ඇතැම් සතුන්ගේ බඩවැල්වල බැක්ටීරියාවක් මඟින් සංශ්ලේෂණය වේ. මිනිසාට ඔවුන්ගේම බඩවැල්වල නිපදවෙන විටමින් B12 උරාගත නොහැක. මීට හේතුව මෙලෙස විටමින් B12 නිපදවෙන colonය, ඒවා උරාගැනීම සිදුවන කුඩා අන්ත්‍රයෙන් ඈත පිහිටීමයි. ගවයින්, එළුවන් වැනි වමාරා කන සතුන් ඔවුන් තුළ සැදෙන විටමින් B12 උරාගනිති.

සතුන් විටමින් B12 ගබඩා කරගන්නේ අක්මාවේ සහ පේශිවලයි. සමහර සතුන්ගේ මෙලෙස ගබඩා කරගත් විටමින් B12 තම බිත්තර සහ කිරිවලට යැවේ. මෙවිට මේවා විටමින් B12 ප්‍රභවයන් වේ.[66][67]

නෝරි, ටෙම්පෙ සහ පෝෂණ යීස්ට් විටමින් B12 ප්‍රභවයන් බවට යෝජනා වී ඇත. 2016දී, "the Academy of Nutrition and Dietetics" කියා සිටියේ නෝරි, පැසවූ ආහාර (ටෙම්පෙ වැනි), spirulina, chlorella algae, හෝ අමුතුවෙන් පෝෂ්‍ය පදාර්ථ එක් නොකළ පෝෂණ යීස්ට් අවශ්‍ය තරමටම විටමින් B12 අඩංගුවන පෝෂ්‍ය ප්‍රභව නොවන බවත්, වීගන්වරු දිනපතා විටමින් B12 අමතරව එක්කළ ආහාර හෝ පෝෂණ අතිරේක ගත යුතු බවත්ය. එසේ නොකළහොත් විටමින් B12 ඌනතාවයක් වර්ධනය විය හැකි බව, වීගන් ළදරුවන්, දරුවන් සහ වැඩිහිටියන් සම්බන්ධ අධ්‍යයනවලින් පසු ඔවුන් අනතුරු හඟවති.[68]

විටමින් B12 බහුලව නිෂ්පාදනය කෙරෙන්නේ විවිධ බැක්ටීරියා කර්මාන්ත පැසවීමෙනි, මෙහිදී cyanocobalaminහි විවිධ ස්වරූප නිපදවේ. මෙය තවදුරටත් සකසා පෝෂණ අතිරේකවලට යොදාගන්නා අමුද්‍රව්‍ය නිපදවනු ලැබේ.[69] 2017 වන විට මේ සඳහා බහුලව යොදාගත්තේ "Pseudomonas denitrificans" බැක්ටීරියාවයි. සුක්‍රෝස්, යීස්ට් සහ ලෝහ ලවණ කිහිපයකින් සමන්විත වූ මාධ්‍යයක වගා කෙරෙන මෙහි ඵලදායිතාව ඉහළ නැංවීමට බීට් සීනි දියරය හෝ ඇතැම් දුලභ අවස්ථාවලදී choline යොදාගනු ලැබේ. විටමින් B12 අතිරේකවල ඇතැම් වෙළඳනාම වීගන් බවට සහතික කොට ඇත.[70]

කැල්සියම්[සංස්කරණය]

photograph of various vegan cheeses
වීගන් චීස්

නිරෝගී අස්ථිවලට සහ පේශි ක්‍රියාවලිය, සනාල හැකිළීම (vascular contraction) සහ රුධිර සෛල පුළුල් වීම (vasodilation), අන්තර් සෛලීය සංඥා හුවමාරු කරගැනීමට සහ හෝමෝන ස්‍රාවයට කැල්සියම් වැදගත් වේ. ශරීරයේ කැල්සියම්වලින් 99%ක්ම ගබඩා වී ඇත්තේ දත්වල හා අස්ථිවලයි. පෝෂක එක්කළ ශාක කිරි, අතුගෝවා (kale), collard සහ අමු සුදුළූණු කැල්සියම් බහුල ආහාර වේ.[71]

1993දී ආරම්භ වී 2007දී නිකුත් කළ "The European Prospective Investigation into Cancer and Nutrition" හි "Oxford" සාමූහිකය මත පදනම් වූ වාර්තාවේ දැක්වෙන්නේ වීගන් අයගේ ආහාරවල අඩු කැල්සියම් ප්‍රතිශතය නිසා හුදෙක් නිර්මාංශිකයන් හෝ මස් අනුභව කරන්නන්ට වඩා මොවුන් අස්ථි බිඳීම්වලට ලක්වීමේ සම්භාවිතාව ඉහළ බවයි. පසුව කී අයට සමාන සම්භාවිතාවක් ලබාගැනීමට නම් වීගන්වරු දිනකට 525mg වත් කැල්සියම් ලබාගතයුතු බවයි. 2009 අධ්‍යයනයකින් හෙළි වූයේ වීගන් අයගේ අස්ථිවල ඛනිජ ලවණ ඝනත්වය (bone mineral density-BMD), මස් සහ ශාකාහාර දෙජාතියම ආහාරයට ගන්නා අයගේ එම ප්‍රතිශතයෙන් 94%ක් බවයි, නමුත් මෙම වෙනස සායනික වශයෙන් වැදගත් නොවන බව සළකන ලදි.[72]

විටමින් D[සංස්කරණය]

කැල්සියම් උරාගැනීම, අස්ථි ඛනිජකරණය සක්‍රීය කිරීම සහ අස්ථි වර්ධනය වැනි ක්‍රියාවලි සඳහා විටමින් D හෙවත් කැල්සිෆෙරොල් (calciferol) අවශ්‍ය වේ. විටමින් D නැතිවිට අස්ථි තුනී හා අස්ථාවර විය හැකිය; කැල්සියම් සමඟ එකව විටමින් D, ඔස්ටියෝපොරෝසිස් තත්වයට එරෙහිව සිරුර ආරක්ෂා කරයි. සූර්යාගෙන් ලැබෙන පාරජම්බුල කිරණ සිරුරේ ගැටෙන මොහොතේදී විටමින් D නිපදවේ; මෙයට එළිමහනේ සිටීම අවශ්‍ය වන්නේ UVB (Ultra Violet B) කිරණ වීදුරු විනිවිද නොයාමයි. සැමන්, ටූනා, මැකරල් සහ කොඩ් මාළුන්ගෙ අක්මාවෙන් ලබාගන්නා තෙල්වල සැළකිය යුතු ප්‍රමාණයෙන්ද, චීස්, බිත්තර කහමදයේ, ගව අක්මාවේ හා ඇතැම් හතුවර්ගවල සුළු වශයෙන්ද අඩංගු වේ.[73]

බොහෝ වීගන් ආහාර වේල්වල, පෝෂක එකතුකළ ආහාර නොමැති විට විටමින් D ඇත්තේ ඉතාම සුළු වශයෙනි. බොහෝ විට විටමින් D අඩංගු නොවේ. එම නිසා හිරු එළියට අඩුවෙන් නිරාවරණය වන අයට අතිරේක විටමින් D ලබාගැනීමට සිදුවේ. සමය, දවසේ වෙලාව, වලාකුළු සහ මීදුම තත්වය, සමේ මෙලනීන් පරාසය සහ හිරු එළියෙන් ආරක්ෂා වීමට සමේ ආලේපනයක් ගල්වා ඇද්ද යන්න වැනි කරුණු මත හිරු එළියට නිරාවරණය වන ප්‍රමාණය තීරණය වේ. "National Institutes of Health"ට අනුව, වසන්තයේත්, ගිම්හානයේත්, සරත් සෘතුවේත් (උතුරු ප්‍රදේශවල පවා) හිරු එළියෙන් අවශ්‍ය විටමින් D ප්‍රමාණය ලබාගත හැක. ඔවුන් නිර්දේශ කරන්නේ ආලේපනයක් ගැල්වීමෙන් තොරව අඩුම තරමේ සතියකට දෙවරක්වත්, පෙරවරු 10ත් පස්වරු 3ත් අතර විනාඩ් 5-30 අතර කාලයක් හිරු එළියේ සිටිය යුතු බවයි.[74][75]

විටමින් D දෙයාකාරයකින් දක්නට ලැබේ. Cholecalciferol (විටමින් D3) හිරුඑළියට සම නිරාවරණය වූ විට හෝ ආහාරයෙන් ලබාගත්විට (සාමාන්‍යයෙන් සත්ව ආහාරවලින්) සංශ්ලේෂණය වේ. Ergocalciferol (විටමින් D2), පාරජම්බුල කිරණට නිරාවරණය වූ හතුවර්ග හෝ යීස්ට් වලින් ලැබෙන ergosterol වලින් ව්‍යුත්පන්න වන අතර මෙය වීගන්වරුන්ට ගැළපේ. පෝෂණ අතිරේකයක් වශයෙන් කාර්මිකව නිෂ්පාදනය කරන විට විටමින් D3 ව්‍යුත්පන්න කරගනු ලබන්නේ බැටළු වූල්වල ලිනොලින් (linolin) වලිනි. කෙසේනමුත්, විටමින් D2 හා විටමින් D3 හා ප්‍රෝවිටමින් යන දෙජාතියම දිලීර විශේෂයක් වන "Cladonia spp." (විශේෂයෙන්ම "Cladonia rangiferina") හි තිබෙන බවට අනාවරණය කරගෙන ඇති අතර ආහාරයට ගතහැකි මෙම ලයිකන වීගන් විටමින් D3 කාර්මිකව නිෂ්පාදනය කිරීම සඳහා ස්වාභාවික පරිසරයෙන් නෙළාගනී. කෙසේනමුත් එකිනෙකට පරස්පර විරෝධී ඇතැම් අධ්‍යයන හෙළිකරන්නේ විටමින් D3 හා විටමින් D2 ජෛවීය වශයෙන් සමාන නොවන බවයි. "Institute of Medicine" හි පරයේෂකයන් පෙන්වා දෙන අන්දමට විටමින් D3 හා විටමින් D2 හි වෙනස්කම් පරිවෘත්තීය ක්‍රියාවලිවලට බල නොපාන අතර, දෙවර්ගයම ප්‍රෝහෝමෝන (prohormones) ලෙස ක්‍රියාකරන අතර, ක්‍රියාකාරී වූ විට ශරීරයේ සමාන ලක්ෂණ පෙන්නුම් කරයි.[76]

යකඩ[සංස්කරණය]

photograph of food in caption
බ්ලූබෙරීස්, ඕස්ට් ආමන්ඩ් සහ ආමන්ඩ් කිරි සමග oatmeal ; ක්ෂණික ඕට් මස් පැකට්ටුවක 8.2 ක් අඩංගු වේ   mg (1/8gr) යකඩ.

ඇතැම්විට වීගන්වරුන්ගේ සින්ක් හා යකඩ ප්‍රතිශතයද අවධානයට ලක්විය යුතු වන්නේ මෙම ඛනිජ ලවණ ජෛවීයව අඩංගුවන්නේ සීමාසහිතව නිසයි. ශාක ආහාරවල අඩංගුවන ඛනිජ ලවණ සාන්ද්‍රනය අවධානයට යොමු වන කාරණයක් වන්නේ එළවළු ආහාර වේලකින් ලැබෙන යකඩ ප්‍රතිශතය 5%-15% අතර අගයක් වන නිසයි. (මස් මාංශ අඩංගු ආහාර වේලක නම් මෙය 18%කි). යකඩ ඌනතාවයෙන් ඇතිවන රක්තහීනතාවය දෙපාර්ශවයෙන්ම එකලෙසටම වාර්තා වන අතර, නිර්මාංශිකයන්ගේ යකඩ ප්‍රතිශතය අඩුය.[77]

ශාක ප්‍රභවවල යකඩ ප්‍රතිශතය අඩු නිසා, "The Food and Nutrition Board of the National Academy of Sciences" විසින් නිර්මාංශ පිරිමි සහ ආර්තවහරණයෙන් පසුවන කාන්තාවන් සඳහා 14 mg (1/4 gr)ක සහ oral contraceptives භාවිතා නොකරන ඔසප්වන කාන්තාවන් සඳහා 33mg (1/2gr) ලෙසට වෙනම PDAවක් නිර්මාණය කොට ඇත. යකඩ අතිරේක ගැනීමේදී සෑමවිටම වෛද්‍ය උපදෙස් පිළිපැදීමට කියා සිටින්නේ යකඩ සිරුරේ විවිධ අවයවවල තැන්පත් විය හැකි නිසයි. Hemochromatosis තත්වයෙන් පෙළෙන සෑමදෙනා සඳහාම මෙය සත්‍ය වන්නේ, මෙය හඳුනාගත නොහැකි තත්වයේ පැවතිය හැකි රෝගී තත්වයක් නිසයි.[78]

සෝයාබෝංචි, blackstrap molasses, කලු බෝංචි, lentils, කඩල, නිවිති, ටෙම්පෙ, ටෝෆු සහ lima beans යකඩ බහුල වීගන් ආහාර වේ. ආහාරයෙ අඩංගු යකඩවල අවශෝෂණය ඉහළ නංවාගැනීමට නම් විටමින් C අතිරේකයක් (මල් ගෝවා කෝප්ප භාගයක් හෝ දොඩම් යුෂ අවුන්ස පහක් වැනි) ඒ හා සමාන්තරව ආහාරයට එකතු කර ගැනීම සුදුසු වේ. කෝපි ,ඇතැම් ශාකසාර තේ හා කහ, එනසාල්, මිරිස් හෝ සියඹලා වැනි tannin අඩංගු කුළු බඩු මඟින් යකඩ අවශෝෂණය වැළැක්විය හැකියි.[79]

Omega-3 මේද අම්ල, අයඩින්[සංස්කරණය]

වෝල්නට්ස්, ඇටවර්ග, සහ කැනෝලා තෙල් හෝ හනතෙල් වැනි එළවළු තෙල් වර්ගවල Alpha Linolic Acid (ALA) (omega-3 මේද අම්ලයක්) සොයාගත හැක. EPA සහ DHA, අනෙකුත් ප්‍රාථමික omega-3 මේද අම්ල වර්ග අඩංගු වන්නේ සත්ව ආහාර හා ඇල්ගීවල පමණි. ලුණු අයඩීනිකරණය කරනු ලබන්නැති ප්‍රදේශවල, ලුණු අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයට අයඩිනීකරණය කරනු ලබන ප්‍රදේශවල හෝ බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය වැනි පසෙහි අඩු මට්ටම නිසා කිරි නිෂ්පාදන අයඩින් බෙදාහැරීම මත රඳා පවතින ප්‍රදේශවල මිනිසුන්ට අමතර අයඩින් අතිරේකයක් අවශ්‍ය විය හැක. වීගන් බහුවිටමින් අතිරේක හෝ kelp වැනි මුහුදු පැළෑටි දිනපතා පරිභෝජනය කිරීම මඟින් අයඩින් ලබාගත හැක.[80]

සෞඛ්‍යමය බලපෑම්[සංස්කරණය]

supermarket freezer stocked with packaged food
සුපිරි වෙළඳසැලක වීගන් නිෂ්පාදන ( Oceanside, California, 2014)

පරිවෘත්තීය සින්ඩ්‍රෝමයට එරෙහිව ආරක්ෂාවක් ලබාදිය හැකි වීගන් ආහාරවේල් පිළිබඳව ඇති දත්ත අසම්පූර්ණය. වීගන් ආහාරවේල් මඟින් බර අඩු කරගැනීම (විශේෂයෙන් කෙටි කාලයක් තුළ) වැනි දේ සිදුකළ හැක. වීගන් ආහාර රටාවක් අනුගමනය කරන්නෙකුට පිළිකාවන් වැළඳීමේ ඉඩකඩ ඉතා අඩු බවට ඇතැම් තාවකාලික සාක්ෂි පවතී. අධි රුධිර පීඩනය වැනි තත්වවලට වීගන් ආහාර රටාවෙන් වාසියක් නැත.

සියලුම සත්ව නිෂ්පාදන අතහැරීමෙන් විටමින් B12 සහ D, කැල්සියම් සහ omega-3 මේද අම්ලවල ඌනතාවයන් ඇතිවීමේ අවධානම ඉහළ යයි. 80% වීගන් අයට (අතිරේක විටමින් B12 ලබා නොගන්නා) විටමින් B12 ඌනතාවයන් ඇතිවේ. තවද, අස්ථිවල ඛනිජ ඝනත්වය අවශ්‍ය තරමට වඩා අඩු වීමේ අවදානමක්ද වීගන්වරුන්ට පවතියි. B12 ඌන වීමේ ප්‍රතිඵලය වන්නේ ස්නායු පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාවලිය අඩාල වීමයි.[81]

වෘත්තීය හා රජයේ සංගම්[සංස්කරණය]

"The American Academy of Nutrition and Dietetics" සහ "Dietitians of Canada" ප්‍රකාශ කර සිටින්නේ නියමාකාරයට සැලසුම් කළ වීගන් ආහාර වේලක් ජීවිතයේ ඕනෑම අදියරයක සිටින අයෙකුට සුදුසු බවයි (ගැබ්බර සමයේ සහ මව්කිරි ලබාදෙන සමයේද ඇතුළුව). ඔවුන් කියාසිටින්නේ ආහාර ගැනීමේ අක්‍රමිකතාවෙන් පෙළෙන නව යෞවනයන් අතර නිර්මාංශ ආහාර රටා පොදු බවත්, එනමුත් එම තේරීම රෝගයක් ඇතිවීමට වඩා එය වසං කිරීමට උපකාරී වන බවයි. The Australian National Health and Medical Research Council, New Zealand Ministry of Health, British National Health Service, British Nutrition Foundation, Dietitians Association of Australia, United States Department of Agriculture, Mayo Clinic, Canadian Pediatric Society සහ Heart and Stroke Foundation of Canada ද පවසන්නෙ හොඳින් සැලසුම් කළ වීගන් ආහාර වේලක් ඕනෑම වයසක අයෙකුට සුදුසු බවයි. The British National Health Service හි "Eatwell Plate" සහ United States Department of Agriculture හි "MyPlate" විසින් පූර්ණ වශයෙන් ශාකාහාර මත පදනම් වූ ආහාර වේලක් සපයයි. USDA විසින් "The National School Lunch Program" හි මස් වෙනුවට ටෝෆු සැපයීමට එකඟ වෙයි.[82]

The German Society for Nutrition, ළදරුවන්ට, කුඩා දරුවන්ට හෝ නව යෞවනයන්ට, හෝ ගර්භණී කාන්තාවන්ට හෝ කිරි දෙන මව්වරුන්ට නිර්දේශ නොකරයි. "Harvard Medical School" කියා සිටින්නේ, ශාක හා පැළෑටි මත පදනම් වූ ආහාර වේලක් පෝෂ්‍ය පදාර්ථ අතින් ප්‍රමාණවත් වනවා පමණක් නොව නිදන්ගත රෝග බොහෝමයක අවදානම අවම කරගැනීමට හේතු වන බවයි. එක්සත් ජනපදයේ විශාලතම සෞඛ්‍ය සංවිධානය වන "Kaiser Permanente" පවසා සිටින්නේ "පර්යේෂණ පෙන්වා දෙන්නේ ශාක හා පැලෑටි මත පදනම් වූ ආහාර වේලක් ශරීර ස්කන්ධ දර්ශකය, රුධිර පීඩනය, HbA1C සහ කොලෙස්ටෙරෝල් මට්ටම අඩුකළ හැකි පිරිවැය අතින් ලාභදායී අඩු අවදානමක් සහිත මැදිහත්වීමක් බවයි. තවද මෙවැනි ආහාර වේලක්, නිදන්ගත රෝගවලට ප්‍රතිකාර කිරීමට අවශ්‍යවන වාර ගණන අවම කොට ischemic හදවත් රෝග ඇතිවිය හැකි සම්භාවිතාව අවම කරයි. The American Institute for Cancer Research පවසන්නේ විවිධාකාර නිර්මාංශ ආහාර වේල් සළකා බැලීමේදී වීගන් ආහාර වේල් පිළිකා තත්වවලට එරෙහිව සමස්තයක් වශයෙන් සිරුරට ආරක්ෂාවක් සපයන බවයි.[83]

ගර්භණී කාන්තාවන්, ළදරුවන් සහ කුඩා දරුවන්[සංස්කරණය]

The Academy of Nutrition and Dietetics සහ Dietitians of Canada පවසන්නේ මනාව සැලසුම් කළ නිර්මාංශ සහ වීගන් ආහාරවේල් "ගර්භණී කාන්තාවන්, කිරි දෙන මව්වරුන්, ළදරුවන්, කුඩා දරුවන්, නව යෞවනයන් සහ ක්‍රීඩකයන්" වැනි ඕනෑම කෙනෙකුට සුදුසු බවයි. නමුත් The German Society for Nutrition මේ සමඟ එකඟ නොවේ. The Canadian Pediatric Society හි ස්ථාවරය වන්නේ "ඇතැම් පෝෂ්‍ය පදාර්ථ කෙරෙහි හොඳින් අවධානය යොමු කොය හොඳින් සැලසුම් කළ නිර්මාංශ හෝ වීගන් ආහාර වේල් කළලයේ සිට යෞවන වියේ වර්ධනය දක්වා ඕනෑම අවධියකට නීරෝගී ආදේශකයක් වන බවයි. පෝෂ්‍ය පදාර්ථවලට හොඳ අවධානයක් ලබා දිය යුතු බව පැහැදිලියි, විශේෂයෙන්ම ප්‍රෝටීන්, විටමින් B12 සහ D, අත්‍යවශ්‍ය මේද අම්ල, යකඩ, සින්ක් සහ කැල්සියම ඒ අතර වේ."[84]

2015දී කරන ලද අධ්‍යයනයකට අනුව ගර්භණී සමය තුළ නිර්මාංශ හෝ වීගන් ආහාර රටා පිළිබඳ වාර්තා අවම වේ. මෙලෙස අහඹු ලෙස අධ්‍යයනයකින් හිඟ වීමෙන් අදහස් කළේ ආහාරයේ බලපෑම අවුල් සහගත සාධකවලින් වෙන්කර හඳුනාගත නොහැකි බවයි. සාරාංශයක් වශයෙන් එහි කියා සිටියේ "මෙම සීමාවන් අතරේ අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවලට නිසි අවධානයක් ලබා දෙන්නේ නම් වීගන් හෝ නිර්මාංශ ආහාර රටා ගර්භණී සමයේදී අනුගමනය කිරීම ආරක්ෂිත බවයි". කිරි දෙන සහ ගර්භණී කාන්තාවන්ට දෛනික විටමින් B12 හා විටමින් D (සූර්යාලෝකයට නිරාවරණය වීමේ අඩුවක් ඇත්නම්) අතිරේක අවශ්‍ය වේ. එක්තරා වෙනස් විචාරයකින් පැහැදිලි වූයේ ගර්භණී නිර්මාංශ කාන්තාවන්, ගර්භණී සාමාන්‍ය කාන්තාවන්ට වඩා අඩුවෙන් සින්ක් පරිභෝජනය කළ අතර දෙපාර්ශවයම අවශ්‍ය සින්ක් ප්‍රමාණය පරිභෝජනය නොකළ බවයි. කෙසේනමුත් මොවුන් දෙපාර්ශවයේම පටකවල සින්ක් ප්‍රතිශතයේ වෙනසක් හෝ උපත් ස්කන්ධයේ වෙනසක් හෝ වෙනත් වෙනසක් දක්නට නොලැබුණු බවයි.

දර්ශනය[සංස්කරණය]

සදාචාරාත්මක වීගන්වාදය[සංස්කරණය]

photograph of pigs in barn
Igs රන් මෙන්ම කුකුළු මස් හා ගවයින් ද බොහෝ විට ඔවුන්ගේ චලනය සීමා කර ඇත

සදාචාරාත්මක වීගන්වාදය, පදනම් වී ඇත්තේ විශේෂවාදයට එරෙහිවීම මතය, එනම් සත්වයෙකුගේ විශේෂය මත ඔවුන්ට වටිනාකමක් පැවරීමට එරෙහි වීම මතයි. උපයෝගිතා (utilitarianism), ආරක්ෂිතයාගේ ප්‍රවේශයද, සත්ව අයිතිවාසිකම් න්‍යාය තුළ ඇතුළත් වේ. සුරතල් සතුන් ලෙස සතුන් හදාවඩාගැනීම අවසන් කිරීමට යොමුවීම ඇතුළු මිනිසුන් නොවන සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින අහෝසිවාදයද (abolitionism) එයට ඇතුළත් වේ. පසුව සඳහන් කළ පාර්ශවය තර්ක කරන්නේ ආරක්ෂණවාදයෙන් සිදුවන්නේ සත්ව භාවිතය සදාචාරාත්මක ගැටලුවක් නොවන බව මහජනතාවට හැඟීම ඇතිකරවීම පමණක් බවයි ("happy meat" ස්ථාවරය).

වරක් ඔහූ සදාචාරාත්මක වීගන්වාදියෙකු වන්නේ ඇයි යන පැනයට, පළමූ වීගන් ක්‍රියාකාරිකයා සහ The Vegan Societyහි නිර්මාතෘ ඩොනල්ඩ් වොට්සන් පිළිතුරු දෙමින් කියා සිටියේ "විවෘත මනසක් ඇති, අවංක පුද්ගලයෙක්, කිසිවක් පිළිබඳව අවශ්‍ය තරම් වූ අධ්‍යයනයක් සිදුකරන්නේ නම්, ඒ සම්බන්දයෙන් වන සියලු විවේචනවලට සවන් දෙන්නේ නම් සහ ඔහුගේ මනසට එම අදහසට එරෙහි සියලු විවේචන සතුටුදායක ලෙස සපුරාලිය හැකි නම්, ඉක්මණින්ම හෝ පසුව හෝ කෲර සම්ප්‍රදායක් යැයි කෙනෙකු සිතන් ඉන්නා දෙයට ඇති ප්‍රතිරෝධය බැහැර කළ යුතුයි" (If an open-minded, honest person pursues a course long enough, and listens to all the criticisms, and in one's own mind can satisfactorily meet all the criticisms against that idea, sooner or later one's resistance against what one sees as evil tradition has to be discarded)යි යන්නයි. රුධිර ක්‍රීඩා පිළිබඳව ඔහු කියා සිටියේ "විනෝදයට සතුන් මරන්න නම් ඔවුන් අන්තෙටම ජරාජීර්ණ වූ අය විය යුතු බවයි". සතුන් ඡේදනය කිරීම හා පර්යේෂණ සහ අත්හදාබැලීම් සඳහා සතුන් යොදාගැනීම පිළිබඳව ඔහු කියා සිටියේ "මිනිසා විසින් මිනිසුන් හැර ලොව නිර්මාණය වූ අනෙක් නිර්මාණවලට එරෙහිව දියත් කළ දරුණුම ප්‍රහාරය" බවයි. ඔහු තවදුරටත් කියා සිටියේ "නැඟීමට අවශ්‍යම පඩියක් වන නිර්මාංශවාදය, මස් කෑමත්, වීගන් වීමත් අතර තවත් එක් පඩියක් පමණක්" බවයි.[85]

ඇලෙක්ස් හර්ශාෆ්ට් (Alex Hershaft), "Farm Animal Rights Movement and Holocaust Survivor"හි සම නිර්මාණකරු කියා සිටියේ ඔහු "සුන්දර, ප්‍රාණවත් හා අහිංසක සතෙකුගේ හිසට පහරදී ඔහුව කැබලි කපා එම කැබලි ඔහුගේම කට තුළට ගිල්වීම, සෑමවිටම මානසිකව දුකක් ගෙන දෙන කාරණයක් වූ බවයි", තවද නාසි සමූලඝාතන කාලයේ ඔහුගේ අත්දැකීම්, කර්මාන්ත ගොවිපළ, වෙන්දේසි අංගන සහ ඝාතකාගාරවල සතුන් පිළිබඳව අනුකම්පාවක් උපද්දවූ අතර ඔහු කියා සිටියේ "වැඩකට නැති භාණ්ඩයකට මෙන් සැළකුම් ලැබීම කොතරම් ඛේදනීයද යන්න" ඔහු වටහාගෙන සිටි බවයි.[86]

අහෝසිවාදියෙකු (abolitionist) වන නීතිය පිළිබඳ මහාචාර්ය ගැරී ෆ්‍රැන්චෝනී,තර්ක කරන්නේ හැඟීමක් සහිත කවර ජීවියෙකුට වුවද භාණ්ඩයක් ලෙසට සැළකුම් නොලැබීමට අයිතියක් තිබෙන බවයි, එමෙන්ම ඔහු කියා සිටින්නේ එලෙස සහජ සදාචාරයක් මිනිස් නොවන සතුන්ට ඇති බවට පිළිගැනීමේ මූලික අඩිය වීගන්වාදය පිළිගැනීම බවයි. දාර්ශනිකයෙකු සහ අයිතිවාසිකම් පිළිබඳව න්‍යායාචාර්‍යවරයෙකු වන ටොම් රේගන් කියා සිටින්නේ සතුන්ට විශ්වාස, ආශාවන්, මතකය සහ ක්‍රියාවක් මූලිකව ඇරඹීමේ කුසලතාවය ඇති බැවින් ඔවුන් "ජීවයේ වස්තු විෂයක්" (subjects-of-a-life) ලෙස සැළකිය යුතු බවයි. මෙම ජීවයේ වස්තු විෂයක් ලෙසට ඇති අයිතිය තවත් සදාචාරාත්මක න්‍යායවලින් ඉක්මවා යැවිය හැකි වුවත්, රේගන් තර්ක කරන්නේ, ගොවීන්ගේ සතුට, පහසුව සහ ආර්ථික අවශ්‍යතා ඒවාට අවශ්‍ය තරම් භාරයක් නොදෙන බවයි. උපයෝගිතාවාදියෙකු (utilitarian), ආරක්ෂාවාදියෙකු (protectionist) හා දාර්ශනිකයෙකු වන පීටර් සිංගර් තර්ක කරන්නේ තීරණ ගැනීමේදී සතුන්ගේ දුක් වේදනා විපාකයක් ලෙස ගණන් ගැනීමට අපොහොසත් වීම සම්බන්දයෙන් සදාචාරාත්මක හෝ තර්කානුකූල සාධාරණීකරණයක් නොමැති බවත් සතුන් මැරීම පැවැත්මට අත්‍යවශ්‍යම නම් පමණක් මිස බැහැර කළ යුතු බවත්ය. එය එසේ තිබියදීත් "සදාචාරාත්මක චින්තනය තත්වයන්ට සංවේදී විය හැකි" බවත්, "සුළු සුළු උල්ලංඝනයන් ගැන ඔහු එතරම් තැකීමක් නොකරන බවත්" ඔහු ලියයි.[87]

ආරක්ෂාවාදියෙකු වන බෲස් ෆ්‍රෙඩ්රික් (Bruce Friedrich) පවසන ආකාරයට දැඩි වීගන්වාදය ද සතුන් කෙරෙහි අයහපත් බලපෑමක් ඇතිකරයි. ඊට හේතුව ලෙසට ඔහු පවසන්නේ, එමඟින් පුද්ගලික පාරිශුද්ධත්වය කෙරෙහි මිස හැකි සෑම සත්ව නිෂ්පාදනයක්ම අත්හැරීම කෙරෙහි අවධානය යොමු නොවන නිසයි.[88] ෆ්‍රැන්චෝනීට මෙම තර්කය, මානව හිමිකම් උල්ලංඝනය කිරීම කිසි විටෙකත් තුරන් කළ නොහැකි බැවින් අප පාලනයේ පවතින අවස්ථාවලදී මානව හිමිකම් ආරක්ෂා කිරීම සිදු නොකළ යුතුය යන තර්කයට සමානය. කිසිවක සත්ව අමුද්‍රව්‍ය ඇත්තේද යන්න සපයන්නාගෙන් ඇසීමට නොහැකිවීමෙන්, සතුන්ගේ සදාචාරාත්මක අයිතිවාසිකම් පහසු නම් තෝරාගැනීමක් මෙහිදී අපි තරයේ කියා සිටිමු. එයින් ඔහු සාරාංශගත කරන්නේ ආරක්ෂාවාදීන්ගේ ස්ථාවර ඔවුන්ගේම ප්‍රතිවිපාකවාදී කොන්දේසි මත අසමත් වන බවයි.

දාර්ශනිකයෙකු වන වැල් ප්ලම්වුඩ් (Val Plumwood) කියා සිටින්නේ සදාචාරාත්මක වීගන්වාදය "සියුම්ව මිනිස් කේන්ද්‍රීය" වන බවයි. එය, ඇය "මානව/සොබාදහම ද්විත්වවාදය" ලෙස හඳුන්වන න්‍යායට උදාහරණයක් ලෙස ඇය ගෙනහැරපාන්නේ මෙහිදී මානව වර්ගයා සෙසු සොබාදහමෙන් වෙන් කර පෙන්වන නිසයි. සදාචාරාත්මක වීගන්වරු "පාරිසරික කාවැද්දීම"තේරුම්ගන්නවා වෙනුවට ඔවුන් සතුන්ව විශේෂ ආරක්ෂාවක් ලැබිය යුතුය යන කාණ්ඩයට එක්කරති. ඇය පවසන්නේ සත්ව ආහාර "පෝෂණ අවශ්‍යතා සඳහා මුළු පෘථිවියම සළකා බලන" අයෙකුට "අනවශ්‍ය නපුරක්" විය හැකි බව‍යි. කාර්මික සත්ව පාලනය ප්ලම්වුඩ් තරයේ ප්‍රතික්ෂේප කළ ඈ කියා සිටියේ එයට වඩා කුඩා පරිසර පද්ධතියක් සළකන අයෙකුට පූර්ණ වීගන්වාදියෙකු වීම ඉතාම අපහසු හෝ කිරීමට නොහැකි දෙයක් බවයි.[89]

ජෛව ආචාරධර්ම විද්‍යාවේ ප්‍රවීණයෙකු වන බෙන් මෙෆම් (Ben Mepham), ෆ්‍රැන්චෝනී සහ ගානර්ගේ "The Animal Rights Debate: Abolition or Regulation" පොත සම්බන්දයෙන් තම විවරණයේ පවසන්නේ "ආචාරධර්මවල ඉලක්කය "සියල්ල සළකා බලා" නිවැරදි දේ, හෝ හොඳම ක්‍රියා පිළිවෙත තෝරාගැනීම නම්, ඔතරම් ස්ථිර න්‍යාය පත්‍රයකට සීමා වීම සරල සහ ස්වයං මතභේදාත්මක නිගමනවලට විවෘත වන බවයි. හෝ, එය ෆාලි (Farlie) පවසන ආකාරයට, එය තාලයකට පවසනවා නම් "මෙයට එකම සදාචාරාත්මක විසඳුම වීගන්වාදය යැයි පැවසීම, දරුණුවට මඩ වූ පොකුණකට විශාල පිම්මක් ගන්නවා වැනිය". වීගන් ආහාර රටා නඩත්තු කිරීමට වෙනම කෘෂිකර්ම රටා නිර්මාණය කිරීම නිසා වන සතුන් කෙරෙහි ඇතිවන හානිකර බලපෑම, වනසතුන් පිළිබඳව නැතිව ගෘහාශ්‍රිත සතුන් පිළිබඳව පමණක් සදාචාරාත්මක ප්‍රවේශයකින් බැලීම, සතුන්ගේ සහජීවනය වෙනුවෙන් යොදන සම්පත් සහ ඒ අතර පෝෂණ ඌනතාවලින් පෙළෙන සහ හිංසනයට සහ සූරාකෑමට ලක්වූ බිලියනයක් පමණ මිනිසුන්ගේ වේදනා හරිගැස්සීම තම කාර්ය කරගත් අය අතර පවතින අසමතුලිතතාවය, ආර්ථිකය, සංස්කෘතිය සහ ඇතැම්විට පැවැත්ම, සතුන් සමඟ සහජීවනයෙන් සිටීම මත රඳා පවතින සමාජවල, අයිතීන් සහ උනන්දු බැහැර කරමින් සංවර්ධිත බටහිර රටවල්වල අවධානය ආකල්ප සහ තත්වවලට ලබාදීම මේ සඳහා උදාහරණ ලෙස දක්වයි.

පාරභෞතිකවාදියෙකු සහ දාර්ශනිකයෙකු වන ඩේවිඩ් පියර්ස් (David Pearce), තර්ක කරන්නේ හුදෙක් සතුන්ව හිංසාවෙන් ගලවාගැනීම සහ මිනිසුන් නොවන සතුන්ට හිමිකම් කීමට යාම වැළැක්වීම නොව, වන සතුන් හිංසාවට ලක් නොවන ආකාරයට ගෝලීය පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට මිනිසුන් හට "ස්වයංව ඇතිවිය යුතු අත්‍යාවශ්‍යතාවයක්" තිබෙන බවයි. මෙලෙස දුක් වේදනා අහෝසි කිරීමේ ප්‍රයත්නයේදී පියර්ස් සතුන් අතර විලෝපිකත්වය තුරන් කිරීම සහ "සුභසාධන රාජ්‍යයේ හරස් විශේෂයන්ගේ ගෝලීය ප්‍රතිසමයක්" ප්‍රවර්ධනය කරයි. ඔහුගේ මතය නම් සරුබව නියාමනය කිරීම මඟින් ශාකභක්ෂක ජනගහනය තිරසාර මට්ටම්වල පවත්වාගත හැකිය, එනම් "සාගතය, විලෝපනය සහ රෝගවලට වඩා ශිෂ්ට සම්පන්න සහ සානුකම්පිත ප්‍රතිපත්තිමය විකල්පයක්" අවශ්‍ය බවයි. පාරභෞතිකවාදී ව්‍යාපාරයේ වැඩිවන වීගන් සහ නිර්මාංශිකයන් සංඛ්‍යාවට පියර්ස්ගේද විශාල බලපෑමක් ඇති බව කියවේ.[90]

වීගන්වාදී විප්ලවීය ව්‍යායාමයේ වර්ධනය වීගෙන එන දේශපාලනික දර්ශනයක් වන්නේ, "veganarchism", එනම් වීගන්වාදයේ සහ අරාජිකවාදයේ (anarchism) හි සංයුක්තයකි. මෙහි විස්තර කෙරෙන්නේ මිනිසා ඇතුළු සියලු සතුන්ගේ "පූර්ණ විමුක්තිය" ("total abolition" හෝ "total liberation")යි. "රාජ්‍ය" යන්න මිනිස් සහ මිනිස් නොවන දෙපාර්ශවයටම අනවශ්‍ය සහ හානිකර යන මතය දරන ඔවුන් පවසන්නේ වීගන් ජීවන් රටාවක් ඇති අරාජික සමාජයක් ඔබින බවයි. මෙම පදය කරළියට පැමිණියේ 1995 Brian A. Dominickගේ පත්‍රිකාවකිනි. [91]

Animal Liberation Front (ALF) සහ Revolutionary Cells-Animal Liberation Brigade (ALB) සමඟ ඔවුන්ගේ අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා සෘජු ක්‍රියාමාර්ග ගැනීම veganarchists, එනම් අරාජිකවාදී වීගන්වරුන්ගේ පුරුද්දකි, ඇතැම්විට, සාපරාධී ආකාරයෙන් පවා. එල් පැසෝහි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරියෙකු සහ දර්ශනවාදයේ මහාචාර්යවරයෙකු වන ස්ටීවන් බෙස්ට් මෙම ප්‍රවේශය වෙනුවෙන් පෙනී සිටින අතර, ඔහු ෆ්‍රැන්චෝනී වැනි වීගන් ක්‍රියාකාරීන් විවේචනය කරනු ලබන්නේ ඔවුන් "සර්ව විමුක්තිය" වෙනුවට "සත්ව විමුක්තිය" වෙනුවෙන් පමණක් පෙනී සිටින නිසයි. ඒ "සර්ව විමුක්ති" දර්ශනය සතුන්ගේ "දේපළ තත්වයට" විරුද්ධ වනවා පමණක් නොව "ධනවාදය, රාජ්‍යය, දේපළ සම්බන්ධතා සහ වෙළඳ භාණ්ඩීකරණයේ ගතිකය යන සියලු දේ දැඩිය විවේචනය කරන" නිසයි. විශේෂයෙන්ම ඔහු වර්ණය වෙනස්, කම්කරු පන්තිය හා දුප්පතුන් නොසළකා, ධනවත් බටහිර ජාතින් වෙත පමණක් ආමන්ත්‍රණය කරනවා යැයි සිතන "go vegan" යන සරල හා නිර්පාක්ෂික පාඨය විවේචනය කරයි. ඔහු කියන්නේ "වීගන් බවට පත්වෙන සෑම පුද්ගලයෙක් පාසාම, චීනය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව තුළ මස් කන්නන් දහසක් දෙනා මතුවෙන බවයි". "උපකල්පිත අධ්‍යාපනයේ සහ සදාචාරාත්මක ඒත්තු ගැන්වීමේ ඒකීය කාර්යක්ෂමතාව කෙරෙහි ඇති විශ්වාසය", "සෘජු ක්‍රියාමාර්ග, මහජන ගැටුම්, සිවිල් අකීකරුකම්, සන්ධානගත දේශපාලනය හෝ රැඩිකල් වෙනසක් සඳහා වන අරගලය" වෙනුවට ආදේශක ලෙස භාවිතා කළ නොහැකියි. ඩොනල්ඩ් වොට්සන් කියා ඇත්තේ ඔහු, "එය ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා වඩාත්ම සෘජු හා ඉක්මන් ක්‍රමය යැයි විශ්වාස කරමින්, ක්‍රියාවට නංවන අයට ඉමහත් ගෞරවයක් දක්වන" බවයි.

ඇතැම් වීගන්වරු උප්පත්තිය කෙරෙහි සෘණ ආකල්පයකින් බලන "anti-natalism" ද පිළිගනිති. මීට හේතුව ඔවුන් මෙම පිළිවෙත් දෙකම සතුන් සහ පරිසරය සම්බන්දයෙන් "වේදනා අඩු කිරීමේදී" අනුපූරක බවට විශ්වාස කිරීමයි.[92]

සූරාකෑමේ ගැටලු (Exploitation Concerns)[සංස්කරණය]

The Vegan Society පවසන්නේ "වීගන්වාදය දිගුවක් වශයෙන් මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා සත්ව භාවිතයෙන් තොර විකල්ප වර්ධනය හා භාවිතා කිරීම ප්‍රවර්ධනය" කරන බවයි. බොහෝ සදාචාරාත්මක වීගන්වරු සහ වීගන් සංවිධාන සත්ව නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් ලෙස සත්ව ඝාතකාගාරවල දුර්වල සේව තත්ව දක්වති. ඩොනල්ඩ් වොට්සන් සඳහන් කරන්නේ "මෙම ඝාතකයන් මේවායේ සේවය නොකළේ නම්, අපට එය කළ හැකිද? අපට නොහැකිනම්, අප වෙනුවෙන් ඔවුන් එය කරාවි යැයි අපට සිතිය නොහැකියි. ගැටලුව එතනදී වඩා සංකීර්ණ වෙයි. එයින් අදහස් කරන්නේ අප සතුන් පමණක් නොව, මිනිසුන්වද සූරාකන බවයි".

පාරිසරික වීගන්වාදය[සංස්කරණය]

photograph of Paul Watson
පෝල් වොට්සන්, Sea Shepherd Conservation Societyයේ නිර්මාතෘ

මසුන් ඇල්ලීම, දඩයම් කිරීම, සතුන් උගුල්වලට හසු කරගැනීම සහ ගොවිතැන් කිරීම, විශේෂයෙන් කර්මාන්තශාලා ගොවිතැන පාරිසරික වශයෙන් තිරසාර නොවන බව පවසමින්, ඔවුන් පරිසර සංරක්ෂණය කෙරෙහි තම අවධානය යොමු කරයි. 2010දී "Sea Shepherd Conservation Society"හි පෝල් වොට්සන් (Paul Watson), ඌරන් සහ කුකුළන්ව "ප්‍රධාන ජලජ විලෝපිකයන්" ලෙස හැඳින්වූයේ ගොවිපළ සතුන් වන ඔවුන්, අල්ලාගනු ලබන් මාළුන්ගෙන් 40% කන නිසයි. 2002 සිට, සියලුම "Sea Shepherd" නෞකා පාරිසරික හේතූන් මත වීගන් වී ඇත. වීගන්වාදයේ මෙම ප්‍රභේදය සතුන් පරිභෝජනය කිරීමෙන් තොරව තිරසාර ජීවන මාර්ගයක් නිර්මාණය කරගැනීම කෙරෙහි අවධානය යොමු කරයි.[93]

2006 එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ "Livestock's Long Shadow" වාර්තාවට අනුව, පෘථිවියේ භූමියෙන් 26%ක් පමණ පශුසම්පත් තණබිම් සඳහා කැපකර ඇත. පශු සම්පත් ගොවිතැන (බොහෝවිට එළදෙනුන්, කුකුළන් හා ඌරන්) වාතය, භූමිය, පස, ජලය, ජෛව විවිධත්වය සහ දේශගුණික විපර්යාස කෙරෙහි බලපාන බව එක්සත් ජාතීන්ගේ වාර්තාව නිගමනය කළේය. ගෝලීය ධාන්‍ය අස්වැන්නෙන් 1/3ක් වන ටොන් මිලියන 670ක් සහ මාළු ආහාර ටොන් මිලියන 7.6ක් ඇතුළු ආහාර ටොන් මිලියන 1174ක් පශු සම්පත් පරිභෝජනය කොට ඇත. "Carbon Balance and Management" සඟරාවේ 2017 පළ කළ ලිපියක සඳහන් වූයේ සත්ව කෘෂිකර්මාන්තයේ මිතේන් විමෝචනය පෙර ඇස්තමේන්තුවලට වඩා 11%කින් වැඩි වී ඇති බවයි. 2018 කරන ලද අධ්‍යයනයකින් හෙළිවූයේ ගෝලීය වශයෙන් ශාකාහාර රටාවකට හුරුවීම කෘෂිකර්ම ඉඩම් භාවිතය 76%කින් (හෙක්ටයාර බිලියන 3.1-අප්‍රිකාවේ විශාලත්වය සහිත බිමක්) අඩු කරන බවත් හරිතාගාර වායු විමෝචනය 28%කින් අඩු කරන බවත්ය. කෙසේනමුත් වෙනත් පර්යේෂණ මඟින් මෙම වාර්තා ප්‍රශ්න කොට ඇත.[94]

විවිධ ක්‍රියාවන් සඳහා කෙනෙකුගේ කාබන් අඩිපාර අඩු කිරීම. මෙම අධ්‍යයනයේ දී ශාක පදනම් කරගත් ආහාරයක් ලැක්ටෝ-ඕවෝ නිර්මාංශ ආහාර වේලක් ගැන සඳහන් කරයි. වීගන් ආහාර වේලෙහි අඩු කාබන් අඩිපාරක් ඇති බව දන්නා කරුණකි. [95]

2010දී, "Assessing the Environmental Impacts of Consumption and Production" UN වාර්තාව තර්ක කරේ සත්ව නිෂ්පාදනවලට "පොදුවේ ගත් කල වැඩි සම්පත් අවශ්‍ය වන අතර ශාක පදනම් කරගත් විකල්පවලට වඩා වැඩි විමෝචනයක් ඇති කරයි". එහි යෝජනාවූයේ පරිසර හානිය අඩු කරගැනීමට සත්ව නිෂ්පාදනවලින් ඈත් විය යුතු බවයි. 2007, කෝනෙල් විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයකින් හෙළිවූයේ නිර්මාංශ ආහාර වේල්වලට අනුගත වීම අවම ඒක පුද්ගල බිම් කඩක් අවශ්‍ය වුවත්, ඉහළ තත්වයක් බිම් කඩක් අවශ්‍ය වන බවයි. 2015 වසරේ අධ්‍යයනයකින් හෙළිවූයේ වන විනාශය සහ වාසස්ථාන විනාශ කිරීම සඳහා සැළකිය යුතු සාධකයක් වන මස්වලට ඇති ඉල්ලුම වැඩිවීම නිසා ජෛව විවිධත්වයට සැළකිය යුතු අලාභයක් සිදුවන බවයි. ලෝක වනජීවී අරමුදල විසින් 2017දී කරන ලද අධ්‍යයනයකින් හෙළිවූයේ ජෛව විවිධත්ව අලාභයෙන් 60%ක්ම ගොවිතැන් සතුන් දසදහස් ගණනක් ඇතිකිරීම සඳහා අවශ්‍ය වන මහා පරිමාණයේ ආහාර බෝග වගාවෙන් ඇතිවන අතර එමඟින් ස්වාභාවික සම්පත්වලට විශාල පීඩනයක් එල්ල වන බවත්, විශාල වශයෙන් පාඩු සිදුවන බවයි. පශුසම්පත්, පෘථිවියේ සියලු ක්ෂීරපායින්ගේ 60%ක් වේ. කුරුල්ලන් සම්බන්දයෙන් ගත් කල, වනයේ සිටින්නේ 30%ක් පමණි. කුකුළන් වැනි ඉතිරි 70%ම ගෘහාශ්‍රිතයි. 2017, නොවැම්බර් මස, ලෝක විද්‍යාඥයින් 15,364ක් මානව වර්ගයාට කරන අනතුරු ඇඟවීමකට අත්සන් කළ අතර, වෙනත් දේ අතර "කිරි ආහාරවලින් බොහෝ දුරට ශාක පදනම් කරගත් ආහාරවලට මාරුවීම ප්‍රවර්ධනය කිරීම"ට සහය දැක්වීමද එහි විය. 2019, IPBES Global Assessment Report on Biodiversity and Ecosystem Services ලොවට හෙළිකළේ කාර්මික කෘෂිකර්මාන්තය සහ අධික ලෙස මසුන් ඇල්ලීම, වඳවීමේ අර්බුදයේ මූලික ගාමක බලවේගයක් බවත්, මස් හා කිරි කර්මාන්තද මෙයට සැළකිය යුතු බලපෑමක් ඇති කරන බවයි. 2019 අගෝස්තු 8 වන දින, IPCCය විසින් 2019 විශේෂ වාර්තාවේ සාරාංශයක් නිකුත් කළ අතර එහි දැක්වූයේ ශාක පදනම් කරගත් ආහාර වෙත මාරුවීම දේශගුණික විපර්යාසයන් අවම කිරීමට හා එයට අනුවර්තනය වීමට උපකාරී වනු ඇතැයි කියා සිටියේය.

ස්ත්‍රීවාදී වීගන්වාදය[සංස්කරණය]

පුරෝගාමීන්[සංස්කරණය]

ස්ත්‍රීවාදී සත්ව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රමුඛ ක්‍රියාකාරීන් හා විද්වතුන්ගේ කෙනෙකි, කැරොල් ජේ. ඇඩම්ස් (Carol J. Adams). ඇගේ ප්‍රථම කෘතිය වන "The Sexual Politics of Meat: A Feminist-Vegetarian Critical Theory (1990), ස්ත්‍රීවාදය හා මස් පරිභෝජනය අතර ඇති සම්බන්දය සටහන් කළ විට, එය සත්ව අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපාරයේ කොටසක් බවට පත්වීමේ හැකියාව පැහැදිලි විය. "The Sexual Politics of Meat" එළිදැක්වූ දා සිට ඇඩම්ස් රචනා, පොත් සහ ප්‍රධාන දේශන ඇතුළු තවත් කෘති කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබේ. "Minding Animals (2009)" නම් ඇගේම කතාවෙන් උපුටාගත් එක් කොටසක ("Why Feminist-Vegan Now?"හි), ඇඩම්ස් පවසන්නේ ඇයට ස්ත්‍රීවාදය සහ නිර්මාංශත්වය අතර සම්බන්දයක් ඇති බවට 1974 ඔක්තෝබර් මාසයේ පසක් වූ බවයි. ස්ත්‍රීවාදී වීගන්වාදය පිළිබඳ සංකල්පය අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ පවතින බව එයින් නිදර්ශනය කරයි. අනෙක් කතුවරුන්ද, ඇඩම්ස්ගේ අදහස් පුළුල් කරමින් ඒවාට සමාන්තර අදහස් දක්වා ඇත. "Joining the Dots: Some Reflections on Feminist-Vegan Political Practice and Choice"හි ඇන්ජෙලා ඩුන්ජැක් (Angella Duvnjak) පවසන්නේ මෙම වාදයන් දෙකෙහි ඇති සම්බන්ධය ඇයත් ඇගේ සහෘද උගතුන් පැහැදිලිව දුටුවත්, එයට විරුද්ධවීම් ඇයට හමුවුණු බවයි (2011දී). වෙනත් විද්වතුන් ස්ත්‍රීවාදය සමඟ වීගන්වාදයේ සම්බන්ධතා පැහැදිලි කරයි. උදාහරණයක් වශයෙන් කැරී හැමිල්ටන් (Carrie Hamilton) ලිංගික ශ්‍රමිකයන් හා සත්ව ප්‍රජනන අයිතීන් අතර සම්බන්ධතාව පෙන්වා දෙයි. ස්ත්‍රීවාදී වීගන්වාදයට සහය පළකරන තවත් බොහෝ විද්වතුන් මෙයට දිගටම එකතු වෙමින් සිටියි.[96]

සත්ව හා මානව අපයෝජනයන් අතර සමාන්තරයන්[සංස්කරණය]

ස්ත්‍රීවාදී වීගන්වාදයේ ප්‍රධාන සංකල්ප සමහරක් වන්නේ සතුන්ගේ හිංසනය සහ හිංසනය අතර ඇති සම්බන්ධයයි. නිදසුනක් වශයෙන්, මාජරී ස්පීගල් (Marjorie Spiegal), සතුන්ගේ සහ මිනිසුන්ගේ වහල්භාවය සංසන්දනය කරයි.[97] සතුන් මිළදී ගන්නේ අභිජනනය කරන්නෙකුගෙන් වන අතර ඔහු පුද්ගලික වාසි සඳහා -තවදුරටත් අභිජනනය කිරීමට හෝ වැඩපළ කරගැනීමට- යොදාගනු ලැබේ. ඉන්පසු ඔහු, බොහෝවිට මසට විකුණනු ලැබේ. සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ගේ සහ පරිසර හිතකාමී ස්ත්‍රීවාදීන්ගේ කාර්යයන් නොතකා මෙලෙස ධනවාදී අරමුණුවලින් සතුන් පුද්ගලින් වාසි තකා භාවිතා කිරීම ශක්තිමත්ව තිබේ.

නිදසුනක් වශයෙන්, මාළු වැනි සතුන් යෝජනා කරන සමාන අදහස් සත්ව හිංසාව සාධාරණීකරණය කිරීමක් ලෙස අද ගෙන එනු ලැබේ. [98] සතුන්ගේ වේදනාවට ඇති හැකියාව අඩුය යන න්‍යාය සත්‍යාපනය කළ හැකි වුවද, මිනිස් ජීවිතවලට වඩා අඩු ගෞරවයකින් යුතුව සත්ව ජීවිතවලට සැලකීම සඳහා තාර්කිකත්වයක් නොමැති බව තර්කයේ ස්ත්‍රීවාදී පැත්ත පවසයි.

ස්ත්‍රීවාදය හා වීගන්වාදය අතර ඇති තවත් සම්බන්ධයක් වන්නේ කාන්තාවන්ට හෝ වෙනත් සුළුතර සාමාජිකයන්ට එරෙහි කෲරත්වය හා සතුන්ට එරෙහි කෲරත්වයයි. සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන්, සත්ව හිංසාව ස්ත්‍රීවාදී ප්‍රශ්න සමඟ සමීපව සම්බන්ධ කරයි. අභිජනන පුරුදු සඳහා භාවිතා කරන සතුන්, මිනිස් ජාවාරම්වල වින්දිතයන් හා සංක්‍රමණික ලිංගික ශ්‍රමිකයන් සමඟ සැසඳීම නිසා මෙම සම්බන්ධතාවය තවත් පිළිබිඹු වේ. හැමිල්ටන් කියා සිටින්නේ "ස්ත්‍රී දූෂකයින් ඇතැම්විට, විකෘතිතාවලින් පෙළෙන සතුන්ගේ හැසිරීම් රටා පෙන්වයි", මෙයින් ගම්‍ය වන්නේ, මෙම දූෂකයන් සත්ව හිංසාවේද නියැලුණු ප්‍රවණතාවක් තිබුණු බවයි.[99]

ධනවාදය සහ ස්ත්‍රීවාදී වීගන්වාදය[සංස්කරණය]

ස්ත්‍රීවාදී වීගන්වාදය ස්ත්‍රීවාදී සිතුවිලි හා සම්බන්ධ වන තවත් ක්‍රමයක් වන්නේ නිෂ්පාදනයේම ධනවාදී මාධ්‍යයන්ය. කැරොල් ජේ. ඇඩම්ස් බාබරා නොස්කෙව (Barbara Noske) උපුටා දක්වයි, "මස් අනුභව කිරීම අවසාන ධනවාදී නිෂ්පාදනය වේ, මන්ද නිෂ්පාදනයට බොහෝ දේ අවශ්‍ය බැවින් එය බොහෝ සම්පත් උපයෝගි කරගන්නා නිසයි". මස් නිෂ්පාදනය සඳහා සම්පත් ප්‍රාග්ධනීකරණය, පරිසරයට අඩු අහිතකර බලපෑමක් ඇති වෙනත් ආහාරවර්ග නිෂ්පාදනය භාවිතා කිරීම වඩා සුදුසු යැයි තර්ක කෙරේ.

ආගමික වීගන්වාදය[සංස්කරණය]

ආගමික සම්ප්‍රදායන් ගණනාවක් තුළ ඇති ප්‍රවාහයන් වීගන්වාදය දිරිගන්වයි (ඇතැම්විට සදාචාරාත්මක හෝ පාරිසරික හේතුන් මත). විසි එක්වන සියවසේ යුදෙව් වීගන්වාදයේ[100] හා ජෛන වීගන්වාදයේ[101] නැඟීම විද්වතුන් විශේෂයෙන්ම සටහන් කර ඇත. ක්‍රිස්තියානි නිර්මාංශිකත්වය,[102] හින්දු නිර්මාංශිකත්වය[103] සහ බෞද්ධ නිර්මාංශිකත්වය[104] පිළිබඳ සමහර අර්ථකථනවලද වීගන්වාදී ආහාර රටාව නිර්දේශ කෙරේ.

ඩොනල්ඩ් වොට්සන් තර්ක කරේ "ජේසුස් වහන්සේ අද ජීවතුන් අතර සිටියා නම්, ඔහු ඒ කාලයේ සංචාරක දේශකයෙකු වෙනුවට අනුකම්පාව පිළිබඳ පණිවිඩය ප්‍රචාරය කරන (මා දකින පරිදි ආගමට ඇති එකම ප්‍රයෝජනවත් කොටස) වීගන් ප්‍රචාරකයෙකු වනු ඇත, එසේ නම් අද අපගේ පූජකතුමන්වත් වීගන් සමිතියේ සාමාජිකයෙකු ලෙස බඳවාගත යුතු වේ දැයි මට සිතෙයි".

වීගන්වරුන්ට කෙරෙහි අගතිය[සංස්කරණය]

අධ්‍යයන[සංස්කරණය]

කැනේඩියානු මනෝ විද්‍යාඥයින්ගේ අධ්‍යයනයකින් හෙළිවූයේ අනෙකුත් සුළුතර කණ්ඩායම් කෙරෙහි මෙන්ම සෘණාකල්පයක් වීගන්වරු කෙරෙහි යොමුවන බවයි. වීගන්වරු, නිර්මාංශිකයන්ට වඩා සෘණ ලෙස ශ්‍රේණිගත වූ අතර, ඔවුන්ගෙන් පිරිමි අය ගැහැනු අයට වඩා සෘණ ලෙස ශ්‍රේණිගත විය. සෞඛ්‍ය හේතූන් මත වීගන් ආහාර රටා තෝරගත් අය, සදාචාරාත්මක හේතුන් හෝ සත්ව අයිතිවාසිකම් හේතුවෙන් එම තෝරාගැනීම කළ අයට වඩා ඉහළින් ශ්‍රේණිගත විය.

සහභාගීවන්නන් 300 දෙනෙක් සමඟ කරන ලද අධ්‍යයනයකදී, මස් කන අයෙකුට, මස් සතුන්ගෙන් එන්නක් බවට මතක් කිරීමෙන් කුමක් සිදුවන්නේ දැයි බැලීය. මෙහිදී ඔවුන් අපහසුතාවට පත්වූ අතර, වීගන්වරු කෙරෙහි වූ සෘණ ආකල්පය අඩු වූ බව පෙනී ගියේය.[105]

මෙම සොයාගැනීම් වීගන් අය සමඟ අනුකූල විය. අපකීර්තියට පත්වේ යැයි සිතා වීගන් වීමට අකමැති අයද සිටිති.[106]

මෙලෙස වීගන්වරු කෙරෙහි සෘණාත්මක අගතිමත් ආකල්පය ඇතැම්විට "vegaphobia" ලෙසින් හඳුන්වයි. වීගන්වරු කෙරෙහි ධනාත්මක ආකල්පද පවතියි: ඔවුන්ගේ ආහාර රටාව නිසා මොවුන් වඩා ගුණගරුකය යන්න ඉන් එකකි. ඔවුන් දැඩි බවින් අඩු වුවත්, ප්‍රතිපත්තිවලින් ඉහළ විය හැකියි.[107]

මාධ්‍ය[සංස්කරණය]

2011දී ජනමාධ්‍ය විශ්ලේෂණයකින් හෙළිවූයේ නිර්මාංශිකයන් සහ වීගන්වරු බ්‍රිතාන්‍යය මාධ්‍ය තුළ සමච්චලයට ලක්කරවීමෙන් හෝ නඩත්තු කිරීමට අපහසු පුරුද්දක් ලෙස අපකීර්තියටත් පත්කරවන බවයි. වීගන්වරු, "ascetics", "faddists", "sentimentalists" සහ ඇතැම්විට "hostile extremists" ලෙස ආකෘති ගත කරනු ලැබූ අතර, සමීක්ෂණයකින් (ලිපි 397ක් භාවිතා කොට) හෙළිවූයේ 20% ආසන්න වශයෙන් මධ්‍යස්ථ බවත්, 5% ධනාත්මක බවත් ඉතිරි 75% සෘණාත්මක බවත්ය. 2018දී බ්‍රිතාන්‍යයේ ආහාර සංස්කාරකයෙකුට තම රැකියාව අහිමි වූයේ ඔහුගේ පණිවිඩයක "වීගන්වරු එක්කෙනා එක්කෙනා ඝාතනය කිරීම" ගැන අඩංගු වූ නිසයි.

සමාජ මාධ්‍යයේ වීගන්වරු, වීගන්වරු සමඟ පමණක් ලිංගික සම්බන්ධතා පැවැත්වීමට තීරණය කිරීම වැනි දේට පහර කනු ලැබේ.[108]

හේතු[සංස්කරණය]

ගතානුගතික (conservative) හෝ දක්ෂිණාංශික දෘෂ්ටිවාදයක් (right-wing ideology) දරන්නන් සහ විශේෂයෙන්ම alt-right මත දරන්නන් බොහෝදෙනා අතර, වීගන්වාදය පිළිබඳව ඇත්තේ සෘණාත්මක ආකල්ප වේ. Right-wing මතදාරීන්ට මස් අනුභව කිරීම සතුටක් පමණක් නොව, ජීවිතය පිළිබඳව ඔවුන්ගේ ආකල්පයේ කොටසකි. එම නිසා මස් නොකා ජීවත් විය හැකිය කියන අයව ඔවුන් තර්ජනයක් ලෙස දැකිය හැකිය. 1000 දෙනෙක් සහභාගී වූ සමීක්ෂණයකින් හෙළිවූයේ ප්‍රධාන වශයෙන්ම වීගන්වරු තර්ජනයක් ලෙස දකින්නේ වයසක සහ අඩු අධ්‍යාපන මට්ටමක් හිමි උදවිය හෝ ඒත්තු ගැන්වූ මස් කන්නන් විසින් බවයි.[109]

තවද, සමාජ ආධිපත්‍යය තුළ මුල් බැස ඇති ජීවන දෘෂ්ටියක් තිබීමද වීගන්වරු දෙස සෘණාත්මකව බැලීමට හේතු වී ඇත. [110]

මාංශ විරුද්ධාභාෂය (meat paradox) ලෙසට හඳුන්වන්නක් සඳහාද නිදසුන් හමුවී ඇත: මස් කන බොහෝ අය, මස් ආහාරයට ප්‍රිය කළද සතුන්ට හිංසා කිරීමට අකමැතිය. මෙම සංජානන විසංවාදය පිළිබඳව වීගන්වරු දැනුවත්ය යන හැඟීම මස් කන්නන් අපහසුතාවට පත්කළ හැකි අතර, අවසානයේදී දෙපාර්ශවය අතර අන්තර්ක්‍රියාකාරීත්වය අඩාළ විය හැකිය. [111] [106]

මෙම අභ්‍යන්තර ගැටුම නිරාකරණය කර විසංවාදය අඩු කිරීමට එක් ක්‍රමයක් නම් වීගන්වරු කෙරෙහි අගතිය දිගටම පවත්වාගැනීමයි.[112]

වීගන්වරු කෙරෙහි සෘණාකල්ප ඇතිවීමට තවත් හේතුවක් වන්නේ වීගන්වරු, මස් කන්නන් විනිශ්චය කරනු ඇතැයි යන හැඟීමයි. "Do-gooders" යැයි සදාචාරාත්මක වීගන්වරුන් අපකීර්තියට පත්කිරීම, මෙවිට තමා විනිශ්චයට ලක්වීම අවලංගු කළ හැකි විදිහකි. වීගන්වරු තමා උසස් යැයි සිතන විට, මෙම සෘණ ආකල්ප ඉහළ වේ.[113]

සතුන් මැරීම හා අනුභව කිරීම සම්බන්දයෙන් මස් අනුභව කරන්නන් අතර අභ්‍යන්තර ගැටුමක් ඇතිවිය හැකි නමුත්, මෙම න්‍යාය මස් අනුභව නොකිරීමට පාරිසරික හේතුන් සමඟ නොගැළපේ. පරිසරවේදීන් මස් අනුභව කිරීමේදී ගැටුමක් නොපෙන්වන්නේ මස් පරිභෝජනයෙන් ඇතිවන තනි පාරිසරික බලපෑම අඩු ලෙස ඔවුන් දකින බැවිනි.[114]

එසේම, වීගන්වරු සෑමවිටම දෘෂ්ටිවාදාත්මක හේතුන් මත අපකීර්තියට පත්වන්නේද නැත. ඇතැම්විට එය සරලව පුද්ගලයෙකුට ඔහුගේ ආහාර ඔවුන් සමඟ බෙදා ගැනීමට නොහැකි වීම විය හැකියි.[115]

සංකේත[සංස්කරණය]

photograph of circle-A and circle-V graffiti on wall
පෘතුගාලයේ ලිස්බන් හි වී සංවෘත වී පෙන්වන වීගන් ග්‍රැෆිටි.

වීගන්වාදය නියෝජනය කිරීම සඳහා විවිධ සංකේත නිර්මාණය කොට ඇත. ඇතැම්වා ඇසුරුම්කරණයේදී භාවිතා වේ, උදාහරණයක් වශයෙන් සත්ව අමුද්‍රව්‍ය නොමැති බව දැක්වීමට වීගන් සමිතියේ වෙළඳ ලකුණ (The Vegan Society Trademark) සහ වීගන් ඇක්ෂන් ලාංඡනය (Vegan Action Logo) භාවිතා වේ. වීගන් සමාජයේ අය, ඔවුන්ගේ සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීත්වය අතරතුර, අනන්‍යතාවය පෙන්වීමට විවිධ සංකේත භාවිතා කරති.

වීගන්වාදයේ ආර්ථිකය[සංස්කරණය]

"Cowspiracy" නම් වාර්තා චිත්‍රපටයේ ඇස්තමේන්තු වන්නේ, වීගන් අයෙක්, වසරක් තුළ ජලය ලීටර මිලියන 1.5ක්, ධාන්‍ය කිලෝ 6607ක්, වර්ග මීටර 1022ක වන ආවරණයක්, කාබන්ඩයොක්සයිඩ් කිලෝ 3322ක් සහ සත්ව ජීවිත 365ක් වසරක් තුළ ආරක්ෂා කරන බවයි (එක්සත් ජනපදයේ සාමාන්‍ය ආහාර රටාව සළකමින්). 2016දී කළ අධ්‍යයනයකට අනුව, එක්සත් ජනපදයේ සියලු දෙනා වීගන් ආහාර රටාවකට මාරු වන්නේ නම්, සෞඛ්‍ය ආරක්ෂණ ඉතිරි කිරීම්වලින් ඩොලර් බිලියන 208.2ක්, සෘජු නොවන සෞඛ්‍ය ආරක්ෂණ ඉතිරි කිරීම්වලින් ඩොලර් බිලියන 40.5ක්, පාරිසරික ඉතිරිකිරීම් වලින් ඩොලර් බිලියන 40.5ක් සහ 2050 වන විට ඩොලර් බිලියන 289.1ක් රටට ඉතිරි වේ. මෙම අධ්‍යයනයෙන් තවදුරටත් හෙළිවූයේ ලෝකයේ සෑම කෙනෙක්ම වීගන් වුවහොත්, සෘජු සෞඛ්‍ය ආරක්ෂණ ඉතිරිකිරීම් වලින් ඩොලර් බිලියන 684.4ක්, සෘජු නොවන සෞඛ්‍ය ආරක්ෂණ ඉතිරිකිරීම් වලින් ඩොලර් බිලියන 382.6ක්, පාරිසරික ඉතිරිකිරීම් වලින් ඩොලර් බිලියන 569.5ක් සහ 2050 වන විට සමස්ත වශයෙන් ඩොලර් ට්‍රිලියන 1.63ක් ගෝලීය ආර්ථික වශයෙන් ඉතුරු කළ හැකි බවයි.[116]

William MacAskill 2015 හි තම "Doing Good Better" ග්‍රන්ථයේ මෙලෙස කියයි:

"සාමාන්‍ය පාරිභෝගිකයෙකු භාණ්ඩයක් මිළදී ගැනීම ප්‍රතික්ෂේප කිරීම, සපයනු ලබන සත්ව නිෂ්පාදන සංඛ්‍යාවට බලපාන්නේ කෙසේද යන්න ආර්ථික විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. ඔවුන් ඇස්තමේන්තු කරන්නේ, සාමාන්‍යයෙන් ඔබ එක බිත්තරයක් ප්‍රතික්ෂේප කළොත්, සමස්ත නිෂ්පාදනය අවසානයේ බිත්තර 0.91කින් පහත වැටෙනු ඇති බවයි; ඔබ කිරි ගැලුම් එකක් අතහැර දැමුවොත්, මුළු නිෂ්පාදනය ගැලුම් 0.56කින් පහත වැටේ. වෙනත් නිෂ්පාදන පවතින්නේ මේ දෙක අතරයි. ඔවුන්ගේ ගණනයට අනුව හරක් මස් රාත්තලක් ඔබ අතහැ‍රියොත් මස් නිෂ්පාදනය රාත්තල් 0.68කින් පහත වැටෙනු ඇත; ඔබ ඌරු මස් රාත්තලක් අතහැර දැමුවොත්, අවසාන නිෂ්පාදනය රාත්තල් 0.74කින් පහත වැටේ; ඔබ කුකුළු මස් රාත්තලක් අතහැරියොත් නිෂ්පාදනය රාත්තල් 0.76කින් පහත වැටේ."

යොමුව[සංස්කරණය]

  1. Leslie Cross, "Veganism Defined", The Vegetarian World Forum, 5(1), Spring 1951.
  2. Rod Preece, Sins of the Flesh: A History of Ethical Vegetarian Thought, Vancouver: University of British Columbia Press, 2008, 12.
  3. For Thiruvalluvar, see G. U. Pope, "Thirukkural English Translation and Commentary", W.H. Allen, & Co, 1886, 160.
  4. James Gregory, Of Victorians and Vegetarians, I. B. Tauris, 2007.
  5. James Gregory, Of Victorians and Vegetarians, I. B. Tauris, 2007.
  6. James Gregory, Of Victorians and Vegetarians, I. B. Tauris, 2007.
  7. Andrew F. Smith, Eating History, New York: Columbia University Press, 2013, 29–35 (33 for popularity); Whorton 2014, 38ff.
  8. Hart 1995, 14; Francis, Fruitlands: The Alcott Family and their Search for Utopia, 2010.
  9. J. E. M. Latham, Search for a New Eden, Madison: Fairleigh Dickinson University Press, 1999, 168.
  10. Gregory 2007, 22.
  11. "History of Vegetarianism: The Origin of Some Words", International Vegetarian Union, 6 April 2010.
  12. Smith, Andrew F. (2015). Savoring Gotham: A Food Lover's Companion to New York City. Oxford University Press. p. 617. ISBN 978-0-19-939702-0
  13. Rupert Wheldon, No Animal Food, New York and New Jersey: Health Culture Co., 1910.[page needed]
  14. Donald Watson, Vegan News, February 1945, 2–3.
  15. Donald Watson, "The Early History of the Vegan Movement", The Vegan, Autumn 1965, 5–7; Donald Watson, Vegan News, first issue, November 1944.
  16. Richard Farhall, "The First Fifty Years: 1944–1994", iii (full names of members on following pages), published with The Vegan, 10(3), Autumn 1994, between pp. 12 and 13.
  17. Richard Farhall, "The First Fifty Years: 1944–1994", iii (full names of members on following pages), published with The Vegan, 10(3), Autumn 1994, between pp. 12 and 13.
  18. The Vegan, 1(5), November 1945; for 500, The Vegan, 10(3), Autumn 1994, iv.
  19. For an example of the vegan trade list, The Vegan, 2(2), Summer 1946, 6–7.
  20. Joanne Stepaniak, The Vegan Sourcebook, McGraw Hill Professional, 2000, 5; The Vegan, Autumn 1949, 22.
  21. Stepaniak 2000, 6–7; Linda Austin and Norm Hammond, Oceano, Arcadia Publishing, 2010, 39.
  22. Stepaniak 2000, 6–7; Preece 2008, 323.
  23. Stepaniak 2000, 3.
  24. Iacobbo, Karen and Michael Iacobbo. "Chapter 9: Peace, Love, and Vegetarianism: The Counterculture of the 1960s and 1970s", In Vegetarian America: A History. Westport: Praeger, 2004.
  25. Andrew F. Smith, Eating History, New York: Columbia University Press, 2013, 197; Wright 2015, 34.
  26. Frances Moore Lappé, Diet for a Small Planet: How to Enjoy a Rich Protein Harvest by Getting Off the Top of the Food Chain, Friends of the Earth/Ballantine, 1971; Smith 2013, 197.
  27. For health professionals' interest in vegetarian diets in the last quarter of the 20th century: Donna Maurer, Vegetarianism: Movement or Moment?, Temple University Press, 2002, 23; for Ornish and Barnard, 99–101.
  28. For McDougall Plan: Iacobbo and Iacobbo 2006, 75; for Robbins: Wright 2015, 35, and Preece 2008, 327; for Ornish: Maurer 2002, 99–101.
  29. For Freedman and Barnouin: Wright 2015, 104; for Earthlings: Wright 2015, 149.
  30. Nick Pendergrast, "Environmental Concerns and the Mainstreaming of Veganism", in T. Raphaely (ed.), Impact of Meat Consumption on Health and Environmental Sustainability, IGI Global, 2015, 106.
  31. "European Parliament legislative resolution of 16 June 2010", European Parliament: "The term 'vegan' shall not be applied to foods that are, or are made from or with the aid of, animals or animal products, including products from living animals."
  32. Rynn Berry, "Veganism", The Oxford Companion to American Food and Drink, Oxford University Press, 2007, 604–605
  33. Banis, Davide (27 November 2018). "New Book Draws Detailed Roadmap Of How We Can End Animal Farming". Forbes. Retrieved 17 May 2020.
  34. White, Victoria (24 May 2016). "Euromonitor launches new Ethical Labels database". New Food. Russell Publishing. Archived from the original on 12 April 2018. Retrieved 12 April 2018. The top three fastest growing vegan markets between 2015 and 2020 are China at 17.2 percent, United Arab Emirates at 10.6 percent, and Australia at 9.6 percent.
  35. Barbara Reiter, Anita Kattinger, "Total Vegan", Kurier, 28 May 2013.
  36. (in Dutch) "Minder vlees eten steeds meer ingeburgerd", Vilt, 16 February 2016.
  37. "Most vegans, vegetarians in Canada are under 35: Survey".
  38. Richter M, Boeing H, Grünewald-Funk D, Heseker H, Kroke A, Leschik-Bonnet E, Oberritter H, Strohm D, Watzl B for the German Nutrition Society (DGE) (12 April 2016). "Vegan diet. Position of the German Nutrition Society (DGE)" (PDF). Ernahrungs Umschau. 63 (4): 92–102. Erratum in: 63(05): M262. doi:10.4455/eu.2016.021.CS1 maint: multiple names: authors list (link)
  39. Agrawal, Sutapa; Millett, Christopher J; Dhillon, Preet K; Subramanian, SV; Ebrahim, Shah (2014). "Type of vegetarian diet, obesity and diabetes in adult Indian population". Nutrition Journal. 13 (1): 89. doi:10.1186/1475-2891-13-89. PMC 4168165. PMID 25192735.
  40. Kamin, Debra (December 2015). "Big in Israel: Vegan Soldiers". The Atlantic. Archived from the original on 4 March 2018. Retrieved 4 March 2018. The IDF is also issuing leather-free combat boots and wool-free berets to soldiers who register as vegan, so they can march into battle knowing that no living creature has been harmed in their provisioning. (What happens during battle is, of course, harder to control.)
  41. (in Italian) Vera Schiavazzi, "Addio carne e pesce: in aumento il popolo dei vegetariani e vegani in Italia", La Repubblica, 2 October 2015.
  42. (in Dutch) NVV, "Vegan jaaroverzicht 2017", 2018.
  43. "What Vegan Travelers Need to Know about Dining in Romania". Huffington Post. 2017-02-14. Retrieved 2018-07-30.
  44. Molloy, Antonia (24 March 2014). "One in ten Swedes is vegetarian or vegan, according to study". The Independent. Archived from the original on 22 March 2018. Retrieved 22 March 2018. In the poll conducted by Demoskop, six per cent of respondents said they were vegetarians, while four per cent said they were vegans. The highest prevalence was seen among 15–34 year-olds, with 17 per cent describing themselves as vegetarian or vegan.
  45. Vegans deserve same legal protection as religious people, UK judge rules
  46. Gary Steiner, Animals and the Limits of Postmodernism, New York: Columbia University Press, 2013, 127–128.
  47. Lori Gruen, Ethics and Animals, Cambridge University Press, 2011, 85–86.
  48. Erik Marcus, Veganism: The New Ethics of Eating, McBooks Press, 2000, 128–129.
  49. Stepaniak 2000, 20, 115–118, 154.
  50. Mestel, Rosie (20 April 2012). "Cochineal and Starbucks: Actually, this dye is everywhere". Los Angeles Times. Archived from the original on 6 December 2016. Retrieved 14 March 2018.
  51. Linzey, Andrew. "Dowding, Lady Muriel", Encyclopedia of Animal Rights and Animal Welfare. Greenwood, 1998, 139
  52. Engber, Daniel (30 July 2008). "The Great Vegan Honey Debate: Is honey the dairy of the insect world?". Slate. Archived from the original on 9 March 2018. Retrieved 9 March 2018.
  53. Kanakubo, Kayo; Fascetti, Andrea J.; Larsen, Jennifer A. (15 August 2015). "Assessment of protein and amino acid concentrations and labeling adequacy of commercial vegetarian diets formulated for dogs and cats". Journal of the American Veterinary Medical Association. 247 (4): 385–392. doi:10.2460/javma.247.4.385. PMID 26225610.
  54. Barkham, Patrcik (12 January 2019). "'We're humus sapiens': the farmers who shun animal manure". The Guardian. Retrieved 14 January 2019.
  55. Reed Mangels, Virginia Messina, Mark Messina (2011). The Dietitian's Guide to Vegetarian Diets. Jones and Bartlett Learning. ISBN 9780763779764. https://books.google.com/books?id=eJ10HoYQ2woC&pg=PA256. "Soy protein products typically have a protein digestibility corrected amino acid score (PDCAAS) ... >0.9, which is similar to that of meat and milk protein. Consequently, consuming the recommended dietary allowance (RDA, 0.8 mg/kg body weight [bw]), for protein entirely in the form of soy will meet the biologic requirement for amino acids. ... Formal recognition of the high quality of soy protein came in the form of a ruling by the USDA [United States Department of Agriculture] allowing soy protein to replace 100 percent of meat protein in the Federal School Lunch Program." 
  56. Reed Mangels, The Everything Vegan Pregnancy Book, Adams Media, 2011, 174.
  57. Merritt, Russell J.; Jenks, Belinda H. (May 2004). "Safety of Soy-Based Infant Formulas Containing Isoflavones: The Clinical Evidence". The Journal of Nutrition. 134 (5): 1220S–1224S. doi:10.1093/jn/134.5.1220S. PMID 15113975.
  58. Stepkin, Kay (16 January 2013). "Vegan cheese replaces lingering brie craving: Vegan brie takes just minutes of actual work". Chicago Tribune. Archived from the original on 3 March 2018. Retrieved 3 March 2018.
  59. Coscarelli, Chloe (2012). Chloe's Kitchen: 125 Easy, Delicious Recipes for Making the Food You Love the Vegan Way. Simon and Schuster. ISBN 978-1451636758. https://books.google.com/books?id=grRQZ7yHvq4C&pg=PA12. 
  60. Thomson, Julie (12 June 2017). "8 Genius Egg Substitutes For Baking". HuffPost. Retrieved 2 July 2019.
  61. Brenda Davis and Vesanto Melina, Becoming Raw: The Essential Guide to Raw Vegan Diets, Summertown: Book Publishing Company, 2010, 4.
  62. Mangels, Messina and Messina 2011, 72, 78.
  63. Long, Cynthia (22 February 2012). "Crediting Tofu and Soy Yogurt Products" (PDF). Food and Nutrition Service (Memorandum). Alexandria, VA: United States Department of Agriculture. Archived from the original (PDF) on 12 July 2017. Retrieved 13 March 2018. The Nutrition Standards in the National School Lunch and School Breakfast Programs final rule was published on January 26, 2012. The final rule gives schools the option to offer commercially prepared tofu as a meat alternate in the National School Lunch Program (NSLP) and School Breakfast Program (SBP).
  64. Mangels, Messina and Messina 2011, 75ff.
  65. Mangels, Messina and Messina 2011, 77.
  66. "Foods highest in Vitamin B12 (based on levels per 100-gram serving)". Nutrition Data, Conde Nast, USDA National Nutrient Database, release SR-21. 2014. Retrieved 16 February 2017.
  67. "Dietary Supplement Fact Sheet: Vitamin B12". Office of Dietary Supplements, National Institutes of Health. Retrieved 28 September 2011.
  68. Melina V, Craig W, Levin S (2016). "Position of the Academy of Nutrition and Dietetics: Vegetarian Diets". J Acad Nutr Diet. 116 (12): 1970–1980. doi:10.1016/j.jand.2016.09.025. PMID 27886704. Archived from the original on 8 July 2019. Retrieved 29 July 2019. Fermented foods (such as tempeh), nori, spirulina, chlorella algae, and unfortified nutritional yeast cannot be relied upon as adequate or practical sources of B-12.39,40 Vegans must regularly consume reliable sources— meaning B-12 fortified foods or B-12 containing supplements—or they could become deficient, as shown in case studies of vegan infants, children, and adults.
  69. Fang H, Kang J, Zhang D (2017). "Microbial production of vitamin B12: a review and future perspectives". Microb Cell Fact (Review). 16 (1): 15. doi:10.1186/s12934-017-0631-y. PMC 5282855. PMID 28137297.
  70. Reed Mangels, Virginia Messina, and Mark Messina, "Vitamin B12 (Cobalamin)", The Dietitian's Guide to Vegetarian Diets, Jones & Bartlett Learning, 2011, 181–192.
  71. "Calcium, mg per 100 g; Food Groups: Vegetables and Vegetable Products". US Department of Agriculture Food Composition Databases. 7 May 2019. Retrieved 29 May 2019.
  72. Ho-Pham, Lan T; Nguyen, Nguyen D; Nguyen, Tuan V (October 2009). "Effect of vegetarian diets on bone mineral density: a Bayesian meta-analysis". The American Journal of Clinical Nutrition. 90 (4): 943–950. doi:10.3945/ajcn.2009.27521. PMID 19571226.
  73. "Vitamin D", Office of Dietary Supplements, National Institutes of Health; Mangels et al. 2011, 204–209; Ross et al. (Institute of Medicine) 2011, 75–124.
  74. "Vitamin D", Office of Dietary Supplements, National Institutes of Health; Mangels et al. 2011, 204–209; Ross et al. (Institute of Medicine) 2011, 75–124.
  75. Mangels et al. 2011, 207–208; "Vitamin D: Health Risks from Excessive Vitamin D", Office of Dietary Supplements, National Institutes of Health.
  76. Ross et al. (Institute of Medicine) 2011, 75.
  77. Mangels, Messina and Messina 2011, 146].
  78. "Iron: Health Risks from Excessive Iron", Office of Dietary Supplements, National Institutes of Health.
  79. Mangels, Messina and Messina 2011, 142; Reed Mangels, "Iron in the Vegan Diet", The Vegetarian Resources Group.
  80. "Iodine", Office of Dietary Supplements, National Institutes of Health. The RDA is 110 mcg (0–six months), 130 mcg (7–12 months), 90 mcg (1–8 years), 120 mcg (9–13 years), 150 mcg (14+). The RDA for pregnancy and lactation is 220 and 290 mcg respectively.
  81. "Vitamin B12 or folate deficiency anaemia – Symptoms". National Health Service, England. 16 May 2016. Retrieved 16 February 2017.
  82. Long, Cynthia (22 February 2012). "Crediting Tofu and Soy Yogurt Products" (PDF). Food and Nutrition Service (Memorandum). Alexandria, VA: United States Department of Agriculture. Archived from the original (PDF) on 12 July 2017. Retrieved 13 March 2018. The Nutrition Standards in the National School Lunch and School Breakfast Programs final rule was published on January 26, 2012. The final rule gives schools the option to offer commercially prepared tofu as a meat alternate in the National School Lunch Program (NSLP) and School Breakfast Program (SBP).
  83. "Vegetarian Diets and Cancer Risk". American Institute of Cancer Research. Archived from the original on 30 May 2019. Retrieved 30 May 2019.
  84. Amit, M (May 2010). "Vegetarian diets in children and adolescents". Paediatrics & Child Health. 15 (5): 303–14. PMC 2912628. PMID 21532796.
  85. George, Roger. "Donald Watson 2002 Unabridged Interview" (PDF). Archived (PDF) from the original on 27 October 2019.
  86. Kistler, John M. (2002) (enයෙන්). People Promoting and People Opposing Animal Rights: In Their Own Words. Greenwood Publishing Group. පිටු 145–146. ISBN 9780313313226. https://books.google.com/books?id=kIgAi6k69IQC&pg=PA145#v=onepage. 
  87. Peter Singer and Jim Mason, The Way We Eat, Rodale, 2006, 281–282.
  88. Bruce Friedrich, "Personal Purity vs. Effective Advocacy", PETA, 2006.
  89. Val Plumwood, The Eye of the Crocodile, edited by Lorraine Shannon, Canberra: Australian National University E Press, 2012, 87.
  90. Fairlie, Simon (2010). Meat: A Benign Extravagance. Chelsea Green Publishing. 230–231. ISBN 978-1603583251. 
  91. Dominick, Brian. Animal Liberation and Social Revolution: A vegan perspective on anarchism or an anarchist perspective on veganism, third edition, Firestarter Press, 1997, pp. 5–6.
  92. Pelley, Virginia (29 January 2018). "This Extreme Sect of Vegans Thinks Your Baby Will Destroy the Planet". Marie Claire. Retrieved 30 July 2018.
  93. Watson, Paul (6 May 2014). "V". Sea Shepherd Conservation Society. Archived from the original on 3 August 2017. Retrieved 7 March 2018. So why are all the meals on Sea Shepherd ships vegan? The answer is because vegetarianism and especially veganism are powerful alternatives to eight billion human beings and their domestic animals eating the oceans alive. The diversity in our ocean is being diminished more and more every day and when diversity collapses, interdependence between species collapses and the result is a dead ocean. And a dead ocean means death to all creatures big and small because if the ocean dies, we all die. [...] Sea Shepherd's position is that all commercial fisheries must be shut down so fish can have a chance to recover. The only relatively 'sustainable' fisheries are artisanal fishing by fishermen working from very small boats out of tiny ports in India, Africa, etc. We need to remove the corporations, the big trawlers, seiners, and long-liners, the heavy gear, the big nets, the long lines and the factory ships if our oceans are going to be saved.
  94. Mitloehner, Frank M. (October 25, 2018). "Yes, eating meat affects the environment, but cows are not killing the climate". The Conversation.
  95. Scarborough, Peter; Appleby, Paul N.; Mizdrak, Anja; Briggs, Adam D. M.; Travis, Ruth C.; Bradbury, Kathryn E.; Key, Timothy J. (11 June 2014). "Dietary greenhouse gas emissions of meat-eaters, fish-eaters, vegetarians and vegans in the UK". Climatic Change. 125 (2): 179–192. Bibcode:2014ClCh..125..179S. doi:10.1007/s10584-014-1169-1. PMC 4372775. PMID 25834298.
  96. Hamilton, Carrie (2017). "sex, work, meat: the feminist politics of veganism". Feminist Review (in ඉංග්‍රීසි). 114 (1): 112–129. doi:10.1057/s41305-016-0011-1.
  97. Duvnjak, Angella (6 September 2011). "Joining the Dots: Some Reflections on Feminist-Vegan Political Practice and Choice". Outskirts (published May 2011). 24. Archived from the original on 8 March 2018. Retrieved 7 March 2018.
  98. Duvnjak, Angella (6 September 2011). "Joining the Dots: Some Reflections on Feminist-Vegan Political Practice and Choice". Outskirts (published May 2011). 24. Archived from the original on 8 March 2018. Retrieved 7 March 2018.
  99. Hamilton, Carrie (2017). "sex, work, meat: the feminist politics of veganism". Feminist Review (in ඉංග්‍රීසි). 114 (1): 112–129. doi:10.1057/s41305-016-0011-1.
  100. Labendz, Jacob Ari, ed (25 March 2019). Jewish veganism and vegetarianism : studies and new directions. ISBN 9781438473628. OCLC 1097665203. 
  101. Linzey, Andrew, ed (2018). The Routledge Handbook of Religion and Animal Ethics. Routledge. ISBN 9780429953125. OCLC 1057668715. 
  102. Adams, Carol J. (2 November 2016). "The Poetics of Christian Engagement: Living Compassionately in a Sexual Politics of Meat World". Studies in Christian Ethics. 30 (1): 45–59. doi:10.1177/0953946816674148.
  103. "Should Hindus Be Vegan? Case Study: The International Society for Krishna Consciousness (ISKCON) - The Hindu Teachings on Nonviolence, Karma, Reincarnation and the Sacred Status of the Cow, All Indicate Veganism is a Realistic Response to Cow-Killing - Articles - The Writings of Vasu S. Murti: Human Rights". www.all-creatures.org. Retrieved 2019-05-02.
  104. Tuttle, Will M., ed (24 February 2019). Buddhism & veganism : essays connecting spiritual awakening & animal liberation. Danvers, Massachusetts. ISBN 9781940184494. OCLC 1091273483. 
  105. Earle, Megan; Hodson, Gordon; Dhont, Kristof; MacInnis, Cara (24 June 2019). "Eating with our eyes (closed): Effects of visually associating animals with meat on antivegan/vegetarian attitudes and meat consumption willingness" (PDF). Group Processes & Intergroup Relations. 22 (6): 818–835. doi:10.1177/1368430219861848.
  106. 106.0 106.1 MacInnis, Cara C.; Hodson, Gordon (6 December 2015). "It ain't easy eating greens: Evidence of bias toward vegetarians and vegans from both source and target". Group Processes & Intergroup Relations. 20 (6): 721–744. doi:10.1177/1368430215618253.
  107. Ruby, Matthew B.; Heine, Steven J. (April 2011). "Meat, morals, and masculinity". Appetite. 56 (2): 447–450. doi:10.1016/j.appet.2011.01.018. PMID 21256169.
  108. Potts, Annie; Parry, Jovian (15 February 2010). "Vegan Sexuality: Challenging Heteronormative Masculinity through Meat-free Sex". Feminism & Psychology. 20 (1): 53–72. doi:10.1177/0959353509351181.
  109. Vandermoere, Frédéric; Geerts, Robbe; De Backer, Charlotte; Erreygers, Sara; Van Doorslaer, Els (19 July 2019). "Meat Consumption and Vegaphobia: An Exploration of the Characteristics of Meat Eaters, Vegaphobes, and Their Social Environment". Sustainability. 11 (14): 3936. doi:10.3390/su11143936.
  110. Judge, Madeline; Wilson, Marc S. (February 2019). "A dual-process motivational model of attitudes towards vegetarians and vegans". European Journal of Social Psychology. 49 (1): 169–178. doi:10.1002/ejsp.2386.
  111. Rothgerber, Hank (August 2014). "Efforts to overcome vegetarian-induced dissonance among meat eaters". Appetite. 79: 32–41. doi:10.1016/j.appet.2014.04.003. PMID 24727102.
  112. Bastian, Brock; Loughnan, Steve (19 May 2016). "Resolving the Meat-Paradox: A Motivational Account of Morally Troublesome Behavior and Its Maintenance" (PDF). Personality and Social Psychology Review. 21 (3): 278–299. doi:10.1177/1088868316647562. PMID 27207840.
  113. Minson, Julia A.; Monin, Benoît (18 July 2011). "Do-Gooder Derogation". Social Psychological and Personality Science. 3 (2): 200–207. doi:10.1177/1948550611415695.
  114. Scott, Evon; Kallis, Giorgos; Zografos, Christos; Olsson, I Anna S (11 July 2019). "Why environmentalists eat meat". PLOS ONE. 14 (7): e0219607. Bibcode:2019PLoSO..1419607S. doi:10.1371/journal.pone.0219607. PMC 6622546. PMID 31295301.
  115. Bresnahan, Mary; Zhuang, Jie; Zhu, Xun (2016). "Why is the vegan line in the dining hall always the shortest? Understanding vegan stigma". Stigma and Health. 1 (1): 3–15. doi:10.1037/sah0000011.
  116. Springmann, Marco; Godfray, H. Charles J.; Rayner, Mike; Scarborough, Peter (12 April 2016). "Analysis and valuation of the health and climate change cobenefits of dietary change". Proceedings of the National Academy of Sciences. 113 (15): 4146–4151. Bibcode:2016PNAS..113.4146S. doi:10.1073/pnas.1523119113. PMC 4839446. PMID 27001851.
"https://si.wikipedia.org/w/index.php?title=වීගන්වාදය_(Veganism)&oldid=456485" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි