Jump to content

කෝපි නිෂ්පාදනය

විකිපීඩියා වෙතින්
Traditional coffee drying in Boquete, Panamá

කෝපි නිෂ්පාදනය (ඉංග්‍රීසි:  Coffee production) යනු කෝපි ශාකයේ ඵල, කෝපි නම් වන පානය බවට හැරවීමේ කාර්මික ක්‍රියාවලිය වේ. කෝපි ඇට (Coffee cherry) කෝපි පැළයක දිස්වී මාස අටකට පමණ පසු අස්වනු නෙලනු ලබන්නේ අතින් හෝ යන්ත්‍රයක් මගිනි. ඉන්පසු ඒවා භාවිත කරනු ලබන ක්‍රමය අනුව පල්ප් කර වියළා හෝ සෘජුවම වියළීමට ඉඩ හරියි. මෙයින් පසු, ඇට වල ඉතිරි වියළි පොතු සහ අපද්‍රව්‍ය ඉවත් කරනු ලැබේ. ඒවා පිරිසිදු කර, වර්ග කර, ශ්‍රේණිගත කළ පසු, ඒවා බෙදා හැරීමට සුදුසු වේ. නොමේරූ කෝපි ඇට වලින් නිපදවන සියලුම හරිත කෝපි සැකසූ කෝපි වෙයි. කෝපි සැකසීමට භාවිතා කරන ක්‍රම වෙනස් වන අතර, එය බැදපු පසු කෝපි වල රසයට සැලකිය යුතු ලෙස බලපායි. සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක වන කුටුම්භ මිලියන 12.5 පමණ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ කෝපි නිෂ්පාදනය යි.[1]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ↑ "ASIC Roundup 2018". සම්ප්‍රවේශය 2019-05-28.
"https://si.wikipedia.org/w/index.php?title=කෝපි_නිෂ්පාදනය&oldid=771899" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි