කොපී ලුවක්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
කොපී ලුවක්
Kopi luwak 090910-0075 lamb.JPG
සම්භව ස්ථානයඉන්දුනීසියාව[1]
ප්‍රධාන සංඝටකකොෆියා ඇරාබිකා

කොපී ලුවක් යනු ආසියානු කලවැද්දා (පැරඩොක්සූරෙස් හර්මාෆ්‍රොඩීටුස්) විසින් අනුභව කොට රේචනය කල අර්ධ වශයෙන් ජීර්ණය වූ කෝපි ගෙඩි වෙතින් සමන්විත කෝපි වර්ගයකි. මේවා සිවෙට් කොෆි ලෙසින්ද හැඳින්වෙයි. කලවැද්දෙකුගේ බඩවැල ඔස්සේ ගමන් කරන විට, කෝපි ගෙඩි පැසෙන අතර, අනෙකුත් මල ද්‍රව්‍ය හා සමගින් පහ කෙරුනු පසු ඒවා එකතු කරනු ලැබේ. [1] මෙම කාර්යය සඳහා කැලයෙහි ජීවත් වන ආසියානු කලවැද්දන් අධික වශයෙන් අල්ලා විකුණනු ලැබෙයි. [2]

කොපී ලුවක් ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කෙරෙනුයේ සුමාත්‍රා, ජාවා, බාලි, සූලාවේසි යන ඉන්දුනීසියානු දිවයින් තුල සහ නැගෙනහිර ටිමෝරයෙහිය. පිලිපීන දිවයින් තුලද මෙය පුළුල් වශයෙන් කැලයෙහිදී එකතු කිරීම හෝ ගොවිපොළ තුල නිෂ්පාදනය කිරීම හෝ කරන අතර,[3] කෝඩියේරා ප්‍රදේශයෙහිදී කපී මොටී ලෙසින්ද, ටගාලග් ප්‍රදේශ වලදී කපී අලමිඩ් ලෙසින්ද, මින්ඩනාවෝ ප්‍රදේශයෙහි කපී මේලෝ හෝ කපී මූසං ලෙසින්ද, සුලූ කොදෙව් පෙළෙහි කහාවා කුබීං ලෙසින්ද හැඳින්වෙයි. කෑ ෆේ චොන් යන වියට්නාම නම මුගටි කෝපි ලෙසින් දළ පරිවර්තනය කල හැක.

කෝපි ඇට නිෂ්පාදකයන් තර්ක කරනුයේ මෙම ක්‍රමවේදය වෙතින් කෝපි වල තත්ත්වය ඉහල යෑම යාන්ත්‍රණ දෙකක් ඔස්සේ සිදුවන බවයි: වරණය– කලවැද්දන් විසින් සමහරක් ගෙඩි පමණක් අනුභව කිරීම, සහ ජීර්ණය– සත්ත්වයාගේ ජීරණ පථයෙහිදී ජීවවිද්‍යාත්මක හෝ රසායනික යාන්ත්‍රණ විසින් කෝපි ගෙඩි වල සංයුතිය වෙනස් කිරීම.

කැළයෙහි ජීවත් වන ආසියානු කලවැද්දන්ගේ අසූචි එකතු කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය වෙනුවට තීව්‍ර ගොවිපොළ ක්‍රමයක් ඉදිරියට පැමිණ ඇති අතර, මෙහිදී කලවැද්දන් කුඩා කූඩු වල සිර කර බලහත්කාරයෙන් කෝපි ගෙඩි ආහාරයට ගැනීමට සලස්වයි. මෙම නිෂ්පාදන ක්‍රමය ආචාරධර්ම වලට පටහැනි බවට අදහස් ඉදිරිපත්වී ඇත්තේ, හුදෙකලාව, අප්‍රමාණවත් ආහාර, කුඩා කූඩු, ඉහළ මරණ අනුපාතිකය වැනි කලවැද්දන් ජීවත්වීමට ඉඩ සලසා ඇති තත්ත්වයන් නිසාවෙනි. [4] [5] [6]

කොපී ලුවක් යනු සැකසුම් ක්‍රමයක් මිස කෝපි වර්ගයක් නොවුනද, ගොවිපොළෙහි නිෂ්පාදිත වර්ගය සඳහා ඇට කිලෝග්‍රෑමයක සිල්ලර මිල US$100 සහ කැළයෙන් එකතු කරගන්නා වර්ගය සඳහා ඇට කිලෝග්‍රෑමයකට සිල්ලර මිල US$1,300 වන පරිදි ලෝකයේ කෝපි වර්ග අතරින් වඩාත්ම මිල අධික කෝපි වර්ගයක් බව සැලකෙයි. [7]

ඉතිහාසය[සංස්කරණය]

කොපී ලුවක් හී සම්භවය, ඉන්දුනීසියාවෙහි කෝපි නිෂ්පාදනයෙහි ඉතිහාසය හා සමීපයෙන් සබැ‌ඳේ . ලන්දේසි යටත්විජිත වාදීහූ ඉන්දුනීසියාවෙහි කෝපි වතු පිහිටවූ අතර යේමනයෙන් කෝපි ඇට ආනයනය කලහ. 19වන සියවසෙහිදී මධ්‍යම ජාවා ප්‍රදේශයෙහි ගොවීන්, ඔවුන්ගේ වතු වල තිබූ පහ කෙරුණු කලවැදි මල සමග තුබූ කෝපි ඇට එකතු කොට ඒවා වෙතින් පිළියෙල කරගත් කෝපි බීම ඇරඹූහ.[8]

නිෂ්පාදනය[සංස්කරණය]

ආසියානු කලවැද්දෙක්
මළ සමග පහකෙරුනු ලුවක් කෝපි ඇට නැගෙනහිර ජාවා හි

ආසියානු කලවැද්දෙකුගේ ආමාශයාන්ත්‍රික මාර්ගය ඔස්සේ ගමන් ගන්නා විට, ආම්ලික, එන්සයිමික සහ ආසවකරණ පිරියමක සංකලනයකට ලක් වන්නාවූ කෝපි ඇට වෙතින් කොපී ලුවක් පිළියෙල කර ගනු ලැබේ. ජීරණ ක්‍රියාවලියෙහිදී, ජීරණ එන්සයිම සහ ආමාශයික යුෂ, කෝපි ගෙඩි වල අභ්‍යන්තරාවරණය තුලින් පාරගමනය වී, සංචිත ප්‍රෝටීන බිඳ දැමීම නිසා, වඩාත් කෙටි පෙප්ටයිඩ සැදෙයි. මෙය විසින් ඇමියිනෝ අම්ල වල සංයුතිය වෙනස් කරන අතර කෝපි වල සුවඳ කෙරෙහි බලපෑම් ඇති කරයි. රෝස්ට් හෙවත් කර කිරීමෙහිදී, එන්සයිමික-නොවන මෙයියාඩ් ප්‍රතික්‍රියාවට මෙම ප්‍රෝටීන ලක් වෙයි. [9]

කලවැද්දා විසින් වඩාත්ම ඉදුණු සහ නිකැළැල් කෝපි ගෙඩි තෝරා ගනු ලබන බවට උපකල්පනය කෙරෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 මහේන්ඩ්‍රාටා, එම්.; ටවාලි, ඒ. බී. (2012). Comparison of chemical characteristics and sensory value between luwak coffee and original coffee from Arabica (Coffea arabica L) and Robusta (Coffea canephora L) varieties. මාකාසාර්: ෆුඩ් සයන්ස් ඇන්ඩ් ටෙක්නලජි ස්ටඩි ප්‍රෝග්‍රම්, කෘෂි තාක්ෂණ අධ්‍යනාංශය, කෘෂිකර්ම විද්‍යා පීඨය, හසානුඩින් විශ්වවිද්‍යාලය. http://repository.unhas.ac.id/bitstream/handle/123456789/2560/Meta%20Mahendradatta.pdf?sequence=1. 
  2. ෂෙපර්ඩ්, සී. (2012). "ඔබ්සර්වේෂන්ස් ඔෆ් ස්මෝල් කානිවෝර්ස් ඉන් ජකාර්ටා වයිල්ඩ්ලයිෆ් මාර්කට්ස්, ඉන්ඩුනීසියා, විත් නෝට්ස් ඔන් ට්‍රේඩ් ඉන් ජාවන් ෆෙරට් බැජර් මේලොකාල් ඔරියන්ටාලිස් ඇන්ඩ් ඔන් දි ඉන්ක්‍රීසින් ඩිමාන්ඩ් ෆො කොමන් පාම් සිවෙට් පැරඩොක්සූරෙස් හර්මාෆ්‍රොඩීටුස් ෆො සිවෙට් කොෆි ප්‍රොඩක්ෂන්". ස්මෝල් කානිවෝ කන්සර්වේෂන්. 47: 38–41.
  3. ඔංගෝ, ඊ.; මොන්ටෙවෙච්චි, ජී.; ඇන්ටොනෙල්ලි, ඒ්. (2020). "මෙටබොලොමික්ස් ෆින්ගර්ප්‍රින්ට් ඔෆ් ෆිලිෆීන් කොෆි බයි SPME-GC-MS ෆො ජියොග්‍රැෆිකල් ඇන්ඩ් වරටිටල් ක්ලැසිෆිකේෂන්". ෆුඩ් රිසර්ච් ඉන්ටර්නැෂනල්. 134: 109227. doi:10.1016/j.foodres.2020.109227. hdl:11380/1200548. PMID 32517906.
  4. මිල්මෑන්, ඕ. (2012). "වර්ල්ඩ්ස් මෝස්ට් එක්ස්පෙන්සිව් කොෆි ටේන්ටඩ් බයි 'හොරිෆික්' සිවෙට් ඇබියුස්". ද ගාඩියන්. https://www.theguardian.com/environment/2012/nov/19/civet-coffee-abuse-campaigners. 
  5. පෙන්හා, ජේ. (2012). "එක්ස්ක්‍රීටඩ් බයි ඉම්ප්‍රිසන්ඩ් සිවෙට්ස්, කොපී ලුවක් නෝ ලෝන්ගර් අ පර්සනල් ෆේවර්ට්". ද ජකාර්ටා ග්ලෝබ්. http://www.thejakartaglobe.com/talkback/excreted-by-imprisoned-civets-kopi-luwak-no-longer-a-personal-favorite/535098. 
  6. ලින්, ජී.; රොජර්ස්, සී. (2013). "සිවෙට් කැට් කොෆීස් ඇනිමල් කෘවලිටි සීක්‍රට්ස්". බීබීසී නිවුස්. https://www.bbc.co.uk/news/uk-england-london-24034029. 
  7. "වට් ඊස් ද ප්‍රයිස් ඔෆ කොපී ලුවක්? (ෆුල් බ්‍රේක් ඩවුන් ෆො 2020)". ලෙවන් කොෆීස්. Retrieved 27 ඔක්තොම්බර් 2020.
  8. ඉෆ්මලින්ඩා; සෙටියෂි, අයි.එස්.; මුහේමින්, එම්. & නුර්ජනා, එස්. (2019). "කෙමිකල් කැරැක්ටරිස්ටික්ස් කම්පැරිසන් ඔෆ් පාම් සිවෙට් කොෆි (කොපී ලුවක්) ඇන්ඩ් ඇරාබිකා කොෆී බීන්ස්". ජර්නල් ඔෆ් ඇප්ලයිඩ් ඇග්‍රිකල්චරල් සයන්ස් ඇන්ඩ් ටෙක්නලජි. 3 (2): 280–288. doi:10.32530/jaast.v3i2.110.
  9. මාර්කෝන්, එම්. (2004). "කොම්පොෂිසන් ඇන්ඩ් ප්‍රොපර්ටීස් ඔෆ් ඉන්ඩුනීසියන් පාම් සිවෙට් කොෆි (කොපී ලුවක්) ඇන්ඩ් ඉතියෝපියන් සිවෙට් කොෆි" (PDF). ෆුඩ් රිසර්ච් ඉන්ටර්නැෂනල්. 37 (9): 901–912. doi:10.1016/j.foodres.2004.05.008.
"https://si.wikipedia.org/w/index.php?title=කොපී_ලුවක්&oldid=482345" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි