Jump to content

ප්ලේටෝ ගේ ගුහාවේ දෘෂ්ටාන්තය

විකිපීඩියා වෙතින්

ලෙන් උපමාව

[සංස්කරණය]

ගුහාවක නැතහොත් ලෙනක උපමාව යොදා සත්‍යය අවබෝධය විස්තර කරන්නට ඔහු උත්සාහයක් ගනියි. ඒ උපමාවට අනුව දිළිඳු වූවන් ගුහාවක සිර කරනු ලැබූවන්ට සමාන වෙති. මේ සිරකරුවන් බිත්තියට මුහුණ ලා යදම් ලා බැඳ ඇත්තහ. ඒ නිසා ඔවුනට දැකිය හැක්කේ එක පැත්තක් දිහා පමණි. තමන්ව හෝ තමන් සමඟ සිටිනා අනිත් අයව දැකීමට නොහැකිය. ඔවුන්ට පෙනෙන්නේ බිත්තියේ වැටෙනා සෙවනැලි පමණකි. ඔවුන් පිටුපසින් ගින්නකි. ඔවුන් හා බිත්තිය අතර කිසිවක් නැත. ඒ නිසා ඔවුනට පෙනෙනුයේ ගින්නෙහි ආලෝකය නිසා බිත්තියට වැටෙන ඔවුන්ගේ හා ඔවුන් පිටුපස ඇති දෑ වලින් වැටෙනා සෙවනැලි පමණකි. සෙවනැලි තථ්‍ය වූ දෑ සේ ඔවුන් සලකති. ඒවාට හේතු වූ වස්තූන් පිළිබඳ හැඟීමක් ඔවුනට නැත. සිරකරුවෙක් යදම් ගලවා ගෙන ගුහාවෙන් එළියට පැමිණි සිරකරුවා ප්‍රථම වරට තථ්‍ය දේ දකියි. එසේම තමා මෙතෙක් කාලයක් සෙවනැලි වලට රැවටී සිටි බව ද අවබෝධය ලබයි. ඔහු ආරක්ෂකයෙකු වීමට සුදුසු වූ අයෙක් නම්, එවැනි දාර්ශනිකයෙක් නම්, එවැන්නා තමන් සිටි ගුහාවට ගොස් තමා හා සිරකරුවන් වු අයට සත්‍යය පිළිබඳ ව කියා දීම යුතුකම යැයි සිතනු ඇත. එහෙත් ඒ සිරකරුවනට විස්තර පැහැදිලි කිරීම පහසු නොවේ. සූර්යාලෝකය දැක පැමිණි ඔහුට දැන් හිරුලප නිසා ඔවුනට තරම් පැහැදිලි ලෙසින් සෙවනැලි නොපෙනෙනු ඇත. එසේම ඔවුනට ඔහුව පෙනෙන්නේ ඔහු ගැලවී යාමට සිටියාටත් වඩා මෝඩයෙකු ලෙසිනි. එවිට ඔහු සිරකරුවන් ඉන්නේ සිර වී යැයි කියා ඔවුන් මුදවා ගන්නට ගියොත්, සෙවනැලි දකිමින් සහනයෙන් ගෙවූ මුලාවට බාධා කළා යැයි ඒ සිරකරුවෝ කෝප වනු ඇත. කෝපාවිෂ්ට වූවන් පිටතට ගොස් තථ්‍ය දැක ආ සිරකරුවාව මරන්නට ද ඉඩ ඇත.

ප්ලේටෝ සිය දර්ශනය ඉදිරිපත් කරන්නේ ඥාන විභාගය, සත්භාවවේදය, ආචාර ධර්ම හා රසඥානය යනාදියෙන් පාරභෞතිකව ලෝකය වටහා ගන්නා ආකාරයක් හැටියටයි. ප්ලේටෝ ට පසුකාලීන ව එන සියළු දාර්ශනිකයන් කරන්නේ මේ දර්ශනික සම්ප්‍රදායෙන් මිනිසා නැමති සිරකරුවා අන්ධකාරයෙන්, මායාවෙන් හා අසත්‍ය නැමති වහල් භාවයන් වලින් මුදවන්නට ගන්නා දාර්ශනික උත්සාහයන් යැයි සැලකේ.