විකිපීඩියා:කෝපි කඩේ (ප්‍රතිපත්ති)/Archive 2

විකිපීඩියා වෙතින්

රජ යන්න අවැසිද?[සංස්කරණය]

නිවැරදි මාතෘකාව කුමක්ද? අපේ සම්මුතිය කුමක්ද? මීට කලින් මේ ගැන සංවාදයක් තිබුණාද? උදා:

-- බිඟුවා සාකච්ඡාව 08:37, 4 නොවැම්බර් 2010 (යූටීසී)[reply]
තනතුර ඇත්තටම අවශ්‍ය ද? මම හිතන්නේ නම් නම පමණක් (ශ්‍රී වික්‍රම රාජසිංහ) ප්‍රමාණවත් කියලා. --Lee (talk) 09:10, 4 නොවැම්බර් 2010 (යූටීසී)[reply]
මගේ අදහසත් තනතුර අවශ්‍ය නෑ කියලායි. බලමු අනිත් අය. -- බිඟුවා සාකච්ඡාව 09:13, 4 නොවැම්බර් 2010 (යූටීසී)[reply]


My personal view is to use ශ්‍රී වික්‍රම රාජසිංහ රජ. But I have no strong opposition for ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. I do not think ශ්‍රී වික්‍රම රාජසිංහ is appropriate in sinhala wikipedia. I think this problem is raised because En wikipedia is not using word "King". Even they are not using that when referring to king in absence of king. Singhalese never address use just name when referring kings. Its rude & it will make readers uncomfortable to see headings like දුටුගැමුණු, පරාක්‍රමබාහු, විජය, මිහිදු or ලීලාවතී.
We better think about proper singhala usage than looking into english wikipedia in language, Culture & location specific issues. Better to refer into English wikipedia more & more in Policy & Fundemental related issues (such as Banning sock puppets & restricting functions of anonymous users.
Yes we had සංවාද on similar issues. Some were opposed to හිමි for a Bhikku. But gradually using හිමි is accepted.
Singhalawap (talk) 10:25, 4 නොවැම්බර් 2010 (යූටීසී)[reply]


my vote is for ශ්‍රී වික්‍රම රාජසිංහ රජ. සමන් (talk) 10:36, 4 නොවැම්බර් 2010 (යූටීසී)[reply]
ම්..ම්ම්... ඔව් සිංහල විකිය සිංහල අපිට නිසා රජ(රැජිණ, රජු, හිමි, වහන්සේ...) යන්න යෙදීම සුදුසු වගේ හිතෙනවා. නිකම්ම නම් කියවන කොට පොඩි අපහසු ගතියකුත් එනවා. එකඟයි. මේක සිංහල විකියේ ප්‍රතිපත්තියක් විදියට සම්මත කර ගන්න ඕනෑ. බලමු තව ටිකක්. සතියකින්(හෝ දෙකකින්) විතර අපිට පුලුවන් වෙයි තීරණයකට එන්න. ස්තුතියි පිළිතුරු වලට. -- බිඟුවා සාකච්ඡාව 11:02, 4 නොවැම්බර් 2010 (යූටීසී)[reply]
  • රජු යන්න අඟට යෙදිම වඩාත් සුදුසුයැයි මගේ අදහසයි . මීට User:Buddhikadissanayake , 2010 නොවැම්බර් 06
රජු යන්න සුදුසු යි. තෙරුන් වහන්සේලා ගේ නම් සඳහන් කිරීමේදිත් ප්‍රතිපත්තියක් අවශ්‍යයි. අපි අපේ භාෂාවේ පුද්ගලයන් හැඳන්වීමේ දී යොදන භක්තිය නැති කර ගන්න හොඳ නෑ. අනංගයා (talk) 11:56, 16 ජනවාරි 2011 (යූටීසී)[reply]
අනංගයෝ , මෙවන් පැණ කථා බහට ගැනීම පිලිබඳව මගේ උපහාරය !
මගේ මෙතෙක් යෙදූ අයුරු සමග මගේ යෝජනාව
  1. රහත් තේරුන් (පිරිමි) - xxxxx රහතන් වහන්සේ
  2. රහත් තේරුන් (කාන්තා) - xxxxx රහත් තෙරණිය
  3. රහත් නොවූ තේරුන් (පිරිමි) -- xxx හිමි / තෙරණුවෝ (2න් එකක් තීරණය කිරීම හෝ කැමති එකක් භාවිතය කල හැක)
  4. රහත් නොවූ තේරුන් (කාන්තා) - xxxxx තෙරණිය
  5. කිසිදා උපසම්පදා නොවූ තේරුන් (පිරිමි)- xxxx සාමනේර හිමි
  6. කිසිදා උපසම්පදා නොවූ තේරුන් (කාන්තා)- xxxx දස සිල් මාතාව
Singhalawap (talk) 07:08, 17 ජනවාරි 2011 (යූටීසී)[reply]
යෝජනාවට මම එකඟයි. හිමි / තෙරණුවෝ යන දෙකෙන් තැනට උචිත​ වහර යොදන එක, වඩා හොඳයි.
මේ ප්‍රතිපත්ති සම්මත කර ගන්න එක කල් අරින්න එපා. තාවකාලික පදනමකින් හරි සම්මත කරලා හැමෝට ම පේන තැනක තියන්න​. විශ්‍වකෝෂයක කරුණු ඉදිරිපත් කිරීමේ රටාවේ ඒකියත්වයක් පවතින්න ඕන​.
අනංගයා (talk) 13:03, 17 ජනවාරි 2011 (යූටීසී)[reply]

පරිශීලක පිටු වෙනත් අය විසින් සංස්කරනය කිරීම[සංස්කරණය]

Chamila Liyanage නම් පරිශීලක විසින් මාගේ සහ (වාරණය කල) චතුනි අලහප්පෙරුමගේ පරිශීලක පිටු ( පරිශීලක සාකච්ජා පිටුව නොවේ) සංස්කරණය කර ඇති බව දුටිමි. මම පුද්ගලිකව මගේ පරිශීලක පිටුව, මගේ අවසරයකින් ‍තොරව වෙනස්කරනුලැබීමට අකමැතිය. මේ සම්බන්ධව English විකියට ප්‍රතිපත්තියක් තිබේද? අපි කුමක් කරමුද? Singhalawap (talk) 20:27, 26 ජනවාරි 2011 (යූටීසී)[reply]

පාකිස්තාන් ඉස්ලාමීය ජනරජය=පකිස්ථාන් ඉස්ලාමීය සමුහාණ්ඩුව=පකිස්ථානය ද?[සංස්කරණය]

පාකිස්තාන් ඉස්ලාමීය ජනරජය=පකිස්ථාන් ඉස්ලාමීය සමුහාණ්ඩුව=පකිස්ථානය ද?

පිටු 2 ක් තියෙනවා. පාකිස්ථානය සහ පාකිස්තාන් ඉස්ලාමීය ජනරජය මේ එකම රටක් නම්-ප්‍රධාන පිටුව පාකිස්ථානය විතරක් ගත්තා නම් හොදයි. නේද? ---- සමන් (talk) 03:32, 23 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

විකි සම්මුතිය රටේ ව්‍යවහාර නාමය භාවිත කරන එක​. රටේ නිල නම භාවිත කරන එක නෙමෙයි. පිටුව නම් වෙන්න ඕන රටේ ප්‍රසිද්ධ නමින්. ඔයා කියන දේ හරි. නංගයා මතන්න 07:25, 23 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ප්‍රවර්ගය:ග්‍රහලෝක_-_සූර්ය_ග්‍රහ_මණ්ඩලය[සංස්කරණය]

ප්‍රවර්ගය:ග්‍රහලෝක_-_සූර්ය_ග්‍රහ_මණ්ඩලය බලන්න

http://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA:%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A_-_%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA_%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84_%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA

ග්‍රහලෝක වල නම් එක එක අකාරයෙන් තම දාලා තියෙන්නෙ.මම හිතනවා අපි මෙතනදී පහල පෙන්වන විදිහට ග්‍රහලෝක වල නම් යොදා ගත්තොත් කියලා. ( old name---> new name)
1.බුධ --->බුධ ( වෙන්සක් නැත)
2.සිකුරු ග්‍රහයා --->සිකුරු ( ග්‍රහයා no need)
3.මහ පොළොව--->පෘතුවිය (populer and correct use I guess)
5.අඟහරු ග්‍රහලොව (තාරකාවේදය)--->අඟහරු ( ( ග්‍රහලොව (තාරකාවේදය) no need- The main article has to be අඟහරු like in En.Wiki - we need to have a similer text like "This article is about the planet. For other uses, see Mars (disambiguation)." on top of the article if needed)
4.බ්‍රහස්පති ග්‍රහයා--->බ්‍රහස්පති ( ග්‍රහයා no need)
5.සෙනසුරු (තාරකාවේදය)--->සෙනසුරු ( ( ග්‍රහලොව (තාරකාවේදය) no need- The main article has to be සෙනසුරු like in En.Wiki "This article is about the planet. For other uses, see Saturn (disambiguation)" on top of the article if needed.)
6.යු‍රේනස්--->යු‍රේනස් ( වෙන්සක් නැත)
7.නෙප්චූන්--->නෙප්චූන්( වෙන්සක් නැත)
8.ප්ලූටෝ--->ප්ලූටෝ( වෙන්සක් නැත)
සමන් (talk) 08:04, 8 මාර්තු 2011 (යූටීසී)[reply]
(තාරකාවේදය) අවශ්‍යවීමට හේතුවක් ඇත. අඟහරු ග්‍රහලොව (තාරකාවේදය) සහ අඟහරු ග්‍රහලොව (නක්‍ෂත්‍රය) ලෙස ලිපි 2ක් සිංහල විකිපීඩියාවේ කෙදිනක හෝ දියුණු වනු ඇත. Singhalawap (talk) 08:39, 8 මාර්තු 2011 (යූටීසී)[reply]
ඔව්. මම මේ ගැන කලිනුත් කතා කලා. ඔබගේ පැහැදිලි කිරීම තාමත් මට පොදු ලෙස හෝ නිවැරදි ලෙස පේන්නෙ නැ. ඇයි බැරි, බුධ ,සිකුරු ,පෘතුවිය .....ලෙස ප්‍රධාන මාතෘකාව තියාගෙන, en.Wiki එකේ වගේ පිටුවෙ මුලින් ""This article is about the planet. For other uses, see Mars (disambiguation)." යොදා ගන්ඩ. ඔබ කියන ආකාරයට අඟහරු ග්‍රහලොව (නක්‍ෂත්‍රය) ලෙස පිටුවක් දියුනු වීමට ඇති සම්භාවිතාව බැහර නොකරමි. එසේ නම් අඟහරු ග්‍රහලොව (ජීවීන්), අඟහරු ග්‍රහලොව (චිත්‍රපටි), අඟහරු ග්‍රහලොව (ජනාවාස)...ලෙස මාතෘකා දියුණු වීමටද අවස්ථාව ඇත. "ජනප්‍රිය " භාවිතය යොදාගතයුතු අවස්ථාවේ එය යොදා ගත් යුතු බව ( උදා: මේ අවස්ථාව- "අඟහරු ග්‍රහලොව (නක්‍ෂත්‍රය )" වෙනුවට "අඟහරු" ) සහ නිවැරදි භාවිතය යොදාගතයුතු අවස්ථාවේ එය යොදා ගත් යුතු බව ( "දිවියා" වෙනුවට "කොටියා" ) බව මාගේ අදහසයි.-------සමන් (talk) 03:55, 9 මාර්තු 2011 (යූටීසී)[reply]
අඟහරු ග්‍රහලොව (ජීවීන්), අඟහරු ග්‍රහලොව (ජනාවාස) නොව එම ලිපි අඟහරු ග්‍රහලොවේ ජීවීන්, අඟහරු ග්‍රහලොවේ ජනාවාස විය යුතුය.
අඟහරු ග්‍රහලොව නමින් චිත්‍රපටියක් බිහිවූදින අදාල ලිපිය අඟහරු ග්‍රහලොව (චිත්‍රපටිය) වනු ඇත. අඟහරු ග්‍රහලොව (ගීතය), අඟහරු ග්‍රහලොව (නට්‍යය) වැනි ලිපි බිහිවූ විට අඟහරු ග්‍රහලොව (වක්‍රෝන්තිහරණය) පිටුව සැකසියහැක.
අඟහරු ග්‍රහලොව (නක්‍ෂත්‍රය ) ලිපිය ඉංග්‍රීසි ලිපියට other use වියහැකි නමුත් සිංහල විකියට ප්‍රධාන මාතෘකාවකි.

මෙය වදනේ ජනප්‍රියතාව පිලිබඳ ගැටුමක් නොවේ.

Singhalawap (talk) 06:40, 9 මාර්තු 2011 (යූටීසී)[reply]
'ලිපිය ඉංග්‍රීසි ලිපියට other use වියහැකි නමුත් සිංහල විකියට ප්‍රධාන මාතෘකාවකි යයි ඔබ කියන්නේ ඇයි ?----සමන් (talk) 08:40, 9 මාර්තු 2011 (යූටීසී)[reply]
මෙතන ප්‍රධාන මාතෘකාව විය යුත්තේ සමන් කියන ආකාරයට කියලයි මට නම් හිතෙන්නේ මොකද අපි පාසලේ දී ඉගෙනගන්නෙත් බුධ, සිකුරු, අඟහරු, පෘතුවිය වගේ වචන වලින්. එම මාතෘකා ම තමයි ඉංග්‍රීසි විකියේත් ප්‍රධාන මාතෘකා වෙලා තියන්නෙ. විකිය ලියද්දි ඉංග්‍රීසියෙන් එක විදිහකුත් සිංහලින් තව විදිහකුත් අනුගමනය කලයුතු නැහැ. Sinhalawap කියන විදිහට, අඟහරු ග්‍රහලොව (ජීවීන්) කියන එක අඟහරු ග්‍රහලොවේ ජීවීන් කියල වෙනස් වෙන්න ඕන නම්, අපි සිංහල විකියේ භාවිතා කරලා තියන වැරදි දේවල් ගොඩක් වෙනස් වෙන්න ඕන. උදාහරණයක් කිව්වොත්, ප්‍රවර්ගය:ඉතිහාසය - ලංකා කියන එක ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ ඉතිහාසය එහෙම නැත්තම් ප්‍රවර්ගය:ලංකාවේ ඉතිහාසය කියල වෙනස් වෙන්න ඕන නේද? අඟහරු කියන ප්‍රධාන මාතෘකාව යටතේ ඔය සමන් කියපු විදිහට අනු මාතෘකා එන එක මම නම් වරදක් දකින්නේ නෑ. --උපුල් (talk) 09:01, 9 මාර්තු 2011 (යූටීසී)[reply]
මට හිතෙන්නෙත් සමන් හරි කියලා. --Lee (talk) 14:11, 9 මාර්තු 2011 (යූටීසී)[reply]
ලංකාවෙ ඉස්කොලවල තාම සිංහල දැණුම සංවිතය උගන්නන්නෙ නෑනෙ. නක්‍ෂත්‍රය, වැවවක කොටස් සහ කාර්යයන්, කෙම් වගේ දේවල් මමත් ඉස්කොලෙ ඉගෙනගෙන නෑ. ප්‍රජාව කැමතිනං ප්‍රවර්ග නාමකරණය වෙනස් කලාට මගේ විරුද්ධත්වයක් නෑ. හාබැයි ඒ කථාව මෙතෙන්ට අදාල නෑ. Singhalawap (talk) 14:18, 9 මාර්තු 2011 (යූටීසී)[reply]
අඟහරු (නක්‍ෂත්‍රය) කියන ලිපිය හොඳට හදාගන යනවා. Sinhalawap ගේ දැනුම සහ හැකියාවට මගේ ගෞරවය... අපි නක්‍ෂත්‍රය වගේ දේවල් ඉගෙනගන්නේ නම් විශේෂ උවමනාව ට ම තමයි. නමුත් මම තවම හිතන්නේ, "අඟහරු" කියන දේ ලංකාවේ බහුතරයක් භාවිත කරන විදිහ. බුධ, සිකුරු, අඟහරු, පෘතුවි.. වගේ සියලුම ග්‍රහලෝක සෞරග්‍රහ මණ්ඩලය කියන ප්‍රවර්ගය යටතේ එන්න ඕන වගේ. එතැනදී, "අඟහරු" වගේ ප්‍රධාන ලිපිය තියෙද්දී "අඟහරු (නක්‍ෂත්‍රය)" වගේ විශේෂ ලිපි තිබුනට කමක් නෑ කියලයි මට නම් හිතෙන්නේ. --උපුල් (talk) 06:36, 10 මාර්තු 2011 (යූටීසී)[reply]

ලංකා ඉතිහාසය / ශ්‍රී ලංකා ඉතිහාසය ?[සංස්කරණය]

විකියේ මම දැක්ක විදිහට සමහර පිටු තියනවා ලංකා ඉතිහාසය කියල. ඒ අතරම අපි ප්‍රවර්ගයකුත් දල තියනවා. නමුත් අපි ලංකාව කියන නම 1976 සමුහාණ්ඩු ව්‍යවස්ථාවෙන් ජනරජයක් උනාට පස්සේ ශ්‍රී ලංකාව කියල වෙනස් කරගත්ත නේ. මගේ මතය නම් අපි අද භාවිතා කලයුත්තේ ශ්‍රී ලංකා ඉතිහාසය කියල බවයි. මේක හරියට සිරිපාල කියල කෙනෙක් සම්පත් කියල නම වෙනස් කරගත්ත ට පස්සේ අපි සිරිපාල ගේ ගම කොහෙද කියල අවුරුදු ගානක් ගියාට පස්සේ කියන්නේ නෑ නෙ. එයා සම්පත් වෙලා ඉවරයි. මේක ඉතින් මගේ මතය. අපේ විකි ප්‍රජාව මොකද කියන්නේ කියල දැනගන්න කැමතියි. උදාහරණය : ලංකා ඉතිහාසය-නව ව්‍යවස්ථාව --උපුල් (talk) 02:58, 22 මාර්තු 2011 (යූටීසී)[reply]

හිතවත් උපුල්
සිරිපාල කථාවට වඩා මේක වෙනස්. නිදසුනක් ලෙස මයන්මා‍ර් ඉතිහාසය සහ බුරුම ඉතිහාහසය කියන දෙකම පවතින්න පුළුවං. මේ ලිපි වල අදාල කාල පරාසල , භූමිය ආදිය වෙනස්. ලියන්න දේවල් අඩුනම් ලිපි 2 එකතු කරන්නත් පුළුවං. ප්‍රවර්ගත් 2ම තිබ්බාවෙ. එකක් ඇතුලට අනික දැම්මැකිනෙ. "කච්චතිවු" කියල ලිපියක් හැදුවොත් ඒකට ප්‍රවර්ග දාද්දි "සිංහලේ" සහ "ශ්‍රී ලංකා" 2ම දාන්න පුළුවං ඒත් "ලංකා" දාන්න බෑ. ඒ මොකෝ දන්නවද, රටේ නම "ලංකා" කාලෙ කච්චතිවු අයිති ඉංදියාවට. ඊට ඉස්සරත් අපේ, ඊට පස්සෙත් අපේ.
මතුපිටං බළුවම බැළුවම එක වගේ ලිපි දුර දිග නොබලා merge or redirect කලාම accuracy බහිනවා. ප්‍රවර්ග උනත් එහෙමයි.
Singhalawap (talk) 14:49, 9 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

English wiki Redirects History of Ceylon to History of Sri Lanka. Thai is because they do not take accuracy of these articles seriously. But they have 3 separate articles for [History of the United Kingdom], History of England, History of the British Isles. Singhalawap (talk) 14:57, 9 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

සිංහල විකිපීඩියාව සැලසුම් සහගතව නංවමු[සංස්කරණය]

අප දැනට සමහරක් සැකිලි පරිවර්තනය කරමු; සමහරක් ලිපි පරිවර්තනය කරමු; අලුත් ලිපි ලියමු; ප්‍රවර්ග කරණය කරමු; ඒත් වම් අත කරන දෙය දකුණු අත දන්නේ නැත. සම්බන්ධීකරණයක් නැත. සිංහල විකිපීඩියාව සැලසුම් සහගතව නැංවීමට මම මෙසේ යෝජනා කරමි. අප සැම කරන දෙය අනුන්ට කියමු. එවිට අන් අදහස්, උදහස්, යෝජනා, ආදිය සහිත බුද්ධි කලම්බනයක් ඇති කල හැක. පටන් ගනිමු. ශ්වෙත වන මම කරන දේවල්:

  1. රටේ දත්ත සැකිලි
  2. ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුව
  3. ලංකාවේ පැරණි මැතිවරණ කොට්ඨාශ
  4. මීට අමතරව ඉතිහාසය, පුරා විද්‍යාව ගැන පරිවර්තනය කරන්න කැමතියි
  5. සියළු සැකිලි සිංහලකරණය කරන්න කැමතියි
  6. විද්‍යාව පිළිබඳ ලිපි පරිවර්තනය කරන්න කැමතියි

අනෙක් අයත් මේ වගේ කියන්න. මගේ කටයුතු ගැන් අදහස් දක්වන්න. ඔයාලගේ කටයුතු ගැන අදහස් දක්වන්න ඉඩ දෙන්න. තුති. --- ශ්වෙත (talk) 06:58, 8 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

මරේ මරු. මං කැමතියි. වෙලව තමයි පුස්නේ. පුළුවං විදියට Set වෙන්නං. Singhalawap (talk) 15:03, 9 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
නියමයි, ඔබ සැලසුම් සහගතව සිංහල විකියෙහි දියුණුවට කරනු ලබන මෙහෙය අනෙකුත් සස්කාරකවරුන්ට ද මහත් පහසුවක් වනු ඇති.--Randeerjayasekara (talk) 17:58, 19 ඔක්තොම්බර් 2014 (යූටීසී)
මරේ මරු.ඔච්චර ගොඩක් ඔයා තනියම කරන්නේ කොහොමද? පුදුමයි --RsEkanayake 05:38, 5 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

සිංහලයේ පද බෙදීම[සංස්කරණය]

සිංහලයේ පද බෙදීම ගැන ප්‍රතිපත්තියක් කරා යෑමට මේ ගැන උනන්දු සැවොම මෙම ලිපිය කියවා අදහස් දක්වත්වා. තුති. --- ශ්වෙත (talk) 01:40, 12 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

ශාක/සත්ත්ව විශේෂය /රටාසමය සඳහන් කිරීම[සංස්කරණය]

ශාක/සත්ත්ව විශේෂය /රටාසමය ඉංග්‍රීසි අක්ෂර වලින්, ලතින් භාෂාවෙන්ම තියෙන්නට හරිමුද ? මොකද ජීවින් නාමකරණයට අනුව මේවා ලියන්නේ ලතින් භාෂාවෙන්,ඉංග්‍රීසි අක්ෂර වලින්. ඒ ඒ නම් වලට තේරුමකුත් තියෙනවා.නාමකරණයට විශේෂ නීති මාලාවක් තියෙද්දීත් සිංහලෙන් ශබ්දය ලියන එක හරි නෑ කියලයි මට හිතෙන්නේ. මොකක්ද අදහස? --Shane44 (talk) 16:00, 25 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

කෙස් පැලෙන තර්ක ඕන නැහැ. උද්භිද විද්‍යාව, ජීව විද්‍යාව, සත්ත්ව විද්‍යාව ගැන සිංහලෙන් ලියපු පොත් වල, පාඨශාලා පෙළ පොත්වල, පැසැල්/විශ්වවිද්‍යාලවල උගැන්වෙන විදිහ අනුව ක්‍රියා කරමු. මේ ලිපි කියවන අය මම කියපු දේවල් මුලින් පරිශීලනය කරපු අය. ඒ ගොල්ලට මේව ග්‍රීක් නොවිය යුතුයි. -- නන්දිමිතූරු (talk) 16:18, 25 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
තර්කයක් නෑ නන්දිමිතූරු.සාමාන්‍යයෙන් භාවිතා වෙන නීතියක් ගැන අදහසක් විතරයි.රාජධානිය, වංශය, වර්ගය ... වගේ ඒවා කෙසේ වෙතත් විශේෂය ලියල තියෙන විදිය දැක්කම මොකද්ද මොකද්ද වගේ. විශ්වවිද්‍යාලේ නම් සත්ත්ව විද්‍යාව ,උද්භිත විද්‍යාව දෙක උගන්නන්නේ ඉංග්‍රීසි වලින්. සිංහල අකුරු පාවිච්චි වෙන්නෙම නෑ. උසස් පෙලට ජීව විද්‍යාවට උගන්නපු විදිය තමා මන් ඔය කිව්වේ. ඉස්සර පරණ සිලබස් සත්ත්ව විද්‍යාව ,උද්භිත විද්‍යාව පොත් වල නම් සිංහලෙන් ශබ්දය ලියල තියෙනවා. හැබැයි කොච්චර දුරට හරිද කියල නම් මන් දන්නේ නෑ. නිතර අලුත් වෙන විෂයක්නේ. පාඨශාලා පෙළ පොත්වල තිබ්බේ කොහොමද කියල නම් මට මතකයක් නෑ.ඉංග්‍රීසි අකුරෙන් තියෙන එක මට නම් ග්‍රීක් නෑ. :-) --Shane44 (talk) 16:59, 25 අප්‍රේල් 2011 (යූටීසී)[reply]
ශේන්44 ගේ අදහසට එකඟයි. ඔය නම් ඉංගිරිසියෙන් දුන්නෙ නැත්තම් කාටවත් ප්‍රයෝජනයක් නෑ. සිංහල වචනෙ එක්ක වරහන් තුළ හෝ ඉංගිරිසි වචනය අනිවාර්යයෙන් ම දෙන්න ඕනෑ.   | අනංගයා | සංවාදය​ | 13:33, 6 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

වාරණය කල පරිශීලකයන්ගේ පරිශීලක පිටුවල හෝ පරිශීලක සාකච්ඡා පිටුවල වෙනස් කම් කිරීම[සංස්කරණය]

වාරණය කල පරිශීලකයන්ගේ පරිශීලක පිටුවල හෝ පරිශීලක සාකච්ඡා පිටුවල හෝ වෙනස් කම් කිරීම නොකල යුතු යන ප්‍රතිපත්තියට පැමිණිය යුතු යැයි සිතමි. නිදසුනක් ලෙස පරිශීලක:පසිඳු කාවින්ද විසින් පරිශීලක:පසිදු කාවින්ද හා පරිශීලක සාකච්ඡාව:පසිදු කාවින්ද යන පිටුවල සිදු කල වෙනස් කම් මෙබැවින් ආපසු ප්‍රතිවර්තනය කළෙමි. -- ශ්වෙත (talk) 13:13, 26 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

වෙන වැඩක් ඇත්තෙම නැද්ද? සිඳු කාවින්ද  සාකච්ඡාව 13:37, 26 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

පසිඳු, විකියේ දී සම්මතයන්ට පටහැනිව යන්න එපා. හැමදෙනාම දායකත්වය දෙන්නේ ලොකු කැපවීමකින්. If any one has corrected you, accept your faults and correct yourself.. මුළු දවස පුරාම විකියේ වැඩකරලා ලොකු දායකත්වයක් දෙන එක නම් විකියේ සංවර්ධනයට ලොකු හයියක් හැබැයි, එහෙම කලා කියල විකියට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ පරිශීලකයන් කියන දේවල් අහන්නේ නැතිව පොර ටෝක් දෙන එක නම් හොඳ දෙයක් නෙවෙයි. බුද්ධියෙන් විමසල ප්‍රකාශ නිකුත් කරන්න. --උපුල් (talk) 15:39, 26 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

<MARQUEE WIDTH=100% BEHAVIOR=SCROLL DIRECTION=RIGHT BGColor=yellow>I would like to make better wiki and i'm working hard for it...</MARQUEE> සිඳු කාවින්ද  සාකච්ඡාව 10:40, 27 අප්‍රේල් 2011 (යූටීසී)[reply]

තෝරාගත් ලිපිය තෝරාගැනීම[සංස්කරණය]

තෝරාගත් ලිපිය තෝරාගැනීමේදී අවම වශයෙන් පස් දෙනෙකුගේ හෝ අදහස් වීමසා තෝරාගත යුතු යැයි ප්‍රතිපත්තියකට එළඹිය යුතුයි. එක් අයෙකු මෙය සිදු කරන විට එම තැනැත්තා විසින් සංස්කරණය කල ලිපි ඉතා සුදුසුය යන අදහසක් ස්වභාවිකව ඇතිවෙන බැවින් අකටයුතු සිදුවීමට බොහෝ අවකාශ ඇත. මෙහි නායකත්වය පරිපාලකවරුන් ගත යුතුය. --- ශ්වෙත (talk) 01:13, 2 මැයි 2011 (යූටීසී)[reply]

ශ්වේත! ඔබ කියන දේ නිවැරදි වුනාට අදහස් වීමසා තෝරාගැනීමේදී සිදුවන දේ තමයි මේ සතියේ විශේෂාංග ලිපිය මාසයේ විශේෂාංග ලිපියක් බවට පත්වෙන එක. මොකද මේ ලිපිවලට Support කියන tag එක එක්කෙනෙක් දාන්නම සතියක් විතර කල් යනවනෙ...සිඳු කාවින්ද  සාකච්ඡාව 12:28, 2 මැයි 2011 (යූටීසී)[reply]

"බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ කියන්නෙ ඕකට තමයි" ඇයි අප්ප කවුරුත් මේක කොරන්නෙත් නෑ කොරන එකාට කොරන්න දෙන්නෙත් නැහැනෙ...සිඳු කාවින්ද  සාකච්ඡාව 12:36, 2 මැයි 2011 (යූටීසී)[reply]

අපි බල්ලො නිසා පිදුරු කන්නෙ නැහැ තමයි. පිදුරු ඔහේ තිබුණා ඔයා එන කං. ඔබ මෙහි එනතුරා සිංහල විකිපීඩියාව තිබුණා. මේක ඥාන සම්භාරයක් මිසක් ප්‍රවෘත්ති පත්‍රයක් නොවෙයි. අවශ්‍ය දේවල් කලාට පස්සේ ඔය ලස්සන කරන දේවල් කලාට කමක් නැහැ. නමුත් ප්‍රධාන දේ තමයි ලිපි ලියන/පරිවර්තනය කරන එක. සතියේ විශේෂාංග ලිපිය ඊට පෙර සතිය තුල තෝරා ගත යුතුය කියන තර්කය ඔබ ගෙන ආවා. ඇයි එහෙම කල යුත්තේ? සිංහල විකිපීඩියාව එතරම් සක්‍රීය නැහැ. සතියක් තුල එතරම් ලිපි නිපැවෙන්නේ නැහැ. එහෙම සිදුවෙන අනෙකුත් විකිපීඩියා වලත් තෝරාගත් ලිපි/විශේෂාංග ලිපි කමිටු, පාඨක ඡන්ද ආදියෙන් තෝරනවා හැකි විටක. ඒවා අතුරින් අහඹු ලෙස/හස්තීය ලෙස සතියේ ලිපිය තෝරන්න පුළුවන්. දැන් ප්‍රශ්නය මේකයි. ඔබ සංස්කරණය කරපු ලිපියක් ඔබ තෝරනවා විශේෂාංග ලිපියක් ලෙස. තරුව දෙනවා. සතිය තුල පළකරන්නත් ඒක තෝරනවා. ඔබ මෙහෙ එන්න කලින් සිංහල විකියේ ඡන්දයෙන් ලිපි තේරුවා. ලිපි දෙකයි තේරුවේ. ඒ තේරීම් පවා හරි නැහැ. මේක මුල් පිටුවේ දාන නිසා පරිස්සමින් කල යුතුයි. මේ අප්ප කියන්නේ කරන දේ හරියට කරන්වා මිසක් කරන්නා වාලේ නොකරන් කියලයි. --- ශ්වෙත (talk) 12:56, 2 මැයි 2011 (යූටීසී)[reply]
I agree with ශ්වෙත. We need to adhere to the guideline clause " Before being listed here, articles are reviewed at featured article candidates for accuracy, neutrality, completeness, and style according to our featured article criteria". The one now being shown there has not gone through that process. I kindly expect admin s to take quick action here since we average users cant do anything in this regard except voting for a proposed featured article as per my understanding.This is not to stop someone from working but to stick to basic rules.---සමන් (talk) 07:47, 4 මැයි 2011 (යූටීසී)[reply]

හරි එහෙනම් ඔයගොල්ලො ඕන දෙයක් කොරන්නකො. මගේ මහන්සියෙන් කිසිම ප්‍රයෝජනයක් නැතිවග මට දැන් තේරෙනව. දැන් ඔය කට්ටිය ඔය වැඩේ එහෙනම් කරන්නකො. මට කිසි උදව්වක්වත් නැහැනෙ ඉතින් මටත් දැන් මහන්සිවෙලා ඵලක් නැහැ...සිඳු කාවින්ද  සාකච්ඡාව 10:05, 4 මැයි 2011 (යූටීසී)[reply]

පසිඳු , I nver said that ur work is uselss. Have I?. I just ask admins to move this article for selection critiria and then move to the front page(if approved). Nothing else. If that trigers u to run away from ur work, no one can do anything abt it(bt I ll just ask u not to run away as I did to Sinhalawap). ----සමන් (talk) 12:45, 4 මැයි 2011 (යූටීසී)[reply]
ශ්වේත, සමන් දෙන්නා කියන කතා හරි. විශ්වකෝෂයක් කියන්නේ නිකන් සීනි බෝල සයිට් එකක් නෙමෙයි. විශ්වකෝෂයක වැදගත් අන්තර්ගතයයි. මුල්පිටුව අපිට දිනපතා වෙනස් කරන්න ගැලපෙන දේවල් නැති වුණාම මොකක් හරි කුණුගොඩක් එතෙන්ට දාලා හරියන්නේ නෑ. හැබයි මුල් පිටුව ලස්සනට තියෙන්නත් ඕන. මොකද අලුතෙන් එන කෙනෙකුට හොඳ දෙයක් මුලින්ම දකින්න තියෙන්න ඕන. --Lee (talk) 13:15, 4 මැයි 2011 (යූටීසී)[reply]

මමත් උත්සහ කලේ මුල් පිටුව ලස්සන කරන්න තමයි. ඒ වුනත් මගේ අරමුණ අසාර්ථක වුණා...සිඳු කාවින්ද  සාකච්ඡාව 13:41, 4 මැයි 2011 (යූටීසී)[reply]

හරි වචනය කුමක්ද?[සංස්කරණය]

විශ්වවිද්‍යාලයද නැත්නම් විශ්වවිද්‍යාලයයද? --Lee (talk) 03:24, 23 ජූනි 2011 (යූටීසී)[reply]

හරි වදන විශ්වවිද්‍යාලයය ය. මේ බලන්න:
# උපුටාගැනීම ඩී.ඇෆ්. කාරියකරවන ලියූ "දොස් නිදොස් විශ්ලේෂණය" වෙතිනි: "විද්‍යාලය යනු ශබ්ද ප්‍රකෘතියයි. මෙය නාම පදයක් වන්නේ තව ‘ය’ යන්නක් එකතු වූ විට ය. (විද්‍යාලයය) නීතිය මෙය වුව ද බොහෝ දෙනකු අද ලියන්නේ ‘විද්‍යාලය’ යන්නයි. .....විද්‍යාලයීය යන්න ද අද විද්‍යාලීය වී තිබේ. දැන් මේ අවුල සංගායනාවෙකින් තීරණය කළ යුතු තත්ත්වයට පත් වී ඇත." http://www.silumina.lk/punkalasa/20110213/_art.asp?fn=ar1102137
# රුහුණු විශ්වවිද්‍යාලයේ ලාංඡනය http://www.ruh.ac.lk/2007img/logo100height.jpg
# තව දුරටත් [සාකච්ඡාව:කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනය] හි ‍ශ්වෙත දක්වා ඇති අදහසත් බලන්න.
--සම්පත් සිටිනාමලුව (talk) 05:56, 23 ජූනි 2011 (යූටීසී)[reply]

හාවිතා නොවන රූප බොහෝමයක් අප විකිය තුළ ඇත. එමෙන්ම බොහෝ ගොනු සඳහා වරපත් එක් කර නොමැත. එක් කර ඇති සමහර වරපත් වලංගු නොවේ. පිරිසිදු කිරීම අරඹුවා. ඔබ විසින් යම් ගොනුවක් එක් කලේ නම් නම් කරුණාකර වරපත් එක් කරන්න. ඒ ගෙනු භාවිතා කරන්න. හැකි පමණ කොමන්ස් වෙත උඩුගත කරන්න. සිංහල විකියට පමණක් භාවිතා කල හැකි ගොනු පමණක් උඩු ගත කරන්න. -- බිඟුවා සාකච්ඡාව 19:53, 17 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

කපිතාන් සාලිය උපුල් අලදෙණිය OR සාලිය උපුල් අලදෙණිය[සංස්කරණය]

Do we have to have ranks in the topic? what is correct to have? කපිතාන් සාලිය උපුල් අලදෙණිය OR සාලිය උපුල් අලදෙණිය. සමන් (talk) 03:51, 4 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

DDT or ඩී.ඩී.ටී ?[සංස්කරණය]

http://si.wikipedia.org/wiki/%E0%B6%A9%E0%B7%93.%E0%B6%A9%E0%B7%93.%E0%B6%A7%E0%B7%93 http://si.wikipedia.org/wiki/DDT ඉංග්‍රීසියෙන් දාල තිබ්බ ලිපියක් දැකල ටික කාලෙකට කලින් පරිවර්තනය කරන්න පටන් ගත්තේ. අද තමා දැක්කේ තව පිටුවක් තියෙනවා. මොන ලිපියද main article එක විදියට තියාගන්න හොඳ ? අනෙකට යලි යොමුවක් දාන එක හොඳයි මන් හිතන්නේ.කොහොමත් DDT ලිපියත් සංස්කරණය කරන්න වෙනවා. පටන් ගන්න කලින් ; Any ideas? -Shane44 (talk) 15:57, 6 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

Dear Shane44
I think that ඩී.ඩී.ටී is the proper article.
DDT shal be redirected to ඩී.ඩී.ටී
Singhalawap (talk) 18:28, 8 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
agree with Singhalawap සමන් (talk) 02:42, 9 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

යතුරුලියනය පිළිබඳ උපදෙස්[සංස්කරණය]

සිංහල විකියට ගොඩවෙන පිරිසෙන් බොහොමයක් සිංහල යුනිකේතනය භාවිතයෙන් යතුරුලියනය කිරීමට අපොහසත් වූවන් වෙති.දැනුම තිබුවත්, ආසාව තිබුවත් සිංහලෙන් ලියාගැන්මට බැරිනම්....? මෙවැනි පිරිසත් අප සිංහල විකියට ඈදා ගතයුතු නොවේද? එහෙයින්, විකිපීඩියාවට ආයුබෝවන් කියා පරිශිලක පිළිගැන්මෙහිදීම සිංහල යතුරුලියනය හැසිරවීම පිළිබඳවත් වෙනම මාතෘකාවක් සරල සිංහලෙන් ඈදා තැබුවෙහිනම් වටින්නෙහි නේද? නිකම්ම නොවෙයි, සිංහල හා ඉංග්‍රීසි යතුරුලියන්ට මාරු වීම,කෙටි ක්‍රම,සංස්කරණ සඳහා ගතහැකි මෙවලම් සඳහා උදව්...යනාදිය වගේම,

තවදුරටත් මෙහි ලිපි වැඩිකිරීමට මත්තෙන් පරිශිලකයන් සඳහා වන උදව් පිටු ටික, ඉන්න කට්ටිය ටික එකතු වෙලා සිංහලට සකසා ගත්තා නම් වටින්නේ...., වචනය වචනය ගැටගහල හරි තේරුම හොයන අපි වගේ අයට නොව කඩුව අල කර දමා සිටින පිරිසටය.උදව්වක් බලාගෙන ආවහම ඒ පුද්ගලයට ශබ්ධකෝෂයකුත් ඕන වෙනවනම් තේරුමක් නැහැනෙ, මට විකියෙදි මේ දේ උන නිසයි මම කියන්නේ මුලින් පේලි දෙකක් තුනක් පමණක් පරිවර්ථිත උදව් පිටු තියෙනව.දැනට ඉන්න ඇක්ටිව් සෙට් එක හොටම ඇති මේ වැඩේට. ඉලක්කයක් තියාගෙන කට්ටියම එකතු වෙලා වැඩේට අතගැහුවොත්.එක එක්කෙනා මෙන්න මේ ටික මම කවර් කරන්නම් කියල භාර අරගෙන කරගෙන ගියානම් හරි නේද? යම් තරමක සෑහීමකට පත්වෙන්න පුලුවන් උනාම ප්‍රජාව විකිය යන්න ඕන අත පෙන්නවාවි..ඕං ඉතිං අලුතෙන් ඇවිත් සද්දෙ දානව කියලනම් පහලින් ලියන්න එපා කිව්ව...මොකද කට්ටිය කියන්නෙ? මම ප්‍රදීප් මධුරංග (talk) 17:41, 27 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

ඩඩ්ලි සේනානායක[සංස්කරණය]

ඩඩ්ලි සේනානායක යන ලිපිය කෙලින් ම දිනමිණ පත්තරේ කොපි කරලාදාල තියන්නේ. මේක බලන්න "http://www.dinamina.lk/2011/04/26/_art.asp?fn=f1104264&p=1" --උපුල් (talk) 02:26, 19 මාර්තු 2012 (යූටීසී)[reply]