ආටිමිස් දේවස්ථානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Miniaturk 009.jpg

තුර්කියේ එපිසස් ආසන්නයේ සෙල්තුක් හි ආටිමිස් දේවස්ථාන භූමියෙන් නටඹුන් අතර තිබී ස්ථම්භයක් සොයාගෙන ඇත. ආටිමිස් දේවස්ථානය, ඩයනා දේවස්ථානය ලෙස ද හැඳින්වුණු බව කියවේ. පර්සියානු අධිරාජ්‍යයේ ආකේමෙනිඩ් රාජවංශය යටතේ එපිසස් හි දී ක්‍රි.පූ. 550 දී පමණ, ඉතා විශිෂ්ට අයුරින් නිමකර ආටිමිස්ට පිරිනමන ලද දේව ස්ථානයකි. මෙය පුරාතන ලෝකයේ පුදුම හතෙන් එකක් වූ මෙහි දැනට කිසිවක් ඉතිරිව නැත. එම භූමියේ ලෝකඩ යුගයට අයත් වූ දේවස්ථානයක නටඹුන් ද දක්නට ලැබී ඇත.

මෙම දේවස්ථානය ලිඩියාවේ ක්‍රෝසස් විසින් ආරම්භ කරන ලද වසර 120 ක ව්‍යාපෘතියකි. පුදුම හත සංග්‍රහ කරන ලද ඇන්ටිපේටර් සයිඩන් විසින් එය මෙලෙස විස්තර කර ඇත.

‍මම රථ මාර්ග දෙපස සිටින උඩඟු බැබිලෝනියානුවන්, ඇල්පස් කඳුවලට පසෙකින් පිහිටි සියුස් ප්‍රතිමාව, එල්ලෙන උයන්, හිරුගේ මහා ප්‍රතිමාව, උසැති පිරමීඩ සහ මවුලෝසගේ මහා සොහොන් ගෙවල් දැක ඇත්තෙමි. නමුත් අහස උසට තැනුණු ආටිමිස් ගෘහය දුටු විට ඉහත කී විශ්මයන් ගේ ශ්‍රී විභූතිය අතුරුදහන් වී ගියේය. එවිට මෙම “බලව, ඔලිම්පස් කන්ද දෙස හැරුණු විට හිරු මෙතරම් ආශාවෙන් වෙනත් කිසිදු දෙයක් දෙස බලා නැත” කියා කීවෙමි.

ඉතිහාසය[සංස්කරණය]

එපිසස් හි පූජා භූමිය ආටිමිස් දේවස්ථානයට ද වඩා බොහෝ පැරණිය. පෞසානියස් සිතා සිටියේ එහි ඇති පුරාණම දෙය ආටිමිස් දේවස්ථානය බවයි. එය ඩිඩ්මාහි ඇපලෝ දේවස්ථානයට වඩා පවා පැරණි වීම හේතු කොට ගෙන ඔහු විශ්වාසයෙන් ප්‍රකාශ කර සිටින්නේ මෙය ඉදි කෙරුණේ අයනික සංක්‍රමණයට ද වසර කීපයකට පෙර බවයි. ඔහු ප්‍රකාශ කළේ නඟරයේ පූර්ව - අයනික ජනාවාසිකයින් වූයේ ලිලීග්වරු හා ලයිඩියන්වරු බවයි. කැලිමචස් තම “ආටිමිස් වෙතට ගීතිකා” කෘතියේ ප්‍රකාශ කර සිටින්නේ එපිසස් හි ටෙමෙනෝස් සම්භවය ඇමේසන්වරුන්ට ඇති බවයි. ඇමේසන්වරුන්ගේ ඇදහිලි ක්‍රමය පිළිම කේන්ද්‍ර කරගත් එකක් විය.

I වන ප්‍රාග් ලෝක යුද්ධ කැනීම් සිදු කළ ඩේවිඩ් ජෝජ් හොගාර්ත් විසින් එම භූමියේ එකක් මත එකක් වශයෙන් වැළලී තිබූ අනුපූර්ව දේවස්ථාන තුනක් හඳුනාගෙන ඇත. එම සාක්ෂි ද 1987-1988 නැවත කළ කැනීම්වලින් හේතු කොට ගෙන පෞසානියස්ගේ වාර්තාව නිවැරදි බව තහවුරු වී ඇත. පරීක්ෂණවලින් තහවුරු තිබෙන්නේ මෙම භූමිය ලෝකඩ යුගය තරම් ඈත අතීතයක සිට ජනාවාස වී තිබූ බවයි. ක්‍රි.පූ. 8 වන සියවසේ දෙවන භාගයේ දී මැටි ගාන ලද පෙරිප්ටෙරල් දේවස්ථාන ඉදිවන්නට ඇත. එවිට මෙම භූමියෙන් සොයා ගන්නා ලද මැටි භාණ්ඩ එකතුව නිසා එය ලෝකඩ යුගයේ සිට මධ්‍ය ජ්‍යාමිතික කාල දක්වා විකසනය වේ. ආසියා වෙරළ තීරයේ පෙරිප්ටෙරල් ආකාරයේ භාවිතයට හමු වූ මුල්ම උදාහරණය වූ‍යේ එපිසස් හි පෙරිප්ටෙරල් දේවස්ථානයයි. සමහර විට එම උදාහරණය ස්තම්භවලින් වට වූ මුල්ම ග්‍රීක දේවස්ථානය ද විය හැක.

සත් වන ශත වර්ෂයේ දී දේවස්ථානය ගංවතුරකින් විනාශ වූ අතර එමඟින් මීටර බාගයකට වැඩි වැලි තට්ටුවක් තැන්පත් විය. තවද බිම පුරා ගංවතුරට පාවී ආ බඩු භාණ්ඩ විසිරී තිබුණි. එම නටඹුන් අතර පෙනන ලෙසට උතුරු සිරියාවට අයත් කැටයම් කළ ඇත්දත් ඵලකයක් සහ ජීවන වෘක්ෂයක් විය. එපිසස් කතකගේ දැවමය ප්‍රතිමාවක් සහිත කඳුළු බිඳුවක හැඩය ගත් දුම්මල සමඟ ඒවා වළ දමන දමන ලදී. ක්සොවනෝන් ගංවතුරෙන් විනාශ වන්නට ඇත. බාමර් පවසන්නේ 6වන හා 8වන ශත වර්ෂයේ අතර දී ගංවතුර 2m ක් උසට ද 4වන හා 6වන ශත වර්ෂ අතර එය තවත් 2.4m ක් උසට ද පැවති නමුත් භූමි‍ය අත් හැරීමක් සිදු නොවූ බවයි. “මෙය පෙන්නුම් කරන්නේ නියම වාසස්ථානයේ අනන්‍යතාවය ඔප්පු කිරීම, පූජනීය සංවිධානයේ වැදගත් ඉසව්වක් වූ බවයි” (බාමර් 1990:144)

නව දේවස්ථානය කිරිගරුඬවලින් සාදන අතර එහි පෙරිප්ටෙරල් ස්තම්භ ද්විගුණ කර වඩා පුළුල් පැසේජයක් ඉදි කෙරණි. එය සිදු වූයේ ක්‍රි.පූ. 550 දී පමණ ක්‍රීටන් ගෘහ නිර්මාණ ශිල්පී කර්සිප් රොන් සහ ඔහුගේ පුත්‍ර මෙගගිනීස් විසිනි. එන්ඩොයිස් විසින් නව කළුතර හෝ මිදි දැවයෙන් කරන ලද ප්‍රතිමා ඇඹීම සිදු විය. තවද නයිස්කෝස් එළිමහන් අල්තාරයට නැ‍ඟෙනහිරින් ඉදි කෙ‍රිණි.

මෙම විශිෂ්ට ප්‍රතිනිර්මාණය සිදු වූයේ ලිඩියාවේ ධනවත් රජකු වූ ක්‍රෝසස්හට පාඩු පමුණුවමින්ය. අඩිතාලමට යොදන ලද ද්‍රව්‍ය දහසකට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇත. රත්රන් රිදී මිශ්‍ර ලෝහයෙන් තනන ලද පැරණිම කාසි ඊට අයත්ය. ක්‍රෝසස්ගේ දේවස්ථානයේ පහත් බෙර මත කළ කැටයම්වල කොටස් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇත. ප්ලීනිගේ වාර්තාවලට අනුව ගොඩනැඟිලි ඉදිකිරීමට යොදා ගෙන ඇත්තේ ගොහොරු බිම්ය. ඒ අනාගත භූ චලනවලට විරුද්ධ පූර්වෝපායක් ලෙසය. මෙම දේවස්ථානය සංචාරක තොටුපළක් බවට පත් විය. එය වෙළඳුන්, රජවරු, පේන බලන්නන්, ආභරණ හා විවිධ දේවලින් ආටිමිස්හට ප්‍රණාමය පුද කළ වුන් මෙය නැරඹීමට පැමිණියහ. තවත් ආටිමිස් ඇදහීම සිදු කළ බොහෝ වන්දනාකරුවන් මෙය නැරඹුහ.

ක්‍රෝසස් දේවස්ථානය සරණාගතයන්ට ඉහලින් ගෞරව දැක්වූ ස්ථානයක් විය. හෙරකල් සහ ඩයොනසිස්වලින් පැමිණි සරණාගතයින් ඇමේශනයට ගෙන්වා ගත් බවට පුරාවෘතයක් ඇත.

"http://si.wikipedia.org/w/index.php?title=ආටිමිස්_දේවස්ථානය&oldid=249792" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි