සන්නද්ධ හමුදා දිනය

විකිපීඩියා වෙතින්

ලෝකයේ ජාතීන් කිහිපයක් විසින්, ඔවුන්ගේ සන්නද්ධ හමුදාවන්ට ගරු කරනු වස් වාර්ෂික සන්නද්ධ හමුදා දිනයක් සමරති.

චීනය[සංස්කරණය]

චීන සමූහාණ්ඩුව[සංස්කරණය]

චීන සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදා දිනය (චීන: 軍人節) සැමරෙන්නේ, ජපානය පරදා ජයගත් දිනය සිහිකෙරෙන දිනයේදීම වන සැප්තැම්බර් 3 දිනදීය. අනුස්මරණෝත්සව සහ නිවාඩු දින ක්‍රියාක්මක කරවීමේ නියෝගයෙහි (紀念日及節日實施辦法) 5 වන වගන්තිය ප්‍රකාර, ජාතික ආරක්ෂක අමාත්‍යාංශය (國防部) විසින් සොයා බැලෙනුයේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට විවේක දිනයක් සපයන්නේ කෙලෙසද යන්නයි. මෙය තායිවානයේ රජයේ නිවාඩු දිනයක් නොවන මුත්, අදාල ආයතන, කණ්ඩායම් සහ, පාසැල් විසින් උත්සවාංග පැවැත්විය හැකිය. [1]

ඉන්දියාව[සංස්කරණය]

ඉන්දියාවේ, යුද්ධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් පිළිවෙලින් ඔවුන්ගේම යුද්ධ හමුදා දිනය (15 ජනවාරි), නාවික හමුදා දිනය (4 දෙසැම්බර්) සහ ඉගුහ දිනය (8 ඔක්තොම්බර්) සමරති. ජනරජ දිනයේදී (ජනවාරි 26 ), සියළු සන්නද්ධ සේවා තුනම විසින් ඔවුන්තේ පූර්ණ වර්ණ ප්‍රදර්ශනය කරමින් ආචාර පෙළපාලි දක්වති.[උපහරණ ඇවැසිය]

ඉරාකය[සංස්කරණය]

ඉරාකයේ සන්නද්ධ හමුදා දිනය සැමරෙන්නේ ජනවාරි 6 දිනදී වන අතර, 1921 ජනවාරි 6 දිනදී ඉරාක යුද්ධ හමුදාව සක්‍රීය කරනය සනිටුහන් කෙරෙයි.[2]

රුමේනියාව[සංස්කරණය]

රුමේනියාවේ සන්නද්ධ හමුදා දිනය සමරනු ලබන්නේ ඔක්තොම්බර් 25 දිනදී වන අතර– 1944දී මෙම දිනයේදී, නාසි-හන්ගේරියානු අණසක යටතේ පැවැති අවසන් රුමේනියානු නගරය වූ කරෙයි නගරය, රුමේනියානු යුද්ධ හමුදාව විසින් මුදවා ගන්නා ලදි.


ශ්‍රී ලංකාව[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ, එක් එක් සන්නද්ධ හමුදාවන් විසින් ඔවුන්ගේම ස්වීය යුද්ධ හමුදා දිනය (9 ඔක්තොම්බර්), නාවික හමුදා දිනය (9 දෙසැම්බර්) සහ ගුවන් හමුදා දිනය (2 මාර්තු) පිළිවෙලින් පවත්වති. . කෙසේවෙතත්, නිදහස් දිනයේදී (4 පෙබරවාරි) පැවැත්වෙන හමුදා පෙළපාළි වලදී පූර්ණ වර්ණ ප්‍රදක්ෂිණා කරමින්, සියළු සන්නද්ධ හමුදාවෝ උත්සවය සමරති.

ආශ්‍රිත[සංස්කරණය]

  1. (චීන)ඔඩර් ටු ඉම්ප්ලිමන්ට් කොමමරේෂන් ඩේස් ඇන්ඩ් හොලිඩේස්
  2. ඇමරිකානු හමුදා ප්‍රවත් සේවය. "ඉරාකි ආමි ඩේ සෙලිබ්‍රේට්ස් සර්විස්, හොනර්ස් සැක්‍රිෆයිස්". එ.ජ. ආරක්ෂක දෙපාර්තමේන්තුවaccessdate=6 ජනවාරි 2013.
"https://si.wikipedia.org/w/index.php?title=සන්නද්ධ_හමුදා_දිනය&oldid=284888" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි