විකිපීඩියා:කෝපි කඩේ (idea lab)/Archive 1

විකිපීඩියා වෙතින්
කෝපි කඩේ: ප්‍රතිපත්තිතාක්ෂණිකයෝජනා (persistent)පර්යේෂණාගාරයMiscellaneous

Reviewer Panel[සංස්කරණය]

We are having a major issue here in Sinhala Wikipedia. People are thinking administrator privileges as powers to be God. But in truth I agree with one of the fellow wikipedian pointed out, admins are supposed to be just the janitors (unless there is a special need to be otherwise). I’m suggesting the below names as members of the reviewer panel. I’m not 100% clear myself about the exact privileges these people should have. But one of the main tasks they should do is agreeing on pages that are marked for deletion. You can come up with suggestions on what the reviewer panel should do here also.

My suggestions:

--Lee (talk) 12:42, 13 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

ම්..ම්... මේක ටිකක් අමාරු කතාවක්.මං හිතන්නේ Leeට වැඩ බහුල නිසා වෙන්න ඕනෑ මේ ගැටලුව එන්නේ. මොකද ලිපිය මකන්න කලින් ඉතිහාසය බලන්න ඕනෑ. සබැඳි ලිපි බලන්න ඕනෑ. අන්තර්ගතය විමසන්න ඕනෑ.... ඉතින් මේ ඔක්කොම කර කර මකන්න යනකොට වෙලාව යනවා, පැහැදිළියි. එක පිළිතුරක් තමා සිංහල විකියට නව පරිපාලවරුන් පත් කර ගැනීම. එතකොට වැඩ බෙදිලා යනවා. (නමුත් දැක්කනේ ඡන්දවලට වෙන දේ.) ඒ කොහොමවුනත් මේ ලිපි මැකීම පරිපාලකවරුන්ගේ වැඩක්. ඒ යෝජනාව කාගෙන්ද කියන එක වැදගත් නෑ. බලමු අනිත් අයගේ අදහස්. -- බිඟුවා සාකච්ඡාව 11:27, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
නෑ බිඟුවා, ඒකම නෙමේ. අපි අපේ විකියෙ පරිපාලකයො දෙවියො කරන්න ඔනෙ නෑ. දැන් තියෙන තත්වෙ ටිකක් ඒ වාගෙ. පරිපාලකයො කියන එක තමා හරි වාගෙ මතයක් ගොඩ නැගිල තියෙනව නෙ. ඒක එච්චර හොඳ නෑ. පොදු අදහස තමා හරි වෙන්න ඔනෙ. පරිපාලකයොත් සාමාන්‍ය වෙලාවට සාමාන්‍ය පරිශීලකයො වාගෙම ඉන්න පුළුවන් වෙන්න ඔනෙ. විශේෂ බලතල පොදු මතය අනුව භාවිතා කරන්න ඔනෙ. තමන්ගෙ මතයට අනුව නෙවෙයි. --Lee (talk) 06:55, 22 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
කොහොමත් Lee, පරිපාලකයින් කියන්නේ සාමාන්‍ය පරිශීලකයෙක්ම තමා. මේක හරියට තේරුම් ගන්නේ නැති එක ගැටලුවක් තමා. අනික පරිපාලකයෙක් උනත් ප්‍රජාවට විරුද්ධ ක්‍රියා කලොත් වෙන දේ දන්නවානේ. අනිවා. පොදු මතය තමා බලවත්. සමහර පොදු මත සාමාන්‍ය අයට ක්‍රියාත්මක කරන්න බෑ. මේ වෙලාවට අදාළ බලතල තියෙන කෙනා ලවා ඒක කර ගන්න ඕනෑ. ඔයා කියනවා වාගේ මේ පරිපාලක බලතල කියන්නේ මහ සොච්චන් දෙයක්.(මම දන්නවා පරිපාලක තනතුරේ කරන්න පුලුවන් දේවල්.) මොකද අපිට ගෙවන්නේ නෑනේ මේ ලිපි ලිව්වට විකිය දියුණු කලාට. ආත්මතෘප්තිය විතරයි. ඔයාගේ මේ අදහස (ඇත්තටම මේක විකියේ බඳේ තේරුම) තේරුම් කරලා දෙන්න ඕනෑ ප්‍රජාවට.-- බිඟුවා සාකච්ඡාව 13:22, 22 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
ඔබතුමා හරියටම හරි. මේක ගොඩක් දෙනෙක් තේරුම් ගන්නේ නැහැ. පරිපාලකයො ගැන තිබෙන විකිපීඩියා රචනා පරිවර්තනය කරලා අනිවාර්ය කියවීම් බවට පත් කරන්න පුළුවන් නම් අගෙයි කියල සමහරවිට හිතෙනවා. අප බොහෝ විට (පරිශීලකයන් හැටියට) ක්‍රියාකරන්නේ තනි මතයට. අපි යමක් හිතුවා, ඒක කලා. සමහරවිට පොදු මතය ඉල්ලනවා, ඒත් ඉවසගෙන ඉන්න බැහැ. විකිපීඩියාව පොදු දෙයක් නිසා ඒක හරි නැහැ. තවදුරටත් පරිපාලකයො බිහි කරන්න කලින්අපි හැවොම අතර මේ ඉවසීම ප්‍රගුණ කරන්න ඕන කියලා මම හිතනවා. තුති. --- Srimalpunchi (talk) 08:14, 22 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
Srimalpunchi, ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. පරිශීලකයින් තනි මතයට වැඩ කරන එකටනම් කැමති නෑ. ඉවසීම ගැන කියනවානම් ඉතින් කියලා වැඩක් නෑ. කවුරුහරි වැරැද්දක් කරනතුරු බලාගෙන ඉන්න අයත් ඉන්නවා. ඊට පස්සේ ඒකට එලව එලවා පහර දෙනවා. වැරැද්ද හදාගන්න විදියවත්, ඒකේ අනිසි පලවිපාක ගැනවත් සඳහනක් නෑ. අපි ඔක්කොම මිනිස්සු. අපි අතින් වැරදි වෙන්න පුලුවන් බොහොම ලේසියෙන්. ඒක හින්දා වැරද්දක් උනාම ඒක පෙන්වලාදී වැරැද්ද නිවැරදි කරන හැටි කියලා දුන්නානම් හොඳයි. එහෙමයි පොදු වැඩවලදී වෙන්න ඕනෑ. නැතුව ඔය දැන් තියෙන විදියට නෙමෙයි. මේක හින්දා සමහ්රු විකිය දාලා යන්න පුලුවන්. අපිට ඉන්නේ බොහොම සීමිත පිරිසක්. ඉතින් මේ අයත් ගියොත් මොකද වෙන්නේ. අනික තමා එකිනෙකා ගැන විශ්වාසයක් නෑ. හැම වෙලාවෙම වපර ඇහින් බලන්න පටන් අරගෙන. මේ කතාව මාතෘකාවට අදාළ නෑ. නමුත් කියන්න වෙනවා. මේවගේ පොදු වැඩ වලදී වැදගත්ම දේ එකිනෙකාඅතර තියෙන විශ්වාසය. ඉතින් මේකම නැතුව අපි කොහොමද ඉස්සරහට යන්නේ. ඔයා කියන්නාවගේ තම තමන්ට අවැසි විදියට වැඩ කරන්න ගියොත් මේක හරි යන්නේ නෑ. එකතු වෙලා වැඩ කරන්න ඕනෑ. නමුත් අද වෙලා තියෙන්නේ එකිනෙකාගේ වැරදි පෙන්න පෙන්න කෑ ගහ ගහ ඉන්න අය වැඩියි. උපදෙස් දෙන අය වැඩියි. වැඩ කරන්නේ බොහොම සීමිත කොටසක්. මේකට පරිපාලකයින්ට කරන්න දෙයක් නෑ. නමුත් අපිට කරන්න දෙයක් තියේවි. -- බිඟුවා සාකච්ඡාව 03:25, 23 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
I wish to express my willingness to participate in an effort to ease the burden on current administrators by assisting them through serving in a reviewer panel please. The next step should be formulation of a set of rules and the methodology for inter-communication between panel members.-- චතුනි අලහප්පෙරුම/Chathuni Alahapperuma (talk) 17:42, 24 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
මගේ නම යෝජනා කිරීම සම්බන්ධයෙන් Leeට බෙහෙවින් කෘතවේදී වන නමුත්, ඉතාම කණගාටුයි, මගේ අදහස ශ්‍රී ලංකාවේ පක්ෂීන් ලැයිස්තුව ලිපිය ලියා අවසන් වූ වහාම (නමුත් එය අවසන්කිරීමට තව සති 2ක් වත් යන හැඩයි ) විකිපීඩියාවෙන් විශ්‍රාම යන්නයි. සාමන්‍ය ජීවිතයේ වැඩ රාජකාරි බහුල වීම නිසයි. දැනට කන්දක් තරම් විශාල වී ඇති මැකිය යුතු ලිපි සංඛ්‍යාව අඩු කර ගැනීම සඳහා හැකි හැම උදව්වක් කිරීමට මම ඉතාම සතුටුයි. නමුත් මට නම් හැඟෙන්නේ සිංහල විකිපීඩියාවේ අනාගතය ඉතාම සුභ බවයි. ජය--Chanaka L (talk) 11:29, 26 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]
Dear Lee
Thank you for trusting me & suggesting my self too. I'm not sure what you expect. If there is something you / community ask me to do will try my best. Singhalawap (talk) 11:38, 26 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]


Now what? මීමා (talk) 08:46, 12 ඔක්තෝබර් 2010 (යූටීසී) සනීප ඇති. ඔය උඩින් තියෙන කතාව තාම ක්‍රියාත්මකයි. අනාගන්ඩ වගේ --raju (talk) 05:34, 17 ජනවාරි 2015 (යූටීසී)[reply]

මට පේන්නේ දැන් තනියම බර අදින්න වෙයි වගේ Lee. මම පුලුවන් සප් එකක් දෙන්නම්. -- බිඟුවා සාකච්ඡාව 02:56, 21 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

Speeding Up of Clearing the Delete Backlog[සංස්කරණය]

Hi all, in order to speed up clearing the delete backlog I have a small suggestion to make. I’m having a hard time going through the articles to verify whether they should really be deleted. How about we setup a reviewer panel here in our wiki? My idea is if at least two members of the reviewer panel agrees that an article should be deleted then an admin can delete it without worrying about checking the suitability for deletion. What are your comments on this? --Lee (talk) 11:13, 9 අගෝස්තු 2010 (යූටීසී)[reply]

I hate to say this. CSD tagging is a somewhat tricky business. I've seen the best of the Wikipedians fail their RfAs, due to their incompetent CSD tagging. I am really sorry, I don't agree with some of the speedy taggings I've seen here. I didn't want to tell this before as I didn't want to stir up a debate.--Chanaka L (talk) 11:31, 9 අගෝස්තු 2010 (යූටීසී)[reply]
Yeep, There is something in Chanakal words. It is a tricky business. -- බිඟුවා සාකච්ඡාව 11:31, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]


Your First Article[සංස්කරණය]

Found http://en.wikipedia.org/wiki/Wikipedia:Your_first_article - which explains good points how to start on article writing. It's shown on the edit screen when someone is writing an article on EN wiki. How about creating a similar article (or translating this) for the benifit of si wiki users ? Do we have anything like this written ? --සදීප (talk) 11:07, 5 නොවැම්බර් 2010 (යූටීසී)[reply]