චීන මහා ප්‍රාකාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
චීන මහා ප්‍රාකාරය
ලෝක උරුම ලැයිස්තුවෙහි දක්වා ඇති පරිදී නම
Greatwall-SA3.jpg
රට  චීනය
චීන මහා ප්‍රාකාරය

චීන මහා ප්‍රාකාරය (මේ සඳහා යෙදෙන චීන නම් මගින් දිගු ප්‍රාකාර හෝ ලී ගේ 10000 සේ ප්‍රාකාරය යන අරුත් ගෙන දේ). යනු චීනයේ උතුරු මායිම් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රි.පූ 6 වැනි ශත වර්ෂය සහ ක්‍රි.ව 16 වැනි ශතවර්ෂය අතර කාලය තුළ අනුක්‍රමික චීන රාජ වංශයන් මගින් පාෂාණ සහ පස් භාවිතයෙන් නිර්මාණය කොට පවත්වාගෙන යන ලද ආරක්ෂිත ප්‍රාකාරකයකි. පස්වැනි සියවසේ පටන් චීන මහා ප්‍රාකාරය ලෙස හැඳින්වෙන ප්‍රාකාර කිහිපයක් නිර්මාණය කරන ලදී. මේ අතරින් වඩාත් ප්‍රසිද්ධ ප්‍රාකාරය ඉදි කරන ලද්දේ පළමු වැනි චීන අධිරාජ්‍යයා වූ ක්වින් ෂි හුවාන් විසිනි. මෙහි වැඩ කටයුතු ක්‍රි.පූ 200 සහ 220 අතර කාලය තුළ සිදු වූ අතර එය වර්තමානයේ දැක ගත හැකි මින්ග් රාජ සමය තුළ ඉදිකෙරුණු ප්‍රාකාරයට උතුරු දෙසින් නිර්මාණය කෙරුණකි. කෙසේ නමුත් මේවන විට ඉන් ඉතිරිව ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.

චීන මහා ප්‍රාකාරය දළ වශයෙන් කි.මී . 6400 ක (සැතපුම් 4000 ) පමණ දිගකින් යුක්ත වන අතර එය නැගෙනහිර ෂැංහයි ගුවාන් සිට බටහිර ලොප්නූර් දක්වා විහිදේ. මෙහි දළ හැඩය ආරුක්කු ස්වරූපයක් ගන්නා අතර එය දළ වශයෙන් අභ්‍යන්තර මොංගෝලියාවේ දකුණු මායිම නිරූපණය කරයි. කෙසේ නමුත් ප්‍රාකාරයේ සමස්ත දිග ප්‍රමාණය කි.මී. 6700 (සැතපුම් 4160 ) කට අධික වේ. ප්‍රාකාරයේ උච්චතම සමයේදී එය ආරක්ෂා කිරීම සඳහා මිලියනයකට අධික පිරිසක් යොදවා තිබුණි. තවද, ශත වර්ෂ ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක වුණු ප්‍රාකාරය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය අතුරුඵලයක් ලෙස චීන ජාතිකයින් මිලියන 2 ත් 3 ත් අතර සංඛ්‍යාවක් මිය ගිය බව ඇස්තමේන්තු කර ඇත.

ඉතිහාසය[සංස්කරණය]

ක්වින් රාජ වංශය විසින් නිර්මාණය කරන ලද මහා ප්‍රාකාරය
හැන්ක් රාජවංශය විසින් නිර්මාණය කරන ලද මහා ප්‍රාකාරය
මින් රාජ වංශය විසින් නිර්මාණය කරන ලද මහා ප්‍රාකාරය
මෙම සියළු ගොඩ නැගීම් දැක්වෙන සිතියම
tiny globe
චීන මහා ප්‍රාකාරය ඡායාරූපයක්, 1907

ක්‍රි.පූ. 7 වන සියවස ආරම්භයේදී වසන්ත සරත් සෘතු උදාවන විට චීන ජාතිකයෝ බිත්ති ඉදිකිරීම් තාක්ෂණයේ නිපුනයෝ බවට පත්ව සිටියහ. ක්‍රි.පූ. 5 සිට ක්‍රි.පූ 221 දක්වා කාල පරාසය තුළ ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් විසින්ම සලසා ගැනීමට පුරුදු විය. සතුරාගෙන් එල්ල වන කඩු හා හෙලි වැනි සුළු ප්‍රහාර වලදී සතුරාට මුහුණ දීමට මෙම ප්‍රාකාර ඉදි කිරීම ඉතා වැදගත් ‍විය. ක්වින් එයි හැන්ග් විසින් සියළු ප්‍රතිවිරුද්ධ රාජ්‍ය පරාජය කොට විජයහ්‍රහණය ලබාගෙන එක්සත් චීනය තුළ ක්‍රි.පූ. 221 දී ක්වින් රාජ වංශය පිහිටුවන ලදි. ඉන් පසුව ඔහු වැඩවසම් විමධ්‍යගත නීති හඳුන්වා දී චීනය එක්සත් කිරීමට අණ කළේය. උතුරින් සියොන්ග්නු(Xiongnu) ගේ පිරිසගෙන් අධිරාජ්‍ය ආරක්ෂා කර ගැනීමට අළුත් ප්‍රාකාරයක් ඉදි කිරීමට පියවර ගැනුණි. ඒ සඳහා විශාල වශයෙන් අවශ්‍ය වූ ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම දුෂ්කර වීම නිසා නිතරම දේශිය සම්පත් වලින් ප්‍රයෝජන ගැනීමට කටයුතු කෙරිණි. අසල තිබු ගල් කඳු වලින් ගල් ලබා ගත්තේය. බොහෝමයක් පැරණි තැන් කඩා දමා ඒවායේ නටබුන් පමණක් අද ඇතැම් තැන්වල ඉතිරිව ඇත. මෙම ප්‍රකාරය ඉදිකිරීම පසුපස චීන ජාතිකයන් විශාල පිරිසකගේ මරණයද සැඟවී තිබිණි. පසුකාලීනව හැන්, සුයි, නදන්න් මධිසින් ආදීහු චීන මහා ප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කිරීමට හා නැවත ගොඩ නැඟීමට දායක වූහ. වර්ෂ 1949 දී චීන මහා ප්‍රාකාරය පිළිබඳව ඇඟයීමක් සිදුකෙරිණි. නව උපාය මාර්ග භාවිතා කරමින් එය රැකගත් නිසා අදටද ඉතිරිව පවතී.

ක්‍රි.පූ. 7 වන සියවස[සංස්කරණය]

ක්‍රි.පූ. 7 වන සියවස ආරම්භ වූ වසන්ත සරත් සෘතු වන විට චීන ජාතිකයා බිත්ති ඉදිරිකිම් තාක්ෂණයේ නිපුනයන් බවට පත් ව සිටියහ. ක්‍රි.පූ. 5 සිට ක්‍රි.පූ 221 දක්වා කාල පරාසය තුළ ඔවුන්‍ගේ ආරක්ෂාව ඔවුන් විසින්ම ගොඩනගා ගැනිමට පුරුදු විය. සතුරාගෙන් එල්ල වන කඩු හා හෙලි වැනි සුළු ප්‍රහාර වලදි සතුරාට මුහුණ දීමට මෙම ප්‍රාකාර ඉදි කිරිම ඉතා වැදගත් ‍විය. ක්වින් එයි හැන්ග් සියළු ප්‍රතිවිරුද්ධ රාජ්‍ය පරාජය කොට විජයහ්‍රහණයක් ලැබීමත් සමග එක්සත් චීනය තුල ක්‍රි.පූ. 221 දි ක්වින් රාජ වංශය ද පිහිටුවිය. ඉන් පසුව වැඩවසම් විමධ්‍යගත නීති හදුන්වා දී එක්සත් කර දැමීමට අණ කලේය. උතුරින් සටහන ගේ පිරිස් අධිරාජ්‍යා ආරක්ෂා කර ගැනීමට අළුත් වශයෙන් අවශ්‍ය වූ ඉදිකිරිම් ද්‍රව්‍ය ප්‍රමාණය දුෂ්කර වීම නිසා නිතරම දේශිය සම්පත් වලින් ප්‍රයෝජන ගැනිමට හුරු විය. අසල තිබු ගල් කදු වලින් ගල් ලබා ගති. බොහොමයක් පැරණි තැන් කඩා දමා ඒවායේ නටබුන් පමණක් අද ඇතැම් තැන්වල ඉතිරිව ඇත. මෙම ප්‍රකාරය ඉදිකිරිම පසුපස චීන ජාතිකයන් විශාල පිරිසකගේ මරණයද සැගවී තිබිම. පසුකාලීනව හැන්, සුයි, නදන්න් මධිසින් යන අය විසින් ප්‍රතිසංස්කරණය හා නැවත ගොඩ නැගිම. මෙම චින මහා ප්‍රාකාරය සංකල්පය නැවත ඇගයීමත් 1949 දී සිදුවිය. නව උපාය මාර්ග භාවිතා කරමින් එය රැකගත්නිසා අදටද ඉතිරිව පවතී.

බැලුම් කුළුණු හා බැරැක්ක[සංස්කරණය]

බැළුම් කුළුණ උදව් ඉල්ලීම හා සතුරු ක්‍රියා ගැන අනතුරු ඇඟවීම් ඇතුළත්ව චීන මහා ප්‍රාකාරය දිගේ වූ හමුදා ඒකක අතර සන්නිවේදනය අතිශය වැදගත් කටයුත්තක් වේ. ඔවුන්ගේ දැකීම සඳහා සංඥා කුළුණු ප්‍රාකාරය දිගේ වූ කඳු මුදුන්වල හා උස් ස්ථානවල ගොඩ නංවන ලදී...

අභ්‍යවකාශයට දිස්වීම[සංස්කරණය]

වඩාත් විවාදාත්මක ප්‍රශ්නයක් වනුයේ චීනමහා ප්‍රාකාරය පහත් පෘථිවි කක්ෂ්යේ සිට දෘශ්‍යමාන වේද යන බවය. උදාහරණයක් වශෆයන් උන්නතාංශය 160km (සැ.100) ක් තරම් කුඩා අගයක දී. නාසා ආයතනය ප්‍රකාශ කරන්නේ එය ඉතා මද වශයෙන් දිස්වන බවයි. ඒ සදහා විශිෂ්ඨ කාළගුණ තත්ව යටතේ දීයි. එය තවදුරටත් අනෙකුත් කෘතිම වස්තු වලට වඩා පැහැදිලි බවක් නොපෙන්වනු ඇත. තවත් තර්කයක්වන්නේ ඇසේ පවතින පෙනීමේ සීමාවන් හා දෘශ්ටි පටලය හා ප්‍රභාග්‍රාහකය අතර පවතින අවකාය නිසාද ප්‍රකෘති ඇසින් මෙය දැකගත නොහැකි බවයි. පහත පෘථිවි කක්ෂයේ සිට වුව ද ඒ සදහා 20/3 (සාමාන්‍ය අගය මෙන් 7.7 ක් වැසී) ක දාෂ්ඨික නිරවද්‍යතාවක් අවශ්‍ය වනු ඇත.

චීන මහා ප්‍රාකාරයේ පිහිටි ජින්ෂැන්ලින් කොටස.

හඳෙහි සිට දර්ශනය වීම[සංස්කරණය]

1932 මැයි මාසයේ Ripley’s believe it or not කාර්ටූනය සඳහන් කළේ “මෙම ප්‍රාකාරය මිනිසාගේ සුවිසල්ම කාර්ය වූ අතර සඳෙහි සිට මිනිස් ඇසින් දැකිය හැකි එකම දෙය මෙය වන බව” යි. රිචඩ් හැලිබර්ටන්ගේ 1938 නිකුත් කළ කෘතියක් වූ second book of Marvels ප්‍රකාශකර සිටියේද එවැනිම දෙයකි. නමුත් එය සත්‍යය නොවේ. මෙම විශ්වාසය පුරාවෘත්තවල මෙන්ම පාසල් පෙළ පොත්වල පැවතී ඇත. චීන මහා ප්‍රාකාරය නිර්මාතෘ ආතර් වෝල්ඩ්‍රන් පැවසුවේ මෙය වරක් අඟහරුවා මත පැවතියා යැයි සැලකෙන ඇළ මාර්ග මගින් ඇති කළ වශීකරණය නැවත ඇති කරනු ඇති බවයි.

චීන මහා ප්‍රාකාරය උපරිම ලෙස 9.1 m ( අඩි 30 ) පළල අතර එය වටා ඇති පසෙහි පාටට සමාන වේ. විභේධන බලය(දුර වරක් තාරා මණ්ඩලයේ පළල: මිනිස් ඇසට මිලි මීටර් ගණනක් , විශාල දූරේක්ෂයකට මීටර් ගණනක් වේ. ) පිළිබඳ ප්‍රකාශ විද්‍යා මත පදනම්ව සලකා බලන කළ එහි වටපිටාවට සැලකිය යුතු වෙනසක් ඇති විශ්කම්භය සැතපුම් 4000 වන වස්තුවක්(ඕස්ට්‍රේලියානු භූමිය වැනි ) සඳෙහි සිට (උතුරේ සිට සාමාන්‍යය දුර 384 393 km වේ) පියවි ඇසෙන් නැරඹිය හැක. නමුත් මහාප්‍රාකාරය තැටියක් නොවන අතර එය නූලක් මෙන් වේ. එනම් එය 2 µm පළල 1.5 m දිග නූලක් ‍වන අතර 100m ක පමණ ඈතක සිට බැළුවත් නොපෙනෙණු ඇත. තවද, එකදු චන්ද්‍ර ගගනගාමියෙක් හෝ චීන මහා ප්‍රාකාරය ඔහු හෝ ඇය සඳෙහි සිට දැක ඇතැයි කියා නැත.

Greatwall-SA14.jpg
1994 අප්‍රේල් මසදී අභ්‍යවකාශ ශටලයකින් ගන්නා ලද චීන මහා ප්‍රාකාරයේ රේඩාර් රූපයක්

චීන මහා ප්‍රාකාරය පෘථිවි කක්ෂයට දෘෂ්‍යමාන වීම[සංස්කරණය]

වඩාත් විවාදාත්මක ප්‍රශ්නයක් වනුයේ චීනමහා ප්‍රාකාරය පහත් පෘථිවි කක්ෂ්යේ සිට දෘශ්‍යමාන වේද යන බවය. උදාහරණයක් වශයෙන් උන්නතාංශය 160km (සැ.100) ක් තරම් කුඩා අගයක දී. නාසා ආයතනය ප්‍රකාශ කරන්නේ එය ඉතා මඳ වශයෙන් දිස්වන බවයි. ඒ ද ප්‍රශ්ස්ත කාළගුණ තත්ත්ව යටතේදීයි. එය තවදුරටත් අනෙකුත් කෘත්‍රිම වස්තුවලට වඩා පැහැඳිලි බවක් නොපෙන්වනු ඇත. තවත් තර්කයක් වන්නේ ඇසේ පවතින පෙනීමේ සීමාවන් හා දෘෂ්ටි පටලය හා ප්‍රභාග්‍රාහකය අතර පවතින අවකාශය නිසාද, ප්‍රකෘති ඇසින් මෙය දැකගත නොහැකි බවයි. පහත පෘථිවි කක්ෂයේ සිට වුව ද ඒ සඳහා 20/3 (සාමාන්‍ය අගය මෙන් 7.7 ක් වැසී) ක දාෂ්ටික නිරවද්‍යතාවක් අවශ්‍ය වනු ඇත.

සැළකිය යුතු ප්‍රදේශ[සංස්කරණය]

බීජිං නගරයේ පහත සදහන් ප්‍රදේශ වලින් සමහරක් ප්‍රතිසංස්කරණය කර තිබේ. අදටත් සංචාරකයෝ නිරතුරුවම එම ප්‍රදේශවලට පැමිණෙති.


බැඩලින් හෙවත් ජුවොන්ගුවාන් හි උතුරු කපොල්ල

චීන මහා ප්‍රාකාරය චීන ජාතිකයන් මේ භූමිය රැක ගැනීමට යොදා ගන්නා ලද කාලයේ දී චීනයේ අගනුවර වන බීජිං නගරය ආරක්ෂා කරගැනීමට මෙම ප්‍රදේශයේ රැකවලුන් විශාල සංඛ්‍යාවක් ‍රඳවා ඇත. කඳුවලින් ලබාගත් ගල් හා ගඩොල් වලින් එය ඉදිරිකර ඇත. මෙම කොටස උසින් 7.8 m (අඩි 25.6) ක් වනඅතර පළල 5 m (අඩි 16.4) ක් වේ.


ජුවෝන් ගුවාන් හි “බටහිර කපොල්ල

මෙම බලකොටුව මහා ප්‍රාකාරයේ බටහිර මායිමේ පිහිටා ඇත.


ෂැන්හයිගුවාන් කපොල්ල

මෙම බලකොටුව මහා ප්‍රාකාරයේ නැගෙනහිර මායිමේ පිහිටා ඇත.


මින්ග් මහා ප්‍රාකාරය

මින්ග් මහා ප්‍රාකාරයේ වඩාත්ම ආකර්ශනීය කොටසක් වන්නේ එහි තියුණු බෑවුම් ඔස්සේ දිවෙන කොටසයි. එය 11 km (සැ.7) ක් දිග පළල 5 m සිට 8 m (අඩි 16 – 26) අතර පාරසයක විහිදෙන උසකින් යුක්තය. පාදම 6 m (අඩි 19.7) පළල වුද, ක්‍රමයෙන් ඉහලට යන විට පළල අඩු වී එය ඉහළ කොටසේ දී  5 m (අඩි 16.4) ක් පළල වන ලෙස ඉදිරිකර ඇත. වැන්ජින්‍ලෝ යනු 980 m (අඩි 3125) උස, ජින්ෂාන්ලින් හි නිරීක්ෂණ කුළුණු 67 න් එකකි. එය මුහුදු මට්ටමේ සිට 980 m (අඩි 3125) උස වේ.


ගිණිකොණ දිග ජින්ෂැන්ලින් හෙවත් මයුටියැන්යු මහා ප්‍රාකාරය

මෙය උස් පර්වත කූට සහිත කඳු මුදුන් ඔස්සේ 2.25 km (සැ.1.3) ක් පමණ දුරින් ගිනිකොණ දිග සිට ඊසාන දෙසට දක්වා විහිදේ. එය ජුවෝන්ගුවන් ‍කපොල්ල සමඟ බටහිර දිශාවෙන් ද, ගුබෙයිකු සමඟ නැගෙනහිර දිශාවෙන් ද සම්බන්ධ වේ.


ලියාවේ ටියැන් ලින්ග්

ලියාවේ ටියැන් ලින්ග් 25 km පමණ බටහිර දිශාවට වන්නට මහා ප්‍රාකාරයෙන් වෙන්ව පවතී. එහි උස තට්ටු 2 -3 ක් පමණි. ලින් ටියැන් හි වාර්තා වලට අනුව මෙම කොටස අනෙක් ප්‍රාකාර කොටස් වලට වඩා උසින් අඩුය. එය රිදී පැහැයෙන් දිස් වී ඇත. එය රිදී පැහැයෙන් දිස්වීමට හේතුව එය ඉදිකිරීමට යොදාගෙන ඇති පාෂාණ ඉහළ ලෝහ ප්‍රතිශතයක් අඩංගු 'ශාන් සි ' හි පතල් වලින් ලබාගෙන තිබීම බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. එහෙත් දිගු කාලීන ක්ෂය වී යාම් නිසා වර්තමානයේ එම රීදී පැහැය දිස්වන්නේ ඉතා ‍මද වශයෙනි.


තවත් එක් ආකර්ශණීය ප්‍රදේශයක් වන චීන මහා ප්‍රාකාරයේ ප්‍රථම කපොල්ල ෂැන්හයිගුවාන් යන කඳුගැට‍ය මත ඉදිරිකර ඇත. මෙය චීන මහා ප්‍රාකාරය දිවෙන ප්‍රථම කන්ද වේ. එසේම මෙය චීන මහා ප්‍රාකාරයේ නැගෙනහිර කොටසේ පිහිටා ඇත. එහි ජියා ශාන්ද, ජියනෙක්තු ද (මෙය පාලමක් ලෙස ඉදිරිකර ඇත) පිහිටා ඇත.


චීන මහ ප්‍රකාරයේ ඡායාරූපයක්.
"http://si.wikipedia.org/w/index.php?title=චීන_මහා_ප්‍රාකාරය&oldid=288688" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි