මිහින් ලංකා

විකිපීඩියා වෙතින්
මිහින් ලංකා
මිහින් ලංකා ලාංඡනය
IATA
MJ
ICAO
MLR
Callsign
MIHIN LANKA
ආරම්භය 27 ඔක්තෝබර් 2006
මෙහෙයුම් ආරම්භකල දිනය 24 අප්‍රේල් 2007
මෙහෙයුම් නවතාදැමූ දිනය 29 ඔක්තෝම්බර් 2016
මධ්‍යස්ථාන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ
උප මධ්‍යස්ථාන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ
යානා ප්‍රමාණය 4
ගමනාන්ත 12
ආදර්ෂ පාඨය Yours to fly
මව් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සේවය
මූලස්ථානය E.M.L ගොඩනැඟිල්ල, No/ 61 W.A.D. රාමනායක මාවත, කොළඹ 2, ශ්‍රී ලංකාව
වෙබ් අඩවිය mihinlanka.com
මිහින් ලංකා Airbus A320

මිහින් ලංකා ගුවන් සමාගම ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මකව පැවති අඩු ගාස්තු ගුවන් සේවයක් වේ. මෙය ශ්‍රී ලංකා රජය සතුව පැවති ගුවන් සේවයකි. මෙහි ප්‍රධාන පාලක ගුවන්තොටුපල වූවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලයි. 2007 අප්‍රේල් මස දී ඇරඹුන මිහින් ලංකා ගුවන් සේවය ඉන්දියානු උප මහාද්වීපය, අග්නිදිග ආසියාව, මැදපෙරදිග සහ නැගෙනහිර අප්‍රිකාවේ වූ ගමනාන්ත වෙනුවෙන් සිය සේවාව සපයන ලදී. කෙසේ නමුදු ආරම්භයේ පටන් මෙම ගුවන් සේවය නිරන්තර පාඩු ලබන හා විවිධ අක්‍රමිකතා සිදුවන සමාගමක් බවට පත්විය.[1] මේ හේතුවෙන් පාඩු අවමකිරීම සහ ඵලදායීතාවය නංවනු වස් රජය විසින් 2016 අවසන් භාගයේදී මිහින් ලංකා ගුවන් සේවය, ශ්‍රීලංකන් ගුවන් සේවය සමග ඒකාබද්ධ කිරීමට අනුමැතිය ලබාදෙන ලදී.[2][3]

ඉතිහාසය[සංස්කරණය]

27 ඔක්තෝබර් 2006 දින මෙම ගුවන් සේවය ව්‍යවස්ථාපිත සමාගමක් ලෙස ඇරඹුණු අතර එහි මුල්ම අධ්‍යක්ෂකවරු ලෙස සජින් වාස් ගුණවර්ධන (හිටපු විදේශ කටයුතු අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රී), ගෝඨාභය රාජපක්ෂ (හිටපු ආරක්ෂක ලේකම්, ජනාධිපති මහින්ද රාජපක්ශ මහතාගේ සොහොයුරු), රොෂාන් ගුණතිලක (හිටපු නාවික හමුදාපති) යන පිරිස ක්‍රියාකරන ලදී. ගුවන් සේවය සදහා යොදා තිබූ නාමය, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන නාමය අනූව යමින් යොදන්නට ඇතැයි විශ්වාස කෙරේ.[4][5] මෙහි දියත් කිරීම කැබිනට් අනුමැතිය හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතියකින් තොරව සිදුවූ අතර, මුල්ම ගුවන්යානා මිලදී ගැනීමද නියමිත ටෙන්ඩර් පටිපාටියකින් තොරව සිදුවිය.[6]

මිහින් ලංකා ගුවන් සේවය සිය මෙහෙයුම් කටයුතු 2007 අප්‍රේල් මස 27 වන දිනදී, කල්බදු ක්‍රමය මත ලබා ගත් Airbus A320 ගුවන්යානා 2ක් සමඟ ආරම්භ කරන ලදී. එය මූලික වශයෙන්ම ස්ථාපනය කරනු ලැබුවේ [[ඉන්දියාව, මැදපෙරදිග ගමන් සඳහාය. ආරම්භයේදී එය කොළඹ සිට ට්‍රීච්, ත්‍රිවින්දම්, බුද්ධගයාව, සිංගප්පූරුව, මාලේ හා බැංකොක් යන ගමනාන්ත දක්වා ක්‍රියාත්මක විය.

2010 දෙසැම්බර් මාසයේ දී මිහින් ලංකා ගුවන් සේවය විසින් AirbusA321 යානාවක් මිලට ගනු ලැබූ අතර, 2012 සැප්තැම්බර් මාසයේදී ගුවන් සේවය පිලිපීනය, බහරේන්, මධුරා, අහමද්බාද්, කත්මන්ඩු හා මියන්මාරය දක්වා නව ගමන් වාර ආරම්භ කරන බව එය නිවේදනය කරන ලදී.[7]

ගමනාන්ත[සංස්කරණය]

ගුවන් සේවය මගින් සේවාව සැපයූ ගමන්නාන්ත ලැයිස්තුව පහත දැක්වේ.

[H] ප්‍රධාන පාලන මධ්‍යස්ථානය
උප පාලන මධ්‍යස්ථානය
[S] විශේෂ කාළ වලදී
[T] නවතා දැමූ
නගරය රට IATA ICAO ගුවන් තොටුපල Refs
බහරේන් බහරේන් BAH OBBI බහරේන් ජාත්‍යන්තර ගුවන්තොටුපල
කොළඹ  ශ්‍රී ලංකාව CMB VCBI බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ[H]
නව දිල්ලි  ඉන්දියාව DEL VIDP ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපල [8]
ඩකා  බංග්ලාදේශය DAC VGHS ශහ්ජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපල
ඩුබායි එක්සත් අරාබි එමීර් රාජ්‍යය DXB OMDB ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපල
බුද්ධගයා  ඉන්දියාව GAY VEGY ගයා ගුවන්තොටුපල[S]
හම්බන්තොට  ශ්‍රී ලංකාව HRI VCRI මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ
ජකර්තා  ඉන්දුනීසියාව CGK WIII සොඒ-හට්ටාකාර්නෝ ජාත්‍යන්තර ගුවන්තොටුපල
මදුරෙයි  ඉන්දියාව IXM VOMD මදුරෙයි ගුවන්තොටුපල [9]
මාහේ සිෂෙල්ස් SEZ FSIA සිෂෙල්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපල [10]
මෙඩාන්  ඉන්දුනීසියාව KNO WIMM කුවාලා නාමු ජාත්‍යන්තර ගුවන්තොටුපල
සාජා එක්සත් අරාබි එමීර් රාජ්‍යය SHJ OMSJ සාජා ජාත්‍යන්තර ගුවන්තොටුපල
ට්‍රීච්  ඉන්දියාව TRZ VORT තිරුචිරාප්පලි ජාත්‍යන්තර ගුවන්තොටුපල[T] [11]
වාරණාසි  ඉන්දියාව VNS VIBN බබත්පූර් ගුවන්තොටුපල[S]

ගුවන් යානා ඇණිය[සංස්කරණය]

Mihin Lanka fleet
ගුවන් යානය ගණන මගීන් ගණන සටහන්
J Y මුළු ගණන
Airbus A320-200 1 0 180 180 4R-MRE
Airbus A321-200 2 0 210 210 4R-MRC and 4R-MRD
Total 3

සම්මාන හා සිදුවීම්[සංස්කරණය]

හොඳම අඩු වැය ගුවන් සේවයට හිමි මොනිටර් සම්මානය[සංස්කරණය]

'මිහින් ලංකා’ ගුවන් සේවය 2011 වසරේ හොඳම අඩු වැය ගුවන් සේවයට හිමි මොනිටර් සම්මානය දිනා ගන්නා ලදී.[12] ඒ පිළිබඳව දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා සඳහන් කළේ බංගලාදේශයේ පළවන ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රකට මොනිටර් සඟරාව වසරක් පාසා ගුවන් ගමන් ක්ෂේත්‍රයේ විවිධ අංශ සඳහා විශිෂ්ටයන් තේරීමේ තරගයකදී මෙම සම්මානය ‘මිහින් ලංකා’ ගුවන් සේවය වෙත පිරිනමන ලද බවයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. http://www.mirror.lk/news/11393-mihin-lanka-records-a-loss-of-940m
  2. "ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් ටු මර්ජ් ශ්‍රී ලංකන් ඇන්ඩ් මිහින් ටු කට් ලොසස්, ඉන්ක්‍රීස් ප්‍රඩක්ටිවිටි".
  3. "මිහින් ලංකා ටු වයින්ඩ් අප් දිස් ඉයර්, ඉන්ක්‍රීස් ප්‍රඩක්ටිවිටි".
  4. Mihin to launch domestic flights Daily News, 2009-01-06
  5. සංරක්ෂිත පිටපත, http://www.thesundayleader.lk/archive/20071216/spotlight.htm, ප්‍රතිෂ්ඨාපනය 2013-12-01 
  6. Kirinde, Chandani (8 February 2009). "Mihin Lanka gets tender blow with mammoty". සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව).
  7. http://www.silumina.lk/2012/06/03/_art.asp?fn=aj1206034&p=1[permanent dead link]
  8. සංරක්ෂිත පිටපත, http://www.mihinlanka.com/download/MJ_Summer_Schedule.pdf, ප්‍රතිෂ්ඨාපනය 2013-12-01 
  9. http://www.thehindubusinessline.com /industry-and-economy/logistics/article3978478.ece?homepage=true&ref=wl_home
  10. http://www.dailynews.lk/business/mihin-flies-seychelles-november
  11. http://www.bbc.co.uk/sinhala/sri_lanka/2013/04/130411_mihinlanka.shtml
  12. http://www.silumina.lk/2012/06/03/_art.asp?fn=aj1206034&p=1[permanent dead link]
"https://si.wikipedia.org/w/index.php?title=මිහින්_ලංකා&oldid=592975" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි