රාහුල විද්‍යාලය

විකිපීඩියා වෙතින්
රාහුල විද්‍යාලය, මාතර
  • රාහුල විද්‍යාලය
  • ராகுல கல்லூரி
  • Rahula College
Location
Map

ඛණ්ඩාංක5°57′11″N 80°32′08″E / 5.953106°N 80.535447°E / 5.953106; 80.535447ඛණ්ඩාංක: 5°57′11″N 80°32′08″E / 5.953106°N 80.535447°E / 5.953106; 80.535447
තොරතුරු
වර්ගයපෞද්ගලික බෞද්ධ විද්‍යාලයක් සේ ඇරඹී, වර්තමානයේ රජයෙන් පාලනය වන, ජාතික පාසලකි.
ආදර්ශ පාඨයඅත්‍තානං දමයන්ති පණ්ඩිතා
("බුද්ධිමතා තමා විසන් තමාව ම පාලනය කරගනි යි." යන්නෙහි පාලි අර්ථයයි)
ආගමික සබැඳියා(ව)Buddhist
ආරම්භ කලේ1923; වසර 101 කට පෙර (1923)
විදුහල්පතිසුදත් සමරවික්‍රම
ශ්‍රේණි1–13
සිසුන් ගණන5000 ට වඩා වැඩි
වර්ණ(ය)නිල් සහ රන්
        
අනුබැඳියමාතර බෞද්ධ සංගමය (1923)
වෙබ් අඩවියrahulacollege.lk

රාහුල විද්‍යාලය(English: Rahula College) (Tamil: ராஹுல வித்தியாலம் Rāhula vittiyālam) යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාසලකි. එය ශ්‍රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්‍රික්කය වන මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.පෞද්ගලික බෞද්ධ විද්‍යාලයක් සේ ඇරඹී, වර්තමානයේ රජයෙන් පාලනය වන, ජාතික පාසලකි.

1923 මැයි මස පළමු වැනි දින ශ්‍රීමත් R.S.S. ගුණවර්ධන කුලතුංගගේ මෙහෙයුමෙන් මාතර බෞද්ධ සංගමය විසින් පෞද්ගලික බෞද්ධ පාඨශාලාවක් ලෙස පරාක්‍රමබාහු විද්‍යාලය යන නමැතිව විද්‍යාලයක් අරඹන ලදී. රාහුල විද්‍යාලය ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් ඇති පාසල් බෞද්ධ පාසල් වලින් එකකි. රාහුල විද්‍යාලය මේ වන විට රජයේ මෙහෙයවීමට අනුගත ජාතික පාසලක් වන්නේ ය. ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ඇති කිරීමේදී පළමුවෙන්ම ජාතික පාසල් තත්වයට පත් කරන ලද පාසල් කිහිපය අතර රාහුලය ද එකකි.

ප්‍රාථමික සහ ද්විතීයක ලෙස පාසල සතු අංශ ද්විත්‍වයෙකි.

අතීතය[සංස්කරණය]

1921 දී එවකට ගාල්ල මහින්ද විද්‍යාලයාධිපති එෆ්. ගෝර්ඩන් පියර්ස්, ඩී.ටී.ඩබ්. රාජපක්‍ෂ රාළහාමි සහ ශ්‍රීමත් ආර්. ඒ. ඩී. ගුණවර්ධන මහා කුලතුංග මාතර බෞද්ධ සංගමය ආරම්භ කළහ​. 1923 වසරේ මැයි මස 1 වන දින මාතර මහ වීදියේ කුලියට ගත් ගොඩනැගිල්ලක මෙකී බෞද්ධ සංගමය විසින් පරාක්‍රමබාහු විද්‍යාලය නම් විදුහලක් ආරම්භ කරන ලදි. එම විද්‍යාලයේ ආදර්ශ පාඨය වූයේ මම සැබෑ බෞද්ධයෙක් වෙමි යන්නයි.

පරාක්‍රමබාහු විද්‍යාලයේ ප්‍රථම සිසුවා වූයේ හේවාබෝවලගේ යසපාල නැමැත්තා ය.

මඳ​ කලක් ඇවෑමෙන් ප්‍රදේශයේ දානපති වරයෙකු වූ සී. ඒ. ඕදිරිස් ද සිල්වා විසින් පරාක්‍රමබාහු විද්‍යාලය වෙත පරිත්‍යාග කරන්නට යෙදුනු, වර්තමානයේ පුරාවිද්‍යා උරුමයක් ලෙසින් සංරක්‍ෂිත සරම්මුදලි වලව්ව වෙතට​ පාසල ගෙනයන ලදී. එතැන් පටන් පරාක්‍රමබාහු විද්‍යාලය රාහුල විද්‍යාලය යන නමින් හඳුන්වයි.

වත්මන් රාහුලය[සංස්කරණය]

Matara District

අද දින වන විට රාහුල විද්‍යාලය, විද්‍යාලයාධිපති සුදත් සමරවික්‍රම මහතා විසින් මග පෙන්වන 200 කට වැඩි ගුරු මණ්ඩලයකින් හා 6000 කට වැඩි සිසුන් පිරිසකගෙන් සමන්විත වන්නේ ය​. ශ්‍රී ලංකා වේ ජාතික පාසල් අතුරින් ඉදිරියෙන්ම සිටින රාහුලය දිවයිනේ පාසල් අතුරින් විශිෂ්ඨතමයන්ගේ විශිෂ්ඨතමයෙක් ලෙස සැලකෙන්නේ ය. රාහුලය විසින් වාර්ෂිකව ඉහළ ශ්‍රේණිගත කිරීම් සහිත රාහුලයන් රාශියක් ශ්‍රී ලංකා ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය වෙත දායාද කරනු ලබයි.

ප්‍රාථමික අංශය[සංස්කරණය]

රාහුල විද්‍යාලයීය ප්‍රාථමික අංශය සුදර්ශන ආදර්ශ විද්‍යාලය ප්‍රතිස්ථාපනය කෙරෙමින් ක්‍රි.ව. 1991 දී ආරම්භ කරන ලද්දකි.

RahulaTV[සංස්කරණය]

RahulaTV යනු රාහුල විදයාලයීය නිල ෙවබ් කණ්ඩායම වන Team|RCMweb විසින් නිපදවනු ලැබූ ෙවබ් රූපවාහිනී නාලිකාවයි.‌මෙම නාලිකාව ගාල්ල ශාන්ත ඇලෙව්ශීයස් විදයාලය සමඟ පැවති ෙදනුවර මහා සටන 2011 දී ප්‍රථම වරට නිකුත් ෙකරිණි. එතැන් පටන් විදයාලෙය් සෑම විෙශ්ෂ අවස්ථාවක්ම‌‌ මෙම නාලිකාව මගින් ප්‍රචාරය කෙර්. ෙමමගින් ෙලාව වටා සිටින රාහුල විදයාලයට හිතැති ෙප්‍ර්ක්ෂකයින් රාහුල විදයාලෙය සිදුවන අවස්ථා තම නිවෙස් සිටන නැරඹිට හැකියාව ලැබිනි.

විද්‍යාලයාධිපතිවරු[සංස්කරණය]

# කාලය නම
1 1923 – 1932 ජී. විලියම් ද සිල්වා මහතා
2 1932 – 1936 ආචාර්ය සී. අමිර්තලින්ගම් මහතා
3 1936 – 1937 ජේ. ආර්. බාර්ට් මහතා
4 1937 – 1956 ඩී. ජේ. කුමාරගේ මහතා
5 1956 – 1973 බී. පී. ආරියවංශ මහතා
6 1973 – 1979 බී. සූරියආරච්චි මහතා
7 1979 – 1983 ඒ. එච්. ගොඩවිතාරණ මහතා
8 1983 – 1986 පී. විජේවර්ධන මහතා
9 1986 – 1987 මහින්ද ජාගොඩ මහතා
10 1987 – 1989 එන්. වීරතුංග මහතා
11 1989 – 1990 ඒ. එම්. ලියනගේ මහතා
12 1990 – 1998 එන්. ආරියවංශ මහතා
13 1998 – 2002 සරත් ගුණරත්න මහතා
14 2002 – 2010 කිත්සිරි ලියනගමගේ මහතා
15 2010 – 2016 නිමල් දිසානායක මහතා
16 2016 – 2021 ෆ්‍රැන්සිස් වෙලේගේ මහතා
17 2021 – 2023 සුදත් සමරවික්‍රම මහතා
18 2023 - මේ දක්වා සමිතා කුරුකුලසූරිය මැතිණීය

විද්‍යාලයීය ගීතය[සංස්කරණය]


ශ්‍රී ලක නිළඹරයේ හි
තරිඳු ලෙසා වේ මනහාරා
මාතා සොඳුරු ගුණ ධාරී
දිනේවා සැමදා හෙල දීපේ

ශිල්ප සතර දෙන සාරා සිසු සෑමා
ගුණ නුවණ වඩන අප මාතා
ශ්‍රී සාරා සදා ආලෝකේ
සෑම වෙසේහි පානා ශාන්ති
වේවා වේවා ශ්‍රී වේවා අප රාහුල මාතා හටා

නේ දන සෑම පසස්නා
තුති කරනා නිති ගුණ සෝබා
මාතා සොඳුරු ගුණ ධාරී
දිනේවා සැමදා හෙල දීපේ //

විද්‍යාලයීය නිවාස[සංස්කරණය]

විද්‍යාලයීය නිවාස නාම අකාරාදී පිළිවෙලට පෙළ ගස්වා ඇත.

  • අශෝක :
   පැහැය :      රතු  
  • ගැමුණු
   පැහැය :      නිල්
  • පරාක්‍රම
   පැහැය:      කහ
  • විජය
   පැහැය:      කොළ


රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායම →[Team|RCMweb][සංස්කරණය]

රාහුල විද්‍යාලයීය නිල වෙබ් අඩවිය ආරම්භ කරන ලද්දේ 2005 වසරේ උසස් පෙළ ව්‍යාපෘතියක් ලෙසිනි. ඒ සමගම රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායම (Team|RCM Web) ඇරැඹිනි. එම ව්‍යාපෘතිය විද්‍යාලයීය ආචාර්යවරුන් වන පූජ්‍ය බෝගොඩ විමලඥාන ස්වාමීන් වහන්සේ සහ ජයවර්ධන මහතා අතින් අධීක්‍ෂණයට ලක්විය.

ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමග පවත්වන දෙනුවර සටන ක්‍රිකට් මහ තරගය සජීවීව අන්තර්ජාලය හරහා ප්‍රචාරය කිරීම රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායමේ ප්‍රධාන කාර්යයකි.

විභව ප්‍රශ්න බැංකුව - Vibhawa Question Bank[සංස්කරණය]

2012 වර්ෂයේ ඇරැඹි උසස් පෙළ ශිෂ්‍යයන් සඳහා විවිධ විෂයයන්ගෙන් යුත් පසුගිය විභාග ප්‍රශ්ණෝත්තර,වාර විභාග ප්‍රශ්න පත්‍ර අන්තර්ජාලය හරහා මෙන් ම පාසලේ එක් අංශයක් ලෙස ග්‍රන්ථ ගබඩාවක් ලෙස ද පවතින සේවාවකි. මෙහි වෙබ් අඩවිය vibhawa.com සංරක්ෂණය කළ පිටපත 2018-05-09 at the Wayback Machine වේ.

රහල් රන්දරු ශිෂ්‍යත්ව අරමුදල[සංස්කරණය]

අඩු ආදායම්ලාභී දක්ෂ උසස් පෙළ විෂය ධාරාව හදාරන සිසුන්ට මෙන් ම විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන සිසුන් වෙනුවෙන් ඇරඹි මෙම ශිෂ්‍යත්ව අරමුදලෙන් දැනට සිසුන් 95කට පමණ ශිෂ්‍යාධාර ලබාදීමට අපට හැකියාව ලැබී ඇත. දැනට පාසලේ අධ්‍යාපනය ලැබීමට දුෂ්කරතා ඇති සිසුවෙක් ඉදිරිපත් වුවහොත් ඔහුගේ සත්‍ය තොරතුරු සොයාබලා ඔහුට උසස්පෙළ පන්තියේ ඉගෙනීමට අවශ්‍ය ආධාර ලබාදීමට මෙන් ම දැනට විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ට පොත්පත් ගැනීමේදී යම් අගහිඟතාවක් ඇතිවූවිට ඒ සඳහා උදව් කිරීමට ද මේ මගින් හැකියාව ලැබී ඇත.2012ගුරුදින උදෑසන ඉතාමත් චාම් උත්සවයක් මගින් රහල් සිසුදරුවන් 46 කට 2,10000 මුදලක් පරත්‍යාග කිර්ම විදුහල්පති නිමල් දිසානායක මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් සහ මුල්‍ය ආධාර ලබාදුන් පරිත්‍යාගශීලීන් කිහිප මදනෙකුගේ සහභාගිත්වයෙන්, රහල් විදුබිමේ ප්‍රධානශාලාවේදී සිදුවුනි.

ක්‍රීඩා[සංස්කරණය]

  • පිහිනුම්
  • අත් පන්දු
  • දුනු විදීම
  • පාපන්දු

මහා ක්‍රිකට් තරග[සංස්කරණය]

දෙනුවර සටන[සංස්කරණය]

ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමග 2011 වනතෙක් මෙය පැවැත්විණි. පළමු “දෙනුවර සටන” (Battle of Two Cities) පැවතියේ ක්‍රි.ව. 2004 මාර්තු මස ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ය.

ඉරට්ටේ අංකයක් සහිත වසර වල ඇලෝසියානුවන් තරගයේ සත්කාරකත්වය උසුලන අතර, ඔත්තේ අංකයක් සහිත වසර වල සත්කාරකත්වය උසුලන්නේ රාහුලයන් විසිනි. ඇලෝසියානුවන් සත්කාරකත්වය උසුලන විට තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ද රාහුලයන් සත්කාරකත්වය උසුලන විට තරගය මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගනයේද පැවැත්වීම සම්ප්‍රදායය යි.

රුහුණු මායා හටන[සංස්කරණය]

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය විද්‍යාලය සමග 2012 වර්ෂයේ සිට රාහුල විද්‍යාලය තරග වදින අතර ප්‍රථම තරගය උයන්වත්ත ක්‍රීඩාංගනයේදී අප්‍රේල් මස පැවැත්විණි. රාහුල විද්‍යාලය සත්කාරක පාර්ශවය වූ අතර රාහුලටීවී ඔස්සේ මෙය සජීවීව විකාශය කෙරිණි.

මේවාත් බලන්න[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

විද්‍යාලයීය අඩවි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රාහුල_විද්‍යාලය&oldid=596990" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි