ලෝක පුදුම

විකිපීඩියා වෙතින්
The Seven Wonders of the Ancient World (from left to right, top to bottom): ගිzසා හි මහා පිරමිඩය, බැබිලෝනියාවේ එල්ලෙන උයන, Temple of Artemis at Ephesus, Statue of Zeus at Olympia, Mausoleum at Halicarnassus (also known as the Mausoleum of Mausolus), Colossus of Rhodes, and the Lighthouse of Alexandria as depicted by 16th-century Dutch artist Maarten van Heemskerck.

ලෝකයේ විශ්මය ජනක ස්වාභාවික අරුමයන් සහ මිනිසා විසින් සාදන ලද ව්‍යුහයන් ලැයිස්තුගත කිරීම සඳහා පුරාණ කාලයේ සිට වර්තමානය දක්වා විවිධ ලෝක පුදුම ලැයිස්තු සම්පාදනය කර ඇත.

පුරාතන ලෝකයේ පුදුම හත (ඉංග්‍රීසි:  Seven Wonders of the Ancient World) මේ ආකාරයේ පළමුවැන්න වේ. එයට පදනම් වී ඇත්තේ පුරාතන ග්‍රීක සංචාරකයන් හට වූ මාර්ගෝපදේශ පොත් වන අතර ඇතුලත් වන්නේ මධ්‍යධරණි මායිම වටා සහ මෙසපොතේමියාවේ පිහිටි කෘති පමණි.

ලෝක පුදුම ගණන හතකට (7) සීමා වී ඇත්තේ, හත ඉලක්කම පරිපූර්ණත්වය සහ බහුලත්වය නියෝජනය කරන බව ග්‍රීකයන් විශ්වාස කළ නිසා සහ එකල දැනුමට අනුව ග්‍ර්හලෝක සංඛ්‍යාව වන පහ (5) සහ හිරු, සඳු දෙකේ එකතුව ද වන නිසාය.[1] මීට අමතරව තවත් මෙවැනි ලැයිස්තු බොහෝ ගණනක් සකස් කොට ඇත.

පුරාතන ලෝකයේ පුදුම හත[සංස්කරණය]

ලෝකයේ පුදුම හත මුල්වරට නම් කරන ලද්දේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ අරකෝසියාවේ සීඩන්හි වාසය කළ ඇන්ටිපේටර් නම් ග්‍රීක පඬිවරයා විසිනි. ඔහු විසින් නම් කරන ලද ලෝක පුදුම හත නම්, මිසරයේ ගීසා පිරමිඩය, ඉරාකයේ බැබිලන්හි එල්ලෙන උයන, ඔලිම්පියාහි සියුස් දෙවියන්ගේ ප්‍රතිමාව, එපියුස්හි ආර්ටෙම්ස් දේවස්ථානය, හෙලිකානස්හි මෝසල්ස් ස්මාරකය, රෝඩිස්හි කොලෝසස් ප්‍රතිමාව, හා ඇලෙකිසැන්ඩ්‍රියාවේ ලොව ප්‍රථම ප්‍රදීපාගාරයයි. ඔහු ජීවත්වූ යුගයේ පැවැති මෙම ස්ථාන අතරින් අද ඉතිරිව ඇත්තේ මිසරයේ ගීසා පිරමිඩය පමනි. පුරාතන යුගයට අයත් සෙසු ගොඩනැගිලි ස්වාභාවික විපත් හා සිතා මතා කරකලද විනාශයන් නිසා අභාවයට ගොස් ඇත.

වෙනත් යුගවල ලැයිස්තු[සංස්කරණය]

මෑත කාලීන ලැයිස්තු[සංස්කරණය]

මේ නිසා වර්තමානයේදී අලුතින් ලෝක පුදුම හතක් නම්කර ඇත. අන්තර්ජාලය හා දුරකථන මගින් කරන ලද ලෝක ජනමත විමසුමක් අනුව ක්‍රිස්තු වර්ෂ 2007 ජුලි 07 වන දින පෘතුගාලයේ ලිස්බන් නුවරදී තෝරාගන්නා ලදි. ඒ අනුව වර්තමානයේ ලෝක පුදුම හත ලෙස හඳුන්වනුයේ,

බ්‍රසීලයේ රියෝද ජෙනයිරෝ නුවර ක්‍රිස්තූන් වහන්සේගේ ප්‍රතිමාව[සංස්කරණය]

බ්‍රසීලයේ රියෝද ජෙනයිරෝ නුවර ඉදිකර ඇති ක්‍රිස්තුත් වහන්සේගේ ප්‍රතිමාව වර්තමාන ලෝක පුදුම හතෙන් එකක් ලෙස නමි කර ඇති අතර එහි උස මීටර් 38කි. නගරය පසුබිමි කරගෙන අහස උසට නැගී සිටින මෙම සුවිසල් ප්‍රතිමාවේ බර ටොන් 635කි.මෙම ප්‍රතිමාවේ  සැලසුම  ප්‍රංශ මූර්ති ශිල්පියකු ව පෝල් ලැන්ඩොව්ස්කි  නම් සැලසුම් ශිල්පියාගේය.මෙම ප්‍රතිමාවේ කොටස සහ එය තැනීමට අවශ්‍යය භාණ්ඩ මේ ස්ථානයට ගෙන ඒමටත්, ඒවා යළි කන්ද මතට රැගෙන යාමටත් රේල් පීලි මත දිවූ දුම්රිය මැදිරි  ට්‍රොලි භාවිතා කරලා තියෙනවා. විවෘත කරන ලද්දේ 1931 ඔක්තෝබර් මස 12 වෙනිදාය. තැනීමට ගතවූ කාලය වසර 5කි.

චීන මහා ප්‍රාකාරය[සංස්කරණය]

නැගෙනහිර චීනයේ කහ මුහුදු බොක්කේ සිට මොන්ගෝලියාවේ බටහිර සීමාව දක්වා විහිදී ඇති චීන මහා ප්‍රාකාරය මිනිස් දෑතින් ඉදි වු විස්මය දනවන දැවැන්ත නිර්මානයකි. මෙහි ඉදිකිරීම් ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී පමන ආරම්භ වී ඇති අතර ක්‍රිස්තු පූර්ව 16 වන සියවස දක්වා ඉදිකිරීම්, ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සිදු වී ඇත. චීන අධිරාජ්‍යයේ උතුරැ සීමාවට නිරන්තරයෙන් එල්ල වූ මොන්ගෝලියන් ආක්‍රමණවලින් ආරක්ෂා වීම සඳහා මේ මහා ප්‍රාකාරය ඉදිකර ඇතැයි සැලකේ. මෙම ප්‍රකාරයේ දිග කි‍:මී: 6400ක් පමණ වේ. මෙහි බැම්ම කළුගල් අඩිතාලමක මීටර් 12ක් උසට ගඩොලින් නිර්මානය කර ඇත. ප්‍රකාරය මුදුනේ මීටර් 4.5ක් පළල පාරකි. ප්‍රකාරය දිගේ මීටර එකසිය අසූවෙන් එකසිය අසූවට මුර කුළුණු සාදා ඇත. අතීතයේදී මිලියනයකට අධික පිරිසක් මුර සේවයේ යොදවා තිබූ බව සඳහන් වේ. චන්ද්‍රයාගේ සිට පෘථිවිය දෙස බැලූ කළ දිස්වන මිනිසා විසින් ඉදිකළ එකම නිර්මාණය මෙය ලෙස සැලකේ.

ඉතාලියේ කොලෝසියම[සංස්කරණය]

ඉතාලියේ රෝම නගරයේ පිහිටා ඇති මෙය සුවිසල් ප්‍රේක්ෂකාගාරයකි. එහි ප්‍රේක්ෂකයන් පනස් දහසකට පමණ ආසන පහසුකම් තිබී ඇත. විනෝදකාමී පාලකයන්ගේ සහ වංශාධිපති රදල පැලැන්තියේ සතුට පිණිස අමානුෂික ක්‍රීඩා මෙහි පැවැත්වූ බව විස්වාස කෙරේ. මරණය තෙක් සටන් වදින කඩුගත් මල්ලවයන්, වන මෘගයන් සමඟ ජීවිතය සඳහා බිහිසුණු සටනක යෙදෙන සිරකරුවන් ඔවුන්ගේ සතුට පිණිස යොදාගත් බව සඳහන් වේ.

ජෝර්දානයේ පෙට්‍රා නගරය[සංස්කරණය]

ක්‍රිස්තු පූර්ව 9 වැන්නේ සිට ක්‍රිස්තු පූර්ව 40 දක්වා රජ කළ 4 වන ඇරේටස් රජුගේ පුරාතන නැබට්යානු රාජධානියේ අග නුවර පෙට්‍රා නගරයයි. බ‍ටහිරින් ගාසා, උතුරින් ඩැමස්කස්, හා බොස්රා හරහා ඇක්වාබා දක්වා විහිදී ගිය වෙළෙද මාර්ගයේ වෙළෙද මධ්‍යස්ථානයක් වශයෙන් පැවැතීම හේතුවෙන් ඉතා දියුණු තත්වයක පැවැති බව පෙනේ. අරාබි කාන්තාරයේ කෙළවරට වන්නට පිහිටා ඇති පෙට්‍රා නගරය කාන්තාරික දේශගුණික තත්වයන්ට මුහුන දීමට හැකි වන පරිදි නිර්මානය කොට තැබීම විශේෂයකි. එසේම පිහිටි ගලෙහිම නිර්මානය කරන ලද ගොඩනැගිලි මෙහි ගෘහ නිර්මානශිල්පයේ සුවිශේෂී ලක්ෂණයකි. රෝස පැහැති පාෂාණයෙන් කරන ලද මීටර් 42ක් පමණ උසැති පූජනීය ස්ථානයක නටඹුන්ද හමු වී ඇත.

ජේරුහි මාචු පීචු බලකොටුව[සංස්කරණය]

දකුණු ඇමෙරිකාවේ ඇන්ඩීස් කඳු මුදුනෙහි පිහිටා ඇත. ක්‍රිස්තු වර්ෂ 1500 දී පමණ ඉන්කාවරු විසින් ගොඩනගන ලද පෞරාණික බලකොටුවකි. මෙය ආගමික නගරයක්ද, සතුරු ආක්‍රමණවලදී පලාගොස් සැඟවීමට සුදුසු ලෙස කදු මුදුනේ සෑදූ නගරයක්ද යන්න නිශ්චිත නිගමනයකට එළබී නැත. ස්පාඤ්ඤ ජාතික හමුදා විසින් බෝ කරන ලද වසූරියා රෝගයෙන් බේරීම සඳහා ඉන්කාවරු මාචු පීචු බලකොටුව හැරදමා යන්නට ඇතැයි සැලකේ.

මෙක්සිකෝවේ චිචෙන් ඉට්සා පූජනීය නගරය[සංස්කරණය]

ආදි ‍කොළොම්බියානු ශිෂ්ටාචාරයට අයත් මයන්වරු විසින් මෙය නිර්මානය කරන ලද්දකි. ක්‍රිස්තු වර්ෂ 750 සිට ක්‍රිස්තු වර්ෂ 1200 පමණ දක්වා කාලය තුළ මායා ශිෂ්ටාචාරයේ දේශපාලනික හා ආගමික මධ්‍යස්ථානයද මෙය විය. මෙම නගරයේ පිහිටා ඇති මීටර් 24 ක් උසැති කුකුල්කන් දේවස්ථානය පිරමීඩාකාර හැඩයක් ගත්තකි. එහි සතර අතට විහිදුණු පඩිපේළි 4කි. එක් පඩි පෙළක පඩි 91 බැගින් ඇත. පඩි පේළි හතරේ මුළු පඩි ගනන 365කි. වර්ෂයේ දින ගනනට සමාන වීම අවධානයට යොමු විය යුත්තකි.

ඉන්දියාවේ ටජ්මහල් මන්දිරය[සංස්කරණය]

මධ්‍යතන යුගයේ භාරතය පාලනය කළ මුගලි රාජ පරම්පරාවේ ‍පස්වන පාලකයා වූ ෂා ජහන් අධිරාජ්‍යා තමා අතිශයින්ම ආදරය කළ මුට්ටාස් මහල් දේවියගේ මරණයෙන් පසු ඇය වෙනුවෙන් ඉදිකළ අද්විතීය සිහිවටනය ටාජ්මහල් මන්දිරයයි. අග නුවර යමුනා නදී තීරයේ අතිශයින් සුන්දර පරිසරයක මෙම ආදර සිහිවටනය ඉදිකොට තිබේ. ඉස්මාරකයේ වැඩ ආරම්භ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1632දීය. කම්කරුවන් විසි දහසක් පමණ යොදාගෙන ඉදිකිරීම් අවසන් කිරීමට අවුරුදු විසි දෙකක පමණ කාලයක් ගතවී ඇත. මුළු ගොඩනැගිල්ලම කිරිගරුඩ ග‍ලෙන් නිමවා ඇත. ගොඩනැගිල්ල, පොකුණු, උද්‍යානයද යමුනා නදිය එක්ව ගත් කල අතිශයින්ම දර්ශනීය ස්මාරකයක් බවට පත් වී ඇත.

ස්මාරකය අසල ළිං කැණ ඒවාට ගල් කැබලි පුරවා ස්මාරකයේ අඩිතාලම සකසා ඇත. ඉදිකිරීමේදී පලංචි සඳහා උණගස් වෙනුවට ගඩොල් භාවිතා කර ඇති අතර එය ගැලවීම සඳහාද වසර ගණනක් ගතවූ බව කියැවේ. කිලෝමිටර 15 පමණ දිග බෑවුම් මඟක් ගරුඬ හා අනෙක් ද්‍රව්‍ය ප්‍රවාහනයට විශේෂයෙන් නිර්මාණය කල කරත්ත භාවිතා කර තිබෙන  අතර ඒවා ගොනුන් විසිදෙනෙක් පමණ අදින ලද බව පැවසේ. විශේෂ ලීවර ක්‍රමයක් මඟින් අවශ්‍ය ස්ථානයට අමුද්‍රව්‍ය කොටස් ඔසවා ඇත. ඉදිකිරීම් සඳහා අවශ්‍ය ජලය අසල ඇති ගඟෙන් ලබාගෙන ඇති අතර ඒ සඳහා කඹ හා සතුන් ආධාරයෙන් ක්‍රියා කරන ‍යාන්ත්‍රනයක් යොදාගෙන ඇත. මෙම ජලය මුලින් ටැංකියකට එකතුකර එය නැවත බෙදාහැරීමේ ටැංකියකට යොමුකර ඇත. පසුව එතැන් සිට කුඩා ටැංකි තුනක් හරහා මුලු සංකීර්ණය පුරාවටම ජලය බෙදාහැරීම සිදුකර ඇත. එකල මෙම ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත කාලය හා වියදම ගණනය කර ගැනීමට බොහෝ අපහසු වී ඇත. කෙසේ නමුත් එකල මෙය සඳහා ඉන්දියානු රුපියල් මිලියන 32 පමණ වියදම් වී ඇති බව සැළකේ.

සටහන්[සංස්කරණය]

  1. Anon. (1993). The Oxford Illustrated Encyclopedia (First ed.). Oxford: Oxford University.

මූලාශ්‍ර[සංස්කරණය]

  • www.new7wonders.com
  • 8 ශ්‍රේණිය සිංහල, අධ්‍යාපන දෙපාර්ථමේන්තුව

ආශ්‍රිත[සංස්කරණය]

අඩවියෙන් පි‍ටත පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලෝක_පුදුම&oldid=603002" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි