ලූනු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ලූනු
Mixed onions.jpg
විද්‍යාත්මක වර්ගීකරණය e
Unrecognized taxon (fix): Allium
විශේෂය: Template:Taxonomy/AlliumA. cepa
ද්වීපද නාමය
Allium cepa
L.
පර්යාය නාම(ය)[1]

ලූනු "ඇලියුම් සීපා" (Allium cepa) (ලතින් 'cepa' = ලූනු), බල්බ ලූනු හෝ සාමාන්‍ය ලූනු ලෙසද හඳුන්වන අතර, එළවළුවක් වශයෙන්ද භාවිත කරයි. තවද ඇලියුම් ගණයට අයත් බහුලව වගාකරන ප්‍රභේදයකි. මෙම ගණයට අයත් විශේෂ ගණනාවක්ම ලූනු ලෙස හඳූන්වන අතර මේවා ආහාර සඳහා වගා කෙරේ. උදාහරණ ලෙස, ජපන් බන්චිං ලූනු (Japanese bunching onion) (A. fistulosum), ඊජිප්තු ලූනු (A. ×proliferum), හා කැනේඩියානු ලූනු (A. canadense) හැඳින්විය හැක. ඇලියුම් ප්‍රභේද ගණනාවක්ම "වල් ලූනු" නමින් හැඳින්වුවත්, A. cepa ප්‍රභේදය වගා කිරීම නිසා සුවිශේෂී වේ. එහි මුල් ප්‍රභවය කුමක්දැයි හඳුනාගෙන නොමති නමුත් වගාවන්ගෙන් මිදුනු ඒවා ඇතැම් ප්‍රදේශයන්හි වර්ධනය තහවුරු කර ඇත. [2] ලූනු බොහෝවිට ද්විවාර්ශික හෝ බහුවාර්ශික ශාකයක් වුවත්, සාමාන්‍ය‍යෙන් වාර්ශික ශාකයක් ලෙස පිළිගැනේ.තවද ලූනු එහි ප්‍රථම වගා කන්නයේදී වගා කරනු ලැබේ.

ලූනු පැළෑටියෙහි අවාන් හැඩැති කුහර හා නිල්-කොළ පැහැති පත්‍ර ඇති අතර නියමිත දින ගණන ළඟා වන විට ක්‍රමක්‍රමයෙන් තරව වර්ධනය වන බල්බ ශාකයේ මුල පිහිටයි. හේමන්ත කාලයේදී පත්‍ර මියයන අතර බල්බයේ පිට පොත්තද වියලී ගොස් කැඩෙන සුළු ස්වභාවයක් ගනී. අස්වැන්න නෙළාගෙන වියලා ගත් පසු එය පරිභෝජනයට හෝ ගබඩා කිරීමට සුදුසු වේ. මෙම අස්වැන්න කෘමීන්ට හා රෝග වලට ගොදුරු වීමේ ප්‍රවනතාවක් ඇත. විශේෂයෙන්, ලූනු නරක්වීම සිදුකරවන ලූනු මැස්සා, ලූනු ඊල්වෝම් (onion eelworm) හා විවිධ දිලීර වර්ග මේ අතර වේ. ශැලොට් (shallot) හා අර්තපල් ලූනු (potato onion) වැනි ඇ. සීපා හි ඇතැම් විශේෂ වල එකම ශාකයේ බල්බ කිහිපයක් හටගනී.

ලූනු ලොව පුරාම වගා කරන හා භාවිතා කරන ශාකයකි. ආහරයක් ලෙස භාවිතා කිරිමේදී, මෙය එළවළුවක් ලෙස පිස ගැනීමට හැකි අතර තවද ආහාර රසවත් කරගැනීම පිණිස දමන්නාවූ ද්‍රව්‍යයක් ලෙසද භාවිත කෙරේ. මේවා අමුවෙන්ද ආහාරයට ගත හැකි අතර, අච්චාරු සහ චට්නි සැදීමටද යොදාගනී. මේවා පෙති ගැසූ විට තියුණු සැරක් නිකුත් වෙන අතර ඒවායේ අඩංගු එක්තරා රසායනික ද්‍රව්‍යයක් නිසා ඇස්වල දැවිල්ල, වේදනාව ඇතිවේ. ලූනු වල අඩංගු ෆීනෝලික් (phenol) හා ෆ්ලොවොනොයිඩ්ස් (flavonoid), ප්‍රති-සාත්මිකතා, ප්‍රති-කොලෙස්ටරෝල්, පිළිකා-ප්‍රතිරෝධක හා ප්‍රති-ඔක්සිකාරක ගුණ පෙන්වයි.

මුල්, පත්‍ර හා වර්ධනය වන බල්බ
ලූනු මලෙහි ඡත්‍රය

වර්ගීකරණය හා නිරුක්තිය[සංස්කරණය]

ලූනු ශාකය (Allium cepa), බල්බාකාර ලූනු [3] හෝ සාමාන්‍ය ලූනු,[4] ලෙස හැඳින්වෙන අතර Allium ගණයට අයත් බහුල ලෙස වගා කරන විශේෂය වේ. [5][6] මෙය ප්‍රට්ම වරට ඉදිරිපත් කරනු ලැබුවේ කාර්ලෝස් ලිනොයුස් විසින් 1753දී රචිත "Species Plantarum" මගිනි.[7] මෙමගින් වර්ගීකරණයේදී බොහෝ පර්යාය පද ඉදිරිපත් කර තිබුණි:

  • Allium cepa var. aggregatum - G. Don
  • Allium cepa var. bulbiferum - Regel
  • Allium cepa var. cepa - Linnaeus
  • Allium cepa var. multiplicans - L.H. Bailey
  • Allium cepa var. proliferum - (Moench) Regel
  • Allium cepa var. solaninum - Alef
  • Allium cepa var. viviparum - (Metz) Mansf.[8][9]

Allium cepa වගා කිරීම මගින්ම දැනගත්තාවූ සුවිශේෂී වර්ගයකි. [10] නමුත් මෙය මධ්‍යම ආසියාතික වල් ලූනු විශේෂ වලට සම්බන්ධකම් පවතින බවට සැලකේ. මීට වඩාත් සමීපතම විශේෂ ලෙස ඉරානයේ Allium vavilovii (Popov & Vved.) හා Allium asarense (R.M. Fritsch & Matin) ය.[11] කෙසේවුවත්, සොහාරි සහ හොෆ් කියා සිටිනුයේ A.  vavilovii කාණ්ඩයේ එකතුවට අයත්වන ලූනු වල රසය මේවායේ මූලික ප්‍රභවයන් වූ ඇත්ත වල් ලූනු වල රසයම නියෝජනය වන්නේද යන්න සැක සහිත බවත්, නැතහොත් අස්වැන්නෙන් ව්‍යුත්පන්න ව පවතින්නා වූ නොදැමුණු විශේෂයක් බවයි.[12]

බොහෝ බෝකරන A.  cepa වර්ග අයත් ශාක "සාමාන්‍ය ලූනු කාණ්ඩය"ට (A. cepa වvar. cepa) අයත්වන අතර සාමාන්‍යයෙන් "ලූනු" ලෙස හඳුන්න්වයි. ඇග්‍රිගේටම් කණ්ඩායමේ (The Aggregatum Group) බෝකරන ශාක වලට (A. cepa var. aggregatum) ශැලොට් හා අර්තපල් ලූනු යන දෙවර්ගයම අයත්ය.[13]

Allium ගණයට අයත් තවත් විශේෂ ගණනාවක් ලූනු ලෙස හඳුන්වන අතර, ආහාර සඳහා වගා කරයි. ජපන් බන්චිං ලූනු ('A. fistulosum), ඊජිප්තු ලූනු (A. ×proliferum), හා කැනේඩියානු ලූනු (A. canadense) මේ අතර වේ.[4]

හැඳින්වීම[සංස්කරණය]

ලූනු ශාකය (Allium cepa), වනගතව දකින්නට නොලැබේ. එනමුත් මේවා වගා කෙරේ. මේවා අඩුතරමේ වසර 7000කට පෙර සිටම තෝරාගත් විශේෂයෙන් උපදවා ගනිමින් වගා කර ඇත. මේවා ද්වී-වාර්ශික ශාකයන් වන නමුත්, ඒක වාර්ශික ශාකයක් ලෙස වගා කෙරේ. මේවායේ නවතම විශේෂයන් සෙ.මී. 15 සිට 45 (අඟල් 6 සිට 18) දක්වා උසින් වැඩේ. පත්‍ර නිලට හුරු කොළ පැහැය දරන අතර එක් පැත්තක් පැතලි අවානක හැඩැති වෙළුම් සහිතව වැඩේ. මේවා මාංශල, කුහර සහිත හා සිලින්ඩරාකාර වන අතරම එක් පැතලි පැත්තක් සහිත වේ. එම් පත්‍ර වල දිගින් 1/4ක ප්‍රමාණයක් පත්‍රයේ මහත වන අතර ඉන්පසු ක්‍රමයෙන් අග්‍රස්ථය කරා සිහින්වී ගොස් කෙළවර මොට තුඩක් බවට පත්වේ. මෙය සම්බන්ධ වන්නේ සුදු පැහැති කොපුවකින් පාදස්ථ පැතලි මඩලකටය. මෙම මඩලේ යටි පැත්හ්තෙන් කෙඳි සහිත මුල් (fibrous roots) රැසකි. මේවා පසට කෙටි දුරක් කාවැදී ඇත. මෙම ශාක මෝරාගෙන එන විට ශාක පත්‍රවල මුල ආහාර රැස් කිරීම පටන් ගනී. [14]

සරත් සමයේදී ශාක පත්‍ර වියළී යන අතර පිට පොත්ත වියළී කැබලි වලට කැඩෙන සුළු ස්වභාවයකට පත්වේ. මෙම කාලය අස්වනු නෙලීමේ සුදුසුම කාලය වෙයි. මේවා සීත කාලයේ පසෙහිම තිබෙන්නට හැරියොත් බල්බයේ මැද ඇති අංකුර වසන්ත කාලයේදී වැඩෙන්නට පටන් ගනී. අළුත් පත්‍ර වැඩෙන්නට පටන් ගන්නා අතර මේවා දිගු, මහත හා කුහර සහිත වේ. අග්‍රස්ස්ථව නිපත්‍රවලින් ආරක්ෂාවූ පුෂ්ප මංජරියක් ඇත. මෙම පුෂ්ප මංජරිය ඡත්‍රාකාර හැඩයක් ගනී. ගෝලාකාර සුදු පැහැති පුෂ්ප හයකින් පමණ සමන්විතය. බීජ දිලිසෙන සුළු කළු පැහැති වන අතර හරස්කඩ ත්‍රිකෝණාකාරය. [14]

ප්‍රයෝජන[සංස්කරණය]

ඓතිහාසික භාවිතයන්[සංස්කරණය]

රතු ලූනු.

ලූනු කුලයට අයිති බල්බ, වර්ෂ දහස් ගණනකට පෙර සිටම ආහාරයක් වශයෙන් භාවිතයේ පැවති බව සිතනු ලැබේ. ලෝකඩ යුගයේ (Bronze Age) නශ්ඨාවශේෂ අතරද ලූනු වල කොටස් තිබී සොයා ගැනීමට ලැබී ඇත. මෙම නශ්ඨාවශේෂ අවුරුදු ක්‍රි.පූ. 5000 අතීතයකට නෑකම් කියන බව තහවුරු වී ඇත.[15] කෙසේ නමුත් මේවා වගා කරන ලද ලූනුද යන්න පැහැදිළි නැත. පුරාවිද්‍යාත්මක හා සාහිත්‍ය ග්‍රන්ථ, සමහරවිට ලූනු ක්‍රි.පූ. 2000 වන විට පුරාණ ඊජිප්තුවේ වගා කරනු ලැබ ඇති බවට සාක්ෂි දරණ බව සඳහන් කර ඇත. මේ කාලයේ, මේ සමගම වවන ලද තවත් ද්‍රව්‍ය දෙකක් වනුයේ ලීක්ස් සහ සුදු ලූනුය. ඊජිප්තු පිරමිඩ සාදන මෙහෙකරුවන්හට ආහාර වශයෙන් රාබු සහ ලූනු ලබා දෙනු ලැබ ඇති බව සිතිය හැක.[15] ලූනු ප්‍රචාරණය, ප්‍රවාහනයසහ ගබඩා කිරීම පහසුවෙන් කළ හැක. පුරාණ ඊජිප්තුවරුන් එයට පූජෝපහාර කළහ.ගෝලාකාර හැඩය සහ ඒක කේන්ද්‍රිය රවුම් හැඩය සදාකාලික ජීවිතය නියෝජනය කරන බව විශ්වාස කරන හෙයින්ය.[16] ඊජිප්තියානුවෝ, ලූනු, මිහිඳන් කිරීමේදීද භාවිතා කරන ලද බවට ද සාක්ෂි IV වන රැම්සෙස්ගේ (Ramesses IV) ඇස් කුහරවල තිබූ ලූනුවල ශේෂ මාත්‍රයන්ගෙන් ලබාගෙන ඇත.[17]

පුරාතණ ග්‍රීසියේ (ancient Greece) , ක්‍රීඩකයෝ වැඩිපුර ප්‍රමාණයක් ලූනු ආහාරයට ගත් බව සැලකේ. රුධිරයේ සමබරතාව රැක ගැනීමට මෙසේ කළ යුතුයැයි මොවුන් විශ්වාස කළ හෙයිනි.[16] ඓතිහාසික රෝමානු අවිසුරුවන් (gladiator) ලූනු තමාගේ ශරීරයේ මස් පිඬුවල අතුල්ලා ගන්නා ලද්දේ ඒවා ශක්තිමත් කිරීමටයි.[16] මධ්‍යතන යුගයේදී ලූනු වැදගත් ආහාරයක් සේ සැළකූ අතර ඔවුන්ගේ කුලී පවා ලූනු වලින් ගෙවන ලදි. මේවා ත්‍යාග ලෙසද ප්‍රදානය කරනු ලැබ ඇත.[16] වෛද්‍යවරු, මළ පහ කිරීම පහස්සු කිරීමටත්, උද්දීපනය සඳහාත්, කැස්ස, හිසරුදාව සමනය කිරීමටත්, සර්පයන් සපාකෑමේදී සහ හිසකේ වැටීමටත් ඖෂධයක් වශයෙන් නියම කරන ලදි.[16] තවද උතුරු ඇමරිකාවේ ප්‍රථම විදේශික පදිංචි කරුවන් ලූනු වලට තදින් ඇලුම් කිරීමට පටන් ගති. මේ වනවිටද ස්වදේශිකයන් වල් ලූනු අමුවෙන් හෝ විවිධ ආහාර වලට දමා පිසගෙන හෝ පරිභෝජනය කරන ලදි. තවද ඔවුන් මේවා සිරප් සෑදීම පිණිසද යොදාගනු ලැබීය. මේවා පැලස්තර හෝ පත්තු සෑදීමටද, ඩයි වර්ග සෑදීමටද පාවිච්චි කරන ලදි. 1648 දී කොළනිවල පදිංචිකරුවන් තබාගෙන තිබූ දිනපොත් අනුව මිෂනාරිවරුන් විසින් කරන ලද ප්‍රථම කාර්‍යය වනුයේ, වගාවන් සඳහා පිළියෙල කරගන්නා ලද භුමිභාග වල බල්බ ලූනු වගා කිරීමයි.[16] 16 වන සියවසේදී සිටින ලද වෛද්‍යවරු ස්ත්‍රීන්ගේ නිසරුබව තුරන් කිරීම සඳහා ලූනු නියම කරන ලදි. මීට සමානවම මේවා බල්ලන්ගේ, බළලුන්ගේ හා ගවයන්ගේ සරුබව වඩි කිරීමට යොදාගන්නා ලදි. නමුත් මෑත කාලයේ කරන ලද පර්‍යේෂණයන් මගින් පෙන්නුම් කරනු ලැබ ඇත්තේ මෙය වැරදි මතයක් බවත්, බල්ලන්, බළලුන්, හා රට හාවුන් මෙන්ම තවත් බොහෝ සතුන්ටද විශ සහිත බවත්ය.[18][19][20]

සූපවේදී ප්‍රයෝජන[සංස්කරණය]

ලූනු බැදුම

ලූනු, කැබලි වලට කපා සැරට (දැවිල්ලට) සාදන ආහාර වර්ග වලට යොදා ගනී. බොහෝ අවස්ථාවල ප්‍රධාන ආහාර ද්‍රව්‍ය ලෙස මේවා පමණක්ම භාවිතා කරයි. උදාහරණ වශයෙන්, ප්‍රංශ ලූනු සුප් (French onion soup) හෝ ලූනු ච්ට්නි හැඳින්විය හැක. මේවා ආහාරයක් ලෙස සර්ව සම්පූර්ණ වන අතර පුළුස්සා ගැනීමටත්, තම්බා ගැනීමට හෝ බාගෙට තම්බා ගැනීමටත්, දැල මත පුළුස්සා ගැනීමට (grill), තෙලේ බැද ගැනීමට හා රෝස්ට් කර ගැනීමටත්, ඉක්මනින් බැදගෙන (තෙම්පරාදු) හෝ අමුවෙන් ආහාරයට ගැනීමටත් සුදුසුය.[21] මෙහි ඇති තට්ටු වැනි ස්වභාවය නිසා පිසගත් පසු මේවා බික් වශයෙන් ගලවා ගැනීමට පහසු වන අතර පිරවීමට බඳුන් කිරීමද පහසුය. ලූනු ඉන්දිය ආහාර වට්ටෝරුවල ප්‍රධාන ස්ථානයක් ගනී. මේවා හොදි ඝන හෝ ගොරෝසු කිරීමටත් භවිතා කරයි. විනාකිරෙහි දමාගන්නා ලද ලූනු, සැහැල්ලු ආහාරයක් ලෙසත් භාවිතා කෙරේ. මේවා එක්සත් රාජධානියේ හා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල අතුරු ආහාරයක් වශයෙන් නිතරම ප්‍රසිද්ධ ආපනශාලා (pubs) වලත්, මාළු හා චිප්ස් වෙළඳ සැල් (fish and chip shops) වලත් බහුලව සපයනු ලැබේ. බොහෝවිට එක්සත් රාජධානියේදී චීස් හා/හෝ බීර (ale) සමග සපයනු ලැබේ. උතුරු ඇමරිකාවේ ලූනු, පිටි වැස්මකින් තවරා ගැඹුරු තෙලේ බැද ලූනු වළලු (onion rings) ලෙස පිළිගන්වනු ලබයි.[22]

ලූනු වර්ග හා නිශ්පාදන[සංස්කරණය]

ලියන ලද රතු ලූනු
ලූනු අච්චාරු සහිත බරණියක්

සාමාන්‍ය වර්ගයේ ලූනු වර්ණ තුනකින් දැකගත හැක. කහ හෝ දුඹුරු ලූනු (සමහර යුරෝපීය රටවල රතු ලූනු ලෙස) රසවත් භාවය නිසා එදිනෙදා ජීවිත්යේ භාවිතා කරයි. කහ ලූනු කැරමල් කල විට තද දුඹුරු පැහැ වන අතර ප්‍රංශ ලූනු, සුප්වල ඇති රසවත් බව ලබාදෙයි. රතු ලූනු (සමහර යුරෝපීය රටවල දම් පැහැති) නැවුම් බවක් හා ආහාර වලට ලස්සන පෙනුමක් ලබා දෙන බැවින් මෙය හොඳ තේරීමක්ද වෙයි. මෙය දැලක දමා බැද ගෙනද (grilling), අඟුරු මත තබා පුළුස්සාගෙනද (char-broiling) පරිභෝජනය කරනු ලැබේ. සුදු ලූනු සාම්ප්‍රදායික ලූනු වන අතර මෙක්සිකානු සම්භවයක් ඇති ඉවුම් පිහුම් ක්‍රම වලදී භාවිත කරයි. මේවා පිසගැනීමේදී රන්වන් පැහැ වන අතර ගැඹුරු තෙලේ බැදීමේදී ප්‍රනීත බවක් ලැබේ.[23][24]

සාමාන්‍යයෙන් මෝරන ලද ලූනු ආහාරයට ගැනීමේදී විවිධ අවදිවල නොමේරූ ලූනුද පරිභෝජනයට ගනු ලබයි. බල්බ හටගැනීමට පෙර කුඩා අවදියේදීද ලූනු නෙළා ගැනීමට ඉඩකඩ ඇති අතර පැනනඟින (වසන්ත ලූනු) ලූනු ලෙස හෝ scallions ලෙස සම්පූර්ණයෙන්ම යොදා ගනී.[25] බල්බය හටගත් පසු, නමුත් මේරීමට පළමු නෙළාගත්විට ඒවා ගිම්හාන ලූනු (summer onion) ලෙස හඳුන්වයි. [26] මීට අමතරව, ලූනු අභිජනනය කළ හැකි අතර කුඩා වයසකදීම මේරීමට ලක් කළ හැකිය. මේවායේ විවිධ මේරීමේ අවධි අනුව හා ප්‍රයෝජනයට ගන්නා විවිධ ආකාර අනුව පර්ල් (pearl), බොයිලර් (boiler), පික්ලර් (pickler) ලූනු වශයෙන් විවිධ නම් වලින් හඳුන්වනු ලැබේ.[26] පර්ල් හා බොයිලර් ලූනු, එළවළුවක් ලෙස පිසීමට භාජනය කරන අතර පික්ලර් ලූනු, කල්තබා ගන්නා වූත්, රසවත්වූත් ආහාරයක් වශයෙන් සැලකේ. කල්තබා ගැනීමට විනාකිරි වල බහා සකස්කර ගනී.[27] ලූනු, නැවුම්ව, ශීත කරන ලද, ටින්වල අසුරන ලද, කැරමල් කරන ලද, අච්චාරු වශයෙන් හෝ කුඩා කැබලි වලින් හෝ ලබා ගත හැකිය. විජලනය කරන ලද නිශ්පාදන, කිබ්ලෙඩ් යනුවෙන් හඳුන්වන අතර, පෙති කපන ලද, වළලු අඹරන ලද චොප්ඩ්, කණිකාමය හා පිටි ආකාරයෙන්ද ලබා ගත හැක.[28] අළුත් ලූනු වෙළඳපොලෙන් ලබාගත නොහැකි අවස්ථා වලදී, ලූනු කුඩු කුළු බඩුවක් වශයෙන් බහුල ලෙස භාවිතා කෙරේ. ඇර රසක්, තද ගන්ධයක් ඇති බල්බ ලූනු මේ සඳහා භවිතා කෙරේ. මෙසේ විජලනය කරන ලද ලූනු, දිගු කලක් සාමාන්‍ය උශ්නත්වයේ තබාගෙන භාවිත කළ හැකි අතර මේවා කහ, රතු, සුදු යන විවිධ වර්ග වලින් වෙළඳ පොලට පැමිණේ.[29]

සූපවේදී නොවන ප්‍රයෝජන[සංස්කරණය]

ලූනුවල සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල සෛල ඇත. මේවා පියවි ඇසින් අත් කාච භාවිත කර බලාගත හැක. ලූනු පටලය (සිවිය), විද්‍යාව අධ්‍යනය කිරීම සඳහා නිතරම භාවිත කෙරේ. අන්වීක්ෂ භාවිත කර සෛලයක ව්‍යුහය පෙන්වාදීමේදී හා ඒ ගැන අධ්‍යනය කිරීම සඳහා භාවිත කරනු ලබයි. [30]

කටුක සැරක් ඇති ලූනු නිස්සාරණය, සළබයන් (moth) විකර්ශකයක් ලෙස භාවිතා කරනු ලැබේ. තවද හිසේ සම මත ආලේපනයෙන්, හිසකෙස් වර්ධනය වීම සිදුවන බවද, මුහුණේ ආලේප කිරීමෙන් සම මත ඇති ලප කැලැල් අඩුවන බවද කියනු ලැබේ. තවද මෙය වීදුරු හා තඹ භාජන ඔප කිරීම සඳහාද, යකඩ මළකඩ කෑම වැලැක්වීම සඳහාද භාවිත කරනු ලැබේ. කැබලි කරන ලද ලූනු මතට උණු වතුර දමා එය සිසිල් වීමට හැර ලබා ගන්නා දියරය ශාක මතට ඉසීමෙන් ඒවා හට ඇති කෘමි උවදුරු මැඩලීමේ ශක්තිය වැඩි කරගත හැක. ලූනු ශාකය වැඩෙන විට එයට කෘමි සතුන් විකර්ශනය කිරීමේ හැකියාවක්ද ඇති බවට විශ්වාස කෙරේ.[31] ලූනු වල පිට පොත්තද කහ දුඹුරු ඩයි වර්ගයක් සෑදීම සඳහා භාවිත කෙරේ.[32]

පෝෂනය හා සෞඛ්‍යය[සංස්කරණය]

අමු ලූනු
පෝෂණ අගය 100 ග්‍රෑ[convert: unknown unit] සඳහා
ශක්තිය 166 කිජූ[convert: unknown unit]
කාබොහයිඩ්‍රේට 9.34 g
- සීනි 4.24 g
- Dietary fiber 1.7 g
මේද 0.1 g
ප්‍රෝටීන් 1.1 g
Water 89.11 g
Thiamine (vit. B1) 0.046 mg (4%)
රයිබෝප්ලේවින් (විටමින් B2) 0.027 mg (2%)
Niacin (vit. B3) 0.116 mg (1%)
Pantothenic acid (B5) 0.123 mg (2%)
Vitamin B6 0.12 mg (9%)
Folate (vit. B9) 19 μg (5%)
Vitamin C 7.4 mg (9%)
කැල්සියම් 23 mg (2%)
Iron 0.21 mg (2%)
Magnesium 10 mg (3%)
Manganese 0.129 mg (6%)
Phosphorus 29 mg (4%)
Potassium 146 mg (3%)
Zinc 0.17 mg (2%)
Fluoride 1.1 µg
Link to USDA Database entry
ප්‍රතිශතයන්, වැඩිහිටියන් සඳහා
එජ නිර්දේශ අනුව වෙයි.
මූලාශ්‍රය: USDA නියුට්‍රියන්ට් ඩේටාබේස්

වගාවේදී නිපදවා ගන්නා බොහෝ විවිධ 89% ජලය, 4% කාබෝහයිඩ්‍රේට්, 1% ප්‍රෝටීන්, 2% තන්තු හා 0.1% මේදය අඩංගුය. මේවායේ විටමින් C, B, ෆෝලික් ඇසිඩ්ඩ් හා නොයෙකුත් ආකාරයේ පෝෂක ද්‍රව්‍ය සුළු වශයෙන් අඩංගුය. මෙහි අඩු මේද ප්‍රමාණයක් ඇති අතර සෝඩියම්ද අඩංගුය. ශක්තිය ග්‍රෑම් 100කට ජූල් 166 (කැලරි 40) අගයක් ලබා දෙයි.මේවා රස ආහාරවල රසවත් භාවයට අඩංගු කැලරි ප්‍රමාණය වැඩි නොකර එකතු කළ හැක.[24]

ෆිනෝලික් හා flavonoids වැනි රසායනික වර්ග මෙහි ඇති බව පෙන්වා දී ඇති අතර මේවා ප්‍රති-ආසාත්මික, ප්‍රති-කොලෙස්ට්‍රෝල්, ප්‍රති-පිළිකාකාරක හා ප්‍රති-ඔක්සිකාරක ගුණයන් ඇති බව පෙන්වා දෙයි. Quercetin [33] සහ එහි glycosides quercetin 3,4'-diglucoside හා quercetin-4'-glucoside අන්තර්ගතය.[34][35] තවද සැලකිය යුතු වෙනස්කම් විවිධ වර්ග වල අඩංගු ප්‍රති-ඔක්සිකාරක විභවයන්ගේ ඇති ශැලොට් වල අධික මට්ටමක ඇත. මෙය ඉතා කුඩා ප්‍රමාණයක් ඇති vidalia ලූනු වලට වඩා හය ගුණයකින් වැඩිය.[36]

සමහර පුද්ගලයින් ලූනු භාවිත කිරීමේදී ආසාත්මිකතාව ඇතිවේ. රෝග ලක්ෂණ විය හැක්කේ, චර්ම රෝග, කැසීම්, සච්ච්ජ ප්‍රදහය, ඇස් පෙනීම බොඳවීම, ස්වාස නාල ඇදුම, දහඩිය දැමීම,anaphylaxis වැනි දෑයි. නමුත් මෙම පුද්ගලයන්, ලූනු පරිභෝඈණය කිරීමෙන් ආසාත්මිකතාවක් ඇති නොවීමට පුලුවන. සමහරවිට ආහාර පිළීයෙල කරගැනීමේ ක්‍රියාදාමයේදී ප්‍රෝටීන වල ගුණ හානියක් වන නිසා මෙවන්නක් විය හැකිය.[37]

Allium ගණයේ ලූනු සහ අනෙකුත් වර්ග මිනිසුන් පරිභෝජනයට ගන්නා විට, මේවා සමහරක් බල්ලන්, බළලුන් වැනි සුරතල් සතුන්ටද, වඳූරන් වැනි අනෙකුත් සතුන්ටද මාරාන්තික විය හැකිය. [5][18][19][20] මේ විශ බව අමු ලූනු සහ පිසින ලද ලූනු වල අඩංගු sulfoxides හේතුකොටගෙන සිදුවිය හැක. මේවා බොහො සතුන්ට දිරවීමට අපහසුය. නොදිරවීම නිසා විකෘති හා රතු රුධිරාණු සෛල විනාශ වීමක් සිදුවන අතර මෙහි ප්‍රතිඵලය වන්නේ ඇනීමියා තත්ත්වයක් ඇතිවීමයි. සමහර අවස්ථාවලදී රෝගී සුරතල් සතුන් හට ටින් කරන ලද ළදරු ආහාර ලබාදෙන අතර, ලූනු අන්තර්ගත එවැනි කෑම දීමෙන් වැළකිය යුතුය.[38] තවද පීසා, ස්පැගටි, චීන ආහාර, ළුනු වළලු වැනි ලූනු අඩංගු, ඉතුරු කරන ලද ආහාර ද් සුරතල් සතුන්ට දීම යෝග්‍ය නොවේ.[39] බළලුන්ගේ ශරීර බර කි.ග්‍රෑ. 1කට අපේක්ෂිත විශ ප්‍රමාණය වනුයේ, ග්‍රෑම් 5ක් වන අතර, බල්ලන් සඳහා මෙය කි.ග්‍රෑ. 1කට ග්‍රෑම් 15 සිට 30 දක්වා වේ.[18]

ඉන්දියාවේ සමහර ආගමික නිකායන් ලූනු අනුභව නොකරයි. ඒ ඔවුන් ලූනු වාර්ජීකරණය කරන ද්‍රව්‍යයක් ලෙස සලකන බැවිනි.[40] විවිධ බෞද්ධ නිකායන් පවා ලූනු හා සුදු ලූනු පරිභෝජනයට විරුද්ධ වේ. ඒ, පිසූ ලූනු අනුභවයෙන් ආශාව වර්ධනය වන බවත් අමුවෙන් අනුභව කළවිට තරහ යෑම සිදුවන බවත් විශ්වාස කරමිනි.[41]

අක්ෂි උද්දීපනය[සංස්කරණය]

කපන ලද ලූනු, කඳූලු ග්‍රන්ථි උද්දීපනය කරමින් කඳූලු පිටකිරීමට සමත් සංයෝග නිකුත් කරයි.

ලූනු කුඩා කැබලි වලට කපන විට සෛල වලට හානි පැමිණේ. මෙහිදී alliinase නම් එන්සයිමයක් ඇමයිනෝ අම්ලය හා සල්ෆොක්සයිඩ් මුදාහරින අතර මේවා සංයෝජනය වී sulfenic ඇසිඩ්, 1-propenesulfenic ඇසිඩ්, සීඝ්‍රව දෙවන එන්සයිමයක් නිසා එනම් lachrymatory factor synthase (LFS) ක්‍රියාකර syn-propanethial-S-oxide නිපදවන අතර මෙය තියුණු සැර වාශ්පශීලී ද්‍රව්‍යයකි. මෙය, lachrymatory factor හෝ LF ලෙස හැඳින්වේ.[5] මෙම වායුව වාතය තුලින් ගමන් කර ඇස් කරා සීඝ්‍රව ළඟාවේ. මෙය ඇස් වල ඇති සංවේදක ස්නායු (නියුරෝන) මත ක්‍රියා කරයි. මෙහිදී ඇස්වල ඉඳිකටු තුඩුවලින් අනින්නා සේ වේදනාකාරී තත්ත්වයක් ඇතිකරයි. මෙතැනදී ඇස් ආශ්‍රිතව ඇති කඳුලු ග්‍රන්ථි මගින් කඳුලු නිශ්පාදනය කර මෙම ද්‍රව්‍ය තනුක කරන අතර මේවා ඇස් තුලින් පිටතට සෝදාහරියි.[42]

මෙම ඇස්වල දැවිල්ල මගහරවා ගත හැකි ක්ක්‍රම දෙකක් ඇත. එකක් නම් ලූනු කපන විට ගලාගෙන යන ජලය යටදී කැපීම හෝ වතුර බේසමක ගිල්වා තැබීමෙනි.[42] ලූනු බල්බයේ අන් කොටස් වලට වඩා පාදස්ථයේ සල්ෆර් සංයෝග වැඩි වශයෙන් ඇති නිසා මුල් නොකපා තිබෙන්නට හැරීමෙන්ද මෙය වලක්වා ගත හැක.[43] එන්සයිම වල ප්‍රතික්‍රියා අනුපාතය, ලූනු භාවිතයට ගැනීමට පෙර ශීතකරණයක තැබීමෙන්ද අඩු කරගත හැක. විදුලි පංකාවක් භාවිතයෙන්ද මෙම වායුව ඇස් වලින් ඉවතට යැවීම සිදුකළ හැක. තවද, කල් යාමෙන් ලූනු වැඩිවැඩියෙන් කපන විට මෙම තත්ත්වය අඩුවේ.[44]

බොහෝවිට Allium විශේෂ අතර සල්ෆොනික් අම්ලය හා මුදාහරින LF සහ ඇස්වල ඇතිකරන වේදනාවන් විවිධාකාරවේ.2008දී නවසීලන්ත ආහාර සහ භෝග ආයතනය කඳුලු රහිත ලූනු වර්ගයක්, ජාන නිලින කරනලද ජීව විද්‍යා තාක්ෂණය භාවිතා කරමින් LFS එන්සයිමය අඩංගු ලූනු යොදා ගනිමින් සිදුකරයි.[45]

වගා කිරීම[සංස්කරණය]

මහා පරිමාණයේ වගාවක්

ජලය හොඳින් බැසයන හා පොහොර පස ලූනු වගාව සඳහා ඉතා යෝග්‍ය වෙයි. වැලි සහිත ලෝම පස සල්ෆර් ප්‍රමාණය අඩු හෙයින් මෙයට යෝග්‍ය වෙයි. මැටි සහිත පසෙහි සාමාන්‍යයෙන් අධික පොස්පරස් ප්‍රමාණයක් අඩංගු හෙයින් සැර සුවඳක් ඇති ලූනු නිශ්පාදනය කරයි. ලූනු වලට අධික පෝෂණ ද්‍රව්‍යයන් ඇති පසක් අවශ්‍ය වේ. පොස්පරස් අත්‍යාවශ්‍ය ප්‍රමාණයට පසෙහි නිතරම තිබෙන මුත් මේවා සීතල පසෙහි අඩුවීමට හැකියාවක් තිබෙන නිසා ලූනු සිටුවීමට පළමු පොස්පරස් එකතු කළ යුතුය. නයිට්‍රජන් සහ පොටෑෂ් ලූනු වැඩෙන කාලයේ වරින් වර යෙදිය යුතු අතර අවසන් වරට අස්වැන්න නෙළීමට සති 4කට පෙර නයිට්‍රජන් යෙදිය යුතුය.[46] බල්බ ලූනු වලට පැළවීමට දිනක කාලයක් ගතවිය යුතුය. මේවායේ බල්බ වැඩීමට දින කිහිපයක දිවා කාල ඉක්මවා යා යුතුය. බොහෝ සාම්ප්‍රදායික යුරෝපීය ලූනු දිගු දිවා කාල අවශ්‍ය ලූනු ලෙස හැඳින්වෙන අතර බල්බ සෑදීමට පටන් ගන්නේ පැය 14ක් දිවා ආලෝකය ලැබීමෙන් පසුවය. දකුණු යුරෝපීය සහ උතුරු අප්‍රිකානු වර්ග අන්තර් මධ්‍ය දින වර්ගයට අයත් වන අතර බල්බ වැඩීම පටන් ගැනීමට පැය 12-13 ක් අතර හිරු එළිය ලැබිය යුතුය. අවසාන වශයෙන් කෙටි දින ලූනු යනු මෑත කාලයේ වැඩි දියුණු කර සකස් කරගන්නා ලද ලූනු වර්ගයක් වන අතර සරත් සමයේදී පැල සිටවීමත් බල්බ සෑදීම වසන්තයේ මුල් භාගයේත් සිදුවෙයි. මෙහිදී හිරු එළිය පැය 11-12ක් අතර කාලයක් ලැබූවිට බල්බය සෑදීමට පටන් ගනී.[47] ලූනු සිසිල් කාලගුණයට ප්‍රතිචාර දක්වන භෝගයක් වන අතර USDA 3-9 කලාපවල වගා කළ හැකිය.[48] උණුසුම් උශ්නත්වයක් හෝ යම් යම් පීඩාකාරී තත්ත්වයන් එක්වරම වැඩීම නැවතීමට හේතු වේ. මෙය මල් සෑදීම පටන් ගැනීමට හේතුවේ.[49]

ලූනු, බීජ වලින් ප්‍රරෝහණය කිරීමට හෝ තවාන් වලින් රැගෙන සිටුවීමට පුළුවන. ලූනුඇට කෙටිකාලීන ජීවිතයක් තිබෙන අතර අලුත් බීජ හොඳින් පැළවේ.[48][50] මෙම බීජ නොගැඹුරු කාණුවල තුනීවට පැල කරනු ලබන අතර වරින් වර පැල තුනී කරනු ලැබේ. සමහර නිශ්චිත වගා කිරීමෙන් නිශ්පාදනය කරගන්නා ලූනු ගැලපෙන දේශගුණයක් ඇති කාල වලදී ගිම්හාන සෘතුවේදී වගාකර ශීත සෘතුවේදී පසෙහිම තිබෙන්නට හැරිය විට ඊලඟ අවුරුද්දේ වේලාසනින් අස්වැන්න නෙළා ගැනීමට හැකිය.[14] ගිම්හානයේ මුල කාලයේ පැල තවාන් බීජ නිසරු පසෙහි ඝනව පාත්ති සාදා ඒවායේ දැමීමෙන් සාදාගත හැක. සරත් කාලයේදී කුඩා බල්බ නිශ්පාදනය කරන අතර මේවා ඊලඟ සරත් සමයේදි අස්වැන්න නෙළාගත හැක.[31] සමහර විශේෂ වර්ග මේ සඳහාම යොදාගනු ලබන අතර බීජ වලින් ලබා ගන්නා ලූනු මෙන් නොව ගබඩා කිරීමට තරම් සුදුසු ගති ලක්ෂණ නැත.[14]

ලූනු වැඩෙන කාලය තුල ක්‍රමවත්ව සාත්තු කිරීමට, පැල, වල් පැළෑටි වලින් නිදහස්ව පවත්වාගැනීමටද අයත්ය. මෙම පැලවල මුල් කෙටි නිසා මේවා පස තුල ගැඹුරට නොවිහිදේ. එමනිසා මේවා ස්ථාපනය වූවිට බොහෝ වතුර ප්‍රමාණයක් අවශ්‍ය නොවේ. බල්බ සෑදීම සති 12 සිට 18 දක්වා කාලය තුල පටන් ගනී. නැවුම්ව, අලුත්ව ලූනු ආහාරයට ගැනීමට අවශ්‍ය වූ විට මෙම බල්බ නෙළා ගත හැකි අතර, ගබඩා කර තබා ගැනීමට අවශ්‍ය නම් පත්‍ර වියළී හෝ මැරී ගිය පසු නෙළාගත යුතුය. වියළි කාළගුණයේදී ටික දිනක් පස මතුපිට හොඳින් වියළීමට හැරිය යුතුය. ඉන්පසු මේවා දැල්මත හෝ නොගැඹුරු පෙට්ටිවල ඇතිරිය යුතුය. මේවා සිසිල්, හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක ගබඩා කළ යුතුය.[14]

පළිබෝධකයන් හා රෝග[සංස්කරණය]

ලූනු නොයෙක් වර්ගවල අක්‍රමිකතා වලට බඳුන්වේ. ගෘහස්ථ වගා කරුවන්හට මුහුණදීමට සිදුවන වඩාත්ම ප්‍රබල ගැටලූව, ලූනු මැස්සා හා කඳ හා බල්බ පනුවා, වයිට් රොට් හා නෙක් රොට් නැමැති දිරාපත් වීමේ රෝග ඇතිකරන පළිබෝධකයන්ගෙනි.පැලවලට බලපාන රෝග වන්නේ, මලකඩ දිලීර හා දුඹුලු දිලීර, ලා බූව සහිත පිටි පුස් දිලීර සුදු තුඩ නැමැති රෝගයයි. මෙයින් බල්බයට බලපාන්නේ භේදනය වීම, වයිට් රොට් හා නෙක් රොට්ය. ෂැන්කිං කියනුයේ මැද පත්‍ර කහපාට වීමෙන් හා බල්බයේ ඇතුලත කැඩීයාමෙන් දුගඳ සෙවලක් ඇතුවීමේ තත්ත්වයකි. මෙම රෝග වැළඳුනු ශාක වලට දිය හැකි ප්‍රතිකර්මය නම් මේවා වගාවෙන් ඉවත්කර පුළුස්සා දැමීමයි.[51] ලූනු කොළ කීටයා හෙවත් ලීක් සළබයා (Acrolepiopsis assectella) සමහර අවස්ථාවල පැලවලට හානිකරන අතර බල්බය තුලට සිදුරු කරමින් ඇරඹේ.[52]

ලූනු මැස්සන්ගේ පිළවුන්

ලූනු මැස්සා (Delia antiqua) පත්‍ර හා කඳ මත බිත්තර දමන අතර, ශැලොට් ලූනු, ලීක් සහ සුදු ලූනු වලට කිට්ටුව පසේද බිත්තර දමයි. මෙම් සතා ශාකයේ බිඳුනු හා කැඩුනු කොටස් වලින් එන සුවඳට ආකර්ශණය වේ. තවාන් වලින් ගෙන සිටුවන ලද පැලවලට මෙම හානිව්වීම අඩුය. කීටයා බල්බය සිදුරු කරගෙන ගිය විට කොළ මැලවී යන අතර කහ පැහැයට හැරෙයි. විශේෂයෙන්ම තෙත් කාලගුණයේදී බල්බ විකෘතිවන අතර කුණුවීමට ලක්වේ. මේවා මැඩපවත්වා ගත හැකි ක්‍රම වනුයේ භොග මාරු ක්‍රමය, ඉක්ක්මනින් වගා කිරීම, ආසාදිත පැල ඉවත් කිරීම වේ.[53]

ලූනු කඳ හා බල්බ පනුවා කුඩා පරපෝෂිතයෙකු වන අතර පසෙහි ජීවත්වන නෙමටෝඩාවෙකි. මොවුන් මගින් පත්‍ර ඉදිමීම හා විකෘති කිරීම සිදුකරයි. තවද නොමෙරූ පැල විනාශ කරන අතර මේරූ පැලවල බල්බ මෘදු කරයි. මේවාට ප්‍රතිකර්ම නැති අතර මේවා උදුරා විනාස්ශ කර දැමිය යුතුය. මෙම බිම ලූනු වගාව පිණිස අවුරුදු කිහිපයක් යනතුරු යොදා නොගතයුතු අතර කැරට්, පාර්ස්නිප් (parsnip) හා බෝංචි වගාව සඳහාද මේ බිම යොදා නොගත යුතුයි. හේතුව වන්නේ මෙම වර්ගද පහසුවෙන්ම ලූනු කඳ හා බල්බ පණුවාගේ ග්‍රහණයට නතුවන බැවිනි.[54]

වයිට් රොට් යනු, සුඩ්දු ලූනු සහ ලීක්ස් වලට වැළඳෙන පසෙහි හටගන්නා දිලීර (Sclerotium cepivorum)මගින් සෑදෙන රෝගයකි. මුල් කුණු වීමේදී පත්‍ර කහ පැහැයට හැරීමටත් මැලවීමටත් පටන්ගනී. මෙම දිලීර මගින් බල්බයේ මුල ආක්‍රමණය කරන අතර මෙය සුදු දිලීර ජාල සමූහයකින් (mycelia)වසාගන්නා අතර පසුව කළු ග්ලොබියුලාකාර දෘඩ කෝෂයක් (sclerotia) බවට පත්වේ. මෙම අක්‍රිය දේහය නැවත වගාකරන බෝග වලට රෝගය බෝ කිරීම සඳහා පසෙහි තැන්පත් වී ඇත. මෙම රෝගය සඳහාද ප්‍රතිකර්මයක් නැති අතර මෙම ශාක මුලින් උදුරා විනාශ කළ යුතුය. තවද මෙම වගා බිමෙහි අවුරුදු ගණනාවක් යනතුරු ලූනු හෝ එයට සමාන භෝග වර්ග වගා නොකර මේවාට සමාන නොවන වෙනත් භෝග වගා කළ යුතුය.[55]

නෙක් රොට් නම් ඩ්දිලීර විශේෂය ගබඩාකරණයේදී වැළඳෙන රෝගයකි. මෙය Botrytis allii නැමැති දිලීරයකින් බෝවන අතර මෙය බල්බයෙ කර සහ ඌර්ධව කොටස ආසාදිත කරන අතර අළු පැහැති පුස් වර්ධනය කරයි. බල්බයේ හානි වූ තැන පළමුවෙන්ම රෝග ලක්ෂණ පෙන්වන අතර බල්බයේ ශල්ක දිගේ පහලට ගමන් කරයි. බීජානු/ස්පෝරය විශාල ප්‍රමාණයක් නිපදවෙන අතර දෘඩ සිවියක්ද මේවා වටා වැඩිය හැකිය. යටි තලයේ ඇතුලත වියළි රොට් ස්ථාපිත වන අතර බල්බය වියළි බවට පත්වේ. මෙම රෝගය ශාකය වැඩෙන කාලය පුරාවටම පවතින අතර ගබඩා කළ විටදී විද්‍යාමාන වේ. දිලීර වලට ප්‍රතිරෝධය දක්වන බීජාවරණ ඇති අතර අස්වනු නෙළීමේදී ඒවාට හානිවීම අවම කර ගැනීමෙන්ද මම රෝගය පාලනය කළ හැක. තවද ප්‍රවේශමෙන් වියළීමට බඳුන් කරීමද, මෝරන ලද ලූනු පදම් කිරීමෙන්ද, වියළි සිසිල් හොඳින් වාතාශ්‍රය ඇති තැනක නියමිත ප්‍රමිතියට අනුව ගබඩා කිරීම මගින්ද සිදුකළ හැක.[56]

නිවෙස්වල ගබඩා කිරීම[සංස්කරණය]

ලූනු, ගබඩා කාලය අවසන, අංකුර මෝදුවීම ආරම්භ වීම.

පිසින ලූනු පැණි රසැති ලූනු සාමාන්‍ය කාමර උශ්නත්වයේදී ගබඩා කළ හැකිය. මෙය ගබඩා කළ යුත්තේ තනි තට්ටුවකට හොඳින් වාතාශ්‍රය ඇති අඳුරු වියළි ස්ථානයක දැල් බෑගයක් තුලය. මෙවැනි පරිසරයක පිසින ලූනු සති 3ක් 4ක් වැනි කාලයක් තබා ගත හැක. මෙම ලූනු වර්ගය ඇපල් හා පෙයාස් වල ඇති ගන්ධය උරාගනී. තවද එළවළු වල ඇති තෙතමනය උරාගන්නා අතර මෙය ලූනුවල දිරීමට හේතුවේ.[48][57]

පැණි රසැති ලුනු, පිසින ලූනු වලට වඩා ජලය හා සීනි අඩංගුය. මෙය මෘදු හා පැණි රසැතිය. නමුත් ගබඩා කළ හැකි කාලය අඩු කරයි. මේවා ශීතකරණවල ගබඩා කළ හැකි අතර ආයුකාලය මසකට පමණක් සීමාවේ. කෙසේ වෙතත් කැබලි කරන ලද ලූනු හොඳින් අසුරා අනෙකුත් ද්‍රව්‍ය වලින් ඈත්කර තැබිය යුතුය. මේවා දින 2ක් හෝ 3ක් ඇතුලත භාවිත කළ යුතුය.[43]

ප්‍රභේද[සංස්කරණය]

සාමාන්‍ය ලූනු කාණ්ඩය (var. cepa)[සංස්කරණය]

Rossa di Tropea ඉතාලියේ ලූනු වෙළඳසැලක්

සුලභ සාමන්‍ය ලූනු කාණ්ඩය, A. cepa කාණ්ඩයට අයිති විව්ධත්වයෙන් යුතු Allium භෝගය විශේෂිත වැදගත් කමකින් යුක්තය. මෙම කාණ්ඩයට අයත් ශාක තනි බල්බයක් සහිත වන අතර මේවා බීජ මගින් හෝ බීජ මගින් ඇති කරන තවාන් මගින් වර්ධනය කරගනී. ලූනු, සළාද ලූනු හා පික්ලිං ලූනු ප්‍රධාන වශයෙන් මෙම කාණ්ඩයට අයත් වගාවන් වේ.[13] මෙම වගාවන්ගේ විවිධ වර්ගවල ව්‍යාප්තියට අංකුර හටගන්නා කාලසීමාව, ගබඩා කර තැබිය හැකි කාලසීමාව, රස හා පිට පොත්තේ වර්ණයද අයිති වේ.[58] වියළන ලද ලූනු, සුප් සඳහා සහ ලූනු පිටි සඳහා භාවිතා කරන තියුණු සැරක් ඇති ලූනු වල සිට මෘදු පැණි රසැති ලූනු දක්වා මෙම සාමාන්‍ය ලූනු ව්‍යාප්ත වී ඇත. උදාහරණ ලෙස පෙතිගසා මස් වෙනුවට සැන්ඩ්විච් වලට යෙඑදිය හැකි, ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ විඩලියා ලූනු හෝ වොෂින්ටන් ප්‍රාන්තයේ වොල්ලා වොල්ලා හැඳින්විය හැක.

ඇග්‍රිගේටම් කාණ්ඩය (var. Aggregatum)[සංස්කරණය]

මෙම කාණ්ඩයට ශැලොට් හා අර්තාපල් ලූනු හෙවත් මල්ටිප්ලයර් ලූනු අයත්වේ. මේවා සාමාන්‍ය ලූනු වලට වඩා කුඩාය. ශාකයක්, බල්බ කිහිපයක් ඇති ඇග්‍රිගේට් පොකුරක් සාදයි. මේවා බෝකිරීම විශේෂයෙන්ම දුහිතෘ බල්බ වලින් සිදු කරන අතර බීජ වලින්ද ප්‍රරෝහනය කළ හැක. ශැලොට් යනු ඉතාමත් විශේෂිත උප කාණ්ඩයක් වන අතර මෙය වානිජ බෝගයක් වශයෙන් වගා කරයි. මේවා බල්බ කුඩා පටු අණ්ඩාභ හෝ පෙයාස් හැඩැති ඇග්‍රිගේටම් පොකුරු සාදයි. අර්තාපල් ලූනු, ශැලොට් ලූනු වලින් වෙනස් වන අතර මේවා තරමක් විශාල බල්බ පොකුරකට සාදන අතර, බල්බ ප්‍රමාණය අඩුවේ. මේවා පැතලි හැඩයක් ගනී. කෙසේවෙතත් මේවායේ අතරමැද විශේෂද පවතී.[13]


I'itoi ලූනු (Allium cepa) වනාහි අතිශයෙන් ඵල දරන ලූනු වර්ගයක් වේ. මෙවා ඇරිසෝනා ප්‍රාන්තයේ බැබොකියාරි පීක් නම් වනගත ප්‍රදේශයේ වගා කරයි. කුඩා බල්බවල ශැලොට්වල රසය ඇත. වගා කිරීමට පහසුය. උණුසුම් වියළි දේශගුණයට සුදුසුය. බල්බ වෙන් කරගෙන මතුපිට සිට අඟලක් පමණ යටින් හා අඟල් 12ක් දුරින් වනසේ සරත් සමයේදී වගා කරනු ලැබේ. බල්බ ප්‍රමාණය ගුණවී පඳුරු මෙන් වැඩේ. මේවායේ අස්වැන්න සීත මාසවලදී නෙළාගනු ලැබේ. මුදුනත, ගිම්හානයේදී වියළී ගොස් නැවතත් වර්ෂා කාලයේදී වැඩේ. මේවා පසෙහි තැන්පත්වී එසේම තිබිය හැකි අතර අස්වැන්න නෙළාගෙන වියළි සිසිල් ස්ථානයක ගබඩා කර තබා හේමන්ත ඍතුවේදී වගාකිරීමට යොදාගත හැකිය. මේවායේ කලාතුරකින් මල් හටගන්නා අතර ප්‍රරෝහණය, බල්බ වෙන් කිරීමෙන් සිදු කෙරේ.[59]

A. cepa වංශයේ දෙමුහුම්[සංස්කරණය]

'A. cepa පරම්පරාවෙන් පැවත එන දෙමුහුම් වර්ග ගණනාවක්ම වගා කරනු ලබයි. උදාහරණ ලෙස ඊජිප්තු ලූනු (A. ×proliferum), ඩිප්ලොයිඩ් හෙවත් ගස් ලූනු, වකේගි ලූනු (A. ×wakegi), හා ට්‍රිප්ලොයිඩ් ලූනු (A. ×cornutum) හැඳින්විය හැක.

A. ×proliferum, ගස් ලූනු

ගක් ලූනු හෝ ඊජිප්තු ලූනු බල්බ, මල් වෙනුවට ඡත්‍ර පමණක් නිපදවයි. මේවා දැනට A. cepa × A. fistulosum හි දෙමුහුම් ලෙස හඳුන්වයි. මෙය මීට ප්‍රථම A. cepa හි විශේෂයක් ලෙස හදූන්වනු ලැබ ඇත. උදාහරණ ලෙස, A. cepa var. proliferum, A. cepa var. bulbiferum, හා A. cepa var. viviparum හැඳින්විය හැක.[60]


වකේගි (Wakegi) ලූනු, A. cepa සහ A. fistulosum අතර දෙමුහුමකි. මෙහි A. cepa වල උප්පත්තිය ඇග්‍රිගේටම් කාණ්ඩයෙන් සිදුවූවායැයි විශ්වාස කෙරේ.[61] මේවා ජපානයේ හා චීනයේ සලාද ලූනු ලෙස ශතවර්ශ ගණනක් තිස්සේ භාවිත වන බව සැලකේ.[62]

උද්භිද විද්‍යා නාමකරණ නීති වලට අනුව ඊජිප්තු ලූනු හා වකේගි ලූනු එකම මාතෘ ශාක විශේෂ නිසා එකම දෙමුහුම් කාණ්ඩයට අයත් විය යුතුය. එම කාරණය නිසා ඊජිප්තු කාණ්ඩය A. ×proliferum යුරේශියානු කාණ්ඩයට සහ වකේගි ලූනු A. ×proliferum නැගෙනහිර ආස්සියාතික කාණ්ඩය වශයෙන් නම් කරනු ලැබේ.[4]

ට්‍රිප්ලොයිඩ් ලූනු මුහුම් වර්ගයක් වන අතර වර්ණ දේහ යුගල් 3ක් ඇත. මෙහිදී එයින් යුගල් 2ක් A. cepa වලින් වන අතර තෙවන යුගලය නොදන්නා වර්ගයකින් ලබාගෙන ඇත.[61] ට්‍රිප්ලොයිඩ් වල විවිධ ක්ලෝනයන් විවිධ පළාත්වල වගා කරයි. උදාහරණ ලෙස; 'Ljutika' ක්‍රෝයේශියාවේද, 'ප්‍රෑන්', 'පූන්ච්' හා 'ශ්‍රීනගර්' ඉන්දු කාශ්මීර ප්‍රදේශයේද වගා කරයි. 'ප්‍රෑන්' උතුරු ඉන්දියාවේ ප්‍රදේශවන ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ වැඩි වශයෙන් වගාකරයි. 'ප්‍රෑන්' සහ ක්‍රොයේශියානු ක්ලෝන 'Ljutika' අතර ජානවල දැකිය හැක්කේ ඉතාම කුඩා වෙනසකි.[63]

සමහරුන් ට්‍රිප්ලොයිඩ් ලූනු වලට A. cepa var. viviparum (Metzg.) Alef. යන නම භාවිතා කලද මෙම නාමය ඊජිප්තු ලූනු වලටද භාවිතා කරනු ලැබේ. ට්‍රිප්ලොයි ලූනු සමග නොපැහැදිලි හෝ සබඳතාවක් ඇති එකම නාමය වනුයේ A. ×cornutum ය.

ස්කැලියන්ස් හෝ සලාද ලූනු, වෙල්ශ් ලූනු (A. fistulosum) මෙන්ම A. cepa වලින්ද වර්ධනය කරගනු ලබයි. A. fistulosum හා A. cepa හි ලාබාල පැළෑටි රූපාකාරයෙන් එක සමාන වන නමුත්, මෙය පත්‍ර වලින් හඳුනාගත හැකි වන්නේ A. fistulosum වල පත්‍ර හරස්කඩ ගත්විට එය එක් පැත්තක් පැතලි නොව රවුම් හැඩයක් ගන්නා බැවිනි.[64]

නිශ්පාදනය හා අලෙවිය[සංස්කරණය]

2005 වසරේ ලූනු හා ශැලොට් නිශ්පාදිතය

ලොව පුරා වාර්ශිකව අක්කර 9,000,000 ට වඩා වඩි ප්‍රමාණයක් ලූනු වගා කරන බව ගණනය කර තිබේ. රටවල් 170ක් පමණ ලූනු ගෘහස්ථ පරිභෝජනය සඳහා වගා කරනු ලැබේ. 80%ක් පමණ ගෝලීය නිශ්පාදනය අන්තර්ජාතිකව අලෙවි කරනු ලැබේ.[24]

ප්‍රමුඛථම වියළි ලූනු නිශ්පාදකයන් දස දෙනා — 2012 (මෙට්‍රික් ටොන්)
 China 20,507,759
 ඉන්දියාව 13,372,100
 United States 3,320,870
 ඊජිප්තුව 2,208,080
සැකිල්ල:IRN 1,922,970
 තුර්කිය 1,900,000
 පකිස්තානය 1,701,100
 Brazil 1,556,000
 රුසියාව 1,536,300
 කොරියානු සමූහාණ්ඩුව 1,411,650
World Total 74,250,809
මූලාශ්‍රය: එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්මාන්තය පිළිබඳ සංවිධානය (FAO)[65]

1958 දී සම්මත කරගත් "අනාගත ලූනු පනත" මගින්, ඇමරිකා එක්සත් ජනපදයේ අනාගත ලූනු ගිවිසුම් වලට වෙළඳාම් කිරීම තහනම් කරන ලදි. මෙම තහංචිය බලපැවැත්වීම ආරම්භ වූයේ, සෑම් සීගල් හා වින්සන්ට් කොසුගා විසින් ඊට වසර 2කට පෙර චිකාගෝ වෙළඳ හුවමාරුවේදී කරන ලද වෙළඳපොල සංචාලනය පිළිබඳ ගොවියන් විසින් පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඉන්පසු සිදුකළ විභාගයන් මගින්, කෘශිකාර්මික මිල ගණන් හා සබැඳි අනාගත වෙළඳාම්වල ප්‍රතිඵල පිළිබඳ අතුල්‍ය විෂය අධ්‍යනයක් ආර්ථික විද්‍යා‍ඥයන්හට සපයන ලදි. මෙම පනත 2013 වර්ෂය දක්වාම බල පවත්වමින් තිබේ.[66]

බැලිය යුතු[සංස්කරණය]

  • Allicin
  • Desquamation
  • Herbalism
  • List of Allium species
  • List of onion cultivars
  • Onion Johnny
  • Pyruvate scale
  • Welsh onion

යොමුව[සංස්කරණය]

  1. The Plant List
  2. Flora of North America v 26 p 244
  3. Germplasm Resources Information Network - (GRIN). "Allium cepa information from NPGS/GRIN". USDA, ARS, National Genetic Resources Program. සම්ප්‍රවේශය 22 April 2011. 
  4. 4.0 4.1 4.2 Fritsch, R.M.; Friesen, N. (2002). "Chapter 1: Evolution, Domestication, and Taxonomy". මෙම කෘතිය තුල: Rabinowitch, H.D.; Currah. L.. Allium Crop Science: Recent Advances. Wallingford, UK: CABI Publishing. පිටු 9–10. ISBN 0-85199-510-1. 
  5. 5.0 5.1 5.2 Eric Block, "Garlic and Other Alliums: The Lore and the Science" (Cambridge: Royal Society of Chemistry, 2010)
  6. Brewster, James L. (1994). Onions and other vegetable Alliums (1st සංස්.). Wallingford, UK: CAB International. පි. 16. ISBN 0-85198-753-2. 
  7. Linnaeus, Carolus (1753) (Latinයෙන්). Species Plantarum. 1. Stockholm: Laurentii Salvii. පි. 262. http://biodiversitylibrary.org/page/358281. 
  8. "Allium cepa: Garden onion". The PLANTS Database. USDA: NRCS. 2013. සම්ප්‍රවේශය 2013-03-31. 
  9. "Allium cepa L.". ITIS. 2013-03-08. සම්ප්‍රවේශය 2013-04-01. 
  10. "Allium cepa Linnaeus". Flora of North America. 
  11. Grubben, G.J.H.; Denton, O.A. (2004) Plant Resources of Tropical Africa 2. Vegetables. PROTA Foundation, Wageningen; Backhuys, Leiden; CTA, Wageningen.
  12. Zohary, Daniel; Hopf, Maria (2000). Domestication of plants in the Old World (Third සංස්.). Oxford: Oxford University Press. පි. 198. ISBN 0-19-850357-1. 
  13. 13.0 13.1 13.2 Fritsch, R.M.; N. Friesen (2002). "Chapter 1: Evolution, Domestication, and Taxonomy". මෙම කෘතිය තුල: H.D. Rabinowitch and L. Currah. Allium Crop Science: Recent Advances. Wallingford, UK: CABI Publishing. පිටු 20–21. ISBN 0-85199-510-1. 
  14. 14.0 14.1 14.2 14.3 14.4 Brickell, Christopher (ed) (1992). The Royal Horticultural Society Encyclopedia of Gardening. Dorling Kindersley. පි. 345. ISBN 9780863189791. 
  15. 15.0 15.1 "Onions: Allium cepa". selfsufficientish.com. සම්ප්‍රවේශය 2006-04-02. 
  16. 16.0 16.1 16.2 16.3 16.4 16.5 "About Onions: History". සම්ප්‍රවේශය 2013-09-13. 
  17. Abdel-Maksouda, Gomaa; El-Aminb, Abdel-Rahman (2011). "A review on the materials used during the mummification process in ancient Egypt". Mediterranean Archaeology and Archaeometry 11 (2): 129–150. http://www.maajournal.com/Issues/2011/pdf/Maksoud.pdf. 
  18. 18.0 18.1 18.2 Cope, R.B. (August 2005). "Allium species poisoning in dogs and cats". Veterinary Medicine 100 (8): 562–566. ISSN 87507943. http://www2.aspca.org/site/DocServer/vetm0805_562-566.pdf. 
  19. 19.0 19.1 Salgado, B.S.; Monteiro, L.N.; Rocha, N.S. (2011). "Allium species poisoning in dogs and cats". Journal of Venomous Animals and Toxins Including Tropical Diseases 17 (1): 4–11. doi:10.1590/S1678-91992011000100002. ISSN 16789199. 
  20. 20.0 20.1 Yin, Sophia. "Onions: the secret killer?". සම්ප්‍රවේශය 2011-05-04. 
  21. Conant, Patricia (2006). "Onion - Culinary Foundation and Medicine". The Epicurean Table. සම්ප්‍රවේශය 2013-04-02. 
  22. "Onion". GoodFood. BBC. සම්ප්‍රවේශය 2013-04-02. 
  23. Mower, Chris. "The Difference between Yellow, White, and Red Onions". The Cooking Dish. සම්ප්‍රවේශය 2013-03-24. 
  24. 24.0 24.1 24.2 "All about onions". National Onion Association. සම්ප්‍රවේශය 2013-03-24. 
  25. Thompson, Sylvia (1995). The Kitchen Garden. Bantam Books. p. 142. 
  26. 26.0 26.1 Thompson, Sylvia (1995). The Kitchen Garden. Bantam Books. p. 143. 
  27. Ministry of Agriculture, Fisheries and Food (1968). Home Preservation of Fruit and Vegetables. HMSO. පි. 107. 
  28. "Onion and Onion Products". NIIR Project Consultancy Services. සම්ප්‍රවේශය 2013-03-31. 
  29. Smith, S. E. (2013). "What is onion powder". WiseGeek. Conjecture Corporation. සම්ප්‍රවේශය 2013-04-02. 
  30. "Genetics Teaching Vignettes: Elementary School". 2004-06-15. සම්ප්‍රවේශය 2013-03-22. 
  31. 31.0 31.1 Fern, Ken; Fern, Addy. "Allium cepa - L.". Plants For A Future. සම්ප්‍රවේශය 2013-03-22. 
  32. "United States Patent Office: Method of coloring eggs or the like". 1925-06-19. සම්ප්‍රවේශය 2011-09-17. 
  33. Slimestad, R.; Fossen, T.; Vågen, I. M. (2007). "Onions: a source of unique dietary flavonoids". Journal of Agricultural and Food Chemistry 55 (25): 10067–80. doi:10.1021/jf0712503. PMID 17997520. https://www.ncbi.nlm.nih.gov/pubmed/17997520. 
  34. Williamson, Gary; Plumb, Geoff W.; Uda, Yasushi; Price, Keith R.; Rhodes, Michael J.C. (1997). "Dietary quercetin glycosides: antioxidant activity and induction of the anticarcinogenic phase II marker enzyme quinone reductase in Hepalclc7 cells". Carcinogenesis 17 (11): 2385–2387. doi:10.1093/carcin/17.11.2385. PMID 8968052. 
  35. Olsson, M.E.; Gustavsson, K.E.; and Vågen, I.M. (2010). "Quercetin and isorhamnetin in sweet and red cultivars of onion (Allium cepa L.) at harvest, after field curing, heat treatment, and storage". Journal of Agricultural Food Chemistry 58 (4): 2323–2330. doi:10.1021/jf9027014. PMID 20099844. 
  36. doi: 10.1021/jf0307144
    This citation will be automatically completed in the next few minutes. You can jump the queue or expand by hand
  37. Arochena, L.; Gámez, C.; del Pozo, V.; Fernández-Nieto, M. (2012). "Cutaneous allergy at the supermarket". Journal of Investigational Allergology and Clinical Immunology 22 (6): 441–442. PMID 23101191. http://www.ncbi.nlm.nih.gov/pubmed/23101191. 
  38. Wissman, Margaret A. (1994). "Anemia caused by onions". Anemia in primates. සම්ප්‍රවේශය 2013-04-01. 
  39. Nair, Sonia (2011-11-05). "Onion Poisoning in Dogs". Buzzle. සම්ප්‍රවේශය 2013-04-01. 
  40. Simoons, Frederick (1998). Plants of life, plants of death. University of Wisconsin Press. පි. 568. ISBN 0-299-15904-3. http://books.google.com/?id=KEUAbrBoeBAC&pg=PR11&lpg=PR11&dq=Plants+of+life,+plants+of+death+++bibliography. Retrieved 2009-07-13. 
  41. "The Buddhist Diet". SFSU. 
  42. 42.0 42.1 Scott, Thomas. "What is the chemical process that causes my eyes to tear when I peel an onion?". Ask the Experts: Chemistry. Scientific American. සම්ප්‍රවේශය 2007-04-28. 
  43. 43.0 43.1 "FAQ". National Onion Association. සම්ප්‍රවේශය 2013-03-28. 
  44. Hiskey, Daven (2010-11-05). "Why onions make your eyes water". Today I found out. සම්ප්‍රවේශය 2013-03-28. 
  45. Staunton, Margot (2008-02-01). "Scientists create 'no tears' onions". News.com.au. සම්ප්‍රවේශය 2013-02-28. 
  46. Boyhan, George E.; Kelley, W. Terry (eds.) (2007). "2007 Onion Production Guide". Production Guides. University of Georgia: College of Agricultural and Environmental Sciences. සම්ප්‍රවේශය 2013-09-14. 
  47. Savonen,Carol (2006-07-13). "Onion bulb formation is strongly linked with day length". Oregon State University Extension Service. සම්ප්‍රවේශය 2013-09-14. 
  48. 48.0 48.1 48.2 "Onions: Planting, Growing and Harvesting Onion Plants". The Old Farmer's Almanac. සම්ප්‍රවේශය 2013-03-27. 
  49. Rhoades, Jackie. "What is Onion Bolting and how to Keep an Onion from Bolting". Gardening Know How. සම්ප්‍රවේශය 2013-03-27. 
  50. "Onion production". USDA: Agricultural Research Service. 2011-02-23. සම්ප්‍රවේශය 2013-03-27. 
  51. Hessayon, D.G. (1978). Be your own Vegetable Doctor. Pan Britannica Industries. පිටු 22–23. ISBN 0 903 50508 8. 
  52. Landry, Jean-François (2007). "Taxonomic review of the leek moth genus Acrolepiopsis (Lepidoptera: Acrolepiidae) in North America". The Canadian Entomologist 139 (3): 319–353. doi:10.4039/n06-098. 
  53. "Delia antiqua (Meigen): Onion Fly". Interactive Agricultural Ecological Atlas of Russia and Neighboring Countries. සම්ප්‍රවේශය 2013-03-29. 
  54. "Onion Eelworm (Ditylenchus dipsaci)". GardenAction. 2011. සම්ප්‍රවේශය 2013-03-29. 
  55. "Onion white rot". Royal Horticultural Society. සම්ප්‍රවේශය 2013-03-29. 
  56. "Onion neck rot". Royal Horticultural Society. සම්ප්‍රවේශය 2013-03-29. 
  57. Jauron, Richard (2009-07-27). "Harvesting and storing onions". Iowa State University Extension. සම්ප්‍රවේශය 2013-03-28. 
  58. Brewster, James L. (1994). Onions and other vegetable Alliums (1st සංස්.). Wallingford, UK: CAB International. පි. 5. ISBN 0-85198-753-2. 
  59. "I’Itoi Onion". Ark of Taste. Slow Food USA. 2010. සම්ප්‍රවේශය 2013-03-25. 
  60. Germplasm Resources Information Network - (GRIN). "Allium x proliferum information from NPGS/GRIN". USDA, ARS, National Genetic Resources Program. සම්ප්‍රවේශය 21 February 2011. 
  61. 61.0 61.1 Fritsch, R.M.; N. Friesen (2002). "Chapter 1: Evolution, Domestication, and Taxonomy". මෙම කෘතිය තුල: H.D. Rabinowitch and L. Currah. Allium Crop Science: Recent Advances. Wallingford, UK: CABI Publishing. පි. 19. ISBN 0-85199-510-1. 
  62. Brewster, James L. (1994). Onions and other vegetable Alliums (1st සංස්.). Wallingford, UK: CAB International. පි. 15. ISBN 0-85198-753-2. 
  63. Friesen, N. & M. Klaas (1998). "Origin of some vegetatively propagated Allium crops studied with RAPD and GISH". Genetic Resources and Crop Evolution 45 (6): 511–523. doi:10.1023/A:1008647700251. http://www.springerlink.com/content/t3520923j4311143/. 
  64. Brewster, James L. (1994). Onions and other vegetable alliums (1st සංස්.). Wallingford, UK: CAB International. පි. 3. ISBN 0-85198-753-2. 
  65. "Major Food And Agricultural Commodities And Producers - Countries By Commodity". Fao.org. සම්ප්‍රවේශය 2012-05-18. 
  66. "7 USC § 13–1 - Violations, prohibition against dealings in motion picture box office receipts or onion futures; punishment". United States Code: 7 USC § 13–1. Legal Information Institute. 1958. සම්ප්‍රවේශය 2013-03-24. 

වැඩිදුර කියවීම්[සංස්කරණය]

  • Block, E. (2010). Garlic and Other Alliums: The Lore and the Science. Royal Society of Chemistry (UK). ISBN 978-0-85404-190-9. 
  • Gripshover, Margaret M., and Thomas L. Bell, "Patently Good Ideas: Innovations and Inventions in U.S. Onion Farming, 1883–1939," Material Culture (Spring 2012), vol 44 pp 1–30.
  • Sen, Colleen T. (2004). Food culture in India. Greenwood Publishing. ISBN 0-313-32487-5.
  • Barbagallo, Tricia (June 1, 2005). "Black Beach: The Mucklands of Canastota, New York" (PDF). සම්ප්‍රවේශය 2008-06-04. 

බාහිර යොමු[සංස්කරණය]


සැකිල්ල:Allium

"https://si.wikipedia.org/w/index.php?title=ලූනු&oldid=381372" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි