බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුව (BIMSTEC)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික
ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුව
BIMSTEC (orthographic projection).svg
[ස්ථිර ලේකම් කාර්යාලය]]ඩකා,බංගලාදේශය[1]
සාමාජිකත්වය (අකාරාදී පිළිවෙලට)
නායකයෝ
• සභාපතීත්වය
 නේපාලය (2014 සිට)
පිහිටුවීම6 ජුනි 1997; වසර ගණනකට 21 ක් පෙර (1997-06-06)
වෙබ් අඩවිය
bimstec.org

මෙම බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුව (BIMSTEC)  යන ජාත්‍යන්තර සංවිධානය,  දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ ජාතීන් 7 කින් සමන්විත වූවකි. මෙය  බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය, භූතානය සහ නේපාලය  ඇතුළුව  බිලියන 1.5  ක ජනතාවකින් ද ට්‍රිලියන 2.5 ක ඒකාබද්ධ ආර්ථිකයන් ගෙන්ද සමන්විත වේ. BIMSTEC රටවල්  බෙංගාල බොක්ක මත රඳා පවතින රටවල්අ අතර වේ. ප්‍රමුඛත්ව අංශ 14 ක් හඳුනාගෙන ඇති අතර එම අංශවලට  BIMSTEC මධ්‍යස්ථාන සාමාජික රටවල් කිහිපයක ස්ථාපිත කර ඇත. නිදහස් වෙළෙඳ ගිවිසුම සාකච්ඡා මට්ටමේ පවතී. .

සභාපතිත්වයේ පිළිවෙල සඳහා අකාරාදී පිළිවෙල යොදා ගන්නා අතර  ස්ථිර ලේකම් කාර්යාලය ඩකා හි පිහිටුවා ඇත. 

පසුබිම[සංස්කරණය]

BIST-EC (බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්ත ආර්ථික සහයෝගීතාව) යන නාමය යටතේ  නව උප කලාපීය කණ්ඩායමක්  1997 ජූනි මස 6 වැනි දින බැංකොක් හි පිහිටුවන ලදී.  1997 දෙසැම්බර් මස 22 වැනි දින මියන්මාරය පූර්ණ සාමාජිකයෙක්  බවට පත් වීම නිසා කණ්ඩායමේ නාමය BIMST-EC ලෙස වෙනස් කරන ලදී.  1998 දී නේපාලය නිරීක්ෂකයෙකු බවට පත් විය. 2004 පෙබරවාරි මස නේපාලය සහ භූතානය ද පූර්ණ සාමාජිකයන් බවට පත් විය, .

ජූලි 31, 2004 දී, පළමු සමුළුව කාන්ඩ ලෙස නම් කරන ලදි BIMSTEC හෝ බෙංගාල බොක්ක වැඩසටහන සඳහා බහු-ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව.

අරමුණ[සංස්කරණය]

BIMSTEC හි ප්‍රධාන අරමුණ වන්නේ, බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය ඇති කිරීමයි. මෙහි වාණිජ, ආයෝජන, තාක්ෂණ, සංචාරක, මානව සම්පත් සංවර්ධනය, කෘෂිකාර්මය, ධීවර, ප්‍ර්වාහන හා සන්නිවේදන, රෙදිපිළි, සම් භාණ්ඩ ආදිය ද  ඇතුළත් කර තිබේ. අධ්‍යාපන වෘත්තීය හා තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා පුහුණු හා පර්යේෂණ පහසුකම් එකිනෙකාට සැපයීම ද මෙහි අරමුණක් වේ. ආර්ථික,සමාජ ,තාක්ෂණික හා විද්‍යාත්මක ක්ෂේත්‍ර සඳහා ක්‍රියාකාරී සහයෝගිතාවක් සහ අන්‍යොන්‍ය සහාය ලබා සහයෝගීතාව ලබා දීම ද මෙහි අරමුණකි.  

ස්ථිර ලේකම් කාර්යාලය[සංස්කරණය]

BIMSTEC ස්ථිර ලේකම් කාර්යාලය  2014 දී  ඩකා හි විවෘත කරන ලදී. එහි වියදමින් 33% ක් ඉන්දියාව සපයයි. ( කලාපයේ ජනගහනයෙන් 65% ක්)

සභාපතිත්වය[සංස්කරණය]

BIMSTEC හි සභාපතිත්වයේ පිළිවෙල සඳහා අකාරාදී පිළිවෙල යොදා ගනී. මෙය බංග්ලාදේශය සමඟ (1997-1999) ආරම්භ කරමින් රටාවට සභාපතිත්වය දරනු ලබයි.

සාමාජික ජාතීන්[සංස්කරණය]

රාජ්‍ය නායක

රට නායකයාගේ 

තනතුර

ආණ්ඩු ප්‍රධානී  රාජ්‍ය නායක
ජනගහනය

(2016)

.දේ.නි

(නාමික)

ලෝක 

බැංකුව

සාර්ක්
බංගලාදේ‍ශය අගමැති ෂෙයික් හසීනා

බංගලාදේ‍ශයේ 
 අගමැතිණි

අබ්දුල් හමීඩ්,බංගලාදේ‍ශයේ 
ජනාධිපති


162,951,560 ඇ.ඩො.බි.

205.3 

භූතානය අගමැති ට්ශෙරින් ටොබ්ගේ,

භූතානයේ අගමැති

ජිග්මේ කේශර් නම්ගියෙල් වන්ග්චුක්

භූතානයේ රජු

797,765 ඇ.ඩො.බි. 

2.2 

ඉන්දියාව අගමැති නරේන්ද්‍ර මෝදි,

ඉන්දියාවේ අගමැති

රාම් නාත් කොවින්ද්, ඉන්දියාවේ 

ජනාධිපති

1,324,171,354 ඇ.ඩො.බි. 

2308.0 

මියන්මාරය ජනාධිපති හටින් ක්යාව් , මියන්මාරයේ  ජනාධිපති
52,885,223 ඇ.ඩො.බි. 

68.277 

නේපාලය අගමැති ශේර් බහාදූර් ඩෙඋබා,

නේපාලයේ අගමැති

බිධ්‍යා දේවි භන්දාරී ,

 නේපාලයේ ජනාධිපති

28,982,771 ඇ.ඩො.බි. 

21.6 

ශ්‍රී ලංකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

ශ්‍රී ලංකාවේ අගමැති

මෙෙත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවේ ජනාධිපති
20,798,492 ඇ.ඩො.බි. 

80.4 

තායිලන්තය අගමැති ප්‍රායුත් චාන්

- ඔ- චා තායිලන්තයේ  අගමැති

වජිරලොන්කොන් රජු (රාමා X),

තායිලන්තයේ රජු

68,863,514 ඇ.ඩො.බි. 

409.724 

BIMSTEC ප්‍රමුඛත්ව අංශ[සංස්කරණය]

ප්‍රමුඛත්ව අංශ 14 ක් එම අංශවලට පෙරමුණ ගත් රටක් සමඟ හඳුනාගෙන ඇත.

ප්‍රමුඛත්ව අංශ පෙරමුණ ගත් රට මධ්‍යස්ථානය අදහස්
ප්‍රවහාන හා සන්නිවේදන ඉන්දියාව
සංචාරක ඉන්දියාව BIMSTEC තොරතුරු මධ්‍යස්ථානය, දිල්ලි
ත්‍රස්ත විරෝධී සහ අන්තර්ජාතික අපරාධ ඉන්දියාව උප කාණ්ඩ : බුද්ධිමය තොරතුරු හුවමාරු - ශ්‍රි ලංකාව (පෙරමුණ),

ත්‍රස්ත මූල්‍ය - තායිලන්තය,
නීති - මියන්මාරය,
නීතිය ක්‍රියාත්මක කිරීම හා මත් ද්‍රව්‍ය - මියන්මාරය

පරිසරය සහ ආපදා කළමනාකරණ ඉන්දියාව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය, නොයිඩා
බලශක්ති මියන්මාරය BIMSTEC බලශක්ති මධ්‍යස්ථානය

බැංගලෝර්

2014 දී BIMSTEC සහ MoU  අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.
මහජන සෞඛ්‍ය තායිලන්තය ඉන්දියාවේ  BIMSTEC සාම්ප්‍රදායික වෛද්‍ය

ජාලය

කෘෂිකාර්මාන්තය මියන්මාරය
වෙළෙඳ සහ ආයෝජන බංග්ලාදේශය
තාක්ෂණය ශ්‍රි ලංකාව
ධීවර තායිලන්තය
දිළිඳුකම තුරන් කිරීම නේපාලය
අය-කිරීමට ජනතාව අමතන්න තායිලන්තය
දේශගුණික විපර්යාස බංග්ලාදේශය
සංස්කෘතික සහයෝගීතාව භූතානය 1200 ITEC  ඉන්දියාව විසින් පිරි නැමූ ශිෂ්‍යත්වයකි. 

BIMSTEC නිදහස් වෙළඳ ප්‍රදේශයේ රාමු ගිවිසුම[සංස්කරණය]

සියලු සාමාජික ජාතීන්ගේ වෙළඳ හා ආයෝජන පක්ෂ සඳහා උත්තේජනය කිරීමක් ලෙස මෙන්ම  බාහිර පාර්ශයවයන්ගේ වෙළෙඳ හා ආයෝජනය සඳහා වූ  ආකර්ෂණය ඉහළ මට්ටමකින් BIMSTEC   සඳහා ලබා ගැනීම අරමුණු කර ගනිමින් BIMSTEC නිදහස් වෙළඳ ප්‍රදේශයේ රාමු ගිවිසුම (BFTAFA) අත්සන් කර ඇත. ඉන් අනතුරුව, "වෙළඳ සාකච්ඡා කමිටුව" (TNC) නමින්පි හිටුවන ලද කමිටුවේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස තායිලන්තය පත් විය. එය පිහිටුවනු ලැබුවේ ප්‍රදේශවල  භාණ්ඩ හා සේවා වෙළඳාම , ආයෝජන, ආර්ථික සහයෝගීතාව, වෙළඳ පහසුකම් සැපයීම සහ තාක්ෂණික සහාය පිලිබඳ සාකච්ඡා කිරීමට යි. භාණ්ඩ වෙළඳාම මත සාකච්ඡා අවසන් වූ වහාම සේවා සඳහා වෙළඳාම සහ ආයෝජන පිලිබඳ සාකච්ඡා සාකච්ඡා කෙරෙනු ඇත. 

2017 වර්ෂයේ දෙසැම්බර් මස 1 වන දින නව දිල්ලි හී දී   BIMSTEC වෙරළබඩ නැව් ගිවිසුම කෙටුම්පත්,   නාවික සැතපුම් 20 ක් ඈත මුහුදු තීරයේ සාමාජික රටවල් අතර වෙළඳ කටයුතු වැඩි දියුණු කර ගැනීමට පහසුකම් සැලසීම සඳහා සාකච්ඡා කරන ලදී.  ගැඹුරු මුහුදේ නාවික කටයුතු වලට සාපේක්ෂව වෙරළබඩ ප්‍රදේශයේ වෙළඳ කටයුතු සඳහා අවශ්‍ය වන්නේ කුඩා යාත්‍රා බැවින් වියදම අඩු වේ.  මෙම ගිවිසුම  ක්‍රියාකාරී වූ වහාම සාමාජික රටවල් අතර නාවික භාණ්ඩ හුවමාරුව  පිරිවැය ඵලදායී, පරිසර හිතකාමී සහ වේගවත් බවට පත් වෙයි. 

ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමග සහයෝගීතාව[සංස්කරණය]

ආසියානු සංවර්ධන බැංකුව (ADB) 2005 දී "BIMSTEC ප්‍රවාහන යටිතල පහසුකම් හා සැපයුම් අධ්‍යයනය (BTILS)" සිදු කිරීම සඳහා හවුල්කරුවකු බවට පත් වූ අතර එම අධ්‍යයනය 2014 දී අවසන් කරන ලදී .

BIMSTEC සමුළු[සංස්කරණය]

අංකය. දිනය සත්කාරක රට සත්කාරක නගරය
1 වන 2004 ජූලි 31   තායිලන්තය බැංකොක්
2 වන 2008 නොවැම්බර් 13   ඉන්දියාව නව දිල්ලි
3 වන 2014 මාර්තු 4  මියන්මාරය නයි පි ඩව්
4 වන 2017 පෙබරවාරි 2  නේපාලය කත්මන්ඩු

ව්‍යාපෘති[සංස්කරණය]

  • මාර්ග හා දුම්රිය මාර්ග Look-East සම්බන්ධතා ව්‍යාපෘතිය
  • වෙරළ තීරයේ නාවික කටයුතු
  • විදුලි බල පද්ධතියට අන්තර්-සම්බන්ධතාවය
  • ප්‍රාදේශීය ආපදා අධීක්ෂණය හා අනතුරු ඇඟවීමේ පද්ධතිය

BIMSTEC හි වත්මන් නායකයන් [සංස්කරණය]

තව දුරටත්[සංස්කරණය]

  • BRICS-BIMSTEC Summit, 2016
  • Bangladesh Bhutan India Nepal Initiative
  • ASEAN & Look-East connectivity projects
  • SAARC
  • Asian Clearing Union
  • Asian Development Bank
  • Asia Cooperation Dialogue
  • Mekong-Ganga Cooperation
  • South Asia Subregional Economic Cooperation

යොමු[සංස්කරණය]

  1. "Nepal unlikely to host fourth 'Bimstec' summit this year". Business Standard India. 3 June 2016. සම්ප්‍රවේශය 17 December 2016. 

බාහිර යොමු[සංස්කරණය]