සුජාතා විද්‍යාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සුජාතා විද්‍යාලය, මාතර
Sujatha Vidyalaya Matara Crest.jpg
ස්ථානය
Matara, ශ්‍රී ලංකා ශ්‍රී ලංකාව
තොරතුරු
වර්ගය පෞද්ගලික බෞද්ධ විද්‍යාලයක් සේ ඇරඹී, වර්තමානයේ රජයෙන් පාලනය වන, ජාතික පාසලකි.
ආදර්ශ පාඨය දල්හම් පග්ගන්හ වීරියම්
("දැඩිව වීර්යය කරන්න " යන්නෙහි පාලි අර්ථයයි)
ස්ථාපිත 1929
Principal හේමන්‍තිමාලා වනිගසිංහ මහත්මිය.
ශ්‍රේණි 1–13
සිසුන් ගණන 6000 ට වඩා වැඩි
වර්ණ(න්) නිල් සහ රන්
        
අනුබැඳිය මාතර බෞද්ධ සංගමය (1929)
වෙබ් අඩවිය


සුජාතා විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බාලිකා පාසල කි. එය ශ්‍රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්‍රික්කය වන මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

සුජාතා විද්‍යාලය ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් ඇති බෞද්ධ පාසල් වලින් එකකි. විද්‍යාලය මේ වන විට රජයේ මෙහෙයවීමට අනුගත ජාතික පාසලක් වන්නේ ය.

ප්‍රාථමික සහ ද්විතීයක ලෙස පාසල සතු අංශ දෙකකි. ප්‍රාථමික අංශය 1 සිට 5 ශ්‍රේණිය දක්වා සුජාතාවන් හට සෙවන සදන කල්හි, ද්විතීයක අංශය 6 සිට 13 ශ්‍රේණි වල සුජාතාවන් ගේ විදු පියස වන්නේය.

අතීතය[සංස්කරණය]

20 සියවස ආරම්භයේද මාතර ජන ගහනයෙන් බහුතරය බෞද්ධයෝ වීය. ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීම එම යුගයේ විලාසිතාවක් විය. එම ‍ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමේදී මාතර බෞද්ධ සංගමය ප්‍රධාන චරිතයක් නිරූපණය කළේය. සංගමයේ ශක්තිමත් සම-ලේකම් ධූරයක් හෙබවූ විල්මට් P. විජේතුංග මහතා නව ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනයක් ඇරඹීමේ අවශ්‍යතාවය සිතිවිල්ලක් වශයෙන් ඉිදිරිපත් කළේය. එම යෝජනාව ක්‍රියාත්මක කිරීමෙහිලා වෛද්‍ය V.D. ගුණරත්‍න මහතා ප්‍රධාන දායකත්වයක් ඉසිලීය.

1929 වසරේ වෙසක් පුන් පොහෝ දින මාතර බෞද්ධ සංගමයේ සභාපති වශයෙන් කටයුතු කළ වෛද්‍ය V.D. ගුණරත්‍න මහතා අධ්‍යක්‍ෂක ධූරය යටතේ පාසල ආරම්භ කෙරිනි.

විද්‍යාලය අද ලබා ඇති තත්‍වය සලකන විට ආරම්භය හුදු සාමාන්‍ය පාසලකි ඇරඹුමක් පමණි. ආරම්භයෙන් වසර 70 ගණනකට පසුව අද වන විට විද්‍යාලය දිවයිනේ ප්‍රමුඛ බාලිකා විද්‍යාලයක් බවට පත්ව ඇත.

මුල් අවදිය[සංස්කරණය]

විද්‍යාලය වර්තමානයේ පිහිටා ඇති ස්ථානයට ගෙන ඒමට ප්‍රථමයෙන් පිහිටා තිබුනේ වර්තමානයේ කෘෂිකර්ම දෙපාර්තමේන්‍තුවේ මාතර ශාකාව පිහිටා ඇති ස්ථානයේ හෙවත්, හක්මණ මාර්ගයට මායිම් වූ එකළ පොල් වගාවක් සහිත වූ භුමියකය. මෙම භූමිභාගය මාතර බෞද්ධ සංගමයේ සභාපති වෛද්‍ය ගුණරත්‍න මහතාට හිමිව තිබූ එකකි.

පැරණි ගොඩනැගිල්ල කාර්යාලය, පංති කාමර 3 ක්, කුඩා ශාලාවක්, කුඩා සිසවියුන් සඳහා නේවාසිකාගාරයක් සහ ජ්‍යේෂ්ඨ සිසුවියන් සඳහා නේවාසිකාගරයක් යන අංග වලින් සමන්විත විය.

අද මෙන් නොව, වයස අවුරුදු 10 ට අඩු සිසුන් ද පාසල වෙත ඇතුලත් කොටගෙන, ඔවුන්ට වයස අවුරුදු 10 වන තෙක් පාසල තුල අධ්‍යාපනය ලැබීමට ඉඩ දෙනු ලැබිනි.

සංගමය ඉන්‍දියාවේ සිට පැමිණි A.E. Mathives මහත්මිය පාසලේ විදුහල්පතිනිය වශයෙන් පත් කළේය. සිසුවියෝ නිල් සහ රන් පැහැති ටයි පටියක් සහිත සුදු පැහැති නිල ඇඳුමක් භාවිතා කළ අතර, ශිෂ්‍යයෝ නිල් (Navy Blue) පැහැති නලිසම් ද සුදු පැහැති කමීසද නිල ඇඳුම වශයෙන් භාවිතා කළහ. සුදු පැහැති පාවහන් ද, මනාව සංවිධිත මේ කුඩා පාසල් සමාජයේ ආයිත්තම් වලට අයත් විය.

1945 දී අධ්‍යාපනය ස්‍වභාෂා කරනා තෙක් විලාසිතාව වූ ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යයන කටයුතු කරන ලදී. භාවිතා කළ පෙළ පොත් බ්‍රිතාන්‍යයෙන් ගෙන්වන ලද ඒවා විය. ප්‍රාථමික පංති වල භාවිතා කරන ලද කියවුම් පොත "Reading and Thinking" නම් විය. සිංහල බස ද විෂයයක් වශයෙන් උගන්වන ලදී. විෂය නිර්දේශයට අමතරව ඉන් පරිභාහිර වූ සංගීතය, නැටුම්, නාට්‍යය ආදීන්ට ද වෙන් කරනා ලද කාලයක් විය. සියළුම වාර අවසානයන් විවිධ ප්‍රසංගයකින් අලංකෘත වූ අතර, ඉන් අතිශය ඉහල තත්වයේ වූ එකක් පවත්වන ලද්දේ බ්‍රෝඩ්වේ නෘත්‍යශාලාවේ දී ය.

දැන් මෙන් නොව, පාසල පවත්වන ලද්දේ මිනිත්තු 45ක දිවා ආහාර විවේකයක් සහිත සැසි දෙකකිනි. පාසලේ සෞඛ්‍යාරක්‍ෂක තත්වය විශිෂ්ඨ විය. නළ ජලය පහසුකම් නොතිබූ බැවින් පිරිසිදු කිරීම් කටයුතු සඳහා ජලය ලබාත් ළිඳක් පාසල පසු පස ඉදි කොට තිබිනි.

විකාශනය[සංස්කරණය]

1936 තුලදී, සිසුන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග භෞතික සම්පත් භාවිතාවද ඉහළ ගියේය. "ගබඩාවිදිය" හි පිහිටා තිබූ දේපළ සහ භූමිය ක්‍රමයෙන් පාසලක් බවට පත්විය. පංතියෙන් පංතිය පහළ සිට ඉහළට එය ස්ථාවරත්වයකින් යුතුව වර්ධනය වන්නට විය.

වෛද්‍ය ගුණවර්ධන ගේ අභාවයෙන් පසුව පාසලට අසීරු කාල පරිච්ඡේදයකට මුහුණ දෙන්නට සිදු විය. එ සමයේ ඇරඹි දෙවන ලෝක යුද්ධය හේතුවෙන් සමාජයේ ඇතිවූ අස්ථාරව භාවයද එයට එක් හේතුවක් විය. කෙසේ වෙතත් ආරියරත්න මහතා පාසලේ පරිපාලනය භාරගැනීමත් ස්‍වකීය පෞද්ගලික මුදලින් ගුරුවරුන්ගේ වැටුප් ගෙවීමට ඉදිරිපත් වීමත්, මහත් ආශිර්වාදයක් විය.

මාතර බෞද්ධ සංගමයේ අනෙකුත් සාමාජිකයන් සහ පාසලේ පැවැත්මට දායකවූවන් අතරින් කිහිප දෙනෙකු පහත දැක්වේ :

  • E.T. ගුණවර්ධන මහතා
  • W.P. විජේතුග මහතා
  • M.D.T. කුලතිලක මහතා
  • D.N.J. වීරසූරිය මහතා
  • T.F.D. අබේගුණවර්ධන මහතා
  • C.A. ආරියරත්න මහතා
  • W.P.A. වික්‍රමසිං මහතා
  • ජෝජ් වීරතුංග මහතා
  • A. දයාරත්න මහතා

1958 දී සුජාතා විද්‍යාලය රජයේ පාසලක් බවට පත් කෙරිනි. වර්තමානයේසුජාතා විද්‍යාලය දකුණු පළාතේ ප්‍රථම බෞද්ධ බාලිකා විද්‍යාලය වීමේ කීර්තිය ද සමග සිසුවියන් 5000 ක්, 188 පමණ අධ්‍යයන කාර්ය මණ්ඩලයක් සහ 35 ක පමණ අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් සතුව පවතී.

ආශ්‍රිත අධ්‍යයනායතන[සංස්කරණය]

සුජාතා ධර්ම විද්‍යාලය[සංස්කරණය]

සුජාතා ධර්ම විද්‍යාලය විදුහල්පතිනි R.ගුණවික්‍රම මහත්මිය ගේ අදහසකට අනුව 1995 දී ආරම්භ කරන ලදී. පාසල් නේවාසිකාගාරය භාවිතා කරනා සිසුවියන් උදෙසා ධර්ම අධ්‍යාපනය ලබා දීම එහි අරමුණ විය. වර්තමානය වන විස එය සතුව 400 ක පමණ සිසුවියන් පිරිසක් සහ 14 ක පමණ කාර්ය මණ්ඩලයක් සිටියි. පූජ්‍ය ගොඩවෙල ප්‍රෙමරතන හිමි සුජාතා ධර්ම විධයාලයේ අධිපති වශයෙන් කටයුතු කරයි.

සුජාතා ප්‍රාථමික අංශය[සංස්කරණය]

සුජාතා විද්‍යාලයීය ප්‍රාථමික අංශය වෙලේගොඩ පිහිටා ඇත. එය පෙර සුදර්ශන ආදර්ශ විද්‍යාලය පිහිටා තිබූ ස්ථානයේ 1991 දී ආරම්භ කරන ලද්දකි. සිසුවියන් 1500 ක් සහ ගුරුවරුන් 42 ක් පමණ සමග 1 සිට 5 ශ්‍රේණිය දක්වා එහි පංති පැවැත්වෙයි. සුජාතා ප්‍රාථමික අංශයේ වත්මන් විදුහල්පති සමරසිංහ මහතාය.

විදුහල්පතිවරු[සංස්කරණය]

  කාලය නාමය
1 A.E.Mathives මහත්මිය
2 ඩොරීන් වික්‍රමසිංහ මහත්මිය
3 C. අමිර්තලිංගම් මහත්මිය
4 Comalan Crain මහත්මිය
5 F.D.Lovel Hestings මහත්මිය
6 M.M. පෙරේරා මහත්මිය
7 1942 – 1968 R. බාලසූරිය මහත්මිය
8 1965 – 1975 L. වෙදහිත මහත්මිය
9 1975 – 1976 Windser මහත්මිය
10 1977 – 1989 D.P.T. ධර්මසිරි මහත්මිය
11 1989 – 1993 M.I. වීරතුංග මහත්මිය
12 1994 – 2000 R.N. අමරසිංහ මහත්මිය
13 2000 – 2002 D. බඹරවාන මහත්මිය
14 2000 – 2005 C.H. පිනිදිය මහත්මිය
15 2008 – 2010 W. A. නන්‍දාවතී මහත්මිය
15 2010 – මේ දක්වා හේමන්‍තිමාලා වනිගසිංහ මහත්මිය

මේවාත් බලන්න[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සුජාතා_විද්‍යාලය&oldid=259756" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි