Jump to content

මරියම්-උස්-සමානි

විකිපීඩියා වෙතින්
මරියම්-උස්-සමානි
ජහාන්ගීර්ගේ උපත
උපත1542
මරණය19 May 1623 (aged 81)[1]
අග්‍රා,[2] මූඝල් අධිරාජ්‍යය
(වර්තමාන ඉන්දියාව)
භූමදානයමරියම්-උස්-සමානිගේ සොහොන්ගැබ, අග්‍රා[3]
වල්ලභයාඅක්බර්
දරුවන්ජහාන්ගීර්
පියාරාජා බිහාරි මාල්
ආගමහින්දු ආගම

මරියම්-උස්-සමානි (පර්සියානු: مریم الزمانی; සාහිත්‍යමය: 'යුගයේ මරියා'[4]), (1542 – 1623 මැයි 19) යනු අක්බර් අධිරාජයාගේ භාර්යාවකි. ඇගේ සැබෑ නාමය නොදනියි. නමුත් 18වන සියවසට අයත් ඇගේ වංශයේ (කාච්වාහවරුන්ගේ) පෙළපත් සටහනක ඇයව හර්ඛාන් චම්පාවතී ලෙස හඳුන්වා ඇත.[5] මීට අමතරව ඇය හර්ඛා බායි[6] හෝ ජෝධා බායි ලෙස ද හැඳින්වෙන්නේ යැයි සැලකේ. මෙමගින් ඇය උපතින් ජෝධ්පූර්හි කුමරියක වූ බැව් හැඟවෙනවා වන්නට ඇත. (නමුත් බොහෝ විට ඇය ඇම්බර්හි කුමරියක බැව් පැවසේ) මරියම්-උස්-සමානි යනු ඇයව සිය සැමියාගේ මාලිගයේ දී හැඳින්වීමට භාවිතා කළ පර්සියානු ගෞරව නාමයයි. මූඝල් අධිරාජ්‍යයේ දී, රාජකීය අන්තඃපුරයට ඇතුළු වූ මුස්ලිම්-නොවන වංශවත් ස්ත්‍රීන්හට ගෞරවනීය නම් ලබා දෙන ලදී. (මෙම නාමය ඇයට හිමි වූයේ ඇගේ පුත්‍රයාගේ උපතින් පසුව ය) මේ නිසා ඇගේ සැබෑ නාමය අප්‍රකටව පැවතී ඇත.

චරිතාපදානය

[සංස්කරණය]

මරියම්-උස්-සමානි උපත ලැබූයේ රාජ්පුත් කුමරියක ලෙස ය. ඇතැම් මූලාශ්‍ර අනුව, ඇය ඇම්බර්හි (ජායිපූර්) රාජා බිහාරි මාල්ගේ (හෙවත් බිහාරි මාල්) දියණියයි. ඇතැම් ඉතිහාසඥයින් අනුමාන කරන්නේ ඇය ජෝධ්පූර්හි කුමරියක වූ බවත්, එම නිසා ඇය "ජෝධා බායි" ලෙස හැඳින්වෙන්නට ඇති බවයි. 1562දී ඇගේ පියා වූ රාජා බිහාරි මාල් විසින් ඇයව අක්බර් අධිරාජයාට විවාහ කරදෙන ලදී. සම්භර්හි පැවති මෙම විවාහය දේශපාලන එකක් වූ අතර, එය ඇගේ පියා වූ බිහාරි මාල්[7] ඔහුගේ අධිරාජ ප්‍රධානියා වූ මූඝල් අධිරාජ අක්බර්ට දැක්වූ පූර්ණ යටත්භාවයේ සංකේතයක් විය.[5] මෙම විවාහය වැදගත් එකක් වන්නේ, රාජ්පුත් රජ කෙනකු සිය දියණියව මුස්ලිම් අධිරාජයකුට විවාහ කරදුන් ප්‍රථම අවස්ථාව මෙය වන නිසායි. නූතන ඉතිහාසඥයන් විසින් පුළුල් ලෙස ඇයව සලකන්නේ අක්බර්ගේ සහ මූඝල්වරුන්ගේ ආගමික සහනශීලී ප්‍රතිපත්තියට හොඳම නිදසුනක් ලෙසයි.[8]

ඇය අක්බර්ගේ ජීවත් වූ වැඩිමහල්ම පුත්‍රයා මෙන්ම අනුප්‍රාප්තිකයා ද වූ ජහාන්ගීර්ගේ මෑණියන් වූවා ය.[9][10][11]

අක්බර්ගේ භාර්යාව, එනම් ජහාන්ගීර්ගේ මෑණියන්ව "ජෝධා බායි" ලෙස හැඳින්වූ බවට ජනප්‍රිය මතයක් ඇත.[12]

මූඝල් වංශකථාවල ඇගේ නම ලෙස මරියම්-උස්-සමානි යන්න දැක්වේ. ජහාන්ගීර්ගේ ස්වයංචරිතාපදානය වූ තුස්ක්-ඉ-ජහාන්ගීරි තුළ ජෝධා බායි, හර්ඛා බායි හෝ හීර් කුන්වාරි යන්න සඳහන් නොවේ.[12] එහි ඇයව හඳුන්වා ඇත්තේ මරියම්-උස්-සමානි යන නාමයෙනි.[13] අක්බර්නාම (අක්බර්ගේ මෙහෙයවීම යටතේ ලියැවුණු අක්බර්ගේ චරිතාපදානය) හෝ මෙම යුගයට අයත් කිසිදු ඓතිහාසික මූලාශ්‍රයක ඇයව ජෝධා බායි ලෙස හඳුන්වා නැත.[13]

අලිගාර් මුස්ලිම් විශ්වවිද්‍යාලයේ ඉතිහාසඥ මහාචාර්ය ෂිරින් මූස්වි අනුව අක්බර්ගේ භාර්යාව "ජෝධා බායි" ලෙසින් පළමුව හඳුන්වා ඇත්තේ 18වන සහ 19වන සියවස්වල ඓතිහාසික ලේඛන තුළ ය.[13] පැට්නාහි ඛුඩා බක්ෂ් ප්‍රාචීන මහජන පුස්තකාලයේ ඉතිහාසඥ ඉම්ටියාස් අහමද් අනුව ජෝධා බායි පිළිබඳ පළමු වරට සඳහන් වන්නේ ලුතිනන් කර්නල් ජේම්ස් ටොඩ්ගේ Annals and Antiquities of Rajasthan නම් ග්‍රන්ථයේ ය.[14]

"අක්බර්නාම ග්‍රන්ථයේ අක්බර් අමේර්හි රාජ්පුත් කුමරියක සමග විවාහ වූ බවට වාර්තාවක් ඇතත්, ඇ‍ගේ නාමය ජෝධා නොවේ," යනුවෙන් පවසන්නේ පැට්නාවේ ඛුඩා බක්ස්ෂ් ප්‍රාචීන මහජන පුස්තකාලයේ අධ්‍යක්ෂ ඉම්ටියාස් අහමද් ය. එහි ඇය මරියම් සමානි (යුගයේ මරියා) ලෙස හඳුන්වා ඇත. මෙය පදවියක් වන අතර, නාමයක් නොවේ. ඉන් වැඩිදුරටත් පැවසෙන්නේ මරියම් සමානි යනු පසුව ජහාන්ගීර් අධිරාජයා බවට පත් සලීම් කුමරුට උපත දුන් ආර්යාව හැඳින්වූ පදවියක් බවයි. නමුත් ජෝධා යන නාමය කිසිදු ස්ථානයක හමු නොවේ.[14]

අලහබාද් මධ්‍යම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉතිහාසඥ එන්. ආර්. ෆාරුකි පවසන්නේ ජෝධා බායි යනු අක්බර්ගේ රැජිනගේ නාමය නොවන බවත්, එය ජහාන්ගීර්ගේ භාර්යාව වූ තාජ් බිබි බිල්කිස් මකානි නම් ජෝධ්පූර්හි කුමරියගේ නාමය බවයි. ඇගේ සැබෑ නාමය ජගත් ගෝසයින් නම් විය.[12]

හීර් කුන්වාරි උපත ලැබූයේ රාජ්පුත් කුමරියක (රාජ්කුමාරී) ලෙස ය. ඇය අමේර්හි (වර්තමාන ජායිපූර්) රාජා බිහාරි මාල්ගේ වැඩිමහල්ම දියණිය වූවා ය.[14][15][16][17] එසේම ඇය අමේර්හි රාජා පෘථිවි සිංගේ මිණිපිරියයි. රාජ්කුමාරී හීර් කුන්වාරි අමේර්හි රාජා භග්වාන් දාස්ගේ සොයුරිය ද වූ අතර, අමේර්හි රාජා Iවන මාන් සිං‍ගේ නැන්දණිය ද විය.[18] මාන් සිං පසුව අක්බර්ගේ රාජසභාවේ නවරත්නයන්ගෙන් අයකු විය. පසුව, මේ දෙදෙනාටම අක්බර්ගේ මාලිගයේ ඉහළ පදවි පිරිනැමිණි.

විවාහය

[සංස්කරණය]

විවාහයට පසුබිම සැලකූ විට අක්බර් ආ‍ජ්මේර් (මොයිනුද්දීන් චිෂ්ටිගේ සොහොන්ගැබේ පූජා කටයුතු සඳහා) බලා පිටත්ව යන විට අක්බර් වෙත පැමිණි බිහාරි මාල් පැවසූයේ ඔහුගේ මස්සිනා වන ෂරීෆ්-උද්-දීන් මිර්සා (මෙවාත්හි මූඝල් හකීම්) තමන්ට හිංසා කරන බවයි. මෙය ෂරීෆ්-උද්-දීන් සහ බිහාරි මාල්ගේ වැඩිමහල් පුත්‍රයා වූ සුජා අතර ඇති වූ අරගලයක ප්‍රතිඵලයක් විය. පේෂ්කාෂ් ලෙස ගෙවීමට සුළු මුදලක් අතැතිව සිටි බිහාරි මාල් සිය පුත්‍රයා සහ සිය බෑණාවරුන් දෙදෙනා ඔහුගේ ඇපයට පත්කළේ ය. නමුත් ඉන් සෑහීමකට පත් නොවූ ෂරීෆ්-උද්-දීන්ට ඔවුන්ව මරාදැමීමට අවශ්‍ය විය. අක්බර් බිහාර් මාල්හට යෝජනා කළේ තමන් වෙත පෞද්ගලිකව යටත් වන ලෙසයි. එසේම සම්පූර්ණ යටත්භාවයේ සංකේතයක් ලෙස ඔහුගේ දියණිය විවාහ කරදිය යුතු බව ද පැවසිණි. මෙම සිදුවීමෙන් පසුව, අක්බර් සිය මස්සිනා වූ ෂරීෆ්-උද්-දීන්ට රාජාගේ කටයුතුවලට මැදිහත් නොවන ලෙස පැවසී ය.[7]

දේශපාලන විවාහයක් වූ‍ මෙම විවාහය 1562 පෙබරවාරි 6 දින පැවැත්විණි. මේ වනවිට අක්බර් ආජ්මේර් (මොයිනුද්දීන් චිෂ්ටිගේ සොහොන්ගැබට පූජා පැවැත්වීමෙන් පසු) සිට අග්‍රා වෙත යමින් සිටි අතර, මෙම විවාහය රාජස්ථානයේ සම්භර්හි රාජකීය හමුදා කඳවුරේ දී පැවැත්විණි. මෙය මනාලියගේ උපන් ප්‍රදේශය වන ඇම්බර් (සැතපුම් 80ක් එපිටින් වූ) වල පැවැත්නොවුණේ මෙම විවාහය සමානයන් අතර සිදුනොවූවක් බවත්, බිහාරි මාල්ගේ පවුලේ සමාජ තත්ත්වය තරමක් පහත් බවත් සංකේතවත් කරමිනි.[19] ඇම්බර් කුමරියක විවාහ කරගැනීම තුළින් ඇගේ පවුලේ සේවය රාජ්‍ය සමය පුරාම ඔහුට හමුවූ අතර, අක්බර් සිය සමස්ත ජනයාගේම, එනම් හින්දු සහ මුස්ලිම්වරුන්ගේ බාද්ෂා හෙවත් ෂහේන්ෂාවරයා බවට එය දෘශ්‍යමාන සාක්ෂියක් ද විය.[20]

අක්බර් රාජ්පුත් කුමරියන් ගණනාවක්ම විවාහ කරගත්තේ ය. මෙමගින් රාජාවරුන්ට අධිරාජයාගේ පවුල සමග සම්බන්ධතා ගොඩනගා ගත හැකි වූ අතර, අක්බර් විසින් එවැනි විවාහ රාජ්පුත්වරුන්ට ගෞරවයක් ලෙස සලකන ලදී.[21] කෙසේනමුත්, අක්බර්ගේ රාජ්පුත් බිසෝවරුන් (මරියම්-උස්-සමානි ද ඇතුළුව) මූඝල් රාජ සභාව තුළ කිසිදු වැදගත් දේශපාලනික කාර්යභාරයක් ඉටුනොකළ බැව් පෙනේ.[22]

1569 වර්ෂය ආරම්භයේ දී, සිය ප්‍රථම හින්දු බිසවට දරුවකු ලැබෙන්නට සිටින බව අක්බර්ට සැල විය. සික්රිහි ජීවත් වූ ෂෙයික් සලීම් චිස්ති නම් ශුද්ධ වූ පුද්ගලයාට පොරොන්දු වූ පුත්‍රයින් තිදෙනාගෙන් පළමුවැන්නා ඔහුයි. ඇගේ ගර්භනී අවධියේ දී බලාපොරොත්තු වන හීර් කෙනකු සික්රිහි ෂෙයික්ගේ නවාතැන වෙත පිටත් කර හරින ලදී. 1569 අගෝස්තු 30 දින, පුත්‍රයා උපත ලද අතර ඔහුව සලීම් ලෙස නම්කෙරිණි. හින්දු ආගමේම රැඳී සිටිය ද, හීර් කුන්වාරි හට ජහාන්ගීර්ගේ උපතින් පසු මරියම්-උස්-සමානි ("යුගයේ මරියා") යන ගෞරව නාමය පිරිනමන ලදී.

ෆාටෙහ්පූර් සික්රි: මරියම්ගේ නිවස

1585 පෙබරවාරි 13 දින, ඇගේ ලේලිය, එනම් ඇගේ සොයුරා වූ භග්වාන් දාස්ගේ දියණිය වූ මන්භාවතී බායි හෙවත් මන්මතී බායි සලීම් කුමරු සමග විවාහ විය. මන්මතී බායි පසුව ඛුස්රාවු මීර්සා කුමරුන්ට උපත ලබා දුන් අතර,[23][24] ජහාන්ගීර් විසින් ඇයට ෂා බෙගම් පදවිය පිරිනමන ලදී.[25]

අක්බර් සිය කිසිදු හින්දු බිසවක් ඉස්ලාම් ආගමට හරවා ගත්තේ නැත. ඒ වෙනුවට ඔහු සිය අන්තඃපුරයේ හින්දු නිවැසියනට මාලිගය තුළ ඔවුන්ගේ වතාවත් ඉටු කරදීමට අවසර දුන් අතර, ඇතැම් අවස්ථාවල ඔහු ද එයට සහභාගී විය.[26]

පවුලේ අභිවර්ධනය

[සංස්කරණය]

