මරබා කෝපි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

මරබා කෝපි (කින්යාරුවන්ඩා: Ikawa ya Maraba; ප්‍රංශ: Café de Maraba) වගා කෙරෙන්නේ දකුණු රුවන්ඩාවේ මරබා ප්‍රදේශයේ ය.

මරබාහී කෝපි ගස් කොෆියා ඇරාබිකා විශේෂයෙහි බර්බන් වර්ගයට අයත් වන අතර උස්-උන්නතාංශයක් සහිත කඳුවල සරුසාර යමහල් පසෙහි වගාකෙරෙති. මෙහි ඵලදාව බොහෝවිට නෙළාගනු ලබන්නේ මාර්තු සහ මැ‍යි අතර වැසි සමයේ දී ය. ඉන් පසු මෙම ඵලදාව මරබා හි සේදුම් මධ්‍යස්ථානයක් වෙත ගෙන යන අතර එහිදී මෙහි ඇට වෙන් කර වියළා ගනු ලැබේ. විවිධ අවස්ථා වලදී තෝරගත් බීජ ගුණාත්මක භාවය අනුව නැවත වර්ග කිරීමට ලක්වන අතර ගෙවීම් සිදු කරනුයේ සපයන ලද බීජ වල ගුණාත්මකභාවය සහ ප්‍රමාණාත්මක භාවය මත ය.

මෙම බීජ විවිධ කර කිරීම් මධ්‍යස්ථාන වලට විකිණුම් කරන අතර ගුණාත්මක බවින් වැඩි බීජ මිළට ගනු ලබන්නේ එක්සත් රාජධාණියේ Union Coffee Roasters සමගම සහ ඇමෙරිකානු සමාගමක් වන Community Coffee සමාගම විසිණි. මින් එක්සත් රාජධාණියේ සමාගම Fairtrade-certified සහිතක ලද්දකි. රුවන්ඩා කෝපි කර කරන්නන් මිළට ගනු ලබන කෝපි බීජ නිකුත් කරනු ලැබෙන්නේ දේශීය වෙළඳපොළට ය. 2,000 කට අධික වූ කුඩා පරිමාණ වගා කරුවන් කෝපි වගා කරනුයේ 1999 දී පිහිට වනු ලැබූ Abahuzamugambi නම් සමාගම යටතේ ය. 2000 වර්ෂයේදී මෙම සංගමයට රුවන්ඩා ජාතික විශ්වවිද්‍යාලය (NUR) සහ PEARL සමාගම එක් වීමත් සමග කෝපි වල ගුණාත්මක භාවය වර්ධනය වූ අතර වෙළෙදපොල ඉල්ලුමද ඉතා සීග්‍රයෙන් ඉහළ ගියේය. මෙම කෝපි බීර සෑදීමට ද යොදා ගැනෙයි.

මරබා බීජ තේරීමේ ක්‍රියාවලිය.

ඉතිහාසය[සංස්කරණය]

මුලාරම්භය[සංස්කරණය]

රුවන්ඩා ජනපදිකයන් යටත් විජිත සමයේ සිටම මෙම කෝපි නිශ්පාදනයේ නියුතු වූහ. නමුත් 1999 වන තුරුම එම නිශ්පාදිතයන් වර්ග කෙරුනේ "C" කාණ්ඩයට ය. මේ හේතුව නිසා ලෝක වෙළෙඳපොලෙහි රුවන්ඩා නිශ්පාදිත සඳහා නිසි මිළක් නොලැබුණි. අස්වැන්න නිසි පරිදි සේදීමකට ලක් කර වෙළෙඳපොලට නිකුත් කිරීමත්, නිසි කාර්යක්ෂමභාවයක් නොමති කමත් හේතු කොට ගෙන මෙම වෙළෙඳපොල අස්ථාවරත්වයට හේතු විය. මේ හේතුකොට ගෙන ගැණුම්කරුවන් කෝපි කිලෝග්‍රැමයක් මිළට ගනු ලැබුවේ ඇ.ඩො. 0.33ක් වැනි සුළු මුදලකට බැවින් වගාකරුවන්ගේ ආර්ථික මට්ටම ඉතා පහත් මට්ටමක විය. 1999 යේ දී කෝපි වගා කරුවන් 220ක් එකතුව මරබා දිස්ත්‍රික්කයේ දී සංගමයක් පිහිටුවගත් අතර එහි ප්‍රදාන
අරමුණ වූයේ මෙම ගැණුම් මිල ඉහළ නංවා ගැනීමයි. 1994 දී රුවන්ඩාවේ සිදු වූ වර්ග භේද ගැටුම් හේතුවෙන් අහිමි වූවන් මෙන්ම ගැටුම් වලට සම්බන්ධ යැයි සිරගත වූවන්ද බොහෝමයක් කෝපි වගකරුවන් විය. මෙම අරගල වලින් අනතුරුව කඩා වැටී තිබූ කෝපි කර්මාන්තය නගා සිටු වීම ද මෙම සංගමයේ අරමුණු ලෙස සටහන් විය. මෙහි නම ලෙස Abahuzamugambi යන්න තෝරගත් අතර එය Kinyarwanda භාෂාවෙන් අරමුණක් සඳහා එකමුතුව වැඩ කිරීම යන අරුත් දෙන්නකි. ( Kinyarwanda යනු රුවන්ඩා උප භාෂාවාකි) මෙම සමාගම මගින් අස්වැන්න අතරමැදියන් නොමැතිව කිගාලි නගරයෙහි නිර්යාතකරුවන් ට විකිණීමෙන් ශුද්ධ ලාභය වැඩි කර ගැනීමට කටයුතු කළහ. මෙහිදී උපයන ලාභය කොටස් කර නැවත බීජ ලබා
ගැනීමටත්, පොහොර ලබා ගැනීමටත්, උපකරණ ලබා ගැනීමටත් යොදවන ලදී. 2000 වර්ෂයේ දී මරබා නගරාධිපති විසින් කරනු ලද ඉල්ලීමකට අනුව ""බුතාරේ"" ප්‍රදේශයේ පිහිටා ඇති රුවන්ඩා ජාතික විශ්ව විද්‍යාලය (UNR) මගින් සංවර්ධන සහයෝගයන් සැපයීමට එකඟ විණි. පසුව විශ්වවිද්‍යාලයය සම්බන්ධීකරණය මගින් "රුවන්ඩා කෘෂිකර්මාන්තය වැඩිදියුණු කිරීමේ සහයෝගීතා කමිටුව" හෙවත් PEARL සංගමය පිහිටුවන ලදී. එය 2001 පෙබරවාරි මස සිට ඇමෙරිකානු අන්තර්ජාතික සංවර්ධන මණ්ඩලය, මිචිගන් විශ්වවිද්‍යාලය, ටෙක්සාස් විශ්වවිද්‍යාලය, රුවන්ඩා ජාතික කෘෂිකර්ම පර්යේෂණ මද්‍යස්ථානය, කිගාලි තාක්ෂණ මද්‍යස්ථානය,වැනි ආයතන සමග එක්ව කටයුතු කිරීම ඇරඹිණි. මෙහිදී ඇමෙරිකානු වෙළෙඳපොල සදහා ගුණාත්මක භාවයෙන් යුතු කෝපි නිෂ්පාදනය අරමුණු විය. මරබා කෝපි නිෂ්පාදකයින්ගේ මූලික අවශ්‍යතාවය වූයේ සේදුම් මද්‍යස්ථානයක් පිහිටුවා ගැනීම ය.මෙහිදී කෝපි වල ඇති සීනි සහිත සිවිය ඉවත් කෙරෙන අතර බීජ නෙළාගනීමෙන් පැය 12ක් ඇතුළත මෙම ඉවත්කිරීම සිදු නොකළහොත් කෝපි රසය නියමාකාරයෙන් පවත්වා ගැනීමට නොහැකි වේ. ඔවුන් 2001 ජුලි මස ක්යරුම්බො ප්‍රදේශයේ දී පළමු සේදුම්හළ් විවෘත කළ අතර ඒ සඳහා ආධාර සැපයූවේ PEARL සංවිධානය විසිණි. පළමු වරට මෙහි සේදුමට ලක්වූ කෝපි ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 200 උනු අතර 2002 දී එක්වර සේදිය හැකි ප්‍රමාණය වැඩි කිරීමට පියවර ගැණිනි.

අන්තර් ජාතික පිළිගැනීම[සංස්කරණය]

PEARL ආයතනය විකුණුම්කරුවන් සමග සම්බන්ද වෙමින් රුවන්ඩා වෙළෙඳපොල පුළුල් කිරීමට කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2002 වසරේ දී හි community coffee හි නියෝජිතයෙක් රුවන්ඩාවට පැමිණියේ ය. එවකට රුවන්ඩා ජනපති පෝල් කගාමේ ද මෙම අවස්ථාවට සහභාගී විණි. මෙම අවස්ථාව රුවන්ඩා ජනතාවට කොතරම් වැදගත් විණි දැයි එමගින් වැටහේ. කෝපි කිලෝ ග්‍රෑම් 18,000ක් මිළට ගත් සමාගම කිලෝ ග්‍රෑමයකට ඇ.ඩො.3 බැගින් ගෙවන ලදී. ලුසියානාවට අපනයනය කෙරුණු මරබා කෝපි එහිදී වියළා community coffee ආයතනයේ නිශ්පාදිත සමග මුහු කරන ලදී. මෙය ඇමෙරිකානු වියළීමේ මද්‍යස්ථානයක් සහ අප්‍රිකානු කෝපි සමාගමක් අතර සිදු වූ පළමු ඍජු ගණුදෙනුව විය. Comic Relief පුණ්‍යාධාර සංගමය ද මරබා ව්‍යාපෘතිය සඳහා දායක වීණි. ඉන් පසු 2001 වසරේ පැවති රතු නාස් ව්‍යාපාරය(Red Nose Day campaign) හෙතුවෙන් පවුම් මිලියන 55 ක ව්‍යපෘති එක්සත් රාජධානියෙන් සහ වෙනත් අප්‍රිකානු රටවලින් ලැබිණි.

වර්තමාන පුනරුදය : නිදහස සහ කෝපි බීර[සංස්කරණය]

2003 වසර ආරම්භයත් සමඟ PEARL ආයතනය Abahuzamugambi සංගමයට ලබා දුන් මූල්‍යමය ආධාර අඩු කල අතර ඔවුන් ගොවියන් සමඟ සෘජුව කටයුතු කිරීමට පටන් ගත්හ. එමඟින් ගොවියන් හට ණය පහසුකම් සැපයුණු අතර තම ජීවන තත්වය නගා සිටුවා ගැනීමට අවශ්‍ය ණය පහසුකම්, පශු සම්පත් ණයාධාර, දැරිය හැකි වෛද්‍ය රක්ෂණ පහසුකම්, සහ අධ්‍යාපන පහසුකම් සැලසිණි. මෙම වසරේ මාර්තු වන විට මරබා ප්‍රදේශයේ සමූපකාර බැංකුවක් විවෘත වූ බැවින් ගොවියන්ගේ මුදල් ගම් මට්ටමින්ම කළමණාකරනය කරගත හැකි විය. ඒ සඳහා බුතාරේ නගරය වෙත යන දිගු ගමන තවදුරටත් අනවශ්‍ය විය. 2004 අග භාගය වන විට ලන්ඩන් කර්මාන්ත ශාලවක් වන Meantime Brewing විසින් මරබා කෝපි යොදා ගනිමින් නිෂ්පාදනය කළ කෝපි බීර වෙළෙඳපොලට නිකුත් කෙරිණි. මෙය සීත කළ මධ්‍යසාර මිශ්‍රිත පෙණ නැංවූ කෝපි පානයක් ලෙස මෙන්ම ආහාර ජීර්ණ පහසුකාරකයක් ලෙස ද භවිතා කෙරෙ යි. brewer සමාගම මරබා හි චොක්ලට් සහ වැනිලා රසැති කෝපි තම නිශ්පදනයන් ට යොදා ගත්තේ දකුණු දිග අප්‍රිකානු කෝපි වල ඇති තිත්ත රසය ප්‍රතික්ෂේප කරමිණි. මුල් බීර වල අඩංගු වූ 4%ක කැෆේන් ප්‍රමාණයම මෙම කෝපි හි අඩංගු වීම නිසා එය ඉතා ඉක්මනින් වෙළෙඳපොල ආක්‍රමණය කල අතර සෑන්ස්බරී ඇතුළු නගර වල ඉතා හොඳ අළෙවියක් දැක්විය. 2006 වන විට එක්සත් රාජධාණිය තුල ස්ථාපිතව තිබූ Fairtrade සහතික ලත් ආයතනයන් දෙකෙන් එකක් වූයේ beverage සමාගමයි. එය මේ දක්වාම නිශ්පාදන කටයුතු සඳහා යොදා ගනු ලබන්නේ මරබා කෝපි වන අතර එය දනට එංගලන්තයේ ඇති එකම කෝපි බීර නිශ්පාදනායතනය වේ. එය 2006 ලෝක බීර තරඟාවලියේ දී රන් පදක්කම දිනා ගනු ලැබිණි.

භූ ගෝලීය පිහිටුම සහ දේශගුණය[සංස්කරණය]

මරබා ප්‍රදේශයේ පිහිටීම

මරබා කෝපි වැවෙනුයේ දකුණු රුවන්ඩාවේ 2°35′S 29°40′E ඛණ්ඩාංක පිහිටුමකිණි. දළ වශයෙන් ගත් කල එය බුටාරෙ නගරයේ සිට කිලෝ මීටර 12 ක් සහ කිගාලි නගරයේ සිට කිලෝ මීටර 150ක් දුරින් වූවකි. මරබා ව්‍යපෘතිය ආරම්භ වූයේ බුතාරේ ප්‍රදේශයේ වුවද වර්තමානයේ එම ප්‍රදේශය අයත් වෙන්නේ හුයේ දිස්ත්‍රික්කයට ය. ඒ 2006යේ සිට ක්‍රියාත්මක වූ දේශීය රාජ්‍ය පනත යටතේ ය. මෙම ප්‍රදේශය අධික කඳු සහිත වන අතර එයට හේතුව ලෙස බටහිර පැළුම් මිටියාවතට(Western rift valley) සහ න්යුන්ග්වේ(Nyungwe) වැසි වනාන්තරයට ළංව පිහිටිම දැක්විය හැකිය. එසේම මෙම ප්‍රදේශය යමහල් වලින් විදාරණය වූ සරු පසින් ද සාරවත් ය. කෝපි සඳහා සුදුසු වන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 1,700 සහ 2,100 උසින් පිහිටි ප්‍රදේශ ය.විශේෂයෙන්ම තද බෑවුම් සහිත පේසාදිත කඳු මේ සඳහා ඉතා යෝග්‍ය වේ. එමෙන්ම සෙන්ටි මීටර් 115 ක සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබීම මෙම ප්‍රදේශ කෝපි වගාවට හිතකර වීමට තවත් හේතුවකි. උස් අක්ෂාංශ උෂ්ණත්වය පහත් හෙළන අතර අවුරුද්ද පුරාවටම සෙන්ටිග්‍රේට් අංශක 20ක පමණ සාමන්‍යයක පවත්වා ගනී.

නිශ්පාදන චක්‍රය[සංස්කරණය]

ගිල්වුම් ටැංකි

ප්‍රධාන අස්වනු නෙළීමේ කාලය එළඹෙන්නේ වැසි සමයේ ය. එනම් මාර්තු සහ මැයි අග දක්වා කාලය තුල ය. එම කාලය තුල ගොවියන් විසින් තම අස්වන්න අතින් නෙළාගන්නා අතර සැන්දෑ කාලයේ දී එම ඵළදාව කෙසෙල් කොළ වලින් සාදන ලද විශේෂ බඳුනක සේදුම් මද්‍යස්ථාන වෙත ගෙන යනු ලැබේ. තාක්ෂණවේදීන් විසින් ලැබෙන අස්වන්නෙන් ඉස්තරම් තත්වයේ තද රතු පැහැ බීජ වෙන් කරගන්නා අතර ඉතිරිය අඩු මිලකට මරබා දේශීය වෙළෙඳපොලට නිකුත් කරනු ලබයි. මෙම කිලෝ ග්‍රෑමයක් සඳහා ඇ.ඩො.0.1 ගෙවනු ලැබෙන අතර මෙම ගෙවීම සිදු වන්නේ සති 2කට වරකි. එනම් සති දෙකකදී එක් එක් ගෙවිය විසින් ලබා දුන් මුළු බීජ ප්‍රමාණයට අදාල මුදල සති 2කට වරක් ඔවුන්ගේ බැංකු ගිණුමට හර කිරීමට සන්විධානය ක්‍රියා කරනු ලබයි. හොඳ තත්වයේ බීජ තෝරගත් පසු ඉක්මණින් සේදීමේ ක්‍රියාවලිය ආරම්භ වේ. සේදීමේ ක්‍රියවලිය ඉක්මණින් සිදු නොකිරීම හේතුවෙන් සීනි සහිත බීජ සිවිය පැසීමකට ලක් වන අතර එමගින් රසය වෙනස් වීම සිදු වේ. තාක්ෂණවේදීන් විසින් මෙම කෝපි බීජ ගිල්වා සිවිය ඉවත්කිරීමට යන්ත්‍රයකට අතුලු කරනු ලබයි. මෙහිදී ද නොගිළී ඉපිලෙන බීජ තෝරා වෙන් කරන අතර එවා ද නැවත දේශීය වෙළෙඳපොලට නිකුත් කරනු ලබයි. මෙම බීජ එකට සම්බන්ධ කර ඇති යන්ත්‍ර 3ක් හරහා යැවෙන අතර එහිදී කෝපි සිවිය ඉවත් කිරීම, කම්පිත පෙරනයක් හරහා සිවිය රහිත කෝපි බීජ යැවීම ආදිය සිදු වේ.මෙම කම්පනය වන පෙරණය තුලින් ඉතා හොඳ තත්වයේ බීජ වෙන් කර ගන්නා අතර එම බීජ "A" කාණ්ඩයට අයත් ලෙස වර්ග කෙරේ. "A"කාණ්ඩයට අයත් බීජ දින 2ක් සහ "B" කාණ්ඩයට අයත් බීජ පැය 15-20 අතර කාලයක් ජලයේ ගිල්වා තබනු ලැබේ. මෙම ක්‍රියවලිය හේතුවෙන් ඉතිරිව ඇති සීනි ආවරණයද ඉවත් වන නමුත් එමඟින් රසයට හානියක් නොවේ. මෙසේ සකස් කර ගත් පසුද නැවත නැවත සේදුම් වලට ලක් කරන බීජ මඳ ආලෝකය සහිත ස්ථානයක දමා වියළා ගනු ලබයි. මෙම කාල සීමාව හිරු එළිය ලැබෙන අයුරු මත රදා පවතී. මෙම අවසාන අදියර කෝපි බීජ වල අඩංගු ජල ප්‍රමාණය 40% සිට 12% දක්වා අඩු කරනු ලබයි.

වියළීමට ඇති බීජ

මෙලෙස සකස් කර ගත් බීජ ඉන්පසු යැවෙනුයේ "කීසී" නගරයේ පිහිටි තාක්ෂණාගාරයක් වෙතට ය. මෙහිදී ගනකම් සිවිය නැවත ඉවත් කෙරෙන අතර අවසන් තත්ව පර්යේෂණ ක්‍රියාවලියකට එම බීජ යටත් කෙරේ. එය යන්ත්‍ර භාවිතයෙන් කෙරෙන්නක් නොවෙන අතර පළපුරුදු කාන්තාවන් විසින් මෙම තත්වයෙන් ඉහළ බීජ වෙන් කරනු ලැබේ.

නිෂ්පාදිත සහ ගැණුම්කරුවන්[සංස්කරණය]

2006 වසරේ වසරේ සිට වසරක ට කිලෝ ග්‍රෑම් 80ක් නිෂ්පාදනය කළ අතර කිලෝ ග්‍රෑම් 40ක් ඇමෙරිකාවට ද කිලෝ ග්‍රෑම් 40ක් එක්සත් රාජධානියට ද අපනයනය කරන ලදී. මෙම කෝපි පහත නිෂ්පාදන සඳහා යොදා ගනී.
Maraba Bourbon coffee, විසින් නිශ්පාදනය කරන එක්සත් රාජධානිය සඳහා කරනු ලබන අපනයන කිරීම් සඳහා.
Café de Maraba, රුවන්ඩා වියළුම් කරුවන් විසින් දේශීය වෙළෙඳපොලට නිකුත් කරන ලබන කෝපි නිපැයුම්.
Meantime Coffee, Meantime Breweries of London මඟින් නිපදවන බීර සඳහා.


මේවාද බලන්න[සංස්කරණය]

සබැඳි පිටු[සංස්කරණය]

සැකිල්ල:Coffee

"https://si.wikipedia.org/w/index.php?title=මරබා_කෝපි&oldid=341845" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි