භාග්‍යවන්ත ජුසේ වාස් පියතුමා

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
භාග්‍යවන් ජුසේ වාස් පියතුමා, C.O.
ලංකාවේ අපෝස්තුළුවරයා
පූජාප්‍රසාදි වහන්සේ සහ ධර්මදූතයාණන් වහන්සේ
උපතක්‍රි.ව.21 අප්‍රේල් 1651(1651-04-21)
බෙනාලින්, ගෝව, පෘතුගීසි ඉන්දියාව, පෘතුගීසි අධිරාජ්‍යය
මරණය16 January 1711(1711-01-16) (වයස 59)
සෙංකඩගල, සිංහලේ
ගරු කරනු ලබනුයේකතෝලික සභාව
(ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ ඔරතෝරියානු නිකාය)
භාග්‍යවත් භාවයට එසවූයේ21 ජනවාරි 1995, කොළඹ, ශ්‍රී ලංකාව, දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින්
ප්‍රධාන සිද්ධස්ථානභාග්‍යවත් ජුසේ වාස් සිද්ධස්ථානය,
මියුඩිපු, බෙන්ට්වල්, කර්නාටකා, ඉන්දියාව
මංගල්‍යය දින16 ජනවාරි
අනුග්‍රාහකත්වයලංකාව (ශ්‍රී ලංකාව)

භාග්‍යවන්ත ජුසේ වාස් පියතුමා, CO, (කොංකනී: භොක්තිවොන්ත් ජුසේ වාස්), උපත 1651 අප්‍රේල් 21 දිනදී බෙනාලින් හිදී (ඉන්දියාවේ ගෝවහිදී) සහ මරණය 1711 ජනවාරි 16 දිනදී සෙංකඩගලදී (ශ්‍රී ලංකාවේ), යනු ඔරතෝරියානු පූජාප්‍රසාදි වහන්සේ වරයෙකු සහ ලංකාවේ (වර්තමානයේ ශ්‍රී ලංකාව) ධර්මදූතයාණන් වහන්සේ වරයෙකු විය.

වාස් පියතුමා ලක්දිව පැමිණියේ එම දිවයිනේ කොටසක ලන්දේසි යටත්විජිතයක් තිබූ යුගයේදී වන අතර, එම කාලය තුලදී කැල්වින්වාදය යටත් විජිතයේ නිල ආගම ලෙසින් ප්‍රකාශයට පත් කර තිබුණි. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සහ සක්‍රමේන්තුද රැගෙන යමින්, දිවයින පුරා රහසිගතව සිටි කතෝලිකයන් සමූහ වෙත එතුමා ගමන් කලේය. එතුමාගේ ධර්මදූත මෙහෙයයෙහිදී පසුකාලීනව මහනුවර රාජධානියෙහි වාසස්ථානය ලැබීමට එතුමාට හැකිවූ අතර, නිදහස් ලෙස කටයුතු කිරීමට එතුමාට එහිදී හැකි විය. එතුමාගේ මරණය සිදු වන විට, දිවයිනෙහි කතෝලික සභාව ප්‍රතිසංස්කරණය කිරීමට වාස් පියතුමාට හැකිව තිබුණි.

අධික මහන්සියෙන් එතුමා විසින් කල මෙම සේවය නිසා, ලංකාවේ අපෝස්තුළුවරයා ලෙසින් වාස් පියතුමා හැඳින්වෙයි. 1995 ජනවාරි 21 දිනදී, දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් කොළඹදී එතුමා භාග්‍යවන්ත ධූරයට ඔසවන ලදි.

2015 වසරෙහිදී ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ශ්‍රී ලංකාවේදී එතුමා ශුද්ධවරභාවයට ඔසවනු ලබනු ඇත.

මුල් කාලය[සංස්කරණය]

දරුවන් හයදෙනෙකුගෙන් යුතු පවුලක තුන්වන දරුවා ලෙස 1651 අප්‍රේල් 21 දින ඉන්දියවේ බෙනාලින් නැමැති ගමේ ක්‍රිස්ටෝපර් වාස් සහ මරිය මිරැන්ඩා යන බ්‍රාහ්මණ පවුලට දාව ජෝශප් නම් දරුවා උපත ලැබීය. උපතින් දින 8කට පසුව බෙනාලින්හි ස්නාවක ජුවාම් තුමන්ගේ දෙව්මැදුරේදි ජසින්කෝ පෙරෙයිරා පියතුමන් අතින් බව්තීස්ම කරන ලදි. සන්කොවාලේ ප්‍රාථමික පාසලෙන් මූලිඛ අධ්‍යාපනය හැදෑරු මෙතුමා එහිදී පෘතුගීසි භාෂාව පිළිබඳ අධ්‍යාපනය ලැබීය. පසුව බෙනාලින්හි මහා විදුහලෙන් ලතින් භාෂාව පිළිබඳ ඉගෙන ගැනීමට එතුමාට හැකිවිය. ජෝශප්ගේ දක්ෂකම් දුටු ඔහුගේ පියා වැඩිදුර අධ්‍යාපනය සඳහා ගෝව විශ්වවිද්‍යාලයට යවනු ලැබීය.තවද ජේසු නිකායික පාසලක්වු සා.පාවුලු විද්‍යාලයෙන් සමජ විද්‍යාව හා අලංකාර විද්‍යාවද, ගෝවේ ඇක්වයිනාස් දෙව්සත්හලට ඇතුලුව දර්ශණවාදය හා දේව ධර්මය පිළිබඳව හැදෑරීය. 1675 දී පැවිදි දිවියට ඇතුලත්වු මෙතුමා 1676 දී අති උතුම් අන්තෝනියෝ බ්‍රන්ඩාට් අගරදගුරුතුමන් අතින් පූජකවරය ලැබීය. පූජකවරය ලබා කෙටි කලකින් සිගන්නකු ආකාරයෙන් පයට පාවහන් නොමැති හිස් දෙපතුලෙන්ම ජීවත් වන්නට විය. එහිදී එතුමා දක්ෂ ලෙස ධර්මය දේශණා කරමින්ද, ජනතාවට පාපොච්ඡාරණය වැනි ප්‍රසාද නිධාන දානය කරමින්ද සිදුකල සේවය නිසා ඉතා කෙටි කලකින් සැමගෙම ගෞරවාදරයට පාත්‍ර වන්නට විය. තවද එතුමා සෙන්කොලේ ප්‍රදේශයේ අනාගත පුජක පුතුන්ගේ ප්‍රයෝජනය සඳහා දෙව්සත්හලක්ද විවෘත කරන ලදි.

කැනරාවේ සේවය[සංස්කරණය]

මේ සමයේදි ලක්දිව ලන්දෙසීන් විසින් කතෝලික ජනයාට ඇතිකරන පීඩනය පිලිබඳව මෙතුමාට දැනගැනීමට ලැබුනි. ජුසේ වාස් පියතුමා ලක්දිවට පැමිණීමට ශේෂ්ඨයින්ගෙන් අවසර ඉල්ලු නමුත් එතුමාට යෑමට අවසර ලබුනේ ඊට අසල පිහිටි කැනරාවටය.මෙලෙස ජුසේවාස් පියතුමාව කැනරාව වෙත යොමුකරනු ලබන්නේ පෘතුගීසින් යටතේ බිහිවූ ධර්මදූත කණ්ඩායමත් (පූද්‍රෝආදු) වතිකානයේ පාප්තුමාගේ ධර්මදූත කණ්ඩායමත් (ප්‍රොපගැන්ඩා ෆිඩේ) අතර ඇතිවූ ගැටුමක් විසදීම සඳහාය. එම වකවානුවේදී ශුද්ධාසනය විසින් අලුතෙන් සොයාගන්න ලද රටවල ධර්මදූත කටයුතු කෙරෙහි යම් යම් බලතල ඔවුන්ටම ලබාදී තිබුනි. මෙම ක්‍රමය පූද්‍රෝආදු ක්‍රමය ලෙස හැදින්වේ. මෙම ගැටලුව ඇතිවන්නේ වතිකානයෙන් තෝමස් ද කස්ත්‍රො යන රදගුරුතුමාට මීසම් කිහිපයක නායකයෙකු ලෙස උසස්වීමක් ලැබීමත්, එම උසස්වීම පළාතේ අගරදගුරුතුමා ප්‍රතික්ෂේප කිරීමත් සමඟය . එහි පැමිණි ජුසේවාස් පියතුමාට දැකගත හැකිවන්නේ දෙකඩවී වෙන්වීගිය කතෝලික සභාවක්ය.නීතිමය පියවරක් ගැනීමේ අරමුණින් ජුසේ වාස් පියතුමාව කැනරාවට එවනු ලැබූවත් එතුමා යොමුවන්නේ සාමකාමී විසඳුමක් ලබාගැනීම සඳහායි.1681 සිට 1684 දක්වා කැනරාවේ සේවයේ යෙදි සිටි මෙතුමා ලක්දිව තත්ත්වය සොය බලමින් ලංකාවට පය තැබිය හැකි ක්‍රමයක් සොයමින් සිටියහ. වසර ගණනක් පුරාවට පියාතුමකුගේ අධ්‍යාත්මික ආධාරය ලබා නොතිබු ලක්දිව කතෝලික ජනතාව වෙත ජුසේ වාස් පියතුමාගේ දයාව හා කරුණාව හිමි විය. පාවහන් රහිතව, වැරහැලි ඇදගත් යාචකයකු විලාශයෙන් 1687 මාර්තු මස අගදී ඉන්දියාවෙ තූත්තූකුඩියට ජුසේ වාස් පියතුමා පැමිණියේ ලංකාව බලා පැමිණීමේ අරමුණ ඇතිවය. නැවක නැගී ලක්දිව බලා ගමන්ගත් මෙතුමාට මුහුද මැදදී කුනාටු තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවුය. රළ පහරින් යාත්‍රාව ආපදාවනට ගොදුරු වූ හෙයින් දින 3ක මුහුදු ගමන දින 30ක් දක්වා දීර්ඝ විය. අවසානයේ මෙතුමා 1687 අප්‍රේල් මස අගදී මන්නාරමට ගොඩබසින ලදි.ලන්දෙසීන් විසින් කතෝලික ආගම ඇදහීම තහනම් කර තිබූණි. කතෝලික පියතුමකුට නවාතැන් දෙන්නකුට මරණ දඩුවම හිමිවිය.මෙවන් අවදියක ඉතා රහසිගතව කතෝලිකයන් සොයා මෙතුමා හිස් දෙපතුලෙන්ම පා නගන්නට විය.යාපනයේ සිල්ලලේ ග්‍රාමය තම මධ්‍යස්ථානය කරගත් මෙතුමා ගැඹුරු විස්වාසයකින් හා මනා ලෙස සංවිධානය වූ කතොලිකයන් පිරිසක් වෙතට තම සේවය රැගෙන ගියේය.