විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජූනි 11
Appearance
ජූනි 11: බ්‍රසීලයේ නාවික හමුදා දිනය;
- 1901 – නවසීලන්තය කුක් දූපත් අත්පත් කර ගනී.
- 1963 – වියට්නාමයේ ආගමික නිදහස සඳහා සටන් කරමින් බෞද්ධ භික්ෂුවක් වූ තිච් ක්වාං ඩුක් (සේයාරුව) සිය සිරුරට ගිනි තබාගෙන අපවත් වෙති.
- 1981 – ඉරානයේ ගොල්බාෆ් නගරයේ රික්ටර් මාපකයේ 6.9ක භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 2,000 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
- 1990 – දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීයෝ විසින් නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරින් සමූලඝාතනය සිදුකරයි.
- 2007 – බංගලාදේශයේ චිතගොං නගරයේ ඇතිවූ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 130 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.