ඇම්බර්හි රාජාවරුන් (ඉතා කුඩා රාජධානියකින් පැමිණි) මූඝල්වරුන් සමග පැවැත්වූ සමීප සම්බන්ධතාවය හේතුවෙන් ධනය සහ බලය අතින් වර්ධනය විය. මන්සබ්දාර්වරුන්ගේ අබු’ල්-ෆාස්ල් ලැයිස්තුවෙහි සඳහන් රාජ්පුත්වරුන් විසි හත්දෙනාගෙන් දහතුනක්ම ඇම්බර් වංශයට අයත් විය. ඉන් ඇතැම් අය අධිරාජකීය කුමාරවරුන්ගේ තරම් උසස් පදවි හෙබවූහ. නිදසුනක් ලෙස, රාජා භග්වාන් දාස් එකල ලබාදිය හැකි ඉහළම පදවිය වූ 5000කගේ සෙන්පතියා බවට පත් වූ අතර, අමීර්-උල්-උමාරා (ප්‍රධාන වංශාධිපති) යන සාඩම්බර නාමය ද ඉසිලී ය‍. ඔහුගේ පුත්‍රයා වූ Iවන මාන් සිං එයටත් වඩා ඉහළ තනතුරක් වූ සෙබලුන් 7000කගේ සෙන්පති බවට පත් විය.[27]

තමන්ට යටත්වන්නන්ට ත්‍යාග ලබා දීම සහ විරුද්ධ වන්නන්ව නිර්දය ලෙස පීඩනයට ලක් කිරීම ලෙස අක්බර් රාජ්පුත්වරුන් කෙරෙහි දැක්වූ ද්විත්ව ප්‍රතිපත්තිය හේතුවෙන් නොබෝ කලකින්ම මුළු රාජස්ථානයම ඔහුගේ පාලනයට නතු විය. නමුත් කඳුකර ප්‍රදේශවල සැඟවී සිටි මහාරාණා ප්‍රතාප් ඔහුට යටත් නොවිණි. රන්තම්බෝර් යටත් වූ කාලය අවට, කලින්ජාරය ද මූඝල්වරුන්ට යටත් විය. මාස තුනක් ඇතුළත ජෝධ්පූර්, බිකනේර් සහ ජයිසාල‍්මේර් ද යටත් වූ අතර, ජෝධ්පූර් සහ ජයිසාල්මේර් රාජකීය පවුල්වල කුමරියන් මූඝල් අන්තඃපුරයට ඇතුළත් කරගැනිණි.[28]

ජහාන්ගීර්ගේ රාජ්‍ය සමය

[සංස්කරණය]

උරුමකරුවකුට උපත ලබාදීමෙන් පසු, අක්බර්ගේ රාජකීය ගෘහයෙහි ඇයට කිසියම් ස්ථානයක් හිමි වන්නට ඇති නමුත්, ඇයට ගෞරවය හිමි වූයේ ජහාන්ගීර්ගේ රාජ්‍ය සමයේ (අධිරාජයාගේ මව ලෙස) ය. 1605දී ජහාන්ගීර් අක්බර්ගේ අනුප්‍රාප්තිකයා ලෙස මූඝල් අධිරාජ ධුරයට පත් විය.[5] ජහාන්ගීර් රාජ්‍ය සමයේ, මූඝල් රාජ මාලිගයේ විසූ ප්‍රමුඛම ව්‍යාපාරිකාව ඇය වූවා ය.[29] වාර්තාගත වෙනත් කිසිදු වංශවත් ස්ත්‍රියක මව් රැජින මෙන් නිර්භීත ව්‍යවසායිකාවක නොවූ බැව් පෙනේ.[30]

මරියම්-උස්-සමානි සතුව ඉස්ලාමික ශුද්ධ නගරය වූ මක්කම වෙත බැතිමතුව් ප්‍රවාහනය කළ නැව් පැවතිණි. 1613දී ඇගේ නෞකාවක් වූ රහීමී සහ එහි වූ බැතිමතුන් 600-700 පමණ සමග භාණ්ඩ පෘතුගීසි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතු විය. රතු මුහුදේ යාත්‍රා කළ විශාලතම ඉන්දියානු නැව වූ රහීමී යුරෝපීයයන් අතර ප්‍රචගිතව පැවතියේ "මහා වන්දනා නෞකාවක්" ලෙසයි. පෘතුගීසීන් නිල වශයෙන් නෞකාව සහ එහි මගීන් නැවත ලබාදීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ මූඝල් රාජ මාලිගයේ ප්‍රතිචාරය දරුණු විය. මෙම දැඩි ප්‍රතිචාරයට හේතු වූයේ නෞකාවේ හිමිකාරිණිය මෙන්ම අනුග්‍රාහිකාව අන් කිසිවකු නොවන වත්මන් අධිරාජයාගේ මෑණියන් වීමයි. මරියම්-උස්-සමානි‍ගේ පුත් ඉන්දියානු අධිරාජ ජහාන්ගීර් ඩැමන් නම් පෘතුගීසි නගරය අල්ලා ගැනීමට නියෝග කළේ ය. මෙම සිදුවීම පසුකාලීන ඉන්දියානු උපමහාද්වීපයේ යටත්විජිතකරණයට හේතු වූ ධන අරගලයකට නිදසුනක් ලෙස සැලකේ.[31]

සෑම වසරකම නව අවුරුදු උත්සවයේ දී සෑම වංශවතකු විසින්ම "සිය ශක්ති ප්‍රමාණයෙන්" ඇයට ආභරණ ත්‍යාග කරන ලදී.[29] මූඝල් රාජ මාලිගයේ කාන්තාවන් අතලොස්සකට පමණක් හිමි වූ ජහාන්ගීර්ගේ නාමයෙන් නිල ලේඛන නිකුත් කිරීමේ අයිතිය මරියම්-උස්-සමානිට ද හිමි විය. සාමාන්‍යයෙන් මෙම වරප්‍රසාදය අධිරාජයාට පමණක් සීමා වූවකි. මෙවැනි නියෝග නිකුත් කිරීමේ අයිතිය හමීදා බානු බෙගම්, නූර් ජෙහාන්, මුම්ටාස් මහාල්, නදීරා බානු, ජහනාරා බෙගම් වැනි අන්තඃපුරයේ උසස්ම කාන්තාවන්ට පමණක් සීමා විය.[29][32][33] වංශවත් උපතක් සහිත ස්ත්‍රීන්ගේ මෙහෙයවීම යටතේ මූඝල් අධිරාජ්‍යයේ ගෘහනිර්මාණ ඉදිවීම සුලබ සිදුවීමක් විය. මේ නිසා මරියම්-උස්-සමානි ද උද්‍යාන, ළිං, මස්ජිද ඉදිකිරීම් සහ පිටිසර ප්‍රදේශවල වෙනත් සංවර්ධන කටයුතු මෙහෙයවීම සිදුකළා ය.[29][34]

මෙම අනුග්‍රහයන් සහ පරිත්‍යාග තුළින් ජහාන්ගීර් සිය මෑණියන් වූ මරියම්-උස්-සමානිට දැක්වූ ආදරය සහ ගෞරවය පැහැදිළි වේ. ජහාන්ගීර්ගේ සෞර තුලායනය,[35] ජගත් සිංගේ දියණිය සමග ජහාන්ගීර් විවාහය,[36] සහ ෂෙහ්සාදා පාර්විස් සමග සුල්තාන් මුරාද් මීර්සාගේ දියණියගේ විවාහය[37] ඇතුළු වැදගත් රාජකීය උත්සව ගණනාවක් මරියම්-උස්-සමානිගේ ගෘහයෙහි පැවැත්විණි.

මරියම්-උස්-සමානිගේ සොහොන්ගැබ, සිකන්ද්‍රා, අග්‍රා.

1623දී මරියම් උස්-සමානි මරණයට පත් විය. භූගතව පිහිටි ඇගේ සොහොන වෙත දිවෙන පියගැට පෙළක් ඇත. 1623-27 අතර කාලයේ නිර්මිත ඇගේ සොහොන්ගැබ තන්ත්පූර් මාවතේ ජ්‍යෝති නගර්හි පිහිටා ඇත. ඇගේ පුත්‍රයාගේ මෙහෙයවීම යටතේ ඉදිකළ මරියම්ගේ සොහොන්ගැබ පිහිටියේ මහා අක්බර්ගේ සොහොන්ගැබට කිලෝමීටරයක් පමණ නුදුරිනි.

මරියම් සමානි බෙගම් සහීබා මස්ජිදය ඉදිකරන ලද්දේ ඇගේ පුත්‍රයා වූ නූරුද්දීන් සලීම් ජහාන්ගීර් විසින් ඇයට ගෞරවයක් ලෙස ය. මෙය වර්තමාන පාකිස්ථානයේ ලාහෝර් ප්‍රාකාර නගරය තුළ පිහිටා ඇත.

ජනප්‍රිය සංස්කෘතිය තුළ

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Jahangirnama (1909). Alexander Rogers and Henry Beveridge (ed.). The Tūzuk-i-Jahāngīrī, Volume 2. Royal Asiatic Society, London. p. 261.
  2. ^ Jahangir (1909). Rogers and Beveridge (ed.). The Tūzuk-i-Jahāngīrī, Volume 2. Royal Asiatic Society, London. p. 261.
  3. ^ Christopher Buyers. "Timurid Dynasty GENEALOGY delhi4". Royalark.net. සම්ප්‍රවේශය 2013-10-06.
  4. ^ Mukhia 2004, පිටු අංකය: 126.
  5. ^ a b c chief, Bonnie G. Smith, editor in (2008). The Oxford encyclopedia of women in world history. Oxford [England]: Oxford University Press. p. 656. ISBN 9780195148909. {{cite book}}: |first1= has generic name (help)CS1 maint: multiple names: authors list (link)
  6. ^ Chandra, Satish (2005). Medieval India : from Sultanat to the Mughals (Revised ed. ed.). New Delhi: Har-Anand Publications. p. 111. ISBN 9788124110669. {{cite book}}: |edition= has extra text (help)
  7. ^ a b Chandra, Satish (2005). Medieval India : from Sultanat to the Mughals (Revised ed. ed.). New Delhi: Har-Anand Publications. pp. 111–112. ISBN 9788124110669. {{cite book}}: |edition= has extra text (help)
  8. ^ Smith, B.G. (2008). The Oxford Encyclopedia of Women in World History: 4 Volume Set. Oxford University Press. p. 656. ISBN 978-019-514890-9.
  9. ^ Eraly, Abraham (2000). Emperors of the Peacock Throne, The Saga of the Great Mughals. Penguin Books India. ISBN 0141001437.
  10. ^ Lal, Ruby (2005). Domesticity and power in the early Mughal world. Cambridge University Press. p. 170. ISBN 9780521850223.
  11. ^ Metcalf, Barbara, Thomas (2006). A Concise History of Modern India. Cambridge University Press. p. 17. ISBN 978-0-521-86362-9.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
  12. ^ a b c Atul Sethi (2007-06-24). "'Trade, not invasion brought Islam to India'". The Times of India. සම්ප්‍රවේශය 2008-02-15.
  13. ^ a b c Ashley D'Mello (2005-12-10). "Fact, myth blend in re-look at Akbar-Jodha Bai". The Times of India. 2012-12-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-02-15.
  14. ^ a b c Syed Firdaus Ashraf (2008-02-05). "Did Jodhabai really exist?". Rediff.com. සම්ප්‍රවේශය 2008-02-15.
  15. ^ Smith, Vincent Arthur (1917). Akbar the Great Mogul. Oxford, Clarendon Press. p. 58. ISBN 0895634716.
  16. ^ Eraly, Abraham (2000). Emperors of the Peacock Throne, The Saga of the Great Mughals. Penguin Books India. p. 136. ISBN 0141001437.
  17. ^ Metcalf, Barbara, Thomas (2006). A Concise History of Modern India. Cambridge University Press. p. 17. ISBN 978-0-521-86362-9.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
  18. ^ Smith, Vincent Arthur (1917). Akbar the Great Mughal. Oxford, Clarendon Press. p. 58. ISBN 0895634716.
  19. ^ chief, Bonnie G. Smith, editor in (2008). The Oxford encyclopedia of women in world history. Oxford [England]: Oxford University Press. p. 656. ISBN 9780195148909. {{cite book}}: |first1= has generic name (help)CS1 maint: multiple names: authors list (link)
  20. ^ Smith, Vincent Arthur (1917). Akbar the Great Mogul. Oxford, Clarendon Press. p. 58. ISBN 0895634716.
  21. ^ Eraly, Abraham (2000). Emperors of the Peacock Throne, The Saga of the Great Mughals. Penguin Books India. p. 145. ISBN 0141001437.
  22. ^ Sharma, Sudha (2016). The Status of Muslim Women in Medieval India. SAGE Publications India. ISBN 9351505650. විශේෂ කරුණක් වන්නේ අක්බර්ගේ රාජ්පුත් බිසෝවරුන් කිසිදු සක්‍රීය දේශපාලනික කාර්යභාරයක් ඉටු කළ බවට කිසිදු සඳහනක් හමු නොවීමයි.
  23. ^ Smith, Vincent Arthur (1917). Akbar the Great Mogul. Oxford, Clarendon Press. p. 225. ISBN 0895634716.
  24. ^ Eraly, Abraham (2000). Emperors of the Peacock Throne, The Saga of the Great Mughals. Penguin Books India. p. 273. ISBN 0141001437.
  25. ^ Jahangir (1968). Henry Beveridge (ed.). The Tūzuk-i-Jahāngīrī: or, Memoirs of Jāhāngīr, Volume 1. Munshiram Manoharlal. p. 56.
  26. ^ Eraly, Abraham (2000). Emperors of the Peacock Throne, The Saga of the Great Mughals. Penguin Books India. p. 136. ISBN 0141001437.
  27. ^ Eraly, Abraham (2000). Emperors of the Peacock Throne, The Saga of the Great Mughals. Penguin Books India. p. 146. ISBN 0141001437.
  28. ^ Eraly, Abraham (2000). Emperors of the Peacock Throne, The Saga of the Great Mughals. Penguin Books India. p. 146. ISBN 0141001437.
  29. ^ a b c d Findly, Ellison B. (1988). "The Capture of Maryam-uz-Zamānī's Ship: Mughal Women and European Traders". Journal of the American Oriental Society. 108 (2). American Oriental Society: 232. doi:10.2307/603650. JSTOR 603650.
  30. ^ Findly, Ellison B. (1988). "The Capture of Maryam-uz-Zamānī's Ship: Mughal Women and European Traders". Journal of the American Oriental Society. 108 (2). American Oriental Society: 233. doi:10.2307/603650. JSTOR 603650.
  31. ^ Findly, Ellison B. (1988). "The Capture of Maryam-uz-Zamānī's Ship: Mughal Women and European Traders". Journal of the American Oriental Society. 108 (2). American Oriental Society: 227–238. doi:10.2307/603650. JSTOR 603650.
  32. ^ Tirmizi, S.A.I. (1979). Edicts from the Mughal Harem. Idarah-i Adabiyat-i Delli. pp. 127–128. OCLC 465427663.
  33. ^ Mishra, Rekha. Women in Mughal India, 1526-1748 A.D. Munshiram Manoharlal, 1967. p. 67. ISBN 9788121503471.
  34. ^ Mishra, Rekha. Women in Mughal India, 1526-1748 A.D. Munshiram Manoharlal, 1967. p. 112. ISBN 9788121503471.
  35. ^ Jahangir (1968). Henry Beveridge (ed.). The Tūzuk-i-Jahāngīrī: or, Memoirs of Jāhāngīr, Volume 1. Munshiram Manoharlal. pp. 78, 230.
  36. ^ Jahangir (1968). Henry Beveridge (ed.). The Tūzuk-i-Jahāngīrī: or, Memoirs of Jāhāngīr, Volume 1. Munshiram Manoharlal. p. 145.
  37. ^ Jahangir (1968). Henry Beveridge (ed.). The Tūzuk-i-Jahāngīrī: or, Memoirs of Jāhāngīr, Volume 1. Munshiram Manoharlal. p. 81.
  38. ^ Chaya Unnikrishnan (2013-06-26). "So far, so good". dnaindia.com. සම්ප්‍රවේශය 2013-12-04.
"https://si.wikipedia.org/w/index.php?title=මරියම්-උස්-සමානි&oldid=592825" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි