ධර්මපාල විද්‍යාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ඛණ්ඩාංක: 6°50′37″N 79°57′11″E / 6.84361°N 79.95306°E / 6.84361; 79.95306

ධර්මපාල විද්‍යාලය
ධර්මපාල විද්‍යාලයීය නිල ලාංඡනය
ස්ථානය
පන්නිපිටිය, ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
තොරතුරු
වර්ගය රජයේ
ආදර්ශ පාඨය තුමෙහි කිච්චං ආතප්පං(ධම්මපදය තුළ ඇතුළත් බුද්ධ වාක්‍යයකි).
ස්ථාපිත 1940 දෙසැම්බර් 8
විදුහල්පති කේ.ජී.විමලසේන
ශ්‍රේණි 1-13
වර්ණ(න්) මදට පැහැය සහ දම් පාට
අනුබැඳිය බෞද්ධ
වෙබ් අඩවිය

ධර්මපාල විද්‍යාලය, ශ්‍රී ලංකාවේ පන්නිපිටිය ප්‍රදේශයේ ඇති ජනප්‍රිය මිශ්‍ර පාසලකි. මෙම පාසල පිහිටුවන ලද්දේ වර්ෂ 1942 බ්‍රිතාන්‍ය ලංකාව තුළ බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ පුරෝගාමීයෙක් වූ හා මෙම පාසැල ඉදිකිරීමට තමන්ගේ ඉඩම පරිත්‍යාග කල අනගාරික ධර්මපාලතුමා විසින්ය.මෙම පාසල ජාතික පාසලක් වන අතර ප්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපන මෙම පාසැලින් ලබාදෙයි.


වර්තමානය[සංස්කරණය]

මෙම පාසැල තුළ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින් පිරිස 4,500 වන අතර 250 කට අධික ගුරුවරුන් පිරිසක් සේවය කරයි. පාසැල හෙක්ටයාර 18ක් පුරා පැතිරී ඇති මනරම් පරිසරයකින් යුක්ත වේ.[1] . මෙම පාසැලින් 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා අධ්‍යාපනය ලබාදෙයි.

අතීතය[සංස්කරණය]

ඉඩම පරිත්‍යාග කිරීම[සංස්කරණය]

වර්තමානයේ පාසල පවතින ඉඩමේ මුල් හිමිකරු වන්නේ අනගාරික ධර්මපාලතුමා ය. පසුව මෙම ඉඩම හේවාවිතාරණ පවුල විසින් මහාබෝධි සංගමයට පරිත්‍යාග කල පසු 1940 දී ධර්මපාල විද්‍යාලය පිහිටුවීමට පවරන ලදී.

අතීතය[සංස්කරණය]

වර්ෂ 1940 දී කොළඹ ආනන්ද විද්‍යාලයේ ශාඛාවක් ලෙස ඉංග්‍රීසි ද්වීතියික අධ්‍යාපන පාසැලක් ලෙස පන්නිපිටියේ පාසැල පිහිටු වීය. මෙම නව පාසැල ධර්මපාල විද්‍යාලය නමින් නම් කෙරිණී.පාසල ආරම්භ කළ දින වැදගත් සිදුවීම් 2 ක් සිදුවිය. එනම් ශ්‍රී දේවමිත්ත ධර්මපාල හිමි අනුස්මරණ ගොඩනැගිල්ල, සෞඛ්‍ය අමාත්‍ය ගරු ඩබ්.ඒ. දි සිල්වා මහතා අතින් විවෘත වීමත් , ධර්මපාල විද්‍යාලය උත්සවාකාර ව , බෞද්ධ පාසල් හි සාමාන්‍ය කළමනාකරු ආචාර්ය වෝල්ටර් විජේනායක මහතා අතින් විවෘත වීමත් සිදුවිය.

ධර්මපාල විද්‍යාලය බෞද්ධ පරමවීඥානාර්ථය මගින් පාලනය කල අතර එය කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිගේ ඍජු අධීක්ෂණය යටතේ සිදුවිය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් 1941 ජනවාරි 8 දින ආරම්භ කළ අතර මෙහි ප්‍රාරම්භාකයා පී.දී.එස්. කුලරත්න මහතා වන අතර පළමු විදුහල්පති ලෙස ආචාර්ය ජේ.ඉ. ජයසූරිය මහතා පත්විය.

ගොනුව:Flag Dharmapala.jpg
Flag of Dharmapala Vidyalaya

ක්‍රීඩා[සංස්කරණය]

නිවාස[සංස්කරණය]

  •      - Maurya (මෞර්යය)
  •      - Nanda (නන්ද)
  •      - Shakya (ශාක්‍ය)
  •      - Soorya (සූර්ය)

මලල ක්‍රීඩා උත්සවය මෙම නිවාස අතර වාර්ෂිකව පළමු වාරයේ මුල් කාලයේදී පැවැත්වේ.

  • මලල ක්‍රීඩා
  • බැඩ්මින්ටන්
  • බාස්කට්බෝල්
  • ශිෂ්‍ය භට කණ්ඩායම - පෙරදිග,අපරදිග කණ්ඩායම් සහ පාබළ හමුදා කණ්ඩායම
  • චෙස්
  • මේස පන්දු
  • ඉලක්කයට වෙඩි තැබීම
  • දැල් පන්දු
  • ජිම්නාස්ටික්
  • හෑන්ඩ් බෝල්
  • කරාටේ
  • Guiding
  • අත් පන්දු
  • පිහිනුම්
  • රගර්
  • කැරම්
  • ක්‍රිකට්
  • පා පන්දු
  • වුෂූ
  • බාල දක්ෂ

ආදි සිසුන්[සංස්කරණය]

ආදි ශිෂ්‍ය සංගමය[සංස්කරණය]

මෙම පාසලේ ඉතා ක්‍රියාකාරී ආදි ශිෂ්‍ය සංගමයක් ඇත.

පාසලේ විශේෂ ආදි සිසුන්[සංස්කරණය]

විශේෂ අවස්ථා[සංස්කරණය]

හෙන්රි ස්ටීල් ඕල්කොට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය යනු ශ්‍රී ලංකාවේ බෞද්ධ පාසැල් නඟා සිටුවීමේ පුරෝගාමියෙකු වූ හෙන්රි ස්ටීල් ඕල්කොට් මැතිතුමා සිහිකිරීම පිණිස, ලංකාවේ ප්‍රමුඛ බෞද්ධ පාසල් 8 ක ආදී ක්‍රිකට් ක්‍රීඩකයින් අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගාවලියකි.

References[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ධර්මපාල_විද්‍යාලය&oldid=400597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි