භික්‍ෂූහූ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Buddhist monks in Thailand


පැවිදිව උපසම්පදාව ලැබූ පිරිමි බෞද්ධ ශ‍්‍රමණයන් භික්‍ෂුවක් (භික්ඛු:පාලි, භික්‍ෂු-සංස්කෘත සහ සිංහල) ලෙස හැඳින්වේ. භික්‍ෂු යන්න පුලූල් අර්ථයෙන් ‘දානය මත ජීවත්වන තැනැත්තා’ යනුවෙන් පරිවර්තනය කළ හැකිය බුද්ධඝෝෂ හිමියන් විසින් එය වාග්විද්‍යාත්මකව විශ්ලේෂණයකොට ඇත්තේ ‘(සංසාරයේ නැවත නැවත ඉපදීම පිලිබඳ) අනතුර දකින තැනැත්තා ’ යනුවෙනි. ඔවුහු ශ‍්‍රමණ ජීවිතයක් ගතකරන්නන් අනුගමනය කළයුතු විනය රාමුව පිලිපැදිය යුතු වන අතර එහි මූලික රීතීන් පාතිමෝක්ඛ යනුවෙන් හඳුන්වනු ලැබේ. ඔවුන්ගේ ආධ්‍යාත්මික කි‍්‍රයාකාරකම්වලට අවකාශ සැලසෙන පරිද්දෙන් ඔවුන්ගේ ජීවන ක‍්‍රමය සැකසී ඇත . එනම් ඔවුහු නිර්වාණය සාක්‍ෂාත් කරගැනීම සඳහා සරළ ජීවිතයක් ගතකරමින් භාවනායෝගීව කල්ගෙවති. භික්‍ෂුව සංඝ ශාසනයට ඇතුලත්වීමට ප‍්‍රතිඥා දුන් අයකු වන අතර විනය පිටකයේ දැක්වෙන රීතීන් (පිරිමියකුට 227 ක් පමණ) අනුගමනය කිරීමට බැඳි සිටියි. මෙම රීතීන්හි ප‍්‍රාදේශීය වශයෙන් අර්ථනිරූපනයන්හි වෙනස්කම් පැවතිය හැක.

භික්‍ෂු භාවය ලැබීම[සංස්කරණය කරන්න]

බෞද්ධ පැවිද්දේ අරමුණ විමුක්තියයි.එම නිසා ස්ත්‍රිපුරුෂ භාව හෝ ජාතිකත්වය පැවිද්දේ දී නොසැලකේ. එසේ වූව ද අන්‍ය ලබ්දිකයින් පැවිදි කරන්නේ නැත . බෞද්ධ පැවිද්දේ අවස්ථාවන් දෙකක් වේ. ප්‍රථම අවස්ථාව සාමණේර පැවිද්දයි.ඒ කාලය පුර්ණ පැවිද්දෙකු වීම සදහා පුහුණුවන යුගය ලෙස ද සැලකිය හාකිය. සාමණේර යන පදයේ අරුත ශ්‍රමණයාගේ (බෞද්ධ භික්ෂුවගේ හෝ බුදු රජුන්ගේ )පුත්‍රයා යන් යන්නයි. දෙවන අවස්ථාව වන්නේ උපසම්පදා අවස්ථාවයි. එය පූර්ණ පැවිද්ද ලෙස නම් කළ හැකිය. උපසම්පදාව ලැබෙන්නේ විධිමත් සංඝ සභාවක අනුමැතිය ඇතිව පාළි විනය පිඨකයේ දැක්වෙන ආකාරයේ විනය කර්මයක් මගිනි. එසේ උපසම්පදා ව ලබා දී මෙ දී සලකා බැලිය යුතු කරුණු රැසක් තිබේ. ඒ අතර පැවිදි උපසම්පදා කිරීමට නොසුදුසු පුද්ගයින් ගේ නාම ලේඛනයක් විනය පිඨකයේ සදහන් වේ .01 පණ්ඩකයා 02 උභතෝ බ්‍යඤ්ජකයා03 ථෙය්‍ය සංවාසකයා04 තිත්ථිය පක්කන්තකයා 05 තිරශ්චීනයා 06 මාතෘඝාතකයා 07 පීතෘඝාතකයා 08 අරහන්ත ඝාතකයා09 ලෝහිතුප්පාදකයා 10 සංඝභේදකයා 11 භික්ෂුණි දුෂකයා මව් පියන් හෝ භාරකාරයන් නොවිමසා පැවිදි නොකළ යුතු අතර විහාක අයෙකුනම් බිරිදගෙන් / ස්වාමියාගෙන් හෝ දරුවන්ගෙන් විමසා අවසර ගතයුතුය.

ඒහි භික්කු ක්‍රමය[සංස්කරණය කරන්න]

සාමාන්‍ය පැවිදි උපසම්පදා ක්‍රමය[සංස්කරණය කරන්න]

සාමානේර පැවිද්ද ලබාදෙන ආකාරය.
 ශිෂ්‍යන් පැවිදි කිරීම සදහා වු සුදුසු භික්ෂුවක්  තමන් වෙත පැමිණි  පැවිද්ද සදහා කැමැත්ත ප්‍රකාශ කළ පුද්ගයෙකු  පැවිදි කිරීමට තීරනය කරයි නම්  ඒ සදහා සුදුසුකම් සොයා බැලිය යුතුය. ඒ අනුව මේ පුද්ගලයා පැවිද්දට සුදුසු යයි වැටහේ නම් පැවිදි කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යතුය. 

පළමු පියවර. සුදුසු කම් සහිත භික්ෂූන් සීමාලකයට හෝ වෙනත් සංඝ සම්මත සුදුසු ස්ථානයකට සංඝයා රැස් විය යුතුය. අනතුරුව පැවිදි අපේක්ෂකයා එහි කැදවිය වියයුතුය.එහි දී ඔහු පංච ශීලයේ හෝ දශ ශීලයේ පිහිට වියයුතුය. දෙවන පියවර. පැවිදි අපේක්ෂකයා ගේ කෙස් රැවුලු වැඩී තිබේ නම් සුදුසු ස්ථානයකට රැගෙන ගොස් බංඩුකර්මය හෙවත් කෙස් රැවුල් බෑම සිදු කළ යුතුය. ඉන් පසු නහාවා පිරිසිදු කොට සුදු වස්ත්‍ර හැන්ද විය යුතුය. අනතුරුව දෙමාපියන් සහා වැඩි හිටියන්ට වැන්දවිය විය යුතුය.(ඔහු පැවිද්දෙක් ව සිටින තාක් යලි ගිහියන් ට නොවදින නිසාවෙන් එය අවසන් වැදිම බවට පත් වේ ) තෙවන පියවර. සිව්ර සහා අදනය එක් මිටියක් සේ අදන පටියෙන් ගැට ගසා එය පැවිදි අපේක්ෂකයා අතට දිය යුතුය.අනතුරුව ඔහු නැවතත් සංඝයා මධ්‍යයට පැමිණවිය යුතුවෙයි. එහි දී ගණනායක හෙවත් එහි සිටින මහලු උපසම්පදාවෙන් ජ්‍යෙෂ්ඨ භික්ෂුව ඉදිරියේ උක්කුටිකයෙන් දන ගසා වැදගෙන පැවිද්ද ඉල්ලීමේ වාක්‍ය (ඕකාස අහං භන්තේ පබ්බජ්ජං යාචාම්) තෙවරක් කියා තමන් අත වු සිව්රු එම භික්ෂුවට පිළිගැන් විය යුතුය. සිව්වන පියවර . ජ්‍යෙෂ්ඨ භික්ෂුව උපාද්‍යන් වහන්සේ (භීක්ෂුවකට ගුරුවරු දෙදෙනෙකු සිටින අතර උන්වහන්සේ ලා ආචාර්ය සහා උපාද්‍යාය නමින් හැදින් වේ ) වන අතර උන්වහන්සේ ට වැදගෙන් යලිත් පැවිද් ඉල්ලීම කළ යුතුය. (සබ්බ දුක්ඛ නිස්සණ නිබ්බාන සච්චිකරනත්ථාය ඒතං කසාවත්තං දත්වා පබ්බාජේතමං භන්තේ අනුකම්පං උපාදාය ) මෙම පාළි වාක්‍ය තෙවරක් කිමෙන් අනතුරුව සිවුරු පැවිදි අපේක්ෂකයා අත තබයි. ඉන් පසු භික්ෂුන් කීප නමක් සුදුසු ස්ථානයක දී  වස්ත්‍ර ඉවත් කොට සිව්රු පෙරවීම සිදු කරනු ලැබේ. පස් වන පියවර. සිව්රු පොරවා පැවිදි වෙස් ගත් අපේක්ෂකයා යලි සංඝයා ඉදිරියට පැමිණි විට උපාද්‍යන් වහන්සේ විසින් ඔහු තිසරණය සහිත සාමණේර දශීලයෙහි පිහිටවනු ලැබේ.එතැන් පටන් ඔහු සාමණේර පැවිද්දෙකු ලෙස සැලකේ.

භික්‍ෂූන් හා භික්‍ෂුණීන්[සංස්කරණය කරන්න]

බුදුදහම තුල භික්‍ෂූත්වය යනු ‘පුද්ගලික විමුක්තිය සඳහා වන ශික්‍ෂාවන්’ පද්ධතියක කොටසකි. මෙම ශික්‍ෂාවන් භික්‍ෂූන් සහ භික්‍ෂුණීන් විසින් සාමාන්‍ය සංඝයා වහන්සේ කෙනකු වෙතින් සමාදම් වෙයි. මේවායේ අරමුණ පුද්ගලික සදාචාරාත්මක විනයක් ඇතිකර ගැනීමයි. මහායාන බුදුදහමේ සංඝ යන යෙදුම යෙදෙන්නේ කිසියම් තේරුම්ගැනීමේ මට්ටමක් හැඳින්වීම සඳහාය. මේ අනුව ඔවුන් හඳුන්වනු ලබන්නේ ‘විශිෂ්ඨයින්ගේ ප‍්‍රජාව’ යනුවෙනි. මොවුන් (ශික්‍ෂාවන් සමාදම් වූ) භික්‍ෂූන් හෝ භික්‍ෂුණීන් වීම අනිවාර්ය නොවේ.

පුද්ගලික විමුක්තිය සඳහා වූ ශික්‍ෂාවන් පියවර හතරකදී සාමදන් වනු ලබයි ගිහි අයකු සිල්පද කිහිපයක් සමාදම් වෙමින් ශික්‍ෂාවන් කිහිපයක් සාමාදම් වනු ඇත. දෙවන පියවර වන්නේ ආරාමගත ජීවිතයට ඇතුලත් වීමයි. මෙහිදී සිවුරු හැඳීමට සිදුවේ. අනතුරුව යම් තැනැත්තකුට සාමණේරවරයකු විය හැක. ශික්‍ෂාවන් සමාදම්වීමේ හතරවන හා අවසන් පියවර වන්නේ ‘සම්පූර්ණ වශයෙන් උපසම්පදා වූ භික්‍ෂුවක්’ බවට පත්වීමයි. භික්‍ෂු භික්‍ෂුණී යන පාලි යෙදුම ඵෙරවාද බෞද්ධ රටවල භාවිතාවේ පවතී (ශී‍්‍ර ලංකාව බුරුමය තායිලන්තය).

භික්‍ෂූන් හා භික්‍ෂණීහු සිය ජීවිත කාළය පුරාම රැකීම සඳහා ශික්‍ෂාවන් සමාදම් වුවද ඔවුන්ට ඒවා (ජීවිත කාළය තුල තුන් වරක්) අත්හැරිය හැක. මෙය බොහෝ පිරිස් විසින් කරනු ලබන්නකි. මේ ආකාරයෙන් බුදු දහම ශික්‍ෂාපද කඩ නොවී පවත්වාගනී. එනම් ඔව්නට ශික්ෂාවන් ආරක්‍ෂා කිරීම හෝ එම ජීවන ක‍්‍රමය අත්හැරීම යන දෙකින් එකක් තෝරාගත හැක. කෙසේවෙතත් මෙම ශික්‍ෂාවන් කැඞීම අතිශයින්ම නරක කි‍්‍රයාවක් ලෙසින් සැලකේ.

ටිබෙටයේ අවුරුදු 6 සිට ඉහල දරුවන්ට රබ්ජුන් ලෙස හැඳින්වෙන මහණ දිවියට ඇතුලත්ව්ය හැකි අතර එය ආරාමවාසී ජීවිතයේ එක් විශේෂ ආකාරයකි. අවුරුදු 14 දී වැඩි ශික්‍ෂාපද සංඛ්‍යාවක් සමාදම් වීමට සිදුවන අතර 21 දී සම්පූර්ණ ශික්‍ෂාවන් සමාදම්වීම හෝ ආරාමවාසී ජීවිතය අතහැර යාම තෝරාගත හැක.

සිවුරු[සංස්කරණය කරන්න]

ත්‍බයිජිංහි පන්සලක හඳුන්කූරු දල්වන චීන භික්‍ෂුවක්

මහණකමට ඇතුලත් වූ තැනැත්තන්ගේ ඇඳුම වන සිවුර පිලිබඳ සංකල්පය තුල අන්තර්ගත වන්නේ ශරීරය කාළගුණයෙන් හා දේශගුණයෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා ලාභ රෙදි භාවිතා කිරීමයි. එය තනි රෙද්කින් සකස් නොවිය යුතු අතර රෙදි කිහිපයක් එකට මැසීමෙන් සකස් කරගත යුතුය. කාෂ්මීරයේ වඩාත් ලාභදායක වර්ණය තද රතු පැහැය වන බැවින් ටිබෙට් සම්ප‍්‍රදායේ සිවුරු රතු පැහැති වෙයි. දකුණේදී කහපාට විසින් ඉටුකරන්නේද මෙම භූමිකාවමය. කුංකුම වර්ණයට ඉන්දියාවේ සංස්කෘතික බැඳිමක්ද පවතී. නැගෙනහිර ආසියාවේ සිවුරු කහ අලූ හෝ කලූ පැහැති වේ.

ටිබෙට් බුදුදහමේ එක් එක් වයස් කාණ්ඩයන්හි හා එක් එක් ශික්‍ෂාවන් සමාදම්වී සිටින භික්‍ෂූන්ට වෙන්වූ සිවුරු වයන් හා රෙදි වර්ග වෙයි.

තාන්ති‍්‍රක ශික්‍ෂාවන්[සංස්කරණය කරන්න]

උසස් තාන්ති‍්‍රක කි‍්‍රයාකාරකම්හි නිරතවන ඕනෑම අයකු (භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක්) සහ යම් මට්ටමක අබෝධයක් අත්කරගත් තැනැත්තන් යෝගී (කාන්තාවන් නම් ‘යෝගිනී’) ලෙස හඳුන්වනු ලැබේ. යෝගීන් (භික්‍ෂූන් හෝ ගිහියන්) තාන්ති‍්‍රක ශික්‍ෂාවන් ලෙස හැඳින්වෙන තවත් ශික්‍ෂාවන් කාණ්ඩයක් (බෝධිසත්ව ශික්‍ෂාවන්ද සමග) සමාදම් වෙති. මේ අනුව යෝගී / යොගිනීන් විශේෂිත ආකාරයකට අඳිති. සමහර අවස්ථාවන්හි ඔවුහු ‘සුදු සංඝ’ යනුවෙන්ද හැඳින්වෙති (ඔවුන් නිතර අඳින සුදු හෝ රතු/ සුදු රෙදි නිසා).

මනෝ විද්‍යාත්මකව ඔවුහු දෙආකාරයකට කි‍්‍රයාකාරන බැවින් තාන්ති‍්‍රක හා ආරාමික ආකාර දෙක එකිනෙකට වෙනස් ලෙස සලකනු ලැබූවත් ඔවුන් දෙපිරිසම ශ‍්‍රමණයින්ය. භික්‍ෂූන් සහ භික්‍ෂුණීන් මහණ කිරීම ජනතාවට හොඳ නිදර්ශනයකි. බටහිර විසින් තාන්ති‍්‍රක මර්ගය ශ‍්‍රමණ නොවන ආකාරයක් ලෙස වැරදි ලෙස තේරුම්ගනු ලබයි. නමුත් මෙය සම්පූර්ණයෙන්ම වැරදි අදහසක් වන අතර පිටත පෙනුමින් ‘සම්ප‍්‍රදායික නොවන’ බවත් පෙනීගියද තාන්ති‍්‍රක යෝගී (නී) හු දැඩි රීති සමුදායක් අනුගමනය කරති.

වෙනත් ශික්‍ෂාවන්[සංස්කරණය කරන්න]

බුදුදහම තුල ශික්‍ෂාවන් සමාදන්වීමේ වෙනත් ආකාරයන්ද පවතී. ‘බෝධිසත්ව ශික්‍ෂාවන්’ මෙයින් වඩාත් වැදගත් වේ. මේවා සියලූ මහායාන අනුගාමිකයින් විසින් සමාදන් වන අතර මෙමගින් පරහිතකාමී ආකල්පයක් ඇති කරවනු ලබයි. තවත් ක‍්‍රමවේදයක් වන්නේ එක් දින ශික්‍ෂාවන්ය. මේවා භික්‍ෂූ භික්‍ෂුණීන්ගේ ශික්‍ෂාවන්ට තරමක් දුරට සමාන වෙයි. නමුත් මෙය වලංගු වන්නේ හිරැ නැගීමේ සිට අවරට යනතෙක් පමණකි.

අවසානය[සංස්කරණය කරන්න]

බුදුදහම තුල ‘මහණවීම’ යනු එක් එක් තැනැත්තාගේ හැකියාවන් හා අවස්ථාවන් අනුව ස්වයං විනය ගොඩනගා ගැනීම සඳහා පවත්නා ක‍්‍රමවේදයන් රැසක එකතුවකි. සිය අනුගාමිකයින්ගේ මානසික සංවර්ධනය අනුව බුදුන් විවිධ මට්ටමේ ශික්‍ෂාවන් දේශනා කරන ලදී. වඩාත් උසස් ක‍්‍රමවේදය වන්නේ භික්‍ෂු හෝ භික්‍ෂුණී තත්වයට පත්වීමය. සියලූම සම්ප‍්‍රදායන්හි භික්‍ෂුණීන්ගේ අරමුණ වන්නේ දුක්විඳිමෙන් මිදී විමුක්තිය ළගාකර ගැනීමයි.

මීට අමතරව මහායානික ප‍්‍රවේශයේදී බෝධිසත්ව ශික්‍ෂාවන්ද අවශ්‍ය වෙයි. එමෙන්ම තාන්ති‍්‍රක ක‍්‍රමවේදයේදී තාන්ති‍්‍රක ශික්‍ෂාවන් ඇවැසි වෙයි. සමහර තැනැත්තන් භික්‍ෂුණී මහණ කිරීමට එතරම් කැමැත්තක් නොදක්වන බැවින් ඔවුන්ට අනෙකුත් ශික්‍ෂාවන් සමාදන් වියහැක. අනෙක් සියලූ ශික්‍ෂාවන් වෙන වෙනම සමාදන් වියහැක. අනෙක් අතට කිසිවකුට පුද්ගලික විමුක්තිය සඳහා වන ශික්‍ෂාවන් සමාදන් නොවී සිය අරමුණ සාර්ථක කරගැනීමට නොහැකි වන බව පැවසේ. එනම් මෙම ශික්‍ෂාවන් මගින් දක්වන සාරධාර්මික උපදෙස් අනුගමනය කළයුතුය.

"https://si.wikipedia.org/w/index.php?title=භික්‍ෂූහූ&oldid=283414" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි