Jump to content

පුරාතන ලෝකයේ පුදුම හත

විකිපීඩියා වෙතින්
පුරාතන ලෝකයේ පුදුම හත(වමේ සිට දකුණට‚ඉහල සිට පහලට) ගීසාහි මහා පිරමීඩය, බැබිලෝනියාවේ එල්ලෙන උයන, එපිසස් හි ආටිමීස් දේවාලය, ඔලිම්පියාහි සීයුස් ප‍්‍රතිමාව මොසලෝනස් ගේ සොහොන් කොත , රෝඩ්ස් හි කොලෝසස් ප‍්‍රතිමාව සහ ඇලෙක්සැන්ඩ්‍රියාහි ප‍්‍රදීපාගාරය ක්‍රි. ව.16 වන සියවසේදී ඕලන්ද චිත්‍ර ශිල්පියකු වූ මාර්ටින් හීම්මෙස්කර්ක්ගේ ඇසින්

ලෝකයේ පුදුම හත ලෙස හදුන්වනු ලබන්‍‍‍ නේ මිනිසා විසින් ගොඩනගනු ලැබු අමරණීය ස්මාරත හතකින් සමන්විත ලෑයිස්තුවකි. එය හදුනාගැනීමට පදනම වී ඇත්තේ පුරාතන දේශගවේශකයන්‍‌ අතර භාවිතා වූ උපදේශන පොත් කිහිපයකි. එහි අන්තර්ගතව ඇත්තේ මධයධරණී මුහුදු පෙදෙස අවට ස්ථාන කිහිපයක් පමණි. පසුකාලීන ලැයිස්තුවල මධයතන යුගයේ මෙන්ම පසුකාලීන ස්ථානද අන්තර්ගතව ඇත.

පුදුම හත

[සංස්කරණය]

හෙරඩෝටස් යන ඉතිහාසඥයා සහ සියරන්හි කැලිමෙකස් යන ශිෂයත්වලාභියා විසින් මුල්ම පුදුම හතෙහි ලැයිස්තුව ඇලෙක්සැන්ඩියා කෞතුකාගාරයේදී ලියා එලිදක්වන ලදී. නමුත් එම ලේඛන පිලිබඳ සටහන් හැරෙන්නට වෙනත් කිසිදු සටහනක් වර්තමානයේ දක්නට නොලැබේ. ඵම මුලික සංස්කරණ ලැයිස්තුව සීඩ්න් හි ඇන්ටිපේටර් විසින් ක්‍රි.පූ. 140 දී පමණ කවියට නගා ඇත.



මම මාගේ දෑස් අශ්ව කරත්ත සඳහා මාර්ගයක් වන බැබිලෝනියාවේ විශාල තාප්පය වෙතද ඇල්පීයස් විසින්කරනු ලැබූ සියුස් ප‍්‍රතිමාව වෙතද එල්ÁĐĉලෙන උයන් වෙතද රෝඩ්ස් හි කොලෝසස් ප‍්‍රතිමාව‚උස් පිරමිඩ සහ මොසලෝනස් ගේ අති දැවැන්ත සොහොන් කොත වෙතද යොමු කළමි.නමුත් මම අහස උසට දිවෙන ආටිමීස් දේවාලය දුටුවිට අනෙක් පුදුමයන්ගේ දීප්තිය නැතිවිය. :-ඇන්ටිපේටර්, Greek Anthology IX.58


පසුකාලීනව විවිධ මාතෘකා යටතේ එකිනෙකට වෙනස් ලැයිස්තු පිළියෙලවී ඇත. උදාහරණයක් ලෙස බයිසැන්තියමේ ෆීලෝ නැමැත්තා පිලියෙල කල "De septem orbis spactaculis" දැක්විය හැක. එම ලැයිස්තු පිළියෙලකර ඇත්තේ ක්‍රි. ව. 5 වන සියවසේදී පමණ වූවත් කතුවරයා කොලෝසස් ප‍්‍රතිමාව විස්තර කරනුයේ එවකටත් පවතින පරිද්දෙනි.



නාමය ඉදිකල කාලය ඉදිකරනුලැබූයේ වැදගත් ලක්ෂණ විනාශ වූ කාලය විනාශ වීමට හේතුව
ගීසාහි මහා පිරමීඩය ක්‍රි.පූ. 2650-2500 ඊජීප්තුවන් සතර වන රාජවංශයටඅයත් හි ඊජිප්තු කූෆු පාරාවන්ගේ සොහොන් කෝත ලෙස ඉදි කරන ලදී. වර්තමානයේදී පවතී නොයෙදේ
බැබිලෝනියාවේ එල්ලෙන උයන ක්‍රි.පූ.600 බැබිලෝනියානුවන් ඩියඩොරස් නම් ග්‍රීක ඉතිහාසඥයා විස්තර‍කරන ආකාරයට මහල් කිහිපයකින් යුක්තව පැවත ඇත.උස ආසන්න වශයෙන් මීටර 22 පමණවී ඇත. උයනේ ඉහල මාලයේ විශාල ගස් වැල් වවා තිබී ඇති අතර ඉහලට ජලය ගෙන යාමට සඳහා ඇවසි යන්ත්‍ර‍ සූත්‍ර‍ සියල්ලද එහි තිබී ඇත.. ක්‍රි ව 1වන සියවසේදී පමණ භූමිකම්පාවක්
ඔලිම්පියාවේ සියුස් ප්‍රතිමාව ක්‍රි.පූ.435 ග්‍රීකයන් මීටර 40 ක උසකින් යුක්ත වූ අතර එය තැබීමට ඉඳි කල දේවාලයෙහි සම්පූර්ණ ඉඩ පමාණයම ගන්නා ලදී. ක්‍රි ව 5 වන 6 වන සියවස් අතර නිවරදිව නොදනී.ගින්නකින් හෝභූමිකම්පාවකින්විනාශවන්නට ඇතැයි අනුමානකෙරේ.
එපිසස් හි ආටිමීස් දේවාලය ක්‍රි.පූ.550 ග්‍රීකයන්,පර්සියානුවන් ග්‍රීක දෙවඟනක වූ ආටිමීස් වෙනුවෙන් කැපකල දෙවාලකි. මෙය ගොඩනැගීමට වසර 120ක් ගතවී ඇත.හෙරොස්ටේටස් විසින් සදාතනික කීර්තියක් ලබා ගැනීමේ තැතක් වශයෙන් ගිනි තබා විනාශ කරන ලදී. ක්‍රි පූ 356 දී ගින්නකින්
මොසලෝනස් ගේ සොහොන් කොත ක්‍රි.පූ.351 ග්‍රීකයන්,පර්සියානුවන් දළ වශයෙන් මීටර 45 (අඩි 135) උසින් යුක්ත වු අතර සතර අතින් කැටයම් වලින් අලංකාරව පැවත ඇත.mausoleum යන වචනයේ මූලාරම්භයටද මෙය හේතු විය. ක්‍රි ව 1494 භූමිකම්පාවක් හේතුවෙන්හානි සිදුවු අතර අවසානයේ දී යුරෝපීය ආක්‍රමණිකයන් අතින්විනාශ විය.
රෝඩ්ස් හි කොලෝසස් ප‍්‍රතිමාව ක්‍රි.පූ.292-280 ග්‍රීකයන් හීලියස් නම් වූ ග්‍රීක දෙවියකුගේ යෝධ ප‍්‍රතිමාවයි. දළ වශයෙන් අද නිව්යෝක්හි පවතින ලිබර්ටි ප‍්‍රතිමාව මෙන් ¾ ගුණයක විශාලත්වයෙන් යුක්තයි. ක්‍රි.පූ.224 භූමිකම්පාවක්
ඇලෙක්සැන්ඩ්‍රියාහි ප‍්‍රදීපාගාරය ක්‍රි.පූ. 3වන සියවසේදී ඊජීප්තුවන් - මීටර 115 –135 අතර උසකින් යුක්ත වන අතර සියවස් ගණනක් පුරාවට මිනිසා විසින් නිර්මාණය කරන ලද උසම අාකෘතින් අතරින් එකක් ෙලස පැවතුණි. ක්‍රි ව 1303 - 1480 භූමිකම්පාවක්
ඉහත නිර්මාණ ග්‍රීක වර්ගීකරණය අනුව හඳුන්වා ඇත්තේ පුදුමයන් ලෙස නොව "අනිවාර්යයෙන්ම නැරඹිය යුතු" ස්ථාන වශයෙනි. මෙම ලයිස්තුව පිළියෙල වී ඇත්තේ මධයකාලීන යුගයේ වන අතර එම කාලයේදී ඉහත ස්ථාන බොහොමයක් දක්නට නොලැබී ඇත. තවද එම ලෑයිස්තු බොහොමයක් සඳහා පදනම් වී ඇත්තේ ග්‍රීක ලේඛන බැවින් ඒවායේ අඩංගු වන්නේ ග්‍රීකයන් දැන සිටි සහ නරඹා තිබුණු ස්ථාන පිළිබඳ පමණි.

ඇන්ටිපේටර්ගේ මුල්ම ලැයිස්තුවේදී ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප‍්‍රදීපාගාරය වෙනුවට ඉෆ්තාර් ගේට්ටුව සටහන්ව ඇත.නමුත් ක්‍රි.ව.6 වන සියවස වන තෙක් ඉහත ලැයිස්තුව භාවිතාවී නොමැත. ඉහත ස්ථාන අතරින් වර්තමානයේ දක්නට ලැබෙන්නේ ගීසාහි මහා පිරමීඩය පමණි. එල්ලෙන උයනක් පැවති බව සනාථ කරන සාක්ෂි පවා තවම හමුවී නැත.අනෙකුත් ස්ථාන පැවති බවට ලේඛන සාක්ෂි දරයි. සීයුස් ප‍්‍රතිමාව හා ආටිමීස් දේවාලය ගින්නෙන් විනාශවී ඇත.කොලෝසස් ප‍්‍රතිමාව, ඇලෙක්සැන්ඩ්‍රියාහි ප‍්‍රදීපාගාරය හා මොසලෝනස් ගේ සොහොන් කොත භූමිකම්පාවකින් විනාශවී ඇත.


"https://si.wikipedia.org/w/index.php?title=පුරාතන_ලෝකයේ_පුදුම_හත&oldid=562435" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි